ශිෂ්ටාචාරය හා සංස්‌කෘතිය යන වචන දෙක වෙනස් අරුත් දෙන පද සේ හැඳින්වීම දුෂ්කරය. එය එසේ වූවත් ඇමෙරිකානු සමාජ විද්‍යාඥ මාක් අයිවර්ගේ හා ඡේඡ්ගේ නිර්වචනය උපුටා දැක්‌වීම වැදගත්ය. ඔවුහු ශිෂ්ටාචාරය උපකරණ අර්ථයෙන්ද සංස්‌කෘතිය සාරධර්ම අර්ථයෙන්ද හඳුන්වනු ලැබූහ. මේබර් නම් දාර්ශනිකයාගේ අදහස නගරය තුළ ඇතිවන ශිෂ්ටත්වය විද්‍යාත්මක හා කාර්මික දැනුම ශිෂ්ටාචාරය බවයි. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළ ජීවත්වූ ජනයා දඩයම් එඩේර යුග පසු කරමින් ගොවි යුගයට එළඹුනාහ. ඒ සමඟම ඔවුහු නව උපකරණ මගින් දියුණුවක් ලැබූහ. එය ශිෂ්ටාචාරයේ දියුණුව ලෙස ඉතිහාසඥයෝ හඳුන්වති.
ඒ අනුව මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලාංකික ජනතාව ශිෂ්ටාචාරයේ දියුණුවක් ලැබූහ. විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පයෙහි ප්‍රවීණයන් වීමට අපට හැකියාව ලැබිණි. අනුරාධපුරයෙහි වටදාගෙය, නගර නිර්මාණ, චෛත්‍ය නිර්මාණ දෙස බැලූ විට එය තවත් සනාථ කිරීමට අවශ්‍ය නොවුණු ඇත. රුවන්මැලි සෑ රජුන්ගේ මනෝහර බව, එහි විද්‍යාමානවන ඉංජිනේරු තාක්‍ෂණය නූතන ලෝකයේ තිබේ දැයි සැක සහිතය.
සමාධි බුදුපිළිමය, පොළොන්නරුවේ ගල් විහාරය ඉදිකිරීමේ දියුණුව පමණක් නොව ශ්‍රේෂ්ඨ කලා නිර්මාණවල කෞෂල්‍ය දැක්‌වීමකි. එවැනි නිර්මාණ ලෝකයේ කොතැනක හෝ තිබේ දැයි සැකයකි.
කෘෂිකර්මය සඳහා නවීන උපකරණ නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා නොයෙක් නොයෙක් නවීන උපකරණ මිහිතලයට දායාද කිරීමට සමත්විය. ලේඛන කලාවෙහිද අපූර්වත්වයක් පෙන්නුම් කළ හෙළයා වෛද්‍ය විද්‍යාවේද බොහෝ හාස්‌කම් කිරීමට සමත් විය. මේ ආදී වශයෙන් විශිෂ්ට ගණයේ ශිෂ්ටාචාරයක මිහිර විඳ දරාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට වාසනාවේ මංපෙත් විවර වූයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගය.
සංස්‌කෘතිය යනු කුමක්‌ද යන්න බොහෝ වියතුන් මත දරණු ඇත. ඔක්‌ස්‌ෆර්ඩ් ඉංග්‍රිසි ශබ්ද කෝෂයෙහි "මානසික රුචි හා හැසිරීම පුහුණු කිරීම හා ශෝධනය, සංස්‌කෘති යෑයි නිර්වචනය කොට ඇත. විශේෂයෙන් මලිනොව්ස්‌කි නම් මානව විද්‍යාඥයාගේ සංස්‌කෘතිය පිළිබඳ කළ විග්‍රහය ඉතා වැදගත්ය. විවිධ සමාජ කණ්‌ඩායම් වලට අයත් සංස්‌ථා සන්නස් මනුෂ්‍ය අදහස් හා ශිල්ප විධි, විශ්වාස හා සිරිත් විරිත් සංස්‌කෘතියයි. මෙම නිර්වචනය බොහෝ වියතුන්ගේ සිත් ගත් නිර්වචනයන් බව සිහිපත් කළ යුතුය. සංස්‌කෘතියේ විශේෂ ලක්‍ෂණ කිහිපයක් ඇත. සංස්‌කෘතිය උපතින් ලැබෙන්නක් නොව උගන්නා දෙයකි. එය පරපුරෙන් පරපුරට උගන්වනු ලැබේ. එය සාමාජීය දෙයකි. තෘප්තිය ලබා දෙන්නකි. සමගිය ඇති කරවන සුළුය. මේ සංස්‌කෘතිය ශ්‍රී ලාංකිකයන් සතුව කෙසේ පවතින්නේද යන්න විමසා බැලිය යුතුය.
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පා තැබූ මොහොතේම ශ්‍රී ලාංකිකයාට ලබාදුන් පළමු සංස්‌කෘතිමය දායාදය වූයේ සත්වයා කුරිරු ප්‍රාණඝාතයෙන් මුදා ගැනීමේ දායාදයයි. එය කොතෙක් දුරට අප රට තුල සාර්ථක වී ඇත්දැයි තම හෘද සාක්‍ෂියෙන් විමසිය යුතුය. දිනකට මේ පුණ්‍යභූමිය ලක්‍ෂයකට අධික සත්තු ප්‍රමාණයක් ඝාතනය වෙති. නේපාලයේ මහා භූමි කම්පාවට ප්‍රධානම හේතුව වූයේ ඊට පෙර දින පූජාවක් සඳහා කරන ලද ලක්‍ෂ ගණනක සත්ත්ව ඝාතනයයි. අනුබුදු මිහිදු හිමි අපට ලබාදුන් මුල්ම දායාදය රැක ගැනීමට අප උත්සාහ කළ යුතුයි.
මවුපියවරු, දූ දරුවන්, බිරින්දැවරු අෙන්‍යාන්‍ය වශයෙන් කටයුතු කළයුතු ආකාරය පහදා දුන්හ. නිවසක සමාජයක ජීවත් විය යුතු ආකාරය පෙන්වා දුන්හ. පංචශීලයෙහි උදාරත්වය පෙන්වා දෙමින් සමාජයේ පාරිශුද්ධභාවය පෙන්වා දීමට කටයුතු කළහ. මේ සියලු සංස්‌කෘතීන් මහින්දාගමනයත් සමඟ අපට ලැබුණු විශිෂ්ට ගණයේ දායාදයන් බව සිහිතබා ගත යුතුය.
ලෝකයේ කොතැනකවත් දක්‌නට නැති ඉතා අපූර්ව සංස්‌කෘතියක් අප සතුව ඇත. එනම් පුබ්බභාසි, පුබ්බගාසී, පුබ්බකාරි යන ත්‍රිත්වයයි. ශ්‍රී ලාංකිකයා සියල්ලන්ටම පෙර අන් අය සමඟ කතා කරයි. සියල්ලටම පෙර සිනාසෙයි. සියල්ලටම පෙර ක්‍රියාත්මක වෙයි. සිනහව මිල කළ නොහැකි ඉතා අගනා සංස්‌කෘතියකි. එය අප ලාංකිකයා සතුව තිබෙන මිණි පහනක් බව සැවොම සිහි තබාගත යුතුය. මේ උදාර සංස්‌කෘතිය ආරක්‍ෂා කර ගැනීම වර්ධනයකර ගැනීම අප සතු ප්‍රබල වගකීමකි. ඒ සඳහා අප කුමක් කළයුතුද? යන්න සොයා බැලිය යුතුය.
ඔබට යමෙක් ප්‍රශංසා කළොත් ඒ ප්‍රශංසාව හිතින් අත් අරින්න. ඒත් ඒ ප්‍රශංසාව කරපු කෙනාව හොඳින් මතක තියාගන්න. ඒ කෙනා අපට හරිම වැදගත්. මේ තුළින්ම අපේ සංස්‌කෘතිය වර්ධනය වීමට එක් හේතුවක් වෙනු ඇත. එසේම ඔබට කෙනෙක් බැන්නොත් ඒ බැනපු කෙනාව අමතක කර දමන්න. ඒත් ඔබට බැනපු හේතුව හොඳට මතක තියා ගන්න. ඒ බැනපු දේ අපට හරි වැදගත් අපේ සංස්‌කෘතිය සංවර්ධනය කර ගැනීමට පමණක් නොව අනුබුදු මා හිමියන්ගේ ප්‍රකාශයක් මෙසේ සටහන් කරමි. එනම් ළඳට අත දමා ළිඳ ඉතා ගැඹුරු බව කියයි. නමුත් තමාගේ අත ඒ තරම් දිග නැති බව කියන්නේ නැත. තමාගේ වැරදි තේරුම් නොගෙන අන්අයගේ වැරදි දැකීම තුලින් සංස්‌කෘතිය සංවර්ධනය නොවන බව සිහිකටයුතුය.
සතුට ප්‍රීතිය රඳා පවතින්නේ ඔබට ලැබෙන දේවලින් නොව, ඔබ අනුන්ට දෙන දේවලිනි. එම ප්‍රකාශය මහත්මා ගාන්ධිතුමන්ගේය. දන්දීම ඉතා අගනා සංස්‌කෘතියක් බව අප පුන පුනා කිවයුතු නැත. දන් දීමේ වටිනාකම බුදුපියාණන් වහන්සේ තරම් දේශනා කළ ශාස්‌තෘවරයකුද නැත. ත්‍රිරෝද රථයක පිටුපස ලියා තිබූ ඉතා වැදගත් වැකියක් මට සිහිවිය.
"දොරවල් විවෘතව තිබුණත් පන්සල්වල මිනිසුන් නැත. සිරගෙවල් වසා තිබුණත් මිනිසුන් එහි පිරී ඇත".
මෙය සත්‍යයකි. මිහිදු මහරහතන් වහන්සේ පෙන්වාදුන් සංස්‌කෘතියේ සුන්දරත්වය කෙළෙසු නිසා එම ඉරණමට මුහුණදීමට සිදුවූ බව අප මතක තබාගත යුතුය.
ඉමර්සන් නමැති දාර්ශනිකයා කළ ප්‍රකාශයකින් ලිපිය අවසන් කරමි. ශිෂ්ටාචාරයේ සංස්‌කෘතියේ විනාශය යනු මිනිස් සංහතියේම විනාශය බව ඔහු පවසා තිබිණි. අප එය රැකගත යුත්තේ ඒ නිසාවෙනි.
ආචාර්ය ගෝඨයිම්බරගම විජයවංශ හිමි, ශ්‍රී ලංකාරාමය, වාද්දුව
http://www.divaina.com/2015/06/02/feature04.html
Pic Source

0 comments:
Post a Comment