ඇමරිකාවේ බෙන්ජමින් රූස් විසින් 1784 දී පළ කළ "මානව වර්ගයාගේ මනසට හා සිරුරට මත්පැනින් වන හානිය පිළිබඳ විමසීමක්" නම් ලිපියෙන් ඇස් ඇරවනු ලැබූ ඇමරිකා එක්‌සත් ජනපදයේ කොනෙක්‌ටිකට් ප්‍රාන්තයේ ඉඩම් හිමි වැවිලිකරුවන් 20 ක් පමණ දෙනා එකතුව සැර මත්පැන් හෙවත් විස්‌කි පෙරීමට එරෙහිව සංවිධානයක් 1789 දී පිහිටුවා ගත්හ. එවැනිම සංවිධානයක් 1780 වර්ෂයේදී වර්ජීනියා ජනපදයේ ද 1808 දී නිව්යෝර්ක් ජනපදයේ ද බිහි විය. ඊට නොබෝ කලකින් තවත් ජනපද ගණනාවකට එය ව්‍යාප්ත විය. මේ සියල්ල නියෝජනය කරමින් ඇමරිකානු අමද්‍යප සංගමය 1826 දී පිහිටුවනු ලැබිණ. වසර 12 ක් යන විට ශාඛා 8000 දක්‌වා එය වර්ධනය වූ අතර සාමාජික සංඛ්‍යාව 1,500,000 දක්‌වා ඉහළ නැංගේය. මේ මඟ යමින් ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල ද මධ්‍යම පාන්තිකයෝ එවැනි සංවිධාන ආරම්භ කළහ.
1895 දී අනගාරික ධර්මපාලතුමා "සුරාවිරෝධී ව්‍යාපාරය" ආරම්භ කළේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. 1880 දී දිවයිනට සැපත් කර්නල් හෙන්රි ඕල්කට්‌තුමාගේ ආභාෂය ද ඊට ලැබුණාට සැකයක් නැත. සාමාජික ප්‍රශ්න හා සබත් දින චර්යාවිරෝධී හැසිරීම් මුල් කරගෙන බටහිර ව්‍යාප්ත වූ මෙම ව්‍යාපාරය ලංකාවේ ආරම්භ වූයේ සිංහල බෞද්ධ පුනරුදයක ආරම්භයක් සඳහා මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් දේශය නිදහස් කර ගැනීමේ අරමුණ කරා ජනතාව පෙළ ගස්‌වන ව්‍යාපාරයක් ද වශයෙනි. ඉන්දියාවේ මෙම ව්‍යාපාරය ආරම්භ නොවීම සැලකිය යුතු හිදැසක් වෙයි. විවිධ සමාජ ප්‍රශ්න අළලා පිහිටුවනු ලැබූ බ්‍රහ්ම සමාඡ් හා ආර්ය සමාඡ් වැනි සංවිධාන එම ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වූ කාර්යයන් ඉටු කිරීමට දායකත්වයක් සැපයීම ඊට හේතු වූවා විය හැකිය. සිංහල - බෞද්ධ මධ්‍යම පාන්තික වැවිලිකරුවන්ගේ ප්‍රභූ පැලැන්තියක් බිහිවෙමින් තිබූ මෙම වකවානුවේදී ඓතිහාසික සම්භාවනීය සිංහල බෞද්ධ පරපුරක උපත ලද ඉහත සඳහන් සෝයුරන් තිදෙනාගේ නායකත්වයෙන් මෙම ව්‍යාපාරය ඔද - තෙද ගැන්විණ. ඩී. ඇස්. සේනානායක මහතා 1912 දී එම ව්‍යාපාරයට සම්බන්ධ වීමත් සමග බෝතලේ වලව්ව එම ව්‍යාපාරයේ කාර්යාලය බවට ද හාපිටිගම් කෝරළය බලකොටුව බවට ද පත් විය. පළමුවෙන්ම හාපිටිගම් කෝරලේ අස්‌සක් මුල්ලක් නෑර සුරා විරෝධී සමිති පිහිටුවීමට සමත් වූ මේ ත්‍රිත්වය ඊළඟට ඒ සියල්ල එක්‌කොට හාපිටිගම් අමද්‍යප මහා සංගමය ගොඩනැඟීමට ක්‍රියා කළහ. එය කෙතරම් සාර්ථක වූවාද යන්න ජනතා කැමැත්තෙන් හාපිටිගම් කෝරළේ සියලු තැබෑරුම් වස්‌වා 1913 දී කොළඹදී අති උත්කර්ෂවත් අමද්‍යප සභාවක් පවත්වා අසීමිත බලපෑමක් සමාජයට මෙන් ම රජයට එල්ල කිරීමෙන් ම පෙනේ. එයට ඇදී ආ ජන ගඟ 30,000 ඉක්‌ම වූ බව වාර්තා වේ.
හාපිටිගම් අමද්‍යප ව්‍යාපාරය හා එෆ්. ආර්.
අන් සියලු පළාත් අභිබවා හාපිටිගම් කෝරළය අමද්‍යප ව්‍යාපාරය අතිනුත් ජාතික නිදහස් ව්‍යාපාරය අතිනුත් පෙරමුණට ආවේ සේනානායක සෝයුරන් තිදෙනා නිසාය. ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ඉතිහාසයට සම්බන්ධ පරම්පරාවකට නෑකම් කියන සේනානායකවරුන් සතුව පැවැති සිංහල - බෞද්ධ අනන්‍යතාව හා උරුමය දිවයිනෙන් මත්පැන් සහමුලින් තුරන් කර දැමීම සඳහා ඇප - කැප වීමටත් දිවයිනට නිදහස දිනා ගැනීම සඳහා නායකත්වයක් දීමටත් ඔවුන් පොළඹවන ලද සහජ අභිප්‍රේරණ වූවා විය හැකිය. ඒ හා සමගම ඔවුන් තුළ තිබූ අවංකභාවය හා පරිත්‍යාගශීලීත්වය හාපිටිගම් ව්‍යාපාරයේ සාර්ථකත්වයට හා ජාතික නිදහස් ව්‍යාපාරය පණ පෙවීමට මූලික වශයෙන්ම හේතු වූ බැව් පෙනේ. වෙනත් ධනෝපාර්ජන මාර්ගවලට අමතරව පොල් අක්‌කර 1000 කට වඩා හිමිව තිබූ ප්‍රභූන් කිහිපදෙනාගේ ගණයට වැටුණ ධනවතෙකු වූ එෆ්. ආර්. සේනානායක මහතා එම ධනයෙන් සුවිසල් කොටසක් සමාජ සේවය සඳහා වැය කිරීම ඔවුන් තුළ තිබූ නිශ්ශරණධ්‍යාශය හා අවංකකම නිතැතින් ම ජනතාවගේ සිත් සතන් හි පැලපදියම් කළාට සැකයක් නැත. මේ නිසා නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බිහි කිරීමේ ගෞරවය ද හාපිටිගම් කෝරළයට හිමි විය. විශේෂයෙන් එම පරම්පරාව තම ප්‍රදේශයට පමණක් නොව මුළු රටටම ආඩම්බරයක් ලෙස සලකා එකහෙළා ඔවුන්ගේ නායකත්වය හාපිටිගම් ජනතාව විසින් පිළිගැනීම රටටම දුන් ආදර්ශයක් විය.
1915 සිංහල - මුස්‌ලිම් කෝලාහලය හා එෆ්. ආර්. සිරගත කිරීම
මේ අතර 1915 සිංහල - මුස්‌ලිම් කෝලාහල ඇති විය. මෙය ඇත්ත වශයෙන් ම මෙම දෙපිරිස අතර ඇති වූ අරගලයක් මිස කිරීටයට විරුද්ධව හටගත් කැරැල්ලක් නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් චෝදනා කළේ මෙය කිරීටයට විරුද්ධව සිංහල බෞද්ධයන් විසින් මෙහෙයවන ලද කැරැල්ලක් බවට ය. මෙම අභූත චෝදනාව මත එෆ්. ආර්., ඩී. ඇස්., ඩී. සී., ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, සී. බටුවන්තුඩාවේ සහ අනගාරික ධර්මපාලතුමාගේ සෝයුරන් දෙදෙනා වන එඩ්මන්ඩ් හේවාවිතාරණ හා සී. හේවාවිතාරණ හා පියදාස සිරිසේන ආදී වූ අමද්‍යප වීරයන් හෙවත් සිංහල බෞද්ධ නායකයන්ට සිරබත් කෑමට සිදු විය. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 27 දෙනෙක් ද ඒ. ඊ. ගුණසිංහ ඇතුළු තරුණ ලංකා සංගමයේ නායකයෝ ද එම ඉරණමටම ගොදුරු වූහ. තම නිර්දොෂීභාවය ඔප්පු කර දින හතළිහකින් පසු එළියට ඒමට හැකිවූ එෆ්. ආර්. විදේශ ආධිපත්‍යය පොදු ව්‍යසනය බව සියල්ලන්ට ඒත්තු ගන්වමින් එය කඩිනමින් තුරන් කිරීම සඳහා ජාති, ආගම් හෝ කුල ආදී කිසිදු භේදයකින් තොර වේදිකාවක් ගොඩනැගීමේ ප්‍රයත්නයෙහි නියුක්‌ත විය. තම සහෝදර සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් වැනි අසිංහල නායකයන්ගේ ද ඊ, ඩබ්ලිව්. පෙරේරා වැනි අබෞද්ධ නායකයන්ගේ ද සහාය ලබා ගනිමින් යෝධ ව්‍යාපාරයක් දියත් කළේය. සිංහල බෞද්ධ නායකයන්ගේ නිර්දොෂීභාවය එංගලන්තයේදී ඔප්පු කර පෙන්වීමට නියෝජිත පිරිසක් රහස් උපක්‍රම පවා යොදමින් පිටත් කර හරින ලද්දේ එහි සුවිසල් බරපැන තම කරට ගනිමිනි.
මේ උතුම් පුරුෂයා මෙසේ අප අතරින් සදහටම වෙන්වී ගියේ 44 තරම් අකල් වියකදීය. ඇත්ත වශයෙන්ම රට දැය සමය වෙනුවෙන් තව විශාල වැඩ කොටසක් කිරීමට ඉතිරිව තිබියදී ය.
සේවාර්ජිත මහාචාර්ය ඇස්. බී. හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2015/10/20/feature02.html

0 comments:
Post a Comment