Pages

Sunday, August 26, 2012

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... තවත් ක‍්‍රිස්තියානු දරුවෙකු කපා කොටා පුළුස්සා මරලා (3)


තවත් ක‍්‍රිස්තියානු දරුවෙකු කපා කොටා පුළුස්සා මරලා
August 25, 2012 at 11:31 am | Lanka C News.

http://lankacnews.com/sinhala/foreign-news/76568/

ඩවුන් සින්ඩ්‍රොමි නම් මානසික රෝගයෙන් පෙළුනු 11 හැවිරිදි කි‍්‍රස්තියානි දැරිය විසින් කුරානයට අපහාසයක් කලා යැයි චෝදනා ලැබිමේ සිද්ධියෙන් පසු දිනකද 11 හැවිරිදි කි‍්‍රස්තියානි පිරිමි දරුවකු දැඩි ලෙස වද හිංසාවට ලක්කර ඝාතනය කර ඇති බවට පුවතක් පකිස්තානයේ පන්ජාබි ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

සැමුවෙල් යාකොබි නම් මොහුගේ සිරුර පන්ජාබි ප‍්‍රාන්තයෙන් සොයාගනිත්දි ඔහුගේ නහය, තොල් හා බඩ ප‍්‍රදේශය කපා ඉවත් කර තිබූ අතර කකුල් කොටස් කර බෙදා වෙන් කර තිබු අතර පිලිස්සිමකටද ලක් කර ඇති බවද සොයා ගන්නා ලදි. සිරුරේ නලල් ප‍්‍රදේශයද පහරදිම් ලකුණුද දක්නට ලැබිනි.

ෆයිසලාබාද්හි ජීවත්වු යාකොබි නම් මෙම දරුවා පසුගිය 20 වනදා වෙලඳපලට ගොස් එන අතරමඟදි අතුරුදහන් වි ඇති අතර පසුගිය රාමසාන් දිනයේදි ඔහුගේ කොටස්වලට වෙන් කරන ලද දේහය සොයා ගන්නා ලදි.

මෙම සිදුවීම් පිලිබඳ රහස් පොලිසිය විසින් සොයා බලන අතර මොහුට මෙවැනි අපරාධයක් කිරිමට යමෙක් ඉදිරිපත් වූයේ දරුවා විසින් දේව අපහාසයක් කලනිසාද යන වග ඔවුන් වැඩිදුරටත් විමර්ශණයට ලක් කරමින් ඇති බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දරුවාගේ මව යාකොබිට එල්ල වන සියළු චෝදනා ප‍්‍රතික්ෂේප කරන අතර දරුවා දේව අපහාසයක් කලේ නමි ඒ පිලිබද තමාට දැනුම් දිමක් කිරිම හෝ ඊට අදාලව කප්පම් මුදලක් හෝ දඩ මුදලක් ඉල්ලා නොමැතිව මෙසේ දරුවා මරා දැමිම සාපරාධී කි‍්‍රයාවක් බවත් ඇය සඳහන් කරයි.

0 comments: