මහනුවර ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරේ ශිෂ්‍යයකුගේ හැසිරීම නිසා මුළු විද්‍යාලයම ටිකක් කලබල වුණා. මේ ශිෂ්‍යයා තම පංතියේ අනෙක් ළමුන්ට පහර දී ඔවුන් රැගෙන එන කෑම කා දැමීමෙන් පසු ඔහු සංසුන් වීම සාමාන්‍ය සිද්ධියයි. මේ නිසා පංතියේ ළමුන් භීතියට පත්ව සිටීම නොවැලැක්‌විය හැක්‌කක්. විදුහලේ විදුහල්පතිතුමාටත් මේ ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න අමාරු වූ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයට මේ ගැටලුව යොමු වුණා. ළමයාගේ පියා වෘත්තියෙන් උසස් බැංකු නිලධාරියෙක් වූ අතර අම්මා ගෘහණියක ලෙස නිවසේ කටයුතු කරගෙන සිටියා. මේ දරුවාගේ දෙමාපියන්ගෙන් ඇසූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු උත්තරය පහත සඳහන් වන්නෙ.
ප්‍රශ්නය - ඔයාලා ගෙදර කෑම උයලා කනවාද?
උත්තරය - ඔව්. බොහෝ වෙලාවට කඩෙන් කෑම ගෙන එනවා. රාත්‍රියට නම් ඉඳිආප්ප පාන් වගේ දේවල් කඩෙන් ගෙනෙනවා. අපි තුන්දෙනා පමණක් නිවසේ ඉන්න නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.
ප්‍රශ්නය - ළමයාට උදේ කෑම දීලා ද ස්‌කෝලෙට යවන්නෙ.
උත්තරය - ඔව්. පුතා හරි කැමතියි "කොකා කෝලා" වලට. උදේට කෝකා කෝලා බෝතලයක් එක්‌ක බිස්‌කට් කේක් හෝ පාන් වැනි දෙයක් ලෑස්‌ති කරලා දෙනවා. පුතාත් ඒවාට කැමතියි. දීර්ඝ වේලාවක් මේ දෙමාපියන් සමඟ කළ සාකච්ඡාව සාරාංශ කළ විට ඉහත ප්‍රශ්න උත්තර හඳුනා ගන්න පුළුවන්. අවසානයේදී තීරණය කරනු ලැබුයේ නිවසේ උදේ, දහවල් රෑට කෑම පිසිමින් දිනපතා දරුවාට ගෙදර උයන බත් මාළු පාසලට රැගෙන යැමට ලබාදිය යුතු බවත්ය. ඒ අනුව කටයුතු කෙරුණු නිසා දැන් ළමයා පාසලේ ළමුන්ට පහර දී ඔවුන්ගේ කෑම කා දමන්නෙ නැති බව වාර්තා වුණා. එය එක් සිදුවීමකි. අපට පසුගිය දිනවල අසන්නට ලැබුණු තවත් එයට වඩා බරපතළ කාරණාවක් තිබුණා. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන තම පුතාට පාසල් ගුරුවරියක වූ අම්මා පොරොන්දුවක් වුණා."ඔයා විභාගයෙන් 'ඒ' (A) අටට වැඩියෙන් ගත්තොත් ඔයාට හොඳ කොම්පියුටරයක් (පරිගණකයක්) අරන් දෙනවා" අම්මා මේ පොරොන්දුවෙන් දරුවාගේ මනස තුළ විශාල බලාපොරොත්තුවක් ඇති කළා. විභාගය නිම වී ප්‍රතිඵල ලැබුණේ මේ දරුවාට විෂයයන් අටකට ඒ සාමාර්ථයන් ඇති බව සනාථ කරමින්ය. අම්මා ද තම පුතාට වූ පොරොන්දුව ඉටු කළා පමණක් නොව නිදහසේ පරිගණක භාවිතයට නිවසේ ඉඩකඩද සකස් කර දුන්නේය. පාසල ඇරී ගෙදර එන දරුවා එතැන් සිට කොම්පියුටරය අසලට වී නොයෙක් දැ අත්හදා බලන්නේ සිය නැගණිය සමඟයි. පුතා හා දියණිය කොම්පියුටරය සමඟ කරන්නේ මොනවා දැයි සොයා බලන්නට මවට හෝ පියාට ඕනෑකමක් නොතිබිණ. දින සති මාස ගෙවී ගියේ ඇගේ දියණිය ගැබිණියක් කරමින්ය. එයින් ඇති වූ කම්පනය හේතුවෙන් ගුරු මාතාවක වූ මේ මව මානසික රෝගියකු විය.
මේ සිදුවීම් දෙක අපේ සමාජයීය සිරිත් ගති පැවතුම් ගුණධර්ම හා දෙමාපිය දූ දරු සබඳතාවය පිළිබඳව අලුතින් යමක් සිතන්නට ඉඩ හසර සලසා ඇත්තේය. බෞද්ධ දර්ශනය හා බැඳුණු අපේ සංස්‌කෘතිය සභ්‍යත්වය සිරිත් විරිත් චාරිත්‍ර ලොව කිසිදු රටකට සමාන කළ නොහැකි තරමට උසස්‌ය. අභිමානවත්ය. ගාම්භීරය. එමෙන්ම චාම්ය. එසේ නම් මේ වත්මන් සමාජ ඛේදවාචකයේ ඇරඹුම කොහිද? ඒ සඳහා වගකිව යුත්තෝ කවරහුද? මේ පිළිබඳව සමාජය තුළ පුළුල් කථිකාවක් සිදු කිරීමට උචිතම කාලය මේ යෑයි කල්පනා කරමි.
අතීත සමාජය තුළ අපේ පවුල් ඒකකයේ එදිනෙදා කටයුතු කෙරෙනුයේ පවුලේ අම්මා තාත්තා හා දරුවන්ගේ සාමූහික බැඳීමෙනි. මව එදා සැබෑම මවක් වූවාය. එදා මව තමන් මවක් බව නිරන්තරයෙන් කල්පනා කළා පමණක් නොව ඒ බව සමාජයට දැනෙන අයුරින් කටයුතු කළාය. මේ නිසා ස්‌වකීය කතා විලාශය, ගමන බිමන ඇඳුම් පැලඳුම් හා පුරුදු ගති සිරිත් මේ සියල්ල තමන් අම්මා කෙනකු බව අන්‍යයන්ට දැනෙන අයුරින් සකස් කර ගත්තාය. දරුවන්ට දෙමාපිය සෙනෙහස තරම් වෙනත් සෙනෙහසක් ආදරයක් නොවීය. මව් කෙනකුගේ අත්වල බාහු ස්‌වභාවයෙන්ම විශාලව පිහිටන්නේ තම දරුවන්ට සුවසේ බාහු මත නිදන්නටය. පපු ප්‍රදේශ විශාලව වැඩෙන්නේ දරුවාට කිරි උරා බීමට පමණක් නොව මවගේ උණුසුම අත්විඳිමින් සුවසේ නිදන්නටය.
අද මේ සියල්ල වෙනස් වී අම්මා පවුලේ තම ස්‌වාමියාගේ ලිංගික කාර්යයට සීමා වූ අයකු බවට පත් වී ඇත. දරුවාට කිරි දෙන එක නෙස්‌ලේ, ඇන්කර් වැනි සමාගම්වලට පවරා ඇත. දරුවාට ආදරය සෙනෙහස ලබා දීම ගෙදර වැඩකාරියට පවරා ඇත. දරුවා පාසලට රැගෙන යැම හා රැගෙන ඒම කුලී රථ රියෑදුරුට බාරය. අධ්‍යාපනය ගුරුවරුන්ට හා ටියුෂන් මාස්‌ටර්ට බාරය. උදේ රැයින්ම නිවසින් පිටත්ව යන මව හා පියා නිවසට එන්නේ රෑබෝවීමෙන් පසුවය. රාත්‍රියට නිවසට එන විටත් උදේට නිවසින් යන විටත් දරුවා නින්දේය. දෙමාපියන්ට තම දරුවන් සමඟ ආදරය සෙනෙහස බෙදාගන්නට අවස්‌ථාවක් නැත. සතියකට එක් දිනක් හෝ බිරිඳ ස්‌වාමියා දරුවන්ව එක්‌ව කෑම වේලක් එකට බුක්‌ති විඳින්නට අවස්‌ථාවක් උදාකර ගත්තේ නැත. මේවාට තම තමන් මෙන්ම බාහිර සමාජය ද වගකිව යුතුය.
අපේ විද්යුත් නාලිකාවල විකාශනය වන බොහෝ වැඩසටහන්වලට අනුව අනියම් සැමියකු අනියම් බිරිඳක පවුලකට අනිවාර්යය. මේ මානසිකත්වය අද අපේ රටේ බොහෝ පවුල්වල පැලපදියම් වී ප්‍රායෝගිකව අත්විඳින සත්‍යයක් බවට පත්ව තිබේ. අනාගත පරපුරට මඟ කියා දෙන අපේ රටේ ගුරු මාතාවන්ගෙන් ඇතැමෙක් පෙරදා රෑ තම ස්‌වාමියා සමඟ නිදාගෙන පසුදා උදේ පාන්දර 6.00 - 7.00 වන තුරු ලැඟුම්හලක තම අනියම් සැමියාගේ ඇසුර ලබා ගුරුකමට පාසල් යන බවට ද තොරතුරු තිබේ. උදේම තම සැමියා ගෙදරින් රාජකාරි ස්‌ථානයට පිටත් කරන ඇතැම් බිරින්දැවරු ස්‌වාමියා පිටවූ පසු තම අනියම් සැමියා සමඟ රැකියා ස්‌ථානයට යන බවට ද තොරතුරු අප සතුව නැතුවා නොවේ. රැකියාවක් නොකරන අපේ බිරින්දැවරු තම දරුවාගේ පාසල් ගමන පිළිබඳව සැලකිලිමත් වන බව ස්‌වාමියාට පෙන්වමින් ගෙදරින් පිටව යන්නේ අනියම් සැමියාගේ ඇසුරටය. මේ ආකාරයෙන් අපේ සමාජයේ සෑම තරාතිරමකම බිරින්දැවරු හා ස්‌වාමිවරු තම තමන්ට වෙන් වූ වෙන් කරගත් ලෝකවල කාලය ගෙවද්දී ඔවුන්ගේ දරුවන් ආයම්මලාගේ සෙනෙහස විඳිමින් විවිධ මෙවලම් සමඟ තාරුණ්‍ය කරා පිය මනිති.
1977 දී අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අපේ දෙමාපියන් මහත් ඕනෑකමින් වැළඳ ගනු ලැබුවේ අපට අහිමි ලෝකය ඔවුන්ට උරුමකර දීමටය. ඒ අනුව තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීමට විදේශ රටවලට දරුවන් යවා දරුවන් උගතුන් කරන්න උනන්දු විය. දරුවන් උගතුන් වුවද තම අවසාන කාලයේදී තමන්ගේ දුක සැප බලන්නවත් ඔවුන් එන්නේ යන්නේ නැත. එසේ වූයේ දෙමාපිය සෙනෙහසින් ඈත් වූ දරුවාට මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීමක් නොතිබුණ නිසා නොවේද? පසුගිය දිනවල මුද්‍රිත මාධ්‍යයෙන් කියවන්නට ලැබුණු අනාථ නිවාසයේ දිවි ගෙවන විශ්වවිද්‍යාල මහාචාර්යවරයාගේ කථාව ඊට හොඳ නිදසුනකි. මෙවැනි සිද්ධීන් අපට දිනපතා අසන්නට දකින්නට ලැබෙන්නේය.
ගතවූ වසර 20 - 30 ක කාලය අපේ සමාජයේ ඇති වී තිබෙන බොහෝ වෙනස්‌කම් පවුල තුළත් මහ බෙදීමක් ඇතිකර තිබෙන බව පැහැදිලිය. අද අපේ තරුණ පරම්පරාව ආච්චී, සීයා, අම්මා, තාත්තා, අක්‌කා, අයියා, නංගී, මල්ලී යන මේ පවුල් සබඳතා හැර බාප්පා, පුංචි අම්මා, මාමා නැන්දා, ලොකු තාත්තා ආදී ඥති සබඳතා පිළිබඳ උනන්දුවක් හෝ දැනීමක් ඇත්ද යන්න ගැටලුවකි. අපේ රටේ ඥති සබඳතා 41 ක් පමණ ඇතත් තරුණ පරපුර මේ ගැන දන්නේ හෝ උනන්දු වන්නේ හෝ නැත. මේ නිසා අද පවුලේ ඥති සබඳතා ඉතා ශෝචනීය ලෙස බිඳවැටී ඇත.
මෑතක අපේ රටේ කාන්තාවන් පෙළඹවූ තවත් වැදගත් කාරණාවක් ද පවුල තුළ මානුෂීය බැඳීම විනාශ කර දමන්නට හේතු වී තිබේ. අපේ කාන්තාව රට රැකියා පසුපස හඹා යැම ඒ ඛේදවාචකයයි. අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සියලු කාරණා තුළ සිදු වන දේ විමසා දැනගත යුතුය. මැදපෙරදිග රටවල රැකියාවට යන අපේ කාන්තාවන්ට අනිවාර්ය වී ඇති එක් කාර්යයක් ඇත. එනම් මැදපෙරදිග රටකට රැකියාවට යන්නේ නම් ඇය එල්. ආර්. ටී. සැත්කම කරගෙන සිටිය යුතු වීමය. මෙයින් අදහස් වන්නේ කුමක් ද? අපේ කාන්තාව එරට පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්නා බව නොවේද? අපට විදේශ විනිමය ලැබෙනවා යෑයි කියමින් මේ තත්ත්වයන් වෙනස් නොකර සිටීම බරපතළ සමාජ ව්‍යසනයක් නොවේද?
ඉන්දියාවේ විදේශ රැකියා සඳහා ප්‍රතිපත්තියක් ඇත. විවාහක නම් ඒ යුවල එකම තැනක සේවය යෙදවිය යුතුය. අවිවාහක අය විදේශ රැකියා සඳහා යැම තහනම්ය. ඒ වගේම ඇමරිකාවේ වසර 4 ක් ගත වන තුරු පුංචි දරුවන්ට තාක්‍ෂණික මෙවලම් සෙල්ලම් බඩු ලෙස ලබානොදිය යුතුය. විශේෂයෙන් පරිගණක සඳහා මෙම නීතිය තදින් ක්‍රියාත්මකය.
අපට ඇත්තේ වසර 2500 ක වඩා පැරණි ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියකි. ලොව පැරැණි සංස්‌කෘතියද අපේ බව පිළිගනිති. ශ්‍රේෂ්ඨ ආගමික ශාස්‌තෘවරයකු වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල ථෙරවාදී බුදු දහම ආරක්‍ෂා වී ඇත්තේ අප රටේමය. මේ ආදී සියලු ශ්‍රේෂ්ඨත්වයන් පෞඪත්වයන් අපට උරුම වී තිබියදී අප අද අතරමං වී සිටින්නේ කොහිද? අප මෙම මහ ව්‍යසනය තුළ අතරමං කර දැමුවෝ කවරහුද? අපට නැවත අපේ ශ්‍රේෂ්ඨ මානව දයාව පිරි මනුෂ්‍යත්වයේ සෙනෙහස අපේ පවුල තුළ සමාජය තුළ ගොඩනැඟිය නොහැකිද? අප රටේ සමාජ ක්‍රියාකාරිත්ව සමාජ ශෝධකයන්ට විද්වතුන්ට හා අපේ උරුමයට ආදරය කරන්නන්ට ඒ පිළිබඳව යමක් කරන්නට කැපවීමට සුදුසුම වේලාව මේ යෑයි මම විශ්වාස කරමි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශ ප්‍රධානි මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත්, සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/10/03/feature.html
Pic Source

0 comments:
Post a Comment