
ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් 6ක් අයි.එස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බවට මේ වන විටත් හෙළි වී ඇති බවත් මෙම අන්තවාදී මත දරන්නන්ට රට තුල නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීමෙන් ඉදිරියේ දී ත්‍රස්තවාදී ක්‍රියා ඇති විය හැකි බවද ඒ මහතා රජයට අණතුරු අගවනවා. හින්දු සහ බෞද්ධ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක මෙම දරුණු අන්තවාදීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා හින්දු සම්මේලනය වෙනුවෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටිනවා.
http://www.colombotoday.com/extremists-activities-at-barbar-street/
Pic Source
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ… කොටහේන කෝවිලේ භාරකරුවන්ට මුස්ලිම් පල්ලියෙන් මරණ තර්ජණ
කොටහේන මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුනියන්ඩි මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වේල් උත්සවයට බාධා කරමින් අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් ආගමික ආරවුලක් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. කෝවිල් ප්‍රකාශකයකු colombotoday සමග පැවසූවේ වේල් කරත්තය කෝවිල අසලට ගෙන ආවොත් කෝවිල් භාරකරුවන් මරා දමන බවට මුස්ලිම් පිරිස විසින් තර්ජණය කළ බවයි. අද (7)පෙරවරුවේ කෝවිලේ පූජාව පැවති අවස්ථාවේදී ද එම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරුණ බවත් ඔහු පවසනවා.
කලම්බු ටුඩේ
0 comments:
Post a Comment