Pages

Monday, October 10, 2016

ඔබේ රටේත් විද්‍යාඥයින් ග්ලයිෆොසේට්‌ මිථ්‍යාව වපුරනවා - ප්‍රංශ මාධ්‍යවේදිනී මාරි මොනික්‌ රොබින්සන්

1960 දී උපත ලද මාරි මොනික්‌ රොබින් ප්‍රංශ ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක්‌, වාර්තාමය චිත්‍රපට නිෂ්පාදිකාවක්‌ ලෙස ප්‍රචලිත වන අතර, ඇය විසින් හෙළිදරව් කරන ලද විවිධ ජාවාරම් හෝ සමාජ අගතීන් අළලා සැකසුණු වීඩියෝ පට, චිත්‍රපට හා පොත්පත් ඉතා වේගයෙන් ජනයා අතර පැතිර ගියේය. ඇය බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබූයේ සමාජ ආරක්‍ෂණය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇය අතින් වූ මෙහෙය නිසාවෙනි. මෙම සමාජ සේවය නිසා ඇතැම් විට ඇයට ලැබුණේ අප්‍රමාණ කෙනෙහිලිකම් හා පීඩනයන්ය. නමුත් ඇය සවිමත් මවක්‌ ලෙස ලෝකයේ සියලුම දුවා දරුවන් වෙනුවෙන් යහපත් හෙට දිනක්‌ බිහිකරලීමට කැපවී සිටින්නීය. 

ඇය වසර 30 ක්‌ තිස්‌සේ ජනමාධ්‍යවේදිනියක්‌, පර්යේෂිකාවක්‌, කතුවරියක්‌ ලෙස කටයුතු කළ අතර 'මොන්සැන්ටෝ සමාගමට අනුව ලෝකය' (The world According to Monsanto, 2008) නමැති භාෂා 22 කට පරිවර්තනය වූ කෘතියේ සම්පාදිකාව වූවාය. මෙතුමිය විසින් මොන්සැන්ටෝ සමාගම සහ ඔවුන්ගේ විනාශයන් අළලා සිදු කරන ලද පර්යේෂණ චිත්‍රපටය රටවල් 50 කට අධික ප්‍රමාණයක ව්‍යාප්ත විය. මෙතුමිය අප රටට පැමිණියේ ශ්‍රී ලංකාවේ පැතිර පවතින වකුගඩු රෝගයට විෂ රසායනිකවල ඇති සම්බන්ධතාව ගැන චිත්‍රපටයක්‌ සිදු කිරීමටයි. ඒ අතරවාරයේදී පසුගිය දිනක ඇය විසින් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ දී (SEMA) ග්ලයිෆොසේට්‌ සහ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව පළ කළ අදහස්‌ මෙසේ දක්‌වා සිටිමු. 

මොන්සැන්ටෝව මේ වන විට ලෝක ගෝලයම අනතුරට හෙලමින් විෂ රසායනික ලෝකයට එන්නත් කරමින් සිටින පසුබිමක මෙවැනි සංවාදයක්‌ ඇතිවීම ඉතා වැදගත් වෙනවා. වර්තමානය වන විට ඔවුන් නිෂ්පාදනය කළ විෂ රසායනවලින් බොහෝමයක්‌ තහනම් කරලා. ඒවායින් කිහිපයක්‌ DDT හා PCBs අදටත් මිනිස්‌ සිරුරට ඇතුල් වෙමින් මිනිසා රෝගී තත්ත්වයන්ට පාත්‍ර කරනවා. මේවා මීට වසර 30 කට පමණ පෙර තහනම් කළත් අද බිහිවන දරුවා පවා රෝගී කරවන්නේ ලේ සහ ජාන පවා විකෘති කරමින්. 

මොන්සැන්ටෝ පිළිබඳව නිව්යෝර්ක්‌ කොටස්‌ වෙළඳපළේ ඇති චෝදනා සැලකීමේදී මාධ්‍ය ඔස්‌සේ අසත්‍ය තොරතුරු ගෙනයාම, ඉහත සඳහන් කළ PCB යන විදුලි උත්පාදක යන්ත්‍රවලට භාවිත කළ තෙල් වර්ගවල අන්තර්ගත විෂ රසායනිකය මිහිපිට ජීවීන්ට අහිතකර නොවන්නක්‌ය යන්න ප්‍රකාශ කර ජනතාව මුලා කරවීමෙන්ම තහවුරු වෙනවා. මෙය කැනඩාවේදී මිනිසාට අහිතකර සංයෝග 02ක්‌ ගවයන්ගේ කිරි ප්‍රමාණය වැඩි කිරීමට යොදා ගැනීමත්, එය වසන් කිරීමට කැනඩා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වගකිවයුත්තන්ට අල්ලස්‌ ලබා දීම පිළිබඳව වන නඩු මාලාවක්‌ මොන්සැන්ටෝවේ තුච්ඡ උපායන්, සඳහා ලිත සාක්‍ෂි සපයනවා. මෙම උදාහරණයන් දෙකේදීම ඒවායේ තහනම් කිරීම සඳහා මගේ පොත් සහ චිත්‍රපටවලින් යම් සත්‍ය පෙන්වාදීමක්‌ සිදුවූවා. මේ සියල්ල සිදු කරන්නේ Revolving Door (කැරකෙන දොරවල්) ක්‍රමයක්‌ මගිනුයි. මොන්සැන්ටෝවේ විද්‍යාඥයන් කලකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී තීරණාත්මක ආයතනවල තීන්දු තීරණ ගන්නා මුල් පුටුවලට පත්වෙනවා. නැවත ඔවුන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව නැවත මොන්සැන්ටෝව ආදී දූෂිත සමාගම්වලට යනවා. මෙය දිගුකාලීනව බැලූවොත් ඔබ රටේත් දකින්න පුළුවන් වේවි. මෙවැනි සාධක 50 කට වඩා මම ලිඛිතව පෙන්වා දී තිබෙනවා. 

මොන්සැන්ටෝ වියට්‌නාමයේදී භාවිත කළ Agent Orange වැනි විෂ ද්‍රව්‍ය පිළිබඳව හා ඔවුන්ගේ නිෂ්පාදන විද්‍යාත්මකව බොරු තර්ක හා න්‍යායන් මගින් ඇතැම් විද්‍යාඥයන් මුලාව සඳහා යොදාගන්නවා. මෙසේ විද්‍යාත්මක බොරුව සඳහා යොදාගන්නා විද්‍යාඥයන් "විද්‍යාත්මක ගණිකාවන්" ලෙසයි මා හඳුන්වන්නේ. මේ වගේ විද්‍යාඥයන් සඳහා මා කොතෙකුත් උදාහරණ ලිතව මගේ ප්‍රකාශවලින් පෙන්වා දී තිබෙනවා. ඇතැම් විද්‍යාඥයන් අහිතකර දෑ පිළිබඳව කළ යුතු පරීක්‍ෂණ නොකර බලා සිටීමෙන් ඔවුන්ට උදව් දෙනවා. මෙවැනි විද්‍යාඥයන් තීන්දු තීරණ ගන්නා බල අධිකාරයට කරන වැරදි මඟපෙන්වීම නිසා රටවල්වලට ගන්න වෙලා තියෙන්නේ වැරදි තීරණයන්. 

මෙය ඔබ රටේ ග්ලයිෆොසේට්‌ පිළිබඳව සිදු වෙමින් පවතිනවා. ඔබ රටේ පුවත්පත්වල ග්ලයිෆොසේට්‌ මිනිසාට බලපෑමක්‌ නොමැති බව පුන පුනා කීමට උත්සාහ කළත් එහි බලපෑම පිළිබඳව ගිය අවුරුද්දේ, 2015 දී ඉන් ඇති පිළිකාකාරක ස්‌වභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කළා. ග්ලයිෆොසේට්‌ කියන්නේ වල් නාශකයක්‌. එය පොළවට වැටී පැය 02ක්‌ ඇතුළත විනාශ වන බව අසත්‍යයක්‌, එසේ නම් බොහෝ කාලයකට පසුත් ඔබ අපේ යුරෝපයට එවන නිෂ්පාදන වලින් මේවා හමුවන්නේ කොහොමද? මෙය තමයි විද්‍යාඥයන් සිදුකරන ජනතා මුලාව. ග්ලයිෆොසේට්‌ පිළිබඳව සිදුකළ දහසකට වඩා විද්‍යාත්මක පර්යේෂණවලින් 200 ක්‌ පමණ ඉතා හොඳ විද්‍යාත්මක පදනමක්‌ තිබෙන ඒවායි. මේවා පදනම් කරගෙන තමයි ග්ලයිෆොසේට්‌ බොහෝදුරට පිළිකාකාරකයක්‌ (Probable cardinogen - 2 B) 2 කාණ්‌ඩයට නම් කෙරෙන්නේ. 1 ඛාණ්‌ඩයට අයත් වන්නේ මිනිසාට අදාළව සිදු කළ පර්යේෂණ මගින් පිළිකාකාරක බවට දත්ත වාර්තා කළ සංයෝගයි. මෙය ඇස්‌බැස්‌ටෝවලට සිදු කළත් වල් නාශකයක්‌ වෙනුවෙන් මිනිසා භාවිතා නොකිරීම නිසා පමණයි ග්ලයිෆොසේට්‌ 1 ඛාණ්‌ඩයට ඇතුළත් නොවන්නේ. දිගු කාලීන ග්ලයිෆොසේට්‌ භාවිතය නිසා පිළිකාවලට ගොදුරුවන බව විද්‍යාත්මක සත්ත්ව සෛල හා වෙනත් ජීවීන් භාවිතයෙන් සිදුකළ පර්යේෂණවලින් හොඳින්ම අවබෝධ වී තිබෙනවා. මේ සාධක මිනිසාට පිළිකා ඇති කිරීමට ග්ලයිෆොසේට්‌වල ඇති සම්බන්ධය මොනවට පැහැදිලි කරනවා. බේයර්, මොන්සැන්ටෝ, සින්ජෙන්ටා ආදී කූප්‍රකට සමාගම් සියල්ල වෙනුවෙන් කටයුතු කරන විද්‍යාඥයන් මේවායේ විෂ සැඟවීමේ තුච්ඡ උපායන් විද්‍යාත්මකව කරමින් සිටිනවා. මෙයට එක්‌ සාධකයක්‌ බේයර් සමාගම විසින් මොන්සැන්ටෝව මිලයට ගැනීම. මේ සියල්ලන්ගේ එකම ඉලක්‌කය වී ඇත්තේ එනම්, ජනතාවට අහිතකර, පරිසරයට අහිතකර ද්‍රව්‍ය විකුණමින් විශාල ලාභ ඉපැයිමයි. 

ග්ලයිෆොසේට්‌ වැනි උග්‍ර විෂකාරකවලට ඔරොත්තු දෙන බීජ නිෂ්පාදනය ඔවුන්ගේ තවත් කූප්‍රකට කටයුත්තක්‌. ජාන විකෘති කළ (GM foods) බීජ ලෙස තිරිඟු, සෝයා හා බඩ ඉරිඟු ලොව පුරාම භාවිත කරමින් සිටිනවා. ඔබ රටේ බඩඉරිඟු ව්‍යාපෘතියත් එවැන්නක්‌. ඔබ දන්නේ නැතුව ඇති ඔබ භාවිත කරන බඩ ඉරිඟු ග්ලයිෆොසේට්‌වලට ප්‍රතිරෝධී බව. විද්‍යාඥයන් මුලාවේ හෙළමින් ඔවුන් මෙම බීජ වර්ග ඔබ රටවල් තුළ ව්‍යාප්ත කර තිබෙනවා. මෙයට ඔබ හසු වී හමාරයි. 

ග්ලයිෆොසේට්‌ කියන්නේ පිරිසිදුකාරකයක්‌. 1964 දී ස්‌ටෝµa (Stauffer Chemical company) නම් සමාගම විසින් මෙය හඳුන්වා දෙන්නේ වෙනත් අයන හා ඛණිජ (විශේෂයෙන් බැර ලෝහ) සමඟ එක්‌වී පිරිසිඳු කාරකයක්‌ ලෙස ක්‍රියාකිරීම නිසායි. මෙය ඔබ රටේ වකුගඩු රෝගයට හේතු සොයා ගැනීමට එක්‌ සාධකයක්‌ විය හැකියි. හොඳ අයන මෙන්ම අහිතකර අයනයන්ද බැඳ තබා ගැනීම නිසා පසේ පෝෂණය අඩු වීමත් ග්ලයිෆොසේට්‌ නිසා සිදුවන බව සත්‍යයක්‌. ඔබට තේරේවී ඇයි ඔබේ විද්‍යාඥයන් මේ පර්යේෂණ නොකරන්නේ කියලා. 

බොහෝ ගොවීන්ට ජාන විකෘති බීජ හා විෂ රසායනිකවලින් බැහැරව කලින් පැවති ගොවිතැනට යාමේ කැමැත්තක්‌ තිබුණත් මේ විෂම චක්‍රය ඔවුන් මෙම උගුලේ හිර කරගෙන සිටිනවා. 

ග්ලයිෆොසේට්‌ ප්‍රතිජීවකයක්‌ හැටියටත් ක්‍රියා කරනවා. සියලු හිතකර බැක්‌ටීරියාවන් මරා දමමින් අපගේ බඩවැලේ අහිතකර බැක්‌ටීරියාවන් ප්‍රමුඛ කරමින් මිනිස්‌ ජීවිතවලට බලපෑම් ඇති කරවීම පිළිබඳව දැන් විද්‍යාත්මක පර්යේෂණ සිදුවෙනවා. සතුන්ගේ ආහාර මාර්ගයේ ඇතිවන ආසාමාන්‍යතා වගේම ලිංගික බෙලහීනතාව නිසා සතුන් නිසරු වෙලා. මීට ප්‍රධානතම හේතුව, සෝයා, බඩඉරිඟු හා තිරිඟුවලට කෙළින්ම ග්ලයිෆොසේට්‌ යෙදීමයි. අප ආහාරයට ගන්නා කිරි හෝ මස්‌වල ග්ලයිෆොසේට්‌ තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතුයි. මේ සියල්ල විද්‍යාත්මක පසුබිමක්‌ සහිත කාරණා, හෝමෝන පද්ධතියට ඇති කරන බලපෑම මිනිසාගේ අනාගත සෞඛ්‍යයට කෙසේ බලපායිද යන්න පිළිබඳව තවමත් සැකයක්‌ තියෙනවා. මිනිසාගේ ප්‍රතිශක්‌තිය හා ආරක්‍ෂණ යාන්ත්‍රණයට සිදුකරන හානිය, පිළිකාකාරක බව හා ප්‍රතිජීවක හැකියාව. මිනිසාගේ අනාගත සෞඛ්‍යයට ප්‍රබල හානියක්‌ ඇති කරාවි. මේ නිසා අපි යුරෝපයේ පාරිභෝගිකයා ලෙස දැඩි ලෙස වර්ජනය කරනවා මෙසේ ග්ලයිෆොසේට්‌ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර. 

මේ සියල්ල සලකා බලා අපි තීරණය කළා මොන්සැන්ටෝවට විරුද්ධව නීතිමය ක්‍රියාමාලවකට යන්න. දැන් එය යුරෝපයේ දියත් වෙනවා. ලෝකයේ සියලු රටවල මෙය ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අප ප්‍රංශයේදී පෙත්සම් යොමු කිරීමක්‌ මඟින් මේ වසරේ ඔක්‌තෝබර් මැදදී කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ සඳහා ඔබ රටේ විද්‍යාඥයන් කිහිපදෙනකු, විශේෂයෙන්ම වෛද්‍ය චන්න ජයසුමන මේ සඳහා ඉදිරිපත් වෙනවා. රටවල් කිහිපයක ජනතා පෙළගස්‌වමින් තිබෙනවා. මේ සමාගම්වලින් මේ වනතුරු ජනයා ලෙඩ වීම නිසා සිදුවූ ආර්ථික හානිය නැවත ඉල්ලා සිටීමට කටයුතු කරනවා. ඔබේ රටේ වවන්නේ ග්ලයිෆොසේට්‌ අඩංගු තේ නම් අප රටේ හා යුරෝපයේ සිටින මාගේ සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා එම නිෂ්පාදන මිලදී නොගන්නා හැටියට. මන්ද මවක්‌ ලෙස එයයි ඔවුන්ට දිය හැකි උසස්‌ම පණිවුඩය. 

Monsanto Glyphosate Tribunal ලෙස අන්තර්ජාලයේ සෙවීමෙන් ඔබට මේ කටයුතු පිළිබඳව තවත් වැඩිදුර විස්‌තර ලබා ගත හැකි වේවි. මෙහිදී අප ගෝලීයව යහපත් නිගමනයක්‌ හා හිතකර පිළිතුරක්‌ ලබා ගැනීමට අපේක්‍ෂා කරනවා. මොවුන් විසින් සිදු කළ නූතන ජීවී සංහාරය, ජෛව මංකොල්ලයක්‌. මේ නිසා කී දෙනෙක්‌ ගොවීන් ලෙස, මවුවරුන් ලෙස, පාරිභෝගිකයන් ලෙස මිය යන්නට ඇත්ද ?. මෙයට ඔවුන් පිළිතුරු දිය යුතු වෙනවා. විසඳුම් හා අලාභයන් වෙනුවෙන් සමස්‌ත ජනතාව හා නූපන් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වෙනවා.

ජගත් කණහැරආරච්චි - සචිත්‍ර යාපා
http://www.divaina.com/2016/10/10/feature01.html

සබැඳි ලිපි -
[
තහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: