Pages

Friday, January 20, 2017

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට තුර්කිය කුවේට්‌ කටාර් වලින් මුදල් ලැබෙනවා - පූර්ව මුස්‌ලිම් සංවිධානය

ශ්‍රී ලංකාවේ ඉස්‌ලාම් රාජ්‍යයක්‌ පිහිටුවීම සඳහා (කිලාහත්a සංකල්පය) ජමාතේ ඉස්‌ලාම් හා ජමාතු සලමා වැනි සංවිධානවලට තුර්කිය, කුවේට්‌ සහ කටාර් යන රටවලින් මුදල් ආධාර ලැබෙන බව පූර්ව මුස්‌ලිම් සංවිධානය ප්‍රකාශ කරයි.

පූර්ව මුස්‌ලිම් සංවිධානය, ඉස්‌ලාම් දහම හැරගිය අය විසින් පිහිටුවා ගත් සංවිධානයකි. එහි ප්‍රධාන පෙළේ සාමාජිකයකු 'දිවයින'ට ප්‍රකාශ කළේ තම සංවිධානය පිළිබඳව තොරතුරු 'දිවයින' පත්‍රයේ පළවූ පසුව මුස්‌ලිම් ප්‍රජාවේ ඇතැමුන් කලබලවී ඇති බවය.

ඉස්‌ලාම් ආගම හැරගිය පිරිසක්‌ ඉන්නා බව සමහර මුස්‌ලිම් පුද්ගලයන් පිළිගන්න කැමැති නෑ. එහෙම නැතිනම් පිළිගන්න තරම් බුද්ධියක්‌ ඔවුන්ට නෑ.

ඔවුන් අපට චෝදනා කරනවා අපි කිසියම් පාර්ශවයකින් මුදල් අරන් තමයි ඉස්‌ලාම් දහම හැරගියේ කියලා. අපි සත පහක්‌ අරගෙන නෑ. අපේ සංවිධානයේ වැඩකටයුතුවලට මුදල් එදිනෙදා ඒ ඒ අවස්‌ථාවේදී සාමාජිකයන් විසින්ම දරනවා. වහාබ් නමින් හඳුන්වන තවුµsක්‌ සංවිධානවලට තමයි තුර්කි, සවුදි, කුවේට්‌, කටාර් වැනි රටවලින් මුදල් ලැබෙන්නේ.

කුඩා කල පටන් ඉස්‌ලාම් ආගම ඇදහූ අය අද අපේ සංවිධානයට එක්‌වී ඉන්නවා. සමහරු හඡ් වන්දනාවට පවා ගිය අය. උමිරා වන්දනාව කළ අයත් ඉන්නවා. අපි කව්ද කියා හඳුනාගත්තොත් අනිවාර්යෙන්ම ගෙල කපා මරා දමාවි. ඉස්‌ලාම් ග්‍රන්ථවල තියෙන්නේ එහෙමයි. ඒ නිසා තමයි ඉස්‌ලාම් දහම හැරගිය අපි සංවිධානගත වුණේ. අපි වෙන කිසිම ආගමක්‌ වැළඳගන්නේ නෑ... යෑයිද හෙතෙම කීවේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2017/01/19/news35.html

Pic Source

2 comments:

අටම්පහුර said...

අපේ කට්ටිය නොදැක්ක නොදන්න සේ ඉන්නවා ....රෙද්දෙ සහජීවනේ ....සිංහල අපි විතරක් නැට්ට පුකේ ගහගන ඉන්ඩ ඕන

Anonymous said...

සහතික ඇත්ත. උන් උන්ගෙ ප්ලෑන් එකට වැඩ. අපෙ උන්ට ලමයි නැතිවෙන්න කෑමවලට වහ දාල දැන් ලමයිනුත් නෑ. උන් ක්‍රමයෙන් රට අල්ලනව.