Pages

Tuesday, August 28, 2012

අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි


http://www.divaina.com/2012/08/28/news02.html
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර යුගයේ අග භාගයට අයත් ඉපැරැණි රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවී තිබේ.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ මහා ව්‍යාපෘතිය මගින් සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී එම රෝහලේ නටබුන් මෙලෙස හමුවී ඇත.

ථූපාරාම ස්‌ථූපයට දකුණු දෙසින් පිහිටා ඇති එම රෝහල එවකට ආරාමවල වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ උදෙසා ඉදිකරන්නට ඇති බව මධ්‍යම

සංස්‌කෘතික අරමුදලේ අභයගිරිය හා මහා විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා "දිවයින"ට පැවැසීය.

කැණීම්වලදී මතුකරගෙන තිබෙන සාධක අතර කාමර පන්තියක්‌ එම කාමර හා සම්බන්ධ වේදිකා කාමර සහ එකී ශාඛා සඳහා දොරටු පිය ගැට පෙළ ආදිය දක්‌නට තිබේ.

මේ අතර එම රෝහලෙන් හමුවී තිබෙන බෙහෙත් ඔරුවෙහි විවිධ ඖෂධීය ක්‍ෂාර වර්ග පුරවා රෝගීන් එහි ගිල්වා තබා ප්‍රතිකාර කළ බවට තොරතුරු පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවද මහාචාර්ය කුලතුංග මහතා පැවැසීය.

ථූපාරාම ස්‌ථූපය අසල සිදුකළ කැණීම්වලදී ඖෂධ ඇඹරීමට යොදා ගන්නා ලද ගල් පුවරු, ඇඹුරුම් අත්ගල් හා ලෝහමය පිහි තල හමුවී තිබෙන බවත් හෙතෙම කීය.

0 comments: