Pages

Sunday, June 21, 2015

රජරට වකුගඩු රෝගීන් දෙලක්‌ෂයක්‌ ඉන්නවා. කාන්දුකරණයට යොමුවී මරණයට කැපවූවන් 8000 වැඩියි - මහමාංකඩවල පියරතන නාහිමි

වස විෂ විරෝධී ජාතික ගොවි ව්‍යාපාරය මගින් රජරට පුරාවට කරගෙන ගිය සමීක්‌ෂණයකට අනුව මේ වන විට වකුගඩු රෝගීන් දෙලක්‌ෂයකට වඩා වැඩි ප්‍රමාණයක්‌ සිටින බව මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ පැවසූහ.

මේ අතර රුධිර කාන්දුකරණයට යොමුවී මරණයට නම නියම වී සිටින වකුගඩු රෝගීන් ගණන අටදහසකට වැඩියයි උන්වහන්සේ තවදුරටත් පැවසුහ.

රජරටට වකුගඩු රෝගය කඩා වැදිලා දැනට වසර දහයකට වැඩියි. හිටපු ජනාධිපතිත් ජනාධිපති පදවියට පත්වෙලා වසර දහයක්‌. රජරට ජනතාව වකුගඩු රෝගයෙන් බේරාගැනීමේ සැබෑම වුවමනාවක්‌ තිබුණා නම් එතුමාට හොඳටම අවස්‌ථාව තිබුණා, රජරට වකුගඩු ප්‍රශ්නයට මැදිහත් වී ජනතාව බේරාගන්න. විෂ කාරක කෘෂි රසායන රටට ගෙන්වීම නැවැත්තුවා නම් මේ ප්‍රශ්නය මේ තරමට ජනහානියට හේතු වන්නේ නෑ. කවුරු වුණත් රජරට වකුගඩු ප්‍රශ්නය විසඳීමට කැපවන්නේ නැත්නම් එවැනි මැති ඇමැතිවරුන් අපි ප්‍රතික්‍ෂේප කරනවායි. උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ. 

මහ මාංකඩවල පියරතන නාහිමියන් මේ කරුණු පැහැදිලි කළේ එප්පාවල ඛෙත්තාරාමයේදී පැවැති වසවිෂ විරෝධී ගොවිජන ව්‍යාපාරයේ රැස්‌වීමක්‌ අමතමිනි. 

හෙට මැරෙනවා කීවත් අද සමහර කෘමි නාශක නවත්වන්නේ නෑ. අපේ ගොවියන් ඒ තරමට ඒවාට ඇබ්බැහිවෙලා. වර්තමාන ජනාධිපතිතුමන් සමහර කෘෂිරසායන රටපුරා සපුරා තහනම් කර තිබෙනවා. ඒ අනුව රජරට පුරා ගමින් ගමට ගෙන් ගෙට ගොස්‌ මේ කෘෂි රසායන භාවිතය නවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවායි. පියරතන හිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/06/19/provin06.html

Pic Source

සබැඳි ලිපි -[වකුගඩු මාරක ග්ලයිපොසේට්‌ රේගුවෙන් නිදහස්. තවත් දසවසරකට මේ විෂ ප්‍රමාණවත්! අහිංසක ගොවි පරපුරේ මරණයේ කතාව නැවතත්..?http://denethharinna.blogspot.com/2015/06/blog-post_96.htmlශ්‍රී ලංකාව පුරා හඳුනාගත් වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌! දහනව දහකට අධික පිරිසක්‌ උතුරු මැද!http://denethharinna.blogspot.com/2015/05/blog-post_8.htmlවකුගඩුවලට විනකටින ග්ලයිෆොසේට්‌ තහනම්! ආනයනය කළ තොග නිදහස් කරන්න කළ ඉල්ලීම ජනපති ඉවතලයි.http://denethharinna.blogspot.com/2015/05/blog-post_6.htmlතහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: