
කිලෝ මීටර් 14.3 ක් වන මෙම කොටස විවෘත කිරීමෙන් පසු කොළඹ -මහනුවර මාර්ගයට හයිලෙවල් මාර්ගය මෙන්ම දක්‌ෂිණ අධිවේගී මාර්ගය මේ හරහා සම්බන්ධවීමත් සමඟ මාර්ග තදබදය බෙහෙවින් අඩුවනු ඇතැයි අපේක්‌ෂිතය.
2012 දී ඉදිකිරීම් ආරම්භ කළ දෙවැනි අදියර සඳහා රුපියල් කෝටි 4900ක් වැය කළ අතර පැයට කිලෝ මීටර් 100 ක වේගයෙන් මෙහි වාහන ධාවනය කළ හැක. මෙහි මං තීරු හතරක් ඇති අතර එය පසුව හය දක්‌වා වැඩිකළ හැකි පරිදි සාදා ඇත. මෙහි පිවිසුම් හා පිටවුම් හයකි. රිය අනතුරු අවම කිරීම සඳහා වන නව තාක්‌ෂණය හා උපක්‍රම රැසක් මෙහි යොදා තිබේ.
මෙම මාර්ගයේ කොට්‌ටාව කඩුවෙල කොටස පසුගිය වසරේ විවෘත විය. තෙවැනි අදියර කඩවත කෙරවලපිටිය කොටසය.
ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2015/06/03/news02.html
Pic Source
0 comments:
Post a Comment