අද වනවිට රට පුරාම උදෑසනට සහ සවසට තම ශරීර සුවතාවය සඳහා ඇවිදින පිරිස දැකගත හැකිය.
එසේ වී ඇත්තේ අද බොහෝ දෙනා යතුරු පැදි, මෝටර් රථ ආදිය භාවිතය බහුලව සිදුකිරීමත් එක බස් නැවතුමක් වුව පයින් ගමන් කිරීමට පුරුදුව නොසිටීමත්, ක්‍ෂණිකව සැකසූ ආහාර පාන ගැනීමට හුරුව සිටීමත් නිසා තරබාරුවට පත්ව සිටීම, අධි රුධිර පීඩනයට ලක්‌ව සිටීම හා දියවැඩියාව රෝගයට ගොදුරුව සිටීම නිසාය. ශරීර සුවතාවය සඳහා ඇවිදීමත් දැන් විලාසිතාවක් වී ඇත. ඇතැම් දෙනා ශරීර සුවතාවය සඳහා ඇවිදින්නට යන්නේ උත්සව අවස්‌ථාවකට සහභාගි වන ලෙසිනි. මාල වළළු වලින් සැරසී කොණ්‌ඩා විලාසිතා වලින් යුක්‌තව ඇවිදීමට යන ඇතැම් දෙනා පවසන්නේ මුළු දවසම ගෙදරට කොටුවී සිටින නමුත් එළියට බහින්නේ ශරීර සුවතාවය සඳහා බැවින් එවැනි අවස්‌ථාවකදී හෝ හැඩවැඩවී සිටිය යුතු බවය.
තවත් සමහරු ඇවිදින්නේ අධික සීනි සාන්ද්‍රණයෙන් යුත් බීම වර්ග වල රස බලමිනි.
මෙය ශරීර සුවතාවය සඳහා ඇවිදීමට සුදුසු බීමක්‌දැයි අපි ඒ ගැන විමසා බලමු. ඇවිදීම යනු අපට නොමිලයේ ලබා ගත හැකි ව්‍යායාමයකි. ඒ සඳහා ශරීර සුවතා මධ්‍යස්‌ථානයකට යා යුතු නැහැ. නිරෝගී පා යුගලක් ඇති අයෙකුට පෘථිවියේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක දුරක් ඇවිදිය හැකිය. වයස අවුරුදු සියයක් දක්‌වා වුව හොඳින් ඇවිදිය හැකිය. දිනකට අවම වශයෙන් කිලෝමීටර් 3 1/2 ක උපරිම වශයෙන් කිලෝමීටර් 40 ක්‌ද ඇවිදිමේ හැකියාව අප දෙපා සතුව තිබේ.
ඇවිදීමට ගැලපෙන පාවහන්
අපට දිනපතා නිරෝගීව ඇවිදීමට හැකියාව උදාකර ගැනීමට නම් ඇවිදීම නිසා දෙපාවලට සිදුවිය හැකි අනතුරු අවම කරගත යුතුය.
ඒ සඳහා නම්‍යශීලී ක්‍රීඩා සපත්තු දෙකක් භාවිතා කල යුතුය. එම සපත්තුවේ අඩිය අඟල් 1/2 ක් හෝ අඟලක් පමණ තිබිය යුතුය. සෙරප්පු, අඩි උස සපත්තු, අඩිය ඉතා තුනී ක්‍රීඩා සපත්තු සහ දෙපාවලට සිරවන ලෙස සැකසුනු පාවහන් ඇවිදීම සඳහා සුදුසු නැත. ඉන් සිදුවන්නේ ඇවිදීම නිසා දණහිස්‌වලට අධික පීඩනයක් ඇතිවීම නිසා දණහිස් ආබාධ ඇතිවීමය.
ඇඳුම්, පැළඳුම්
ඇවිදීම සඳහා යොමුවීමේදී කපු යට ඇඳුම් භාවිතා කළ යුතුය. කාන්තාවන් තම තන පට සඳහා ක්‍රීඩා තනපට (Sචදරඑ ඊර්) භාවිතා කිරීමට යොමු විය යුතුය. ඇවිදීම සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සුදු පැහැති ඇඳුම් භාවිතය වඩාත් සුදුසුය. ඉන් හිරුඑළිය පරාවර්තනය කිරීම නිසා ශරීරයට අනවශ්‍ය උණුසුමක් ඇති නොවේ.
ඇවිදීමේදී දෙපා පළදින මේස්, ලුණු වතුර හෝ උණු වතුර හෝ විෂබීජ නාශකයක් යෙදූ පිරිසිදු ජලයෙන් දිනපතා සෝදා හොඳින් වියළා ගතයුතුය.
එසේ නොවුණහොත් දෙපාවල ඇඟිලි කරු නිතර බැක්‌ටීරියා දිලීර වර්ග මගින් ආසාදනය විය හැකිය.
රූපලාවන්‍ය ආලේප
ඇවිදීමේදී ශරීරය උණුසුම් වී දහදිය ගලන නිසා රූපලාවන්‍ය ආලේප වර්ග ආලේප කර ගැනීම සුදුසු නැත. අවශ්‍ය නම් හිරු එළියෙන් සම ආරක්‌ෂාවීම සඳහා ක්‍රීම් වර්ගයක් සම මත ආලේප කර ගත හැකිය.
ආහාර පාන ගැනීම
ආහාර පාන ගැනීම ඇවිදීම ආරම්භ කිරීමට පැය 1 1/2 කට පෙර ආහාර පාන ගත යුතුය. ඇවිදීමේ යෙදී අවසන් වූ පසු ආහාර ගත යුත්තේ පැයක් පමණ ගතවූ විටය.
ඇවිදීමේදී ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නිසා ඇවිදීම අවසන් කළ වහාම ආහාර ගතහොත් ශරීර උෂ්ණත්වය තවත් වැඩිවී හෘදයාබාධ ඇතිවීමට පවා හේතුවේ. ඇවිදීමෙන් පසු පළතුරු යුෂ පානයක් ගත හැකිය. එයත් කැලරි 50 ට අඩු පානයක් විය යුතුය. ඇවිදීමේ ව්‍යායාමයේ යෙදෙන අතර තුර තේ හෝ කෝපි පානය මධ්‍යසාර දුම්වැටි පානය අහිතකරය. ඉන් ශරීරය උත්තේජනය වී ශරීර ක්‍රියාකාරිත්වය ඉහළ යා හැකිය. එවිට රුධිර නාල පුපුරා යැම වැනි භයානක අනතුරුවලට ලක්‌විය හැකිය.
ශරීරය පිරිසිදු කර ගැනීම
ඇවිදීමේ ව්‍යායාම සිදුකිරීමෙන් පසු ස්‌නානය හෝ ඇඟපත සෝදා ගැනීම කළ යුත්තේ පැය භාගයක් පමණ ගිය පසුය. එවිට ශරීරයේ පැවැති අධික ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. ව්‍යායාම කිරීමෙන් පසු ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කළ යුත්තේ සාමාන්‍ය ඇල් ජලයයි. උණු ජලය හෝ ශීතල ජලය ඒ සඳහා භාවිතා නොකළ යුතුය.
ඇවිදීමේ ව්‍යායාමයේ යෙදීමට පෙර
තම ශරීර බර අඩුකර ගැනීමට, අධිරුධිර පීඩනය පාලනය කර ගැනීමට වැනි කරුණු මූලික කරගෙන ඇවිදිනවිට වෛද්‍යවරයකු වෙත ගොස් තම රුධිර පීඩනය හදවතේ ගැස්‌ම පරීක්‍ෂා කරගත යුතුය.
උපදෙස් : එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මානව චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න, සකස් කළේ - උපාලි ද සේරම්
http://www.divaina.com/2016/10/16/feature39.html

0 comments:
Post a Comment