Pages

Friday, January 20, 2017

ඕමන්ත මුරපොළ ඉඩම හමුදාවෙන් නිදහස්‌ කර දිසාපතිට භාර දෙයි!

ඕමන්ත සීමා මුරපොළ අයත්ව තිබූ අක්‌කර දහනවයකින් යුත් භූමි භාගය වසර විසිපහකට පසුව යුද හමුදාව විසින් නිදහස්‌කොට පෙරේදා (17 වැනිදා) වවුනියාව දිසාපතිවරයා වෙත භාරදී තිබේ.

වන්නි ආරක්‌ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතාගෙන් ඉඩම භාරගැනීමෙන් පසුව වවුනියාව දිසාපති රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේ එම ඉඩමට නීත්‍යානුකූලව අයිතිවාසිකම් කියන පිරිස සොයා එම ඉඩම ඔවුන්ට බෙදා දෙන බවයි.

1992 සැප්තැම්බර් මාසයේදී ඕමන්ත ප්‍රදේශයේද විශාල යුද හමුදා කඳවුරක්‌ ඉදිකිරීම නිසා ඉඩම් අයත් පිරිසට එම පළාතෙන් ඉවත්ව යැමට සිදුවිය.

2002 මාර්තු මස 22 වැනිදා නෝර්වේ රජයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා රජය හා එල්. ටී. ටී. ඊ. සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමත් සමඟ ඕමන්ත පළාතේ සීමා මුරපොළක්‌ බිහිවූ අතර එම මුරපොළෙන් උතුරු පළාතට වූ භූමිය එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශය වශයෙනුත්, දකුණු ප්‍රදේශය රජයේ පාලන ප්‍රදේශය ලෙසත් නම් කෙරිණි.

යුද්ධයේ අවසන් කාලවකවානුව වන තෙක්‌ම ඕමන්ත සීමා මුරපොළ ක්‍රියාත්මක විය.

කීර්ති වර්ණකුලසූරිය හා දිනසේන රතුගමගේ
http://www.divaina.com/2017/01/19/news19.html

Pic Source

0 comments: