Pages

Tuesday, June 23, 2015

මුසම්මිල්ගේ අනුවණ අවසරයෙන් පදිකයන් අවුලට! කොළඹ නගරයේ පදික වෙළෙදාමට තහනම ඉවත් නොකරන්නැයි පදික ජනතාව ඉල්ලති!

කොළඹ නගරයේ යළි පදික වෙළෙඳාම් කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පවසති.

මෙම පදික වෙළෙදාම් නිසා කොළඹ නගරය අවලස්‌සන බවද ප්‍රකාශ කළ ඔවුහු යළිත් කොළඹ නගරයේ ගැට කපන්නන් මංකොල්ලකරුවන් මත්කුඩු ජාවාරම්කරුවන් වැඩි වැඩියෙන් බිහිවීමේ ප්‍රවණාතාවන් මතු වී ඇතැයිද කීහ.

පදික වෙළෙඳුන් නිසා තමන්ට මහා මාර්ගයේ ගමන් කිරීමට සිදුවන බවත් මේ නිසා විවිධ අනතුරුවලටද මුහුණ පෑමට සිදුවන බවත් ඔවුහු කියති.

මේ නිසා පදික වෙළෙඳාම තහනම් කර යළි පෙර පරිදිම පදික වේදිකාව තමන්ට නිදහසේ යාහැකි අයුරින් තබන් නැයි පදික ජනතාව වත්මන් රජයෙන් ඉල්ලා සිටිති.

අප මේ ගැන කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතාගෙන් විමසූ විට කියා සිටියේ කොළඹ නගරයේ සියලුම මංමාවත්වල පදික වෙළෙඳාම් කටයුතු ආරම්භ කිරීමට වෙළෙඳුන්ට යළි අවසරය ලබා දුන් බවත් වසර ගණනාවක්‌ තිස්‌සේ පදික වේදිකාව සිය ජීවනෝපාය කරගත් අසරණ වෙළෙඳුන් විශාල පිරිසක්‌ පසුගිය රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටි බවයි.

ඔවුන් ආරක්‌ෂා කිරීම නගරාධිපතිවරයා වශයෙන් තම වගකීම බැවින් එම පදික වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට පොලිසියට දැනුම් දුන් බවද හෙතෙම කීය.

මෙම පදික වෙළෙඳුන්ට අත්වී ඇති ගැටලු ගැන සොයා බලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තමාට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා කියා සිටියේය. 

පදිකයන්ට ගැටලුවක්‌ ඇති නොවන පරිදි තම වෙළෙඳාම් කටයුතු පවත්වාගෙන යන ලෙසට ද තමා පදික වෙළෙඳුන්ට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් 
http://www.divaina.com/2015/06/23/provin03.html

Pic Source

සබැඳි ලිපි -
[
පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!http://denethharinna.blogspot.com/2015/06/blog-post_31.html
]

0 comments: