Pages

Monday, October 26, 2015

'ෆොරස්‌ට්‌ රොක්‌ ගාර්ඩ්න්' හෝටලයට ජාත්‍යන්තර සම්මාන හයක්‌

ඇමරිකා එක්‌සත් ජනපදයේ World Confederation of Businessආයතනය මගින් පවත්වන ලද Bizz Arabia - 2015 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ (අනුරාධපුර - අන්දරවැව) Forest Rock Garden හෝටලය රටවල් 100 ක ආයතන 3000 ක්‌ පරදා වැඩිම සම්මාන ප්‍රමාණයක්‌ දිනාගෙන ඇත.

ඉහත ආයතනයේ සභාපති ෙ-සුස්‌ මොරාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමාන් රාජ්‍යයේ මස්‌කට්‌ නුවර. අල් බිස්‌තානා මාලිගාවේ රිඩ්ස්‌ කාල්ටන් හෝටලයේදී සම්මාන උළෙල පැවති අතර මෙහිදී අංශ හයක ජයග්‍රහණ වාර්තා කරමින් සම්මාන හයක්‌ දිනාගන්නට 'ෆොරස්‌ට්‌ රොක්‌ ගාර්ඩ්න් හෝටලය සහ එහි නිර්මාතෘ, පාරිසරික වාස්‌තුවේදී බී. චන්ද්‍රසිරි මහතා සමත් විය.

* The Unique Eco and Green Resort - Mr. B. Chandrasiri 
* Excellence in Architecture and Desing - Mr. B. Chandra Siri 
* Excellence in Business Leadership - Mr. B. Chandrasiri 
* World Business Leader - Forest Rock Garden Resort 
* The Most Spectacular Resort 
* World's Best Green and Eco Resort 

යන සම්මාන දිනා ගන්න ලදී. පරිසරය ආරක්‍ෂා කිරීම, විශිෂ්ඨ හරිත පරිසර හිතකාමී සංකල්ප, අසමසම ගෘහ නිර්මාණ ශිල්පය, පාරිභෝගික තෘප්තිමත්භාවය, සන්නිවේදන උපාය මාර්ග, ඉමි ලකුණු, තොරතුරු හා දත්ත සැසඳීම, උසස්‌ තත්ත්වය, නායකත්වය, සැලසුම් හා තීරණ ගැනීම, නිවැරදි මානව සම්පත් කළමනාකරණය, පවත්වාගෙන යන අධ්‍යාපනික හා පුහුණු වීම් වැඩසටහන්, නිෂ්පාදනය හා ප්‍රගතිය, මූල්‍යමය ප්‍රතිඵල, ව්‍යාපාර ප්‍රතිඵල, උසස්‌ ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපාර සන්නාම, තාක්‍ෂණය හා අද්විතීය බව, ප්‍රක්‌ෂේපණ නව්‍යකරණය යන නිර්ණායක සම්මාන ප්‍රදානය සඳහා සලකා බලා ඇත.

මෙම අද්විතීය සම්මානය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ මට්‌ටමකට ගෙන ඒම සඳහා උපකාර වන අතර එය ශ්‍රී ලංකාවට විවේකය ගත කිරීම සඳහා පැමිණෙන සංචාරකයන්ට අග්‍රගණ්‍ය ගමනාන්තයක්‌ ඇති කරන බවද, ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සම්මානනීයත්වයෙන් බැබළවීම සඳහා පිටුවහලක්‌ ද වනු ඇති බවද සම්මාන ලබාගැනීමෙන් පසු චන්ද්‍රසිරි මහතා මාධ්‍යයට පැවසීය.

සම්මාන ප්‍රදාන අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2015/10/26/velanda02.html

0 comments: