Pages

Thursday, January 14, 2016

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය යුරෝපා රටවල් රැසකට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කරනවා - යුරෝපා ත්‍රස්‌ත මර්දන ආයතනය අනතුරු අඟවයි

මේ වසර තුළ යුරෝපා රටවල් රැසකට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වන බව යුරෝපා ත්‍රස්‌ත මර්දන ආයතනය අනතුරු අඟවා ඇත.

ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් ප්‍රහාරයට සමාන ප්‍රහාර ත්‍රස්‌තයන් එල්ල කරනු ඇතැයි එම ආයතනය කියා සිටී.

අයිසිස්‌ ත්‍රස්‌තයන් මෙම ත්‍රස්‌ත ප්‍රහාර සඳහා යුරෝපියන්ගේ සහය ලබාගෙන ඇති බවද එකී ආයතනයේ ත්‍රස්‌ත විශේඥයෝ පවසති.

http://www.divaina.com/2016/01/13/forign07.html

Pic Source

රතුමස්‌ අධි භාවිතය පිළිකා වර්ධනයට හේතුවක්‌ - වෛද්‍ය කීර්ති කුමාර

රතු මස්‌ වර්ග - එනම් හරක්‌, එළු, ඌරු, කුකුළු මස්‌ වර්ග නිතර අධික ලෙස පරිභෝජනයට ගැනීම පිළිකා රෝග ඇතිවීමේ හේතුවක්‌ බව ඇමෙරිකාවේ බහුල ලෙස පැතිරී යන පිළිකා රෝගය පිළිබඳ කරන ලද පර්යේෂණවලදී සනාථ වී ඇතැයි සමස්‌ත ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය පී. එස්‌. කීර්ති කුමාර මහතා අවධාරණය කරයි. 

මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ කරන ලද ඇමරිකාව එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව දිනකට ග්‍රෑම් 70 කට වඩා හරක්‌මස්‌ ඇතුළු රතු මස්‌ වර්ග ආහාරයට නොගත යුතු බවට ජනතාවට අවවාද කර ඇතැයි කීර්තිකුමාර මහතා සඳහන් කළේය. එක එල්ලේම මස්‌ අනුභවය පමණක්‌ නොව මස්‌ වර්ග මිශ්‍ර කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාරයට ගැනීම ද අගුණ බව සඳහන් කරන කීර්තිකුමාර මහතා ලංකාවේද මෑතක සිට පිළිකා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන ස්‌වභාවයක්‌ දකින්නට ඇති නිසා විශේෂයෙන් හරක්‌මස්‌ ආහාරයට ගැනීමේදී පාලනයක්‌ ඇති කර ගත යුතු බව සඳහන් කරයි.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2016/01/13/provin01.html

Pic Source

සඟරුවනට නීති - පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. රටට එරෙහි තීරණ වලට භික්ෂු මැදිහත්වීම වැළැක්වීම අරමුණද?

ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත් කෙටුම්පතට අනුව ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑළීම හෝ කරගෙන යැම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම ද ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාට දඬුවම් ලබා දිය හැකිය. එමෙන්ම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම භික්‍ෂූන් වහන්සේට කළ නොහැකිය. එමෙන්ම අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌ත වීමට ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේලාට හැකියාවක්‌ නොමැත.

ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑළීමද දඬුවම් ලැබිය හැකි වරදකි.

එකී වැරදි සඳහා දඬුවමද අදාළ කතිකාවක ඇතුළත් කළ හැකි බව පනත් කෙටුම්පතේ දක්‌වා ඇත.

ඒ අනුව ඉහත වරදට ලැබෙන දඬුවම් මෙසේය.

වැඩ සිටින විහාරස්‌ථානයෙන් එම භීක්‍ෂූන් වහන්සේ තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්‌ථීරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම සහ භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම අදාළ වරදට දඬුවම්ය.

මෙම පනත් කෙටුම්පතට අනුව එක්‌ එක්‌ ථෙරවාදී භික්‍ෂු නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශවයට අදාළ කතිකාවක්‌ සකස්‌ කර සම්මත කර ගත යුතුය. ඉන් පසු එය එකී නිකායේ හෝ පාර්ශවයේ මහානායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක්‌ සමඟ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය.

බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් එය විශේෂඥ මණ්‌ඩලයත් වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙම විශේෂඥ මණ්‌ඩලය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තුන් නමකගෙන්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුම ඇති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.

විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලබා දුන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් අදාළ කතිකාවත ලියාපදිංචි කළ යුතුය.

ඉන් පසු මෙම කතිකාවතේ විධිවිධාන එකී නිකායට හෝ පාර්ශවයට අයත් සෑම භික්‍ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතුය. එකී කතිකාවතේ විධිවිධාන එම භික්‍ෂූන් වහන්සේ විසින් දැඩිව පිළිපැදිය යුතු බවද, ඊට අනුකූලව හැසිරිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන්ය.

මෙම කතිකාවතේ සඳහන් කලින් සඳහන් කළ විධිවිධාන භික්‍ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කළොත් අදාළ නිකායේ හෝ පාර්ශවයේ කාරක සංඝ සභාව විසින් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය. චෝදනා ලත් භික්‍ෂූන් වහන්සේටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාව හිමි වේ.

චෝදනාවන්ට වරදකරු වන යම් භික්‍ෂූන් වහන්සේ නමකට කාරක සංඝ සභාව විසින් නියම කරන පෙරකී දඬුවම් පිළිපැදීම එම භික්‍ෂූන්වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ නම් පනත යටතේද එම භික්‍ෂුව වරදකරු කර මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයක්‌, හෝ මාස හයකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ එම දඬුවම් දෙකම හෝ ලබා දිය හැකිය.

යම් කිසි ලෙසකින් වරදකරුවකු වන භික්‍ෂූන් වහන්සේ නමක්‌ වෙනත් නිකායක්‌ හෝ පාර්ශවයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‍ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු බවද පනත් කෙටුම්පතේ දක්‌වා තිබේ.

පනත් කෙටුම්පතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේදී හෝ එය බලාත්මක කිරීමේදී ත්‍රෛනිකායික මහ නාහිමියන්ගේ තීරණය පරිදි භික්‍ෂූන් වහන්සේලාගේ සිවුරේ වර්ණය නියමිතව දැක්‌වීම සඳහා ද බෞද්ධ විෂය ඇමැතිවරයාට නියෝග සැදිය හැකිය.

මෙම පනත් කෙටුම්පත ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන ථෙරවාදී සම්ප්‍රදායට අනුකූල තුන් නිකාය සහ එම නිකායන් යටතේ පිහිටුවන ලද පාර්ශවයන්ට අදාළ වන බවද සඳහන්ය.

මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය ඉදිරි දිනක පැවැත්වීමට නියමිතය.

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2016/01/13/news05.html

Pic Source

Sunday, January 10, 2016

ISIS පුතු සිය මවට වෙඩි තබා ඝාතනය කරයි. මේ මුසලු අන්තවාදී ආගමික උන්මත්තකයින්ගෙන් ලෝකය නිදහස් වන්නේ කවදාද?

සිරියාවේ ISIS සංවිධානයේ සාමාජිකයකු විසින් සිය මවට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

බි‍්‍රතාන්‍යය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ 20 හැවිරිදි අලි සක්ර් අල් කාසිම් විසින් සියගණනක් ජනතාව ඉදිරියේදී සිය මවට වෙඩි තබා මරා දමා ඇති බවයි.

ISIS අගනුවර ලෙස සැලකෙන රක්කා නගරයේදී මෙය සිදුව ඇති අතර 40 හැවිරිදි ලෙනා නම් කාන්තාවක් ඇය සේවය කළ තැපැල් කාර්යාලය අසලදී මෙලෙස මරණ දඬුවමට පාත‍්‍රවී ඇත.

ISIS සංවිධානයට ද්‍රෝහී වීම ඇයට එරෙහිව නැගුණු චෝදනාවයි.  රක්කා නගරය අතහැර ISIS සංවිධානයෙන් පලාගොස් ජීවත්වීම සඳහා ලෙනා සිය පුතු වෙත ඉල්ලීමක් කර ඇති අතර තම මවගේ සැලසුම පිළිබඳව අල් කාසිම් විසින් සිය අණදෙන නිලධාරීන්ට වාර්තා කිරීමට කටයුතු කර ඇතැයි පැවසේ.

ලෙනාට මරණ දඬුවම පැණවූ ත‍්‍රස්තවාදීන් එය ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇයගේම පුතුට නියෝග කර තිබේ.

ISIS ත‍්‍රස්තවාදී සංවිධානය සිරියාවේ හා ඉරාකයේ විශාල ප‍්‍රදේශයක් පාලනය කරමින් සිටින අතර ඔවුන්ගේ අණසකට නතු නොවෙන්නන් සාහසික ලෙස ඝාතනය කිරීම සාමාන්‍ය තත්වයක් වී ඇති බව සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

http://lankacnews.com/sinhala/foreign-news/139452/

Pic Source

පන්සල, ආරණ්‍යය කුසලයටම මිස අකුසලයට නම් නොයොදන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබ ලබාන්නාවු නව වසරේදී පන්සල, ආරණ්‍යය, ස්‌වාමීන් වහන්සේලා පිංකම් නිසා අකුසල් මූලයන් සකස්‌කර ගන්න එපා. පිංකම් සිදුකරන්න ඕනේ කුසල් මූලයන් රකිමින්. පන්සලේ වැඩසිටින සාමණේර ස්‌වාමීන්වහන්සේ තමන්ගේ ආගමික කටයුත්ත සිදුකළාය කියල අකුසල මූලයන් ඇතිකර ගන්න එපා. අතීතයේ ජීවත්වුණ අන්‍ය ආගම්වල අවබෝධය ලැබූ උග්ග ගෘහපතිවරයත්, අනේපිඩු සිටුතුමාත්, සාමණේර ස්‌වාමීන් වහන්සේට පසඟපිහිටුවා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි අනාගාමී උපාසකතුමාට වඩා අද පැවිදිවූ සාමණේර ස්‌වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියල. පිංවත් ඔබ සාමණේර ස්‌වාමීන් වහන්සේලා තමාගේ ආගමික කටයුත්ත සිදුකළාය කියල ගැටුණොත් පිංවත් ඔබ අතීතයේ වැඩසිටිය උතුම් රහත්ඵල අවබෝධය ලැබූ නිග්‍රෝධ, සෝපාක, සංකිච්ච, දබ්බමල්ල පුත්ත වැනි සාමණේර අවධියේදීම උතුම් රහත්ඵල අවබෝධය ලැබූ සාමණේර රහතන් වහන්සේලා සමඟත් ගැටුණා වෙනවා. එවිට උතුම් සංඝරත්නය කියන අර්ථය ඔබ තුළ පිහිටන්නේ නැහැ. 

සාමණේර ස්‌වාමීන් වහන්සේලාත් ලබන්නාවු නව වසරේදී දක්‍ෂවෙන්න ඕනේ ගිහිපිංවතුන්ලා තමන්ට වන්දනා කරන්නේ, සිව්පසයෙන් ඇප උපස්‌ථාන කරන්නේ අතීතයේ වැඩසිටි නිග්‍රෝධ, සෝපාක, සංකිච්ච වැනි උතුම් සාමනේර රහතන්වහන්සේලා අරමුණු කොටගෙනයි කියන කාරණය නුවනින් මතුකොටගෙන සංකීර්ණ දශශීලය තුළ‚ ධර්මයන් තුළ හැකි පමණින් ශක්‌තිමත් වෙන්න. සමහර විට සාමනේර ස්‌වාමීන් වහන්සේට වන්දනා කරන ගිහි පිංවතා සෝවන්ඵල අවබෝධය ලැබූ ගිහි පිංවතෙක්‌ වෙන්න පුළුවන්. මෙවැනි අවබෝධාත්මක ගිහි වන්දනාවකදී සාමනේර ස්‌වාමීන්වහන්සේගේ ශීලයෙන් දුර්වල නම් උන්වහන්සේට එය අනතුරක්‌ වෙනවා. 

පිංවත් ඔබ ලබන්නාවූ නව වසරේදී කුමන පිංකමක්‌ සිදුකලත් ඒ තුළින් කුසල් මූලයන් ශක්‌තිමත් කරගන්න දක්‍ෂවෙන්න. පිංවත් ඔබ දානයක්‌ පූජාකරන විට එම දානයට තවත් කෙනෙක්‌ගෙන් කෙසෙල් ඇවරියක්‌ හෝ අරගෙන අනුන්වත් සහභාගීකරගෙන මගේ දානය කියන ලෝභ සිත බිඳ දමන්න. පිරිකරක්‌ පුජා කරන විට තවත් පිංවතෙකුගෙන් එම පිරිකරට රුපියල් දහයක්‌ හෝ සමාදන් කරගෙන මගේ පිරිකර කියන ලෝභ සිත දුර්වල කර දමන්න. කඨින පිංකමක්‌ සිදු කරන විට අවම වශයෙන් තමන්ගේ ඥාතියෙක්‌වත් එම පිංකමට හවුල්කරගෙන මගේ කඨින පිංකම කියන ලෝභ සිත දුර්වලකර දමන්න. 

පිංවත් ඔබ ලබන්නා වූ නව වසරේදී පන්සලට, ආරණ්‍යයට පිං සිදුකර ගැනීමට ගිහිල්ලා මල් දමාගෙන ගිය පොලිතින් බෑගය තෙල් දමාගෙන ගිය හිස්‌ බෝතලය, හිස්‌ හඳුන්කූරු පෙට්‌ටිය පන්සලේ භූමිය අපවිත්‍ර වෙන ලෙස දමා එන්න එපා. බුදුරජාණන් වහන්සේට පහන් ආලෝකය දල්වල පහන් වැටේ තිබී අතේ ගෑවුන දැලි කුණු සුදු බිත්තියේ පිසදමන්න එපා. මොනම හේතුවක්‌ නිසාවත් පන්සලට බලු පැටව්, පූස්‌ පැටව් ගෙනත් දමන්න එපා. පන්සල්, ආරණ්‍ය භූමි තුළට නිකෙලෙස්‌ සිතින් පැමිණෙන පිංවතුන්ලාගේ සිත් තුළ කෙළෙස්‌ ඇතිවන අසභ්‍ය ආකාරය හැසිරෙන්න එපා. මේවා අටමහ අකුසල් ගණයටයි වැටෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අටමහ කුසල් වශයෙන් පන්සල් කුටි පූජා කිරීම, බුදුපිළිම වහන්සේලාට පූජා කිරීම, කඨින පිංකම් සිදුකිරීම, වැසිකිළි කැසිකිළි පූජාකිරීම, අශ්ඨ පරිශ්කාර පූජා කිරීම වැනි නිරතුරුව පිං වැඩෙන පිංකම් දේශනාකොට තිබෙනවා. අටමහා කුසල් සිදුකිරීමේදී පිංකමෙන් පසුවත් නිරතුරුව පිං වැඩෙනවා. ඒ වගේමයි යම් පිංවතෙක්‌ පන්සල, ආරණ්‍යය පරිසරය අපිරිසිදු කරනවා නම්, අසභ්‍ය ලෙස හැසිරෙමින් තරුණ ස්‌වාමීන්වහන්සේලාගේ, ගිහි පිංවතුන්ගේ සිත් දූෂ්‍ය කරනවා නම්, බලු පැටව් පූස්‌ පැටව් ගෙනත් දානවානම්, ස්‌වාමීන්වහන්සේලාව විවේචනය කරනවා නම්, සාංඝික දේපළ ගිහි පිංවතුන් විසින් පරිහරණය කරනවා නම්, මේවා කරන පිංවතුන් සුවෙන් සිටියත්, ඒ පිංවතුන්ලාගේ ජීවිතවලට පව් එකතුවෙනවා. මේවා අටමහ අකුසල් ගණයටයි වැටෙන්නේ. 

පිංවතුන් මහපාරෙදි දැකලා ඇති, සමහර මානසික රෝගී යාචක පිරිස්‌ සිටිනවා. අවුරුදු ගණනාවකින් ඒ අය නාලා පිරිසිදුවෙලා නැහැ. මුළු ශරීරයම කුණු බැඳිලා. දූවිලි කුණු තැවරුන කිළුටු ඇඳුමක්‌ තමයි ඇඳගෙන සිටින්නේ. හිසකෙස්‌ ඝනව වැවිලා, අඳුරු පැහැයට පොකුරු ගැසිලා තිබෙන්නේ. කෙනෙකුට දකින්න අප්‍රසන්නයි. තමන්ගේ අපවිත්‍රභාවය ඔහුට දැනෙන්නේ නැහැ. මනුෂ්‍ය සමාජය තුළ ජීවත්වෙන මේ අපවිත්‍ර මනුෂ්‍යයා, පෙර ජීවිතයේ පන්සල, ආරණ්‍යය අපවිත්‍ර කළ අටමහා අකුසලයන්ගේම ඵලයක්‌.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2016/01/10/feature02.html

නවාෂ් ශරීෆ්ගේ ලංකා ගමන ගැන කොටි හිතවාදීහු කලබල වෙති!

පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්ගේ ලංකා සංචාරය දෙස ඉන්දියාව විමසිල්ලෙන් සිටි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පතන්කෝට්‌ ගුවන් කඳවුරට පකිස්‌තානයේ සිට පැමිණි ත්‍රස්‌තයන් හයදෙනෙක්‌ දින තුනක්‌ තිස්‌සේ ප්‍රහාර එල්ල කරමින් සිටියද දිල්ලියේ විදේශ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාව භාරව සිටින බ්‍රාහ්මණවංශික නිලධාරීන්ට පකිස්‌තාන අගමැතිගේ කොළඹ චාරිකාව ගැන තොරතුරු ලබා ගැනීම වඩා වැදගත් විය. විශේෂයෙන්ම පකිස්‌තානයේ නිෂ්පාදිත ඡේ.එෆ්. 17 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීම දිල්ලිය නොසන්සුන් කරන්නක්‌ විය. දිල්ලිය නිරන්තරයෙන් කොළඹ ආණ්‌ඩුවට උපදෙස්‌ දුන්නේ මෙම ප්‍රහාරක යානා පකිස්‌තානයෙන් මිලදී නොගන්නා ලෙසය. එහෙත් වයඹ දිග පකිස්‌තානයේ තලේබාන්, අල්ඛයිඩා ඉලක්‌ක වෙත නිවැරැදිව ප්‍රහාර එල්ල කරන ඡේ.එෆ්. 17 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම ලංකාවට අත්‍යවශ්‍යය. කෆීර් යානාවල කාලය ක්‍රමයෙන් ඉකුත් වෙද්දී ශ්‍රී ලංකා රජයට මෙම ගුවන් යානා පකිස්‌තානයෙන් මිලදී ගැනීම හැර අන් විකල්පයකට යැමට නොහැකිය. එහෙත් ඉන්දීය ආරක්‌ෂක උපදේශක අජිත් ඩොවාල් ඇතුළු කණ්‌ඩායම මේ මිලදී ගැනීම පිළිබඳව පරල වී සිටින බව නම් පැහැදිලිය. නමුත් මේ අවස්‌ථාවේදී අජිත් ඩොවාල් අවධානය යොමුකළ යුත්තේ ලංකාව පකිස්‌තානයෙන් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම නොව ත්‍රස්‌තවාදීන් හයදෙනකු පැමිණ පතන්කෝට්‌ ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළේ කෙසේද යන්න පිළිබඳවය. එහිදී සිදුවූ ආරක්‌ෂක දුර්වලතා පිළිබඳවය. 

පකිස්‌තානය යනු ශ්‍රී ලංකාවේ සැබෑම මිතුරෙකි. එය අගමැති නවාෂ් ශරීෆ් ඉදිරියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද යළි සිහිකර සිටියේ ඒ කළගුණ කිසි විටක අප අමතක නොකළ යුතු නිසාය. ඉන්දියාව අප දෙස නිරන්තරව බැලුවේ කුහක ආකාරයෙනි. උතුරේ ත්‍රස්‌තවාදය ආරම්භ කිරීමට මූලික වූයේද රෝ ඔත්තු සේවය බව අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. 2000 මැයි මාසයේදී කොටින්ගේ නොනවතින රැල්ල මෙහෙයුම වේගවත් වී ආරක්‌ෂක හමුදා සාමාජිකයන් හතළිස්‌දහසක්‌ යාපනයේ සිරවන තත්ත්වයක්‌ උදාවූ විට ඉන්දියාව ප්‍රකාශ කළේ කුමක්‌ද? ප්‍රහාරක අවි සැපයීම තමන්ට කළ නොහැකි බවත්, අවශ්‍ය නම් හමුදා සාමාජිකයන් යාපනයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට නැව් සැපයිය හැකි බවත් නොවේද? මේ අර්බුදකාරී අවස්‌ථාවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පකිස්‌තාන හමුදා පාලක ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් මහතාගේ ජංගම දුරකථනයට කතා කරමින් අවශ්‍ය සහාය ඉල්ලා සිටියාය. ජෙනරාල් මුෂාරෆ් වහාම අවශ්‍ය ඕනෑම උදව්වක්‌ සැපයීමට එකඟ විය. අලිමංකඩ කොටි අතට පත් වී නොනවතින රැල්ල යාපනයට ළඟාවෙද්දී ඒ රැල්ල ආපසු හැරවීමට ජෙනරාල් මුෂාරෆ් ඉතා ඉක්‌මනින්ම මල්ටි බැරල් රොකට්‌ ලොන්චර් එවීමට කටයුතු කළේය. 2000 මැයි මාසයේ දී මේ ප්‍රහාරක අවි කරච්චියේ සිට කොළඹ දක්‌වා ගුවනින් ප්‍රවාහනය කරනු ලැබුවේ කොටි ප්‍රහාර නැවැත්වීමට ඒවා අත්‍යවශ්‍ය වූ බැවිනි. එනිසා ශ්‍රී ලංකා ජනතාව සෑම විටම රටේ ඒකීයභාවය රැක ගැනීම වෙනුවෙන් අනුපමේය සහායක්‌ ලබාදුන් පකිස්‌තානයට ගරුකළ යුතුය. 

ලංකාව යුද ආධාර ඉල්ලූ සෑමවිටකදීම ඉන්දියාව මේ සටන් නිසා දෙමළ ජනතාවට අසාධාරණයක්‌ වන්නේ යෑයි පවසමින් ප්‍රහාරක අවි සැපයීමට එකඟ වූයේ නැත. 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රජය යුද ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළ අවස්‌ථාවේ ලිපියක්‌ ලියමින් හිටපු රෝ ඔත්තු සේවයේ ප්‍රධානී බී. රාමන් ප්‍රකාශ කළේ කුමක්‌ද? පකිස්‌තානය හා චීනයේ තීරණාත්මක මැදිහත්වීම නිසා ලංකා යුද ජයග්‍රහණය සිදුකළ බවයි. මේ යුද ජයග්‍රහණය පිළිබඳව ඉන්දියාවට තිබුණේ කාලකණ්‌ණි සතුටකි. ලංකාව පකිස්‌තානයට හා චීනයට ළංවනු දැකීම දිල්ලි ආණ්‌ඩුවේ සතුටට හේතුවක්‌ වූයේ නැත. නමුත් දිල්ලි ආණ්‌ඩුව ලංකා රාජ්‍යය අපහසුතාවට පත්වූ අවස්‌ථාවල නිර්ලෝභීව උදව් කිරීමට කැමැති වූයේ නැත. ඒ අඩුව පිරවූයේ පකිස්‌තානය හා චීනය විසිනි.

අගමැති නරේන්ද්‍ර මෝදි සිය ලංකා සංචාරයේ දී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරමින් මෙරට බෞද්ධයන්ට යම් පණිවුඩයක්‌ දුන්නා සේම නවාෂ් ශරීෆ් අගමැතිවරයාද මහනුවර දළදා මාළිගාව නැරැඹීමට අමතක නොකළේය. කවරක්‌ වෙතත් පකිස්‌තාන අගමැතිගේ ලංකා සංචාරය සමඟ කොටි හිතවාදී බලවේගද කලබලයට පත්ව ඇත.

පකිස්‌තානය ශ්‍රී ලංකා රාජ්‍යය තවදුරටත් හමුදාකරණය කිරීම සඳහා සහාය දක්‌වන බව පවසමින් නවාශ් ෂරීෆ්ගේ සංචාරය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ පුවතක්‌ පළකර තිබිණි. දෙස්‌ විදෙස්‌ කොටි හිතවාදීන් වඩාත් කලබලයට පත්ව තිබෙන්නේ පකිස්‌තානය ඡේ.එෆ්. 17 ප්‍රහාරක යානා අටක්‌ මෙරටට අලෙවි කිරීම පිළිබඳවය. 

වරක්‌ හිටපු පකිස්‌තාන හමුදා පාලක ජෙනරාල් ෆර්වේෂ් මුෂාරෆ් හින්දු ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ක්‍රියාත්මක වී ඇතැයි ප්‍රකාශ කළේ ලංකාවේ කොටි ත්‍රස්‌තයන් පිළිබඳවය. 

1999 දී පැවැති ශ්‍රී ලංකා හමුදාවට 50 වසරක්‌ සැපිරීමේ උත්සවයට සහභාගි වී නැවත කරච්චිය බලා ගිය එවක හමුදාපති පර්වේශ් මුෂාරෆ්ට ගුවන් තොටුපළට ගොඩ බැසීමට අවසර ලැබුණේ නැත. අවසානයේ ඔහු හමුදාව යොදවා අගමැති නවාෂ් ශරීෆ් බලයෙන් පහකර දැමුවේය. මේ අතීත කතාවයි. එදා ලංකාවේ සිට ගොස්‌ අගමැතිවරයාව බලයෙන් පහකර දැමූ මුෂාරෆ් 2008 වන තෙක්‌ පකිස්‌තානයේ පාලකයා විය. පතන්කොට්‌ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව හා පකිස්‌තානය අතර ඇති විරසකය මෝදු වෙද්දී නවාෂ් ශරීෆ් අගමැතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේද කොළඹට පැමිණි අවස්‌ථාවේදීය. මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ අඟහරුවාදා දිනයේ බව ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ ට්‌විටර් පණිවුඩයේ සඳහන් වේ. ඒ කවරක්‌ වෙතත් හිටපු හමුදා පාලක ජෙනරාල් ෆර්වේෂ් මුෂාරෆ්ට මෙන්ම වර්තමාන පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්ටද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිදුවීම දෛවෝපගත සිදුවීම් වන බව නම් පැහැදිලිය. 

චතුර පමුණුව
http://www.divaina.com/2016/01/10/forign.html

උපන් රටේ අනාථයන් බවට පත්වූ සිංහලයෝ

නැවත පදිංචි කිරීම යන වාක්‍ය අපට මාධ්‍යයන් හරහා නිතර ඇසෙන්නකි. යුද්ධය නිසා ගම්බිම් හැර යන්නට සිදු වූයේ ද්‍රවිඩ මුස්‌ලිම් මිනිසුන්ට පමණක්‌ නොවේ. සිංහල ජනයාද රාශියකට සිය ගම්බිම් හැර දමා යන්නට සිදු විය. දෙමළ වැසියන් ගම්බිම් හැරදා ගියේ කොටි සහ හමුදාව අතර යුද්ධයට මැදිව සිටිය හොත් මරු මුවට පත් වන්නට ඉඩ ඇතැයි ඔවුන් සිතු බැවිනි.

නමුත් සිංහල සහ මුස්‌ලිම් වැසියන් ගම්බිම්වලින් පලා ගියේ ඔවුන්ගේ දෑස්‌ ඉදිරිපිටදී ඔවුන්ගේ සහෝදර වැසියන් ද්‍රවිඩ කොටි විසින් මරා දැමූ හෙයිනි. එදා සිංහලයන් පලා ගියේ ඇඳිවත පමණක්‌ ඉතිරිවූ දිළින්දන් වශයෙනි.

යුද්ධය නිසා පලාගිය දෙමළ වැසියන් කෙරෙහි දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අනුකම්පාව හිමි විය. ඔවුන් නැවත පදිංචි කරවන ලෙස ජාත්‍යන්තරයෙන් පවා රජයට දැඩි බලපෑම් එල්ල විය. යුද්ධයේදී විනාශ වූ ගෙවල් නිවාස වෙනුවට අලුතින් නිවෙස්‌ ඉදිකර ගන්නට විදේශ රටවල් පවා දෙමළ ජනයාට මුදලින් උපකාර කළහ.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයක්‌ පවා අලුතින් ඇති කරන ලදී. ඒ අනුව දෙමළ ජනයාට තමන් කලින් පදිංචිව සිටි ඉඩකඩම් නැවත ලැබුණු අතර ඔවුන්ට නව නිවාසද ලැබිණි.

ඉරක්‌කණ්‌ඩිය ගමේ ඛේදවාචකය කියන්නට සිදුවන්නේ මේ පසුබිම මතය.

ඉරක්‌කණ්‌ඩිය යනු ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ නිලාවේලියට ආසන්නයේම පිහිටි ගම්මානයකි. මෙම ගම්මානය ආරම්භ කරනු ලැබූයේ ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණි ගැමියන්ගේ මහන්සියෙනි. නවසිය ගණන් වල ඉරක්‌කණ්‌ඩිය යනු වනාන්තරයකි. ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් ජාතීන් තුනේම වැසියෝ එකතුවී ඉරක්‌කණ්‌ඩිය කැලෑව කපා කොටා පැල්පත් තනාගෙන එය වාසභූමි බවට පත්කර ගත්හ. වැදගත්ම කාරණය වූයේ මේ සිටින දෙමළ මුස්‌ලිම් වැසියන් එකම පවුලක්‌ සේ සාමයෙන් සමගියෙන් වාසය කිරීමය. එකිනෙකාගේ මරණයට මගුලට සහභාගි වන්නට වර්ගයා ගේ වෙනස ඔවුන් බාධාවක්‌ කර ගත්තේ නැත. සිංහලයා දෙමළ දැන සිටි අතර ද්‍රවිඩ මුස්‌ලිම්වරු සිංහල ඉගෙන ගත්හ.

සැබවින්ම ඉරක්‌කණ්‌ඩිය මිනිස්‌ පවුලක අසිරිමත් බව විදහා පාන ගම්මානයක්‌ සේ බැබළෙමින් තිබිණි. 50 දශකයේ මුල්භාගයේ ඇරඹුණු මේ ගම්මාන අසූව දශකයේ මුල් දක්‌වා පරම්පරා තුනක සිංහල දෙමළ මුස්‌ලිම් වැසියෝ සහජීවනයෙන් කල් ගෙවූ නිස්‌කලංක ගමක්‌ විය.

ප්‍ර්‍රශ්නෙ පටන් ගත්තෙ 1985 දී. එතකොට යුද්දෙ පටන් අරං. සිංහල, දෙමළ නෑකම දුරස්‌ වෙන්න පටන් ගත්තා මං. වැඩිහිටි දෙමළ මිනිස්‌සු අපට වරදක්‌ කළේ නෑ. නමුත් දෙමළ තරුණයො අපි දිහා බැලුවෙ වෛර ඇහින්.

වින්නැහිය විස්‌තර කළේ ඩබ්. මර්සි ප්‍රනාන්දුය. ඇය උපන්නේත් ඉරක්‌කණ්‌ඩියෙහිමය. අවු 50. ක්‌ යනතුරු ජීවත් වූයේද ඒ ගමෙහිය.

රටේ යුද්ධය වැඩි වෙද්දී දෙමළ තරුණයො අපට තර්ජනය කරන්න පටන් ගත්තා. හිටපු ගමන් සිංහල පවුල්වල අය අතුරුදන් වෙන්න පටන් ගත්තා. එයාලගෙ මළ කඳන්වත් හමු වුණේ නෑ. ඒත් අපි ගමදාල ගියේ නෑ. ඒ වුණාට දෙමළ අය අපට කිව්ව ගමෙන් පිට වෙන්න කියල. නොගිය නම් මැරුම් කරන්න වෙන බව අපට තේරුම් ගියා. අපි නම්බුකාර විදියට සල්ලිය බාගෙ හරි හම්බ කරගෙන හිටිය මිනිස්‌සු. අපි ගමෙන් පිට වුණේ ඇඳන් හිටිය වස්‌තරේ පිටින්. ගෙදර තිබිච්ච ලුණු කැටයක්‌වත් අරන් යන්න අපට ඉඩ ලැබුණේ නෑ. අහුවෙච්ච වාහනවල එල්ලිල එහෙම නැත්නම් හැතැප්ම ගණන් පයින් ඇවිදගෙන අපි ගමෙන් පිට වුණේ මරණ බයට.

මෙසේ අසරණව ඉරක්‌කණ්‌ඩිය ගමෙන් පිටවූ සිංහල පවුල් සංඛ්‍යාව 67 කි. ඉනික්‌බිති කබලෙන් ලිපට වැටුණු සැටි සුසන්තිකා දේවිකා විස්‌තර කරන්නේ මෙලෙසයි.

මම එතකොට ළමයෙක්‌. මගේ අම්මයි තාත්තයි දෙන්නම කොටි මැරුව. අම්මගෙ මළ කඳවත් අපට දකින්න ලැබුණෙ නෑ. අපි ගමදාල ගිහින් ඈත පළාත්වල ඉන්න නෑදැයන්ගෙ ගෙවල්වල ජීවත් වුණේ. මගේ ළමා කාලය හරිම දුක්‌තයි. අපි තැන් තැන්වල ජීවත් වුණේ. මම වැඩිහිටියෙක්‌ වුණේ අනාථයෙක්‌ විදියටයි. ජීවත් වෙන්න අපි නොයෙක්‌ විදියේ රස්‌සාවක්‌ කළා. සුළු සුළු රැකියා කළේ. 2009 දී ඒ කියන්නෙ අවු( 24 කට පස්‌සෙ ආණ්‌ඩුවෙන් අපට ආපහු එන්න කිව්ව ගමේ පදිංචි වෙන්න. අපි හරිම සංතෝසෙන් අපේ උපන් ගමට ආපසු ආවෙ. ඒත් අපට සිද්ධ වුණේ කබලෙන් ලිපට නෙමෙයි. ලිපෙනුත් පහළට වැටෙන්නයි.

සිංහල වැසියන්ගේ ජීවිතවල බරපතළ ඛේදවාචකය සිදු වන්නේ නැවත පදිංචියට ඔවුන් ආ පසුවයි. නැවත පදිංචි වූවන්ගේ සුබ සාධක සංගමයේ සභාපති එම්. ජී. ප්‍රියන්ත වර්තමාන තත්ත්වය පැහැදිලි කරන්නේ මෙලෙසයි.

2009 සැප්තැම්බර් වල ඉරක්‌කණ්‌ඩිය ගමට අපි ආවේ. අපි ආපහු ආවෙ හරිම සතුටකින්. සිංහල පවුල් ටික රට පුරා තැන් තැන්වල විසිරිල හිටියෙ. තැන් තැන්වල පොඩි රස්‌සා කරමින් ජීවිත ගැට ගහගෙන හිටියෙ. ඉතින් අපි අපේ ගම්වල නැවත පදිංචි කරනවයි කියල ආණ්‌ඩුව කිව්වහම අපිට ලොකු සතුටක්‌ දැනුණා.

ඉස්‌සෙල්ලාම අපි නැවතුනේ අපි ගියපු ඉගෙන ගත්තු සිංහල ඉස්‌කෝලෙ. ඉස්‌කෝලෙ බෝඩ් එක තිබුණේ නෑ. අපි අඟුරු කෑල්ලකින් සිංහල විද්‍යාලය කියල ලොකු අකුරින් ලිව්වා.

අපි එනකොට අපේ ඉඩම්වල දෙමළ මිනිස්‌සු පදිංචි වෙල ඉන්නව. නැවත පදිංචි කරන තුරු ඉන්න කියල ආණ්‌ඩුව අපිව තාවකාලික අනාථ කඳවුරකට දැම්මා. ඒවා ගෙවල් නෙමෙයි. ටකරන් මඩු. ඒව හදල දුන්නෙ සේවා ලංකා ආයතන විසින්.

ඉතින් අපි ආපහු අපි පදිංචි වෙලා හිටපු ඉඩම් ලැබෙන කං බලා හිටියා. ජීවත්වෙන්න ළඟ පාත හෝටල්වල අතුගාන වැඩ කළා. පිඟන් හේදුවා. ඒත් අපට ඉඩම් ලැබෙන වගක්‌වත් නැවත පදිංචි කරන පාටක්‌වත් පේන්න නෑ.

අපි කට්‌ටිය කොළඹ ගියා. ඉඩම් කොමසාරිස්‌තුමා හම්බු වෙන්න. ඉඩම් කොමසාරිස්‌තුමා කරුණු තේරුම් අරන් වහාම ලිඛිත නියෝගයක්‌ කළා මේ මිනිස්‌සුන්ට ඉඩම් නිදහස්‌ කරන්න කියල. ඉඩම් නිදහස්‌ කිරීම කරන්න ඕන නිලාවෙලි ප්‍රාදේශීය ලේකම්වරයා. නමුත් ඔහු ඒක කළේ නෑ. අතුරුදන් වූවන්ගේ කොමිසම නිර්දේශ කළා මේ ඉඩම් නිදහස්‌ කරන්න කියල. 

වෙනකක්‌ තියා 1989 ඔක්‌( 27 ගැසට්‌ පත්‍රයකින් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා මෙලෙස ඉඩම් අන්සතු කළ නොහැකි බවට නියෝගයකුත් නිකුත් කරල තියෙනවා. එහෙම ගැසට්‌ නිවේදනයක්‌ තියෙද්දි අපේ ඉඩම් දෙමළ මිනිස්‌සුන්ට පැවරුවෙ කොහොමද?

සිංහල පවුල් 27 ක්‌ තවමත් ගමේ තම ඉඩම් දෙස බල බලා අනාථ කඳවුරු වල ජීවත්වේ. වඩාත් පැහැදිලිව කිවහොත් ඉරක්‌කණ්‌ඩිය සිංහල වැසියෝ උපන් බිමේ උපන් රටේ උපන් ගමේ අනාථයන් බවට පත්ව සිටී.

නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයක්‌ තිබේ. එහෙත් ඇමැති ස්‌වාමිනාදන් මහතා සිංහලයන්ගේ මේ ඉඩම් ප්‍රශ්නය දෙස තවමත් බලා නැත.

නැවත පදිංචි කිරීම යනු දෙමළ ජනයාට පමණක්‌ ඔවුන්ගේ ඉඩම් යළි පවරාදීමද? ඔවුන් හා සමානව යුද්ධය නිසා ගම්බිම් අතහැර පලා යන්නට සිදුවූ සිංහල ජනයාට ඒ සාධාරණය ඉටු නොවන්නේ ඇයි? සංහිඳියාව යනු මෙය දැයි අපට ප්‍රශ්න කරන්නට සිදුවේ.

මේ සිංහලයන්ගේ ප්‍රශ්නය අන්තිමට නතරවී ඇත්තේ නිලාවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ළඟය. මෙම ඉඩම් යළි ඉරක්‌කණ්‌ඩිය ගම්වැසියන්ටම පවරා දෙන ලෙස ඉඩම් කොමසාරිස්‌වරයාද ත්‍රිකුණාමල දිසාපතිවරයාද ඇතුළු කොමිෂන් සභා කිහිපයකින්ම නිර්දේශ කර තිබියදී නිලාවෙලි ප්‍රාදේශීය ලේකම් නිහඬව සිටින්නේ ඇයි?

නිලාවෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලේකම්වරු ඇතුළු අනෙකුත් සියලු නිලධාරීන් ද්‍රවිඩයන්ය. සිංහලයන්ට අයත් මේ අනාථ ප්‍රශ්නය දෙස ඔවුන් නොබලන්නේ ඒ නිසා දැයි ඉරක්‌කණ්‌ඩිය සිංහලයන් නගන ප්‍රශ්නය සාධාරණය. ප්‍රශ්නය සිංහලෙන් කතා කළ විට නිලාවෙලි ප්‍රාදේශීය ලේකම් ලේකම් කාර්යාලය අහක බලන්නේ ඇයි?

මෙය උපන් ගමේ අනාථයන් බවට පත්වූ පිරිසකගේ හද පාරවන ප්‍රශ්නයකි. සාමය සංහිඳියාව යන්න රජයේ ප්‍රමුඛ තලයේ තේමා පාඨයකි. එහෙත් එය ක්‍රියාත්මක වන්නේ එක්‌ ජාතියකට පමණක්‌ද?

බොදුබල සේනා, රාවණා බලය ආදී වශයෙන් සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නෝ සිටිති. එහෙත් ඉරක්‌කණ්‌ඩිය ගමේ සිංහල වැසියන් 9 වසරක්‌ තිස්‌සේ තවමත් වෙසෙන්නේ තම උපන් ගමේම අනාථ කඳවුරකය. ඔවුන් වෙනුවෙන් කවුරු හෝ හඬ නැගිය යුතු නොවේද?

චන්ද්‍රසිරි දොඩන්ගොඩ, ඡායාරූප සමන් රණවීර
http://www.divaina.com/2016/01/10/feature14.html

බුද්ධාගම, බුද්ධ ශාසනය හා ඒකීය රාජ්‍යය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ හැකිද?

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ආරක්‌ෂා කර තිබෙන ඒකීය රාජ්‍යයත්, බුදු දහමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමීමට හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමට රජය වෙත පැවරී ඇති යුතුකමත් අතර ජීවමාන බැඳියාවක්‌ ඇත. මෙම වැදගත් කාරණාවන් දෙක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 2 හා 9 වගන්තිවල සඳහන් කර ඇත. 9 වන වගන්තිය හුදෙක්‌ කල්පිතයක්‌ පමණක්‌ වන බව ඇතැම් අය තර්ක කරති. මෙය අප රටේ, ඉතිහාසය හා ආණ්‌ඩුක්‍රමය පිළිබඳව හැදෑරීමකින් තොරව කරනු ලබන පුහු තර්කයකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට රජය විසින් මුල පිරීමට නියමිතය. එවන් අවදියකදී 9 වන වගන්තියේ ජීවමාන වැදගත්කමත් එය ඒකීය රාජ්‍ය කෙරෙහි කොතෙක්‌ බලපෑම් ඇතිකරන්නේද යන්නත් සම්බන්ධයෙන් කෙටි ගවේෂණයක්‌ කිරීම මෙම ලිපියෙන් අදහස්‌ කෙරේ.

බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම හා ශාසනය පෝෂණය කිරීම යනු වසර 2500 කට අධික කාලයක්‌ තිස්‌සේ අප රටේ අඛණ්‌ඩව පැවති රාජ්‍ය ප්‍රතිපත්තිය වේ. (රට විදේශ ආක්‍රමිකයන්ගේ හා බටහිර රටවල පාලනයට නතු වූ අවස්‌ථාවලදී පමණක්‌ බුදුදහමට හා ශාසනයට ලබා දී තිබූ මෙම වැදගත්කම යටපත් කර තිබේ.) මිහිඳු මහරහතුන්ගේ වැඩම කිරීමෙන් පසුව දේවානම් පියතිස්‌ස මහරජතුමා විසින් බුද්ධශාසනයේ භාරකාරයා ලෙසට පත්වී ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම රාජ්‍ය ප්‍රතිපත්තියට මුලපිරුවේය. බුද්ධ ශාසනයේ හා බුද්ධ ධර්මයේ බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවගේ දෛනික ජීවිතය, කලාව හා සංස්‌කෘතිය, අධ්‍යාපනය, කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග යනාදී සෑම අංශයකම පදනම බවට පත්විය. ඒ අනුව බුදු දහමත් ජනතාවත් රජ්‍ය පාලනයත් හා නීතියේ පාලනයත් අතර අන්‍යෝන්‍ය වශයෙන් තිබූ බැඳීම එකිනෙකින් වෙන්කළ නොහැකි සේ මුහුවිය. එමෙන්ම ඒවා එකිනෙකට ගැලපෙන පරිදි හැඩගැසිනි. නිතියේ පාලනය සැලකීමේදී බුදුදහම අප රටේ ප්‍රධාන නීති මූලාශ්‍රය විය. 

බුද්ධාගම රජයේ ආගම බවත් ශ්‍රී ලංකා දේශය බුදුන්ට අයත් බවත් හා ශ්‍රී ලංකාවේ රජකිරීමට සුදුසු වන්නේ බෞද්ධ රජෙකුට පමණක්‌ වන බවත් 13 වන සියවසේදී ලියූ පූජාවලියේ සඳහන් වේ. 1769 දී ලන්දේසි ආණ්‌ඩුකාර විල්හෙම් ෆෝ(ල්)ක් විසින් වාර්තා තබන ලද ලක්‌ රජ ලෝ සිරිත නැමැති ග්‍රන්ථයෙහි එකල මහනුවර විසූ භික්‌ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ කර ඇති පරිදි රජු (රාජ්‍ය පාලකයා) විසින් බුදුදහම හැර වෙනත් ආගමක්‌ ඇදහිය නොයුතු බවට නීතියක්‌ තිබූ බවට සටහන් තබා තිබේ. 1816 ජූනි 03 දිනැති රොබට්‌ බ්‍රවුන් ඉංගී්‍රසි ආණ්‌ඩුකාරයා විසින් ලියන ලද ලිපියේ උඩරට රාජධානියත් බුදු දහමත් අතර බිඳ නොහැකි බැඳියාවක්‌ තිබෙන බවත් බුදුන් විසින් රජුන්ව විදේශ බලවේගයන්ගෙන් හා බලපෑම්වලින් ආරක්‌ෂා කරනු ලබන බවට (ලක්‌වැසියන්) විශ්වාස කරන බවත් සඳහන් කර ඇත. එලෙස බුදුදහමේ රැකවරණය ලැබූ රජවරුන්ගේ පරම වගකීම හා යුතුකම වූයේ ශ්‍රී ලංකාව එකම ධජයක්‌ යටතේ පාලනය කිරීමයි.

1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමට බුදු දහම ආරක්‌ෂා කරන බවට වූ කොන්දේසියක්‌ ඇතුළත් කිරීමට ඉංගී්‍රසින්ටද සිදුවිය. එහෙත් පසුකාලීනව එංගලන්ත කතෝලික බලපෑම මත එම එකඟතාව අනුව කටයුතු කිරීමට බාධා එල්ල විය. ඒ අනුව බුදු දහමට හා ශාසනයට හිමිව තිබූ උත්තරීතර හා කේන්ද්‍රීය ස්‌ථානය ඉංගී්‍රසින් විසින් පනවන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මගින් ලබා නොදෙන ලදී. (මාගේ හැඟීම අනුව) විදේශ රටක්‌ හෝ රජයක්‌ විසින් මෙරට රාජ්‍ය බලය අල්ලා ගැනීමේදී පහර දිය යුතු වන කේන්ද්‍රීය ලක්‌ෂය වනුයේ බුදු දහමේ උත්තරීත්වයයි. 1972 දී අපේ රට සැබෑවටම බ්‍රිතාන්‍යයන්ගේ පාලනයෙන් වෙන්වන තෙක්‌ම බුදු දහමටත් ශාසනයටත් ලබා දී තිබූ ප්‍රමුඛත්වය ද සමස්‌ත රටම ද එකවිට විදේශීය අධිරාජ්‍යවාදීන්ට යටත් වී තිබුණි.

බුදුදහමට තිබූ මෙම පූජනීය හා රාජ්‍යතාන්ත්‍රීක වැදගත්කම වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ජනතාව විසින්ම රජුන්ටත් ඉහළින් ස්‌ථානගත කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ බුදුදහම හා ශාසනය ආරක්‌ෂා කිරීමට කැපවීමේ සහතිකය රජකම ලැබීම සඳහා වූ මූලික සුදුසුකමක්‌ බවට පත්වීමයි. පසුකාලීනව දන්ත ධාතූන් වහන්සේ වටා රාජ්‍ය බලය සංකේතාත්මකව කේන්ද්‍රගත කර ගැනීමට රජයටත් ජනතාවටත් හැකියාව ලැබුණි. ඒ අනුව යමෙකු රජු ලෙසට ජනතාව විසින් පිළිගනු ලැබූයේ ඔහු දන්තධාතූන් වහන්සේගේ භාරකාරත්වය දැරුවේ නම් පමණකි. මෙම පිළිගැනීමට ගරුකිරීමට උඩරට ගිවිසුම ඇතිකර ගන්නා අවස්‌ථාවේදී ඉංගි්‍රසි පාලකයින්ටද සිදුවිය.

එසේ වුවද භික්‌ෂුන් වහන්සේ රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙසට මැදිහත් වූයේ නැත. සමානාත්මතාවය, මෛත්‍රීය කරුණාව මුදිතාව වැනි අදටත් බටහිර නීතිවේදීන්ට හරිහැටි අවබෝධකරගත නොහැකි දියුණු හා සංකීර්ණ බෞද්ධ සිද්ධාන්ත ප්‍රායෝගිකව හුරුකළ දේශීය ජනතාව විසින් අන්‍යාගමික හා අන්‍යජාතික ජනතාවටද අන් කිසිදු සමාජයක නොමැති තරමේ වූ ආරක්‌ෂාවක්‌ නිදහසක්‌ හා ගරුත්වයක්‌ පිරිනමන ලදී. ඉන්දියන් සාගරය මධ්‍යයේ ස්‌ථානගත වී තිබෙන ශ්‍රී ලංකාවට වසර දෙදහසකට වැඩි කාලයක්‌ තිස්‌සේ නොපැමිණි ජාතිකයෙක්‌ හෝ අන්‍ය ආගමිකයෙක්‌ හෝ නොවීය. එහෙත් අප ජනතාව හා ඔවුන් අතර කිසිදු විටක ආගමික හෝ වාර්ගික ගැටුමක්‌ හටගත්තේ නැත. මෙරට ගැටීම් හා යුද්ධ හටගෙන ඇත්තේ විදේශීය බලවේග විසින් අප රටේ පාලන බලය අල්ලාගත් හෝ අල්ලාගැනීමට උත්සාහ ගත් අවස්‌ථාවලදීය. ඒවා ජාතිවාදී හෝ වර්ගවාදී ගැටුම් නොව රටේ නිදහස වෙනුවෙන් කළ දැවැන්ත සටන් හා නිදහස්‌ අරගලයන්ය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නිති සිද්ධාන්තයන් මෙම සංසිද්ධියට ආදාළ කිරීමේදී ලොව අන් රටක නොදැකිය හැකි වූ සුවිශේෂ තත්ත්වයක්‌ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අප රට තුළ පැවති බව පෙනේ. ජනතාව විසින් ආගමික වශයෙන් වන්දනීය වූ බුදු දහම සත්‍ය වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයේ හා නීතියේ පාලනයේ මෙන්ම රාජ්‍ය බලයේද උත්තරීතරම බලකේන්ද්‍රස්‌ථානය විය. ඒ අනුව බුදු දහම රාජ්‍ය බලයේ ආරම්භක ස්‌ථානය නොහොත් පරමාධිපත්‍ය බලයේ කේන්ද්‍රිය ලක්‌ෂය විය. පරිපාලන යාන්ත්‍රණය හරහා පහළට සාරෝපනය වූයේ රජුගේ බලය නොව බුදු දහම මත පිහිටා රජු විසින් අත්කරගත් බලයයි. 

ඒ අනුව දෙවන පෑතිස්‌ රජුගෙන් ආරම්භ වී මෙරට බටහිර යටත් විජිතයක්‌ බවට පත්වන තෙක්‌ම නොවෙනස්‌ වූ මූලික ලක්‌ෂණවලින් හා ආකෘතියකින් යුත් අලිත ව්‍යවස්‌ථාවක්‌ දේශය තුළ ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එහි මුලිකම ලක්‌ෂණය වූයේ බුදු දහමට ප්‍රමුඛස්‌ථානය ලැබීමත් හා රාජ්‍ය බලය ද එයින්ම ජනනය වීමත්ය. ඒ අනුව පරමාධිපත්‍ය බලය රජු වෙත සෘජුව නොතිබූ බවත් රජු විසින්ද තම රාජ්‍ය බලය අත්කර ගන්නා ලද්දේ ඔහු විසින් යටත් විය යුතු වූ හා ජනතාව විසින් ප්‍රමුඛස්‌ථානය ලබා දී තිබූ බුද්ධාගම යන ජීවමාන බලවේගයෙන් වූ බවත් බුද්ධාගම, රාජ්‍ය හා ජනතාව අතර තිබූ මෙම සම්බන්ධය හා එහි පිළිවෙළ සම්බන්ධය විග්‍රහ කිරීමේදී පෙනී යයි. එය අපටම උරුම වූ හා මෙරට ස්‌ථාපිත වූ ව්‍යවස්‌ථාවේ මුලික ආකෘතිය ද ඓතිහාසික වශයෙන් විකාශය වූ අපගේම ව්‍යවස්‌ථා සම්ප්‍රදායද වෙයි. 

බුද්ධ ශාසනය යන්නට දේශීය ජල තීරයෙන් සීමාවන සමස්‌ත භූමිය තුළ පිහිටි සියලුම වෙහෙර විහාරස්‌ථාන ඇතුළු බෞද්ධාගම රට තුළ ස්‌ථාපිත කොට ක්‍රියාත්මක කිරීමෙහිලා දායක වන හා අවශ්‍ය වන සියලු ස්‌ථාන හා ආයතනද සියලුම භික්‌ෂුන් වහන්සේලාද අයත් වෙයි. සත්‍ය වශයෙන්ම ඊට භික්‌ෂු භික්‌ෂුණි උපාසක උපාසිකා යන සියල්ලම ඇතුළත් විය යුතුය. ඒ අනුව රටත් බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කොට පෝෂණය කිරීම රජු වෙත ජනතාව විසින් පිරිනමා තිබූ පරම වගකීම හා යුතුකම වේ. එම යුතුකම ඉටුකිරීමේදී මෙරට භෞමික අඛණ්‌ඩතාවය හා රාජ්‍යයේ ඒකීයත්වය රජු විසින් අනිවාර්යයෙන්ම ආරක්‌ෂා කරගත යුතු වෙයි. රජු වෙත පැවැරී තිබූ මෙම යුතුකම හා වගකීම රජු විසින් රටත් ජනතාවත් රැකගැනීම පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම දක්‌වා පුළුල් වන ආකාරයෙන් අරථ නිරූපණය කළ හැකිය.

එබැවින් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දීමටත් බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත්, ඒකීය රාජ්‍ය ආරක්‌ෂා කිරීමටත් රජය යටත් කරවන වත්මන් ව්‍යවස්‌ථාවේ ඇතුළත් කර ඇති 2 හා 9 වන වගන්ති අප රටටම ආවේණික වූ හා මෙරට වසර දෙදහසකට අධික කාලයක්‌ පැවති හා රට, ජනතාව හා සංස්‌කෘතිය ආරක්‌ෂා කරන ලද ව්‍යවස්‌ථාවේ මූලික පදනම දමා ඇති වගන්තීන්ය. ඒ අනුව එම වගන්ති හා එයින් පනවා තිබෙන සදාතනික නියමයන් වෙනස්‌ කිරීමට හෝ ඉවත් කිරීමට (ජනමත විචාරණයකින් පවා) කිසිම ආණ්‌ඩුවකට හෝ නායකයෙකුට අයිතියක්‌ හෝ හැකියාවක්‌ නොමැති බවද අප විසින් අවධාරණය කරගත යුතුය. රටේ අනාගතය ද පැවැත්ම ද අනන්‍යතාවය ද අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්‌ෂිත වීම සහතික වන්නේ ද එම මූලික සිද්ධාන්තවලින් පමණක්‌ බවද වටහා ගත යුතු වේ. එබැවින් 1978 ව්‍යවස්‌ථාවේ පනවා ඇති 2 වන හා 9 වන වගන්ති නිරුපද්‍රිතව තබාගැනීමට කැපවීම බෞද්ධ භික්‌ෂුවගේ මෙන්ම ජනතාවගේ ද වගකීමයි. 

2015 ජනාධිපතිවරණයට තරගකිරීමේදී වත්මන් ජනාධිපතිතුමා විසින් පැහැදිලිවම ප්‍රකාශ කරන ලද්දේ එම වගන්තීන් ඇතුළු ජනමත විචාරණයකින් පමණක්‌ වෙනස්‌ කළ හැකි අන් කිසිදු වගන්තියකට කිසිදු සංශෝධනයකදී අත නොතබන බවය. එසේ වුවද 2016 ජනවාරි 9 දින පිහිටුවීමට යෝජිත ව්‍යවස්‌ථාදායක සභාවට පෙර සඳහන් සියලු වගන්තින් ඉවත්කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමෙන් වැළකී සිටීමට ඉඩ ලැබේ. එවැන්නක්‌ සිදුවුවහොත් එමගින් ශ්‍රී ලංකාවේ අන්‍යතාවයට ද රටේ හා ජනතාවගේ ආරක්‌ෂාවටද භෞමික අඛණ්‌ඩතාවට ද රටේ අනාගතයට ද දේශීය බෞද්ධ සංස්‌කෘතියටද පිළියම් යෙදිය නොහැකිවූ බරපතල අන්තරායක්‌ සිදු වේ. 

එසේ හෙයින් ගරු ජනාධිපතිතුමා විසින් ජනතාව වෙත ජනාධිපතිවරණයේදී දුන් පෙරොන්දුව ඉටුකරමින් පෙර සඳහන් වගන්ති නව ව්‍යවස්‌ථාවක්‌ තුළ නිරුපද්‍රිතව ආරක්‌ෂා වන බවට සහතිකයක්‌ ලබා දිය යුතු වෙයි. එසේම නව ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීමේදී රටේ ඒකීයභාවය ආරක්‌ෂා කිරීමේ හා බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමේ හා බුද්ධ ශාසනය රැකගැනීමේ රාජ්‍ය යුතුකම සහතික කරන ප්‍රකාශයක්‌ අගමැති විසින් ද ලබා දිය යුතු වෙයි. එම සහතිකය ලබා දෙන තෙක්‌ කිසිදු ව්‍යවස්‌ථා සංශෝධනයකට සහය නොදෙන බවට වූ පූර්ව කොන්දේසියක්‌ සියලුම දේශ හිතෛෂී මන්ත්‍රීන්වරුන් විසින් ඉදිරිපත් කළ යුතු වේ. එය මාතෘ භුමිය වෙනුවෙන් ඔවුන් විසින් ඉටුකළ යුතු වගකීමකි.

ශ්‍රී ලංකාවට උචිත ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී දේශිය භික්‌ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම සහභාගි කරවාගත යුතු වන බවත් බටහිර ආභාෂය හා චින්තනය පමණක්‌ අත්කරගෙන සිටින (ඊනියා) විශේෂඥයින්ට පමණක්‌ ශ්‍රී ලංකාවට උචිත ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කිසිදු සුදුසුකමක්‌ හැකියාවක්‌ හෝ අයිතියක්‌ නොමැති බවද රජය විසින් අවබෝධ කරගත යුතු වේ.

නීතිඥ කණිෂ්ක විතාරණ
http://www.divaina.com/2016/01/10/feature11.html

Wednesday, January 6, 2016

ත්‍රස්තවාදීන් කිරි පෙවූ ඉන්දියාවට පාඩමක්

ඉන්දියාවේ පතන්කොට්‌ ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව ප්‍රවෘත්තිය මේ වන විට ලොව පුරා අවධානයට ලක්‌ව තිබේ. පසුගිය සෙනසුරාදා (02 දා) අලුයම් කාලයේ සිට ඉරිදා (03 දා) සවස්‌ කාලය වනතුරුත් ත්‍රස්‌තවාදීන් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කරමින් තිබිණි. එම ප්‍රහාරයෙන් ඊයේ වන විට හමුදා සාමාජිකයන් 11 දෙනෙකුද, කඳවුරට ප්‍රහාර එල්ල කරමින් සිටි ත්‍රස්‌තවාදීන් 05 දෙනෙකුද මරණයට පත්ව තිබිණි. ඉන්දු - පාකිස්‌තාන දේශ සීමාවේ පිහිටි අතිශය වැදගත් ඉන්දීය කඳවුරක්‌ වන මෙහි ප්‍රහාරක ගුවන් යානා හා හෙලිකොප්ටර් රඳවා තිබේ. ඉන්දීය ආරක්‍ෂක අංශ පවසන්නේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ "ජයිල් මොහොමඩ්" නම් සංවිධානය බවයි. ඉන්දියාවේ මාධ්‍ය සඳහන් කර තිබුණේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ පාකිස්‌තාන ඔත්තු සේවාව බවයි. එහෙත් පාකිස්‌තානය පතන්කොට්‌ ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. එය යහපත් ප්‍රවනතාවක්‌ බව කිව යුතුය.

කෙසේ හෝ අප කල්පනා කරන්නේ මෙය ඉන්දියාවට පමණක්‌ ලඝූ කළ හැකි අර්බුදයක්‌ නොවන බවය. අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන්ගේ බලපෑම මේ වනවිට සමස්‌ත ලෝකය පුරාම පැතිර යමින් පවතී. ත්‍රස්‌තවාදය පිළිබඳව අතිශය කුරිරුතම අත්දැකීම් රාශියකට මුහුණ දුන් රට ශ්‍රී ලංකාවයි. මෙරටින් තුරන් කරන ලද්දේ "ලොව භයානකම ත්‍රස්‌තවාදීන්" යෑයි ජාත්‍යන්තරය විසින්ම නාමකරණය කරන ලද ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී නඩයකි. එහෙත් ජාත්‍යන්තරයම කිරිපොවා ඇති දැඩි කරන, පෝෂණය කරන ත්‍රස්‌තවාදීන් (කුලියට මිනී මරන්නන්) අද ජාත්‍යන්තරයේම රටවල්වලට පාරා වළල්ලක්‌ වී තිබේ. ත්‍රස්‌ත තර්ජන අතර ආසියාකරයේ රටවල්වල පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල "මරාගෙන මැරෙන සෙල්ලම්" දමන්නේ ද ජාත්‍යන්තරය "හීලෑ" යෑයි සිතා සිටින ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්ය. ඇමරිකාව බියෙන් සලිත කළේද, පැරිසිය ගුවන් ගමන් නවතා දමා ඇඳිරි නීති ප්‍රකාශ කළේද, බ්‍රිතාන්‍ය දෙසැම්බර් 31 වැනිදා සියලු ආරක්‍ෂක විධිවිධාන තරකරමින් ප්‍රහාරයක්‌ ගැන සිතමින් සිටියේද මේ ත්‍රස්‌තයන් නිසාය. (දෙසැම්බර් 31 වැනිදා යුරෝපයේ බොහෝ රටවල් බැරෑරුම් ලෙස ආරක්‍ෂාව ගැන සැලකිළිමත් වෙමින් සිටියහ.)

අපේ රට ලෝකයට ත්‍රස්‌තවාදයේ ඇති භයානකකම පැහැදිළි කරන විට කිසිවෙකුත් එය පයිසෙකට මායිම් කළේ නැත. අද යුරෝපයට ඇතුළුවන ක`ථහම ඇති කවරෙකු වුවද ත්‍රස්‌තවාදියකු යෑයි සැකකරන මට්‌ටමට ආරක්‍ෂාව ගැන තක්‌කු මුක්‌කු වී සිටින ජාත්‍යන්තරයේ රටවල් එදා බුරුතුපිටින් "ත්‍රස්‌තවාදීන්" ට තමන්ගේ රටවල දේශපාලන රැකවරණය ලබාදුන්නේ සරණාගතයන් ලෙස සලකමිනි. ජාත්‍යන්තරය මේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන් හැඳින්වූයේ "විමුක්‌තිකාමීන්" යන සුරතල් නාමයෙනි. විශේෂයෙන් ජාත්‍යන්තරය පමණක්‌ නොව අපේ "අසල්වැසියන්" යෑයි හඳුන්වන රටවල් පවා "ත්‍රස්‌තවාදය" සම්බන්ධව නිවැරැදි ප්‍රතිපත්තියක සිටි බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත. අද වන විට පත්තු වී තිබෙන්නේ මේ පෙර වැරදිවල තුවක්‌කුය.

එංගලන්තයේ ආරක්‍ෂක ලේකම් මයිකල් µeලන් පසුගිය දවසක අපූරු ප්‍රකාශයක්‌ කර තිබිණි. ඒ "ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් කිරීමට නම් එරට ක්‍රියාත්මක මානව හිමිකම් පනත අත්හිටුවිය යුතු බවය. ඔහු ඒ බව කියා තිබුණේ එංගලන්ත පාර්ලිමේන්තුවේදීය. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් වදින බ්‍රිතාන්‍ය හමුදා මානව හිමිකම් පනත කිසිදු දුෂ්කරතාවට පත්ව සිටින බව මයිකල් µeලන් අවධාරණය කර තිබිණි.

2009 වර්ෂයට පෙර පමණක්‌ නොව ඊට පසු වසර කිහිපයේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීම සඳහා අපේ රට ගත් ක්‍රියාමාර්ග මානව හිමිකම් කඩකිරීම් යෑයි චෝදනා කරන ජාත්‍යන්තරයත්, ජාත්‍යන්තරයට බඩගැත්තරකම් කරන අටෝරාශියක්‌ සංවිධාන සහ මානව හිමිකම් ගැන කටමත දොඩවන පොරවල් යෑයි කියා ගන්නා අය මේ ගැන කියන්නේ කුමක්‌ද? මයිකල් µeලන් මානව හිමිකම් කඩකිරීමට උත්සාහ දරනවා යෑයි යුද අපරාධ අධිකරණයට කැඳවනවාද?

අප විශ්වාස කරන්නේ "ප්‍රහාර" තවමත් අවසන් නැති බවය. ලෝකය ත්‍රස්‌තවාදය ගැන අලුතෙන්ම හිතන්නට පටන් ගන්නා වර්ෂයක්‌ හැටියට 2016 නම් කළ යුතුය.

http://www.divaina.com/2016/01/05/editor.html

වන්දනාවේ යන බව කියා මුස්‌ලිම් පිරිසක්‌ සිරියාවට ගිහින් - ආරක්‌ෂක ලේකම්

ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ වෙනත් රටවල වන්දනාවේ යන බව සඳහන් කරමින් අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක සිරියාවට ගොස්‌ තිබෙන බවට වාර්තා වී ඇතැයි ආරක්‌ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට (බීබීසී) සඳහන් කර තිබේ.

මෙම පිරිසට දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් කණ්‌ඩායමක්‌ අයත් වන අතර ඔවුන්ගෙන් කොටසක්‌ අයි.එස්‌. නමැති ඉස්‌ලාමීය රාජ්‍ය ත්‍රස්‌තවාදීන්ට එකතුවී ඇතැයි සැලකෙන බවද ආරක්‌ෂක ලේකම්වරයා පවසා ඇත. 

මෙම පිරිස ලංකාවෙන් පිටත් වූයේ කවදාද, කෙසේද යන්න පිළිබඳ තොරතුරු ලැබී නැතැයිද හෙතෙම පවසා තිබේ. 

මෙසේ සිරියාවට ගොස්‌ ඇති කණ්‌ඩායමට පුද්ගලයන් තිස්‌හය දෙනකු අයත් වන බව ආරක්‌ෂක බුද්ධි අංශ වාර්තා කර ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2016/01/05/news07.html

පෙරහැර සංස්‌කෘතියෙන් හස්‌තියා ගැලවෙයිද? උරුමයද වනසා සිංහල ජාතිය විනාශ කිරීමේ මහා සංවිධානාත්මක ප්‍රයත්නයක්‌ දිගටම!

මෑත භාගය වන විට යම් යම් භඨධ සංවිධානවල උසිගැන්වීම මත හස්‌තියා බෞද්ධ විහාරස්‌ථානවලින් සහ බෞද්ධ ප්‍රජාවගෙන් උදුරා ගනිමින් සිටින අතර නොයෙක්‌ ගම් දනව් සිසාරා සිංහල ජාතිය විනාශ කිරීමේ මහා සංවිධානාත්මක ප්‍රයත්නයක්‌ දිගටම සිදුකරමින් පවතී. එනම් සිංහල ස්‌ත්‍රීන්ට ද වඳ සැත්කම් හොර රහසේම කිරීම සහ නොයෙකුත් කෑම වර්ග කෑමට සලස්‌වමින් සිංහල ජාතිය බෝවීමේ ක්‍රියාවලිය ක්‍රම ක්‍රමයෙන් අඩාල කිරීමට කටයුතු කරමින් පවතී. මෙවැනි දේ රජය මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට වගබලා ගත යුතුය. නැතිනම් මෙය පොදු මහත් සිංහල බෞද්ධ ජනතාවගේ ඓතිහාසික උරුමය සහ හෙට දවසේ අනාගතය ගැන නොතකා ක්‍රියා කිරීමකි.

"සුදු සක ලෙසට ඇත් පැටියෙක්‌ විත් යහනේ
සුදු සොඬ ටිකෙන් මගෙ බඩ පිරි මදිති අනේ
සුදු යම් දෙයක්‌ සිදිවෙයි මම දුටු සීනේ
සුදසුන් නිරිඳුනේ මොකදැයි ඒ සීනේ"

මහාමායා දේවිය දුටු සිහිනය යශෝදරාවත කවියා වර්ණනා කරන්නේ එලෙසය. බෝසත් සිරිතට අනුව ඇසළ පෝය දිනයක රාත්‍රියෙහි මහාමායා දේවිය සිහිනෙන් දකින්නේ සුදු පියුමක්‌ සොඬින් රැගත් සුදු ඇත් පැටවෙක්‌ ඇගේ නිදිහයන වටා තුන්වටක්‌ ප්‍රදක්‍ෂිණා කොට ඇගේ කුස තුළට ඇතුල් වූ අයුරුය. එම සිහිනෙන් නිවේදනය කෙරුණේ මහා බෝසත්වරයකු මව් කුස පිළිසිඳ ගත් සුබ ප්‍රවෘත්තියයි. මෙහිදී ඇත්පැටවා සුබ සම්මත වස්‌තුවක්‌ ලෙස නිරූපණය විණි.

අතිශය ජනාදරයට පාත්‍ර වූ වෙස්‌සන්තර ජාතක කතාවට අනුව සුදු ඇතා (ඇළි ඇතු) රටට සතුට සම්පත සෞභාග්‍යය උදා කළ උතුම් සත්ත්වයෙකි. සත්පුරුෂ මානව ගුණ ධර්ම නිරූපණය කෙරෙන මාතුපෝසක ජාතකය (මහා බෝසතුන් ඇතෙකුව ඉපිද සිය මව බලාගත් අයුරු කියවේ.) ආදී ජාතක කතා රැසකම පරමාදර්ශී සත්ත්ව චරිතයක්‌ ලෙස හස්‌තියා අපට හඳුනාගත හැකිය. අප සංස්‌කෘතිය තුළ හස්‌තියාට පූජනීයත්වයක්‌, රාජකීයත්වයක්‌ හිමිවීමට මෙම බෞද්ධ සාහිත්‍ය ආභාෂය සහේතුකව බලපෑ බව පෙනෙයි.

ශ්‍රී ලංකාවට ආවේණික වූ හස්‌තියාගේ පෞරුෂ ලක්‍ෂණ රැසක්‌ පැරණි ලේඛකයන්ගේ දේශාටකයන්ගේ නොමඳ පැසසුමට ලක්‌වී ඇත. රොබට්‌ නොක්‌ස්‌ එදා හෙළදිව කෘතියේදී සඳහන් කරන්නේ "ශ්‍රී ලංකාවේ ඇතුන් ඉන්දියාවේ ඇතුන්ට වඩා කීර්තිමත්ය. සුන්දරය" යනුවෙනි. (එදා හෙළදිව 104 පිට) මිගස්‌තිනීස්‌ සඳහන් කරන්නේ "විශාලම වර්ගයේ ඇත්තු බහුල ලෙස රංචු වශයෙන් මෙහි සිටිත්, මේ ඇත්තු ඉන්දියාවේ ඇතුන්ට වඩා ශක්‌ති සම්පන්නය. පෙනුමෙන් විශාලය. හැම අතින්ම ඒ ඇතුන්ට වඩා බුද්ධිමත්ය" (ඡේ. ඩබ්ලිව්. මැක්‌ක්‍රින්ඩල් මිගස්‌තිනීස්‌ සහ ඇරියන් විස්‌තර කර ඇති පුරාණ ඉන්දියාව 1887 පිටු 173, 175) මේ අනුව මෙරට හස්‌තීන් අතීතයේ සිට සුවිශේෂී ලක්‍ෂණවලින් යුක්‌ත වී ඇත.

අතීතයේදී හස්‌තියා අණ බෙර ලෑම සඳහා මෙන්ම පෙරහැරෙහි ද යොදාගත් බවට සාධක අපට හමු වේ. පාහියන් නම් චීන දේශාටක භික්‍ෂුව මෙරට උත්සවයක්‌ සංවිධානය වූ අයුරු දක්‌වන තැන "උත්සවයට දින දහයකට කලින් ඇතකු පිටෙන් අණබෙරකාරයකු යවයි. ඔහු බුද්ධ චරිතය ගැන කෙටි විස්‌තරයක්‌ කොට අනතුරුව පිං කැමැති අය මඟ සාදා නුවර සෑම විදියක්‌ම සරසා තෙල් මල් පහන් සුවඳ පිළියෙළ කොට ගනිත්වයි දන්වයි"

ලක්‌දිව ඉපැරණි ප්‍රධාන බෞද්ධ පෙරහැර වූයේ මහනුවර ඇසළ පෙරහැරයි. එයට අද මෙන්ම අතීතයේදී හස්‌තීන් යොදාගත් අයුරු රොබට්‌ නොක්‌ස්‌ විස්‌තර කරයි.

දේවාලයේ කපුරාළ තෙමේ අඩක්‌ වැසී යන පරිදි පට පිළි ඔතා මල් මාලාවලින් අලංකාර ලෙස සරසන ලද ලීයක්‌ ගෙන පෙරහැර කරයි. ජනතාව ඊට වැඳ නමස්‌කාර කර පුද පූජා පැවැත්වීමෙන් පසු කපුරාළ මුකවාඩම් බැඳ දඬු කඩ කර තබා තමා දෙපස අලංකාර ලෙස සරසන ලද අලි ඇතුන් ගමන් කරද්දී ශ්වේත වර්ණයෙන් චමත්කාර ලෙස සරසන ලද හස්‌තියකු පිට නැගී තුමුල උත්සව ශ්‍රීයෙන් යුක්‌තව නගරයේ වීථි සංචාරය කරන්නේය. මේ පෙරහැරෙහි වූ කලී බඳ දෙපස මිණි ගෙඩි එල්ලා විසිතුරු ලෙස සරසන ලද අලි ඇතුන් සතලිස්‌ ගණනක්‌ ගමන් කරති." (එදා හෙළදිව 258 සිට)

දෙවන පැරකුම්බා දවස මෙරට සිදුකරන ලද වෙසක්‌ උත්සවයක්‌ පිළිබඳ දක්‌වන තැන පූජාවලියෙහි "එදවස වෙසරාජයන් හස්‌ති රූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස තුමූ ස්‌ර්වාභරණයෙන් සැරසී සිව්රඟ සෙන් ගෙන දළදා පාත්‍ර ධාතුරත්න කර්මාන්තයෙන් හෙබියා වූ අනඟි රථාලංකාරයකට වඩා මඟුලැතුන් දෙදෙනකුහට යොදා" (පූජ්‍ය ඥාණවිමල සංස්‌කරණය 195 පිට) මේ අනුව හස්‌තියා ඓතිහාසික වශයෙන් මෙරට පූජනීයත්වය, රාජකීයත්වය උරුම කරගෙන සිටි සත්ත්වයෙක්‌ බව පෙනෙයි.

පැරණි ලක්‌දිව රාජ්‍ය පාලකයා තෝරා ගැනීමේදී සිව් අබරණින් සැරසූ කඩොල් නම් මඟුල් ඇතකු යොදාගත් බව ජනශ්‍රැතියෙහි කියෑවේ. එම හස්‌තියා සරසා පෙරහැරෙන් වීථි සංචාරය කිරීමේදී යමකු පාමුල දණ නැමුවේ නම් ඔහු රජ ලෙස තෝරා පත්කර ගැනීම සිරිත විය. මෙරට ජන විඤ්ඥාණය තුළ හස්‌තියා කෙරෙහි වූ විශ්වාසය, ගෞරව සම්ප්‍රයුක්‌තභාවය ප්‍රකට කරන අවස්‌ථාවකි.

මෙය මහාවංශයට අනුව මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන බෞද්ධ ධර්ම දූත පිරිසට නවාතැන් ගැනීමට මෙරට විශාල ගොඩනැඟිල්ලක්‌ නොමැති වූ විට රාජකීය ඇත්ගාල පිරිසිදු කරදුන් බව කියවේ. එසේම මහා විහාර සීමා ලකුණු කිරීමේදී ද රන් නගුලක්‌ යෙදවූ මහා පුදුම කුංජරය යන අතිශය ශෝභමාන ඇතුන් දෙදෙනකු යොදාගෙන ඇත. රුවන්වැලි මහා සෑය ඉදිකරන විට ද එහි පාදම ඇතුන් ලවා මැඩවා ශක්‌තිමත් කළ බව මහාවංශයේ සඳහන් වේ. (මහාවංශය 1996 130 පිට)

ලක්‌දිව යුද්ධ කාර්යයෙහි ද හස්‌තියා සුවිශේෂී ස්‌ථානයක්‌ ඉසිලූ බවට ඓතිහාසික සාධක හමු වේ. දුටුගැමුණු එළාර යුද්ධයේදී කඩොල් නම් ඇතකු පෙරමුණ ගෙන සටන් කළ බව මහා වංශය සඳහන් කරයි. (මහා වංශය 1996 114 පිට) කඹුරුගමුවේ වනරතන හිමියන් මාතර මානව වංශය හා පුරා විද්‍යාත්මක ඉතිහාසය කෘතියේදී මෙරට යුද කාර්යයෙහි ප්‍රබල ඇතුන් මාතර නිල්වලා නදී තීරයෙහි පිහිටා තිබූ ඇත් ගාලෙහි සිටි බව පවසයි. "බල මදැතුව මා තොට ඇත්හලේ නිලේ" යන මයුර සංදේශ පද්‍ය පාඨය එය තවදුරටත් තහවුරු කරන්නේය. මෙම ඇත්හලේ සිටි ඇත් විශේෂ හඳුන්වනු ලැබුවේ "රුහුණු ගැටයා" නමිනි. දරුණු යුද්ධවලදී පසු නොබැස සටන් කිරීම මෙම ඇතුන්ගේ ස්‌වභාවය වී ඇත. මාතරට නියමිත ඉපැරණි රාජකීය කොඩියෙහි හස්‌තියකු සහිත ඉර හඳ නිරූපිතය.

සඳකඩපහණ, ගජ ලක්‍ෂ්මි රූපය, ඇත් පවුර ආදී පැරණි කැටයම් කලාවේදී ද හස්‌ති රූපය යොදාගත් අයුරු දැකගත හැකිය. මහනුවර යුගයේ විහාර බිතුසිතුවම් රැසකම හස්‌ති රූපය අපට හමු වේ. මේ සියල්ල තුළින් අපට ප්‍රකට වන ප්‍රධාන කාරණය වන්නේ හස්‌තියා සිංහල සංස්‌කෘතියත් සමඟ අතීතයේ සිටම අවියෝජනීය ලෙස බද්ධ වූ බවය.

පුරාතනයේ සිට සිංහල සංස්‌කෘතියත් හස්‌තියාත් අතර පැවැති අෙන්‍යාන්‍ය සබැඳියාව අපගේ ඓතිහාසික උරුමයක්‌ බව පැහැදිලිය. බෞද්ධ විහාරාරාම කේන්ද්‍ර කොටගත් අප සංස්‌කෘතික ප්‍රවාහයෙහි අවියෝජනීය සලකුණකි හස්‌තියා. වනාන්තර ආශ්‍රිත වූ මෙම සත්ත්වයා හීලෑ කොට ගෘහස්‌ථකරණයට ලක්‌කිරීමෙන් අනතුරුව බෞද්ධ උත්සව පෙරහැර සඳහා උත්කර්ශයෙන් සම්බන්ධ කර ගත්තේය. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය අභියස ගෞරව භක්‌තිය ප්‍රණාමයෙන් මෙම සුවිශේෂ සත්ත්වයා නිරන්තරව ක්‍රියා කර ඇති බවට ලක්‌දිව පෙරහැර ඉතිහාසය සාක්‍ෂි දරයි. සැබැවින් හස්‌තියා යනු එදා මෙදා තුර සිංහල බෞද්ධ සංස්‌කෘතික සම්පතකි. උරුමයකි. මේ බව පැරණි රාජ්‍ය නිලධාරීහු කිසි විටෙකත් අමතක නොකළෝය. අදටත් ඓතිහාසික මහනුවර දළදා මාළිගාවෙහි ඇසළ පෙරහැරෙහි දළදා වහන්සේ වැඩම කරවන හස්‌තිරාජයා ඉන්දියාවෙන් ප්‍රදානය කරනු ලැබූ වත්මන් භාරකාරත්වය හිමි වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාට අයිති නැදුන්ගමුවේ රාජා නම් හස්‌ති රාජයාය.

එසේ නමුත් මෑත භාගය වන විට යම් යම් භඨධ සංවිධානවල උසිගැන්වීම මත හස්‌තියා බෞද්ධ විහාරස්‌ථානවලින් සහ බෞද්ධ ප්‍රජාවගෙන් උදුරා ගනිමින් සිටින අතර නොයෙක්‌ ගම් දනව් සිසාරා සිංහල ජාතිය විනාශ කිරීමේ මහා සංවිධානාත්මක ප්‍රයත්නයක්‌ දිගටම සිදුකරමින් පවතී. එනම් සිංහල ස්‌ත්‍රීන්ට ද වඳ සැත්කම් හොර රහසේම කිරීම සහ නොයෙකුත් කෑම වර්ග කෑමට සලස්‌වමින් සිංහල ජාතිය බෝවීමේ ක්‍රියාවලිය ක්‍රම ක්‍රමයෙන් අඩාල කිරීමට කටයුතු කරමින් පවතී. මෙවැනි දේ රජය මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම නැතිකර දැමීමට වගබලා ගත යුතුය. නැතිනම් මෙය පොදු මහත් සිංහල බෞද්ධ ජනතාවගේ ඓතිහාසික උරුමය සහ හෙට දවසේ අනාගතය ගැන නොතකා ක්‍රියා කිරීමකි.

තවද බෞද්ධ විහාරස්‌ථාන සතු හස්‌තීන්ට බෞද්ධ ප්‍රභූන් සතු හස්‌තීන්ට නඩු පවරා රාජසන්තකයට ගැනීම පිටුපස සිටින්නේ කවුරුන්ද? මෙය අප රටට ආවේණික දේශපාලන හෝ පෞද්ගලික හෝ පළිගැනීමක්‌ විය හැකිද? එසේත් නැතිනම් බුදුදහමට, සිංහල ජාතියට, සංස්‌කෘතියට වින කටින මූලධර්මවාදීන්ගේ තිරය පිටුපස මෙහෙයුමක්‌ විය නොහැකිද? මේ කිසිත් තවම පැහැදිලි නැත. මිතුරු වෙසින් පැමිණෙන මෙම සතුරු උපද්‍රවයෙහි තරම අප රටට වැටහීම නුදුරු අනාගතයෙහි ලබන්නේ බෞද්ධ පෙරහැරක හස්‌තියකු දැකීමට නොහැකි වූ විටයි.

අප අනාගත දූ දරුවන්ට නැරඹිය හැකි වන්නේ හස්‌තීන් නොමැති පෙරහැරකි. වැළලී යන සිංහල සංස්‌කෘතියට කලා ශිල්පයනට නව පුනර්ජීවයක්‌ ලබාදිය යුතු අවස්‌ථාවක අවධියක එකී වගකීම දරන්නන් අතින්ම සිංහල සංස්‌කෘතියේ මළගමට මංපෑදීම කොතරම් ජුගුප්සාජනකද? බෞද්ධ පෙරහැර සංස්‌කෘතියට මළබෙර වයන බලධාරීන්ගේ සහ ඊනියා සත්ත්ව හිංසාවාදීන්ගේ අමනෝඥ ක්‍රියා වහ වහා හෙළාදැකිය යුතුය. සිංහල බෞද්ධ සංස්‌කෘතියත් සමඟ සබැඳි හස්‌තියාගේ සුබ සම්මත උරුමය සුරක්‍ෂිත කළ යුතුය.

පූජ්‍ය පෙතිගමුවේ රාහුල හිමි
http://www.divaina.com/2016/01/05/feature01.html

ශ්‍රී ලංකාවේ අයිසිස්‌ ඒජන්තවරයකු සිටිනවා - ඉන්දීය ත්‍රස්‌තමර්දන බලකාය අනතුරු හඟවයි


ශ්‍රී ලංකාව අයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනයට මුහුණපා ඇති බව රජයේ බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

බුද්ධි අංශ විසින් සකස්‌ කළ අතිශයින්ම රහසිගත වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ.

ගලේවෙල පදිංචිව සිටි මූෂින් නමැති කරාටේ ගුරුවරයා අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වී සටන් කිරීමේදී මියගිය බව හෙළි වූයේ අයිසිස්‌ ත්‍රස්‌ත වෙබ් අඩවියකිනි.

මෙයට මසකට පෙර ඉන්දියාවේ පූනේ නගරයේදී අසුවූ පාසල් සිසුවියක්‌ පැවසුවේ තමාව මෙහෙයවන අයිසිස්‌ ඒජන්තවරයා ශ්‍රි ලංකාවේ සිටින බවය.

මේ හෙළිදරව්ව වසන් කළ නොහැකිය. නැගෙනහිර ප්‍රදේශයේදී ජිහාද් කණ්‌ඩායම් බිහිවී තිබිණි. මේ ජිහාද් කණ්‌ඩායම්වලට විදේශ රටවලින් අරමුදල් ලැබී තිබුණි.

මෙය පුදුමයක්‌ නොවේ. පාකිස්‌තානයේ සිට සංචාරකයන් වේශයෙන් පැමිණෙන පාර්ශ්ව කොළඹ සිට කෙළින්ම යන්නේ නැගෙනහිර පළාත්වලටය. ඒ කුමක්‌ සඳහා ද?

ශ්‍රී ලංකා බුද්ධි අංශ දක්‌වන්නේ අයිසිස්‌ සංවිධානය වෙනුවෙන් ඇතැම් පිරිස්‌ තුර්කිය හරහා සිරියාවට යැම ගැන වාර්තා වී ඇති බවයි. මේ වනවිට පවුල් නවයක්‌ සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ සකස්‌ කළ වාර්තාවේ සඳහන් වී තිබේ. මොවුන්ට කොළඹ තුර්කි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලැබී ඇත.

මේ වසරේ ජුලි මස වාර්තා වූයේ මූෂින් හෙවත් ෂුරයා සලිම් නමැත්තා සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වීම සඳහා තුර්කිය හරහා සිරියාවට ගිය බවයි. මෙමතොරතුරු හෙළිදරව් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට තවදුරටත් වාර්තා වූයේ නැගෙනහිර පළාතට අමතරව කොළොන්නාව, දෙහිවල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවල පාර්ශ්ව ද අයිසිස්‌ සංවිධානයට සහය දක්‌වන බවයි.

එහෙත් මෙරට මුස්‌ලිම් සංවිධාන අයිසිස්‌ සංවිධානය හෙලා දකිමින් එහි නායක අබුබකර් නමැත්තා ඉස්‌ලාම් ධර්මයට පටහැනිව ක්‍රියා කරන බව පවසා ඇත. එසේ වුවත් අන්තර්ජාලය ඔස්‌සේ අද අන්තවාදය ව්‍යාප්ත වී තිබේ.

මේ අන්තවාදී ක්‍රියාදාමයන් හි අතීතය ද සොයාබැලිය යුතුයි. අල්කයිදා නායක බින්ලාඩන්ගේ ඡායාරූපය මුද්‍රණය කළ ටී ෂර්ට්‌ පැළඳ ඇතැම් අන්තවාදීන් කොළඹ මරදානේදී විරෝධතා පැවැත්වූ බව අමතක නොකළ යුතුයි.

ඉන්දීය බුද්ධි අංශ මෑතකදී පැවසුවේ අයිසිස්‌ ජාලයක්‌ ඉන්දියාවේ ද ක්‍රියාත්මක වන බවයි.

මේ තත්ත්වය මැද විදෙශ් රටවල් දෙකක්‌ ද ශ්‍රී ලංකාවට අනතුරු අඟවමින් ශී ලංකාවේ අයිසිස්‌ ක්‍රියාකාරීත්වය ගැන හෙළි කර තිබේ.

මෙයට පෙර විදේශ බුද්ධි සේවාවක්‌ විසින් මහනුවර පදිංචි මුස්‌ලිම් ජාතිකයකුගේ සහය ලබාගෙන තමිල්නාඩුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්‌ දියත් කර තිබුණි. මේ සැලසුම කල්තියා අනාවරණය වූයේ එම ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා තමිල්නාඩුවේදී අසුවීම නිසාය. මේ පසුබිම මැද වන්නි මෙහෙයුම සමයේ ක්‍රියාත්මක වූ කාර්යක්‍ෂම බුද්ධි සේවාවක අවශ්‍යතාවය තවදුරටත් මතුවී ඇත.

එසේමඅයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනය හමුවේ ත්‍රස්‌ත මර්ද්‍රන පණත අහෝසි කළ යුතු ද යන බරපතළ ප්‍රශ්නය මතුවී තිබේ.

අයිසිස්‌ යනු භයානක සංවිධානයකි. ෂාරියා නීතිය යෑයි කියමින් සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කරන අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය රටවල් රැසකට සිය අන්තවාදය දියත් කර තිබේ.

මෝල්ටාවේ රාජ්‍ය නායකයා වරක්‌ පැවසුවේ අයිසිස්‌ සංවිධානය තරුණ තරුණියන්ගේ සිත් සතන් තුළට අන්තවාදී අදහස්‌ ඇතුළු කිරීමේ ක්‍රමවේදය වර්ධනය කර ඇති බවයි.

එය සනාථ වන්නේ ඇමරිකාවේ කැලිපෝනියාවේ ආබාධිතයන්ගේ මධ්‍යස්‌ථානයකට එල්ලවූ අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයකිනි. මෙම ඝාතනයට සම්බන්ධ එක්‌ කාන්තාවක්‌ පාකිස්‌තානයේදී අයිසිස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෑත දී ප්‍රංශයේ පැරිස්‌ නුවරට ද අයිසිස්‌ ප්‍රහාර එල්ල විය. ඊට ප්‍රධාන හේතුවක්‌ වූයේ යුරෝපා රටවල් සංක්‍රමණිකයන්ට දේශසීමා විවෘත කිරීමයි. බුද්ධි අංශ විසින් මාස ගණනකට පෙර යුරෝපා දේශපාලකයන්ට ත්‍රස්‌ත ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබුණත් එකී දේශපාලකයෝ ඒ ගැන සැලකීමත් දැක්‌වූයේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ ටියුනීසියාවේ සිට සිනායි අර්ධද්වීපය ඔස්‌සේ පැරිසිය වෙත ද අයිසිස්‌ ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමයි. ඇමරිකාවේ ධවල මන්දිරයේ කථා රචකයකු ව සිටි ඩේවිඩ් ෙµ්‍රdම් වරක්‌ පැවසුවේ තක්‌කඩි දේශපාලකයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති බවයි. යුරෝපයේ සිදුවූයේ ද ෙµ්‍රdම් කළ ප්‍රකාශයයි.

මේ තත්ත්වය මැද සංචාරක වීසා වලින් මෙරටට පැමිණෙන විවිධ රටවල පිරිස්‌ ගැන දැඩි අවධානය යොමු කළ යුතු ඇත. ශී ලංකාවද දැන් අන්තර්ජාලය ඔස්‌සේ වීසා ලබා ගැනීමේ ක්‍රමය දියත් කර තිබේ. 

මෑතකදී රුසියානු ජනාධිපති ව්ලැඩමිලර් පූටින් පැවසුවේ රටවල් රැසක්‌ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට අරමුදල් සපයන බවයි. 

එම තොරතුරු රුසියානු එෆ්.එස්‌. බී. බුද්ධි සේවාව සොයා ගෙන ඇති බව හෙතෙම හෙළි කළේය. 

මේ වාතාවරණය යටතේ මෙයට වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක්‌ අපි අනාවරණය කරන්නෙමු. 

යාපනයේ පොලිස්‌ අධිකාරිවරයකු ව සිටි සුන්දරලිංගම් වසර ගණනකට පෙර එවකට සිටි පොලිස්‌පති වෙත හදිසි සංදේශයක්‌ එවමින් උතුරේ ත්‍රස්‌තවාදය බිහිවීමේ අවදානමක්‌ ඇතැයි සඳහන් කර තිබිණි. එහෙත් ඒ සංදේශය කෙරෙහි අවධානය යොමු වූයේ නැත. එහි ප්‍රතිපලය වූයේ කොටි ත්‍රස්‌තවාදය වර්ධනය වීමයි. අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් ශ්‍රී ලංකාව වෙතද යොමුවී ඇතැයි 2014 වර්ෂයේදී වාර්තා වීය. එහෙත් එවකට පැවැති රජය පැවසුවේ එවන් අවදානමක්‌ නැති බවයි. ඒත් දැන් අයිසිස්‌ තර්ජනයක්‌ ඇති බව බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. 

ඉන්දීය ත්‍රස්‌ත මර්දන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය අයිඕසී තෙල් සමාගමේ විධායක නිලධාරියකු වූ මොහමඩ් සිරාජුඩීන් නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී පූනේ නගරයේ 16 හැවිරිදි පාසල් සිසුවිය ගැන හා ශ්‍රී ලංකාවේ සිටින අයිසිස්‌ ඒජන්තවරයා ගැන අනාවරණය විය.

මෙම අයිසිස්‌ ඒජන්තවරයා ෆේස්‌බුක්‌ හා වට්‌ස්‌ඇප් නමැති වෙබ් අඩවි හරහා ඇය සමඟ සබඳකම් පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

එහෙත් ඔහුව මේ දක්‌වා අල්ලා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකිවී නැත්තේ මන්ද?

ඉන්දීය ත්‍රස්‌ත මර්දන බලධාරීහු මොවුහු හඳුනාගෙන ඇත. පසුගිය නත්තල් දින කෝට්‌ටේ දියත උයනේදී සාකච්ඡාවක්‌ පවත්වන විදේශිකයන් පිරිසක්‌ අපට දක්‌නට ලැබිණි. ඔවුන් කතා කළේ වෙනස්‌ භාෂාවකිනි. ඔවුන් කවුද හා කොහේ සිට පැමිණියේ ද යන්න කිසි කෙනෙක්‌ දන්නේ නැත. මෙය දැඩි සැකයට ලක්‌වන කරුණකි. මොවුන් අයිසිස්‌ අනුගාමිකයන් විය නොහැකිද? ඉන්දීය ත්‍රස්‌ත මර්දන බලධාරීන් දක්‌වන්නේ පිලිපීන ශ්‍රී ලංකාව, ඩුබායි, සවුදි අරාබියාව සහ කෙන්යාව වැනි රටවල ඒකාබද්ධ අයිසිස්‌ ජාලයක්‌ ක්‍රියාත්මක වන බවයි. මෙලෙස අයිසිස්‌ තර්ජනය ගැන බුද්ධි අංශ අනතුරු අඟවද්දී ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙසත් ආරක්‍ෂක වැය අඩු කරන ලෙසත් ද්‍රවිඩ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටී.

මෙමපසුබිම මැද රජය රටේ ජාතික ආරක්‍ෂාවට මුල් තැන දිය යුතුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/01/05/feature02.html

සබැඳි ලිපි -
[
ලංකාවේ අයි. එස්‌. අයි. එස්‌.ට හිතවත් පිරිස වර්ධනය වෙනවා. 45ක් දැනටමත් බැඳිලා - බුද්ධි අංශ රහස් වාර්ථාව ජනපතිටhttp://denethharinna.blogspot.com/2015/12/45.htmlලාංකික මුසලු අන්තවාදීන් 7ක් ISIS සමඟ එක්‌වෙලාhttp://denethharinna.blogspot.com/2015/10/7-isis.html"අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව!http://denethharinna.blogspot.com/2015/07/blog-post_28.htmlමස්‌සිනාත් අයිසිස්‌ ත්‍රස්තයෙක්. ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයාගේ පවුලේ 10 ක්‌ ඉරාකයට පැනලා.http://denethharinna.blogspot.com/2015/07/10_28.htmlඅයි. එස්‌. ත්‍රස්‌ත මුසලු විදුහල්පතිගේ පවුලම කලින්ම ශ්‍රී ලංකාව හැරගිහින්...http://denethharinna.blogspot.com/2015/07/blog-post_25.html"සයිලානිට" පමණක්‌ ලඝු නොවන අනාගත ISIS රාජ්‍යයට ලංකාවත් අයත් විටෙක සිහළ සමාජය තුළ සැඟවෙමින් වැඩෙන මූසලු අන්තවාදය ගැන සිතන්නට යමක්‌http://denethharinna.blogspot.com/2015/07/isis.htmlඅයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකික මුසලු සයදරු පියා - ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනිhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_84.htmlශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.http://denethharinna.blogspot.com/2015/07/77-6.htmlඅයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
]

ලාංකීය මුසළු ත්‍රස්තවාදය හා සබැඳි වෙනත් ලිපි -
[
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.htmlලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

Monday, January 4, 2016

නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්

සද්ධාතිස්ස නිරිදුන් විසින් ගොඩනැගූ, රට දැය සසුන රැකගත් විරුවන්ගේ පහස ලද ඓතිහාසික දිගාමඩුළු රාජධානිය හෙවත් වත්මන් නැගෙනහිර පළා‍තෙන් ඒ අතීත උරුමයත් ඒ උරුමය රැකගත් පරපුරත් අතුගෑවී යන දිනයනම් වැඩි ඈතක නොවන බව පසුගිය කාලය පුරාවටම නැගෙනහිරින් ඇසුණු අභාග්‍යසම්න්න ආරංචිවලින් සිතන්නට සිදුවී තිබේ. දිගාමඩුළු රාජධානිය පුරා බිම් අගලක් ගානේ විසිරී පැතිරුණු ඉපැරණි උරුමයක නශ්ඨාවශේෂයන් එහි අරක්ගත් අන්තවාදීන් විසින් දවසින් දවස මහපොළොවේම වළලා දමමින් සිටිති. නැගෙනහිර විහාරස්ථානවලට අයත් ඉඩකඩම් අත්පත්කරගනිමින් එහි වෙසෙන භික්ෂූන් වහන්සේලා පන්නා දැමීම සදහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සැළසුම්සහගතව සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් සිටින අතර අද වනවිට එහි සුළුතරය වූ සිංහල බෞද්ධ ජනතාවගේ ආනගත ජීවිත පැවැත්ම පවා දැඩි අවධානමකට ලක්ව ඇති බවයි නැගෙහිර පළාතේ බොදු උරුමය රැකගැනීම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවී සිටින භික්ෂූන්වහන්සේලා පවසන්නේ.

කොළඹ දේශපාලනයෙන් ඇස් ගිණිකන වැටුණු අවස්ථාවාදී පක්ෂ විපක්ෂ දේශපාලකයන්ටත්, ඔවුන්ගේ ගැත්තන්ටත් නොපෙනෙන නැගෙනහිර අහිංසක සිංහල බෞද්ධ ජනතාව මුහුණපාමින් සිටින ඛේදවාචකයෙන් බිදක් ත්‍රිකුණාමලය,පුල්මුඩේ, අරිසිමලේ ආරාණ්‍යයයේ නායක හිමිපාණන් වහන්සේ colombotoday සමග පවසා සිටියේ මේ ආකාරයෙන්.

සබැඳි ලිපි -
[
නැගෙනහිර අපේ උරුමය රැකගන්නේ කෙසේද? - HOW CAN WE PROTECT OUR EASTERN HERITAGE?http://denethharinna.blogspot.com/2012/12/blog-post_5831.html
]
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]