Pages

Wednesday, November 23, 2016

ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා ඉන්දියානුවන් උදුරාගන්නා හැටි

ශ්‍රී ලාංකිකයින්ට හිමි රැකියා අවස්‌ථා ඉන්දියානුවන් විසින් උදුරාගනු ඇතැයි අනතුරු අඟවමින් වෘත්තික සංවිධාන පෙරමුණක්‌ විසින් පසු ගිය දිනවල රට පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ දියත් කොට තිබිණි. එහෙත් එම පෝස්‌ටර් දුටු සාමාන්‍ය ජනතාව එවැන්නක්‌ සිදු වන්නේ කෙසේද යන ප්‍රහේලිකාව විසඳා ගැනීම සඳහා කතාබහ කරනු දක්‌නට ලැබුණි. මෙම ලිපියේ අමුණ ප්‍රායෝගිකව එවැන්නක්‌ සිදුවන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමය. පසුගිය දිනවල ''එට්‌කා'' හිතවාදී විද්වතුන් පුන පුනා ප්‍රකාශ කළේ එම ගිවිසුමට සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදය වන පුද්ගලයින්ට රට තුළට පැමිණ සේවා සැපයීමට ඉඩදීමේ ප්‍රතිපාදනය ඇතුළත් නොවන බවයි. මෑතකදී ප්‍රකාශයට පත්කළ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නම් වූ පත්‍රිකාවක්‌ මගින්ද ශ්‍රී ලංකාව එම 4 වැනි ක්‍රමවේදය විවෘත කිරීමට බැදී නැති බවට මහජනතාව මුලා කිරීමට ඔවුන් උත්සාහ කොට ඇත. 

රහසිගත ලේඛනයක්‌ ලෙස සඳහන් කරමින් 2016 ජුනි 08 වැනිදා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කළ ''එට්‌කා'' ගිවිසුමේ අවසන් කෙටුම්පත අනුවද සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදයට අදාලව පැටලිලි සහගත වගන්තියක්‌ ඇතුළත්කොට ඇත. ඊට අනුව සෘජුව ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළෙන් රැකියා සොයා එන ඉන්දියානුවන්ට සහ දීර්ඝ කාලීන වීසා හෝ පුරවැසිභාවය අපෙක්‌ෂා කරන අයට එට්‌කා ගිවිසුමේ ප්‍රතිපාදන අදාළ නොවේ. ඒ පිළිබඳ විවාදයක්‌ නැත. එනමුත් ඒ මගින් සේවා වෙළදාමේ 4 වැනි ක්‍රමවේදය එට්‌කා ගිවිසුමට අදාළ නොවන බවට ව්‍යාජ තර්කයක්‌ මතුකළ නොහැක. ප්‍රායෝගිකව ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළවන ලුහුඬු දැන්වීම් අනුව ඉල්ලුම්කොට රැකියාවක්‌ ලබාගැනීම සඳහා රැකියා වීසා බලපත්‍රයක්‌ ඉල්ලුම් කරන්නේ නැත. එසේම ඉන්දියානුවකු සංචාරක වීසා මගින් රට තුළට පැමිණ රැකියා වෙළෙඳපොළෙන් රැකියාවක්‌ සොයාගෙන පසුව රැකියා වීසා බලපත්‍රයක්‌ ඉල්ලුම් කිරීමද සිදුවන්නේ නැත. එසේ සංචාරක වීසා වලින් රට තුළට පැමිණ නීති විරෝධීව රට තුළ රැකියාවල නියුක්‌ත ඉන්දියානුවන් ලක්‍ෂ 3ක්‌ සිටින බවට වාර්තාවේ. එවැන්නන්ට නීත්‍යානුකූලව රැකියාවක්‌ කිරීම සඳහා අවස්‌ථාව උදාකිරීම ''එට්‌කා'' ගිවිසුමේ එක්‌ මූලික අරමුණකි. 

කෙසේ වෙතත් ''එට්‌කා'' ගිවිසුම අත්සන් කළ පසුව සේවා වෙළෙඳාමට අදාලව එහි කුමන ආකාරයක වචන පටලැවිල්ලක්‌ තිබුණත් නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන්නේ 'ගැට්‌ස්‌' ගිවිසුමේ 5 වැනි පරිච්ඡේදයේ කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාව එකඟ වී ඇති අවම බැඳීමයි. ස්‌වාභාවික පුද්ගලයින් රට තුළට පැමිණ රැකියා කිරීම හෙවත් සේවා වෙළෙඳාමේ 4 වැනි ක්‍රමවේදයට අදාලව ලෝක වෙළෙඳ සංවිධානයේ ගැට්‌ස්‌ ගිවිසුමේ ශ්‍රී ලංකාව විසින් ලබාදී ඇති තිරස්‌ බැදීම් වල සදහන් වන්නේ ඉතා සරළ කොන්දේසියකි. එනම් ශ්‍රී ලංකාවේ රැකියා කිරීමට හෝ ව්‍යාපාර කිරීමට අදහස්‌ කරන විදේශිකයන් ඒ සඳහා රටේ පවතින ආගමන විගමන නීති යටතේ රැකියා වීසා බලපත්‍රයක්‌ ඉල්ලුම් කළ යුතු බවයි. ඒ අනුව එම බැඳීම 'එට්‌කා' ගිවිසුමට අදාළ කරගත් විට ශ්‍රී ලංකාවට පැමිණ රැකියාවක්‌ කිරීමට හෝ ව්‍යාපාර කිරීමට අදහස්‌ කරන ඉන්දියානුවකුට පැනවෙන එකම කොන්දේසිය වන්නේ පවතින නීතිය යටතේ රැකියා වීසා බලපත්‍රයක්‌ ලබාගැනීමයි. එය ඕනෑම රටක පවතින සාමාන්‍ය තත්වයයි. 

එහෙත් ඉන්දියාව විසින් 'ගැට්‌ස්‌' ගිවිසුම යටතේ ලබාදී ඇති බැදීම් වලට අනුව ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ රැකියාවක්‌ ලබාගැනීමේදී බරපතළ කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට සිදුවේ. ඒ අනුව ව්‍යාපාරික සාකච්ඡා සහ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ මාස 3 ක වීසා පමණි. ඊට අමතරව ඉන්දියාවේ ආරම්භ කරන ශ්‍රී ලාංකික සමාගමක හෝ ඉන්දියාවේ පිහිටුවන ශ්‍රී ලාංකික සමාගමක ශාඛාවක්‌ හෝ ඉන්දියානු සමාගමක ශ්‍රී ලාංකිකයින්ට සේවය කළ හැක්‌කේ කළමනාකරුවන් විධායක නිලධාරීන් සහ විශේෂඥයන් ලෙස පමණි. ඊට අමතරව එවැනි පුද්ගලයන් සතු විය යුතු සුදුසුකම් සහ පුහුණුව පිළිබඳ විස්‌තරද කොන්දේසි ලෙස ඇතුල්කොට ඇත. එවැනි ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා බලපත්‍ර ලැබෙන්නේ වසර 5 ක කාලයකටය. නමුත් එසේ ඉන්දියාවේ විද්වත් වෘත්තිකයන් ලෙස රැකියාවක්‌ බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයකුට ලැබෙන්නේ වසර 1 ක වීසා බලපත්‍රයක්‌ පමණි. එය දීර්ඝ කරනු ලබන්නේ මාස 3 කට පමණි. 

එම දීර්ඝ විස්‌තරයෙන් පැහැදිළි වන්නේ ඉන්දියානු කම්කරුවන්ට හෝ ඕනෑම සුළු රැකියාවක්‌ හෝ ස්‌වයං රැකියා කරන අයට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි වුවත් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවෙන් ලැබෙන්නේ ඉතා සීමාසහිත අවස්‌ථා ප්‍රමාණයක්‌ බවය. ඊට අමතරව ශ්‍රී ලාංකික විද්වත් වෘත්තිකයින් ඉන්දියාවේ රැකියා අවස්‌ථා බලාපොරොත්තු වනු ඇත්තේ ඉතා සුළු වශයෙනි. එයට හේතුව එවැනි මට්‌ටම්වල වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ වඩා හොඳ ජීවන තත්වයක්‌ භුක්‌තිවිදිය හැකි වීමය. මේ වන විට ඉන්දියාවේ රට අභ්‍යන්තරයේ මිලියන 120 ක පමණ සංක්‍රමණික කම්කරුවෝ සේවය කරති. එය ඉන්දියාවේ සමස්‌ත ජනග්‍රාහනයෙන් 10% කට වැඩි පිරිසක්‌ වුවන් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉන්දියානු රජය කිසිදු විශේෂ වැඩ පිළිවෙලක්‌ දියත්කොට නැත. ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වී වහලුන් සේ ඉතා අඩු මිලට සහ අඩු පහසුකම් යටතේ තම ශ්‍රමය විකුණා ජීවත් වෙති. එම පිරිසෙන් 40% පමණ ඉතා දුෂ්කර තත්වයන් යටතේ ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ අන්තරාදායක රැකියා කරති. ඒ සමස්‌ත පිරිසෙන් 20% පමණ තායිලන්තය හොං කොං, මැලේසියාව ආදී රටවල් වල නීති විරෝධීව සහ ඉතා ආවාසිදායක කොන්දේසි යටතේ නීත්‍යානුකූලව ද රැකියා කරති. එම පිරිස්‌ බොහෝ විට කෙටිකාලීන ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කොට ආපසු ඉන්දියාවට පැමිණ නැවත විදේශ රැකියාවක්‌ බලාපොරොත්තුවෙන් නාගරික ප්‍රදෙශවල රැකියාවල යෙදෙති. 

ඒ අනුව මිලියන 24 ක පමණ තාවකාලිකව අසල්වැසි විදේශ රටවල රැකියා සොයමින් ඉන්දියාවේ නාගරික ප්‍රදේශවල සුළු රැකියාවල නියුක්‌ත ඉන්දියානු කම්කරුවන් පිරිසක්‌ සිටිති. ඔවුන් අවස්‌ථාවක්‌ ලබාදෙන පළමු මොහොතේම ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලිම් ගැසෙනු ඇත. මේ අයගෙන් අති බහුතරයකට සාමාන්‍ය පවුල් සබඳතා පැවැත්වීමට ලැබෙන ඉඩ ඉතා අවම වන අතර කෙසේ හෝ ජීවිතය ගැට ගසා ගනිමින් තම නිවසට වරින් වර මුදල් ප්‍රමාණයක්‌ යෑවීම ඔවුන්ගේ මූලික අරමුණ වේ. ඔවුන් ඉතා අවම ජීවන මට්‌ටමක්‌ සහිතව ඉතා සුළු පිරිවැයකින් ජීවිතය ගැටගසා ගනිති. එසේම ඔවුහු දීර්ඝ පැය ගණන් වැඩ කරන අතර රාත්‍රියේ මිනිසුන්ගේන් පිරුණු වාතාශ්‍රය අඩු කුඩා කාමර වල වැටී නිදාගනිති. ඔවුන්ගේ පෝෂණ මට්‌ටම සහ ප්‍රතිශක්‌තියද ඉතා අඩු මට්‌ටමක පවතින අතර ඔවුන් ඉතා පහසුවෙන් ක්‍ෂය රෝගය, සමාජ රෝග, මැලේරියාව වැනි බෝවන රෝගවලට ගොදුරුවෙති. ඔවුන් අතර ''එච්.අයි.වී - ඒඩ්ස්‌'' ආසාදිත ප්‍රතිශතය සමස්‌ත සමාජයේ ප්‍රතිශතයට වඩා පස්‌ ගුණයක්‌ පමණ වේ. මීට සියවස්‌ දෙකකට පෙර ලෝකයේ වහල් ශ්‍රමිකයින්ගේ ජීවන තත්වය අද ජීවත් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන්ගේ ජීවන තත්වයට වඩා යහපත් වූ බවට විවිධ පැතිකඩවලින් තර්කානුකූලව ඔප්පු කළ හැක. 

ශ්‍රී ලංකාවේ සමස්‌ත ජනගහනයටත් වඩා වැඩි මෙම සංක්‍රමණික කම්කරුවන් අතුරින් 5% ශ්‍රී ලංකාවට කඩා වැදුනත් එම ප්‍රමාණය ලක්‍ෂ 10 ඉක්‌මවා යයි. ආණ්‌ඩුව ලක්‍ෂ 10 ක රැකියා අවස්‌ථා නිර්මාණය කරන බවට පුරසාරම් දොඩන්නේ එම ඉලක්‌කය මත පදනම්වය. ඒ සා විශාල කම්කරුවන් පිරිසක්‌ කෙටි කාළයක්‌ තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට පෝලීම් ගැසෙන විට ඔවුන්ගේ දිනක වැටුප් මට්‌ටම රු. 650-750 මට්‌ටමට පහළ බැස්‌සවිය හැකි බවද ආණ්‌ඩු වේ ප්‍රති පත්ති සම්පාදකයෝ ඉතා හොඳින් දනිති. ඔවුන් දිගින් දිගටම තර්ක කරන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු වැටුප් මට්‌ටම කලාපයේ රටවලට සාපේක්‍ෂව ඉතා ඉහළ මට්‌ටමක පවතින නිසා විදේශ ආයෝජන දිරිමත් කළ නොහැකි බවය. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අපෙක්‌ෂාව වන්නේ ඔවුන් කියන ඊනියා දැනුම් ආර්ථිකයක්‌ ගොඩනැගීම නොව ලාබ ශ්‍රමය සොයා යන කසළ කර්මාන්ත ප්‍රචලිත කිරීම බව පැහැදිළිව පෙනේ. ඒ අනුව දැනට දිනකට රුපියල් 1000 -1200 මට්‌ටමේ පවතින ශ්‍රී ලංකාවේ නුපුහුණු වැටුප් මට්‌ටම රු. 650-750 දක්‌වා පහතට දැමූ විට ශ්‍රී ලාංකික කම්කරුවා බරපතල සූරා කෑමකට ලක්‌වේ. ඒ මගින් ඔවුන්ගේ ජීවන මට්‌ටම බරපතළ ලෙස කඩා වැටෙන බවට විවාදයක්‌ නැත. 

එවිට පෙරටුගාමී පක්‍ෂය මතුකරන තර්කය අනුව සූරා කෑමට ලක්‌වන ඉන්දියානු කම්කරුවා සංක්‍රමණිකයකු වන බැවින් ඔවුන් වඩාත් දුකට පත්වේ. ඒගැන ඔවුන් දැනටමත් හුරු වී ඇති ජීවන මට්‌ටම අනුව එවැනි වැටුප් මට්‌ටමකින් ඔවුන්ගේ ජීවන තත්වය පහත වැටීමක්‌ සිදුවන්නේ නැත. ජීවන තත්වය පහත වැටී බරපතළ සමාජ, සංස්‌කෘතික සහ මානසික අර්බුදයකට වැඩි වශයෙන් ගොදුරු වන්නේ ශ්‍රී ලාංකික කම්කරු ප්‍රජාව බව ඉතා හොඳින් තේරුම්ගත හැක. ඒ අනුව එට්‌කා ගිවිසුම යනු ඉන්දියානු සහ ශ්‍රී ලාංකික කම්කරු ශ්‍රමය සූරා කෑම සඳහා සාදාගන්නා වහල් උපාංගයක්‌ බවට විවාදයක්‌ නැත. පෙරටුගාමී පක්‍ෂය එවැනි පුළුල් සහ දියුණු විග්‍රහයක්‌ ඉදිරිපත් කළත් රටේ වෘත්තීය සමිති බහුතරයක බලය හිමි ජනතා විමුක්‌ති පෙරමුණ මෙම බරපතළ දුෂ්ඨ වැඩපිළිවෙල පිළිබඳව වෘත්තීය සමිති සාමාජිකයින් දැනුවත් කරන බවක්‌ පෙනෙන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ දැක්‌මේ දුප්පත් කමද එසේ නැතහොත් ආණ්‌ඩුව සමඟ එළඹ ඇති යම් දේශපාලන එකඟතාවයක්‌ද යන්න පැහැදිළි නැත. 

න්‍යායාත්මක පැහැදිලි කිරීම් එසේ තිබියදී මෙම ලිපියේ මුලින් මතුකළ ආකාරයට මහජනයා විසින් අසන ප්‍රධාන ප්‍රශ්නය වන ප්‍රායෝගිකව ඉන්දියානුවන් විසින් ශ්‍රී ලාංකිකයාගේ රැකියා උදුරා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දැන් පිළිතුරු සැපයිය යුතුය. ඒ සඳහා ''එට්‌කා'' ගිවිසුමේ ප්‍රතිපාදන අනුව යොදා ගන්නා මූලික උපාංගය වන්නේ ඉන්දියානු මිනිස්‌ බල සැපයුම් සමාගම් ශ්‍රී ලංකාවේ පිහිටුවීමය. එය සේවා වෙළදාමේ තුන්වන ක්‍රමවේදය සහ හතරවන ක්‍රමවේදය දෙමුහුන් කිරීමකි. එවැනි ''මෑන් පවර්'' සමාගම් දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් රාජ්‍ය ආයතන වල ආරක්‍ෂක සේවා, පිරිසිදු කිරීමේ සේවා වැනි සේවාවන් සපයන අතර එම ක්‍රමය බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇත. ඉන්දියානු සමාගම් සමඟ තරග කරමින් එම සේවා සැපයීමට ශ්‍රී ලාංකික සමාගම් වලට පහසු වන්නේ නැත. බොහෝ විට එවිට සිදුවන්නේ ශ්‍රී ලාංකික සමාගම් පවා ඉන්දියානු කම්කරුවන් යොදා ගැනීමට පෙළඹීමය. ශ්‍රම වෙළදපොළේ ඇතිවන එම තරගයේදී ශ්‍රී ලාංකික කම්කරුවන්ට අඩු වැටුප් බාරගැනීම හැර අන් විකල්පයක්‌ ඉතිරිවන්නේ නැත. 

එසේ තරගකාරීව අඩු මිලට සේවා පිටතින් ලබාගැනීමේ හැකියාව හෙවත් ශ්‍රම වෙළෙඳ පොළේ කාර්යක්‌ෂමතාව වැඩිවන තරමට විශාල මට්‌ටමේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන එම ක්‍රමය වැළඳගැනීමට වැඩි වශයෙන් පෙළඹෙනු ඇත. ක්‍රමයෙන් එම ක්‍රමවේදය තුළට වැඩි ආයතන ප්‍රමාණයක්‌ ඇතුල්වනවාට අමතරව වැඩි සේවා වර්ග ප්‍රමාණයක්‌ ඇතුල්වීමද සිදුවේ. උදාහරණයක්‌ ලෙස ආරක්‍ෂක, පිරිසිදු කිරීම් වැනි සේවා වලට අමතරව වාහන සැපයීම, හෙද සහායක සේවා සැපයීම අදිය පමණක්‌ නොව ගිලන්රථ සේවා පවා එසේ 'ඉන්දියානු මෑන් පවර් සමාගම්' විසින් අත්පත්කර ගනු ඇත. එමගින් නිසැකයෙන්ම රාජ්‍ය සේවයේ විශාල රැකියා ප්‍රමාණයක්‌ විදේශීය පෞද්ගලික සමාගම් විසින් අත්පත්කර ගැනීම සිදුවේ. ඊට අමතරව කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වතු ආශ්‍රිතව පවා ඉන්දියානු කම්කරුවන්ට විශාල වශයෙන් රැකියා අවස්‌ථා ලැබීම තුළ ගොවිතැනට අමතරව කුලී ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන ග්‍රාමීය ජනතාවගේ රැකියා අවස්‌ථාද අහිමිවනු ඇත. ඒ ආකාරයට වතු ආශ්‍රිතව පදිංචිවන ඉන්දියානු ශ්‍රමිකයින් දිර්ඝ කාලීනව රට තුළ රැදී සිටීමට පෙළඹෙනු ඇත. ඔවුන් ක්‍රමයෙන් ස්‌වීකරණය වී ශ්‍රී ලාංකිකයන් බවට පත්වනු ඇති අතර ඒ මගින් රටේ ජන සංයුතියේ වෙනස්‌කම්ද සිදුවනු ඇත. ඊට අමතරව එම නීතිවිරෝධී ක්‍රියා නීත්‍යානුකූල කිරීම සඳහා කූඨ ලේඛණ කර්මාන්තයක්‌ ද ශ්‍රී ලංකාවේ බිහිවනු ඇත. 

මෑන් පවර් සමාගම් සිදුකරන ආකාරයට කම්කරුවන් කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට බඳවාගෙන සේවා සපයනවා වෙනුවට ඔවුන් විසින් කම්කරුවන් වැඩවසම් කොන්දේසි යටතේ එම වතුවලට විකුණා දැමෙණු ඇත. මේ වන විට අප රටේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදිපෙරදිග රටවල විඳින දුක්‌ ගැහැට අප රටේදී ඉන්දියානු කම්කරුවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෑන්පවර් සමාගම් ලෙස හදුන්වන වහල් හිමියන් ලෙස කටයුතු කරන බොහෝ ඉන්දියානු සමාගම්වලට නීති විරෝධීව අසල්වැසි රටවල තරුණ කාන්තාවන් ගණිකාවෘත්තීය සඳහා වෙනත් රටවලට රැගෙන යාම පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී ඇත. මෙම දුෂ්ඨ ව්‍යාපාරයට වැඩි වශයෙන් ගොදුරුවන්නේ නේපාලය සහ භූතානය වැනි රටවල හම සුදු කාන්තාවන්ය. එම සමාගම් විසින් අධික ලෙස ලාභ සහිත එම ව්‍යාපාරය ශ්‍රී ලංකාවට රැගෙන එන බව සහ ඊට විශාල ඉල්ලුමක්‌ ලැබෙන බවටද සැකයක්‌ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ක්‍ෂය රෝගය, මැලේරියාව, සමාජ රෝග සහ ඒඩ්ස්‌. - එච්.අයි.වී වැනි භයානක රෝග වලින් පීඩා විදින සංක්‍රමණික කම්කරුවන් අතරට එම ලිංගික ශ්‍රමිකයින්ද එක්‌ වූ විට ඇතිවන තත්වය සිහිබුද්ධිය ඇති ඕනෑම 'මිනිසෙක්‌ට' සිතින් මවා ගත හැක. ඊට අමතරව ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ ශ්‍රම වෙළෙඳපල සම්පූර්ණයෙන්ම ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් විසින් අත්පත්කර ගැනීමට ඉඩ ඇත. මිලියන 120 ක්‌ වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් අතරින් 40% ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ රැකියාවල නියුක්‌තවේ. ඔවුන් බොහෝ විට කම්කරු කඳවුරුවල රඳවා තබන ඔවුන් අතර කෙටි කාලීනව නීත්‍යානුකූලව සහ එසේ නොවන ලෙස යන එන පිරිස්‌ද අධික වේ. එම නිසා නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් පදිංචිවන කෙටි කාලීනව යන එන කම්කරුවන් මගින් ඉන්දියාවෙන් එන වසංගත රෝග ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ හැකියාවද අධික වේ. 

කෙසේවෙතත් අනාගතයේදී නව මුහුණුවරකින් නැවත ගෙන ඒමට නියමිත යළි පුබුදමු පනත් කිහිපයක්‌ මගින් ඉන්දියානු කම්කරුවන් සපයන සමාගම්වලට අමතරව ඉන්දියානු ගුරුවරු සහ දොස්‌තරලා සපයන සමාගම්ද දිරිමත් කෙරෙනු ඇත. උදාහරණයක්‌ ලෙස පාසල් සංවර්ධන සමිති පනත ක්‍රියාත්මක වුවහොත් ප්‍රධාන පාසල් වලට දැනට රාජ්‍ය සේවයේ සිටින ගුරුවරුන්ට අමතරව පුද්ගලික ගුරුවරු බඳවා ගැනීමට ඉඩ ලැබේ. එම අවස්‌ථා වැඩි වශයෙන් ඉන්දියානුවන්ට ලැබෙන බවට සැකයක්‌ නැත. විශේෂයෙන්ම පාසල්වල ''ඉංග්‍රීසි මාධ්‍ය පිස්‌සුව'' තුළ ඊට වැඩි ඉඩක්‌ ලැබෙනු ඇත. ඊට සමාන ආකාරයට සෞඛ්‍ය අධිකාරී පනත සම්මත වුවහොත් සියළුම ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සියලු ශ්‍රේණිවල සේවක පිරිස්‌ රාජ්‍ය සේවයේ දැනට සිටින සහ කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගන්නා සේවකයින් ලෙස කාණ්‌ඩ දෙකකට බෙදෙනු ඇත. ඒ දෙවන කාණ්‌ඩය ඉන්දියානුවන් විසින් තරගකාරීව අත්පත්කර ගන්නා බවට සැකයක්‌ නැත. ඒ අනුව අනාගතයේදී වැඩවර්ජන වලදී එම ආයතනවල ප්‍රධානීන් ක්‍රියා කරන ආකාරය සිතින් මවා ගැනීම මගින් වෘත්තීය සමිති නායකයින්ගේ මොළයට මෙන්ම ඇඟටද යහපතක්‌ වනු ඇත. මේ මහා පින්තූරය තුළින් 'එට්‌කා' ගිවිසුම දෙස බැලීමට වාම වාදී පක්‍ෂ සහ වෘත්තීය සමිති වල නායකයින්ගේ මොළය පෑදුනහොත් ''එට්‌කා'' පරාජය කිරීම ''මොන කඡ්ජක්‌ද?''

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර
http://www.divaina.com/2016/11/20/feature25.html

ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින්නට නම්... මහරහතුන් වැඩි මග ඔස්‌සේ (චිත්තානුපස්‌සනාව - 13)

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

ආධ්‍යාත්මික රූපයත් මාරයාම වූ කල, මීට උපකාරක ධර්මයන් සකස්‌කොට දෙන විඤ්ඤානයත් මාරයාම වූ කල, මෙහි ඵලය වන, ඵස්‌සය කියන ධර්මතාවත් මාරයාටම අයිති ධර්මතාවක්‌ බවට පත්වෙනවා. ඵස්‌සය පිංවත් ඔබ නිත්‍ය වශයෙන් ගන්නා මොහොතක්‌ පාසා, පිංවත් ඔබ මාරයා, එසේත් නැතිනම් සංස්‌කාර ජීවිතයට එකතු කොටගත් භවගාමී පුද්ගලයෙක්‌ වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව කවදාකවත් අකීකරු ලෝකය හදන්න යන්නේ නැහැ. අකීකරු ලෝකය තුළ භික්‍ෂුව කීකරුව ජීවත්වෙන්නේ අකීකරු ලෝකයෙන් ඇසෙන, දකින, දැනෙන, වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම නිසාමයි. පිංවත් ඔබටත්, අකීකරු ලෝකය වටිනා කමටහනක්‌ බවට පත්වෙන්නේ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම තුළින්මයි. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතා, ඕනෑම අකීකරු ලෝක ධර්මයක්‌ ඉදිරියේ නොසැලී සිටින ශක්‌තිමත්භාවය ලබනවා.

සමහර දෙමාපියන්, ගුරුවරුන් අපට කියනවා මේ දරුවා මට පෙන්නන්න බැහැ කියලා අහවල් මනුෂ්‍යයා මට පෙන්නන්න බැහැ කියලා. ඇයි මෙහෙම වෙන්නේ? වර්තමාන ඵස්‌සය මගේ කොට ගන්නවා. ඵස්‌සය තුළ මම සිටිනවාය කියලා ගන්නවා. ඵස්‌සය මගේ ආත්මය කොට ගන්නවා. උවමනාවෙන්ම මාරධර්මයන්ට ආහාර, පෝෂණය ලබාදෙනවා. වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවත් ඔබ අතීත ඵස්‌සයේද අනිත්‍යභාවය දකින්න. පිංවත් ඔබ ඔබේ ඇස්‌දෙකෙන් මුලිsන් දැක්‌කේ කුමක්‌ද? ඔබේ අම්මාගේ රූපයයි. ඒ දැක්‌ක අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ආච්චී, සීයා, තොටිල්ල, සෙල්ලම් බඩු, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය.... මේ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. විකෘති වී ගියා. අතීතයේ ඔබ දැක්‌ක ඔබේ මහගෙදර, මහ ඉඩම අනිත්‍ය වී ගියා. වෙනස්‌වී ගියා. අහිමිවී ගියා. 

පිංවත් ඔබගේ කනට මුලින්ම ඇසුණාවූ ශබ්දය ඔබට මතකද? ඔබ මවුකුසෙන් එළියට එන වේලාවේ, ශල්‍යාගාරයේ" ඔබ නැඟූ ඔබේම කෑගැසීමේ හඬයි ඔබ මුලින්ම ඇසුවේ. දෙවැනිව ඔබේ අම්මාගේ දරු නැලවිලි, තාත්තාගේ සුරතල් බස්‌, අතීතයේ ඔබට ඇසුණා වූ සෑම ශබ්දයක්‌ම අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ මොනතරම් රූපයන්, මොන තරම් ශබ්දයන් ඔබට දැනෙන්නට ඇතිද? පරිසරයෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් මේ ඇසුණු සෑම මිහිරි වූද ශබ්දයන් අනිත්‍ය වූ හැටි නුවනින් දකින්න. පිංවත් ඔබේ දිවට දැනුණු මුල්ම රසය මව් කිරිවල රසයයි. පිංවත් ඔබ මුලින්ම ඉඳුල් කටගාපු දවසේ දැනුණු ආහාරයේ රසය අනිත්‍ය වූ හැටි නුවණින් දකින්න. ඔබේ නාසයට දැනුන අම්මාගේ සුවඳ, අම්මාගේ ශරීරයේ උණුසුමේ පහස, සිනිඳු ඇතිරිලිවල පහස අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඊයේ දවසේ ඔබ ඇසූ සෑම ශබ්දයකම, සෑම දැනීමකම, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය නුවණින් දකින්න. මේ ඔබ දකින්නේ අතීත ඵස්‌සයේ අනිත්‍යභාවයයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයෙනුත් ඈතට අතීත ජීවිතවල ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න කියලා. පටිච්චසමුප්පන්නව ඉපදුණු ඔබේ ඇසෙන්, ඔබ අතීතයේ කොපමණ නම්, බුදුරජාණන්වහන්සේලා දකින්න ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතන්වහන්සේලා දකින්නට ඇතිද? ඒ උතුමන්ගෙන් කොපමණ නම් සද්ධර්මය අසන්නට ඇතිද. උන්වහන්සේලා නිසා මොනතරම් නම් ධර්මයේ ආශ්වාදයන් දැනෙන්නට ඇතිද? ඔබ ඒ අතීතයේ දැක්‌ක, ඇසුණ, දැනුන සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යවී ගියා. පිරිනිවී ගියා. අහිමිවී ගියා. අතීතයේ පිංවත් ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණු වෙලාවේ, ශක්‍රදෙවියන් වෙලා ඉපදුණු වේලාවේ මොනතරම් අතිසුන්දර, සුඛෝපභෝගී, රූමත්, මිහිරි රූපයන්, ශබ්ධයන්, ස්‌පර්ශයන් දකින්නට ඇසෙන්නට දැනෙන්නට ඇතිද? නමුත් ඒ අතීත සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. දෑස්‌ පියාගෙන, පිංවත් ඔබ දිව්‍ය ලෝකවල ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ අසිරිමත් දිව්‍ය සම්පත්, දිව්‍ය රූපයන්, දිව්‍ය භෝජන, දිව්‍ය නැටුම් ගැයුම් වැයුම් වෙනස්‌ වී ගිය හැටි, අහිමි වී ගිය හැට නුවණින් දකින්න. ඔබ සතර අපායන්නට වැටුණු වෙලාවේ සතර අපායන්හි ඔබ දැක්‌ක, ඔබට ඇසුණ, දැනුණ, ඔබේ සහෝදර සහෝදරියන්, ප්‍රේත ප්‍රේතියන්ගේ, තිරිසන් සතුන්ගේ, අසුරයන්ගේ, නිරිසතුන්ගේ, අපුල රූපයන් , බියකරු ශබ්දයන්, අමිහිරි ස්‌පර්ශයන් අනිත්‍ය වී ගිය අතීත ඵස්‌සයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න.

දැන් පිංවත් ඔබට හොඳින්ම වැටහෙනවා ඇති ඔබ පටිච්චසමුප්පන්නව පැමිණි අතීත භවයන්හිදී ඔබට ඇසුණාවූ, ඔබට දැනුණාවූ ඔබ දැක්‌කාවූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍ය කියලා. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com
http://www.divaina.com/2016/11/20/feature05.html

ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියාව ඉවත් වෙයි!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය තවදුරටත් ස්වාධීන ආයතනයක් නොවන බැවින්, ඒ හා සම්බන්ධ ගිවිසුම්වලින් ඉවත්වීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට අධිකරණ අමාත්‍යාංශයට හා විදේශ අමාත්‍යාංශයට නියෝග කර තිබේ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුම්වත් කරන ලෙස පූටින් විදේශ අමාත්‍යාංශයට නියෝග කර ඇත.

විශේෂයෙන්ම පසුගියදා ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ විසින් සිදුකළ ප්‍රකාශයක්ද රුසියාව මේ ආකාරයෙන් එම ආයතනයෙන් ඉවත්වීමට හේතු වී ඇත.

රුසියාව විසින් සිරියාවේ සිදුකරන හමුදා මෙහෙයුම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කරන්නක් බවත්, ඒ නිසා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පැමිණවිය යුතු බවත් හොලන්දේ පවසා තිබුණි.

http://www.colombotoday.com/25165-225685/

Tuesday, November 22, 2016

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි!

ඉඩම්, පොලිස්‌ සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක්‌ වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි.

ව්‍යවස්‌ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ උපදෙස්‌ මත මෙම කමිටුව ක්‍රියා කරයි.

මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්‌ඩු අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

එම කමිටුව මගින් නිර්දේශ කර ඇති යෝජනා කිහිපයක්‌ මෙසේය.


  • දහතුන් වැනි සංශෝධනය මගින් පළාත් සභා සඳහා ලබා තිබෙන ඉඩම් බලතල තවදුරටත් ශක්‌තිමත් කොට ඉඩම් කළමනාකරණය කිරීමේ බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභා සඳහා පැවරීම.
  • පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම.
  • දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම.
  • මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම.
  • ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීම. මධ්‍යම සහ පළාත් ආණ්‌ඩු අතර ඇතිවෙන බලය බෙදාහැරීමේ ඇමිණුමේ සඳහන් බලතල සම්බන්ධයෙන් ඇතිවෙන ගැටුම් විසඳීම සදහා තීන්දු ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය මෙයින් අහෝසි වනු ඇත. ව්‍යවස්‌ථා අධිකරණය සඳහා සාමාජිකයන් පත් කරනුයේ ජාතිකත්ව නියෝජන පදනම යටතේය.
  • පළාත් ආණ්‌ඩු සඳහා ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය ලබාදීම
  • පළාත් රාජ්‍ය සේවය පාලනය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පත් කරන අතර, දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ. මහ ඇමතිවරයා යටතට පළාත් රාජ්‍ය සේවා කොමිසම පැවරේ.
  • ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම.
  • පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම සිදුකෙරේ. ඒ සඳහා ව්‍යවස්‌ථා අධිකරණයේ අනුමැතිය ලබා ගැනීම.
  • මහජන දේශපාලන අධිකාරිය හෙවත් ජනතා පරමාධිපත්‍යයේ බලය මධ්‍යම, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් බල ව්‍යහ තුනක්‌ අතර බෙදී යන පිළිගැනීම.
  • පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.


මනෝඡ් අබයදීර  - දිවයින
http://www.colombotoday.com/24601-2256252/

Monday, November 21, 2016

සමෘද්ධිය කපා, ඡන්ද අයිතිය අහිමි කර, මඩකලපුව සිංහල ජනයා පන්නා දමන සහජීවන නාඩගම!

මඩකලපුව පුරවරයේ මෑත අතිතයේදී තිස්‌දහසකට අධික සිංහල ජනයා වාසය කරතිබේ. මහා පරිමාණ වෙළෝද ව්‍යාපාර පවත්වා ගනිමින් ඔවුන් දමිළ මුස්‌ලිම් ජනයා සමඟින් සහෝදරත්වයෙන් කල් ගෙවන්නට විය. තිස්‌ අවුරුදු කුරිරු යුද්ධය සියල්ල උඩුකුරු කරන්නට වූහ. දිනෙන් දින මඩකලපුව නගරයේ පමණක්‌ නොව මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සියලු ගම්බිම්වල ජනයාටද බේරී ඉන්නට නොහැකි විය. වියරු කොටින්ගේ වෙඩි උණ්‌ඩයට මන්නා පහරට ලක්‌ව දිනෙන් දින සිංහල ජනයා රුහිරු ගංගාවන් මත වියළි වැලි පොළොව තෙත් කරමින් අවසන් සුසම් පොද වා තලයට මුසු කරන්නට වූහ.
අවසානයේදී වෙළෙහෙළඳාම් කටයුතු පමණක්‌ නොව ගේ දොර වතුපිටි හරකා බානද අතහැර ඔවුන් මඩකලපුව නගරයෙන් පිටව ගියේ පණ කෙන්ද බේරා ගන්නටය. තවත් පිරිසක්‌ මංගලගම, සින්නවත්ත, කෙවිලියාමඩුව ආදී මඩකලපුව නගරයෙන් ඈත ගම්වල සිට තම පණ නළ බේරා ගනිමින් යුද ගිනි දැල් මැද මහත් අසීරුවෙන් කොටින්ට බියෙන් රෑ පුරාවට වන පෙත්වල සැඟවෙමින් දිවි ගෙවන්නට වූහ. 

මේ ආකාරයෙන් දහස්‌ ගණනක්‌ සිටි සිංහල ජනයා මඩකලපුව පුරවරයෙන් හිස්‌ව යද්දී මඩකලපුව නගරයෙන් ඈත ගම්මාන කිහිපයක අතළොස්‌සක්‌ ජනයා මරණය පෙනි පෙනී ජීවත් වන්නට වූහ. යුද්ධය නිර්මාණය වූයේ සාමයේ අරුණැල්ල ලක්‌ දෙරණට පතිත කරවමිනි. ඒ සාමයේ රිවි කිරණින් සැම දෙනාම නිදහසේ බියෙන් සැකයෙන් තොරව කල් ගෙවන්නට වූවෝය. කොටින්ට බියෙන් ගම්බිම් අත්හැර ගිය මඩකලපුව කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතාන ආදී ගම්මානවල ජනයා නැවතත් තම සුපුරුදු ගම් බිම්වලට පැමිණෙන්නට වුවෝය.

එසේ පැමිණි ජනයා පත්වූයේ අන්ත අසරණ භාවයටය. මෙම ගම්මාන අයත් පට්‌ටිපොළ, චෙංකලඩි, වව්නතිව් ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම ජනයාට උරුම වූයේ දිගින් දිගටම කෙණහිලිකම්ය. වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම ගම්වල ජනයා සමෘද්ධි සහනාධාරය ගන්නට, ග්‍රාම සේවක සහතිකයක්‌ ගන්නට, හැඳුනුම්පතක්‌ ලබාගන්නට නොහැකිව අන්ත අසරණව කල් ගෙවන්නට වූයේ උපන් බිමේ සිහලුන් වූ කරුමය නිසාවෙනි.

මෙවන් තත්ත්වයක්‌ යටතේ යහපාලන රජය පත්කර ගත්තේ බොහෝ දෙනකු මහා සුබවාදී ප්‍රාර්ථනාවන් හිතේ තබා ගෙනය. නමුත් සිදු වූයේ යහපාලන රජය බොහෝම අමාරුවෙන් කෙකරගාමින් දැමූ සහජීවනයේ බිත්තරය පුපුරා ගොස්‌ ආවා ගෘප් වැනි පාතාල කල්ලි බිහිව ජන ජීවිතය නැවතත් වියවුල් තත්ත්වයට පත්වීමය. නැත්නම් නැවතත් ඊළමට උඩගෙඩි දෙන කොටි රූකඩ පිරිවර චණ්‌ඩින් බවට පත්වීමය.

එවන් තත්ත්වයක්‌ යටතේ අද සිංහලකම ගැන මඩකලපුවේ සිංහලයන්ට සිදුවන මහා අසාධාරණය ගැන කතා කරන විට සහජීවන නඩයට නහුතෙට තද වන්නේය. ඉන්පසු කෙළවරක්‌ නොමැතිව ඒ සඳහා මැදිහත් වන අයට ජාතිවාදී ලේබලය අලවමින් දිගින් දිගටම පහර දෙන්නට යහපාලකයෝ කටයුතු කරන්නේ එම ජනයා අන්ත අසරණ කරමිනි.

මේ දිග හැරෙන්නේ මඩකලපුව පුරවරයේ ගම් කිහිපයක පමණක්‌ දැනට ඉතිරිව සිටින සිංහල ජනයාගේ ශෝකාන්තයයි.

මංගලගම, කෙවිලියාමඩුව කොහොඹගස්‌තලාව ආදී ගම්මාන කිහිපයේ ජනතාව මේ වනවිට පත්ව ඇත්තේ අන්ත අසරණ භාවයකටය. කොටින්ගෙන් නොසෑහෙන්නට බැටකෑ මෙම පිරිසට අද අලි මදිවට හරක්‌ ද ජන ජීවිතයට බරපතළ තර්ජනයක්‌ එල්ලකර තිබේ. ඊට අමතරව මේ වන විට "අධිකරණය" නම හරහා අනවසර පදිංචිකරුවන් යෑයි කියමින් මෙම සිංහල ජනයා ගම්වලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ ද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවෙමින් පවතී. වසර තිහ හතළිහක සිට වගාබිම් අද තණ භුමි බවට පත් කර සිංහලයා මඩකලපුවෙන් පන්නා දැමීමේ සියලු වැඩකටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. ඒ වෙනුවෙන් ඔවුන් නඟන හඬ ජාතිවාදී ලේබලයක්‌ අලවා යහපාලන ලොක්‌කන්ට පෙන්නා කටයුතු කිරීමට මඩකලපුව නිලධාරී පැලැන්තිය කටයුතු කිරීම තුළ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන තත්ත්වයක්‌ උද්ගතව ඇත.

එවන් අසරණ වූ මඩකලපුවට අයත් කෙවිලියාමඩුව සහ මංගලගම ගම්මානවලට ගිය විට අපට හමුවූ පී. බී. අමරදාස කීවේ මෙවනි කතාවකි.

"දැනට අවුරුදු පහකට විතර කලින් මංගලගම, කොහොඹගස්‌තලාව, කෙවිලියාමඩුව ආදී ගම්මාන කිහිපයක්‌ අයිති වුණේ 135 ඒ ග්‍රාම සේවා වසමට. යුද්ධය තිබුණු කාලේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි, අපට රාජකාරි කටයුතු ඉටුකරලා දුන්නේ. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි, අපිට යුද්ධයෙන් පස්‌සේ රාජකාරි කටුයතු කරලා දුන්නේ. නමුත් මේ වන විට අපේ ගම්මානය පට්‌ටිපොළට, වෙල්ලාවලිවල, චෙංකලඩිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයිතියි කියලා අපේ ගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ කිහිපයකට බෙදා වෙන් කළා, මෙහෙම වෙන් කළාම ප්‍රාදේශීය සභා කිහිපයකටයි අපි එතකොට අයත් වෙන්නේ එතකොට අපිට වැඩි බලපෑමක්‌ ඒ අයට කරන්න පුළුවන්, ඒ කාලෙ ඉදලම මංගලගම සිංහල පවුල් 500 ක්‌ විතර ඉන්නවා. ඒ අය මේ ආකාරයෙන් ප්‍රාදේශීය ලේකම් කොඨාස 03 කට බෙදුවහම අඩුම තරමින් එක සිංහලයෙකුටවත් ප්‍රාදේශීය සබාවට යවා ගන්න විදිහක්‌ නැහැ. මොකද මඩකලපුවේම ඉන්නේ සිංලයන් සුළු පිරිසක්‌. ඒ අතරින් මංගලගම තමයි වැඩියෙන්ම සිංහලයන් ඉන්නේ. එකට තමයි ඉන්නේ ජනතාව මේ ආකාරයෙන් වසම් 03 කට බෙදන්නේ යනුවෙන් අමරදාස පවසා සිටියේය."

"දැන් අවුරුදු ගණනක ඉඳන් හරක්‌ගෙන් පුදුම කරදරයක්‌ තියෙන්නේ හරක්‌ විසි තිස්‌ දහක්‌ නිතරම මෙම ගම්මානවල ගැවසෙනවා. සමහර පට්‌ටිවල හරක්‌ එක්‌ දහස්‌ පන්සීය ඉන්නවා. සමහර පට්‌ටිවල හරක්‌ ඉන්නේ දෙතුන් සීයයි. මේ හරක්‌ රංචුවලින් වගාවන් බේර ගන්න වැටවල් ගැහුවත් වැඩක්‌ නැහැ. උන් වැටවල් උඩින් පැනගෙන ඇවිත් වගා කරලා තියෙන සියලුම දේවල් කාලා විනාශ කරනවා. පුදුම කරදරයක්‌ තියෙන්නේ. උන් ආවාට පස්‌සේ මුළු වගාවම විනාශ කරනවා. අපිට අවුරුදු ගණනක ඉඳන් මොනවත් වගා කරන්න විදිහක්‌ නැහැ. අපි හරක්‌ පට්‌ටි අයිතිකරුවන්ට කීවා දවල්ට හරක්‌ ආවත් කමක්‌ නැහැ. රෑට හරක්‌ එවන්න එපා ගාල් කරන්න කියලා. ඒ මිනිස්‌සු ඒ මොනවත් අහන්නේ නැහැ. අපි අවුරුද්දම ජීවත් වෙන්නේ වැහි කාලේ හේන් කරලා. දැන් මේ ගම්මාන හත අටටම වෙලා තියෙන්නේ මහා කරදරයක්‌. වගා කරන්න බැරි නිසා පස්‌ කන්න තමයි අපට වෙන්නේ. අවුරුදු ගාණක්‌ ඉඳන් මේ හරක්‌ ගැටලුව පිළිබඳ අපි හතර වටේ තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියනවා. නමුත් ඒ එකෙකුටවත් අපේ දුක පේන්නේ නැහැ. සමහර ප්‍රාදේශීය ලේකම්ලටත් හරක්‌ පට්‌ටි තියෙනවා කියලා මිනිස්‌සු කියනවා යෑයි එච්. එම්. ජයතිලක සිය දුක අපත් සමඟ පවසා සිටියේය."

එසේ නම් වී තිබෙන්නේ පුදුම වැඩකි. මඩකලපුව පුරවරයේම හරක්‌ තණකොළ උලා කන්න පැමිණෙන්නේ මෙම මංගලගම, කෙවිලියාමඩුව අරන්තලාව ඇතුළුව ඒ ආසන්නයේ තිබෙන සිංහල ගම්මානවල ජනයා ජීවත්වන වගා භූමිවලටය. ජීවත් වෙන්නට තිබෙන එකම ආදායම් මාර්ගයත් සිව්පා ගවයන් උලාකා යද්දී මොවුනට ජීවත් වෙන්නට නොහැකි බව මෙම ප්‍රදේශ පාලනය කරන දෙපා ගවයන්ට නොදැනීම මඩකලපුවේ සිංහල ජනයාගේ අවාසනාවකි.

මේ කතාව කිවේ කෙවිලියාමඩුවේ ඒ. එම්. නිමල්සිරිය.

අපිට දැන් ඉන්න තැනක්‌ නැතිවෙලා. අපිට මෙහෙන් පන්නා දමන්න සියලු කටයුතු සිදු වෙමින් තිබෙනවා. 80 ගණන් වල යුද්ධය නිසා මේ කෙවිලියාමඩුවේ ජනතාව ඉඩම් අතහැර ගියා පණ බේරා ගන්න. යුද්ධය ඉවර වුණාට ආයිත් ආවම අපි අන්ත අසරණ කළා. අපි ඉන්න තැන්වලින් පදිංචිය අත්හැරලා ආවේ මෙහේ ග්‍රාමසේවක එන්න කියපු නිසා. නමුත් දැන් අපිට මෙහේ ඉන්න දෙන්නෙ නැතිව පන්නල දානවා.' අපේ ගමේ ඡන්ද අයිතිය තියෙන්නේ පවුල් පනහටයි. තවත් පවුල් 48 කට ජන්ද අයිතිය නැහැ. හුඟක්‌ දෙනකුට සමෘද්ධිය නැහැ. හැඳුනුම්පතක්‌ ගන්න විදිහක්‌ නැහැ. රැකියාවකට යන්න ග්‍රාමසේවක ලියුමක්‌ දෙන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගය පාස්‌ වුණ දරුවන්ට ශිෂ්‍යාධාරය ගන්න ග්‍රාමසේවක ආදායම් වාර්තාව දෙන්නේ නැහැ. මෙම ගමට වතුර නැහැ. ඔක්‌කොම ජීවත් වෙන්නේ කුලී වැඩක්‌ කරලා. හේනක්‌ කරන්නත් බැහැ හරක්‌ එන නිසා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැන් නඩු දාලා පවුල් 06 කට යන්න කියලා දැන් තියෙන්නේ. ඒ අය යන්න තැන් නැතිව දැන් අන්ත අසරණ වෙලා ඉන්නේ. තවත් පවුල් 18 කට නඩු දාන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ. මේ විදිහට මඩකලපුවෙන් සිංහල ජනයා පන්නන්න සියලු කටයුතු මේ වන විට සූදානම් වෙලා තියෙනවා යනුවෙන් තවත් දුක්‌මුසු හෙළිදරව්වක්‌ නිමල් පවසා සිටින්නට වූවේය.

ඩබ්. එම්. නන්දසිරි කීවේ මෙවැනි කතාවකි. 

අලි එන නිසා අලි වැටක්‌ ගැසුවේ නිවාස ළඟින්මයි. අපි කීවාම වගාවත් ආරක්‌ෂා වෙන්න අලි වැට ගහන්න කියලා දේපළ ආරක්‌ෂා කරන්න අලි වැට ගහන්න බැහැ ජීවිත ආරක්‌ෂා කරන්නයි අපි අලි වැට ගහන්නේ කියලා ගෙවල් කිට්‌ටුවෙන්ම අලිවැට ගැහුවා. දැන් ඒ අලි වැට මායිම් කරගෙන අපි ජනතාව අවුරුදු තිහ හතළිහක්‌ භාවිත කළ ඉඩම් සියල්ලම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් තෘණ භූමි කරලා අපිව පන්නන්න හදනවා. එතකොට අපි වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් හරක්‌ට දීලා අපි ජීවත් වෙන්නෙ කොහොමද? වසර තිහ හතළිහ වගා කළ කජු ගස්‌ දෙහි වැනි බෝග ඒ වතුවල තියෙනවා. මේ විදිහට උපක්‍රමශීලීව දෙමළ රාජ්‍ය කාර්යාලවල නිලධාරීන් අපිව පන්නන්න කටයුතු කරනවා. අන්තිමේදී අපි පවුල් පිටින් අන්ත අසරණ වෙලා ඉන්නවා. අපේ දුක අහන්න කවුරුවත් නැහැ. මේ දුක අපි විඳින්නේ මඩකලපුව සිංහලයෙක්‌ වුණ නිසයි. අද අපිට අපේ ඉඩම්වල වගා කරන්න බැරි වෙලා. ඉතිං අපි කොහොමද ජීවත් වෙන්නේ යනුවෙන් නන්දසිරි පවසා සිටියේය.

මෙම ගම්මානය හරහා යන අලිවැට වනාන්තර ප්‍රදේශයකින් කිසිවෙකුටත් හානි නොවන සේ ගැසීමට හැක. එසේ තිබියදී අලි වැට ගසා ඇත්තේ ගම මැද්දෙන්ය. ඒ මිනිසුන්ට අලින්ගෙන් ආරක්‌ෂා වෙන්නටය. නමුත් මෙම අලි වැට යන නිසා ඒ දෙපස නිවාස 28 ක්‌ පමණ අයින් කරන්නට බළධාරීන් මේ වන විට කටයුතු සුදානම් කර සිටින්නේ සියලු උපක්‍රම යොදවා මඩකලපුවෙන් සිංහලයා අතුගා දමන්නට බව යහපාලන ඔළු බක්‌කන්ට නොතේරුණු දෙයකි. තේරුණ ද තොත්ත බබාලා සේ සහජීවන වචනයට තුරුල්ව නපුංසක ලීලාවෙන් සිටිති.

මේ ආකාරයෙන් මඩකලපුවේ සිංහල ගම් කිහිපයේ සිටින ජනයාට නිමක්‌ නැති කරදරය. ලොකු ලොක්‌කන්ට කීවාට කිසිදු පලක්‌ නැත. එම නිසා ඉවසන්නට බැරිම වූ තැන පසුගියදා මහඔය අම්පාර මර්ගය හරස්‌ කරමින් මෙම පිරිස පැය කිහිපයක්‌ පුරා මහා විරෝධතාවක්‌ පවත්වන්නට වූහ. ඒ අවස්‌ථාවේදී සිංහල ජනයා අන්ත අසරණ කරන්නට කටයුතු කරන ග්‍රාමසේවකයකුට මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් තදින් දොස්‌ පවරන්නට වූයේ සිංහලයන්ට කරන අසාධාරණය නිසාය. ග්‍රාමසේවා නිලධාරිවරයාට බැණ වැදීම හේතුකොට ගෙන පසුගියදා පට්‌ටිපොල ග්‍රාමසේවා නිලධාරිවරු උද්ඝෝෂණයක්‌ පවත්වන්නට වූහ. මුළු මඩකලපුවේම ග්‍රාමසේවා නිලධාරීන් කළු පටි බැඳ අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව දැඩි සංවිධානාත්මක විරෝධතාවක්‌ පවත්වන්නට වූහ. නමුත් මෙහි සිංහලයන්ට වන හානිය ගැන කතා කරන්නේ කවුද?

මඩකලපුවෙහි සිංහල ජනයාට ඇති එකම පිළිසරණ වන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සිය කටහඬ මෙසේ අවදි කරන ලදී. "අද මඩකලපුවේ සිංහල ජනයා අන්ත අසරණ වෙලා. සිංහලයන් මෙහෙන් පන්නා දමන්න සියලු උත්සාහයන් දරනවා. අපි ඒවාට මැදිහත් වුණාම සමහරු අපිට පිස්‌සු කියනවා. අපිට කිසි පිස්‌සුවක්‌ නැහැ. අපට තියෙන්නේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්‌කුමක්‌. රටක්‌ ජාතියක්‌ ගැන හැඟීමක්‌ නැති එකෙකුට මම පිස්‌සෙක්‌ විදිහට පේනවා ඇති. මෙහේ සිංහලයාට කිසිම වැඩක්‌ මෙහේ නිළධාරී කරලා දෙන්නේ නැහැ. ඒවාට මම පෙනී හිටියාම මම කතා කළාම ඔක්‌කොම හදන්නේ මාව මෙහෙන් පන්නන්න. එදා මංගලගමදී මම ග්‍රාම සේවකයකුට බැන්නා කියලා අද මඩලකපුවෙ උද්ඝෝෂණ කරනවා. මට රට ඉන්න කොටින්ගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් එනවා, මරනවා මරනවාමයි කියලා. මට තර්ජනය කරලා ආව දුරකථන අංක සීයකට වැඩිය පොලිසියට දීලා පැමිණිල්ලක්‌ දැම්මා, මේ ගැන පරීක්‌ෂණ පවත්වන්න කියලා. ලෝකයේ රටවල්වලින් කොටි තාමත් විනාඩියෙන් විනාඩිය කෝල් කරලා කියනවා "උඹ මරනවා" කියලා. සමහරු ප්‍රභාකරන් තාම මැරුණේ නැහැ. අපි අපේ සටන ජය ගන්නවා. කියමින් තර්ජනය කරමින් වීඩියෝ දර්ශන පවා දිගින් දිගටම එවනවා. මේ වන විට මාව මඩකලපුවෙන් ඉවත් කරන්න මාව මරලා දාන්න ලෝකය පුරා කොටි හිතවාදීන් කටයුතු කරනවා. ඒ මම මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින නිසා. අහිංසක ජනයා වෙනුවෙන් කිසිම වගකිවයුත්තෙක්‌ පෙනී නොසිටින වේලාවක මම කටයුතු කරන නිසා මාව ඔවුන්ට බාධාවක්‌ වෙලා. මොන දේ කිව්වත් මොන දේ කළත් මම මඩකලපුව දාලා යන්නේ නැහැ. 

මම එදා යුද්ධය තිබ්බ කාලේත් මඩකලපුවේ සිටියා. මම හෙටත් කාටවත් බයේ පැනලා යන්නේ නැහැ. මම හෙටත් මඩකලපුවේ ඉන්නවා. මම එදා පටන් අහිංසක දෙමළ, මුස්‌ලිම් ජනයා සමගින් සුහදව කටයුතු කරනවා. නමුත් ඇතැමුන් උත්සාහ කරන්නේ නැවතත් ජාතිවාදී කලබල ඇතිකරලා යුද්ධයෙන් බැරිවෙච්ච දේ දැන් ඉටු කරගන්න. කවුරු මට මොනදේ කළත් මාව විනාශ කරන්න හැදුවත් මම මඩකලපුවෙ සිංහල ජනයා සහ අපේ උරුමය රැකගන්න කටයුතු කරනවා. රටට, දැයට ආදරය කරන ජනතාව මෙම තත්ත්වය පිsළිබඳව දැඩි අවධානයක්‌ යොමුකළ යුතුයි. මාසයක්‌ යන්න කලින් අපිට උත්තරයක්‌ උවමනා" යෑයි සුමනරතන හිමියන් "ඉරිදා දිවයින"ට අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය. 

උපන් බිමේ කල්ලතෝනින්ව සිටින මෙම ජනයා ගැන ඇස්‌ ඇර නොබැලීම පිළිබඳව යහපාලන ලොක්‌කෝ ලැඡ්ජා විය යුතුය. මෙම අවනඩුව මහ උන්ට නොපෙනෙන්නේ මහ උන්ගේ ලැඡ්ජා නහරය සහජීවන නඩය කපා දැමීම නිසා යෑයි අපට සිතේ. යහපාලන සළුව හතර අතින් ඉරී ගොස්‌ හෙළුව වසා ගැනීමට දඟලන මොහොතක පාලකයන්ට මෙම අහිංසකයන්ගේ දුක පෙනේ දැයි අපටත් ගැටලුවකි. "බලපියව් මඩකලපුවෙ සිංහල ජනයා විඳින දුක" යෑයි කියන්නට අපට සිදුව ඇත්තේ එනිසාය.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2016/11/20/feature22.html

Wednesday, November 16, 2016

වයස 13 දැරිය හිරේට ගත් මූසලුවා ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව හිරේට...

වසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා 2012 වසරේ සිට මෙම දැරිය සමග ලිංගික සබදතා පවත්වා ඇති අතර මෙම වසරේ මුල් කාලයේදී ඉස්ලාම් නිතිය යටතේ විවාහවී ඇත. නමුත් ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය නීතියට අනුව වයස අවුරුදු 13ක දැරියක් සමග ලිංගික සබදතා පැවැත්වීම ළමා අපචාර චෝදනා යටතේ දඩුවම් ලැබිය හැකි දරුණු අපරාධයකි. ඒ අනුව ක්‍රියාත්මකවූ ඕස්ට්‍රේලියානු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

අදාල දැරිය පරිවාස බාරයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇතිබව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.

ඉස්ලාම් ළමා විවාහ සම්බන්ධයෙන් මේ දිනවල මෙරටද කතා බහත් ඇති වී ඇත. ඉස්ලාම් නීතිය අනුව වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරගැනීමට ඉස්ලාම් භක්තිකයන්ට හැකියාව ඇතත් වයස 17ට අඩු දරුවෙකුට සිදුකරන අයුතු මානසික, ශාරීරික, ලිංගික බලපෑම් බරපතල දඩුවම් ලැබිය හැකි ළමා අපචාරයක් ලෙස මෙරට සාමාන්‍ය නීතියට ඇතුළත්ව ඇත. මෙරට මුස්ලිම් සමාජය තුළද ළමා විවාහ (බරපතල ළමා අපචාර) කොතෙකුත් සිදුවූවත්, ළමා අපචාර චෝදනා යටතේ කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නැත.

http://www.colombotoday.com/25063-2256-6251/

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා!

මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

එම ස්ථානයේ තිබු ඓතිහාසික
ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි සිදුවී ඇත.

අක්කර ගණනාවකින් සමන්විත මෙම ස්ථානය අල්ලා ඉඩම් වලට වැටවල් ගසා තිබෙන බවද සුමනරතන හිමියෝ පවසා සිටියහ. සද්ධාතිස්ස රජ සමයේ ආරම්භ කරන ලද මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ තිබෙන අතර මෙම ස්ථාන සියල්ලම අනාරක්ෂිත තත්ත්වයෙන් තිබෙන බවද කියා සිටියහ.

මේ පිළිබඳව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අරුණ කුමාර නිල්මල්ගොඩ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් මෙම ස්ථානය වෙන් කර ගැසට් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි.

මෙම ප්‍රදේශය වී වගා කිරීමට සූදානම් කරන විට පුරාවිද්‍යා ස්ථානවලට හානි සිදුකර තිබේ නම් එයට විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

http://www.colombotoday.com/89232355492-2/

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html

අක්කරපත්තුවේ බෞද්ධ නටඹුන් ගල් කණු ගලවා පල්ලියක් සාදති!http://denethharinna.blogspot.com/2016/04/blog-post_19.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්
http://denethharinna.blogspot.com/2015/10/blog-post_22.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://denethharinna.blogspot.com/2013/05/blog-post_9325.htmlමුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

Sunday, November 13, 2016

සීමාවෙන් එහා ගොස්‌ නිර්මාණය වූ ගංගාරාමයේ සීමාමාලකය

* ලංකාවට මුලින්ම කැමරාව ගෙනාවේ ඇන්ඩෲ කියන සුදු ජාතිකය.... ඔහුගේ ඡායාරූප එකතුවේ 
පැරැණි සීමාමාලකය තියෙනව.

* සීමාමාලකය සඳහා වියදම දැරුවෙ මුස්‌ලිම් ජාතික 'මුසාජි' පවුල

* ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව සීමාමාලකයේ අනුරුවක්‌.

* 1954 දී ස්‌වාමීන්වහන්සේ පනස්‌ නමක්‌ සමඟ පැරැණි සීමාමාලකය කඩා වැටෙනව.

* මේ ස්‌ථානය ඉදිකිරීමේ පුරෝගාමියා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියෝ.

1905 දී තමයි ඇන්ඩෲ කියන සුදු ජාතික මහත්තයා ලංකාවට මුලින්ම කැමරාවක්‌ ගේන්නෙ. ඔය කාලය වෙද්දී ගංගාරාමයේ සීමාමාලකයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරල තිබිලයි තියෙන්නේ. ඔය සුදු ජාතිකය ලංකාවට ඇවිත් ගත්ත ඡායාරූප පහක්‌ ඊට දවස්‌ කීපයකට පස්‌සෙ ඔබ්සවර් පත්තරේ පළ කරල තියෙනව. අන්න ඒ ඡායාරූප පහෙන් එකක තිබිල තියෙන්නේ බේරේ වැවේ ඉදිකරල තිබුණ අපේ සීමා මාලකයේ පින්තූරයක්‌....හුණුපිටිය ගංගාරාමය සතු ඉතිහාසය අතර ඒක සුවිශේෂී සලකුණක්‌....."

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානය තරමටම රටම හඳුනන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් තම විහාරස්‌ථානය සතු සිරිමත් මතකයන් ආවර්ජනය කරමින් අපත් සමඟ පිළිසඳරකට එක්‌වූ අතර විහාරස්‌ථානයේ කඨින චීවර පූජාමය පිංකම පසුදිනට යෙදී තිබූ බැවින් දිනය තරමක්‌ කාර්යබහුල බවින් යුක්‌ත විය. එහෙත්, අපගේ පැමිණීම උන්වහන්සේ බාධාවක්‌ කොට නොගත් සේක. ගංගාරාම විහාරස්‌ථානයත් එහි එක්‌ අනන්‍යතාවක්‌ සේ දෙස්‌ විදෙස්‌ සුපතල ගංගාරාම සීමාමාලකය පිළිබඳ ලිපියක්‌ සැකසීම අපගේ ගමනෙහි අරමුණ විය. දසුනින් පවා ප්‍රිය උපදවන සුළු පොඩිහාමුදුරුවන් උන්වහන්සේ සතු මතකයේ ඈතම ඉමට අප කැඳවාගෙන යමින් ඒ පිළිබඳ විස්‌තර කරන්නට වූ අතර එය අසා සිටීම පවා සාධු සිතුවිලි උපදවන සුළුය.

"1890 දශකයේ එක්‌තරා දිනක තමයි ගංගාරාම විහාරස්‌ථානය බිහිකිරීමට මූලික අඩිතාලම වැටිල තියෙන්නේ. ඒකත් බොහොම රසවත් සිදුවීමක්‌.......ඒ කාලේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල අපේ මහානායක හාමුදුරුවෝ තෙල්වත්තේ පන්සලේ මහණවෙලා කොළඹට පා ගමනින් වැඩම කරල තියෙනව. උන්වහන්සේ එහෙම වැඩම කරල තියෙන්නේ වැදගත් කාරණාවකට. ඔය කාලය වෙද්දී විවිධ විදේශීය ආධිපත්‍යයන්ට යටත් වෙලා අපේ රට තිබිල තියෙන්නේ භේදබින්න වෙලා. ඒකෙන් එකක්‌ තමයි සංඝභේදය. සංඝභේදය කියන්නේ ආනන්තරීය පාප කර්මවලින් එකක්‌. උන්වහන්සේ කල්පනා කරල තියෙනව නැවත වතාවක්‌ තුන් නිකායම සමගි සම්පන්න කරන්න. ඒකෙ ප්‍රතිඵලයක්‌ විදියට තමයි ඒ කාලේ විෙද්‍යාaදය පිරිවෙන ආරම්භ වෙන්නෙ. මේක පාලනය වෙලා තියෙන්නේ 'සභාවක්‌' මඟින්.

ඒ දවස්‌වල ලංකාවෙ තිබිල තියෙන්නෙ නිකායවල් තුනයි. අමරපුර, රාමඤ්ඤ, සියම් නිකාය කියල. ඉතිං එහෙම කරල සංඝ සමාජය නැවත එකමුතු කරන්න සුමංගල නායක හාමුදුරුවෝ විශාල වැඩ කොටසක්‌ කරල තියෙනව. ඔන්න ඔය කාලෙ දී තමයි සියම් නිකායෙ භික්‌ෂුන්වහන්සේගෙන් නායක හාමුදුරුවෝ දෙඋර වැසෙන සේ සිවුරු දරන්න කියල ඉල්ලීමක්‌ කරල තියෙන්නේ. අදත් විෙද්‍යාaදයේ තියෙන විශේෂත්වය වන දෙඋර වැසෙන සේ සිවුරු දැරීම ආරම්භ වන්නෙ ඔන්න ඔය කාලේ.....ඒක ආරම්භ කෙරුවෙ අපේ හික්‌කඩුවේ සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ.....

එය අතරේ.....උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වුණ දෙවුන්දර ජිනරතන හිමියන්ට රාජකාරියක්‌ පැවරෙනව. ඒ තමයි මේ ස්‌ථානයේ පන්සලක්‌ ඉදිකරන්න. ජිනරතන හිමියන් ඒ ආරාධනය පිළිගෙන මේ ස්‌ථානයට (ගංගාරාම භූමියට) වැඩම කරල පුංචි අසපුවක්‌ හදාගෙන වැඩ ඉන්න ගමන් තමයි මේ පන්සලයි අර බේරේ වැවේ ඉදිකරල තිබුණ පැරැණි සීමාමාලකයයි හදන්න ආරම්භය ගන්නෙ. එදත් ජිනරතන හිමියන්ට මේ ස්‌ථානයේ අසපුවක්‌ ඉදිකරන්න උදවු උපකාර කරල තියෙන්නෙත්. ක්‍රිස්‌තියානි භක්‌තියකයෙක්‌ වෙච්ච එච්. එල්. ද මැල් කියන මහත්තය.

ඒ කාලේ වෙද්දී ඔය දැන් තියෙන ඡේම්ස්‌ පීරිස්‌ මාවත කියල පාරක්‌ තිබිල නෑ. මේ ජිනරතන මාවත හරියෙ ඉඳල දිගටම තිබිල තියෙන්නෙ බේරේ වැව. ඇම්පයර් සිනමාශාලාව හරියට යනකම් එක පැත්තකින් වැව, අනෙක්‌ පැත්තෙන් පෙරහැර නවම් මාවත කියල. ඔය දැන් හඳුන්වන හරිය වෙනකම්මත් වැව. වැව ගොඩකරල ඊට පස්‌සෙනේ ඔය අලුත් මං මාවත් හැඳුනේ. මම මේ කියන්නේ මේ ප්‍රදේශය ටික ටික සංවර්ධනය වෙච්ච විදිය. මොකද මේ කාරණා වැදගත් බවක්‌ ගන්නවනේ......

ඉතිං......ඔහොම වටපිටාවක්‌ තුළ 1954 වර්ෂය පමණ වෙනකම් මේ සීමාමාලකය පැවතුණේ දැව කඳන් උඩ. ඔය......අද සීමාමාලකය තිබෙන තැනම තමයි පැරැණි එකත් තිබිල තියෙන්නේ. ඔහොම තිබෙද්දී 54 වර්ෂයේම දවසක මේ සීමාමාලකය වැවට කඩා වැටෙනව. ඒ වැටෙන්නෙ නිකම්ම නෙවෙයි. ස්‌වාමීන්වහන්සේලා පනස්‌ නමක්‌ එක්‌ක. වාසනාවකට ඒ එක උන්නාන්සෙ කෙනකුගේවත් ජීවිතයකට අනතුරක්‌ වෙලා නැහැ. එක ස්‌වාමීන්වහන්සේ කෙනකුගේ කකුලක්‌ කැඩිල තියෙනව. ඒකත් ටික දවසක්‌ යද්දී සනීප කරල තියෙනව.

එතෙක්‌ වෙලා තමන් විසින් අසා දැනගත් තොරතුරු අපත් සමගින් පවසා සිටි පොඩි හාමුදුරුවන් වහන්සේ තරමක්‌ හඬ බාල කොට".....ඔන්න ඔය කාලෙ තමයි....මම මේ ස්‌ථානයට එන්නෙ. නොවැම්බර් මාසෙ තමයි මට මතක හැටියට ඒ සිදුවීම සිද්ධ වෙන්නෙ. පැරැණි සීමාමාලකය මම දැක්‌කෙත් පින්තූරයක්‌ විදියට. කොහොම හරි ජිනරතන නායක හාමුදුරුවන්ගෙන් පස්‌සෙ ගංගාරාමයේ නායක පදවියට පත්වන්නේ අපේ වාගීශ්වර නායක හාමුදුරුවෝ. ඊට ඉස්‌සර කියන්න ඕන කාරණයක්‌ තියෙනව. ඒ තමයි අපේ මහානායක හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් 

ශ්‍රී පාදස්‌ථානයේ නායක පදවිය දරල තියෙනව. උන්වහන්සේගේ තවත් ගෝල හිමිනමක්‌ තමයි මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද හාමුදුරුවෝ. උන්වහන්සේත් ශ්‍රී පාදයේ අධිපතිකම දැරුව. 

ශ්‍රී පාදයේ නායක කම දරන්න පුළුවන් වෙන්නේ වේහැල්ලේ ධම්මදින්න පරපුරට විතරයි. ඒ පරම්පරාවටම තමයි ගංගාරාමයේ උරුමය තියෙන්නෙත්. කොහොම හරි මේ විහාරස්‌ථානය මූලික කරගෙන බේරේ වැවේ සීමාමාලකය හදන්න තුන් නිකායටම විනය කර්මය කරන්න සහ ඒ තුළින් නිකායවල් අතර තිබුණ භේද දුරුකරල ස්‌වාමීන්වහන්සේලා අතර සාමග්‍රිය ඇති කිරීම තමයි මූලිකම අරමුණ වෙලා තියෙන්නෙ. එහෙම හදපු සීමාමාලකය තමයි 1954 වසරේ දී කඩාවැටිලා තියෙන්නෙ. 

මේ වන විට ද බේරේ වැව මැද විරාජමාන වස්‌තුවක්‌ සේ දිස්‌වන ගංගාරාම සීමාමාලකයේ නැවත ඉදිකිරීම පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූවක්‌ය. ඒ පිළිබඳ වන අපූර්ව සිදුවීම් පෙළක්‌ ද උන්වහන්සේ විසින් හෙළිදරව් කරන්නට විය.

1971 වර්ෂයේ මාව රිය අනතුරකට ලක්‌වෙනව. ඒ සිද්ධියෙන් පස්‌සෙ ශල්‍ය කර්මයක්‌ සඳහා මම එංගලන්තයට යනව. ඒ ගිය අතරේ මම කැනඩාවට යනව. කැනඩාවෙ තරම් විශාල විල් තියෙන රටක්‌ තවත් නැහැ. ඒ තරමට විල් තියෙනව. ඒ එක විලක්‌ බලන්න ගිය වෙලාවෙ තමයි මට අපේ සීමාමාලකය මතක්‌ වෙන්නේ.

1976 දී ලංකාවට ආපු ගමන්ම සීමාමාලකයේ වැඩ පටන් ගන්නව. ඔය.....දැන් තියෙන සීමාමාලකය ජෙµaරි බාවා කියන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක්‌. ඔය......සීමාමාලකය ගොඩනගද්දී ඒ සඳහා වියදම දරුවෙ හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිවෙලා ඉන්න එච්. එස්‌. මුසාජී කියන ධාර්මික මුස්‌ලිම් පවුලක්‌. ඊට පෙරත් මුසාජී පවුල විසින් නොයෙක්‌ අවස්‌ථාවල විහාරස්‌ථානයේ කටයුතුවලට විශාල වශයෙන් උපකාර වෙලා තියෙනව. ඒ පවුලේ උදවිය සහ විහාරස්‌ථානය අතර අදත් තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්‌. අදත් මුසාජී පවුලේ සිද්ධවෙන වැදගත් සිදුවීමක්‌ තියෙනව නම් ඒ අය විහාරස්‌ථානයට ඇවිත් ඒ සඳහා ආශිර්වාද ලබා ගන්නව. විදේශ ගමන් බිමන්වල යෙදෙන හැම අවස්‌ථාවකදීම විහාරස්‌ථානයට ඇවිත් තුන්රුවන් ආශිර්වාදය අරන් පිරිත් නූල් බැඳගන්නව. ඒ තරමටම විහාරස්‌ථානය හා බුදු දහම සමඟ සමීප ඇසුරක්‌ මුසාජී පවුල තුළ තියෙනව. කොටින්ම කියනව නම් මුසාජී මහත්තයගේ මිණිබිරියක්‌ විවාහ ගිවිසගන්න වෙලාවේ ඒ අයගේ පාර්ශ්වය වෙනුවෙන් විවාහයට අත්සන් කළේ මම. අදත් ඒ බැඳීම් විහාරස්‌ථානයත් මුසාජී පවුලත් අතර පවතිනව. මෙතනදී මතක්‌ කළ යුතු තවත් පුද්ගලයෙක්‌ තමයි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහත්තය. එතුමන් මේ සීමාමාලකය ගොඩනංවද් දී විශාල වශයෙන් උපකාර කළ ධානපතියෙක්‌.

පොඩි හාමුදුරුවන් වහන්සේ පවසා සිටි ආකාරයට සීමාමාලකය ඉදිකිරීමේ දී ජාති, ආගම් බේද නොතකමින් බෝර වර්ගයට අයත් ධාර්මික මුස්‌ලිම් පවුලක්‌ ඒ සඳහා බරපැන දරා ඇති අතර ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යැමේදී උන්වහන්සේට විවිධ දුෂ්කරතාවන්ට ද මුහුණ දීමට සිදුවී ඇත. ඉන් එක්‌ සිදුවීමක්‌ විස්‌තර කරන පොඩි හාමුදුරුවන් වහන්සේ,

"කොහොම හරි සීමාමාලකයේ වැඩ පටන් ගන්නවත් එක්‌කම වරායෙන් මට නියෝගයක්‌ ආව ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන්න වැඩ ආරම්භ කළ කොටසත් කඩා ඉවත් කර ගන්න කියල. ඊට පස්‌සෙ මම මේකෙ නීතිමය තත්ත්වය හොයා බැලුව. එතනදී හෙළිදරව් වෙච්ච කරුණක්‌ තමයි අපි එදා ඉඳලම රුපියල් 2 ක බදු මුදලක්‌ ආණ්‌ඩුවට ගෙවල තියෙනව කියන එක. මම මේ සම්බන්ධව රාජ නීතිඥ එච්. ඩබ්. ජයවර්ධන මහත්තයත් එක්‌ක කතා කළාම එතුමා කිව්ව "හාමුදුරුවනේ බදු මුදලක්‌ ගෙවනව කියන්නේ රජයට යටත්ව ජීවත්වෙන එකනේ" ඒ හින්ද රජයට ඒ තීරණය ගන්න පුළුවන් කියල.

මම එතනින් දුර්වල වුණේ නැහැ. මම ගියා ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්‌ඩුකාරතුමා මුණ ගැහෙන්න. එතුමා අපේ හිතවත් දායක මහත්තයෙක්‌. එතුමව මුණ ගැහිල කාරණය කියනව. ඒ කාලේ වෙද්දී වරාය භාර ඇමැතිවරයා වෙලා හිටියෙ පී. බී. ජී. කළුගල්ල, අග්‍රාණ්‌ඩුකාරවරය වහාම කළුගල්ලව රජ ගෙදරට ගෙන්නනව ඒ ගෙන්නල මාව මුණගැහෙන්න පන්සලට එවනව. එතකොට කළුගල්ල උන්නැහේ මම කවුද කියල දන්නෙත් නෑ. මම ඔහුව දන්නෙත් නෑ. ඇමැතිවරයා හැටියට මේ සිද්ධිය දන්නෙත් නෑ. ඒ පාර වෙච්ච සිද්ධිය ගැන එතුමා බොහොම කනගාටුවෙලා නැවත ඉදිකිරීම් කරගෙන යන්න අවසර කාරිය දීල මට කිව්ව මේ නියෝගය දීපූ නිලධාරියට ඒ අයත් දඬුවමක්‌ දෙනව ඔබ වහන්සේත් දඬුවමක්‌ දෙන්න කියල. අපි නම් දඬුවම් දෙන්න ගියේ නැහැ. ඒ කාලේ ඔය නියෝගය දීල තිබුණේ වරායෙ ඉංජිනේරුවරය වෙලා හිටිය සිල්වා කියන ක්‍රිස්‌තියානි මහත්තයෙක්‌. කොහොමහරි මාස නවයක්‌ යද්දී අපි සීමාමාලකය හදල ඉවර කරනව. එහෙම කරල සීමාමාලකය විවෘත කිරීමේ උත්සවය ශ්‍රීමත් විලියම් ගොපල්ලව අග්‍රාණ්‌ඩුකාරතුමා සහ මේ රටින් මැලේසියාවට ධර්ම ප්‍රචාර කටයුතු සඳහා වැඩම කරල හිටිය ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් තමයි සිද්ධ කරන්නෙ. එදත් හරි අපූරු සිද්ධියක්‌ වෙනව. උදේ ඉඳන්ම ධාරාණිපාත වර්ෂාව, සුසාජි කියන සුදු නෝනා කෙනෙක්‌ මගෙන් ඇවිත් අහනව නැකැත් ශාස්‌ත්‍රය එහෙම හොඳහැටි දන්න ඔබලා ඇයි මේ වගේ දවසක්‌ මේ සඳහා තෝරාගත්තෙ කියල. ඒ පාර මම කිව්වා නැකත තියෙන්නේ හවස හතරටනේ එතකොට බලමු කියල. ආශ්චර්යයක්‌ වගේ හවස හතර වෙද්දී අවට හැම තැනටම වැස්‌ස මේ ස්‌ථානයට එක වැහි පොදක්‌ වැටුණේ නෑ. පහුවැනිදා පත්තරවල පවා මේ සිද්ධිය පළ වුණා. ඔය වගේ අසිරිමත් තවත් සිදුවීම් රාශියක්‌ මේ විහාරස්‌ථානය හා සීමාමාලකය ආශ්‍රිතව තියෙනවා.

මෙතනදී තවත් මතක්‌ කළ යුතු වැදගත් කාරණයක්‌ තිබෙනව. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේ දී ගංගාරාම සීමාමාලකයේ ආකෘතිය තමයි ඒ සඳහා උපයෝගී කරගන්නෙත් ඒකත් ජෙµaරි බාවගේ නිර්මාණයක්‌ තමයි හැබැයි අපේ සීමාමාලකයට ආවේණික ලක්‌ෂණ සියල්ලක්‌ම පාර්ලිමේන්තුව ඉදිකිරීමේ දී යොදා ගෙන තිබෙනව.

අදත් ගංගාරාම විහාරස්‌ථානයත් අපේ සීමාමාලකයත් කියන්නේ බොහොම නිදහස්‌ව පවතින ආගමික සිද්ධස්‌ථානයක්‌. ඉබියතුරු දාල වහල තියෙන සිරිතක්‌ මෙතන නැහැ. පැය 24 පුරාම විවෘතව පවතින පුණ්‍ය භූමියක්‌. මෑතක දී අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තය මට අදහසක්‌ ඉදිරිපත් කළා බේරෙ වැවේ සීමාමාලක භූමියේ සතරවරම් දේවරූප හතරක්‌ නිර්මාණය කළ යුතුයි කියල. ඒ පාර අපි තීරණය කළා සතරවරම් දේව රූප හතරක්‌ බුදුරජාණන් වහන්සේට සිවුරු අටපිරිකර පූජා කළ මහා බ්‍රහ්මයගේ රූපයක්‌ ඊට අමතරව 

ශ්‍රී පාදස්‌ථානයට අධිපති සුමනසමන් දේව රූපයක්‌ මේ ස්‌ථානයේ ඉදිකරන්න. ඊට අමතරව මේ වෙද්දී 

ඡේඩ් කියන ගල් විශේෂය යොදාගෙන ටොන් 8 කින් යුත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ චීනයේ නිර්මාණය කරමින් පවතිනව. ඒ පිළිම වහන්සේ නමත් සීමාමාලක භූමියේ වඩා හිඳුවන්න කටයුතු කරනව. ඔන්න ඔය විදිහට තමයි මේ ස්‌ථානය පැවතගෙන එන්නේ. අපේ ගංගාරාම විහාරස්‌ථානයේ තියෙන අනික්‌ විශේෂත්වය තමයි කොළඹ කියන ඉතාමත් සංකීර්ණ සමාජ වටපිටාවක ඒ සංකීර්ණත්වය බාධාවක්‌ කර නොගනිමින් මුළුමනින්ම ආගමික, ශාසනික, සමාජීය මෙහෙවරක්‌ සඳහා පමණක්‌ යොදවා ගැනීම"

දිගු කතා බහක කෙළවර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ එසේ පවසා සිටිමින් පිළිසඳර නිමා කළ අතර එහි ගත කළ හෝරාවක දෙකක කාලය තුළ විනය, හික්‌මීම, පිළිවෙළ පිළිබඳ බොහෝ පාඩම් අපගේ ජීවිතයට ද එකතු කරගත හැකි විය.

රුවන් ජයවර්ධන, ඡායාරූප - නිමල් දයාරත්න
http://www.divaina.com/2016/11/13/feature17.html

ජාතියේ නාමයෙන් ග්ලයිෆොසේට්‌ මිත්‍යාව සිංහල පොළවේ නොවපුරන්න! ග්ලයිෆොසේට්‌ නයාගේ විෂ නොදකින ශ්‍රී ලාංකීය කෘෂි විශේෂඥයින්ට පිළිතුරක්‌

එක්‌තරා සංගමයක්‌ මගින් සැප්තැම්බර් මස 25 වැනි ඉරිදා පුවත්පත්හි දැනට තහනමට ලක්‌ කර ඇති පූර්ණ වල්නාශකයක්‌ වන ග්ලයිෆොසේට්‌ නොහොත් රවුන්ඩ්අප් පිළිබඳ පක්‍ෂග්‍රාහි දැන්වීමක්‌ පළ කර තිබිණි. එමගින් බලවත් උත්සාහයක්‌ දරා ඇත්තේ ග්ලයිෆොසේට්‌සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල ව්‍යාප්තව ඇති මාරාන්තික වකුගඩු රෝගය අතර සම්බන්ධයක්‌ ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ප්‍රමාණවත් නොමැති බවත් අප රටේ මෙම කෘෂි රසායනිකය තහනමට ලක්‌වීමට හේතු වූයේ වකුගඩු රෝගයට මූලික හේතුව ග්ලයිෆොසේට්‌ භාවිතය යන වැරදි මතය සමහර පුද්ගලයන් විසින් දරුණු ලෙස පාලකයින්ගේ සිත් තුළ කාවැද්දීම බවයි. නමුත් අදාළ දැන්වීම දැමූ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාල වාර්තාවක්‌ උපුටා දක්‌වමින් (16 පිටුව) පෙන්වා දෙන්නේ එය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක හා අසත්‍ය ප්‍රකාශයක්‌ බව හා එකී වාර්තාවේ කිසිම විටෙකත් ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගය හා කිසිදු සම්බන්ධයක්‌ දක්‌වා නොමැත යන්නය. නමුත් සැබෑව නම් දැනට කරන ලද පරීක්‌ෂණ කිහිපයක ප්‍රතිඵල උපුටා දක්‌වමින් වාර්තාව දක්‌වා ඇත්තේ, ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගයට වන දායකත්වය සියයට සියයක්‌ නිවැරදිව තහවුරු කිරීමට එම දත්ත පමණක්‌ ප්‍රමාණවත් නොවන බවත් එමනිසා පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි බව මිස මතය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක සහ සාවද්‍ය බව කිසිවිටෙකත් එහි දක්‌වා නොමැති වීමය.

ග්ලයිෆොසේට්‌ තහනම අවිද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ආවේගශීලීව සමහරෙකු දේශපාලන වාසි ලබා ගැනීමට කරන ලද තකතීරු වැඩක්‌ යන මතයේ දිගින් දිගටම එල්බගෙන සිටින විද්‍යාඥයින්ට, ව්‍යාපාරිකයින්ට, ආදී සියල්ලට කරන සරල අභියෝගය නම් ලොව පිළිගත් අන්තර් ජාතික සඟරාවක පළවූ ලෝක මට්‌ටමේ කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් මෙම රසායනිකය මානව සෞඛ්‍යයට කිසි ලෙසකින්වත් හානිකර නොවන බව ඔප්පු වූ තොරතුරක්‌ හැකිනම් සපයන ලෙසයි. ඇමරිකානු පරිසර ආරක්‌ෂණ ආයතනය (Eඡ්) දක්‌වන පරිදි ග්ලයිෆොසේට්‌වල පිළිකාකාරක ගුණ තිබිය හැකි බව එහි නිෂ්පාදකයා වූ එරටේම දැවැන්ත කෘෂිරසායන සමාගමක්‌ වූ මොන්සැන්ටෝ විද්‍යාඥයින් මීට අවුරදු 35 කට පෙර සිට දැනසිටි බවයි. 1978 - 1986 ක්‌ෂීරපායි සතුන් යොදා කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් ඒ බව තහවුරු වී ඇති නමුත් මොන්සැන්ටෝ සමාගම සහ Eඡ් ආයතනය අතර ඇති සහයෝගීතාව මෙම පරීක්‌ෂණ ප්‍රතිඵල පිටතට යාම හැකිතාක්‌ දුරට වළක්‌වා ඇත. මීයන්ගේ වකුගඩු විනාශවීමට ග්ලයිෙµdසේට්‌ හේතු වී ඇති බව ද මේවායින් තහවුරු විය. පිළිකා වලට හේතුවිය හැකි ගැටිති මීයන් පරම්පරා තුනක්‌ ආශ්‍රයෙන් කරන ලද පර්යේෂණ වලදී තහවුරු විය. ග්ලයිෆොසේට්‌ වල් නාශකය වෙළඳපොළෙහි ඇත්තේ රවුන්ඩ්අප් ලෙසින් වන අතර එහි ග්ලයිෆොසේට්‌ රසායනිකයට අමතරව තවත් රසායනික අපද්‍රව්‍ය මුසු කර ඇත. මෙසේ මුසු කරනුයේ ග්ලයිෆොසේට්‌ රසායනිකයේ වල් මැරීමේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි කිරීමටයි. උදාහරණයක්‌ ලෙස පොලි එතොක්‌සිලේටඩ් ටැලොව මඟින් හෙවත් POEA මිනිස්‌ කළල, වැදෑමහ සහ පෙකෙනි වැලෙහි සෛල වලට අධික විෂ සහිත බව ඔප්පු වී ඇත. කාන්තා ශරීරයේ හෝමෝන සමතුලිතතාව බිඳ දැමීම මඟින් දරුවන් පිළිසිඳ ගැනීමට විශාල බාධා ඇති වීමත්, විකෘති කළල වර්ධනය සහ ගබ්සාවීම් විශාල වශයෙන් වැඩි වීමට ග්ලයිෆොසේට්‌ භාවිතය හේතු වී ඇති බව සොයා ගෙන ඇත. ස්‌නායු දුර්වල වීම හේතුවෙන් වන අංශභාගය, පාකින්සන් රෝගය, ආහාර මාර්ගයේ ආබාධ ආදී තවත් රෝගී තත්ත්වයන්ට ග්ලයිෆොසේට්‌ සම්බන්ධ බව තහවුරු වී ඇත. 

අප රටට අමතරව නෙදර්ලන්තය, ප්‍රංශය, බ්‍රසීලය, ජර්මනිය, ආජන්ටිනාව, බර්මුඩා වැනි රටවල් ද මෙම හානිකර කෘෂිරසායනය එම රටවල තහනම් කිරීමට වහා කටයුතු යොදා ඇත. නැතිනම් යොදමින් පවතී. ශරීරගත විෂ උදාසීන කරනු ලබන එන්සයිම ග්ලයිෆොසේට්‌ මඟින් විනාශ කරන බවත් එමනිසා මෙම රසායනිකය අනෙකුත් විෂ ද්‍රව්‍ය සඳහා මිනිස්‌ ශරීරය විවෘත කිරීමද කරනු ලබයි. මේ අනුව පැහැදිලි වන කරුණක්‌ නම් විෂයයි සැක සිතූ මෙවැනි කෘෂිරසායනවල විෂ විද්‍යාත්මක පර්යේෂණ වල දියුණුවත් සමඟ තව තවත් තහවුරු වන බව විනා ඒවායෙහි ආරක්‌ෂිත බව තහවුරු නොවන බවයි. වගාවන්හි වල් මර්දනය කිරීම කිසිසේත් ග්ලයිෆොසේට්‌ නොමැතිව මහා පරිමානයෙන් කළ නොහැකි බවත් ඒනිසා තේ, ඉරිගු ඇතුළු අප රටේ වගාවන් සියල්ල විනාශයේ අභිමුවට පනවා ඇති තහනම නිසා පැමිණ ඇති බව හඬ නගා කියන කෘෂි විද්‍යාඥයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇත. - එනම් මහා පරිමානයෙන් වල් මර්දනයට ඇති එකම ක්‍රමවේදය මේ ග්ලයිෆොසේට්‌ද? යන්නයි. 

අවුරුදු 2500 ඈතට දිවයන කෘෂි ඉතිහාසයකට හිමිකම් කියන සහ විශ්වවිද්‍යාල හතකින් කෘෂි විද්‍යාඥයින් බිහි කරන කෘෂිකාර්මික රටක්‌ වන අප රටේ කෘෂි තාක්‌ෂණය මෙතරම් නොදියුණු වීම ගැන අපි මවිත වෙමු. විෂ රසායනික වලින් තොර මහා පරිමාණ භාවිතයට ගැලපෙන ක්‌ෂණික වල් නාශක ක්‍රමවේද වන අධෝරක්‌ත, ක්‌ෂුද්‍ර තරංග, තාප වල් නාශක යන්ත්‍ර පළමුව මෙරටට හඳුන්වා දීමත් පසුව ඒවා මෙහිම නිෂ්පාදනය සඳහා කරන වැඩ පිළිවෙලක්‌ ගැන කිසිදු පර්යේෂණ ආයතනයකින් හෝ විද්‍යාඥයෙකුගෙන් අසන්නට නොලැබේ. අසන්නට ලැබෙන්නේ යෝජනා දෙකකි. එනම් ග්ලයිෙµdසේට්‌ තහනම වහා ඉවත් කිරීමට පියවර ගැනීම සහ ග්ලයිෆොසේට්‌ වෙනුවට වෙනත් ක්‍රියාකාරී රසායනයන් ආනයනය කර බෙදා හැරීමක්‌ ගැන පමණි. ශ්‍රී ලාංකීය කෘෂි විද්‍යාඥයින් එම ක්‌ෂේත්‍රයට සම්බන්ධ ගැටලුවක්‌ විසඳීම සඳහා ඉදිරිපත් වන ආකාරය මෙය යි. මෙවැනි යෝජනා බලාපොරොත්තු විය හැක්‌කේ කෘෂි අමු ද්‍රව්‍ය ආනයනය කරවන්නෝ දේශපාලනඥයන්ගෙන් මිස විද්‍යාඥයන්ගෙන් නම් නොවේ. මේ තත්ත්වය සළකා බැලූ කල අප දේශයේ ආහාර සුරක්‌ෂිතභාවය පවත්වා ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක්‌ කඩිනමින් අවශ්‍යව ඇත. අවුරුදු දහස්‌ ගණනකට කලින් සියයට සියයක්‌ දේශීය තාක්‌ෂණය සහ අමුද්‍රව්‍ය භාවිතා කර විදේශ රට වලට පවා අපනයනය කිරීමට තරම් ආහාර අතිරික්‌තයක්‌ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ සහ මායා, මෙසපොටේමියා, නයිල්, ඉන්දු නිම්න වැනි දැවැන්ත කෘෂි ශිෂ්ටාචාර වලට නොදෙවෙනි කෘෂි තාක්‌ෂණයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව මේ වන විට අවාසනාවන්ත ලෙස විදේශ තාක්‌ෂණය සහ අමුද්‍රව්‍ය මත යෑපෙමින් තම ශ්‍රමය පමණක්‌ සපයමින් කරනු ලබන ආහාර නිෂ්පාදන රටාවකට තල්ලු වී ඇති ආකාරය මනාව පිළිබිඹු වේ. තම පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සඳහා පරාදීන වීම තරම් අවාසනාවක්‌ රටකට තිබිය හැකිද? මෙයින් වහා ගොඩ ඒම සඳහා පාලකයින්, විද්‍යාඥයින් සහ සමස්‌ත පුරවැසියන් පක්‌ෂ, ජාති, ආගම් භේද වලින් තොරව කැපවීම අත්‍යාවශ්‍ය වේ.

මහාචාර්ය ජී. අයි යාපා, කෘෂිවිද්‍යා පීඨය, සබරගමු විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2016/11/13/feature33.html

ඉල් පොහොයේ වැදගත් කම

ප්‍රථම ධර්ම දූත මෙහෙවර

අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්‌වග ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදෙන ලද්දේ මෙවන් දිනකය. "චරථ භික්‌ඛවේ චාරිකං..." යනාදී උපදේශයෙන් බුදුරජාණන් වහන්සේ මඟ කියාදෙමින් බුද්ධ ශාසනය ඇරඹුණේ අද වැනි දිනකය. 

ජටිල දමනය 

උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක්‌ අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන්ගත වූයේ ද ඉල් පෝ දිනකදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම 

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්‌ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. බුදුන් වහන්සේගේ දේවාරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමඟ පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක්‌ පමණ වූ තම පරිවාර සමඟ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් පැවිදි විය.

ඉන්පසු එළඹි වස්‌ කාලයක තම දායකයන් විසින් පූජා කළ උසස්‌ තත්ත්වයෙන් යුත් වස්‌ත්‍ර යුගලක්‌ ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක්‌ සිවුරක්‌ බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක්‌ කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහා සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ස්‌ථවිරයෙනි, නුඹ මේ මහා භද්‍රකල්පයෙහි මෛත්‍රී නමින් සම්භවයක්‌ ලැබ සම්බුද්ධ වන්නෙහි. යෑයි විවරණ දී වදාළ සේක.

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම 

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක්‌ ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමි'යි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුර පසළොස්‌වක පොහෝදා පිරිවන් පෑහ.

ථූපාරාමයෙහි නිධන් කිරීම සඳහා ධාතු වැඩමවීම 

සිරිලක බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල්ම සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමඟ ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථමවරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.

කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය

http://www.divaina.com/2016/11/13/feature21.html

අනිත්‍යය නොදැක අනාගතය රැස්‌කරන අදක්‍ෂයෙක්‌ නොවන්න (ඵස්‌සය)! මහරහතුන් වැඩි මග ඔස්‌සේ... චිත්තානුපස්‌සනාව - 12

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පංචඋපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව මීළඟ ධර්මතාව තමයි ඵස්‌සය. ඵස්‌සය කියලා කියන්නේ කාරණා තුනක එකතුවට. එම කාරණා තුන තමයි, ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ විඤ්ඤාණය ඉහත කාරණා තුනේ එකතුවෙනුයි ඵස්‌සය කියන ධර්මතාව සකස්‌ වෙන්නේ. 

ඵස්‌සය කියලා කියන්නේ දැක්‌කා, ඇසුණා, දැනුණා... කියන අර්ථයයි. බුදුරජාණන්වහන්සේ භාහියදාරුචීරියට දේශනා කරනවා 'ඇසෙන් දැක්‌ක දේ දැක්‌කාය කියන තැන නවතින්න. කනට ඇසුණ තැන 'ඇසුණා'ය කියන තැන නවතින්න. සිතට දැනුණු දෙය 'දැනුණා'ය කියලා නවතින්න. දකින දෙය, ඇසුණු දෙය, දැනෙන දෙය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙනවා නම්, මේ ධර්මතාවන්ට බැඳෙන්න එපා කියලා බුදුරජාණන්වහන්සේ භාහියට කෙටි කමටහනක්‌ වශයෙන් දේශනා කරන්නේ. 

පිංවත් ඔබ, ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඔබේ ආධ්‍යාත්මික රූපයන්ට බාහිර රූපයන් ඵස්‌සය වන මොහොතේම, එම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න. මේ ඵස්‌සය කියන ධර්මතාවන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ අනිත්‍යය දකින්න දක්‍ෂවෙන්න ඕනේ.

ඔබ වර්තමානයේ ඇසෙන් යම් රූපයක්‌ දැක්‌කා නම්, එම රූපය නිත්‍යද? අනිත්‍යද?

පිංවත් ඔබ වර්තමානයේ, කනෙන් යම් ශබ්දයක්‌ ඇසුවා නම්, නාසයට යම් ගඳ සුවඳක්‌ දැනුණා නම්, එම දැනීම නිත්‍යද? අනිත්‍යද? වර්තමානයේ පිංවත් ඔබ මේ කුමක්‌ද කරමින් ඉන්නේ. අනිත්‍ය වන, වෙනස්‌ වන, ඵස්‌සය නිත්‍ය වශයෙන් ගන්නා. වර්තමාන ඵස්‌සය නිත්‍ය වශයෙන් ගැනීම නිසාම, සෑම නිමේෂයකදීම වර්තමානය අතීතය වෙත ගලාගෙන යන්නේ, අනාගතයට සංස්‌කාරයන් රැස්‌කරදීලා. ඒ අනාගතයත්, යම් දවසක වර්තමානයක්‌ බවට පත්වෙලා, නැවත අනාගතයට සංස්‌කාරයන් රැස්‌කොටදී අතීතයට එකතුවෙනවා. වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින පිංවතා නිරතුරුවම අනාගතය රැස්‌කරගන්නා අදක්‍ෂයෙක්‌ වෙනවා. පිංවත් ඔබ වර්තමානයේ ඇසෙන් රූපයක්‌ දැක්‌කොත්, ක්‍ෂණයෙන්ම රූපය අනිත්‍යයි කියලා දකින්න දක්‍ෂවෙන්න. රූපය ගැන හැඩතල මවන්න යන්න එපා. ඔබ කැමැති, අකැමැති ශබ්දයක්‌ ඇසෙනකොට, අනිත්‍යයි කියලා දකින්න. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ ඵස්‌සය කියන ධර්මතාව අනිත්‍ය වශයෙන් දකින සෑම මොහොතකම පිංවත් ඔබ අනාගත භවයට රැස්‌කරගන්නෙක්‌ වෙනවා.

පිංවත් ඔබ වර්තමානයේ දකින දෙය, ඇසෙන දෙය, දැනෙන දෙය, සිතෙන දෙය අනිත්‍ය වශයෙන් දකින මොහොතක්‌ පාසා, ඔබ වර්තමාන ඵස්‌සයේ අනිත්‍යභාවය දකින පිංවතෙක්‌ වෙනවා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන ඵස්‌සයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. වර්තමාන ඵස්‌සය කෙරෙහි කලකිරීම් ඇතිකොටගන්න. 


භික්‍ෂුව වරක්‌ පෞද්ගලික බස්‌ රථයකින් දුර බැහැර පළාතකට වැඩමකරනකොට අතරමගදී අතරමගදී තවත් පිංවත් ස්‌වාමීන්වහන්සේනමක්‌ බස්‌ රථයට ගොඩවී භික්‍ෂුව අසලින්ම වැඩසිටියා. උන්වහන්සේත් ආරණ්‍යයකට වඩින ස්‌වාමීන්වහන්සේ නමක්‌. බස්‌ රථයේ සිටි තරුණ කොන්දොස්‌තර මහත්මයා කැසට්‌ රේඩියෝව ටිකක්‌ ශබ්දයෙනුයි දමා තිබුණේ. ඒ වෙලාවේ වාදනය වෙමින් පැවතියේ වේගරිද්ම සිංදුවක්‌. භික්‍ෂුව ගිහි කාලයේ එම සිංදුවට ගොඩාක්‌ ආසයි. මඟුල්ගෙවල්වලදී මම ඒ සිංදුවට ගොඩක්‌ නටලා තිබෙනවා. භික්‍ෂුව පෞද්ගලික බස්‌ රථයේ මේ වේගරිද්ම සිංදුව ඇසෙනකොට, භික්‍ෂුවට අතීත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවයයි සිහිපත් වුණේ. සිංදුවට කන් යොමාගෙන නිහඬව අතීතයේ නැටුම්, ගැයුම්, වැයුම් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් සිටියදී එක පාරටම භික්‍ෂුව අසල වැඩසිටි අනෙක්‌ ස්‌වාමීන්වහන්සේ ආසනයෙන් නැගිට කේන්තිගිය ස්‌වභාවයෙන් කොන්දොස්‌තර මහත්තයාටත්, රියෑදුරු මහත්මයාටත් බැණවැදුණා, වහාම කැසට්‌ රේඩියෝව වසාදමන්නයි කියලා. එම ස්‌වාමීන්වහන්සේගේ ආවේගශීලී ක්‍රියාව දැක භික්‍ෂුව දැක්‌ක දෙය, ඇසුණ දෙය, අනිත්‍ය වශයෙන්මයි දකිමින් සිටියේ. මේ මොහොතේත් භික්‍ෂුවට එම සිද්ධිය අනිත්‍ය වූ ඵස්‌සයක්‌ පමණක්‌මයි. එම සිද්ධිය සිද්ධවෙන අවස්‌ථාවේදී එම ස්‌වාමීන්වහන්සේ ඒ ආවේගශීලී සිද්ධියට භික්‍ෂුවවත් හවුල්කරගන්න උත්සාහ කළා. භික්‍ෂුව උන්වහන්සේට ප්‍රකාශ කළේ 'ස්‌වාමීන්වහන්ස, අපට ලෝකය හදන්නට බැහැ. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ වහන්සේ හැදෙන්න'ය කියන කාරණයි. අකීකරු ලෝකය දෙස බලලා, ඔබ හැදෙන්නයි කියලා කියන්නේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින්න කියන කාරණයයි.


පිංවත් ඔබ වර්තමාන ඵස්‌සය අනිත්‍ය වශයෙන් නොදකින තාත්කල්, ඔබට වර්තමාන අකීකරු ලෝකයෙන් ගැලවීමක්‌ නම් ලැබෙන්නේ නැහැ.

ඉදිරිපත් කිරීම, ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/11/13/feature15.html

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි - අධිනීතිඥ ගෝමින් දයාසිරි

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා මේ දිනවල විවිධ යෝජනා හා අදහස්‌ ඉදිරිපත් වෙමින් තිබේ. එම යෝජනා අතර ඉඩම්, පොලිස්‌ සහ මුදල් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලතළ කපා හැරීමටත් යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි යෝජනා ක්‍රියාත්මක වුවහොත් රටේ ඒකීයභාවය සහ ආරක්‌ෂාව පිළිබඳ ඉන් ඇතිවිය හැකි බලපෑම ගැනත් අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේදී දෙමළ ජනතාව කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුව ඇති බවට නැඟෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

අද ආණ්‌ඩු පක්‌ෂයත් විපක්‌ෂයත් දෙකම උතුර නැගෙනහිර සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තුළ පෙනෙන්නට තිබෙන්නේ මේ දෙපිරිසම කටයුතු කරන්නේ ඒ ප්‍රදේශ දෙකේ ඇති ඡන්ද තමන් වෙත ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් උතුර නැගෙනහිර ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්‌ඩායමට ලබාගැනීමට හැකිවුණා. විශේෂයෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ දැන් ඉලක්‌කය ඊළඟ මැතිවරණයේදීත් කෙසේ හෝ මේ තත්ත්වය ආරක්‌ෂා කරගැනීමට බව පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ අපේක්‌ෂා වෙනුවෙන් වැඩි සැලකිල්ලක්‌ දක්‌වන බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ. ක්‍රම ක්‍රමයෙන් දැඩිවන ආර්ථික අර්බුදයත්, බටහිර රටවල වුවමනා එපාකම් ඉටුකිරීමට යැම නිසා දකුණේ දී ආණ්‌ඩුවට මුහුණදීමට වන යම් යම් පසුබෑම් නිසාත් උතුර නැගෙනහිර ඡන්ද රැකගැනීම ආණ්‌ඩුවට අවශ්‍ය වෙයි. මේ නිසා සිංහල ජනතාවගේ අයිතිවාසිකම්වලට වඩා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

මේ තත්ත්වය ඉදිරියේදී ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමතිවරුන්ගේ විරුද්ධත්වයක්‌ දක්‌වා වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. එවැනි විරෝධතාවක්‌ නොදක්‌වන ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දකුණේ ජනතාවගේ දෝෂදර්ශනයට ලක්‌වන්නටත් ඉඩ තිබෙනවා.

අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හිමි විය යුත්තේ කවර කරුණුවලටද?

රට සංවර්ධනය කිරීම, ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සහ ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම අද අපේ රටට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා තුනයි. නමුත් මේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය කටයුතු කරන ආකාරය අනුව ඔවුන් සමසමාජ කොන්ත්‍රාත්කරුවන් ද යන සැකයක්‌ අප තුළ මතුවෙනවා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට හැකියාවක්‌ ඇති අය මේ පිරිස අතර සිටිනවාද යන සැකයත් මා තුළ තිබෙනවා. අද අපේ රටේ වාමාංශික පක්‌ෂත් දෙපිලකට බෙදී එක්‌ කොටසක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශවයේත් අනෙක්‌ කොටස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පාර්ශවයේත් කටයුතු කරන බැවින් මේවා වාමාංශික පක්‌ෂ ලෙස හැඳින්වීමටත් හැකියාවක්‌ නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අය අද කටයුතු කරන්නේ දක්‌ෂිණාංශික අවශ්‍යතා සපුරාදීමටයි. එමනිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතිහිතෛෂී කණ්‌ඩායම් පවා මේ නව ව්‍යවස්‌ථාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. ඒ අනුව යෝජිත මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමත් විශාල අභියෝගයක්‌ බවට පත්වීමටත් ඉඩ තිබේ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙසේ සම්පාදනය විය යුතුද යන්න පිළිබඳ ඉදිරිපත් වන යෝජනා අතර පළාත් සභාවලට ඉඩම්, පොලිස්‌ සහ මුදල් බලතල මුළුමනින්ම ලබාදිය යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇතැයි පසුගිය සතියේ ප්‍රකාශ වුණා. එවැන්නක්‌ සිදුවුවහොත් රටේ ජාතික ආරක්‌ෂාවට සහ ඒකීය භාවයට එහි බලපෑම කෙබඳුද?

සියලුම ඉඩම් බලතල මධ්‍යම ආණ්‌ඩුව සතු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ තීරණය කර ඇති බැවින් මේ ප්‍රශ්නය දැනටමත් විසඳී හමාරයි. එසේම විවිධ අවස්‌ථාවලදී විනිශ්චයකරුවන් අටදෙනෙකු මේ පිළිබඳ ලබා දී ඇති නඩු තීන්දුවලට අනුව ද පෙනී යන්නේ රජයේ ඉඩම් මධ්‍යම රජය සතු විය යුතුය යන තීරණය වෙනස්‌ නොවන බවයි. එම තීරණය වෙනස්‌ කළ හැක්‌කේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමෙන් පමණයි. 

යම් හෙයකින් ආණ්‌ඩුව එබඳු ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් එය දේශපාලන වශයෙන් ආණ්‌ඩුව ගන්නා ඉතාමත් අනුවණ තීරණයක්‌ වනු නිසැකයි.

අපේ රටේ ජනවර්ග අතර සමගිය ඇතිකිරීම සඳහා වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බව ඇතැමුන් දරන මතයක්‌.

අපේ රටේ ජනවර්ග අතර සමගිය වර්ධනය වීමට ඇති බාධාව ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩුයි. අද ජනවර්ග අතර සමගිය ඇති කිරීමට යෑයි ගෙනෙන ඇතැම් යෝජනාවලින් සිදුවන්නේ සමගිය ඇති වීම නොව තිබෙන සමගියත් නැතිවීමයි. ඉඩම් හා පොලිස්‌ බලතල මුළුමනින්ම පළාත් සභාවලට ලබාදිය යුතු යෑයි කරන යෝජනාවත් එවැනි යෝජනාවක්‌. මෙවැනි යෝජනා ගෙන ඒම ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් යුද ජයග්‍රහණයටත් නිග්‍රහයක්‌. සිංහල ජනතාව කිසිවිටෙක මෙවැනි යෝජනාවන්ට එකඟ වෙතැයි සිතන්නට බැහැ. එක්‌ ජාතියක්‌ පමණක්‌ සතුටු කිරීමට කටයුතු කිරීමෙන් කිසිදිනක ජාතීන් අතර සමගිය වර්ධනය වේ යෑයි සිතන්නටත් බැහැ. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක්‌ බවයි මගේ අදහස. රටේ සෑම පළාතකම සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය සහ ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කර ගැනීමට හැකි පසුබිමක්‌ සහිත ව්‍යවස්‌ථාවක්‌. දැනට ඉදිරිපත් වන මෙවැනි යෝජනා තුළින් නම් යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් එබඳු අරමුණක්‌ සාක්‌ෂාත් කරගත හැකි බවක්‌ පෙනෙන්නට නැහැ.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක
http://www.divaina.com/2016/11/13/politics01.html

Pic Source

කුළු පොලු ජල ප්‍රහාරවලින් රණවිරුවාට කෘතගුණ සැලකීම - සිංහලයාට ජාතිකත්වයට ද්‍රෝහී වහ-පාලනයේ කැඩපත

කළගුණ සැලකීම යනු යමෙක්‌ තමන්ට උපකාරයක්‌ කළ විට ඊට ප්‍රත්‍යqපකාරයක්‌ කිරීම හෝ ඔහුට ගෞරවයෙන් යුතුව සැලකීමයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තමන් බුදු වන විට පිටදුන් ශ්‍රී මහා බෝධියට පවා කෘතගුණ දක්‌වමින් (අනිමිසලෝචනයෙන්) එහි වටිනාකම සහ වැදගත්කම ලෝකයාට පෙන් වූ සේක. කෙනෙක්‌ව මරණයෙන් බේරා ගැනීම තරම් උපකාරයක්‌ තවත් ඇත්දැයි සිතා ගැනීමට නුපුළුවන. මන්ද අප සියලු දෙයක්‌ම කරන්නේ ජීවත්වීම උදෙසා බැවිනි. එම ජීවිතය කවුරුන් හෝ වනසා දමන්ට තැත් කරයිද ඒ අනතුරින් ජීවිත බේරා ගැනීම තරම් " උපකාරයක්‌" වෙන තිබිය නොහැක. නමුත් සමස්‌ත ජනතාවම මරණයෙන් බේරාගෙන කරන ලද උපකාරයක්‌ සමස්‌ත ජනතාවම අද මුළුමනින්ම අමතක කර ඇති සෙයක්‌ පෙනේ නම් එය කෙතරම් ඛේදජනකද?

ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ, දරුවන් පාසල් යෑවූ දෙමාපියන් නැවත දරුවා ගෙදර එනතුරු සිටියේ මහත් වූ භීතියෙනි. සැමියා වැඩට ගිය පසු ඔහු නැවත නිවස කරා එනතුරු බිරිඳ සිටියේ දෙලොවක්‌ අතරය. සැමියා සහ බිරිඳ දෙදෙනාම රැකියා කරන විට ඔවුන් දෙදෙනාම ගියේ වෙන වෙනමය. මන්ද එක වාහනයක යන විට එය බෝම්බයකට අසුවුවහොත් තම දරුවනට මවුපිය දෙදෙනාම අහිමි වන බැවිනි. ත්‍රස්‌තවාදයේ තරම එයයි. එදා රටේ සියලුම ජනතාව සිටියේ මරබියෙනි. ත්‍රස්‌තවාදය ඇතිවීමට පාදක වූ කරුණු සාධාරණද අසාධාරණද යන්න එදා ජනතාව විමසුවේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ ත්‍රස්‌තවාදය නැති කර දමා තමන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඇවැසි නිදහස ලැබා ගැනීමය.

ඒ නිදහස ලබාදුන්නේ කවුද? රණවිරුවාය. ඒ සඳහා රණවිරුවන් 29000 ක්‌ දිවි පිදූහ. 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූහ. සෙසු රණවිරුවෝ තම පවුලේ නිදහස වසර ගණනාවක්‌ කැප කරමින් සටන්කොට ජීවත්වීමට වාසනාව ලැබූහ. එසේ නම් රණවිරුවෝ මෙවන් වූ උත්තරීතර කැපවීමක්‌ කළේ තමාට නිදහසේ ජීවත් වීමට නොව තම සහෝදර ජනතාවට නිදහසේ ජීවත් වීමටය. ඒ අනුව බලන කල එම "උපකාරය" තරම් වෙනත් උපකාරයක්‌ තවත් ඇත්ද? එවන් සුවිශේෂී වූ උපකාරයකට. ජනතාව කෘතගුණ සලකන ආකාරය ගැන අපට සෑහීමකට පත් විය හැකිද? තමන් වෙනුවෙන් අත පය, ඇස්‌ කන් අහිමි කරගත් ආබාධිත රණවිරුවන්ට එළවා එළවා රජය විසින් පහර දෙන විට එම කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හමුවේ තම කෘත්‍රිම කකුල්ද ගලවා එහේ මෙහේ දුවන විට, ලේ ගලන තුවාල සහිතව වැටී සිටින විට, අප ඒ දෙස බලමින් නිකම්ම සිටියෙමු. ඊට පසුවදාවත් ජනතාවගෙන් ඊට විරුද්ධව කිසිදු බරපතළ චෝදනාවක්‌ නැඟෙනු අපට ඇසුණේ නැත දුටුවේ නැත.

මීට මාස කිහිපයකට පෙර නිදහස්‌ චතුරශ්‍රයේ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනෙක්‌ (සෙකියුරිටි ගාඩ්) තරුණ ජෝඩුවකට අත් අල්ලාගෙන එම ශාලාව තුළ යන්න එපා යෑයි කී විට මුළු ලංකාවේම යෞවන යෞවනියන් ඒ අසරණ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනාට එරෙහිව නැඟසිටිය හැටි අපට මතකය. එක්‌තරා තරුණ ඇමතිවරයෙක්‌ද පැමිණ එම දෙදෙනාට තරයේ අවවාද කරනු රූපවාහිනිය තුළින් ජනතාවට දැක බලා ගත හැකි විය. එවන් වූ තරුණ පරම්පරාවක්‌ සිටින අපේ රටේ ආබාධිත රණවිරුවන්ට මෙලෙස ම්ලේච්ඡ අන්දමින් පහරදුන් විට එයට විරුද්ධව මුහුණු පොතේ පවා කිසිදු බැරෑරුම් ප්‍රකාශන හෝ රණවිරුවන්ට ලබා දිය යුතු සහයෝගය" අප දුටුවේ නැත. එය අප දකින්නේ ජාතියේම අවාසනාවක්‌ ලෙසිනි.

යුද හමුදාවට යුද සමයේ ස්‌වේච්ඡාවෙන් බැඳී වසර 12 ක්‌ ගෙවෙන්ට මත්තෙන් යුද බිමේදී බරපතළ තුවාල ලැබ අත පය අහිමි වු රණවිරුවන් යුද හමුදාවෙන් වෛද්‍ය හේතූන් මත ඉවත් වූ විට ඔවුනට මාසික වැටුප සහ දුබලතා දීමනාව ඔවුනට අවුරුදු 55 වනතුරු ලැබේ. නමුත් ඔවුන් සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ නැත. මන්ද ඔවුන් වසර 12 ක්‌ සම්පූර්ණ කර නොමැති හෙයිනි. සේවා විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන උක්‌ත රණවිරුවෙක්‌ හදිසියේ මිය ගියොත් එම බිරිඳට එතෙක්‌ රණවිරුවා ලැබූ වැටුප හෝ දුබලතා හෝ නොලැබේ. ලැබෙන්නේ සුළු වැන්දඹු සහ අනත්දරු වැටුපක්‌ පමණි. එම ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම වනුයේ තමාට වසර 12 ක සේවා කාලයක්‌ නැතත් තමන්ව සේවා විශ්‍රාම වැටුපට අනුයුක්‌ත කරන ලෙසයි. මන්ද ඔවුන් තුවාල වී ආබාධිත වූයේ නැතිනම් ඔවුන් දිගටම සේවයේ යෙදෙන නිසයි. ඔවුන් තුවාල ලැබුවේ රට වෙනුවෙන් සටන් බිමට ගිය නිසයි. ඔවුන් උදාහරණයක්‌ ලෙසින් දක්‌වා සිටින්නේ ආබාධිත වූ වසර 12 කට අඩු එවන් රණවිරුවෙක්‌ දියේ ගිලී මිය ගිය බවත් අද එම බිරිඳට හිමිව ඇත්තේ මසකට රු 3000/ක පමණ මුදලක්‌ බවත්ය. මන්ද සියලුම සෙබළුන් පාහේ නිවාස සෑදීමට සහ වෙනත් අවශ්‍යතාවන්ට ණය ලබාගෙන ඇති බැවින් රුපියල් 15,000 ක පමණ මුදලින් ණයවාරික කපා ගත් පසු ලැබෙන්නේ එවන් සුළු මුදලක්‌ බැවිනි. දරුවන් සිටින බිරිඳක්‌ එවන් තත්ත්වයකට පත් වුවහොත් ඇය මුහුණපාන තත්ත්වය එයයි. මෙම ආබාධිත සෙබළුන් එදින ඉල්ලා සිටියේ තමන්ගෙන් පසු තම පවුලට මුහුණ පෑමට වන එම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවීමට තමන්වද සෙසු නිලයන්ට මෙන් සේවා විශ්‍රාම තලයේ තබන ලෙසයි.

අද වන විට මෙලෙස වසර 12 ක සේවා කාලය නැති ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ නිලධාරීන් සිටිනුයේ තුන්දහසකට අඩු සංඛ්‍යාවකි. එබැවින් පසු ගිය රජය විසින් මොවුන්ට, පූර්වාදර්ශයක්‌ නොවන පරිද්දෙන්, එම සේවා විශ්‍රාම වැටුප කැබිනට්‌ මණ්‌ඩලය මගින් අනුමත කර ඇත්තේ 2014 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දිනය. රජය වෙනස්‌ වීමත් සමඟ එය ක්‍රියාත්මක වීම අතපසු වූ බැවින් මෙම ආබාධිත රණවිරුවන් පසුගිය ජුලි මස කොටුව දුම්රිය පළට පැමිණ එම සහනය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට දුමින්ද දිසානායක අමාත්‍යවරයා එතැනට පැමිණ මාස 3 ක කාලයකින් ප්‍රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව ඔවුන් එතැනින් විසිර ගියහ. තුන් මසක්‌ ඉකුත් වූ පසුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක්‌ තබා කිසිදු ප්‍රතිචාරයක්‌ හෝ නොලැබුණු බැවින් ඔවුනට නැවත එම උද්ඝෝෂණය ආරම්භ කිරීමට සිදු විය. උද්ඝෝෂණය ආරම්භ වූ පසු රජයෙන් කිසිදු නියෝජිතයෙක්‌ එතැනට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා නොකරන ලදී. දින කිහිපයකට පසුව රණවිරුවන් කිහිප දෙනෙක්‌ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන ලදී. ඊට දින කිහිපයකට පසුව ඉතිරි ආබාධිත රණවිරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන විට ඊට සූදානම්ව සිටි පොලිසිය කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර එල්ල කොට ඔවුන්ව පලවා හරින ලදී. ඉන් පසුව එම ප්‍රශ්නයට 2017 පෙබරවාරි මස විසඳුම දෙන බවට ලිතව ඔවුනට රජය මගින් දන්වා තිබිණ. ඒ වන විට ත්‍රස්‌තවාදීන් හා සටනින් ආබාධිත තත්ත්වයට පත්ව සිටි එම රණවිරුවන්ගෙන් දෙදෙනෙක්‌ බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබිණ. ඒ ප්‍රභාකරන්ගෙන් නොව තමන්ගේම අයගෙන් එල්ල වුණු ප්‍රහාරයෙනි. ඒ ප්‍රශ්නය, එසේ නම් එසේ ඉතා ලෙහෙසියෙන් විසඳීමට තිබියදී දින ගණනාවක්‌ මෙම රණවිරුවන් මහ පාරේ කිසිදු පහසුකමක්‌ නැතිව රස්‌තියාදු කළේ ඇයි? ඒ ඔවුන්ට "පාඩමක්‌" ඉගැන්වීමටද?

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පවසන්නේ තමා ඒ පිළිබඳව කිසිත් නොදන්නා බවත් තමාට දුරකථනයෙන් හෝ දැන් වූයේ නම් එසේ පහරදීම කෙසේ හෝ වළක්‌වන බවත්ය. රටේ සේනාවිධායකට නොදන්වා එලෙස ආබාධිත රණවිරුවන්ට හිංසාකාරී ලෙස යමෙක්‌ සලකා ඇත්නම් එය රණවිරුවන්ට සේම ජනාධිපතිවරයාටද කරන ලද නිගරුවකි. මන්ද රණවිරුවන් සියල්ලන්ම සේනාවිධායක යටතේ සිටින සාමාජිකයන් බැවිනි. එබැවින් එම අදාළ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

එම රජය බලයට පැමිණිදා පටන් රණවිරුවාට සැලකූ ඉතා පහත් ආකාරය ජනතාව හොඳින් දනී. එසේ කරනුයේ දෙමළ ඩයස්‌පෝරාවේ සිත් පිනවීමට බවද ඔවුන් දනී. මන්ද මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය තුළින් නිසාය. බලයට පැමිණි වහාම රණවිරුවා අභූත චෝදනා ඉදිරිපත් කරමින් සිරගෙට යවන්නේද බරපතල අපරාධ සිදු කළ ත්‍රස්‌තයන් නිදහස්‌ කොට යවන්නේද එබැවිනි. අද රජය බටහිරේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලනඥයන්ගේ නූල්වලින් නැටවෙන රූකඩ බවට පත් වී හමාරය. එසේ කරනුයේ ජාතියේ සේම රණවිරුවාගේද අභිමානය පාවා දෙමිනි. පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ පවා නොමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුවට මෙසේ තමන් හිතුමතේ රට පාවා දීමට ක්‍රියා කිරීමට ජනතාව බලය දී නැත. එබැවින් ඊට විරුද්ධ වීමට අපට බලය තිබේ.

පසුගිය දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටු වූයේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොදන්වාය. ඒ බැව් ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේ කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රකාශ කරන ලදී. ජනාධිපති එසේ තමාට නොදන්වා, මෙවන් වූ ඉතා බරපතළ සංවේදී දෙයක්‌ කළත්, එය අවලංගු කිරීමට කිසිත් පියවරක්‌ ගත්තේ නැත. වර්ෂ 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය ඉතා විශාල ලෙසින් ශක්‌තිමත් වීමට ඉඩදුන් ඊනියා සාම ගිවිසුම කොටින් සමඟ අත්සන් කළේද එවකට සිටි ජනපතිනිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට නොදන්වාය. රනිල් වික්‍රමසිංහ රට පාවාදීම සඳහා සියලුම දේ කරනුයේ ඒ ආකාරයටය.

මෙවරද ජිනීවා හිදී අපේ රණවිරුවන්ට විරුද්ධව සකස්‌ කරන ලද යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාව මංගල සමරවීර අමෙරිකාව සමඟ අගය කරමින් පිළිගත්තේ රනිල්ගේ උපදෙස්‌ මත ජනාධිපතිතුමාට නොදන්වා විය යුතුය. එම වාර්තාවේ අඩංගු රණවිරුවන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කිරීමට විදෙස්‌ විනිසුරුකරුවන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයටද මංගල සමරවීර එකඟ වී ඇත්තේ ජනාධිපතිට නොකියාය. මන්ද ඊට පසුව තමා කිසිසේත් විදෙස්‌ විනිසුරුකරුවන්ට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බැවිනි. කරුණු එසේ වෙතත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඊට පසුවදාම පුවත්පතට නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ විශේෂ අධිකරණයේ විදෙස්‌ විනිසුරුවන් සිටීම සම්බන්ධව ඔහු (එනම් සුමන්දිරන්) ඇමෙරිකාව සහ රජය එක්‌ වී තීරණය කළේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවත් එබැවින් ජනාධිපතිවරයාට එය දැන් වෙනස්‌ කළ නොහැකි බවත්ය. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය ත්‍රස්‌තවාදය විනාශ කළ රණවිරුවන් අනාගතය පිළිබඳ තීරණ ගැනීමට ඉඩදී ඇත්තේ ත්‍රස්‌තවාදයේම කොටි දේශපාලනඥයන්ටය. එයද ජනාධිපතිවරයාට නොදන්වාය.

ජනාධිපතිතුමන් විසින් එසේ නම් මේ පිළිබඳව බරපතළ ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ. එතුමාගේම වදන් වලින් කියන ලෙස රටේ සිදු වන බොහෝ වැදගත් සිද්ධීන් සහ ගනු ලබන තීරණ පිළිබඳව එතුමා දැනගත්තේ පසුවදා පුවත්පත් වලිනි. එය දැන් විහිළුවක්‌ බවට පත් වී ඇති නිසා රටේ ජනාධිපති එසේ විහිළුකාරයෙක්‌ගේ තත්ත්වයට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එයට වගකිවයුතු බැව් ජනපතිට අවබෝධ විය යුතු වේ. රණවිරුවන් සම්බන්ධයෙන් රජය විසින් ගත් සියලුම නින්දිත ක්‍රියාවන්හි වගකීම ලැබෙන්නේ ජනපතිටය. හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා පදක්‌කම් පැළඳ සිටියදී පවා කුඩුකාරයන් ලගින කූඩුවේ ඇප ලැබෙන තුරු රඳවා සිටියේද ජනාධිපතිගේ දැනුමින් තොරවය. මම මේ බව දන්නවා නම් ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාපතිවරුන් උසාවියට දක්‌කාගෙන යන්න ඉඩ තියන්නේ නැහැ." යෑයි ජනපති පැවසුවේ එබැවිනි. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය රණවිරුවා සම්බන්ධයෙන් ගෙනයන මේ නින්දිත ක්‍රියා කලාපය නිසා ජනතාවගේ අප්‍රසාදය යොමු වන්නේ රනිල්ට නොව ජනාධිපතිටය. මෙය ජනපතිට විරුද්ධව කූට ලෙස ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක්‌ බවද ජනපති අවබෝධ කර ගත යුතුවේ. මෙසේ රණවිරුවාද පාවාදෙමින් ජනපතිගේද ආවරණය ලබමින් ලක්‌ ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාවට වගකිව යුතු අගමැතිවරයා තනතුරින් නෙරපා හැරියහොත් ජනපතිගේ නමට ඉදිරියේදී සිදුවන මහා කැළලකින් යම්තාක්‌ දුරට හෝ මිදිය හැකි බැව් අපගේ විශ්වාසයයි.

අපේ රටේ, තම ජීවිතය පරදුවට තබා සටන් කළ රණවිරුවාට වර්තමාන රජය සලකන ආකාරයත් එයට ජනතාවගේ ප්‍රතිචාරයත් ඉතාම ශෝචනීය බැව් කිව යුතුය. අද එදා ප්‍රහාරයට ලක්‌ වූ එක්‌ ආබාධිත සෙබළෙක්‌ගේ එක්‌ ඇසක්‌ සම්පූර්ණයෙන්ම අන්ධ වී තිබේ. වර්ෂ 1996 දී මෝටාර් ප්‍රහාරයකට ගොදුරුව ඔහුගේ අනෙක්‌ ඇසෙහිද පෙනුම ඉතාම දුර්වල වී තිබිණ. මෙවන් තත්ත්වයක්‌ අද රණවිරුවාට අත්වීම සම්බන්ධයෙන් සමස්‌ත ජනතාවම ල-ජාවට පත්විය යුතුය.

අන් සියලුම රටවල් රණවිරුවන්ට සලකන්නේ මහත් වූ ගෞරවයෙනි. "කොමිසරි" නමින් ඔවුන් සඳහා වූ වෙනම සහන මිලට භාණ්‌ඩ අලෙවි වන වෙළෙඳසල් පවා තිබේ. ඕනෑම තැනක, කාර්යාලයක ඔවුනට ලැබෙනුයේ විශේෂ ස්‌ථානයකි. ගුවන් යානයක රණවිරු මගියෙක්‌ සිටී නම් ගමන ආරම්භ වීමට ප්‍රථම ගුවන් නියමුවා විසින් " අද අපට සතුටු දිනයක්‌. අපේ යානයේ යුද විරුවෙක්‌ සිටිනවා." යෑයි කියන විට අනෙකුත් සියලුම මගීන් අත්පොළසන් දී ඔහුට සිය ප්‍රණාමය පුද කරති. බොහෝ විට මේ සියලු "රණවිරුවන්" යුද්ධ කර ඇත්තේ තම රටේ නොව වෙනත් රටකය. තමාගේ රටේ ජනතාව බේරා ගැනීමට නොව වෙන රටක්‌ ආක්‍රමණය කිරීමටය. අපේ රටේ රණවිරුවා අත්පා අහිමි කරගත්තේ අපේ ජනතාව ත්‍රස්‌තයාගෙන් බේරා ගැනීමටය. දිවි පිදුවේ තමාගේ ජනතාවගේ දිවි ආරක්‍ෂා කිරීමටය. එවන් වූ රණවිරුවාට අද රටේ ලැබෙන තත්ත්වය මෙය නම් ඒ පිළිබඳව දේශප්‍රේමී ජනතාව දැන්වත් ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ. අපේ ජාතියේ අභිමානය සහ කළගුණ දත් ජාතියක්‌ ලෙස අප ලබා ඇති නාමය රැක ගත හැක්‌කේ ඒ අයුරිනි. එයට අප සැම එක්‌වෙමු.

රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර
http://www.divaina.com/2016/11/13/feature38.html

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ පකිස්ථාන බොදු උරුමයක් - බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ!

ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් හානි කරනු ලැබූ පාකිස්තානයේ පිහිටි ගල් බිත්තියක නෙලන ලද පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් සාර්ථකව ප්‍රතිස්ථාපනය කළ බව පුරා විද්‍යාඥයෝ පවසති.

මීට වසර නවයකට ඉහතදී සන්නද්ධ කණ්ඩායමක් විසින් වයඹ දිග පාකිස්තානයේ පිහිටි බුදු රුව සහිත ශෛලමය මූර්තියේ හිස කොටසට හානි සිදු කොට තිබිණි.

ස්වාත් නිම්නයේ පිහිටි මූර්තියේ ප්‍රතිස්ථාපන කටයුතු සඳහා ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට වසර පහක්ගත වූ බව ව්‍යාපෘතියේ ප්‍රධානී ඉතාලි ජාතික ආචාර්ය ලූකා මරියා ඔලිවියෙරි සඳහන් කළේය.

කෙටි කාලයක් එම කලාපය තාලිබාන් කැරලිකරුවන් අත පැවති අතර 2009 වසරේදී කැරලිකරුවන් පළවා හැරීමට පාකිස්තාන හමුදා සමත් වූහ. හත් වන ශතවර්ෂයට අයත් ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මිත බුදු රුව සහිත මූර්තිය දකුණු ආසියාවේ තිබෙන විශාලතම ශෛලමය මූර්තිවලින් එකකි.

පෞරාණික නිර්මාණයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළ විය.

BBC

http://www.colombotoday.com/24716-252/

නැගනහිරින් සිංහලයා එළවයි. දිසාපති, ප්‍රාලේ, ග්‍රම නිලධාරී සිංහලයන් හොයමින් නඩුදමති!

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා!

මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම කෙවිලියාමඩු පුළුකුනාව යන ගම්මානවල වාසය කරන සිංහල ජනතාවට එම ගම්මාන අත්හැර යන ලෙසට TNA විසින් බලපෑම් කරන බව පවසමින් ඊයේ (11) පෙරවරුවේදී එම ගම්මානවල සිංහල ජනතාව දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.

රජයේ ඉඩම් අල්ලාගෙන සිංහල ජනතාව එම භූමිවල වගාබිම් සිදු කර ගෙන යන බවට, මඩකලපුවේ දිසාපතිවරයා විසින් චෝදනා කර එලෙස වගා කටයුතු වල නිරතවී සිටී සිංහලයන් 7 දෙනෙකුට නඩු පැවරීමටද දිසාපතිවරයා කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාවයේ නියැලුණු සිංහල වැසියන් පැවසුවේ, ඒ ඉඩම් වල සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ ජනතාවද තම වගා කටයුතු සිදු කරමින් පවතින බවයි. නමුත් සිංහල ජනතාවට පමණක් මෙලෙස කෙණෙහිලිකම් සිදු කිරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් සදහන් කරනවා.

විරෝධතා කරුවන් මෙහිදි පැය ගණනක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු අතරම , දින 15 ක් ඇතුලත මේ පිලිබදව විසදුමක් ලබාදෙන බවට ප්‍රාදේශිය ලේකම්වරයා එහිදි පොරොන්දු වීමත් සමගින් විරෝධතාවය නවතා දැමීමට, එම විරෝධතාකරුවන් තීරණය කලහ. සංහිදියාව යන වචනයට මුවාවී උතුරු – නැගෙනහිරින් සිංහල ජනතාව පන්නා දැමීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි විරෝධතාකරුවන් දිගින් දිගටම කියා සිටියේ.

මෙහිදී අම්පාර මංගලාරාම විහාරාධිපති සහ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාමසේවක අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

අම්පාර මංගලාරාම විහාරාධිපති හිමියෝ චෝදනා කරන්නේ , විවිධ අභූත චෝදනා නගමින් මේ ප්‍රදේශවලින් සිංහල ජනතාව පන්නා දැමීමේ කුමන්ත්‍රණයක් දෙමළ ජාතික සන්ධානය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

http://www.colombotoday.com/24932-25852565/