Pages

Tuesday, October 27, 2015

වප් පෝය අදයි. මේ කඨින වීචර මාසයයි!

වප් පෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් හට වැදගත් වන්නේ කඨින චීවර පූජාව සිදුවන පොහොය ලෙසය. අදින් උදාවන වප් පෝ දිනයෙන් පසු මෙරට විහාරස්‌ථානවල කඨින පිංකම් පැවැත්වේ. වසරකට වරක්‌ පමණක්‌ සිදුවන මෙම උතුම් පුණ්‍ය කර්මය උසස්‌ කුසලයන් සිදුකරගත හැකි අවස්‌ථාවකි. වස්‌ පවාරණය කළ භික්‌ෂුන් වහන්සේ නමක්‌ සිටිය යුතු වීම, කඨින චීවරය දායකයන් විසින් සංඝයා වහන්සේට පූජා කර සංඝයා වහන්සේ විසින් සුදුසු භික්‌ෂුවකට දියයුතු වීම සහ එතැන්හිදීම කපාකොට මසා සකස්‌ කර ගත යුතු වීම ආදී කරුණු එකතුවීමෙන් සිදුවන කඨින පිංකම දුර්ලභ පිංකමක්‌ ලෙසින් සැලකේ. මෙම පිංකමේ ආනිසංස කල්ප තිහක්‌ අපාගත නොවී සිටීමට හේතුවේ. එමෙන්ම කඨින දානමය පිංකම අට මහා කුසල් අතර ප්‍රධාන වේ. ආර්ය පුද්ගල මහා සංඝරත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිෂ දානයක්‌ අභිබවා කඨින පූජාව අග්‍රස්‌ථානය ගනී. 

එමෙන්ම වප් පොහෝ කඨින චීවර මාසය ආරම්භවීම ඇතුළු තවත් බොදුනුවන්ට වැදගත් කරුණු ගණනාවක්‌ සමන්විත වේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට දඹදිව සංකස්‌ස නුවරට වැඩඩම කිරීම, භික්‌ෂුන් වහන්සේ විනය ප්‍රඥප්තියක්‌ ඉටු කරන දිනය වීම, දෙවනපෑතිස්‌ රජතුමා අරිට්‌ඨ කුමරු ඇතුළු දූත පිරිස ධර්මාශෝක රජු වෙත යවා ජයසිරි මහ බෝධි ශාකාව මෙරටට වැඩමවීම හා අරිට්‌ඨ කුමරු සිඟාල මහ රහතන් වහන්සේ විසින් මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම ආදිය වප් පොහොය හා පවතින ශාසනික වැදගත් සිදුවීම් වේ.

http://www.divaina.com/2015/10/27/news08.html

0 comments: