ගෞරී ඉන්දීය මෝදි රජයේ කැබිනෙට්‌ටුවේ අමාත්‍යවරියකි. ඇය පසුගියදා අපේ රටේ කාන්තා සම්මේලනයක් ඇමතීමට පැමිණියාය.
මගේ ජීවිතය පටන්ගත්තේ හෝටලයක පිඟන් සෝදන්නියක් හැටියටයි. කොයි වෙලාවකවත් මගේ රස්‌සාව බාල පහත් රස්‌සාවක් හැටියට හිතුවෙ නෑ. එයත් එක් රස්‌සාවක්. පිඟන් ටික මම හරියට හේදුවා. පිඟන් බිඳී යන්නේ පිඟන් සෝදන අය අතින් යෑයි කීවත් මගේ අතින් එක පිඟානක්‌වත් බිඳුණේ නෑ. මම එය ඉතා සැලකිල්ලෙන් වගකීමෙන් කරගෙන ගියා. මගේ සේවය ගැන පැහැදුණු හෝටල් හිමියා මගේ පඩිය රුපියල් දහයකින් වැඩි කළා. ජීවිතය මම පටන් ගත්තෙ මෙහෙමයි. තමන් කරන වැඩේ කුමක් වුවත් එය හරියට කරන්න මම නිතරම උනන්දු වුණා. මගේ ඒ ජීවන පැවැත්ම තමයි මාව කැබිනට් ඇමැති ධුරය දක්‌වා ගෙනාවෙ. අදත් මම එහෙමයි. මම අද ජනතාවගෙන් ලොකු වැටුපක් ගන්නවා. ජනතාව මට යාන වාහන - නිල නිවාස ආදි සියලු වරදාන ලබාදීල තියෙනවා. එහෙම මම ඒ වරදාන ලබා ගන්නෙ ජනතාවගෙන්. එහෙම නං මම බැඳී ඉන්නවා මගේ දවසේ මුළු කාලයම ජනතාව වෙනුවෙන් කැප කරන්න. මට දවසේ පැය විසිහතර මදි. අදත් මා ළඟට එන කිසිවකු මූණු පුළුටු කර ගෙන යන්නෙ නෑ. මගේ ඉදිරියේ කිසිම අයෙකුට හිටගෙන ඉන්න ඉඩ දෙන්නෙ නෑ. මා ළඟට කෙනකු පැමිණි ගමන් මම හුනස්‌නෙන් නැගිටල අමුත්තා අසුනක වාඩි කරවල ඉන්පස්‌සෙයි මම වාඩි වෙන්නෙ. මා ඉදිරියට එන්නෙ මාව ජීවත් කරවන මගේ ස්‌වාමිවරු ඒ අයට ගරු බුහුමන් දක්‌වල ඒ අය පැමිණි කාරණය ඉක්‌මනින් කරල දීල, පිටත් කිරීම මගේ වගකීමක්. මට දවසේ ලැබිය හැකි උපරිම සතුට හා වින්දනය තමයි මා ඉදිරියට එන අයට උපකාර කරල ඒ අයගෙ ගැටලු විසඳල දීල සිනාමුසු මුහුණින් ආපසු පිටත් කිරීම.
කාලයක් හෝටලයේ පිඟන් සෝදල හොඳ වැඩකාරියක් හැටියට නමක් දිනාගත් ගෞරී දැන් ඇමැති මණ්‌ඩලයේ ක්‍රියා ශූර ඇමැතිවරියක් හැටියටද කීර්තිමත් වී සිටී. ඊට පාදක වී ඇත්තේ ඇය සතුවී ඇති වැඩකිරීමේ ගුණයයි.
ජනතාව වෙනුවෙන් සේවය කරන්නට බැඳී සිටින අපේ රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන්ට නිලධාරිනීන්ට ගෞරීගේ චරිතාපදානය හොඳම පාඩමකි. අප සමග එකවර නිදහස ලබාගත් ඉන්දියාව අහස උසට දියුණු වන්නටත් අපේ රට අපායට ළංවන්නටත් හේතුවී ඇත්තේ අපේ රටේ රාජ්‍ය සේවාව තුළ කිඳා බැස ඇති ඈලි මෑලි මුස්‌පේන්තු ගතියයි. අපේ රටේ ද රටට හා ජනතාවට ආදරය ඇති රාජ්‍ය නිලධාරීන් නැතුවාම නොවේ. කලක් අනුරපුර දිසාපති ලෙස සේවය කළ අමරහේවා මද්දුම මහතා ගෞරීගේ රාජ්‍ය සේවා ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කළේය. ඔහුගේ නිල කාමරයට ඇතුළුවන දොරටුව ළඟ පාපිස්‌සක් තබා තිබුණි. පයේ තැවරී තිබූ දූවිලි එම පාපිස්‌සේ පිසදාන ගමන්ම එතෙක් ඔළුවේ කැකෑරෙමින් පැවැති විවිධ ප්‍රශ්න මනසින් මුදාහැර දිසාපති පුටුවට ගියේය. දිසාපති මේසය ඉදිරිපස තමන් වාඩිවී සිටින පුටුවට සමාන පුටු දෙකක් තබා තිබිණ. තමා ළඟට එන සෑම මිනිසෙකු ම සිනාවකින් පිළිගෙන ඉදිරි පුටුවේ වාඩි කරවා ඔහුගේ ප්‍රශ්නයට ඉවසිල්ලෙන් කන් දුන්නේය. ඒ ප්‍රශ්නය ඔහුට විසඳිය හැකි ප්‍රශ්නයක් වූයේ නම් කිසිදු පමාවක් නැතිව අවශ්‍ය රාජකාරි කටයුතු කරදී පිටත් කරනු ලැබීය. ඔහුට විසඳිය නොහැකි ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට යායුතු තැනත්, විසඳා ගන්නා ක්‍රමයත් ඔහුට කියාදී ඔහු නියමිත තැනට යවන්නේය. ඒ මිනිසා දිසාපතිවරයාගෙන් බැහැර වන්නේ මොන තරම් සතුටින්ද?
අදත් රජයේ කාර්යාලවලින් එබඳු නිහතමානී සේවාවක් මහජනතාවට ලැබෙන්නේද? බොහෝ තැන්වලදී ප්‍රශ්න රැගෙන යන ජනතාව නිවටයෝය. මෝඩයෝය. කිසිවක් කර කියා ගත නොහැකි මෝල්ලුය. රජයේ බොහෝ කළමනාකරුවන් තුළ පවත්වන්නේ මෙබඳු බමුණු කුලයේ ආකල්පයන්ය. අද රජයේ සේවකයන් විශේෂයෙන් කළමනාකරුවන් පත්ව සිටින්නේ ජනතාවට සේවය කරන්නට නොව දේශපාලකයන්ට සේවය කරන්නටය. නැතහොත් දේශපාලකයන් කියන දේ කරන්නටය. සැබවින්ම අද ඇත්තේ මහජන සේවයක් නොව දේශපාලකයන් සඳහා පවත්වාගෙන යන සේවයකි. ඒ තරමටම රාජ්‍ය සේවාවේ අභිමානය, ගෞරවය, වගකීම, දියාරු වී ගොස් තිබේ. දේශපාලකයා කියන්නේ කුමක්‌ද? රාජ්‍ය කළමනාකරුවන්ගේ දහමත්, ආයතන සංග්‍රහයත් වන්නේ එයයි. අද බොහෝවිට දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් පුටුවේ නැත. සොයා බැලුවොත් ඔවුන් දේශපාලකයා පිටුපස ගිය බව අසන්නට ලැබේ. දේශපාලකයා යන යන තැන බොහෝ විට ලේකම්වරයා ද දෙපර්තමේන්තු ප්‍රධානියාද ඔහුගේ අතවැසියන් පරිද්දෙන් දේශපාලකයා පසුපස ඇදී යයි. ඔහුගෙන් සේවය ලබා ගැනීමට ඔහුගේ කාර්යාලයට එන ජනතාව පැයගණන් රස්‌තියාදුවී සිට ඔහු නැති තැන ආපසු යති. ඊළඟ දවසේත් මහජනයාට බොහෝ විට සිදුවන්නේ මේ අන්දමට රස්‌තියාදු වීමටය. අභිමානවත් රාජ්‍ය සේවාව අද හෑල්ලු වී ඇති තරම?
අද රජයේ සේවයට පැමිණෙන බොහෝ අය තුළ ජනතාවට සේවය කිරීමේ ආකල්පයක් ඇත්තේම නැත. දේශපාලකයා පත්වීමක් දුන්නේය. ඒ අනුව කාර්යාලයට පැමිණෙන්නේය. පොත අත්සන් කරන්නේය. කැරකි කැරකී කාලය ගත කරමින් සිටින්නේය. අන්තිමට සවස තුන හතර වනවිට මාරුවී යන්නේය. රජයේ සේවය කියන්නේ මෙයට යෑයි මෑතකදී පත්වන බොහෝ අය සිතා සිටිති. අන්දරේ සිල් සමාදන් වීමට දැන සිටියේ නැත. "සිල් ගැනීම" ගැන පාඩම කියා දුන් ඔහුගේ බිරිඳ පන්සලට ගොස් හාමුරුවන් කියන කියන දේ කියා සාදු කියන ලෙස අන්දරේට කියා දුන්නේය. අන්දරේ පාන්දරින්ම සිල් ගැනීම සඳහා සුදු රෙදිත් පොරවාගෙන පන්සලට ගියේය. හාමුදුරුවන් තවමත් දොර වසාගෙන නිදිය. අන්දරේ දොරට ගැසීය. හාමුදුරුවන් "මොකාද බොල"? යෑයි ඇසීය. අන්දරේ ද "මොකාද බොල?" යෑයි කීවේය. තෝ විහිළු කරනවාද? හාමුදුරුවන් කීය. අන්දරේ ද ඒ පදය කීවේය. තොට මගෙන් මොකවත් ඕනෑද? හාමුදුරුවන් කීය. අන්දරේද ඒ කතාව කීවේය. අන්තිමට හාමුදුරුවන් දොර ඇරගෙන මෝල්ගසත් රැගෙන මොහු පාරේ එළවන්නට විය. අන්දරේ සිල් ගත්තේ ඒ අන්දමටය. වර්තමානයේ අලුතෙන් පත්වන රාජ්‍ය සේවකයන් ද බොහෝ විට අනුගමනය කරන්නේ අන්දරේ සිල්ගත් ක්‍රමයයි. කාර්යාලයේ ස්‌වභාවය, පළපුරුදු අය සේවය කරන අන්දම මෙවැනි දේ දකින අසන ආධුනික රජයේ සේවකයන් අන්දරේ සිල්ගත් ආකාරය අනුගමනය කරති. ඒ සේවා රටාව නිසා ජනතාවගේ ප්‍රශ්න කාර්යාලයීයේ ලිපිගොනු තුළ කැකෑරෙමින් පවතී. කාර්යාලීය සේවකයන් කාලය ගෙඩිය පිටින්ම ගිල දමා හැන්දෑවට ගෙදර යති.
අද රාජ්‍ය සේවාව යම් යම් අයට රැකියා සපයන ආයතනයක් මිස ජනතාවට සේවය කරන ආයතනයක් නොවේ. මේ තරමටම අද රාජ්‍ය සේවාව අභිමානයෙන් ගිලිහී ගොස් රක්‍ෂා සපයන ආයතනයක් පමණක් බවට පත්වී ඇත.
සුද්දාගේ කාලයේදී ලිපියක් ලියා අවසන් කළේ "ඔබේ යටහත් සේවක" යන පදය අගට යෙදීමෙනි. මේ යටහත් සේවක යෑයි රජයේ සේවකයා කීකරු වන්නේ මහජනතාවටය. නමුත් අද එවැන්නක් අහන්නවත් නැත. අද රාජ්‍ය සේවයේ සිටින සුළු සේවකයාගේ පටන් ලේකම්වරයා දක්‌වා වූ හැමදෙනාම "යටහත් සේවක" යෑයි දෙකට තුනට නැමෙන්නේ දේශපාලකයාටය. රාජ්‍ය සේවයේ යෙදී සිටින බොහෝ කළමනාකරුවන්ගේ කොන්ද බිඳී ගොස් ඇත. මහජනයා රජයේ කළමනාකරුවන් ඉදිරියේ නිවටයෝය. රජයේ කළමනාකරුවන් දේශපාලකයන් ඉදිරියේ නිවටයෝය.
මේ රටේ රාජ්‍ය භාෂාව සිංහලය. නමුත් රජයේ කළමනාකරුවන් බොහෝවිට කියන්නේද කරන්නේද ලියන්නේද ඉංගී්‍රසි භාෂාවෙනි. රජයේ සේවකයා මේ තරම් ඉංගිරිසියට ගැතිවූ යුගයක් සුද්දා කාලයේදීවත් තිබුණේ නැත.
රාජ්‍ය සේවයේ කළමනාකරණ මට්‌ටමේ සිටින බොහෝ අය බමුණුකුලයට අයත් වෙති. ඔවුන් අතර කේවට්‌ටලා, දේවින්දලා ගෝවින්දලා බහුලය. මහෞෂධවරු සිටින්නේ ඉතාමත් කලාතුරකිනි. දේශපාලකයන්ට කේලාම් කියාගෙන පුටුව රැකගෙන මල්ල පුරෝ ගන්නා කේවට්‌ට රාළලා බොහෝ සේ සිටිති. රට පස්‌සටය. ජනතාව මුල්ලටය. දේශපාලකයන් සහ කේවට්‌ට රාළලා පෙරමුණේ ගමන් කරති.
මුගටියා අඳු ගසේ නිතරම දැවටෙන්නාක් මෙන් උතුරු මැද පළාතේ එක් අමාත්‍යාංශ ලේකම්වරයකු නිරන්තරයෙන්ම ඇමැතිවරයා වටේ දැවටෙන්නට විය. ඇමැතිවරයා නිල කාමරයට ගිය ගමන් ලේකම්වරයා ද පසුපසින් ගොස් එකත් පස්‌සව හිට ගනී.
ඇයි. ඇමැතිවරයා විමසයි.
ඔව් සර්....
මං අහන්නේ ආවේ ඇයි කියලා
නිකං ආවා සර්.
නිකං ආව නම් නිකං නොඉඳ ගිහිං වැඩක් බලාගන්න. ඇමැතිවරයා කීය. තවදුරටත් මේ ගැන සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ අදාළ ලේකම්වරයා තවමත් සිය තනතුරට සුදුසුකම් සපුරා නැති බවය. කේවට්‌ට බමුණන් බිහිවන්නේ මෙවැනි අයගෙනි.
එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/08/22/feature02.html
Pic Source

0 comments:
Post a Comment