Pages

Monday, October 5, 2015

මුසලු අන්තවාදයට එරෙහිව නැගෙන නිර්භය නායකත්වය සහ ජනබලය - පුටින් සහ රුසියාව

රුසියානු නායක ව්ලැඩිමිර් පුටින් අයිසිස්‌ නායක අබුබකර් බැග්ගැඩිට එරෙහිව සටනට බැස ඇත. 2011 සිට සිරියානු ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක්‌ පැන නැගුණු විට ජනපති පුටින් සැමවිටම නියෝජනය කරනු ලැබුවේ සිරියානු රජයේ පාර්ශ්වයයි. නමුත් ඇමරිකානු ප්‍රමුඛ බටහිර ලෝකයේ අසාද්ට විරුද්ධව බලවේගයන්ට සහාය දක්‌වන්නට විය. නමුත් සිරියාවේ සුන්නි වහාබ්වාදී අයිසිස්‌ යක්‌ෂයා බිහිවූ විට ඇමරිකානුවන්ගේ බෙලි කැපෙන විට ඔබාමා පාලනය තක්‌බීරිවිය. 

ඉකුත් 30 වැනිදා සිට රුසියාව සිරියාව අයිසිස්‌ ඉලක්‌ක වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. ඇමරිකානු රජය මේ ප්‍රහාර දෙස බලා සිටියේ කුහක ලෙසය. කෙසේ නමුත් රුසියානු රජය සිරියානුවේ ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට එරෙහිව ප්‍රහාර ආරම්භ කළ විට සී. එන්. එන්. රූපවාහිනියේ ප්‍රකට මාධ්‍යවේදියකු වන පියාර්ස්‌ මොර්ගන් බ්‍රිතාන්‍ය ඩේලිටේල් පුවත්පතට ලිපියක්‌ ලියමින් සඳහන් කර සිටියේ දෙවියන්ට ස්‌තුතිවේවා. මැද පෙරදිග තිබෙන ඇමරිකානු දේපළ සුරකීම සඳහා බලවත් ජනපතිවරයකු ඉදිරිපත්ව සිටී. නමුත් ලැඡ්ජාවට කරුණක්‌ නම් ඔහු ඔබාමා නොවීමයි යනුවෙනි. ජනපති පුටින් අයිසිස්‌ සංවිධානයට එරෙහිව ගුවන් ප්‍රහාර ඇරඹුවේ රුසියාවේ ආරකෂාව වෙනුවෙන් බව ප්‍රකාශ කළද එයින් බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකානු දේපළ හා වැසියන්ටත් ආරක්‌ෂාව ලැබෙන බව මෝර්ගන් සටහන් කර තිබිණි. මේ ප්‍රශ්නයේදී ජනපති ඔබාමා හැසිරෙන්නේ බියගුල්ලකු ලෙස යෑයි මොර්ගන් ඩේලිමේල් පුවත්පතේ සටහන් කර තිබිණි.

ඊයේ වන විට පුරා දින තුනක්‌ තිස්‌සේ සිරියාවේ ත්‍රස්‌ත ඉලක්‌ක වෙත රුසියානු ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කර තිබිණි. රුසියානු ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ අයිසිස්‌ ඉලක්‌ක පනහක්‌ වෙත බෝම්බ ප්‍රහාර දියත් කළ බවයි. පසුගිය පැය 24 තුළ පමණක්‌ Sඹණ්‍යධෂ Sම -34 හා Sම 24ඵ ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන ගුවන් ප්‍රහාර 20 කදී අයිසිස්‌ ඉලක්‌ක නවයකට පහරදුන් බව රුසියානු ආරක්‌ෂක අමාත්‍යාංශය කියයි.

රුසියානු ප්‍රහාර උග්‍රවීමත් සමගම සිරියාවේ සටන් වදිමින් සිටි විදේශීය ත්‍රස්‌තයන් හයසීයයක්‌ පමණ යුරෝපයට ඇතුළුවීමට උත්සාහ ගනිමින් සිටින බව එරට ආරක්‌ෂක අමාත්‍යාංශය කියයි.

මේ අතර බ්‍රිතාන්‍ය ආරක්‌ෂක ලේකම් මයිකල් ෆ්ලෙන් ප්‍රකාශ කරන්නේ රුසියානු ප්‍රහාර 20 කින් එක්‌ ප්‍රහාරයක්‌ පමණක්‌ අයිසිස්‌ සංවිධානය ඉලක්‌ක වී ඇති බවයි. රුසියාව මධ්‍යස්‌ථ විපක්‌ෂ කල්ලිවලටද පහරදෙන බව බ්‍රිතාන්‍යය කියයි.

ඇමරිකානු ජනපති බැරක්‌ ඔබාමා පවසන්නේ රුසියාව, සිරියානු විපක්‌ෂ කැරලිකරුවන්ටද ප්‍රහාර එල්ල කිරීම මගින් අයිසිස්‌වරු ශක්‌තිමත් වන බවයි. රුසියානු ප්‍රහාර හරහා සිරියානු ජනපති බෂාර් අලි අසාද් ශක්‌තිමත් වනු දැකීමට ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය අකමැතියි. එහෙත් රුසියාව ප්‍රකාශ කරන්නේ රඛා, අලෙපො, හමා හා ඉඩ්ලිබ් හි පිහිටි අයිසිස්‌ කඳවුරු හා මූලස්‌ථානවලට පහරදුන් බවයි. ඉකුත් සිකුරාදා ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා තුර්කිය එක්‌ව නිවේදනයක්‌ නිකුත් කරමින් රුසියාවෙන් ඉල්ලා සිටියේ සිරියානු විපක්‌ෂ කණ්‌ඩායම්වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් වලකින ලෙසය. නමුත් රුසියාව බටහිර ඊනියා වුවමනාවන් අනුව ක්‍රියාකරන්නේ නැත.

අති ප්‍රබල (බන්කර් බස්‌ටර්) බෝම්බ නිසා අයිසිස්‌ ත්‍රස්‌ත කඳවුරු විනාශ වී ඇති බව බ්‍රිතාන්‍ය සන්ඩේ එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත වාර්තා කර තිබිණි. රුසියානු හමුදා ප්‍රධානී අන්ද්‍රෙයි කාර්ටපොලෙව් පවසන්නේ දිනෙන් දින තම ප්‍රහාරක බලය මෙන්ම වේගයද වැඩි කරන බවයි. බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කරන්නේ රුසියාව ජන ඝාතක බෂාර් අලි අසාද් ආරක්‌ෂා කරන බවයි. බ්‍රිතාන්‍යය අගමැති එසේ පවසන්නේ රුසියාව ලන්ඩනයේ ආධාර ලැබු විපක්‌ෂ කල්ලිවලට බැටදුන් නිසාය.

සිරියානු සිවිල් යුද්ධය නිසා මේ වනවිට දෙලක්‌ෂ පනස්‌ දහසක්‌ මරණයට පත්වී ඇති අතර තවත් මිලියනයක්‌ තුවාල ලබා ඇත. මිලියන 11 ක ජනතාවක්‌ උන්හිටි තැන් අහිමී සිටින අතර තවත් මිලියන 04 ක්‌ සිරියාවෙන් පලාගොස්‌ ඇත. වර්තමානයේ යුරෝපය උග්‍ර සරණාගත අර්බුදයකට මුහුණ පා ඇත්තේද සිරියානු අර්බුදය නිසාය.

ඇත්තෙන්ම සිරියානු අර්බුදයට මූලික හේතුව සුන්නි ෂියා බෙදීමයි. ෂියා මුස්‌ලිම් අලවයිට්‌ නිකායේ ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව සුන්නි විපක්‌ෂය කැරලි ගැසුහ. ඉරානය, රුසියාව මෙන්ම හිස්‌ බුල්ලා සංවිධානය ජනපති අසාද්ට සහාය පළ කළද තුර්කිය, සවුදි අරාබිය කටාර් යන රාජ්‍යයන් විපක්‌ෂ කැරලිකරුවන්ට සහාය දැක්‌විය. ඇමරිකාව මෙන්ම බටහිර ලෝකයද විපක්‌ෂය වෙනුවෙන් තම සහාය දැක්‌විය. කෙසේ නමුත් අවසනානයේ අයිසිස්‌ සංවිධානය මතුවීමත් සමග මේ ප්‍රශ්නය ලෝක අර්බුදයක්‌ විය.

චතුර පමුණුව
http://www.divaina.com/2015/10/05/forign01.html

0 comments: