
එහි පිටපතක් එකී ශ්‍රී ලාංකික කණ්‌ඩායම 'ඉරිදා දිවයින සංග්‍රහය' ට ද එවා ඇත. 2011 ජුනි 14 වැනිදා එළිදැක්‌වූ චැනල් 4 චිත්‍රපටය කැලම් මැක්‌රේ විසින් නිර්මාණය කර ඇත. එහෙත් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් දක්‌වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන හඬ ඉවත් කර ඊට සිංහල භාෂාව හඬකවා ඇති බවත්, එය තමිල්නාඩුවේ චිත්‍රාගාරයක සිදු කර ඇති බවත් ය.
මෙම චැනල් 4 සත්‍ය පිටපතේ පිළිබිඹු වන්නේ සිංහල සෙබළුන් බවට සැක කෙරේ. මෙකී චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය සොයා බැලීමට ස්‌වාධීන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කළ යුතු බව මැක්‌ස්‌වෙල් පරණගම කොමිසම නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද මෙම චැනල් 4 චිත්‍රපටය ඉදිරිපත් කර තිබුණි.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/10/25/news11.html
Pic Source
0 comments:
Post a Comment