Pages

Friday, October 23, 2015

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – හින්දූන් බොදුනුවන්ගේ ගුණ ගයති! සැබෑ ආගමික අන්තවාදීන් මැඩ ස්ථිර විසඳුමක් සොයමු!

kotahena theruකොටහෙන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයේ වේල් කරත්තය  අද නිරුපද්‍රිතව වීදි සංචාරය කලා. කෝවිලේ වාර්ෂික පූජාවේ වේල් කරත්තය සංචාරය කිරීමේ අවස්ථාව පසුගිය හත්වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද අසල මුස්ලිම් පල්ලියේ පිරිස් විසින් එම උත්සවය නොපවත්වන ලෙස බල කරමින් කෝවිලේ පාලක මණ්ඩලයට තර්ජණය කර තිබුණා. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කෝවිලේ පූජාවට සහභාගී වූ අවස්ථාවේද එම් අන්තවාදී පිරිස ඔහුව වටකරගනිමින් කෝවිලේ තේරු උත්සවය නවත්වන ලෙසත් කෝවිලේ සංවර්ධන කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත් තර්ජණය කරමින් කලහකාරීව හැසිරුණා. පසුව මේ පිළිබදව කෝවිල් පාලක මණ්ඩලය පොලීසියට පැමිණිල කිරීමට කටයුතු කර තිබුණු අතර පසුව කෝවිල අසලට පැමිණි එම අන්තවාදී පිරිස කෝවිල් භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකුට පහර දෙමින් කෝවිල් උත්සවය පැවැත්වූවොත් මරා දමන බවට තර්ජණය කර තිබුණා.

මාධ්‍යයක් ලෙස ColomboToday අපට මේ සදහා මැදිහත් වීමට සිදු වූයේ ඉන් පසුවයි. පසුව මේ පිළිබදව අප ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගෙන් විමසා සිටියා. ඔහු අප සමග පැවසූයේ “දැඩි මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ක්‍රියාත්මකව ඇති බවත් හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට බාධා කරමින් ඔවුන් ආගම්වාදී ජාතිවාදී ලෙස කටයුතු කරමින් සිටින බවත්ය“ මේ පිළිබදව තමන් මුස්ලිම් දේශපාලඥයන් දැනුවත් කළද ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බවත් ඔහු සදහන් කළා.

පසුව මෙම සිදුවීම බොදු බල සේනා සංවිධානයේ අවධානය යොමුව තිබුණු අතර අදාල සිද්ධිය පිළිබදව සැල කරමින් පොලිස්පති වරයා වෙත ඔවුන් විශේෂ ඉල්ලීමක් සහිතව ලිපියක්ද යොමු කර තිබුණා. එබැවින් පොලිස්පතිවරයාගේ අවධානය මේ දෙසට යොමු වූ අතර ඉස්ලාමීය අන්තවාදය ඉදිරියේ අසරණව සිටි මනෝ ගනේෂන් ඇමතිවරයාට ද මෙම සිදුවීමෙන් කර ඇරිය නොහැකි තත්වයක් උදා විය. ඉහළම බලධාරීන්ගේ උපදෙස් මත මුස්ලිම් දේශපාලකයන්ට ද මේ සදහා මැදිහත් වී අන්තවාදීන් පිරිස පාලනය කර ගැනීමට සිදුවිය. එය තාවකාළික යටපත් වීමක් පමණක්දැයි අපි නොදනිමු.

තර්ජන මධ්‍යෙය් වුවද මෙම සිදුවීමට මැදිහත් වෙමින් සැබෑ වූ ආගමික සංහිදියාවක් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන ශ්‍රී ලංකා හින්දු සම්මේලනයට විශේෂ ස්තූතිය හිමිවිය යුතුය. එම සම්මේලනය හා බොදු බල සේනා සංවිධානය මැදිහත් නොවුනානම් මෙම ගැටළුව තවත් හිගන්නෙකුගේ තුවාලයක් වීමට ඉඩ තිබිණි. එමෙන් අන්තවාදී බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් බෞද්ධ ජනතාව කෙරෙහි හින්දු ජනයා තුළ ඇති කර තිබෙන දුර්මතය යම් තරමකට නිවැරදි කිරීමටත් සැබෑ ආගමික සංහිදියාව ගොඩ නැගිය හැකිවන්නේ කෙසේද යන්නටත් හොද උදාහරණයක් වූ මෙම සිදුවීම ඉවහල් වූ බව අපගේ අදහසයි. එය රටේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත.

කොටහේනේ ආගමික ගැටළුව තාවකාලිකව හෝ විසදුනද කොටහේනත්, කොළඹ පුරවරයත් පොදුවේ මුළු මහත් දේශයත් වසාගෙන ආගමික අන්තවාදයේ ගිනි පුපුරු තවමත් මේ පොළව යට වැලලී තිබේ. හින්දු සංවිධාන එකමුතුව පැවැත්වූ සත්‍යග්‍රහයේදී පළ වූ මෙම අදහස් තුළින් ඒ බව තවත් තහවුරු වනු ඇත.

හින්දු ජනතාව ජනගහන අනුපාතය අනුව මේ රටේ සුළුතර ජන කොටසක් වීම නිසා පමණක් බලධාරීන් මෙම ගැටළුවට විසදීමට මැදිහත් වූවා නම් එය මෙම වනය වසා දැමීමට ගැසූ තාවකාලික පැලැස්තරයක් පමණක් වනු නොඅනුමානය. මේ රටේ ඓතිහාසික සංස්කෘතිය නොතකමින් ආගමික සංහිදියාවට බාධා කරමින් ක්‍රියාත්මක වන දැඩි ආගමික අන්තවාදයක් හිස ඔසවමින් පවතින බව නොරහසකි. ඒ පිළිබදව ඉගියක් හෝ මනෝ ගනේෂන් ඇමතිවරයාගේ කටින් එලියට පැන්නේද කට බොරු කීවත් දිව බොරු නොකියන බැවින් විය හැකිය. එනිසා බලධාරීන් උගුරට හොරා බෙහෙත් නොකා මේ රට තුළ ක්‍රියාත්මක වන සැබෑ අන්තවාදය, ජාතිවාදය හදුනාගෙන ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවානම් පමණක් රට තුළ සැබෑ සංහිදියාවක් ගොඩ නැගීමට හැකි වනු ඇත.

කලම්බු ටුඩේ

සබැඳි ලිපි -
[
කොටහේනේ මුස්ලිම් අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි!
http://denethharinna.blogspot.com/2015/10/200.html
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_97.html
]

0 comments: