Pages

Tuesday, June 23, 2015

පදික වේදිකාවේ වෙළදාම් කිරීමට අවසර දීමම මහ නගර සභා ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් - ප‍්‍රසන්න මුසම්මිල්ට ලියයි

පදික වේදිකාවේ වෙළදාම් කිරීමට අවසර දීමම මහ නගර සභා ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව බස්නහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා කොළඹ නගරාධිපති එම්.ජේ.එම් මුසම්මිල් මහතාට දැනුම් දෙයි. මහ ඇමතිවරයා අවධාරණය කරන්නේ මහ නගරසභා ආඥා පනත යටතේ සදහන් විදිවිධානයන්ට අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට මුසම්මිල් මහතා බැදී සිිටින බවයි.

කොළඹ පදික වේදිකාවන්හි නැවත වෙළදාම් කිරීමට අවසර ලබා දීම පිළිබද නගරාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට නීතිමය තත්වය පැහැදිලි කරමින් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් මුසම්මිල් මහතාට අද (22) යැවූ ලිපියක් මගින් මේ බව අවධාරණය කර තිබේ.

කොළඹ නගරාධිපතවරයා වශයෙන් මුසම්මිල් මහතා කටුයුතුු කළ යුත්තේ පදික වේදිකාව තුළ පදියන්ගේ නිදහසට බාදා වන පරිදි සිදු වන කි‍්‍රයාකාරකම් පාලනයට හා ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මිස පදික වේදිකාව තුළ වෙළදාමට අවසර ලබා දීමට නොවන බවද මහ ඇමතිවරයා යැවූ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

මහ නගර සභා ආඥා පනතේ සදහන් මහ නගර සභාව ඇතුලත වීදි සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනය අනුව පදික වේදිකාවද වීදියේ කොටසකි.  ඒ අනුව මහ නගර සභා ආඥා පනතේ 83 වන වගන්තියේ විදි විධාන වලට අනුව පදික වේදිකාව අවහිර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව රණතුංග මහතා පෙන්වා දෙයි.

පදික වේදිකාවේ වෙළදාමේ නිරත වූවන් වේ නම් ඔවුන් වෙනුවෙන් විකල්පයක් සලසා දීම. නගරාධිපතිවරයාගේ කාර්යයක් බවද මේ නිසා කොළඹ නගරයේ  විදිමත් භාවය හා අලංකාරයට බාධාවක් එල්ල නොවය යුතු බවද රනතුංගංග මහතාගෙග් අදහසයි. එබැවින්

අදාල නීති රීති ආරක්ෂා කරන ලෙසත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් මහ ඇමතිවරයා අදාළ ලිපිය මගින් කොළඹ නගරාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

– ප‍්‍රදීප් අනුර කුමාර
https://lankacnews.com/sinhala/news/132911/

Pic Source

සබැඳි ලිපි -
[
මුසම්මිල්ගේ අනුවණ අවසරයෙන් පදිකයන් අවුලට! කොළඹ නගරයේ පදික වෙළෙදාමට තහනම ඉවත් නොකරන්නැයි පදික ජනතාව ඉල්ලති!http://denethharinna.blogspot.com/2015/06/blog-post_58.html
පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!http://denethharinna.blogspot.com/2015/06/blog-post_31.html
]

0 comments: