Pages

Friday, December 25, 2015

ලක්ෂ විස්සක රත්තරන් ගුදයේ ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකය මොහොමඩ් මුස්තාපාට පාස්පෝර්ට් 5ක්

රුපියල් ලක්ෂ විස්සක් වටිනා රත්තරන් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව විදේශ ගමන් බලපත්‍ර පහක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ඊයේ පැවසීය.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් මුස්තාපා නමැති මෙම පුද්ගලයා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු නොවන බවත් ඔහු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්ගේ පෞද්ගලික සහායකයකු බවට එම අමාත්‍යාංශය දැනුම්දුන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

ඊයේ හවස මාධ්‍ය හමුවක් කැදවමින් අබ්දුල් හලීම් ඇමතිවරයා පවසා සිටියේ අදාල පුද්ගලයා තම ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකළ බවත් ඔහු කවුරුන්දැයි නොදන්නා බවත්ය.

සැකකරු විදේශ ගමන් බලපත්‍ර පහක් යොදාගෙන මෙලෙස දීර්ගකාලයක් පුරාවට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර අදාල සැකකරුට රුපියල් ලක්ෂ රේගු දඩ නිමය කළ බවත් ඊයේ පස්වරුව වන තුරුම එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Colombo Today

Pic - Abdul Haleem

Sunday, December 20, 2015

පාරිභෝගිකයන් වෙනුවෙන් පාරට බට බැංකු සේවකයෝ - පහළොස්‌ වැනිදා රට හෙල්ලූ බැංකු වර්ජනය

ඉකුත් 15 දා යහපාලන ආණ්‌ඩුව කුළුඳුලේ ගෙනා අයවැයට විරෝධය පා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දැවැන්ත වැඩ වර්ජනයක්‌ නූලෙන් වැළකී යන්නේ වර්ජකයන් ඉල්ලා සිටි සහන රැසක්‌ අවසාන මොහොතේදී අයවැය සංශෝධනයට එක්‌ කිරීම හේතුවෙනි. එම වැඩ වර්ජනය "දෙන්නං න්‍යායට" පින්සිද්ධ වෙන්න වැළකී ගියද එදින කොටුව දුම්රියපොළ ඉදිරිපිට දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ එක්‌රොක්‌ වෙමින් දැවැන්ත වැඩ වර්ජනයක්‌ දියත් කරන ලද්දේ ඔවුනගේ පාර්ශවය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් කීපයක්‌ සඳහා රජය විසින් සාධනීය විසඳුම් ලබා නොදීම හේතුවෙන් තනිව සටන් කිරීමේ තම හැකියාව රටට පෙන්වමිනි.

ලංකා බැංකු සේවක සංගමය නායකත්වය දෙමින් සිදුකළ මෙම එක්‌දින වැඩ වර්ජනය සඳහා මෙරට පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකු අටක්‌ සහ පෞද්ගලික බැංකු දොළහක්‌ එක්‌ව තිබීම විශේෂ කරුණකි. ඒවා නියෝජනය කරමින් දහස්‌ සංඛ්‍යාත බැංකු සේවක සේවිකාවන් එම වැඩ වර්ජනය සඳහා එක්‌ව තිබුණි. ඒ හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල දෛනික බැංකු කටයුතු අඩාලව ගොස්‌ තිබූ අතර විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපස මාර්ගය ඇතුළු අවට ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක්‌ හටගෙන තිබුණි.

මෙතෙක්‌ කලක්‌ තම වෘත්තීය අයිතීන් දිනාගැනීම මුල්කර ගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජන සංකල්පයෙන් මිදුණු වර්ජකයන් මෙවර වීදි බැස තිබුණේ වෙනත් කරුණු කීපයක්‌ මුල්කර ගනිමින් වීම ඉකුත් 15 දා සිදුකළ වර්ජනයේ දක්‌නට ලැබෙන සුවිශේෂී කරුණකි. එහිදී උස්‌ව හඬ නැංවුණු සටන් පාඨ විරෝධතා පුවරු ආදියෙන් කියවුණේ යහපාලන ආණ්‌ඩුවේ මංගල අයවැය දේශීය බැංකු පද්ධතියේ අවමංගල්‍යය සිදු කිරීමේ කුමන්ත්‍රණයකට අතගසා ඇති බැවින් ඒවා ඉවත් කර ගන්නා ලෙසත් අහිතකර යෝජනා ලෙස සඳහන්ව ඇති දැ සංශෝධනය කරන බවට තහවුරුවක්‌ ලබා දෙන ලෙසත් ඉල්ලමිනි.

2002 වසරේදී මහජන බැංකුව පුද්ගලීකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ දැවැන්ත වැඩවර්ජනයෙන් අනතුරුව වසර 13 කට පසු සිදුකළ 15 දා වර්ජනයෙන් වර්ජකයන් ඉල්ලීම් කීපයකට සාධාරණ විසඳුම් ඉල්ලා සිටි අතර ඉන් ප්‍රධාන තැනක්‌ ගත්තේ 2016 ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලීසිං කටයුතු තහනමට විරෝධය පෑම, රන් උකස්‌ ණය සීමා කිරීමට විරෝධය පෑම, මුදල් ආපසු ගැනීමේදී අය කිරීමට නියමිත බදු මුදල ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම, සුළු පරිමාණ ජංගම ගිණුම් හිමියන් බැංකුවෙන් ඉවත් කිරීමට විරෝධය පෑම, මෙරට ජනතාවට අයිති අතිවිශාල වත්කම් සමුහය වන EPF හා ETF අරමුදල් මහජන ධනභාරය නමින් අරමුදලකට බැර කොට කොටස්‌ වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරිමට එරෙහි වීම, අත්තනෝමතික බදු බරක්‌ ජනතාව මත පැටවීමට යැමේදී බැංකු පද්ධතිය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම, අක්‍රීය ගිණුම්වල ඇති මුදල් භාණ්‌ඩාගාරයට ලබා ගැනීමේ යෝජනාවට එරෙහි වීම, රාජ්‍ය බැංකු ඒකාබද්ධ කිරීම ආදියට එරෙහි වීම ආදී කරුණු වේ.

ඉහත සඳහන් කරුණු සම්බන්ධව රජය සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේනම් රටේ ජනතාව සතු රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියේ ඉදිරි පැවැත්ම දැඩි අවධානමකට ලක්‌වන බව පෙන්වා දුන් වර්ජකයන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තමන් විසින් දියත් කරන ලද 15 දා වර්ජනය රටේ මුළු මහත් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සිදුකළ එකක්‌ මිස දේශපාලන පක්‍ෂ පාට වෙනුවෙන් දියත් කළ විරෝධතාවක්‌ නොවන බවය.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එහි ක්‍රියාකාරිකයෙකු අදහස්‌ දක්‌වමින්.

ආණ්‌ඩුවෙ මංගල අයවැය විසින් යෝජනා කරල තිබෙන නව ආර්ථික සැලසුම් අතරේ රටට අහිතකර යෝජනා රාශියක්‌ අපි දකිනවා. ඒක දේශීය බැංකු පද්ධතියට පමණක්‌ සීමාවූ යෝජනා නෙවෙයි. ඒ තුළින් රටේ කෘෂිකර්මාන්තය, දේශීය ව්‍යාපාර, ධීවර කර්මාන්තය වැවිලි අංශය මේ හැම දෙයක්‌ම අනාගතයේදී අවධානමකට ලක්‌වීමේ පෙරනිමිති පහළවෙලා ඉවරයි.

විශේෂයෙන් අපි මේ විදියට ඉතාමත් සාමකාමී අයුරින් පාරට බැහැලා එක්‌දින වර්ජනයක්‌ තුළින් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේ රටට අහිතකර මේ යෝජනා ඉල්ලා අස්‌කර ගන්න, එහෙම නැත්නම් රටට ගැලපෙන අයුරින් සංශෝධනය කරන්න කියලා රජයට බල කරන්න මිසක්‌ වෙනත් අරමුණක්‌ මුල්කරගෙන නොවෙයි. විශේෂයෙන් මතක්‌ කරන්න ඕන මේක ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත තීරණයක්‌.

අයවැය යෝජනා මගින් රජය අදහස්‌ කරන්නේ විදේශීය ආයෝජන මත විශ්වාසය තියලා රට ගොඩනඟන එකනම් ඒක ආණ්‌ඩුව පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන්. ඒත් ඒ තුළ අපි දකිනව අනාගතයේදී දේශීය බැංකු පද්ධතිය කඩා වැටීමේ අවධානමක්‌. ඒ නිසා අපි සංගමයක්‌ විදියට මෙ රටේ පුරවැසියන් විදියට රජයෙන් ඉල්ලා සිටින්නේ බැංකු පද්ධතියට පවතින්න දෙන්න. ඒවා සම්බන්ධයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්න එපා කියලයි. මෙතැන රාජ්‍ය බැංකු අටක්‌ සහ පෞද්ගලික බැංකු රාශියක්‌ තියෙනවා. පුද්ගලික වේවා රාජ්‍ය වේවා මේ සියලු බැංකුවල අයිතිය පවතින්නේ රටේ මහජනතාව මත. ආණ්‌ඩුවක්‌ කියන්නේ ඒවයෙ භාරකරුවෙකු විතරයි. දේශීය බැංකු පද්ධතියත් සමග සූදු කෙළින්න ආණ්‌ඩුවකට අයිතියක්‌ නෑ. රජයේ අවශ්‍යතාවකට මුදල් ටික දෙන්නෙ, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමිකයාගේ වැටුප ගෙවන්නෙ, වගා ණය සඳහා කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය මුදල් ටික දෙන්නෙ, ප්‍රධාන රාජ්‍ය බැංකු තුනෙන් නම් රට ආර්ථික වශයෙන් අසීරුතාවට පත්වෙද්දී ලෝකයෙන් ණය ආධාර ලබාගන්නේ රාජ්‍ය බැංකු ටික සතු දැවැන්ත වත්කම් පෙන්නල නම් අපි රජයෙන් අහන්නෙ ඇයි මේ වගේ රටට අහිතකර යෝජනා ගෙනැවිත් දේශීය බැංකු පද්ධතිය අවදානමකට ලක්‌කරන්නෙ කියලයි.

මේ වන විට බැංකු මගින් ලබාදී තිබෙන ලීසිං පහසුකම්වල වටිනාකම විතරක්‌ රුපියල් මිලියන අසූ පහක්‌. වෙළෙඳපොළ හුවමාරු වන මුදලින් සියයට හැට පහක්‌ තියෙන්නෙ ලංකා බැංකුව සතුව. දුප්පත් ජනතාව මුද්ද වළල්ල උකස්‌ කරල සහනදායී පොලියක්‌ යටතේ මුදල් ලබාගන්න එන්නෙ බැංකුවට. ඒක ගනුදෙනුවක්‌ පමණක්‌ නොවෙයි සමාජ සත්කාරයක්‌ බව තේරුම්ගත යුතුයි. මේව කප්පාදු කරන්න රජය තීරණය කරන්නෙ බැංකුවල කාර්යක්‍ෂමතාවය වැඩි කරන්න නම් ඒකට විසඳුම වෙන්නෙ ඕනෙ කප්පාදුව නොවෙයි. තාක්‍ෂණික ගැටලු තියෙනවා නම් ඒවාට විසඳුම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක්‌ යෝජනා කිරීම පමණයි රජය කළ යුත්තෙ. මේ කියන අයවැය යෝජනා තුළින් ජනතාව සතු මූලික අවශ්‍යතාවන් පවා යටපත් වෙනවා. ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ ගනුදෙනුකරුවන් බැංකුවෙන් ඉවත් වීම ඉන් පස්‌සේ පුද්ගලික ආයතන හොයාගෙන යන්න සිද්ධ වෙනවා. ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ තව තවත් සක්‌විතිලා බිහිවීම පමණයි. ඒ හින්දා රටේ බැංකු ක්‍ෂේත්‍රය නියෝජනය කරන ප්‍රබලම වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ මේ අහිතකර යෝජනා ඉල්ලා අස්‌කරගන්න, තවදුරටත් බැංකු පද්ධතිය සුරක්‍ෂිත කරල දෙන්න කියලයි.

තම පුද්ගලික අභිලාෂයන් පසෙක තබමින් මුළු රටම නියෝජනය වන අයුරින් දියත් කළ එක්‌දින බැංකු වැඩ වර්ජනය විසින් රජයෙන් ඉල්ලා සිටියේද තවදුරටත් ඉල්ලා සිටින්නේද රටේ බැංකු පද්ධතිය සුරක්‍ෂිත කර දෙන ලෙසය. එය ප්‍රබලව නැඟුණු හඬක්‌ බැවින් ඒ සම්බන්ධව අවධානයක්‌ රජයෙන් යොමු විය යුතුය. මේ සියලු කාරණා හේතුවෙන් පීඩාවට පත්වෙන තවත් පිරිසක්‌ වන්නේ රටේ මහජනතාවය. ජනතාවාදී යහපාලන ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා තීන්දු තීරණ නිවැරදි විය යුත්තේ ජනතාවගේ පැත්තෙන් සිතා බැලීමෙන් අනතුරුවය.

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2015/12/20/feature24.html

Pic Source

සංචාරක වීසා මත පැමිණ පැමිණ පාදඩ වැඩ කිරීම

සංචාරක වීසා මත පැමිණ වැරදි වැඩ කළ විදේශිකයන් 402 ක්‌ අල්ලාගෙන ඇති බව ඊයේ 'දිවයින' වාර්තා කර තිබිණි. මේ කියන පිරිස සංචාරක වීසා ලැබ මෙරටට පැමිණ නීති විරෝධීව රැඳී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කිරීම, විවිධ රැකියාවල හා ව්‍යාපාරවල මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවල යෙදී සිටි අය බව කියති. වීසා කාලය ඉක්‌ම වූ පසුවත් රැඳී සිටි 121 දෙනකු පමණ ද සංචාරක වීසා මත පැමිණ රැකියාවල නිරත ව සිටි 83 දෙනකු ද වීසා වැරදි ලෙස භාවිත කළ 157 ක්‌ද නීති විරෝධීව සංක්‍රමණය කළ 20 ක්‌ද සංචාරක වීසා මගින් පැමිණ ආගමික කටයුතුවල යෙදුණු පස්‌ දෙනකු ද අසත්‍ය තොරතුරු හා ලියවිලි ඉදිරිපත් කළ දෙදෙනෙක්‌ ද ප්‍රතික්‍ෂේප කළ සරණාගත වීසා මත රැඳී සිටි 11 ක්‌ ද ඒ අතර වන බව සඳහන් ය.

අලි මදිවට හරක්‌ කීවා සේ පිටරටින් 400 ක්‌ පමණ හොරෙන් ඇවිත් මේ රටේ වැරදි වැඩවල යෙදෙන්නේ මේ රටේ සමහර පෝරිසාදයන් කරන වැරදි වැඩවලට අමතරවය. ඇත්ත වශයෙන් ම කිවහොත් මෙය සරල කතාවක්‌ හැටියට ගත යුතු එකක්‌ නොවේ. විවිධ රැකියාවල, ව්‍යාපාරවල යෙදෙන්නට මේ රටට පැමිණෙන්නේ එසේ මෙසේ සංචාරකයන් නොව කම්බා හොරුන් බව පසුගිය කාලය පුරාම ලැබුණු ප්‍රවෘත්තිවලින් සනාථ කළ හැකිය.

පසුගිය කාලයේ කල්මුණේ කුඹුරු යායක ගොයම් කපමින් හුන් පිරිසක්‌, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහු පිරිසක්‌ වටලා අත්අඩංගුවට ගත්හ. ඒ 'ගොවි පිරිස්‌ ඉන්දියාවේ සිට සංචාරක වීසා මගින් පැමිණ අම්පාර, මඩකලපුව, කල්මුණේ, හම්බන්තොට වැනි ප්‍රදේශවල කුලියට ගොයම් කැපූ පිරිසක්‌ වුහ.

තවත් වරෙක නයිජීරියානු ජාතිකයන් පිරිසක්‌ කොළඹ තරුපහේ හෝටලයක නතර වී ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක්‌ සමඟ හවුල් ව්‍යාපාරයකට මුල පුරා තිබිණි. නයිජීරියානුවන් ඇද බෑ තඩි බොරුවලට රැවටී රුපියල් මිලියන ගණනක්‌ උන්ට පුදන්නට ද අපේ 'ව්‍යාපාර ඥානය' ඇති ව්‍යාපාරිකයන් පිරිස කටයුතු කර තිබිණි. 'බිස්‌නස්‌වල' තරම ඒ පිරිසට තේරී තිබුණේ සංචාරක වීසා වලින් පැමිණ සිටි නයිජීරියානු කම්බ හොරු රටින් හොරෙන්ම පිටව ගොස්‌ තිබුණු පසුව ය.

අපේ සංචාරක ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය ඔයාකාරය. පිටරටින් පැමිණ අපේ රටේ දුම්රියපොළවල හිඟාකෑම ද සිදුවන්නේ ඒ අනුහසිනි. තායි, රුමේනියා, උස්‌බෙකිස්‌තාන්, රුසියානු පමණක්‌ නොව අපේ රටට ආධාර දෙන චීනයේ සිට පැමිණි ගණිකාවන් ද හවස්‌ වරුවේ කොළඹ රවුමක්‌ ගසන විට එළිපිටම දැක ගන්නට හැකි ය.

2013 මාර්තු මාසයේ මීගමුවේ පිහිටි එක්‌තරා නිවසක්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබිණි. ඉතා විශාල මුදලක්‌ ගෙවා මුසල්මානුවන් පිරිසක්‌ එම නිවස බදුගෙන තිබිණි. පැදුරු කඩමාලුවල නිදා ගන්නා වේලක්‌ හැර වේලක්‌ කා ජීවත්වන ඒ පිරිස අත්අඩංගුවට ගත් පසුව හෙළි වී තිබුණේ ඔවුන් පැමිණ තිබුණේ පාකිස්‌තානයේ සිට බව ය. ඔවුහු අහමදියා නම් ඉස්‌ලාම් නිකායක සාමාජිකයන් වූහ. පැමිණ තිබුණේ සංචාරක වීසා මගිනි. මේ ඊයේ පෙරේදා ලැබුණු ආරංචි මාර්ගවල හැටියට විල්පත්තුව (අනවසර පදිංචි කිරීම්වල) සහ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි කළ සමහර පවුල්වල උදවිය කතා කරන භාෂාව කිසිවෙකුටත් නො තේරෙන එකකි. මුස්‌ලිම් හෝ දෙමළ ජනයා පවා එම භාෂාව නොදන්නා බව වාර්තා වේ.

ගණන් හිලව් ඇතුවම කිව හැකි සංචාරක වීසා මගින් පැමිණෙන උදවිය සම්බන්ධයෙන් මීටත් වඩා විමසිලිමත් විය යුතු කාලය එළැඹ ඇති බව මේ සියලු සිදුවීම් මගින් පැහැදිලි වේ. ලෝකයේ පිළිගත් සම්මතය අනුව නීත්‍යනුකූලව ඕනෑම රටකට පිවිසීම හා පිටවීම සඳහා ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය කෙරෙහි අපි ගරු කරමු. එහි විවාදයක්‌ නැත. ප්‍රශ්නය වන්නේ එසේ පැමිණෙන ඕනෑම සුදු හම ඇති අයෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කාර ලෝක හොරෙකුට 'ටුවරිස්‌ට්‌' වීසා රැගෙන ඕනෑම පිස්‌සුවක්‌ නටා නැවත යැමට හැකි වන පරිදි 'ක්‍රමය' සැකසී තිබීම ය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක්‌ කර ආගමන විගමන නිලධාරින්ගේ අතටම අසු වූ පසු රටින් පිටුවහල් කරන විට 'රටට' වෙන්න ඕන හරිය සිදු වී අවසන් බව පමණක්‌ අපි අවසන් වශයෙන් සිහිපත් කරමු.

http://www.divaina.com/2015/12/19/editor.html

Pic Source

සිංහ-ලේ ගැන වදවෙන ඇත්තන්ට

අපේ උරුමය ඩෝසර් වනවිට ශ්‍රි ලාංකික ලේ ඇත්තෝ කොහේ විසුවෝද...?

මරණීය සටන් වැදීම" යන්න අරුත් ගැන්වෙන "ජිහාඩ්" අන්තවාදය සමග අල්කයිඩා හොල්මන් මේ ඔස්‌සේ ශ්‍රී ලංකාව තුළට වැදෙමින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රීයව අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් ගිල ගනිමින් සිටින්නේ යෑයිද පසුගිය කාලයේ අපි කීවෙමු.

එහිදී මාලිගාවත්තේ මුස්‌ලිම් පාතාලය මේ බිම තුළ ඉස්‌ලාම් අන්තවාදය නිධන්ගත කිරීම අරබයා ප්‍රධාන භූමිකාවක නිරත වන බවද වාර්තා වෙමින් තිබිණ. මේ සියල්ල හමුවේ සිදු වෙමින් තිබුණේ කුමක්‌ද?

පූජක වෙසින් රටට වැදුණු මූලධර්මවාදීන් ඉස්‌ලාම් අන්තවාදය මේ බිම තුළ පතුරවද්දී අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ප්‍රජාව ආගමික වශයෙන් කොටස්‌ දෙකකට බෙදී ගියේය. ඒ මුස්‌ලිම් අන්තවාදය හා ශ්‍රී ලාංකීය මුස්‌ලිම්වරුන් අතීතයේ සිට පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ඉස්‌ලාම් දහම තුළ සිරවෙමිනි.


මේ ගැටුම වෙලාවේ වත්තල, තිහාරිය වගේ දුර පළාත්වල මුස්‌ලිම් අයත් ඇවිල්ලා ග්‍රෑන්ඩ්පාස්‌ ගම වට කළා. ඔවුන්ගේ අතේ කඩු පොලු විතරක්‌ නෙමේ පිස්‌තෝල පවා තිබුණා. එත් පොලිසිය කළේ නිකම් බලාගෙන ඉන්න එක. 

එහෙම ආපු මුස්‌ලිම් කණ්‌ඩායම් අතරේ මුහුණු වහගෙන එකම ජාතියේ කඩු අත්වල තියාගෙන හිටපු පන්සියයක විතර පිරිසක්‌ හිටියා. මේ හැම දෙයක්‌ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. ඒත් පොලිසිය කළේ දැක්‌කේ නැහැ වගේ ඉන්න එක. 


ශ්‍රි ලාංකික ලේ ඇත්තෝ කොහෙද හිටියෙ මුහුදු මහා විහාරෙ ඩෝසර් කරනකොටා? කුරගල මඟුල් අටවන කොට? දඹුල්ලෙ පංසලේ මස්ජිඩ අටවනකොට? සාගල සෑය ඩෝසර් කරනකොට? කොළඹ ඉඳල සුරංගනා කථා කියන්නැතුව හිටපල්ල සොයුරනේ. නැත්නම් උඹලත් සිංහල මොහොමඩ්ල ගානට වැටෙන්න එපා... කියවපල්ල මේ ලිපි පෙළ...

[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

ලක්‌ බුදු දහමේ මහ ගෙදර හෙවත් සාංචිය

බුදුදහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව, සංවරකම එදා ලක්‌දිව පුරා නොතිබුන යුගයක උතුම් බුදු දහම අප ලක්‌දිවට දායාද කිරීමට මූලික වූයේ භාරත දේශයේ අති දුෂ්කර පුංචි නගරයකි. භාරත දේශයේ පුංචි කඳු ගැටයක්‌ මැදිකර ගත් මෙම ප්‍රදේශය අද වන විට වැඩිම බෞද්ධ ජනතාවක්‌ ජීවත්වන පිං බිමකි. කෙටියෙන් කිවහොත් මෙය ලක්‌ බුදු දහමේ මහ ගෙදරයි. ලොව පුරා සැදැහැවත් බෞද්ධයන් ලක්‍ෂ ගණනින් මෙම පුණ්‍ය භූමිය වැඳ පුදා ගැනීමට පැමිණෙන අතර අද එම පිං බිම සුප්‍රසිද්ධව පවතින්නේ සාංචිය නමිනි.

භාරත දේශයේ මධ්‍ය ප්‍රදේශයේ මෙම සාංචි පුදබිම පිහිටා ඇති අතර, එහි අග නගරය බෝපාල් ය.

මීටර් 91 ක්‌ පමණ උසකින් යුක්‌ත වූ කඳු මුදුනේ ඉතා ආරක්‍ෂා සහිතව මෙම බෞද්ධ නටබුන් පිහිටා ඇත. බුද්ධ චරිතය සාංචියට කෙළින්ම සම්බන්ධ නොවන අතර සාංචිය ගැන දැන ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ මහා වංශයේ හා දීප වංශයේ ය.

මෙම සාංචි කදු මුදුනේ ඇති වෙහෙර විහාර අශෝක රජ සමයේදී ඉදිකරන්න ඇතැයි විශ්වාස කෙරේ. ඉතා නිස්‌කලංක මනරම් කඳු ගැටයක්‌ මෙන්ම භාවනා කිරීමට සුදුසු ස්‌ථානයක්‌ වූ නිසා මෙම ස්‌ථානයට අශෝක රජුගේ සිත යන්නට ඇතැයි පැවසේ. ධන ධාන්‍යයෙන් පරිපූර්ණ නගරයක්‌ වූ වීදිසා නගරයත් ඒ අසලින් ගලා බසිනා බෙත්වා සහ බෙස්‌ නම් ගංගා දෙකත් මෙම භූමිය තෝරා ගැනීමට හේතු විය. මගධයේ අගනුවර වූ පැලලුප් නුවර සිට අවන්තියේ අගනුවර වූ උඡ්ඡේන් හෙවත් උදේනි නුවර දක්‌වා යන වැදගත් වෙළෙඳ මාර්ගයක්‌ මෙහි තිබී ඇත.

පාඨලී පුත්‍රයේ සිට යුව රාජයකු ලෙස අවන්තියට පැමිණි අශෝකට වීදිසා නුවරදී ලැබුණු වටිනාම වස්‌තුව වූයේ වීදිසා දේවියයි. අශෝක විසින් එම දේවිය විවාහ කර ගත් අතර ඔහුට දාව දේවියට ලැබුණු දරුවන් දෙදෙනා වූයේ මහින්ද සහ සංඝමිත්තායි. කුමරුට අවුරුදු 14 ලබද්දී දරු දෙදෙනා සමඟ අශෝක පාඨලියට ගොස්‌ රජකම ලබා ගනී. යුද්ධයෙහි දක්‍ෂයකු වූ අශෝක රජු ඔහුගේ බලය පැතිරවීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ යුද වදී. නමුත් පසු කලකදී ඒ සියලු යුද ක්‍රියා අතහැර ධර්මිෂ්ට රජකු වූ අශෝක බුදු දහම වැළඳගෙන තම දරු දෙදෙනාද සසුනට පූජා කරයි. එකල ධර්මයෙහි දුර්මත වූ හෙයින් ධර්මය පිරිසිදු කිරීම සඳහා සංගායනාවක්‌ අවශ්‍ය බව දැන්වූ භික්‍ෂුන් වහන්සේ අශෝක රජුගේ අනුග්‍රහයෙන් දහසක්‌ රහතුන් එකතුව 3 වැනි ධර්ම සංගායනාව පවත්වන ලදී.

අසල්වැසි රටවලට ද ධර්මය ලබා දීමේ අදහසින් රටවල් 9 කට ධර්මය ප්‍රචාරය කළ අතර මොග්ගලිපුත්ත තිස්‌ස තෙරුන්ගේ හා අශෝක රජුගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව සඳහා ධර්ම ප්‍රචාරය කිරීම මිහිඳු හිමියන්ට භාරවිය. ලක්‌දිවට වඩින්නට පෙර කුඩා කාලය ගත කළ වේදීස නුවරට වැඩම කොට මෑණියන් විසින් කරවන ලද චේතියගිරි වෙහෙරේ උන්වහන්සේ වැඩ සිටියහ.

එකල ලක්‌දිව මිනිසුන් භාවිතා කළ භාෂාව ද උන්වහන්සේ මෙහිදී හදාරා ඇති අතර ලක්‌දිව වඩින්නට සුදුසු කාලය එනතෙක්‌ චේතියගිරියෙහි වැඩ සිට ඇත. පසුව සුදුසු කාලය පැමිණි පසු මිහිඳු හිමියන් හා දූත පිරිස පොසොන් පොහොය දිනයක මිහින්තලා කඳු මුදුනට වැඩම කර බුදු දහම අපට දායාද කළහ. එපමණක්‌ නොව ඊට මාස කිහිපයකට පසු සංඝමිත්තා තෙරණිය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළහ. අපට සාංචිය වැදගත් වන්නේ එබැවිනි.

40 වසරක රාජ්‍ය පාලන කාලයකින් පසු ක්‍රි. පූ. 232 දී අශෝක රජු අභාවයට පත්වන අතර අනතුරුව එම වෙහෙර විහාරද විනාශයට පත්විය. අවසන් හුස්‌ම හෙළන අවස්‌ථාවේ අශෝක රජු සතු එක ම වස්‌තුව වූයේ බෙහෙතට ගෙනා නෙල්ලි ගෙඩියක්‌ පමණි. අවසන් මොහොතේදී ඔහු එය ගෙන මහා සංඝයා වහන්සේලාට පූජා කර ඇති අතර එය සිහිවීම පිණිස එදා සාංචි විහාරගෙයි මුදුනේ කළුගලින් නෙල්ලි ගෙඩියක්‌ සාදවා ඇත. එය වර්තමානයේ ගරා වැටීම නිසා විහාරය පසෙක තැන්පත් කර ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට අශෝක රජු විසින් ගොඩනඟා ඇති සාංචි මහා ස්‌ථූපය අති විශිෂ්ට නිර්මාණයකි. එය ස්‌ථූප කලාවේ ආරම්භක යුගය ලෙස සැලකිය හැකි අතර බුබ්බුලාකාර හැඩයක්‌ ගනී. විශ්කම්භය අඩි 120 කි. උස අඩි 54 කි. ස්‌ථූපය වටා විශාල ගරාදි වැටක්‌ හා සතර දිශාවට මුහුණලා විශාල තොරණ සතරක්‌ ද ඉදිකොට ඇත. ස්‌ථූපයේ ඉහළට ගිය විට ධාතු ගර්භයට ආසන්නව ප්‍රදක්‍ෂිණා කළ හැකි ප්‍රදක්‍ෂිණා පථයකි.

අද අප දකින ස්‌ථූපවල මෙන් සාංචි ස්‌ථූපයේ පේසා වළලු නැත. එහි මුදුනේ ඇත්තේ සතරැස්‌ කොටුවක්‌ හා මධ්‍යයේ කණුවක්‌ මත ගොඩැනැඟුණු වක්‍ර තුනකි. මෙම වක්‍ර තුනෙන් ත්‍රිවිධ රත්නය සංකේතවත් කරයි.

අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති චේතියගිරි විහාරයට සාංචි පුරාණ ගල්පඩි පාරෙන් හෝ සිමෙන්ති යොදා සකස්‌ කර ඇති මාවතෙන් පිවිසිය හැකිය. චේතියගිරි විහාරය බෝපාල් මහාරාජාගේ අනුග්‍රහය නිසා ම ගොඩනැඟීමට හැකි විය. ශ්‍රී ලංකා මහාබෝධි සමාගම රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ වියදම් කොට නිමවා තිබෙන මෙම විහාරයට බෝපාල් මහාරාජා ඉඩම පරිත්‍යාග කර ඇත. තවද ඔහුගේ රජය මගින් රුපියල් 25,000 ක්‌ ද පරිත්‍යාග කර ඇත. විහාරයට මුල්ගල් තැබීම ද ඔහු අතින් සිදුවිය.

අනතුරුව ජනරාල් ඇලෙක්‌සැන්ඩර් කනින්හම් තුමා විසින් එංගලන්තයට රැගෙන ගිය සැරියුත් මුගලන් ධාතුන් වහන්සේ නැවත සාංචියට වැඩම කොට 1952 දී ඉන්දියාවේ පළමු අගමැති වු ජවහර්ලාල් නේරුතුමන් විසින් එහි ධාතුන් වහන්සේ තැන්පත් කිරීම හා විහාරය විවෘත කිරීම සිදු කොට ඇත. සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා කොටස්‌ තුනකට බෙදා ඇති අතර ඉන් කොටස්‌ දෙකක්‌ ශ්‍රී ලංකාවට හා බුරුම රටට බෙදා දී ඇත. අනෙක්‌ කොටස චේතියගිරි විහාරයෙහි තැන්පත් කොට ඇත.

සෑම වර්ෂයකම නොවැම්බර් මස අවසාන ඉරිදා පෙරවරු 7.00 සිට පස්‌වරු 7.00 දක්‌වා ෙච්තියගිරි විහාරයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරේ.

මෙම පිංකම වාර්තා කිරීමට ශ්‍රී ලංකාවෙන් ගිය අප මාධ්‍ය කණ්‌ඩායමට මෙලොව අතලොස්‌සකට පමණක්‌ හිමිවන එම උතුම් පිංකමට සහභාගි වී අත්දැකීම් රැසක්‌ ලබා ගැනීමට අවස්‌ථාව උදාවූහ.

පසුගිය නොවැම්බර් 29 වැනිදා ජනශූන්‍ය භූමියක්‌ව පැවැති සාංචි පුද බිම එකම හිස්‌ ගොඩක්‌ බවට පත්විය. විදෙස්‌ රටවල දහස්‌ ගණනක බැතිමත්හු මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණියහ. එම දින දෙක තුළ විශාල වේදිකාවක්‌ මත සංස්‌කෘතික සංදර්ශන, නාට්‍ය, හිටිවන කවි, බැති ගී ආදියෙන් ජනතාව පිනවිය. එපමණක්‌ නොව හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස නාහිමි මාවත දෙපස දන්සල්වලින් පිරී ගියේය. ධාතු ප්‍රදර්ශනයට අමතරව මෙය ඔවුන්ට සැණිකෙළියක්‌ විය. දහස්‌ ගණනක්‌ වෙළෙන්දන්ට පාරාදීසයක්‌ විය. පොළොව යට විශේෂ ආරක්‍ෂිත ගර්භයක තැන්පත් කළ ධාතුන් වහන්සේ පිටතට වැඩම කරවීමට එතුළට යැමට අවස්‌ථාව උදා වන්නේ අතලොස්‌සකට පමණි. මාධ්‍යවේදීන් හැටියට අපට ද ඊට දායක වීමට පින පෑදුනේය. විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක්‌ ඇත. එනම් එරට මාවතක්‌ පවා නම් කළ පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස නාහිමියන්ගේ උදාර සේවයෙන් පසුව මෙම කටයුතු පසුපස දැවැන්ත හස්‌තයක්‌ සේ ක්‍රියා කරන මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමියන් ප්‍රමුඛ එහි වැඩවසන හිමිවරුන්ගේ කාර්යභාරය මෙහිදී පැසසිය යුතුය. 

ඉන්දියාවෙන් අපට ගත හැකි ආදර්ශයන් බොහෝය. අපි සාංචිය පමණක්‌ නොව වීදිසා ද, බෝපාල් ප්‍රදේශවල ද අස්‌සක්‌ මුල්ලක්‌ නෑර සැරිසැරුවෙමු. කිසිදු තැනක මුඩුබිමක්‌ නොමැත. අක්‌කර දහස්‌ ගණනක්‌ වගා කර ඇත.

ඒවාට රජයෙන් සහනාධාර අවශ්‍ය තරම් සපයයි. විශේෂයෙන් ම වී අස්‌වැන්න කලට වේලාවට මිලදී ගනී. එම ගොවීහු වී විකුණා ගන්න බැරිව මහ පාරේ උද්ඝෝෂණය නොකරති. සිය ගබඩා පිරී ඇත්නම් රජය කරන්නේ පෞද්ගලික අංශයේ ගබඩාවලට ඒවා දමා රජයේ ගබඩා හිස්‌ වූ වහාම නැවත ඒවා ලබා ගැනීමයි.

අප බුලත් විටක්‌ මිලදී ගන්න ගිය විට ඊට එහි ටින්වල දමා තිබූ කළමනා කිහිපයක්‌ බුලත් කොලයට දමා ටින් දෙකක්‌ ගෙන එහි අලවා තිබූ අවවාදාත්මක ලේබලයක්‌ එම තරුණයා අපට පෙන්වීය. එහි තිබුණේ එහි අඩංගු දැ පිළිකා ඇති කරවන බවයි. අප දන්නා තරමින් එහි තිබුණේ හුණු හා දුම්කොළ ය. පාරිභෝගිකයාගේ ඇස්‌ වසා වස විස කවන සමාජයක එම තරුණයා ලොවටම ආදර්ශයකි. තවත් කරුණක්‌ නම් ඉන්දීය ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමකින් නිෂ්පාදනය කරන කේක්‌ වර්ගයක්‌ අප මිලදී ගත් අතර එම පැකැට්‌ටුවේ සඳහන්ව තිබුණේ ඇතැමුන්ට ඒවා ආහාරයට ගැනීමේදී අසාත්මිකතා (ඇලජික්‌) ඇති වීමට ඉඩ ඇති බවයි.


අපට මෙම සංචාරයේදී සුහද මිත්‍රශීලී අවංක මිනිසුන් මුණ ගැසුනේය. එපමණක්‌ නොව භාණ්‌ඩයක්‌ මිලදී ගන්නට ගිය විට එය ඇඟේම ගසන්නට ඔවුන් කිසි විටෙකත් උත්සාහ නොගැනීම ගැන අපි පුදුම වුනෙමු. ඇතැම් වෙළෙඳසැල්වලින් බඩු අත ගා බලමින් ඒවා මිලදී නොගෙන ඔවුන්ගේ කාලය කා දැමීම ගැන ඔවුන් ගෙරෙව්වේ නැත. ඇඟට කඩාපැන්නේ නැත. සිහින් සිනාවක්‌ පෑවා පමණි. කූට ව්‍යාපාරිකයන් එකෙක්‌ දෙන්නෙක්‌ සිටින්නට ඇත. නමුත් අප ශ්‍රී ලාංකික බව දැනගත් බොහෝ දෙනා අප හා සුහදශීලී වූහ. මේ කෙටි සටහන එම නිහතමානී මිනිසුන් වෙනුවෙනි.

තවද සාංචි ප්‍රදේශයේ පාරවල් දහස්‌ ගණනක්‌ ජනතාවගෙන් පිරී යද්දී අපිද තෙරපෙමින් කි. මී. 7 - 8 පයින් ඇවිද ගියෙමු. තෙරපෙන මිනිසුන් අතර තරුණ තරුණියන් ද සිටියහ. කිසිදු තරුණයකු කිසිදු විටෙක තරුණියකට නම් උසුලු විසුලු කළේ නැත. අපේ රටේ සංගීත සංදර්ශනයකදී මෙන් අඟපසඟ අත ගාන්න ගොස්‌ මිනී මරා ගත්තේ නැත. ඔවුන් මාර්ගයේ නීති රීති කඩමින් වාහන ධාවනය කළ ද සිදුවන සුළු රිය අනතුරුවලදී නොහික්‌මුනු වදන් කියමින් ගහමරා ගන්නට ගියේ නැත. මේවා අපට වටිනා ආදර්ශයන්ය.

අවසන් වශයෙන් මෙම සංචාරයේදී අපට සහාය දැක්‌වූ පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමියන්ට ද, බානගල විමලතිස්‌ස හිමියන්ටද, නුගගොල්ලේ චන්දරතන හිමියන්ටද, උඩුගම තපස්‌සි හිමියන්ට ද, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් අතාවුදහෙට්‌ටි මහතාට ද මාධ්‍යවේදීන් සඳහා අනුග්‍රහය දැක්‌වූ පීපල්ස්‌ ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්‌ සමාගමටත් විශේෂ ස්‌තුතිය පිරිනමමු.

සුරංග පෙරේරා ඉන්දියාවේ සංචාරයකින් පසු
http://www.divaina.com/2015/12/20/feature09.html

හිරගෙදරදී මාව දැකලා හඬාවැටුණු තාත්තට කලන්තේ හැදුණා. ජීවිත අත ඇරලා රට රැක්‌ක අපි දැන් හිරගෙදර!

සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ශම්මි සහ 
ලුතිනන් කර්නල් ප්‍රබෝදය කී කතාව

* හිරගෙදරදී මාව දැකලා හඬාවැටුණු තාත්තට කලන්තේ හැදුණා
* දරුවෝ හිතන්නේ අපි ඉස්‌පිරිතාලේ ඉන්නේ කියලා

මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් පුරවා ගත් ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් බස්‌ රථයක්‌ බුත්තල - මොණරාගල මාර්ගය ඔස්‌සේ හෙලගම ප්‍රදේශයට ළඟා වෙමින් තිබිණි. දිනය ඉකුත් 2008 වසරේ ජනවාරි මස 16 වැනි බදාදා විය. 

මේ දිනය වන විට මිනීමරු ප්‍රභාකරන්ගෙන් රටත් ජනතාවත් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම මාවිල්ආරුවෙන් ආරම්භ කළා වූ වීරෝදාර රණවිරුවන් සිටියේ නැගෙනහිර විජයග්‍රහණය කර වන්නි අවසන් සටනට අවතීර්ණවය.

නමුත් මොහොතින් මොහොත අපේ හමුදාවන් එසේ සතුරු බල බිඳිමින් ඉදිරියට ඇදෙමින් සිටියද එදා බුත්තල සිට මොණරාගල දෙසට යන්නට පැමිණි මගීන් පුරවා ගත් ඒ බස්‌ රථයට හෙලගම පසුකර ඉදිරියට යන්නට ඉඩක්‌ නොලැබිණි. 

එක්‌වරම ප්‍රදේශය දෙවනත් කරමින් පුපුරා ගිය ක්‌ලේමෝ බෝම්බයකින් බස්‌ රථය තැලී පොඩිවී යද්දී එහි සිටි මිනිස්‌සු මරහඬ දෙන්නට වූහ. බෝම්බයට සෘජුවම ගොදුරුවූ ඇතැම්හු සිරුරේ කෑලී කැඩී වැටෙද්දී මොහොතකින් මරු වැළඳ ගත්හ.

ඒ අතරේ තවත් දෙයක්‌ද සිදු විය. ඒ බස්‌ රථයට බෝම්බ ප්‍රහාරය එල්ලවනවාත් සමගම පසෙක වූ කැලයෙන් මතුවූ අවි ගත් කණ්‌ඩායමක්‌ ජීවිත බේරාගෙන බසයෙන් පිටතට එන්නට වූ මිනිසුන්ට ටී 56 ගිනි අවි අමෝරා වෙඩි පිට වෙඩි තැබීමය.

අවසානයේ එදා මේ කතාව නිමාවූයේ මුළු රටම ශෝක වෙද්දී බස්‌ රථයේ පැමිණි අසරණ මිනිසුන් විසිඅට දෙනකුට ජීවිත අහිමි වෙමින් තවත් 49 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙනි. ඒ අතරේ වයස මාසයක්‌ වූ සිඟත්තකු සමග හයහතර නොදත් දරුවෝ නව දෙනක්‌ද වූහ.

එදා මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ කවරෙක්‌ද යන්න දිනෙන් දිනම අභිරහසක්‌ වෙමින් තිබිණ. ජනතාව අතරද භීතිය මුසු කැලඹීමක්‌ නිර්මාණය වන්නට විය. නාඳුනන අවිගත් කල්ලියක්‌ සිදු කරනු ලැබූ මිනිස්‌ ඝාතන කිහිපයක්‌ද ඒ දිනවල එම ප්‍රදේශවලින් වාර්තා විය. එනිසාම මිනිසුන්ට පමණක්‌ නොව ආරක්‍ෂක හමුදාවන්ට සහ රජයටද එය ගැටලුවක්‌ වූවේය.

අවසානයේ මෙහි සුලමුල සොයා ගැනීම සඳහා එවකට ආරක්‍ෂක බලධාරින් එක්‌වී වැදගත් තීන්දුවක්‌ ගනු ලැබීය. එකී තීන්දුව වූයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සුවිශේෂී චරිත දෙකක්‌ ඇතුළු බුද්ධි නිලධාරින් පිරිසකට යාල, බුත්තල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දකුණේ මිනිසුන්ට එල්ල වන භිහිසුණු ප්‍රහාරයන්හි අභිරහස සෙවීමේ වගකීම පැවරීමය.

කෙටියෙන් කිවහොත් මෙහිදී සිදු වූයේ අපි වෙනුවෙන් මරු කටට ගොස්‌ යකා සොයන්නට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට නියෝග කිරීමය. ඉතින් ඔවුහු ඒ වගකීම භාර ගත්හ. එහිදී එකී වගකීමට උර දුන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සුවිශේෂී චරිත දෙක වූයේ කවුරුන්ද?

මම යුද සමයේ "දිවයින" වෙනුවෙන් යුද බිමේ ඇවිද ගියෙමි. ඔවුන් දැන හඳුනා ගත්තෙමි. එහෙත් කිසිදු දිනෙක ඔවුන් කවුරුන්දැයි ලෝකයට අනාවරණය කිරීමට සිදු වෙතැයි මම කිසිදා නොසිතුවෙමි. කාලය විසින් මවන්නා වූ අරුමයන් පුදුමාකාරය. මට දැන් අකමැත්තෙන් වුව එසේ කරන්නට සිදුව ඇත. ඒ එදා අපි වෙනුවෙන් පෙනී සිටි ඔවුන් ජීවිත පරදුවට තබා කළ මෙහෙවර අමතක කළ නොහැකි නිසාය.

විටෙක කාලය මවන වෙනස හරි චමත්කාරය. තවත් විටෙක ඒ වෙනස දුටු කල"චී" කියා සිතෙන්නේය. අප දැන් සිටිනුයේ එසේ නොදැනීම "චී" යෑයි කියෑවෙන පරිච්ඡේදයක ය. ඉතින් කුමක්‌ කරන්නද? එදා එසේ දකුණේ ජනතාවට මරබිය ගෙන දුන් යකා සෙවීමේ වගකීමට උර දුන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ එකී සුවිශේෂී චරිත දෙක වූයේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝදය සිරිවර්ධනය.

ඔවුන් ඒ වගකීම භාරගෙන ගෙවී ගියේ කෙටි කලකි. අවසානයේ යාල කැලයේ සැඟවී දකුණේ ජනතාව මරා දමමින්, එල්ටීටීඊයේ බුද්ධි ප්‍රධානින් දෙදෙනකු වූ රාමන් සහ තවේන්ද්‍රන් යටතේ ක්‍රියාත්මක වූ කොටි රැලක්‌ වනසන්නට ශම්මි සහ ප්‍රබෝධය ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ වීරයෝ සමත් වූහ.

ඉකුත් යුද සමයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ද අන්ද මන්ද කළ එල්ටීටීඊ ටොෂී බුද්ධි අංශයට සමාන ව්‍යාජ බුද්ධි අංශය නිර්මාණය කෙරුණා වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ "ඔපරේෂන් ඩබල් ඒඡ්"හි ආරම්භය ලෙසද මෙකී යාල කැලයේ කොටි වැනසූ හමුදා මෙහෙයුම පෙන්වා දිය හැකිය.


එහෙත් එදා එසේ අපි වෙනුවෙන් පෙනී සිට අපිට අභය දානය දෙන්නට කොටි ත්‍රස්‌තයන් හඹා යමින් ජීවිත පරදුවට තබා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට නායකත්වය දුන් ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නගේ සහ ප්‍රබෝදය සිරිවර්ධනගේ ඉරණම අද කෙසේ වී තිබේද?

මේ මොහොතේ වෙබ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තවත් බුද්ධි නිලධාරින් තිදෙනකු සමග වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට සිරවී අසරණයන් සේ ඒ වීරයෝ දිවි ගෙවන්නාහ.


ප්‍රගීත් එක්‌නැලිගොඩ පිළිබඳ මෙහිදී අපි කිසිත් කතා නොකරන්නෙමු. ඒ එය මේ වන විට අධිකරණයේ කටයුත්තක්‌ බවට පත්ව ඇති බැවිනි. නමුත් මෙම සිද්ධිය හමුවේ නුදුරේදීම ඇතැමුන්ගේ රෙදි පමණක්‌ නොව රෙද්දට යටින් ඇති ඒවාද ගැලවී යන බවනම් කිව යුතුමය.

එක්‌නැලිගොඩ ඝාතන චෝදනා යටතේ ශම්මි සහ ප්‍රබෝධය ඇතුළු බුද්ධි නිලධාරින් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දිනයේ පටන්ම ඔවුන්ගේ කතාව ඔවුන්ගේ මුවින්ම රටට කියන්නට අපි දැඩි වෙහෙසක්‌ ගත්තෙමු. අවසානයේ උත්සාහය ජයගන්නට අපට හැකි විය. එය සිදු වූයේ විටින් විට ඔවුන් අධිකරණය වෙත රැගෙන එන අවස්‌ථාවන්හිදීය. ඒ පිළිබඳ ඉන් එහා කිසිත් කිව නොහැකිය.

ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ප්‍රබෝදය සිරිවර්ධන මුලින්ම යුද හමුදාවට එක්‌ව ඇත්තේ දියතලාව පුහුණු පාසලින් බිහිවූ කැඩෙට්‌ නිලධාරින් දෙදෙනකු ලෙසිනි. දැඩි උත්සාහයකින් පසුව ඔවුන් හමුවූ එක්‌ අවස්‌ථාවක මම මොහොතක්‌ ඒ වීරයන්ගේ මුහුණු දෙස බලා සිටියෙමි.

ජීවිත ආශාව අතහැර සතුරු අඩවියට රිංගා ගොස්‌ සතුරාට එරෙහිව වචන කළ නොහැකි තරමේ බිහිසුණු බුද්ධි මෙහෙයුම් සිදු කළ ඒ දෙනෙත්වල තිබූ තියුණු බව අද ගිලිහී ගොසිනි. ඒ වෙනුවට ශේෂ වී ඇත්තේ අපේක්‍ෂා භංගත්වයට පත්වූ අසරණකමකි.

" ඔව් අපි දෙන්නම හමුදාවට ආවේ දියතලාව පුහුණු පාසලෙන්.. ඒ 1990 සහ 92 වර්ෂවලදී. පුහුණුවෙන් පස්‌සේ ශම්මි මුලින්ම රාජකාරි කළේ යුද හමුදා ස්‌වේච්ඡා බළසේනාවේ පුරෝගාමී බළකායේ. මාව දියතලාව බුද්ධි බළකායේ රාජකාරිවලට යොදවලා 1995 බුද්ධි ඒකකයට අනුයුක්‌ත කළා.. ශම්මි බුද්ධි බළකායට ආවේ 1998 දී.."

මා ඔවුන් දෙස බලා සිටියදී දිගු සුසුමක්‌ හෙළමින් හදවතේ බර සැහැල්ලු කරගත් ප්‍රබෝදය මුලින්ම හඬ අවදි කරන්නට වූයේ එසේය. ඒ සමගම ශම්මිද බිඳුණු හඬකින් මා සමඟ කතා කරන්නට විය.

"හමුදාවට බැඳුනට පස්‌සේ මම කාලයක්‌ මාදුරුඔය පුහුණු පාසලේ උපදේශක වශයෙන් කටයුතු කළා. 1992 දී පලාලි කෑම්ප් එකේ ගමන් පාලක නිලධාරියා ලෙසත් රාජකාරි කළා. මේ අතරේ තමයි 1998 මාව බුද්ධි බළකායට අනුයුක්‌ත කළේ.. 2002 මිලේනියම් සිටි පාවා දීම නිසා එල්ටිටීඊ එකෙන් ඝාතනය කරපු කර්නල් මුතාලිෆ් යටතේයි මම මුලින්ම බුද්ධි රාජකාරියට ආවේ.

"එදා මුලින්ම මට පැවරුණේ කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ එල්ටීටීඊයේ ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා බුද්ධි තොරතුරු රැස්‌ කිරීමේ රාජකාරිය. පස්‌සේ 1999 දී මාව වැලිඔය බළසේනා මූලස්‌ථානයේ බුද්ධි නිලධාරියා ලෙස පත් කළා.. ඒ දවස්‌වල වැලිඔය කියන්නේ දරුණු විදිහට ගැටුම් තිබුණු පැත්තක්‌.. 

"මේ වෙනකොට ජයසිකුරු මෙහෙයුම ආරම්භ වෙලා තිබුණේ.. ඒ මෙහෙයුමේ හිටිය එක කණ්‌ඩායමක්‌ ඉදිරියට ගියේ වැලිඔය කඳවුරේ ඉඳන්.. එල්ටීටීඊ එක තමන්ගේ සටනේ හදවත විදිහටයි වැලිඔය සැලකුවේ.. මේ නිසාම වැලිඔය ගන්න ඔවුන් දරුණු විදිහට ප්‍රහාර එල්ල කළා..

"කොටින්ගේ "වන්ෆෝ බේස්‌" කඳවුරු තිබුණෙත් වැලිඔය. වැලිඔයදී මට පැවරුණු ප්‍රධානම රාජකාරිය වුණේ සතුරාගේ තොරතුරු සෙවීම.. ඒ නිසාම එදා අපි දරුණු ප්‍රහාර මැද්දේ අවස්‌ථා ගණනාවකදීම කොටින්ගේ ඒරියා එකටත් ගියා.. ඒ ගියේ ජීවත් වෙන ආශාව අතහැරලා.. මේ කාලේ තමයි එල්ටීටීඊ එක මිලේනියම් සිටි සිද්ධිය නිසා දිගින් දිගටම හමුදා බුද්ධි නිලධාරින් ඝාතනය කළේ.. 

"එදා අපේ ජීවිත බේර ගන්න හැංගිලා ඉන්නත් සිද්ධ වුණා.. මෙහෙම ඉන්න අතරේ 2005 දී මාව 3 වන බුද්ධි බළකායේ දෙවන අණදෙන නිලධාරි තනතුරට පත් කළා.. ඒ මින්නේරිය, මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල බුද්ධි මෙහෙයුම් යටතේ.. මේ කාලේ තමයි සාම ගිවිසුම ක්‍රියාත්මක වුණේ.. ඒත් එදා උඩින් සාමේ තිබුණට යටින් තිබුණේ යුද්දේ.. ඒ යුද්දේ නිසා බුද්ධි මෙහෙයුම් අපි නතර කළේ නැහැ.. විඳපු දුක්‌ අනන්තයි අප්‍රමාණයි.." 

ඒ ටික පවසා යමක්‌ සිහි වීමෙන්දො ශම්මි මඳකට නිහඬ විය. මම යළිත් ප්‍රබෝදය දෙස බැලුවෙමි.

"මුලින්ම බුද්ධි බළකායට එක්‌වුණාට පස්‌සේ 1995 දී රිවිරැස මෙහෙයුම ආරම්භ කරනකොට යාපනය යුද හමුදා 511 බලසේනා මූලස්‌ථානයේ බුද්ධි ඒකකයට මාව දැම්මා.. එතන ඉඳන් බුද්ධි මෙහෙයුම් කරමින් රිවිරැස මෙහෙයුමට එකතු වුණා.. ඒ මෙහෙයුම් අනුව එදා 

වලිකාමම්, තෙන්නමරාච්චි ප්‍රදේශ කොටින්ගෙන් මුදා ගන්න අපිට පුළුවන් වුණා..

"පසුව ස්‌වාධීන බුද්ධි ඒකකයට එකතු වෙලා 1999 වෙනකම්ම ටෙරාලට ඇටෑක්‌ කරපු මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. පස්‌සේ මාව ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියා ලෙස පත් කළා.. ඊට මාස දෙකකට පස්‌සේ සන්නද්ධ බුද්ධි බලකායේ විධායක අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කළා.. 

"ඒ ඉන්න අතරේ 2000 වර්ෂයේදී යාපනය 52 සේනාංකයේ බුද්ධි නිලධාරියා ලෙස රාජකාරියට මාව දැම්මා.. පස්‌සේ 56 සේනාංකයේ බුද්ධි නිලධාරියා ලෙස වව්නියාවට ආවා.. 2002 - 2003 සාම කාලයේදී හිටියේ වව්නියාවේ.. වව්නියාවෙන් පස්‌සේ මඩකලපුව බුද්ධි නිලධාරියා ලෙස රාජකාරි කළා.. 2008 දී ආයෙත් ත්‍රිකුණාමලය බුද්ධි අංශ ප්‍රධානියා වෙලා එහෙට ගියා.. එතන ඉඳන් යුද්ධය ඉවර වෙනකල්ම මම හිටියේ ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියා විදිහට. 

"මේ අතරේ විශේෂ පුහුණුවකට ශම්මි විදේශගත වුණා.. ඒ අවස්‌ථාවේ 3 වන බුද්ධි බළකායේ වැඩබලන අණදෙන නිලධාරියා වුණේ මම..මෙන්න මේ කාල සීමාවේදී තමයි යාල කොටි ප්‍රහාරයත් එක්‌ක "ඔපරේෂන් ඩබල් ඒඡ්" ආරම්භ කෙරුණේ.. ඒ වෙනකොට ශම්මි ආයෙත් ලංකාවට ඇවිත් හිටියේ.." 

ප්‍රබෝදය ද යළි නිහඬව සිටී.. මම මොහොතක්‌ මෙනෙහි කළෙමි. බුද්ධි රාජකාරිය යනු ඉතාම බරපතළ වගකීමකි. එහි වචන දෙකක්‌ නැත. බුද්ධි නිලධාරියකුගේ මුළු ජීවිතයම සමාජයට රහසකි. ඒ රහස්‍යභාවය සුරැකීම ඔහුගේ රාජකාරියේද වගකීමකි. ඒ යථාර්ථය හමුවේ ශම්මිලා හා ප්‍රබෝදයලා වැනි වීරයන් යුද හමුදාවට එක්‌වූ දා පටන් බුද්ධි අංශ නිලධාරින් ලෙස සමාජයෙන් සැඟවී සිට එල්ටීටීඊයේ අප බැට කා ඉකුත් කාලයේ ගෙවන්නට ඇති ජීවිතය කොතෙක්‌ කටුක වන්නට ඇතිද?

ඔවුන් අපේ ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා කළ කැප කිරීම් කෙසේ වන්නට ඇතිද? එහෙත් මල් පිදිය යුතු ඔවුනට අද ඒ වෙනුවට ලැබී ඇත්තේ කුමක්‌ද? අත් වී තිබෙන ඉරණම කොතරම් ෙ€දනීයද?

ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ කතාබහ අතරේම මම ඔවුන්ව පෞද්ගලික ජීවිතය දෙසටද හැරෙව්වෙමි. එහිදී මුලින්ම හඬ අවදි කළේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නය.. ඒ දැසේ මෝදු වෙමින් තිබූ පුංචි කඳුළක්‌ද සමගිනි..

" අද මම ඉන්නේ හිරේ කියලා මගේ දරුවෝ දෙන්නා දන්නේ නැහැ.. ඔවුන් දන්නේ තාත්තා ඉස්‌පිරිතාලේ කියලා.. මගේ බිරිඳ ගුරුවරියක්‌.. අද දරුවෝ දෙන්නයි බිරිඳයි ජීවත් වෙන්නේ ඒයා ගන්න පඩියෙන්.. මගේ පුතා මෙවර ශිෂ්‍යත්වය සමත් වුණා.. ඒ පණිවිඩේ අරගෙන බිරිඳ මාව බලන්න ඇවිත් හොඳටම හඬා වැටුණා..

එයාලා අද ජීවත් වෙන්නේ මගේ තාත්තගේ නිවසේ.. සමහරු නම් කියනවා මට තට්‌ටු තුනේ ගෙවල් තියෙනවා කියලා.. ඔවුන් ඒ කතා කොහොම කියනවද කියලා මම දන්නේ නැහැ.. ඒත් මගේ දරුවොයි බිරිඳයි තවමත් ජීවත් වෙන්නේ මගේ තාත්තගේ ගෙදර.. ඒකයි ඇත්ත.. මම වැඩ කළේ මට නෙමෙයි. මේ රටට.. අපි "ඔපරේෂන් ඩබල් ඒඡ්" ආරම්භ කරලා නිදහස අරන් දුන්නේ මේ රටේ මිනිස්‌සුන්ට.. ඒ නිසා නිකරුණේ මගේ දරුවන්ට, බිරිඳට පාරේ බැහැලා යන්න බැරි වෙන විදිහේ කතා කියන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.."


ශම්මිගේ දෙනෙතේ මොදු වී තිබූ කඳුළ ඔහුටද නොදැනීම දෙකොපුල් දිගේ ගලා හැලෙන්නට විය. අපට සතුට සහ සාමය ගෙන දෙන්නට වෙහෙසුණු ඒ වීරයාගේ කඳුළු දෙස මට තවත් බලා සිටිය නොහැකිය. එහෙයින් මම යළිත් ප්‍රබෝධය දෙසට හැරුණෙමි. ඔහුගේ කතාවද එසේමය. හදවතට දැනෙන වේදනාව හමුවේ ඒ ඇස්‌ දෙකද දැන් රතුවී ගොසින්ය.

"මටත් පුංචි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා.. ඒ දෙන්නට කියලා තියෙන්නෙත් තාත්තා අසනීප වෙලා රෝහලේ ඉන්නවා කියලා.. බන්ධනාගාරයට ආවට පස්‌සේ මට දරා ගන්නම බැරි අවස්‌ථාව වුණේ මගේ තාත්තා මාව බලන්න ආපු මොහොත..

"මගේ තාත්තා කොළඹ ප්‍රසිද්ධ විදුහලක ගුරුවරයෙක්‌.. එදා තාත්තා මාව බලන්න ඇවිත් පැය භාගයක්‌ විතර එක දිගටම මාව බදාගෙන ඇඬුවා.. පස්‌සේ තාත්තට දැක දරා ගන්න බැරුව කලන්තේ හැදුණා..මම මගේ තාත්තා අඬනවා දැක්‌ක පළමුවෙනි දවස ඒක..


"සීඅයිඩී එකෙන් අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම්ම අපි දෙන්නටම තවම දරුවන්ගේ මූණු බලන්න බැරි වුණා.. එහෙම කළේ මේ වේදනාව දරුවන්ගේ මනසට දෙන්න බැරි නිසා.. ඒත් අපිත් තාත්තලා.. අපිත් දරුවන්ට ආදරෙයි.. රටේම දරුවන්ට විතරක්‌ නෙමෙයි හැමෝටම නිදහස දෙන්න ගිහිල්ලා අද අපි අපේ දරුවන්ගේ මුහුණ දැක ගන්න නැතුව විඳවනවා..

රෑට නින්ද නොයන වාර අනන්තයි.. දරුවෝ මතක්‌ වෙනවා.. ඔවුන් කෑවද, බිව්වද, අසනීපයක්‌ හැදෙයිද කියන වේදනාව මනසට වද දෙනවා.. අපි කරපු හැම දෙයක්‌ම කළේ මේ රටට.. උපන් බිම සතුරාගෙන් බේරගන්න.. 

"මගේ බිරිඳත් මේ සිද්ධිය නිසා අද ගෙවන හැම තත්පරයක්‌ම ගෙවා දමන්නේ කඳුළුත් එක්‌ක.. මගේ සහ ශම්මිගේ විතරක්‌ නෙවේ රට වෙනුවෙන් වැඩ කරලා අද බිත්ති හතරකට මැදි වෙලා ඉන්න අපි හැමොගෙම කතාව තියෙන්නේ එතන.. අපි යුද්ධ කළා.. සතුරා අතරේ ඉඳිමින් සතුරාට නොදැනෙන්න පහර දුන්නා.. මේ රටේ මිනිස්‌සුන්ට සාමය සතුට ළඟා කර දුන්නා.. ඒත් අද අපේ ගෙවල්වල මිනිස්‌සු ගිනි උහුලනවා.. තනිකම, පාලුව, වේදනාව දරාගන්න බැරුව හඬා වැටෙනවා.. දැසේ වූ කඳුළු සමගින් ප්‍රබෝදයද කතාව නිමා කළේය. 

මේ මා ඉදිරියේ සිටිනුයේ රටටත් ජනතාවටත් නිදහස දිනා දුන් විරෝදාර රණවිරෝවෝය. එහෙත් දැසට පෙනන සහ හදවතට දැනෙන ඔවුන්ගේ වේදනාව හමුවේ කාලය මැව් වෙනසක අරුමය දෙස බලා සහජීවනය, සමානාත්මතාවය, සම්මුතිවාදය හා අෙන්‍යාන්‍ය අවබෝධය යන සුන්දර වචන ගෙන කබල්ගාමින් ඉතිහාසයේ කුණු කූඩය සිහියට නඟා ගනු හැර මේ මොහොතේ අපට වෙන කරන්නට දෙයක්‌ නම් ඉතුරුව නැත.


සමන් ගමගේ 
http://www.divaina.com/2015/12/20/feature22.html

බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌

තිස්‌ වසරක යුද්ධය හේතුවෙන් රැකුණු උතුරු - නැගෙනහිර වනාන්තර යුද්ධය නිමාවීමෙන් පසු බරපතල විනාශයකට ගොදුරු වී ඇත. යුද්ධය " හොඳ" යෑයි ඉන් අදහස්‌ නොකළත්, වනාන්තර සංරක්‍ෂණයට යුද්ධයෙන් සිදු වූ සේවාව අවතක්‌සේරු කළ හැකි නොවේ. වර්තමානයේ මන්නාරම, වව්නියාව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌ක ප්‍රධාන ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කවලටද අඩු වැඩි වශයෙන් එහෙත් මධ්‍ය හා මහා පරිමාණ වශයෙන් වන විනාශය සිදු කෙරේ.

මෙම වනාන්තර බහුතරය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු රක්‍ෂිත වනාන්තරය. ශ්‍රී ලංකාවේ වනගහනයෙන් 14% ක්‌ පාලනය කරන වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු 80% ක්‌ පමණ වනාන්තර පිහිටා ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේය. මෙම වනගහනයේ බහුතරය අද විනාශයේ මාවතට ඇදවැටී ඇත.

මෙම උතුරු නැගෙනහිර වන විනාශයේ සුප්‍රකටම වනාන්තර විනාශය විල්පත්තු උතුර, මරිච්චකඩ්ඩු කරඩික්‌කුලි කල්ආරු ඔයේ ජල පෝෂක වනාන්තර විනාශයයි. පසුගිය රජය මගින් එහි අක්‌කර 2500 ක්‌ නිල වශයෙන්ම නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යෑයි පවසමින් නැවත පදිංචි කිරීමේ (එවක) ඇමැතිවරයා වූ රිෂාඩ් බදියුදීන් මහතා විසින් ලබා ගන්නා ලද්දේ නැවත පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ එකමුතුවෙනි. මේ පිළිබඳව අප අවස්‌ථා ගණනාවක්‌ම අනාවරණය කර ඇති අතර පරිසර හා සිවිල් සංවිධාන රැසක (ජනතා) විරෝධතා ඇති කළත් තවමත් මේ විනාශයේ අඩුවක්‌ නැත. ඊට යාව මොල්ලිකුලම නාවික හමුදා කඳවුර පිහිටි ප්‍රදේශයේ තවත් අක්‌කර 650 ක්‌ පමණ පවරා ගැනීමට දැන් පිඹුරුපත් සැකසෙමින් පවතී.

තත්ත්වය මෙසේ තිබියදී පෙර දැක්‌වූ පරිදි වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්‌ත්‍රික්‌කවල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්‍ෂිත ප්‍රදේශ 17 ක වනාන්තර අක්‌කර 16500 ක්‌ පමණ එළි පෙහෙළි කරමින් අලුතින් ජනාවාස පිහිටුවීම හා වගා බිම් ව්‍යාප්ත කිරීම නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් පවතින බව තමන් විසින් කරන ලද අධ්‍යයනවලදී හෙළි වූ බව පරිසර සංරක්‍ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර මහතා පවසයි.


ඔහු ප්‍රකාශ කරන්නේ පසුගිය රජය සමයේදී ආරම්භ කළ මෙම වනාන්තර විනාශය මෙම රජය යටතේද තවදුරටත් සිදු වෙමින් පවතින බවයි.

තමන්ගේ අධ්‍යයන අනුව නීති විරෝධීව විනාශ කරන රක්‍ෂිත අතර මරිච්චකඩ්ඩි කරඩික්‌කුලි වන රක්‍ෂිතය (මන්නාරම) කරුන්කාලිපුරම් වන රක්‍ෂිතය (වව්නියාව), මඩුපාර වන රක්‍ෂිතය පුවරසන්කුලම් වන රක්‍ෂිතය කුලාමරිප්පු වන රක්‍ෂිතය නාගන්මෝලෙයි වන රක්‍ෂිතය ඉර සෙන්තිරම් කුලම් වන රක්‍ෂිතය වඩකාඩු වනාන්තරය කාතේනිකුලම් වනාන්තරය පෙරිය මඩු වනාන්තරය ඔඩ්ඩුසුඩාන් වනාන්තරය මුහුදු බඩ පත්තු වනාන්තරය කරඩික්‌කුලි රජයේ කැලෑව (මන්නාරම) සාලම්බයිකුලම් වනාන්තරය සහ සුදුවෙත්තකුලම් වනාන්තරය යන රක්‍ෂිත හා රජයේ වනාන්තර පවතින බව පරිසර සංරක්‍ෂණ භාරය පවසයි. මෙම වනාන්තර හෙළි පෙහෙළි කර ජනවාස පිහිටු වීම සිදු කෙරෙමින් පවතින බවත්, මීට අමතරව කුඹුක්‌කන වන රක්‍ෂිතය හා බක්‌මිටියාව, තිඹිරිගොල්ල වන රක්‍ෂිතය එළි පෙහෙළි කරමින් වගා බිම් ව්‍යාප්ත කිරීමද සිදු කෙරෙමින් පවතින බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

වර්තමානයේදී වව්නියාව මුලතිව් හා මන්නාරම දිස්‌ත්‍රික්‌ක තුනේ වන රක්‍ෂිත හයකට හා රජයේ වනාන්තර බිම් අටකට අයත් වනාන්තර අක්‌කර 10438 ක්‌ එළි පෙහෙළි කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සෘජු මෙහෙයවීම මත අලුතින් ජනාවාස පිහිටු වීම සිදු කරන බවද පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. මේ අතර විල්පත්තු උතුරු මරිච්චකඩ්ඩි, කරඩික්‌කුලි වන විනාශයද වේ.

වව්නියාව දිස්‌ත්‍රික්‌කයේ සෙට්‌ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉරසෙන්තිරම්කුලම් වන රක්‍ෂිතයේ අක්‌කර 100 ක්‌, කරුන්කාලිපුරම් රක්‍ෂිතයේ අක්‌කර 5000 ක්‌ ආදී වශයෙන් වනාන්තර විනාශයක්‌ සිදුවන බවද පවසන පරිසර සංරක්‍ෂණ භාරය වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය රජය පැවැති කාල සීමාව තුළ හා දින සියයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළ මෙම නීති විරෝධී වනාන්තර විනාශය හා අලුතින් ජනාවාස පිහිටුවීම පිළිබඳව පරිසරවේදීන්, ජනමාධ්‍ය කොතෙකුත් රජයේ අවධානය යොමු කෙරුවද ඒ පිළිබඳව කිසිදු ක්‍රියා මාර්ගයක්‌ නොගෙන තවදුරටත් යහපාලන රජය තුළ හිඳ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තමන්ට රිසියේ වනාන්තර එළි කරමින් අලුතින් ජනාවාස පිහිටුවීම අඛණ්‌ඩව සිදු කරන බවයි.

රජය මීට ක්‍රියා මාර්ග නොගැනීම මත මෙම වන විනාශය හා ජනපද පිහිටුවීම ජාතිවාදී ගැටලුවක්‌ බවට පත් වෙමින් පවතින බවද පවසන සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ යෑයි කියන ආධාරකරුවන් විසින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මඩු වන රක්‍ෂිතයේ කොන්ඩියා කුප්පම් ප්‍රදේශයේ අක්‌කර 600 ක්‌ එළි පෙහෙළි කරමින් අලුතින් ජනාවාය පිහිටුවීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක්‌ දැඩි බලපෑමක්‌ එල්ල කර තිබෙන බවයි.

මෙවන් ජාතිවාදී ගැටුම් තත්ත්වයන් රටතුළ ඇති විය හැකි බව පරිසරවේදීන්ද මාධ්‍යවේදීන්ද පෙන්වා දෙන්නේ කලක පටන්ය. රජය පරිසර සංරක්‍ෂණය පිළිබඳ ලෝකයා ඉදිරියේ පෙන්වන හොඳ මුහුණ සැබෑවේ දක්‌නට නැත.දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වන එක්‌ වැදගත්ම කාරණයක්‌ වන්නේ වනාන්තර සංරක්‍ෂණය නොහොත්, වනාන්තර විනාශය පිටු දැකීමය. එසේ නොවුණොත් රටේ ජනතාවගේ වාතය, ආහාර, ජලය යන අවශ්‍යතා වෙනුවෙන් මෙන්ම අනෙකුත් වන සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදෙසාද වනාන්තර සංරක්‍ෂණය අවශ්‍ය වේ. රටේ වනගහනය සියයට 30 ක්‌ දක්‌වා වැඩි කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ජාතික රුක්‌ රෝපණ මාසයක්‌ ක්‍රියාත්මක කර නිමාවට පත් කෙරුණේ මේ නොබෝදාය. එසේ තිබියදී අක්‌කර සිය දහස්‌ ගණනින් වනාන්තර විනාශයට මෙම "ඊනියා" වනගහනය වර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය සමඟ ගැලපෙන්නේ කෙලෙසක දැයි අපට නොතෙරේ. මෙම වනාන්තර විනාශය පිළිබඳව රටේ පාලකයන්ට එතරම් දැක්‌මක්‌ අවබෝධයක්‌ නැතිනම් හෝ, විනාශයේ තරම තවදුරටත් නොපෙනේ නම් කළ යුතු ක්‍රියාකාරකම් දෙකක්‌ යෝජනා කරන්නට අප කැමැතිය. ඉන් එකක්‌ ඉතා පහසු කාර්යයකි.

එනම්, ගූගල් අර්ත්" වෙබ් අඩවියට ගොස්‌ උතුරේ සහ නැගෙනහිර වත්මන් වනගහනයත්, යුද්ධයට පෙර වනගහනයත් නිරීක්‍ෂණය කිරීමය. නොහොත් වන විනාශය අහසේ සිට නිරීක්‍ෂණය කිරීමය. නැතහොත් යුද සමයේදී කොටි " අඩවියේ" කේළාම්" සොයන්නට ගෙනැවිත්, අද මළකඩ කකා ගුවන් හමුදාව මගින් පසෙකට දමා ඇති "කේළමා" නොහොත් "ඩ්‍රෝන්" යානා යොදවාගෙන මෙම වනාන්තර විනාශයේ තරම සූක්‍ෂ්මව නිරීක්‍ෂණය කර අවශ්‍ය පියවර ගැනීමය.

මෙතරම් ජනමාධ්‍ය හා පරිසරවේදීන් හඬ නඟන්නේ යහපාලන රජය සමග හෝ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග හෝ, වෙනත් පුද්ගලයකු සමග ඇති තරහක්‌ පිරිමහ ගන්නට නොවේ. මෙරටේ පරිසරය, වනාන්තරවල යහපැවැත්ම සඳහා එල්ල වී ඇති සුවිශාල විනාශය වළකා ගන්නටය.

මෙරටේ වනාන්තර සිංහලයාට, දෙමළාට, මුස්‌ලිම් මිනිසාට හෝ තවත් කාට හෝ අයිති බූදලයක්‌ නොවේ. එය සියලු ජාතීන්ට ආහාර, ජලය, වාතය සපයන, බුදුන් වහන්සේගේ දේශනාව (වන රෝප සූත්‍රය) අනුව ගහේ අත්තක්‌ කඩා දමන්නාට පවා සෙවණ සපයන උත්තුංග වස්‌තුව ගසයි. එය සමස්‌ත විශ්වයටම උරුම සම්පතකි. එහෙත්, තණකොළ බුදින හරකුන්ට මේවා නොතේරේ. වනාන්තර විනාශය ගැන කතා කරන පරිසරවේදීන් හා මාධ්‍යකරුවන් ඔවුන් දකින්නේ නයාට අඳුකොළ සේය. ආණ්‌ඩු පෙරළන්නට හදන විරෝධතාකරුවන් සේය. (අහෝ) මේ රට පත්ව තිබෙන අභාග්‍යයයි. 'ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ' යෑයි කියන ජනවහර අපට සිහිපත් වේ. මේ.., මේ රට ලබා උපන් හැටිනම් ඊට අපි කුමක්‌ කරමුද? තිස්‌තුන් කෝටියක්‌ දෙවියෝ මේ රටේ වනගහනය රකිත්වා ඔවුන්ට මෙහි දැක්‌වෙන වන විනාශය පෙනෙත්වා.

ජගත් කණහැරආරච්චි   
http://www.divaina.com/2015/12/20/feature20.html

සබැඳි ලිපි - 
[විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!http://denethharinna.blogspot.com/2015/12/blog-post_1.htmlපොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!http://denethharinna.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිතිhttp://denethharinna.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...http://denethharinna.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

අධ්‍යාපනයේ බොදු ලකුණ මකාදැමීමේ මෙහෙයුම

* ඉතිහාසය හා ජාතික වීරයන් පාසල් පොතෙන් ඉවතට 
* බෞද්ධ භික්‌ෂූන් යනු බුද්ධ හමුදාව නොවේ...
* ඡේ. ආර්. ජනාධිපතිද සාහිත්‍යය හෙළා දුටුවේය... 

වසර දෙදහසකට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ යහපත් සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් හැඩ සැකසුණේත්, දේශයේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේත් බුදුදහම පදනම් කරගෙනයි. අද ශ්‍රී ලංකාවේ ඉතිහාසය නමින් හැදෑරීමට තිබෙන්නේ ඒ පිළිබඳ කතා පුවත යි. ජාතික වීරවරයන් ලෙස සමරන්නේ අපේ ශිෂ්ටාචාරය ගොඩනැඟêමට හා මාතෘභූමියේ ආරක්‍ෂාවට හා අභිවෘද්ධියට දිවි හිමියෙන් ඇප කැප වූ අපේ මුතුන් මිත්තන් පිරිස යි. යසගොස මුත්තන්ගේ එළියකි මුණුබුරන් හට යනුවෙන් කියමනක්‌ තිබේ. ඒ නිසා අපේ ජාතියේ ආධ්‍යාත්මය වූ බුදුදහමත් ඉතිහාසයත් හැදෑරීමට අපේ දරු දැරියන්ට පාසල් තුළ ඉඩ සලසා තිබේ. එහෙත් පාසල් අධ්‍යාපනය හා බැඳුණ බොදු ලකුණ මකා දැමීමේ සැලසුමක්‌ වත්මන් යහපාලන රජය යටතේ දියත් කරන්නට පිඹුරුපත් සැකසෙමින් පවතියි. එය සිදුවන්නේ පාසල් විෂයමාලා සංශෝධන තුළිනි. ඒ අනුව බුද්ධ ධර්මය අනෙකුත් ආගම් සමග බද්ධ කොට සර්වාගමික විෂයයක්‌ ලෙස පාසල් පොතට ඇතුළු කෙරේ. ඉතිහාසය හා ජාතික වීරවරයන්ගේ චරිත කථා ඉවත් කෙරේ. ඒ කටයුත්තට මැදිහත්ව සිටින්නේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් 2015 දෙසැ. 15 දිවයින පුවත්පතට දුන් සාකච්ඡාවෙන් පැහැදිලි වෙයි.

ඈත අතීතයේ පටන් අපේ රටේ පැවතුණේ බෞද්ධ සාරධර්ම හා ආකල්ප ජීවිතයට බද්ධ කර ගනිමින් විවිධ විෂය ක්‍ෂේත්‍රයන් ගැන දැනුම ලබා ගැනීමේ අධ්‍යාපනයේ ක්‍රමයකි. ඒ අනුව පුද්ගලයකුගේ දැනුම ඉස්‌මතු වුණේ ඔහුගේ යහපත් හැසිරීම් රටාවෙනි. මිනිසුන්ට, සතුන්ට පමණක්‌ නොව ගස්‌වැල්, ජලය වාතය ආදියෙන් සැදුණු පරිසරයට ආදරය කරන සමාජයක්‌ බිහිවුණේ බෞද්ධ ඉගැන්වීම්වල බලපෑමෙනි. පිළිමයක්‌ නෙළන, සිතුවමක්‌ අඳින කලාකරුවාගේ කායික හා මානසික සංයමය, සමබරතාවය හා තෘප්තිය ලැබුණේ බෞද්ධ අධ්‍යාපනයෙනි. සියලු ජාතීන්ට සමගියෙන් එක්‌ව කටයුතු කරන හා ජීවත්වන පරිසරයක්‌ මෙරට තිබෙන්නේ බුදුදහම පදනම් කරගත් සංස්‌කෘතියක්‌ සමාජයක්‌ පවතින බැවිනි. එහෙත් ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික රටක්‌ නොවේ.

බෞද්ධ අධ්‍යාපනය විනාශ කිරීම ඇරඹුණේ අපේ මව්බිමේ ආගමික සහ දේශපාලන අරමුණු කරගත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ ක්‍රියාදාමයන් හේතුවෙනි. යටත් විජිතවල මිෂනාරි පාසල් ඇරඹීම ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුම යි. අපේ යටත් විජිතයන්හි මිනිසුන්ගේ හමේ පාට, රුධිරයේ වර්ණය කෙසේ වුවත් කමක්‌ නැත. අපට වුවමනා කරන්නේ අපේ සිතුම් පැතුම්වලට ගැළපෙන පිරිසක්‌ හදා ගැනීම යන්න ලෝඩ් මැකොලේ බ්‍රිතාන්‍ය පාලකයන්ට දුන් අධ්‍යාපන දර්ශනයයි. 1834 වසරේ දී ලංකාවේ පාසල් කොමිසම ක්‍රිස්‌තියානි පූජකවරයකුට පැවරුන අතර කොමිසමෙන් බෞද්ධ අධ්‍යාපන ආයතනවලට බාධක පැනවුණි. 1920 වසර දක්‌වා පාසල්වල ඉගැන්වූයේ බ්‍රිතාන්‍ය ඉතිහාසය යි. දෙමළ ජාතිකයෝ ලංකා ඉතිහාසය ඉගැන්වීමට විරුද්ධ වූහ. රටේ අවුරුදු දහස්‌ ගණනක අඛණ්‌ඩ ආධිපත්‍යයක්‌ පිළිබඳ තමන්ට පමණක්‌ උදම්විය හැකි සිංහලයන් හා සලකා බලන විට ලංකා ඉතිහාසය ඉගැන්වීමෙන් අප (දෙමළ ජනයා) සහ අපගේ යටගියාව හෑල්ලුවට පත්වෙයි. එය අපට අවමානයකි. ඒ. නැතෑනියල්? (1931 ඔක්‌තෝබර් 09 මෝනිං ස්‌ටාර් පත්‍රය)

ලංකා ඉතිහාසය යනු බෞද්ධ ඉතිහාසය යි. ඒ නිසා මිෂනාරි පාසල්වලින් ඉතිහාසය විෂය ඉවත් කෙරුණි. කිසියම් ආගමකට අයත් සිසුන්ගේ සංඛ්‍යාව පහලොවකට වැඩි නම් එම පාසලේ සිසුන්ට ඔවුන්ගේ දෙමව්පියන් අදහන ආගම ඉගැන්විය යුතු යෑයි බෞද්ධයන් කළ උද්ඝෝෂණය නිසා යටත්විජිත භාර ලේකම්වරයා 1945 දෙසැම්බර් මස එය නීතියක්‌ ලෙස අනුමත කළේය. එහෙත් ක්‍රිස්‌තියානි පාසල්වල ප්‍රධානීහු එයට අකැමැති වූහ. එම නීතියෙන් ගැළවීමට ඔවුන් කළේ බුදුදහම වෙනුවට සදාචාරය නමින් විෂයයක්‌ හඳුන්වා දී ඒ යටතේ බයිබලයේ කරුණු බෞද්ධ දරුවන්ට ඉගැන්වීමයි. කිතුනුවකු වූ අධ්‍යාපන අධ්‍යක්‍ෂ හවුස්‌ අධ්‍යාපනයේ බොදු මුහුණුවර වැනසීමේ උපායක්‌ ලෙස ආගම ඉගැන්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය පාසල් ප්‍රධානීන්ට පැවරුවේය. ඔහු එසේ කළේ බොදු දරුවන් බහුතරයක්‌ සිටින පාසල්වලට ක්‍රිස්‌තියානි විදුහල්පතිවරු පත් කරමිනි.

අපේ රටේ ජාතික අධ්‍යාපනය යනු බෞද්ධ අධ්‍යාපනයම විය. යටත් විජිත යුගයේ ජාතියෙන් ගිලිහෙමින් පැවැති අධ්‍යාපනය නැවතත් දේශීය මුහුණුවරකට නැඹුරු වුණේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය හේතුවෙනි. සිංහල භාෂාවෙන් උසස්‌ අධ්‍යාපනය ලබන්නට ගම්බද දරුවන්ට වාසනාව උදාවිය. ඉංග්‍රීසි මාධ්‍ය අහෝසි කිරීම නිසා බරපතල හානියක්‌ සිදුවුණා යෑයි කියන පිරිසක්‌ චෝදනා කළත් මව් බසින් ඉගෙනීමට ඉඩ ලැබීම නිසා සිදු වූ යහපත එයට වඩා විශාලය. එම අවස්‌ථා දෙමළ දරුවන්ට ද ලැබුණි.

විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කෙරුණේ බෞද්ධ අධ්‍යාපනය තවදුරටත් තහවුරු කිරීමේ අදහසිනි. එහෙත් අද වන විට විදුදය හා විදුලකර සරසවිවල නම් ගලවා ඇත. විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ආරම්භයේදී බෞද්ධ සංස්‌කෘතිය අනිවාර්ය විෂයයකි. එය අහෝසි කර ඇත. කලින් කලට කුමන්ත්‍රණකාරී ලෙස විෙද්‍යාaදය (ජයවර්ධන පුර) සරසවියෙන් බෞද්ධ විෂය ධාරාවන් කප්පාදු කෙරෙමින් පවතියි. කැම්පස්‌ කෲෂේඩ් ව්‍යාපාරය සරසවි සිසුන් ක්‍රිස්‌තියානියට හැරවීමේ යෙදී සිටියි. ඡේසුතුමා පිළිබඳ චිත්‍රපට පෙන්වමින් ක්‍රිස්‌තියානි පොත් පත් බෙදමින් ක්‍රිස්‌තියානිකරණයේ යෙදුණ කථිකාචාර්යවරියකට එරෙහිව 2004 නොවැම්බර් මස ජපුර සරසවි සිසුහු උද්ඝෝෂණයක්‌ ද කළහ.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ක්‍රිස්‌තියානි ආයතනවල විරෝධතා නොසලකා පාසල් රජයට පවරා ගැනීම පාසල් අධ්‍යාපනය දේශීය මුහුණුවරකට පත්කිරීමට ගත් අභීත පියවරකි. නමුත් බණ්‌ඩාරනායක මැතිනිය එතුමියගේ 1970 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බද්යුද්දීන් මහමුද් ඉතිහාසය හා සාහිත්‍යය විෂයයන් පාසලෙන් ඉවත් කළේය. ඔහුගේ ක්‍රියාවෙහි නපුරු ප්‍රතිඵල අදත් අපි අත්විඳිමින් සිටිමු. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද සාහිත්‍යය හෙළා දුටුවේ ජීවන රටාවට වුවමනා නැතැයි හුවා දක්‌වමිනි. සාහිත්‍යය ඉගැන්වීම යනු රස වින්දනය හා භාෂා ඥානය ලබාදීම පමණක්‌ නොව දරුවන්ගේ ජීවිතවලට යහපත්ව ගොඩනැඟෙන්නට මාවතකි. මේ සියල්ල සිදු වුණේ උතුරේ දෙමළ දරුවන්ට ලංකා ඉතිහාස විකෘති කර උගන්වන පසුබිමක්‌ තුළය. වි. ජ. මු. ලොකු බණ්‌ඩාර මහතා සාහිත්‍ය පොත්පත් පාසල තුළට ගන්නට දැරූ වෙහෙස ගැන පැසසිය යුතුය. බහුතරයක්‌ බෞද්ධයන් වන අපේ පාසල් දරුවන්ගෙන් බුද්ධාගම ඈත්කරවීමේ තවත් ප්‍රයත්නයක්‌ එළි දුටුවේ අසූව දසකයේ රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයාගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව මගිනි. ආගම විෂය පාසලින් ඉවත් කොට පූජනීය ස්‌ථානවලින් ආගම හදාරා පාසලට ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති වාර්තාවකට ලකුණු ලබාදෙන ක්‍රමයක්‌ එයින් යෝජනා කර තිබුණි. බුද්ධ ධර්මය පාසල් පොත්වල අන්තර්ගතය විකෘති කෙරෙන සැලසුම් ද වරින් වර දියත්ව ඇත. 1998 ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ නිකුත් කෙරුණු බුද්ධ ධර්මය ගුරු උපදෙස්‌ පොතක සත්ත්ව ගොවිපළක්‌ පවත්වාගෙන යැමට දැනුම ලබාදෙන බහුවිෂයික පැවරුමක්‌ තිබුණි. එය සත්ත්ව ඝාතන චුන්දසූකරිකයන් බිහි කරන පැවරුමකි. ඒ අතර, සායි බාබා ඇදහිල්ල බුද්ධ ධර්මය පෙළ පොතට ඇතුළත් කිරීමට ද ඔහුගේ අනුගාමික අධ්‍යාපන ඇමැති කෙනෙක්‌ වෙර දැරුවේය.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක පාලන සමයේ රාජ්‍ය නොවන සංවිධාන සහ සාමය වෙනුවෙන් පෙනීසිටි ආචාර්යවරු පිරිසක්‌ පාසල් පෙළ පොත් සකස්‌ කිරීම සඳහා නිර්දේශයක්‌ ඉදිරිපත් කර තිබුණි. සිංහල බෞද්ධ වෙනුවට බෞද්ධ යන වචනය බුද්ධ ධර්මය පොත්වලට යෙදිය යුතුය. අනගාරික ධර්මපාලතුමාගේ ජීවන චරිතය ජාතික සමගියට බාධාවකි. එය පෙළ පොත්වලින් ඉවත් කළ යුතුය. අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ නමට මුලින් දෙමළ යනුවෙන් යෙදිය යුතුය. ලක්‌දිව රජවරු වෙහෙර විහාර සෑදූ බව කීමෙන් අන්‍යාගමික හා අන්‍ය ජාතික ළමුන්ගේ සිත් පෑරෙන නිසා එවැනි යෙදුම් ඉවත් කළ යුතුය. ලෝකය දෙවියකු විසින් මවන ලද්දක්‌ නොවේ යන මාතෘකාව සාකච්ඡා නොකොට බුද්ධ ධර්මය පොතෙන් ඉවත් කළ යුතු බව එම නිර්දේශවල දැක්‌වෙයි. ඉතා අප්‍රකට වූ එම වාර්තාව අනුව 2000 වසරේ 9 ශ්‍රේණියට නිකුත් කළ සිංහල පොතෙන් අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ඉවත් කෙරුණි. සිංහල දරුවන් තුළ පමණක්‌ ජාතිකාභිමානය වැඩීම සුදුසු නැත යන අදහසින් එස්‌. මහින්ද හිමියන්ගේ ලංකා මාතා කවි පෙළ පාසල් පොත්වලින් ඉවත් විය. බෞද්ධ සංස්‌කෘතික උරුමයන් ගැන කියෑවෙන මහගමසේකර මහතාගේ ප්‍රාර්ථනා ගීතය ද පාසල් පොතෙන් ගිලිහුණි. මේ ඒ සම්බන්ධයෙන් මතුවුණු විරෝධය නිසා 9 වසර පාසල් පොත නැවත සකස්‌ කිරීමට සිදුවුණි. උසස්‌ පෙළ විෂය වර්ගීකරණය මගින් බෞද්ධ ශිෂ්ටාචාරය හා බුද්ධ ධර්මය විෂයයන් කප්පාදු කිරීමක්‌ ද සිදු කර ඇත.

රජයේ පාසල් වැසී යැමට සලස්‌වා සියලු සම්පත් සමග ඒවා මුල් අයිතිකාර අබෞද්ධ ආයතනවලට පැවරීමේ හා ආගමික නාමකරණයක්‌ ද තිබේ. ඒ සඳහා නිදසුන් රාශියකි. ඒ අතර, සම අවස්‌ථා පනත පාර්ලිමේන්තුවට ගෙන ආවේ ආනන්ද, ධර්මරාජ, විශාඛා වැනි බෞද්ධ පාසල්වල අනන්‍යතාව නැති කිරීමේ අරමුණෙනි. බණ්‌ඩාරනායක මහතාගේ රජය යටතේ භික්‌ෂූන් ගුරු සේවයට බඳවා ගැනීම, භික්‌ෂූන්ට යළිත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තැනක්‌ ලබාදීම සඳහා කෙරුණු විප්ලවයකි. ඒ ගැන පුද්ගල බද්ධ විවේචන තිබුණත් භික්‌ෂූන්ගෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදුවන්නේ වැදගත් සේවාවකි. 2013 වසරේ බුද්ධ ධර්මය විෂයයට 7000 ක පමණ ගුරු පුරප්පාඩුවක්‌ තිබුණි. බෞද්ධ ධර්මචාර්ය විභාගය සමතුන් ගුරු සේවයට බඳවා ගන්නට පසුගිය රජය පියවර ගත්තේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයන්හි ඉල්ලීම අනුවයි. නමුත් රජයේ නිලධාරීන් ඔවුන් ගුරු සහායකයන් ලෙස නම් කිරීම නිසා ඇතැමුන් විවිධ විෂයභාර ගුරු භවතුන්ට ලිපි ලේඛන සකසා දෙන, රටහුණු සපයන, කළුලෑලි මකන පිරිසක්‌ බවට පත්කර ගෙන ඇති බව වාර්තා වෙයි.

වෙළෙඳ සමාගම් පනත යටතේ ලියාපදිංචි කෙරුණ ජාත්‍යන්තර පාසල් බොහොමයක ආගම හා ඉතිහාසය විෂය නොමැති නිසා දරුවාගේ මවු බස, ආගම හා ලංකා ඉතිහාසය ඉගැන්වීමට පසුගිය ආණ්‌ඩුවෙන් නියම කෙරුණි. එය නිසි ලෙස ක්‍රියාත්මක වේ යෑයි කිව නොහැක. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කොමිසම සැරසෙන්නේ යටත් විජිත යුගයේ සිට ඉතිහාසය පුරා පාලකයන් යත්න දැරූ පරිදි, ජාතික සංහිඳියාව නමැති මායාවකට මුවා වී, අපේ දරු දැරියන්ගේ සිත් සතන්වලින් ජාතිකාභිමානය, බොදු හැදියාව මකා දැමීමටයි. කොමිසමේ මූලිකයන් කියන පරිදි වීරයෙක්‌ හදන කොට සතුරෙක්‌ සෑදෙයි. අපි කාගෙන් හරි ඇහුවොත් දුටුගැමුණු කියල කියනවා. අපි කවුරුවත් රජතුමා හෝ එතුමාගේ ක්‍රියාවන් දැකලා නෑ. නීල් ආම්ස්‌ට්‍රොන් මෑත ඉතිහාසයේ හඳට ගියා. නමුත් ඔහු වීරයෙක්‌ හැටියට අපි දකින්නේ නෑ. බහුතරයක්‌ සිංහල බෞද්ධයන්ගේ බදු මුදලින් ජීවිකාව පවත්වාගෙන යන, බටහිර ඊනියා සර්වාගමික සංකල්පවලින් හා ජාත්‍යන්තරවාදයෙන් හිස්‌ ඔලුව පුරවාගත් පුද්ගලයන්ට යහපාලනය යටතේ ඉස්‌මතු වීමට ඉඩ සැලසී තිබෙන්නේ සිංහල හා බෞද්ධ විරෝධී එන්. ජී. ඕ. නඩයක්‌ වත්මන් රජය පසුපස ක්‍රියාත්මක වීම හේතුවෙනි. වත්මන් ජනාධිපතිවරයා අභිභවන්ට සැරසෙන ජනතාවගෙන් ඈත්වුණ චරිත හා අරමුණු නැවත කරළියට පැමිණීම වැළැක්‌විය යුතුය.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා හදන්නට උපදෙස්‌ දෙන නෝර්වේ රට ව්‍යවස්‌ථාවෙන්ම බලය තහවුරු ගත් මූලධර්මවාදී ක්‍රිස්‌තියානි රාජ්‍යයකි. අපේ පාලකයන් උජාරුවෙන් කතා කරන ඇමෙරිකා එක්‌සත් ජනපදයේ පාසල් අරඹන්නේ දෙවියන් වහන්සේ යටතේ එකම ජාතියක්‌ (ධබැ බ්එසදබ ඹබාeර ඨදා) ප්‍රතිඥාව කියවමිනි. 1955 වසරේ සිට දෙවියන් වහන්සේ විශ්වාසයි. ( ෂබ ඨදා ඇ එරමිඑ) යන වැකිය ඩොලර් නෝට්‌ටුවට යොදා ඇත. එය 1956 දී සිට ජාතියේ ආදර්ශ පාඨය යි. ජාතිය ගැන හා ආගම ගැන කථා කිරීමට, හැඟවීමට එරෙහිව දඬුවම් ලබාදෙන සංශෝධන නීති කෙටුම්පත් දෙකක්‌ දණ්‌ඩ නීති සංග්‍රහයට හා අපරාධ නඩු විධාන සංග්‍රහය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. එය නිර්වචනය කරගන්නේ කෙසේද? යන්න බරපතල ගැටලුවකි. කෙසේ වුවද, මෙය බටහිරයන් සතුටු කිරීමට හා සිංහල බෞද්ධයන් මර්දනය කිරීමට සිදු කෙරෙන්නක්‌ බව පැහැදිලිය. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම පිළිබඳ වගන්තිය හා ජාතික කොඩියේ සිංහ ලකුණ ඉවත් කිරීමට ද දැන් සැලසුම් සකස්‌ වෙයි. අන්‍යාගමික රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාව ව්‍යවස්‌ථා ගත වෙනු ඇත. ඉහත සඳහන් පනත් සංශෝධන දෙකෙන් ද ඒ සඳහා ඉඩ සැලසෙයි.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදයක්‌ පවතින බවට පසුබිම නිර්මාණය කෙරුණේත් ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය දුන්නේත් මෙම අවශ්‍යතාව අනුව බව දැන් සිංහල බෞද්ධයන් තේරුම් ගත යුතු යි. 2000 වසරේ බැරි වුණ ව්‍යවස්‌ථාව මම සම්මත කරගන්නවා යෑයි 2015 ජනවාරි 08 වන දිනට පෙර චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය විහාර මහා දේවී උයනේ දී තැබූ අධිෂ්ඨානය ඉටු කර ගැනීමේ අරමුණින් එතුමිය වෙහෙසෙයි. බුද්ධ ධර්මය විෂය සර්වාගමික අච්චාරුවක්‌ කිරීම හා ඉතිහාසය හා ජාතික වීරයන් පාසලෙන් දොට්‌ට දැමීමත් එහි එක්‌ ප්‍රයත්නයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට නම් මේ රටේ ජනතාව එබඳු ජනවරමක්‌ දුන්නේ නැත. දේශයට හා සංස්‌කෘතියට ද්‍රෝහී විදෙස්‌වලින් යෑපෙන එන්. ජී. ඕ. කාරයන්ට අපේ රට යට වන්නට ඉඩ නොදී ඔවුන්ගෙන් රට බේරා ගැනීම එතුමාගේ වගකීමකි.

මහනුවර අස්‌ගිරි මහා විහාරවාසී - පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
http://www.divaina.com/2015/12/20/feature10.html

Pic Source

තාක්‍ෂණය - පින නිසා ලැබුණු දේ පවට බිලි නොදෙමු! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

මේ මොහොතේ ජාති ආගම් බේදයකින් තොරව මනුෂ්‍යයා අත්විඳින විසිතුරු දෑ, ප්‍රනීත දෑ, සුඛෝපභෝගී නිවාස, සුඛෝපභෝගී යානවාහන, නේක විධ අහාරපාන, නොයෙකුත් විලාසිතාවන්ගේ සිරුරට සුවපහසු ඇඳුම්, පැළඳුම්.... මේ මනුෂ්‍යයාට ලැබී තිබෙන විසිතුරු ප්‍රනීත භාවය කියන්නේ මනුෂ්‍යයාගේ අතීත භවයන්හි දානයේ සංස්‌කාරයන්ගේ ඵලයයි.

අපි පුංචිකාලයේ වෙළෙඳසලකට ගියොත් එම වෙළෙඳසලේ විකිණීමට තිබුණේ, එක බෝතලයක බුල්ටෝද තව බෝතලයක නාරංබික්‌, තව බෝතලයක විස්‌කිරිඤ්ඤා තව බෝතලයක කළු සුරුට්‌ටු, පෙට්‌ටි සුරුට්‌ටු ආදියයි. ඔයිට වඩා දෙයක්‌ අතීතයේ වෙළෙඳසලක මුදල් කවුළුවක්‌ මත තිබුණේ නැහැ. අතීතයේ ඇඳුමක්‌ ගන්න වෙළෙඳසලකට ගියොත් එහි තිබුණේ කාකි රෙදිවලින්, චීත්ත රෙදිවලින්, පිජාමා රෙදිවලින් මැසූ ඇඳුම් පැළඳුම් පමණයි. අවුරුද්දට එක වතාවයි දෙමාපියන්ගෙන් ඇඳුම් කට්‌ටලයක්‌ ලැබුණේ. එයත් සරල ඇඳුමක්‌. නමුත් වර්තමාන සමාජයේ දරුවන්ගේත්, වැඩිහිටියන්ගේත් රස විඳීමේ ශක්‌තියත්, ලැබීමේ ශක්‌තියත් ඊට වඩා හාත්පසින්ම වෙනස්‌. වෙළෙඳපොළකට ගියොත් දරුවෙකුට වැඩිහිටියෙකුට කුමක්‌ද මිල දීගන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. විවිධත්වය, රසය, සුඛෝපභෝගීභාවය, විසිතුරු බව එකිනෙකට වෙනස්‌ සුඛෝපභෝගී නිවාස රටාව සුඛෝපභෝගී යානවාහන, අධිපහසුකම් සහිත වෛද්‍ය සේවය, තාක්‍ෂණික උපකරණයන්ගේ දියුණුව.... මේ සියලු සැපයට අදාළ සම්පත් මනුෂ්‍ය සමාජයට ලැබෙන්නේ, පෙර ජීවිතවල දානයන්ට අදාළ සංස්‌කාරයන්ගේ උත්කෘෂ්ඨ භාවය නිසාමයි. යම් සිල්වත් භික්‍ෂුවක්‌ මේ මොහොතේ දේශනා කරන ධර්මයන් සශ්‍රික දිව්‍යතලයක වැඩසිටින දෙවියෙක්‌ දිව්‍යශ්‍රොත වලින් අසන්නේ එම දෙවියන්ගේ පින නිසා. භික්‍ෂුව මේ මොහොතේ ලියන මෙම සටහන, පිංවත් ඔබ කියවන මේ සටහන, මේ මොහොතේම ඈත දුරුරටක ජීවත්වන බෞද්ධ පිංවතෙක්‌ බොත්තමක්‌ ඔබලා අන්තර්ජාලයෙන් කියවන්නේ පින නිසාමයි.

මනුෂ්‍ය සමාජය තුළ වර්තමානයේ මතුවී පැමිණෙන තාක්‍ෂණයට අදාළ, සැපයට අදාළ, රසයට අදාළ සියලුම ධර්මතාවන්, මනුෂ්‍යයාගේම පෙර ජීවිතවල දානයන්ගේ ඵලයයි. නමුත් එම දානයේ ඵලය මනුෂ්‍ය සමාජයට සැප විපාකයන්ව පැමිණෙන්නේ අතීත සීලයේ දුර්වල භාවයන්ට අදාළ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් සමඟ මුසුවෙලයි. ඒ නිසායි දිවට රසය ලැබුණත්, ශරීරයට සැපය ලැබුණත්, මනසට මිහිර ලැබුණත්, ජීවිතයට අඩු ආයුෂ ලැබී ඇත්තේ. අපි සියලුදෙනාම පෙර ජීවිතයන්හීදී විසිතුරු ආකාරයට දන් පූජා කළාට, සත්ත්ව ඝාතනයට, සත්ත්ව හිංසාවට, මිච්ඡා ආජීවයන්ට, මිච්ඡා සංකප්පයන්ට අදාළ අකුසල් සිදුකරගෙන තිබෙනවා. මේවා දුර්වල කරගෙනයි පිංවත් ඔබ දන් පූජා කරගෙන තිබෙන්නේ. 

මෙන්න මේ ධර්මානුකූල නිවැරදි ප්‍රවේශය ඔබගේ ජීවිතය තුළින් මතුකර දැකීමට පිංවත් ඔබට මේ ලබන්නාවූ නව වසරේදී පුළුවන්කම ලැබුණොත්, එය අඩු ආයුෂ අනතුරෙන් මිදීමට ඔබට ගොඩාක්‌ උපකාරිවෙනවා. මෙම අනතුර අඳුනාගැනීමට අදක්‍ෂ පිංවතා තම ජීවිතවලට අතීත දානයන්ගේ ඵලය වශයෙන් ලබාදෙන සැපය, රසය, මිහිර විඳින්නට පරමායුෂය තව තව අඩුකරගැනීමට අවශ්‍ය ප්‍රධානම සාධක වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් වර්ධනය කරගන්නවා. දානයේ ආනිශංස හේතුවෙන් ජනතාවට සැප, රස, මිහිර ලැබෙන විට, ඒවා භුක්‌තිවිඳීමේදී ඒවා අයිතිකරගැනීමට යැමේදී රැස්‌වෙන අකුසල මූලයන් නිසා ඔබ තබන සෑම පියවරකදීම ඔබගේ ආයුෂය හීනකර ගැනීමේ ක්‍රියාන්විතයකට ඔබ හවුල්වෙනවා. මේ ක්‍රියාන්විතය තමයි පියවරෙන් පියවර මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 ය කියන තැනට අරගෙන යන්නේ.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා 'ස්‌වාමීන් වහන්ස, නවීන තාක්‍ෂණයේ දියුණුව කොහොමද පිනේ ඵලයක්‌ වෙන්නේ' කියල. නවීන තාක්‍ෂණය හේතුවෙන් වෛද්‍ය ක්‌ෂේත්‍රයට සහ අනෙකුත් අත්‍යවශ්‍ය ක්‌ෂේත්‍රවලට පැමිණෙන නවීන තාක්‍ෂණික උපකරණ කියන්නේ, මනුෂ්‍යයාගේ දැනීමේ ඵලයයි. මේ ඕනෑම තාක්‍ෂණික උපකරණයක්‌ සොයාගන්නේ, නිෂ්පාදනය කරන්නේ මනුෂ්‍යයාගේ දැනුම තුළින්. මනුෂ්‍යයාගේ දැනුම කියන්නේ ධර්මානුකූලව අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. යම් පිංවතෙක්‌ නූගත්භාවයට පත්වන්නේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසා. එහෙමනම් නවීන තාක්‍ෂණය කියන්නේ මනුෂ්‍යයාගේ දැනුමේ ඵලයක්‌. දැනුම කියන්නේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ, පිනේ ඵලයක්‌. 

මනුෂ්‍යයාගේ අතීත පින නිසාම ලැබෙන නවීන තාක්‍ෂණය හේතුවෙන් ඔබට ලැබෙන කාලයේ ඉතිරිය, නැතිනම් විවේකය, පිංවත් ඔබ පෙරළා උපයෝගි කර ගන්නේ නැවත අකුසල මූලයන් වර්ධනය කරගැනීමටයි. ඒ කියන්නේ පින ගින්දරක්‌ බවට පත්කරගන්නවා. 

එක පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහු සිල් පද බිඳින. අනුනට හිරිහැර කරන මිච්ඡා ආජීවයෙන් ජීවත්වන අයෙක්‌. ඔහු බරපතල හදිසි අනතුරකට ලක්‌ව මරණාසන්න වෙනවා. නමුත් මනුෂ්‍යයාගේ පින නිසාම මතුවී තිබෙන නවීන වෛද්‍ය පහසුකම් හේතුවෙන් එම මහත්මයා මරණයෙන් බේරෙනවා. ඔහු මරණයෙන් බේරෙන්නෙත් ජීවත්වීමට අදාළව තිබුණා වූ අතීත කුසල් ශක්‌තියක්‌ නිසා. පෙර පින නිසා ඇතිවු තාක්‍ෂණයෙන් ඔහු ජීවිතය බේරාගත්තත්, එලෙස බේරාගත් තම ජීවිතය නැවත යොමුකරන්නෙත් මිච්ඡා ආජීවයටමයි. සිල් පද බිඳීම දෙසටමයි. බලන්න පින ගින්දරක්‌ බවට පත්කරගන්නවා. පින වැරදි ආකාරයෙන් කළමනාකරණය කරන නිසාම අනාගතයේ අඩු ආයුෂයට අදාළ සංස්‌කාර නැවත රැස්‌කරගන්නවා. එම නිසා ලබන්නාවූ නව වසරේදී පිංවත් ඔබ දක්‍ෂ වෙන්න නවීන වෛද්‍ය තාක්‍ෂණයේ විශේෂඥ දැනුම හේතුවෙන් මරණයෙන් රෝගීභාවයෙන් බේරුණ ඔබේ ජීවිතය, ඔබ මරණයෙන් බේරාදීමට උපකාරී වූ පින උදෙසාම, කුසලය උදෙසාම යොමුකරගන්න. 

වර්තමානයේ රටේ නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන්ගෙන් බිහිවුණ අධිවේගී මාර්ග තිබෙනවා. මේ අධිවේගී මාර්ග පහසුකම් බිහිවෙන්නේ ජනතාවගේ පිනේ ශක්‌තිය නිසා. සමහර ගම්මානවල පාරවල් තිබෙනවා මඩ වගුරු වගේ ඒවා එම ජනතාවගේ අකුසල් විපාකයන්. ජනතාවගේ පින නිසාමයි අධිවේගී මාර්ග බිහිවෙන්නේ. එම අධිවේගී මාර්ගවල ගමන් කිරීම නිසා ජනතාවට ලැබෙන කාලයේ ඉතිරිය, විවේකය, ජනතාව නැවත යොමුකරන්නේ අකුසල මූලයන් වර්ධනය උදෙසායි. මොන පිංවතාද අධිවේගී මාර්ගයේ මාතරට ගිහිල්ල ලැබුණ පැය දෙකේ ඉතිරිය කුසල් ධර්ම වැඩීමට යොමුකරන්නේ. ඒ කාලයේ ඉතිරියත් යොදාගන්නේ තව අකුසල් මූලයන් රැස්‌කර තව තව ආයුෂ හීනකර ගන්නා දිශාවටමයි. බලන්න දානමය පින විපාකයට පැමිණෙන විට අකුසල් වැඩිකරගනිමින් පින ගින්දරක්‌ බවට පත්කර ගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂ වෙන්න, පින නිසාම ලැබුණ නවීන තාක්‍ෂණික උපකරණ සහ ක්‍රමවේදයන් තුළින් ඔබ ලබන්නාවූ කාලයේ ඉතිරිය පංච නීවරණ වැඩෙන කාමච්ඡන්දය වැඩෙන දිශාවට නොව කුසල්ධර්මයන් වැඩෙන පිංකම් දිශාවටම ලබන්නාවූ නව වසරේදී යොමුකරගන්න. 

වර්තමානයේ පිංවතුන්ලාට බොහෝම ලස්‌සන විසිතුරු වර්ණවත් ශරීර අලංකාරයක්‌ ලැබිල තිබෙනවා. එකිනෙකට වෙනස්‌ මෝස්‌තරවලින් ඇඳුම් පැළඳුම් ස්‌වර්ණාභරණ සුවඳ විලවුන් පාවහන්.... බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති කැමති දෙය පූජාකරන්නාට කැමති කැමති දෙය ලැබෙනවාය කියල. විසිතුරු දෙය පූජාකරන්නාට විසිතුරු විසිතුරු දෙය ලැබෙනවාය කියල. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා 'ආනන්ද, මම කුමාර කාලයේ යම් සළුවක්‌ පෙරවූවා නම්, යම් ඇතිරිල්ලක්‌ පරිහරණය කළා නම්, ඒ සඳුන් සුවඳ ගැල්වූ සුසිනිඳු සළුවක්‌මයි. ඇතිරිල්ලක්‌මයි. මම ශරීරය දෝවනය කළා නම්, ඒ සුවඳ සඳුන් ගැල්වූ ජලයෙන්මයි කියලා. මේවා පෙර දාන පාරමිතාවන්ගේ විපාකයන්මයි. වර්තමාන සමාජය, ඇඳුමෙන්, පැළඳුමෙන්, ශරීර අලංකරණයෙන් මේ ලබන විසිතුරු භාවය, ප්‍රසන්න භාවය කුමක ඵලයක්‌ද? අතීතයේ විසිතුරු දෙය පූජාකිරීමේ හෙවත් දානයේ ඵලයක්‌මයි. එහෙම නැතිව ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටට නිදහස්‌ ආර්ථිකය ගෙන ඒමේ ඵලයක්‌ නම් නොවෙයි. අද මේ මනුෂ්‍යයන් ලබන විවෘත සැපය ධර්මානුකූල හේතුවක්‌. නමුත් වර්තමාන සමාජය, පෙර පින නිසා ලැබුණු මේ විසිතුරුභාවය, ඇඳුම් පැළඳුම්, ආභරණ, සුවඳ විලවුන් ආදිය ප්‍රයෝජනයට ගන්නේ බලවත් ආකාරයට අකුසල් මූලයන් වැඩෙන ආකාරයෙන්මයි.

තමන්ට නොගැලපෙන, ශීලාචාරකමට නොගැලපෙන ඇඳුමෙන් පැළඳුමෙන් වර්තමාන සමාජය ඔඩු දුවලා තිබෙනවා. බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඳුම් පැළඳුම් සඳහාත් ප්‍රත්‍යවේක්‍ෂාව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ ඇඳුමක්‌ ඇඳිය යුත්තේ සිය ශරීරයේ අලංකාරය, මදය, හැඩය, වර්ණය ලෝකයාට පෙන්වන්න නොවේ. තමන් තුළවත්, අනුන් තුළවත් කාමච්ඡන්දයන් ඇතිකිරීමට නොවේ. 'මා මේ ඇඳුම අඳින්නේ අව් වැසි පිනි වලින්, මැසි මදුරුවන්ගෙන් ආරක්‍ෂා වී, ශරීරයේ ලැජ්ජා භය ඇති තැන් වසාගැනීම සඳහායි' කියලා. නමුත් ඇඳුමක්‌ තුළින් ලැබිය යුතු මේ ධර්මානුකූල අර්ථය, වර්තමාන සමාජයෙන් අනතුරක්‌ දෙසට ගමන් කරනවා. සමහරක්‌ පිංවතුන් ඇඳුමක්‌ අඳින්නේ ශරීරයේ හැඩය, වර්ණය බාහිර සමාජයට උලුප්පා පෙන්වන ආකාරයටමයි. මෙවැනි නොගැලපෙන ඇඳුම් ඇඳගෙන මහපාරේ යන පිංවතුන්ලා ධර්මානුකූලව නම් හඳුන්වන්න වෙන්නේ 'ඇවිදින අකුසල් සාප්පු' වශයෙනුයි. මේ අය නොදැනුවත්භාවය නිසාම, සමාජයට අකුසලය 'නොමිලේම' විකුණනවා. මේ ගැන ධර්මානුකූලව අර්ථ දැක්‌වුවොත්, සැඟවිය යුතු දේවල් සැඟවූවේ නැතිනම්, නොසැඟවිය යුතු දේවල් සැඟවී යනවාය යන්නයි. වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා තුළින් සැඟවිය යුතු, ලැජ්ජාව බය ඇති තැන් ක්‍රමානුකූලව ප්‍රදර්ශනය වෙන විට, නොසැඟවිය යුතු දේවල් වන ශීලාචාරකම, ලැ-ජාව බිය නැතිනම් හිරි ඔතප් සමාජයෙන් සැඟවී යනවා. වර්තමාන සමාජය ක්‍රමානුකූලව මේ අනතුර කරා ගමන් කරනවා.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/12/20/feature04.html

http://www.maharahathunwadimagaosse.org/