ජාතියේ බත්පතට පිපාසයට බොන දියදහරට මාරාන්තික වස විස මුසු වී හමාරය. ආඩම්බරකාර ජාතිය සුද්දාගේ හරිත විප්ලවයෙන් දණ බිම ඇනගෙන පමණක් නොව හතර රියනද උරුම කරගෙන සිටී. ජාතියේ බත්පත සරිකරලන ගොවිතැන අද සම්පූර්ණයෙන්ම සිදුකරනු ලබන්නේ හරිත විප්ලවයේ ප්‍රතිඵල ලෙස අපට ලැබුණු හයිබ්‍රිඩ් නොහොත් දෙමුහුන් වී සහ එළවළු වර්ගවලිනි. මේ හයිබ්‍රිඩ් වගාවට රසායනික පෝර බෙහෙත් කාලසටහනක්‌ම ඇත. නොහොත් කප්පරක් යෙදිය යුතුය. පැළ සිටුවා සතියෙන්, දෙකෙන්, මාසයෙන්, මල් හටගැනීමේදී, කරල් පීදීමේදී ආදී ලෙස මේ බෙහෙත් වට්‌ටෝරුව සෑදී ඇති අතර ශ්‍රී ලංකාවේ ගොවියාට අද මේ බෙහෙත් පෝර නොහොත් කෘෂි රසායන කාලසටහන (ප්‍රතිකාරය) කියා දෙන්නේ කෘෂිකර්ම හෝ ගොවිජන සේවා නිලධාරීන් නොවේ. කෘෂි රසායන මුදලාලිය. එදා කැලය කපා පුරං කොටා වතුර බැඳ තණකොළ කුණුකර මඩකරගත් කුඹුර වෙනුවට අද ඇත්තේ වල්නාශකවලින් සහමුලින්ම පුලුස්‌සා විනාශ කරන වල් මර්දන ක්‍රමවේදයකි.
යූරියා, මියුරියේට් ඔෆ් පොටෑෂ්, සුපර් පොස්‌පේට් ආදී වශයෙන්ද තවත් අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය වශයෙන්ද ලෙස ශ්‍රී ලංකාවේ වී, එළවළු අනෙකුත් බෝග වගාවන්ට තේ ඇතුළු ආර්ථික බෝග වගාවට යොදන අති විශාල කෘෂිරසායන, රසායනික පෝර හේතුවෙන් අද මේ පූජනීය සිරිලක් භූමි තලයේ මෙන්ම ජාතියේ ජීවනාලිය වන බාල, මහලු, තරුණ කොයි කාගේත් ශරීර අභ්‍යන්තරයේ දුවන්නේ ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ හා වෙනත් රසායනික ද්‍රව්‍යයන්ය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ජාතියම ලෙඩ ඇඳට ඇදවැටීමය, පිළිකා, වකුගඩු, හෘදයාබාධ, දියවැඩියාව, ගැස්‌ට්‍රයිටීස් වැනි බෝනොවන එහෙත් අතිශය භයංකර රෝග රැසකට ගොදුරුව සිටින වර්තමාන ශ්‍රී ලාංකික පුරවැසියා අකාලයේ මියෑදීම ජාතියක අවසානය මෙන්ම ජාතියේ අවාසනාව නොවන්නේද?
මේ අවාසනාවන්ත ඛේදවාචකය පිළිබඳව කතා කරන්නෝ විරලයහ. දේශපාලකයන්ගේ, කෘෂි බලධාරීන් හා විද්‍යාඥයන්ගේ ප්‍රතිපත්ති තීරකයන්ගේ ආදී වශයෙන් මේ කෘෂිරසායන ව්‍යසනයට එරෙහිව කටයුතු කළ හැකි බොහෝ දෙනාගේ මුඛය බේත් - පොහොර විකුණන බහුජාතික වෙළෙඳ සමාගම් මගින් අගේට අගුළු දා වසා දමා ඇත. නොහොත් පොකැට්‌ටුව ඩොලර් මිටිවලින් පුරවා ඇත.
ශ්‍රී ලංකාව ගිලගත් රසායනික බේත් - පොහොර මාෆියාව ගැන කතාකරන හඬනගන පිරිස සැබැවින්ම අතළොස්‌සකි. පසුගිය කාලයේදී වකුගඩු රෝග ඇතිකරන ආසනික් කැඩ්මියම් ගැන කතා කළේත් අධික කෘෂිරසායන භාවිතයේ ආදීනව ගැන කතා කළේත් මේ සුළු පිරිසය. ඔවුන්ට පින්සිදු වන්නට මේ ජාතික ව්‍යසනය පිළිබඳව අද ජනතාව බොහෝ සෙයින් දැනුවත් වී ඇත. ජාතික හැඟීමක් ඇත්තන් ඒ සඳහා විවිධ උපක්‍රමද භාවිත කරමින් කෘෂිරසායන උගුලෙන් ගැලවෙන්නට ජනතාවට යෝජනා කරනු ද පෙනේ. ඒ අතර කෘෂි රසායන, විශේෂයෙන්ම කෘත්‍රිම පෝර, බේත් වෙනුවට දේශීය, පාරම්පරික හෝ පරිසර හිතකාමී යෙදවුම් යෝජනා කරන්නෝද වෙති. තවත් ඇතැමෙක් සැබැවින්ම මෙම බේත් පොහොර උගුලෙන් ජනතාව ගලවාගෙන තිරසාර කෘෂිකර්මාන්තයක යෙදෙමින් ආර්ථික වශයෙන් අති විශාල ප්‍රතිලාභ ලබාගන්නා අතරතුර මිනිස් සිරුරට ගුණදායක ආහාර නිෂ්පාදන රටා ගැනද පර්යේෂණ කරන්නේ වෙයි.
අප මේ කතාකරන්නට සැරසෙන්නේ එවන් භූමි පුත්‍රයකු ගැන සුළු වශයෙන්ද එවන් දේශීය කෘෂිකාර්මික අත්හදා බැලීමක නව සොයාගැනීමක ප්‍රතිඵල කෙසේද යන්න පිළිබඳවය.
වර්තමානයේදී වී, එළවළු, තේ ඇතුළු අනෙකුත් වගා සඳහා පිටරටින් ශ්‍රී ලංකාවට ගෙනඑනු ලබන පොහොර නැව් 10 කින් හතක්‌ම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන යළිත් දියවී පසට, වැඩිමනත් ලෙස ඇළ, දොළ, ගංගා, වැව් පද්ධතියට එකතුවන බව දැන් සොයාගෙන ඇති සත්‍යයකි. ශ්‍රී ලංකාවට ආනයනය කරන වාර්ෂික කෘෂිරසායන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 4 කි. වියදම රුපියල් බිලියන 60 කි. පොහොර සහනාධාරය රුපියල් බිලියන 40 කි. අප අපේ වගාවට යොදන රසායනික පෝර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ වැඩි අතර ඒවා හරිහැටි ශාකයට උරානොගෙන පරිසරයට එකතුවන බව අපේ කතානායක මහ ඇදුරුතුමාගේ මතයයි. එනම්, යම් ශාකයකට (බෝගයකට) අප යොදන පෝර ප්‍රමාණයෙන් එම ශාකය උරාගනු ලබන්නේ සියයට තිහක පමණ ප්‍රමාණයකි. ඉතිරිය අතිරික්‌තයක් නොහොත් වැඩිපුර යොදන්නකි. මෙම සියයට හැත්තෑව පසට ජලයට ආදී වශයෙන් පරිසරයට එකතුවී මනුෂ්‍ය හා අනෙකුත් සත්ව ශරීරවලටම වෙනත් ක්‍රමයකින් ඇතුළු වේ. පොහොර සහනාධාරය ශ්‍රී ලාංකික ගොවීන්ට ලැබීමත් සමග අධික පොහොර භාවිතය ඉහළ ගොස් ඇති අතර තත්ත්වය තවත් දරුණු තත්ත්වයකට පත්ව තිබේ.
එහෙත් සැබෑව නම් සිංහරාජය, දුම්බර, කන්නෙලිය හෝ වියළි කලාපයේ වනාන්තරයක් ගත්තද, වගා බිමකින් එපිට ඇති ලඳු කැළෑවක්, ගණ කැළෑවක් ගත්තද ඒවාට පොහොර අවශ්‍ය නොවීමයි. වගාවට පොහොර අවශ්‍ය වීමත්, වනාන්තරයක රූස්‌ස වනවදුලකට පොහොර අවශ්‍ය නොවීමත් සලකා බැලිය යුතු විශ්මයජනක කතාන්දරයකි. ශ්‍රී ලාංකික ජනසමාජය පොහොර හා අනෙකුත් කෘෂි රසායනික උගුලක පැටලී එවන් බහුජාතික සමාගම් පොහොසත් කරමින් දුක්ත ජීවිතයක් ගතකරමින් ජාතියම ලෙඩ ඇඳට වැටෙද්දී වනාන්තරයකට වැඩීමට පෝර අවශ්‍ය නොවන්නේ මන්දැයි ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකුගේ මූලිකත්වයෙන් අනගි පර්යේෂණයක් දියත් කළේය. මේ සඳහා තවත් විද්‍යාඥයන් පිරිසක්‌ම සහාය දැක්‌වූහ. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ට පේටන්ට් අයිතියද ලබාගත හැකි පරිදි අගනා ප්‍රතිඵලයක් ඔවුන් මෙහිදී හඳුනා ගැනීමය. මහනුවර ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ මහාචාර්ය ගාමිණී සෙනවිරත්න මහතා ප්‍රමුඛ මෙම පර්යේෂකයන් සොයා ගත්තේ ශාකයක පෝෂණයට අවශ්‍ය පෝෂක බාහිර පරිසරයෙන් ලබාගැනීමේදී උරාගැනීම පහසු කරන පසේ ක්‍ෂුද්‍රජීවී සබැඳියාවකි. එනම්, පෝෂක උරාගැනීම ඉතා සරළ කරන ක්‍ෂුද්‍රජීවී ගණාවාස ආකාරයකි. නොහොත් ජීව පටල (ඊසද Fසකප) ක්‍රමවේදයකි.
මෙම විශේෂිත ජීව පටල වනාන්තරවල පසේ උවමනාවටත් වඩා වැඩෙමින් ශාකවලට පෝෂක උරාගැනීම ඉතා පහසු හා සරළ කරවයි. එහෙත් ශ්‍රී ලංකාවේ වගා බිම්වලදී භාවිත වන අධික රසායනික පොහොර නිසාම වන්නට මෙම ස්‌වභාවික පාංශු ජීවපටල ඇත්තේ ඉතාමත් නිද්‍රශීලීය. නැතහොත් මියගොසිනි. සැබැවින්ම මෙවන් වගා බිම්වල පාංශු ස්‌තරයේ ජීව පටල නැති තරම්ය. ඉදින් ශාකයකට කෙතරම් පොහොර යෙදුවත් උරාගැනීමේ ක්‍රමවේදය දුර්වලය. ශාකයේ වැඩීම දුර්වලය. මෙය පෙන්නුම් නොකරන නිසා ගොවියා වැඩිපුර පොහොර යෙදවුවද පාංශු ජීවීන් තවදුරටත් මියයනවා මිස පස සංවර්ධනය නොවේ. ආර්ථික පාඩුව හා ලෙඩ රෝග මගින් ගොවියාද රටද, ජනසමාජයද වෙලාගනී.
මහාචාර්ය ගාමිණී සෙනවිරත්න ප්‍රමුඛ මහනුවර ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ පර්යේෂක පිරිස සොයා ගත්තේ මෙසේ වනාන්තරවල පාංශු පෝෂක ශාකයට උරාගැනීම පහසු කරන ක්‍ෂුද්‍රජීවී කාණ්‌ඩයකි. එවන් ක්‍ෂුද්‍රජීවීන් නව තාක්‍ෂණයෙන් විද්‍යාගාර තුළ වගාකර ගුණනය කිරීමෙන් පසු මහාචාර්යවරයා ප්‍රමුඛ පර්යේෂකයන් මේ විශේෂිත ජෛවපටල (බයෝ ෆිල්ම්) වගාවට යොදා පර්යේෂණ කිරීමේදී අඩු පොහොර ප්‍රමාණයකින් වැඩි අස්‌වනු ප්‍රමාණයක් ගත හැකි බව හඳුනාගෙන ඇත. තේ පර්යේෂණායතනය, වී පර්යේෂණායතනය වැනි රජයේ ආයතන තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනවල නිරතව සිටින අතර, පේටන්ට් බලපත්‍රය ලබාගත් මෙම ජෛවපටල (බයෝ ෆිල්ම්) තාක්‍ෂණය දැන් ශ්‍රී ලංකාවේ තේ, එළවළු, කුරුඳු, මල් වගාව යනාදියේදී සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත. ඒ යොදන පොහොර ප්‍රමාණය (ප්‍රතිශතය) සියයට පනහකින් නොහොත් හරි අඩක් දක්‌වා අඩු කිරීමෙනි. මෙම ජෛව පටලවල විශේෂිත වූ බැක්‌ටීරියා සහ දිලීර සූත්‍රිකාවලින් සමන්විත ජීවී ගහනයක් ජීවත් වේ. එම ජීවීන් පෝෂක ශාකයකට උරා ගැනීම සඳහා සරළ අණු බවට පත්කර දෙයි. ස්‌වභාවික පසේ (දූෂණය නොවූ) සිදුවන්නේද එවන් ක්‍රියාවලියකි. කුඩා පෝෂක ප්‍රමාණයක් මෙහිදී ඉතා හොඳින් ශාකයට උරාගැනීමට හා වැඩි අස්‌වැන්නක් ලබාදීමට ප්‍රමාණවත් වේ.
මහාචාර්ය ගාමිණී සෙනවිරත්නයන්ගේ මේ සොයා ගැනීම තවත් "ෆයිල්" ගොඩකට යට නොවී ප්‍රායෝගික භාවිතයට එන්නේ තවත් විශිෂ්ට දේශීය ලංකා පුත්‍රයකුගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම නිසාය. ඔහු සමන්ත කුමාරසිංහය. දේශීය දැ අගය කරන ඔහු සොබාදහමේ රහස් ජනතාවට ප්‍රයෝජනවත් අයුරින් ලබාදෙන අතරේ මේ මහඟු සොයා ගැනීම දේශීය ගොවි ජනතාව අතරට ගෙන එන්නට වෙහෙස දරන්නේ විශේෂයෙන්ම උතුරු මැද, දකුණු හා අනෙකුත් ප්‍රදේශවල හිස ඔසවා තිබෙන වකුගඩු රෝගය මෙන්ම ජනතාව වී, එළවළු ආදී වශයෙන් අනුභව කරන වස විස වගා බිමෙන් තුරන් කරන වැඩපිළිවෙළක් සඳහා දක්‌වන සහායක් වශයෙනි. ඒ අනුව කුමාරසිංහ මහතා ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගම නමින් නව ආයතනයක් පිහිටුවා ඒ සඳහා අධ්‍යක්‍ෂවරයකු ලෙස සමුදිත කුමාරසිංහ මහතා පත්කර දැන් ජෛවපටල තාක්‍ෂණය ගොවියා අතරට ගෙන යැමේ දැවැන්ත උත්සාහයක නිරතව සිටී.
තේ, කුරුඳු, එළවළු, මල් වගාව සඳහා ජෛවපටල තාක්‍ෂණ හඳුන්වා දී ඔවුන් මහාචාර්ය ගාමිණී සෙනවිරත්නයන් සමඟ ඉතා කටුක, දුෂ්කර ගමනක නිරතව සිටින්නේ බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ නියෝජිතයන් මෙවන් ගමනකට නොරිස්‌සන කාලවකවානුවකය. නොහොත් රාජ්‍ය අනුග්‍රහය ඊට නොලැබෙන අවස්‌ථාවකය. එහෙත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එවක විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරයාව සිටි අවධියේදී ඔහු මෙම දේශීය නිෂ්පාදනය ජනගත කිරීමේ සමාරම්භක අවස්‌ථාවේ ආරාධිතයා වශයෙන් එක්‌වී දැක්‌වූ මතවාදී අදහස් ඉතා වැදගත් වූවකි.
මෙවන් තත්ත්වයක් අතරතුර පසුගියදා අප නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතවන්නේ ජෛව පටල තාක්‍ෂණයේ ප්‍රගතිය මැන බැලීමේ සුවිශේෂ මාධ්‍ය සංචාරයක් වෙනුවෙනි.
උඩරට වගා බිමට නොහොත්, කැරට්, බීට්, ලීක්‌ස්, ගෝවා, අර්තාපල් වගාවන් තනිකරම නිල්ල ගසා නැගිටින්නේ අධික පොහොර හා බෙහෙත් බලයෙන් බව අපි දන්නා කරුණකි. එවන් වගා බිම්වලට අලුතෙන් දේශීය චින්තනය නොහොත් වස විස නැති වගා රටාව කියාදීම දැලි පිහියෙන් කිරි කනවා වැනි දුෂ්කර කටයුත්තකි. ඊට හේතුව ගොවියා ඊට ඇබ්බැහිවීම, අධික ලාභය නිසා රසායනික පොහොර මතම යෑපීම, පහසුව මෙන්ම, පොහොර වෙළෙඳුන්ගේ බලපෑම් නිසාය.
එහෙත් මහාචාර්ය ගාමිණී සෙනවිරත්නයන් ප්‍රමුඛ කුමාරසිංහ එකමුතුව හරි අපූරුවට තරුණ, මහළු ගොවි මහතුන් මෙම නව මහා රටාවේ වෙනසක් සඳහා යොදාගෙන ඇති බව අපට පසක් වූයේ එවන් ගොවිමහතුන් කිහිපපලකගේ අදහස් කතාබහෙන් පමණක් නොව, ඔවුන්ගේ වගා බිම් හා අස්‌වනු ද දැක ලැබූ නැවුම් අත්දැකීම්ද සමඟිනි.
කඳපොල - නුවරඑළිය හයේ කණුවේ පදිංචි ඩී. ජී. දුෂාන්ත තරුණ ගොවි මහතා එවැන්නෙකි. ඔහු ජෛව පටල තාක්‍ෂණය නොහොත් බයෝ ෆිල්ම් ගැන කතා කළේ අතිශය තෘප්තිමත්වය. මහා පරිමාන වගාකරුවකු වන ඔහු කඳපොලට අමතරව සීතාඑළිය ප්‍රදේශයේ ද ලීක්‌ස්, අර්තාපල්, ගෝවා වැනි වගාවන් පවත්වාගෙන යයි.
මම බයෝ ෆිල්ම් ප්‍රතිකාරකය මාස 6-7 ක සිට පාවිච්චි කරනවා. අත්හදා බැලීමකට තමයි මුලින් භාවිතා කළේ. ඇත්තටම මට උවමනා වුණේ අධික රසායනික පෝර සහ කෘමිනාශක මගේ වගාවට යෙදීම අවම කිරීමටයි. අපි ලාභ ලබන්න වස විස විශාල වශයෙන් භාවිතා කළත් මේ නිසා අපේම මිනිස්‌සු අකාලයේ මැරෙන එක ගැන මට තියෙන්නෙ ලොකු වේදනාවක්. ඒ නිසාමයි පොහොර සියයට පනහකින් අඩු කරන මේ ක්‍රමයට මම එකඟ වුණේ. කිව්වට ඇස්‌වහක් නැහැ මේ පාර මගේ අර්තාපල් වගාවත්, ලීක්‌ස් වගාවත් බලාඉද්දි සරු වුණා. මාස තුනහමාරක් හතරක් යන ලීක්‌ස් වගාව මම මාස තුනෙන් අස්‌වනු නෙළා ගත්තා. කොළ හොඳට හැදුණා. නිල්ල වැටුණා. යායෙ මාස එකහමාරකට පස්‌සෙ මම වගා කළ ලීක්‌ස් වගාව යායම ගලවද්දි මමත් ගැලෙව්වා. බරත් හොඳට තිබුණා. අර්තාපල් වගාවෙත් ලොකු වෙනසක් තිබුණා. මේපාර මගේ අල අස්‌වැන්න ඇත්තටම වැඩි වුණා දුෂාන්ත කියයි.
එපමණක් නොවේ. මෙවර කඳපොල එළවළු ගොවි සමිතියේදී මේ පිළිබඳව අනෙකුත් ගොවීන් දැනුවත් කරන්නත් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කරන්නත් මම කටයුතු කරනවා දුෂාන්ත කීවේ සිනහමුසු මුවෙනි.
"ලීක්‌ස් අස්‌වැන්න සියයට 10 කින් වැඩිවුණා. ලීක්‌ස්‌වල මුල් පද්ධතිය හොඳට හැදුණා" ඔහු කියයි.
කඳපොල, මීපිලිමාන ප්‍රදේශවල මෙවන් ආදර්ශ වගා බිම් ගණනාවක් මෙහිදී අපි නිරීක්‍ෂණය කළෙමු. ඒ සෑම ගොවියකු, ගෙවිලියකුම කීවේ මෙම නව තාක්‍ෂණය ගැන ධනාත්මක අදහස්‌ය. පොහොර යෙදීම අඩු කිරීම මගින් ආර්ථික වාසි ඇතිවීමත්, අස්‌වනු වර්ධනය මගින් ආර්ථික වාසි සැලකිය යුතු මට්‌ටමකින් වැඩිවූ බවත් ඔවුහු කීහ. ව්‍යාපාරික අරුණ ශාන්ත හෙට්‌ටිආරච්චි මහතා තම සශ්‍රීක ලීක්‌ස් කොටුවේ සිට අප සමඟ කීවේ "බයෝ ෆිල්ම්" තාක්‍ෂණය තම වගාවේ සැලකිය යුතු වෙනසක් ඇති කළ බවය. ගොවියන් විදිහට වස විස නැති එළවළු නුවරඑළියෙන් රටට දෙන්න තමන් කැමති බවද මේ හොඳ ප්‍රතිකාරකය ඊට කදිම පිළිතුරක් බවද කියා සිටි ඔහු තම අක්‌කර 15 ක අස්‌වැන්න නෙළාගත් පසු මෙහි සැබෑ තත්ත්වය රටට කියන බවද අප සමඟ පැවසීය.
මහාචාර්ය සෙනෙවිරත්න මහතා කියන්නේ මෙතෙක් පැවති රසායනික පොහොර, කාබනික පොහොරවලින් වෙනස් මෙම ජෛව පොහොර තනිකරම ක්‍ෂුද්‍ර ජීවී මාධ්‍යයක් බවයි. පරිසරයේ තිරසාරත්වය පාලනය කරන්නේ ක්‍ෂුද්‍ර ජීවීන්. ඔවුන් නොමරා තබා ගැනීමත්, කාර්යක්‍ෂමව වගා බිම්වලදී යොදවා ගැනීමත් වත්මන් කෘෂි අර්බුදයට විසඳුම බවද හෙතෙම පෙන්වා දුන්නේය. සමුදිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ රටට යළිත් සශ්‍රීකත්වය, නිරෝගීකම හා ගොවිතැනේ දේවත්වය කැන්දන මෙම ජෛව තාක්‍ෂණික ජයග්‍රහණයට සැවොම එකාමෙන් දායකත්වය සැපයීම ජාතියේ වගකීමක් වන බවය.
http://www.divaina.com/2015/06/09/feature02.html

1 comments:
Grate work done by Grate Sri Lankan.
Post a Comment