Pages

Thursday, December 29, 2016

කිලිනොච්චිය ගින්නට හසුවූ වෙළෙන්දන්ට කිරි.. වන්දිය ලක්ෂ 8යි.. සාලාව කදවුරා පුපුරා හානිවු ගම්මුන්ට කැකිරි.. වන්දිය ලකෂ 1යි..

2016 සැප්තැම්බර් 16 දින කිලිනොච්චිය වෙළෙඳ සංකිර්නයේ ඇති වූ ගින්නෙන් දේපල හානි වූ පුද්ගලයින් 91 දෙනෙකු වෙනුවෙන් වන්දි ගෙවිමට මාස 3 පමණ කාලයකදි රජය කටයුතු කල අතර රුපියල් මිලියන 74ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලදී.

ඊයේ දිනයේ කිලිනොච්චියේ පැවති උත්සවයකදී මෙම වන්දි බෙදා දුන් අතර ඒ සදහා රජයේ අමාත්‍යවරුන් ප්‍රමුඛව උතුරු පලාත් ආණ්ඩුකාරයා සහභාගී වූහ. ඒ අනුව එක පුද්ගලයකු සඳහා සාමානඨයක් ලෙස රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් ලැබී ඇත.

කෙසේ වෙතත් පසුගියදා කොස්ගම ශාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් ජනතාවගේ දේපල විනාශ වී මාස 7 ක් ගතවී ඇතත් රජය ගෙවා ඇත්තේ පූර්ණ හානි නිවාස 178 ක් සහ අර්ධ හානි වූ නිවාස 1136 ක් සඳහා රුපියල් මිලියන 150 කි. ඒ අනුව එක පුද්ගලයකු සඳහා සාමාන්‍යයෙන් රුපියල් එක්ලක්ෂ දහතුන් දහසකි.

ඒත් මෙම මුදල පවා සමහරුන්ට මේ වන තෙක් ගෙවා නොමැති අතර තම නිවාස හා දේපල ගොඩනැගීමට නොහැකිව නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දෙමින් රාජ්‍ය ආයතනයන් පසුපස යමින් තමන්ට හිමි වන්දි මුදල් ලබාගැනීමට උත්සහ දරමින් සිටින බොහෝ පරිසක් අදටත් සිටිති.

Lanka C News

0 comments: