එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ යටතේ යාපනය දිස්ත්‍රික්කයට තරග වදින නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ මතය එජාප මතය දැයි එම පක්ෂයේ නායකයින් වහාම රටට ප්‍රකාශ කළ යුතු යෑයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ 04 වැනිදා අවධාරණය කළහ.
විජයකලා මහත්මිය උතුරේ ජාතිවාදය වපුරවමින් ජනතාව බෙදුම්වාදය දෙසට තල්ලු කරමින් ඇති බවට උන්වහන්සේ චෝදනා කළහ.
එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඇය අනිවාර්යෙන්ම එම පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සමග ඉදිරියට යා යුතු බව පැවසු උන්වහන්සේ විජයකලා මහෙෂ්වරන් මහත්මිය මෙසේ කටයුතු කරන්නේ පක්ෂ ප්‍රතිපත්ති අනුව යෑයි සාධාරණ සැකයක් මතුවන බවත් කියා සිටියහ.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/08/06/news33.html
Pic Source

0 comments:
Post a Comment