Pages

Wednesday, November 23, 2016

ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද? විරු දිනය ගැන බොරුව තේරුම් ගන්න!

සහජීවනය-සංහිඳියාව වැනි වචනවල අර්ථය ගැන උතුරු පළාත් සභාවේ බොහෝ දෙනකුට තේරෙන්නේ නැත. නොඑසේනම් බලෙන්ම අමතක කරන්නේය. ඒ නිසාම ඉඳහිට අමුතු වර්ගයේ ඉල්ලීම් කරන්නටත්, සද්ද දමන්නටත් උතුරේ බොහෝ දෙනෙකු පුරුදුව සිටිති.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් එවැන්නෙකි. ශිවාජිලිංගම් ඊයේ පෙරේදා කලක සිට පටන් පුරුද්දට මෙන් කරන තර්ජනයක්‌ නොවන ඉල්ලීමක්‌ කර තිබේ. ඒ අනුව එළැඹෙන 27 වැනිදා මහවිරු දිනය සැමරීමට උතුරේ ජනතාවට ඉඩ ලබාදිය යුතුය. ශිවාජිලිංගම්ට අනුව මියගිය කොටි සැමරීමට ඕනෑම කෙනකුට අයිතියක්‌ තිබේ. මෙය ශිවාජිලිංගම්ගේ පමණක්‌ හුදකලා ඉල්ලීමක්‌ නොවේ. සංහිඳියාව වෙනුවෙන් පෙනී හිඳිනවා යෑයි කියන උතුරේ සියලුම දේශපාලනඥයන්ගේ ඉල්ලීමද මේකය.

ශිවාජිලිංගම් මේ කරන ප්‍රකාශය තුළ අමුතු විසුළු සහගත තර්කද ඉදිරිපත් කරයි. ජනතා විමුක්‌ති පෙරමුණ විරු දිනය සමරනවා නම් එල්ටීටීඊයට බැරි ඇයි? යන්න ඉන් එක්‌ තකතීරු ප්‍රශ්නයකි. ජවිපෙ තහනම් සංවිධානයක්‌ නොවන බව ශිවාජිලිංගම් ඇතුළු උතුරේ බොහෝ දෙනෙක්‌ අමතක කර තිබේ.

පසුගිය අවුරුද්දේද මේ පිරිසට මේ කුලප්පුව මේ ආකාරයෙන්ම වැළඳුණු බව අමතක කළ යුතු නැත. ඒ දිනවල ශිවාජිලිංගම්ද, අඩෙයිකලනාදන්ද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ කොටි සැමරීමට ඉඩ දිය යුතු බවයි. කොටි සංවිධානය යනු උතුරේ කෝවිල් තුළ යාතිකා කරමින් හිඳි පිරිසක්‌ නොවේ. ම්ලේච්ඡත්වය යනු කුමක්‌දැයි ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ එල්ටීටීඊයයි. අත්අඩංගුවේ සිටි සිරකරුවන් ඝාතනය කරමින්, ගම්මානවල ළදරුවන් පෙති ගසා ඝාතනය කරමින්, ඉවක්‌ බවක්‌ නොමැතිව මිනිස්‌ බෝම්බ, බෝම්බ පුපුරුවා ජීවිත බිල්ලට ගනිමින් එල්ටීටීඊය වැපිරූ ම්ලේච්ඡත්වය "මහවිරු" යෑයි කියන්නේ කොහොමද?

ශිවාජිලිංගම් කියන්නේ එහෙම කතාවක්‌ නම් මේ රටේ බරපතළ ගනයේ අපරාධ සිදුකළ, තැන තැන වෙඩි කා මියෑදුණු පාතාල සාමාජිකයන්ටද දින වෙන් කළ යුතුය. අපට නම් ඒ ම්ලේච්ඡත්වයත්, මේ ම්ලේච්ඡත්වයත් අතර වෙනසක්‌ නැත. රුසියාවේ ව්ලැඩ්මියර් පුටින් චෙච්නියානු ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දෙන්නේ නැත. ලොව කවර රටක්‌ හෝ හිට්‌ලර්ගේ නාසි අන්තවාදය සැමරීමට ඉඩ දෙන්නේ නැත. අල්ජිහාද්, අල්කයිදා, අයිඑස්‌ ත්‍රස්‌තයන් සමරන රටක්‌ අප අසා නැත. ඉන්දියාව මියගිය කාශ්මීර, ඇසෑම්, කලිකස්‌ථාන් ත්‍රස්‌තයන් සමරන්නට ඉඩ දෙන්නේ නැත. කිසිවෙකුත් එවැනි වැඩකට නැති ඉල්ලීම් කළ බව අප අසා නැත. ඒ සියලු "ප්‍රශ්න" අපේ රටේය.

සංහිඳියාව-සහජීවනය ඇති කරනවාය කියමින් මේ රටේ කවර ජනවර්ගයකට හෝ නැති ප්‍රශ්න ඇද ගනිමින් අර්බුද ඇති කිරීම උතුරේ දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. මේ පෙළ ගැසෙන්නේ එවැනි වුවමනාවන් වෙනුවෙනි. ප්‍රභාකරන් කොල්ලා කාලේ රැවටුණේ මෙවැනි ගැටවලටය. දෙමළ ජනතාවම මරාදමමින් ලේ පිපාසිත ගමනක්‌ ප්‍රභාකරන් ආරම්භ කළේ එහෙමය. දකුණේ සමහර ෆෙඩරල් අප්පුලා රැවටී සිටින්නේද මේවාටමය. රටට ආදරය කරන කවුරුත් තේරුම්ගත යුත්තේ මේ ඇත්ත කතාවය.

http://www.divaina.com/2016/11/22/editor.html

Pic Source

3 comments:

Anonymous said...

කොටියෝද මනුෂ්‍යයෝය. ඔහෙලා දේවදත්ත ආගමද අදහන්නේ?

Anonymous said...

අරන්තලාව, ගෝනගල, පල්ලියගොඩැල්ල, බුත්තල ගම්-බිම් බස් පිටින් කැති-පෙති-බෝම්බ ගැහුව, බඩදරු අම්මලගෙ බඩ කපල දරුව එලියට අරන් අම්මට පේන්න පෙතිගැහුව කොටි මනුශ්ෂ්‍යයෝ වෙන්නෙ එන්.ජී.ඕ හැත්තටයි මුසලු ගෙරි බල්ලන්ටයි විතරයි. මොළයක් තියෙන මිනිහෙක්, අතීතයක් දන්න මිනිහෙක් කොටි මනුශ්ෂ්‍ය කියල කියන් නැහැ!

Anonymous said...

නියම කතාව සහෝ. මේ පරයින්ට 'ගාමණී' ෆිල්ම් එක බලන්නෙ දෙන්න ඕනෙ!
https://www.youtube.com/watch?v=iAU_wPGhE3o