මහවැලි මහ විකුම නමින් හැඳින්වෙන මොරගහකන්ද සහ කළුගඟ ජලාශ යෝජනා ක්‍රම යන්හි විස්‌මිත ඉදිකිරීම් දැක බලා ගැනීමේ අවස්‌ථාවක් ඉකුත්දා අපට උදාවිය. ඒ ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක් හේතුවෙනි.
නාඋල සිට ඇලහැර හරහා දිවෙන මාර්ගයේ කි.මී. 18 ක් පමණ ගිය තැන මොරගහකන්ද හමුවෙයි. ආදි කාලයේ සිට එතැන ප්‍රකට අලිමංකඩක් ලෙසිනි. ඒ සුන්දර දුම්බර වනපෙතේ උතුරු තැන්නය. ශ්‍රී ලාංකීය අභිමානය වන මහවැලි නදියේ දිගම සහකාරිය වන්නේ අඹන්ගඟයි. එය ගලා බසින්නේ මොරගහකන්ද අතරිනි.
මහවැලි මහ සැලැස්‌මට අනුව ඉදිකිරීමට නියමිතව තිබූ පංචමහා ජලාශයන්හි අවසන් ජලාශය මොරගහකන්ද විය. එකී යෝජනාව තිස් වසරකටත් වඩා පැරණිය. එය දැන් ලහි ලහියේ ඉදිවෙයි. නව මාර්ග ඇතිවෙයි. නව ජනාවාස බිහිවෙයි. නව නගර දෙකක් ගොඩනැගෙයි. චීන ශ්‍රී ලංකා ඉංජිනේරු සහයෙන් ඉදිවෙන මොරගහකන්ද අතිදැවැන්ත ඉදිකිරීම් සමූහයකි.
අඹන්ගඟ හරහා බැඳෙන ප්‍රධාන වේල්ලේ වැඩ දිවා රාත්‍රී සිදුවෙයි. ඒ සමගම අතුරු සලිවේලි දෙකක් දෙපස ඉදිවේ. ප්‍රධාන වේල්ල මීටර් 65 කින් කොන්ක්‍රීට් දැවැන්තයෙකි. එහි දිග මීටර් 463 කි. මුහුණත මීටර් 8 කි. සැඳැලි වේලි මීටර් 42 හා මීටර් 21 දිගින් යුක්‌තය. ඒ අනුව මෙය උමා ඔය ව්‍යාපෘතියට සමකළ හැකි අසම සම දැවැන්ත වාරි ඉංජිනේරු වික්‍රමයකි.
වේලි පද්ධතියෙන් නිර්මාණය වන මොරගහකන්ද ජලාශය වර්ග කි. මී. 29.5 කින් යුක්‌තය. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ තෙවැනි හෝ සිව්වැනි තැන ගන්නා මහා ජලාශය වනු නිසැකය.
මොරගහකන්ද ජලාශය සමගම නිවුන් ජලාශ ව්‍යාපෘතියක් ලෙස කළුගඟ ජලාශයද ඉදිවෙයි. එයද ප්‍රධාන හා අතුරුවේලිවලින් සමන්විතය. කළුගඟ ජලාශයේ ජලය පසුව මොරගහකන්දට කි.මී. 9 ක ඇළකින් ගෙන ඒමට නියමිතය. මීට සමගාමීව 1976 ඉදිකළ බෝවතැන්න ජලාශයේ සිට ලෙනදොර දක්‌වා කි. මී. 8 කින් යුත් අතිරේක උමං මාර්ගයක්‌ද ඉදිකිරීමට යෝජිතය.
මේ සා විසල් ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමේ අරමුණ සොයා බැලීමටද අපි අමතක නොකළෙමු. දුම්බර වනපෙතින් උපදින අඹන්ගහ ද්‍රෝණියේ රැස්‌වන විශාල ජලස්‌කන්ධය සංරක්‌ෂණය කිරීම, මාතලේ, අනුරාධපුර, පොලොන්නරුව හා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයන්හි යල මහ කෘෂි ජල අවශ්‍යතා සපුරාලීම හා හෙක්. 87439 ක වගා බිම් සරංක්‍ෂිතය එම ප්‍රදේශයන්හි ගෘහස්‌ථ ජල පරිභෝජනය හා කර්මාන්ත සඳහා වන ජල අවශ්‍යතා සපුරාලීම මෙන්ම අමතර ජල විදුලි නිෂ්පාදනයද ඊට අයත්ය.
මොරගහකන්ද ජලාශ ව්‍යාපාරය කල් ඇදීයැමට බලපෑ සමාජ ආර්ථික හා දේශපාලනික කාරණාද රැසකි. ඒ සියල්ලටමත් වඩා භූගෝලයීය හා පාරිසරික සාධකද බලපා ඇති බව ඒ පිළිබඳව විමසා බැලීමේදී පෙනී යයි. මොරගහකන්ද ජලාශය ගොඩනැගෙන්නේ ඓතිහාසික අම්බවාන රට්‌ඨි නමින් යුත් ඉපැරණි කෘෂිකාර්මික ජනාවාසයක් ඉතිහාසය තුළ සඟවාලමිනි.
මෙරට ගොඩනැගුණු උදාර වාරි ශිෂ්ටාචාරයේ ප්‍රාරම්භය සටහන් වන්නේද අඹන්ගඟ ඇසුරේය. ඒ ක්‍රි. ව. 67 සිට ක්‍රි. ව. 111 අතර රජකළ වසභ රජු අඹන්ගඟ හරස් කොට ඇලහැර අමුණ කරවා රජ රටට ජලය ගෙන යැමේ අසදෘශ වාරි නිර්මාණය සිදු කිරීමෙනි.
වත්මන් මොරගහකන්ද ජලාශය ඉදිවෙන්නේ ඒ අමුණට කිලෝ මීටර් දෙකක් පමණ නුදුරෙණි. අතීතයේ කාරගංගොඩ ලෙස නම් වූයේ අඹන්ගඟය. රජරට සියලු වැව් අමුණු පුරවා රට සහලින් ස්‌වයංපෝෂිත කළේ මේ අපූරු ගංගාවේ ජල දහර මහවැලිය සමග එක්‌වීමෙනි ඒ අතීත ශ්‍රී විභූතිය මොරගහකන්ද ජලාශය තුළින් නැවත දැක ගන්නට හැකිවනු ඇති බව දැවැන්ත මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් බිමේ ඇවිද යන විට අපට පෙනී යයි.
මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ යෝජනාව කලින් කල ඉස්‌මතුව ඒ සැනෙන් යටගිය එකකි. තිස් වසරක මහවැලිය කඩිනම් මහවැලිය වුවද මොරගහකන්ද ජලාශය නිසාම එය වසර 40 ක් පමණ ඇදී යැමෙන්ම ඒ බව පසක් වෙයි.
1979 දී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ අනුග්‍රහයෙන් සැකසූ සක්‍යතා අධ්‍යයනය 1989 දී නැවත යාවත්කාලීන කෙරිණි.
වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම වාරිමාර්ග මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමේ අභියෝගයට මුළු දෙමින් 2000 - 2004 නැවත සක්‍යතා අධ්‍යයනයක් සිදුකොට ජලාශ ව්‍යාපෘතිය ඇරඹීමේ කටයුතුවලට මුල පිරීය. ඒ අනුව 2007 ජනවාරි 27 දින එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් මුල්ගල් තැබුණද වසර 5 ක් යනතුරු මූල්‍යමය අවහිරතා හේතුවෙන් සංවර්ධන කටයුතු ඇනහිට තිබිණි. 2012 දී චීන රජයේ සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රධාන යෙදවීම යටතේ ව්‍යාපෘති කටයුතු වේගවත්වී තිබේ.
ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්‍ෂණය මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියට ලැබී තිබේ. ඉකුත් 4 දා විශේෂ නිරීක්‍ෂණ චාරිකාවට එක්‌වෙමින් ව්‍යාපෘති වැඩබිම පුරා ඇවිදගිය ජනාධිපතිවරයා මෙම විස්‌මිත ජල යෝජනාක්‍රමය සෑදෙන හැටි මේ රටේ සමස්‌ත ගොවි ජනතාවටත් පාසල් සිසු සිසුවියන්ටත් දැකබලා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් අරඹන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වික්‌ටෝරියා, කොත්මලේ හදන කොට හොඳ ප්‍රචාරයක් තිබුණා. කෝ මේකට එහෙම නැහැ. මේක තමයි මේ රටේ දැනට සිදු කෙරෙන දැවැන්තම සංවර්ධන වැඩසටහන. මේක ගැන රටට ප්‍රචාරය කරන්නැයි හෙතෙම කියා සිටියේය.
මොරගහකන්ද ජලාශය මගින් මෙරට සමස්‌ත සංවර්ධනයට දැවැන්ත බලපෑමක් සිදුවන බව සත්‍යයකි. එසේම ඒ ඔස්‌සේ පැන නැගී ඇති ගැටලු රැසක්‌ද ඇති බව එම ප්‍රදේශයේ සංචාරය කළ අපට දැකගත හැකි විය.
පාරිසරික වශයෙන් එම ප්‍රදේශයේ සිදුව ඇති සීමාරහිත වන හෙළීම සහ එළිපෙහෙළිකිරීම් ඒ අතරින් ප්‍රමුඛය. දේශීය ශාක හා සත්ව ප්‍රජාවට ඉන් සිදුවූ බලපෑම මිනිය නොහැකිය. වන අලි තර්ජනයද තවත් ඉහළ ගොස් ඇති නමුත් කඩිනමින් විසඳුම් දිය යුතු පැනයකි.
ඒ අතරින් ප්‍රමුඛතම ගැටලු පැන නැගී ඇත්තේ අනාදිමත් කලක් එම ප්‍රදේශයේ වාසය කළ ජනතාවටය. ලග්ගල සහ මොරගහකන්ද අවට ජනාවාස වී ඇත්තේ ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ආරම්භයේ පමණ සිටය. එය රාම, රාවණා අවධීන් දක්‌වා දිවයන අතීතයකින් යුක්‌තය.
මොරගහකන්ද ජලාශය නිසා නාඋල අතිශය සශ්‍රීක ග්‍රාමනිලධාරි වසම් 11 ක් සහ ලග්ගලින් ග්‍රාම නිලධාරි වසම් 06 ක් ලංකා සිතියමින් මැකී යයි. ඒ හා සමඟ බැඳුණු සංස්‌කෘතිය, වටපිටාව, පුද සිරිත් මෙන්ම දිගු ඉතිහාසයක් එකට සිටි පවුල් 1606 ක් (2002/2003 සමීක්‍ෂණ අනුව) අවතැන් වෙති. සිය ගම්බිම්, ගේ දොර වතුපිටි අහිමි වෙති.
එම පිරිස 2015 වන විට දෙගුණ තෙගුණ වෙලාය. ඔවුහු නිරතුරුව මොරගහකන්ද කාර්යාලය සහ කළුගඟ කාර්යාලය අසලට රැස්‌වෙති. උද්ඝෝෂණ කරති. උපවාස කරති. රැස්‌වීම් පවත්වති. සංදේශ ඉදිරිපත් කරති. ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම් වන්නේ නිසි වන්දි ක්‍රමයක් ඇති කිරීම, අනුපවුල් සඳහා වන්දි සහ ඉඩකඩම් ලබාදීම, නැවත පදිංචි කිරීමේදී යටිතල පහසුකම් ලබාදීම, නැති බැරි අය සඳහා නිවාස තනාදීම, රැකී රක්‌ෂාවලදී ප්‍රදේශයේ අයට ප්‍රමුඛතාව ලබාදීම වැනි කරුණුය. නිලධාරින්ගෙන් විමසූ විට ඒ සියල්ලට විසඳුම් ලබාදී ඇති බව කියනු පෙනේ. ජනාධිපතිවරයා පෙන්වාදුන් පරිදිම ප්‍රතිලාභී ජනතාවට මෙන්ම ජලාශයන් සඳහා සිය සමස්‌ත දිවියම පූජා කළ අයටද නිසි ලෙස තොරතුරු සන්නිවේදනයක් සිදුනොවන බව අපටද දැකගත හැකි විය. ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට පවා මෙහි සංවර්ධන තොරතුරු දැන ගැනීම අපහසුය. එසේ වූවා නම් මහවැලියේ මහා සංවර්ධන යෝජනාක්‍රමය වන මොරගහකන්ද ගැන මීට වඩා මෙරට ජනයා දැනගනු නිසැකය.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අරඹන මොහොතේ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඉතිහාසය විසින් මා වෙත පවරනු ලැබූ දැවැන්ත වගකීමක් මේ මොහොතේ ඉටු කළාය කියන තෘප්තිය මට තියෙනවා. මේ රටේ මුතුන් මිත්තන් ගත් නිවැරදි සංවර්ධන මාවතට මේ රටේ ජනතාවත් සමග මා ප්‍රවිෂ්ට උනාය කියල මට දැන් දැනෙනවා යනුවෙනි.
එදින එවකට කෘෂිකර්ම වාරිමාර්ග මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මම රජරටටත් රජරැටියනටත් ආදරය කරමි. ඔවුහු මගේ ඥතීන්ද, අසල්වැසියන්ද, හිතවතුන්ද වෙති. එහෙයින් මම ඔවුන්ටත් ඔවුන්ගේ නිජබිමටත් ආදරය කරමි. ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම්බිම් පරිත්‍යාග කරන මොරගහකන්ද ප්‍රදේශය හා ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ ජනතාවටද මගේ කෘතවේදී ආචාරය පිරිනමන්නෙමි යනුවෙනි.
මොරගහකන්ද ජලාශ බැම්මේ ඉදිකිරීම් අතර සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මොරගහකන්ද ජලාශය භෞතික වශයෙන් 48% ක්‌ද මූල්‍යමය වශයෙන් 50% ක්‌ද වශයෙන් ඉතා සාර්ථකව ඉලක්‌ක සහගතව සිදුවන බවය. කළුගඟ හා මොරගහකන්ද ව්‍යාපෘතීන් හි නිමැවුම් වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 100 ක් පමණ වන බවද ජනාධිපතිවරයා කීවේ සතුටිනි. එලෙසම ගම්බිම් පිදූ මිනිසුන් සමූහයාගේ ඇති සුළුÊප්‍රශ්න කීපයද විස¹ගැනීමෙන් ඔවුහු මේ ඓතිහාසික සංවර්ධන කාර්යයේ සැබෑ උරුමකරුවන් කරගනු ඇතැයි අපට සිතේ. එමෙන්ම මොරහගකන්ද මහිමය රටට කියා පෑමටද ජනාධිපතිවරයා උපදෙස් දුන් පරිදි පෙරමුණ ගැනීම මහවැලි බලධාරීන්ගේ වගකීම බවද කිව යුතුය.
නාඋල නිමල් කණහැරආරච්චි මොරගහකන්ද සංචාරයකින් පසු
http://www.divaina.com/2015/08/25/feature03.html

0 comments:
Post a Comment