ලාංකික බෞද්ධයන්ට නේපාලයේ පිහිටි මායාදේවි විහාරය නොඑසේනම් බෝසතාණන් උපන් ලුම්බිණි සල් උයන වැඳ පුදා ගැනීමට නොහැකි තත්ත්වයක් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට උදා වී තිබිණි. ඒ අනාරක්‍ෂිත භාවයට හේතු වූයේ නේපාලයේ නව ව්‍යවස්‌ථාවට එරෙහිව "ලුම්බිණි සල් උයනද" ඇතුළත් තරායි කලාපයේ වැසියන් දැඩි ලෙස විරෝධය පෑම නිසාය. ඉන්දියානු දේශසීමාව පසුකර නේපාලයට ඇතුල්වන සංචාරකයන් රැගත් බස්‌රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් උදා වූ නිසා "ලුම්බිණිය" සිතින් පමණක් වැඳ පුදා ගැනීමට අපේ බෞද්ධ සංචාරකයන්ට සිදුවිය.
තරායි කලාපයේ ඉන්දියානු සම්භවයක් ඇති මදේසිස් ජන කණ්‌ඩායම දැඩි විරෝධය දැක්‌වූවත් එරට අනාගමික රාජ්‍යයක් බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දුන් නව ෆෙඩරල් ව්‍යවස්‌ථාව ඉකුත් සැප්තැම්බර් මාසයේදී සම්මත විය. මෙම නව ව්‍යවස්‌ථාව ගැන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බ්‍රාහ්මණවංශික නිලධාරීහු සතුටට පත්වූයේ නැත. සමහර ඉන්දීය දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර සිටියේ මෙම නව ව්‍යවස්‌ථාව හරහා චීනය, ඉන්දියාවට අතුල් පහරක් එල්ල කළ බවයි. නරේන්ද්‍ර මෝදි අගමැතිවීමෙන් පසු පළමු විදේශ සංචාරය ලෙස පා තැබූ රට වූයේ නේපාලයයි. නමුත් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ නේපාලය භාරව සිටින නිලධාරි කණ්‌ඩායමට නව ව්‍යවස්‌ථා සංශෝධනය හරහා සිදුවන දේශපාලන වෙනස්‌කම් පිළිබඳව නිවැරදිව ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි විය. නේපාල ව්‍යවස්‌ථාව සම්මත වූ දිනට පසු දිනම කත්මණ්‌ඩු නුවර සිටින ඉන්දීය තානාපතිවරයාව වහා දිල්ලි නුවරට කැඳවූයේ මේ තීරණය පිළිබඳව නොසතුට ප්‍රකාශ කිරීම සඳහාය. මේ ව්‍යවස්‌ථාව සම්මතවීමෙන් පසුවද තරායි කලාපය අස්‌ථාවර වූ අතර සතියකට අධික කාලයක් ඉන්දියාවේ සිට කත්මණ්‌ඩු නුවරට සැපයුම් ලැබෙන මාර්ග අවහිර කර තිබිණි. එම නිසා අදත් නේපාල වැසියෝ තෙල් හිඟයකට මුහුණදී සිටිති. ඉන්දියාව නේපාල දේශසීමා වසාදැමූ විට චීනය වහාම සිය දේශසීමා විවෘත කළේය.
නේපාලයේ නව ව්‍යවස්‌ථාව සම්මතවීම පිළිබඳව ලිපියක් ලියන ඉන්දීය දේශපාලන විචාරක සුභාෂ් චන්ද්‍ර අග්‍රාවල් සඳහන් කර තිබුණේ කත්මණ්‌ඩු ආණ්‌ඩුව තමන්ට නිසි ලෙස සාධාරණය ඉටු නොකරන බව දැනී මදේසිස්‌වරු කැරලි ගැසීමට උත්සාහ කළහොත් එයින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඇති වූ අස්‌ථාවරත්වය හා සමාන සිද්ධියක් ඇති විය හැකි බවය. එම නිසා ඉන්දියාව වඩා විචක්‍ෂණශීලීව මේ ප්‍රශ්නය දෙස බැලිය යුතු බව හෙතෙම සඳහන් කර තිබිණි. දිල්ලිය මදේසිස් ජනවර්ගයේ පැත්ත ගැනීම කිසිසේත් නුවණට හුරු නොවන බව අග්‍රාවල්ගේ අදහස විය.
නේපාලයේ නව ව්‍යවස්‌ථාව නිර්මාණය කිරීමට මූලික වූ 63 හැවිරිදි කග්ඩා ප්‍රසාද් ඩලී එනම් නේපාල කොමියුනිස්‌ට් පක්‍ෂයේ සභාපතිවරයා පසුගිය ඉරිදා එරට අගමැතිවරයා විය. හිටපු අගමැති සුසිල් කොයිරාල පරදවමින් පාර්ලිමේන්තුවේ ඡන්ද 338 ක් ලබාගෙන හෙතෙම අගමැති ධුරයට පත්විය. ඩලී මහතා අගමැති පුටුවට පත් වූ වහාම සුබ පතන්නට ඉදිරිපත් වූයේ අසල්වැසි චීනයයි. මේ නව අගමැති පත්වීම ගැන චීන විදේශ අමාත්‍යාංශය බෙහෙවින් සතුටු විය. නමුත් දිල්ලියට මෙය පරාජයක් විය. කග්ඩා ප්‍රසාද් ඩලී අගමැතිවරයා පිළිබඳව විකිපීඩියා වෙබ් අඩවියේ ඇති විස්‌තරයේද ඔහු මදේසිස් ජනයා යම් අවමානයකට ලක්‌කරන පුද්ගලයකු ලෙස සටහන් වී ඇත, මෙයින් නොකියා කියවෙන්නේ ඔහු ඉන්දීය විරෝධියකු බවද? මදේසිස් ජනකොටස බලවත්වනු දැකීම චීනයේ අභිප්‍රාය නොවන බව හින්දු පුවත්පත නව නේපාල අගමැති පත්වීම පිළිබඳව පළ කළ කර්තෘ වාක්‍යයේද සඳහන් විය.
ඉන්දියාව අපේක්‍ෂා නොකළ දේශපාලන වෙනස්‌කම් නේපාලයේ සිදුවන නිසා නරේන්ද්‍ර මෝදි නව අගමැතිවරයාට සුබ පැතීමේදී තරමක් කල්පනාකාරී විය. අගමැති මෝදිගේ සුබ පැතුමේ සඳහන් කර තිබුණේ නේපාලයේ සියලු ජන කොටස් එක්‌කරගෙන රට සමෘද්ධියට ගෙනයැමට නව නායකයාට හැකිවේවායි යන්නයි. ඉකුත් ජනවාරි 08 වැනිදා ලංකාවේ සිදුවූ රෙජීම වෙනසින් පසුව අගමැති මෝදි ජනපති සිරිසේන මහතාට මුලින්ම සුබ පැතූ පුද්ගලයාය. නමුත් එවැනි ප්‍රහර්ශයක් ප්‍රසාද් ඩලී නේපාලයේ අගමැතිවරයා වීමෙන් පසුව මෝදිට දැනුණේ නැති බව නම් පැහැදිලිය. එහෙත් චීනය නම් ඉක්‌මනින්ම නව අගමැතිවරයාට සුබ පැතීමට එක්‌වූයේ මේ නව නායකයා තමන්ට වඩා හිතවත් බව හොඳින් දන්නා නිසාය. ජනවාරි 08 වැනිදා මෙන්ම අගෝස්‌තු 17 වැනිදා ශ්‍රී ලංකාවේදී සිදුවූ දේශපාලන වෙනස්‌කම් පිළිබඳව දිල්ලිය බෙහෙවින් සතුටු වූවත් කත්මණ්‌ඩු නුවර දේශපාලන වෙනස්‌කම් තේරුම් ගැනීමට මෝදි අගමැතිගේ අනුශාසකයන්ට කල්ගිය බව පැහැදිලිය. එම නිසාම නේපාලයට යෑවෙන අත්‍යවශ්‍ය සැපයුම් නවත්වා ඒ රට අර්බුදයට ලක්‌කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළ බව රහසක් නොවේ. මේ සියලු සිද්ධි හරහා නේපාල වැසියන් තුළ ඉන්දීය විරෝධයක් ඇතිවීම යහපත් ප්‍රවණතාවක් නොවන බව දේශපාලන විචාරකයෝ පවසති.
වසර 14 ක් සිරගත ජීවිතයක් ගත කළ ඩලී එම දඬුවමින් නිදහස ලැබුවේ 1987 දීය. එවක ඔහු එරෙහි වූයේ නේපාල රාජකීයන්ටය. නමුත් ඩලීගේ පත්වීම ඉන්දියාවට සුබදායක නොවන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතද වාර්තා කර තිබිණි. එම පුවත්පත ප්‍රකාශ කරන්නේ ඉන්දියාව සම්බන්ධයෙන් නේපාල වැසියන් තුළ ඇති විරෝධය ඩලීගේ පත්වීම හරහා තහවුරු වූ බවයි. නේපාලය යනු ඉන්දියාවේ සේවාදායක රාජ්‍යයක් ලෙස නොසැලකිය යුතු බව නව අගමැතිවරයා අවධාරණය කර තිබිණි. ඩලීට පෙර නේපාලයේ අගමැති ලෙස කටයුතු කළ වයෝවෘද්ධ ශුෂිල් කෙයිරාල අගමැතිවරයා නම් ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැත. ඒ සුමට භාවය නිසාම ඔහුට අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන්නට සිදුවිය. ඉදිරියේදී දිල්ලි කත්මණ්‌ඩු ගැටුම දෙස කොළඹ සිට බලා සිටිය හැක.
චතුර පමුණුව
http://www.divaina.com/2015/10/18/forign.html

0 comments:
Post a Comment