Pages

Monday, January 27, 2014

පාකිස්‌තානයේ ෂියා මුස්‌ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරයකින් 22 ක්‌ මරුට

පාකිස්‌ථානයේ ෂියා මුස්‌ලිම්වරුන් පිරිසක්‌ ඉරානයේ වන්දනාවට ගොස්‌ ආපසු පැමිණෙමින් සිටියදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 ක්‌ මියගොස්‌ තිබේ.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ බලූකිස්‌තාන් ප්‍රාන්තයේදීය.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 26 ක්‌ තුවාල ලබා ඇත.

මියගිය පිරිස අතර කාන්තාවක්‌ හා ළමුන්ද වන බව මාධ්‍ය වාර්තා කියයි.

http://www.divaina.com/2014/01/27/forign04.html

සෝනියා, රාහුල් ගාන්ධි අගමැති අපේක්‍ෂක නොකළේ ඇයි? මව් සෙනහස පුතුගේ දේශපාලන අනාගතය ආරක්ෂා කළාද?

ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඡේ. ආර්. ජයවර්ධන රජය සමග සුහද මිතුදමක්‌ පවත්වාගෙන නොගිය බව ප්‍රකට කරුණකි. එනිසාම ඇය රෝ ඔත්තු සේවාව හරහා දෙමළ සටන්කාමී කණ්‌ඩායම්වලට ඉන්දීය භූමිය තුළදීම ආයුධ පුහුණුව ලබා දුන්නාය. බ්‍රිතාන්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් මෑතදී නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව ඉන්දිරා ගාන්ධි, මාග්‍රට්‌ තැචර්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමක්‌ පිළිබඳව කරුණු හෙළිදරව් විය. එය කවරක්‌ද? සික්‌ භටයන් දෙදෙනකු අතින් වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය මේ ඉන්දීය අගමැතිනිය ඊට ටික කලකට පෙර තැචර් හමු වී ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විශේෂ බළකා සාමාජිකයන් විසින් ලංකා ආරක්‍ෂක අංශ වෙත ලබාදෙන පුහුණුව නවතා දමන ලෙසය. නමුත් පසුව බ්‍රිතාන්‍ය රජය ඉන්දියාවට දන්වා ඇත්තේ ඒ පුහුණුව ලබාදීම සිදුකරන්නේ පෞද්ගලික සමාගමක්‌ විසින් බවත් එයට රැජිනගේ ආණ්‌ඩුවේ සම්බන්ධයක්‌ නොමැති බවත්ය.

දෙමළ අන්තවාදයට සහාය පළ කළ ඉන්දිරා ගාන්ධි සික්‌ අන්තවාදීන් අතින් මැරුම් කෑවාය. එදා සික්‌ අන්තවාදීන් විනාශ කර දමන්නට ඉන්දියන් හමුදාව අම්රිත්සාර්හි රන් දෙවොල තුළ සිදුකළ මෙහෙයුමට බ්‍රිතාන්‍ය විශේෂ බළකායේ සහාය ලැබුණ ද යන්න සෙවීමට ඩේවිඩ් කැමරන් විශේෂ පරීක්‍ෂණයක්‌ අරඹා ඇත. ඉන්දිරා ගාන්ධිවත් මාග්‍රට්‌ තැචර්වත් අද ජීවතුන් අතර නැත. මේ ඉතිහාසය යළි සිහිකළේ ඒ අතීත සිදුවීම් වර්තමානයටත් වැදගත් වන නිසාය. ඉන්දිරා ගාන්ධි ගැන මතක්‌ වන විට ඇගේ මුණුපුරා වන රාහුල් ගාන්ධි ද සිහි වේ. ඉදිරි අප්‍රේල් මැයි මාසවලදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේදී කොන්ග්‍රස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස රාහුල් ගාන්ධි පත් කෙරුණේ නැත. මෙය ඉන්දීය සමාජයේ බෙහෙවින් කතාබහට ලක්‌ වූ පුවතක්‌ විය.

43 හැවිරිදි රාහුල් ගාන්ධි ඉන්දීය කොන්ග්‍රස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයාය. ඔහුගේ මවත් පියාත් කොංග්‍රස්‌ පක්‍ෂයේ සභාපතිවරුන්ය. ඉන්දියාවේ වඩාත් බලවත් නේරු - ගාන්ධි පවුලේ දිදුලන තාරකාව වන්නේ රාහුල් බව රහසක්‌ නොවේ. එහෙත් නේරුගේ මී මුණුපුරා තවමත් දේශපාලන වශයෙන් ප්‍රමුඛ චරිතයක්‌ බවට පත් වී නොමැත. කොන්ග්‍රස්‌ පක්‍ෂයේ විධායක කමිටුව 2014 වසරේ අගමැති අපේක්‍ෂක නම් කිරීම සඳහා රැස්‌වූ විට රාහුල් ගාන්ධි අගමැති අපේක්‍ෂක ලෙස නම් කළ යුතු නැතැයි ප්‍රකාශ කර සිටියේ සෝනියා ගාන්ධි මැතිනියය. ඇය, සිය පුතා තවමත් මේ තනතුරු දැරීමට මෝරා නැතැයි සිතන්නේද? නැත්නම් ඔහුගේ දේශපාලන ජීවිතය තරුණ කාලයේදීම විනාශ වීමට ඉඩ නොදිය යුතු යෑයි සිතන්නීද? සෝනියා ගාන්ධිගේ තීරණය රාහුල්ට දීර්ඝ කාලීනව වාසිදායකය. නමුත් කොන්ග්‍රස්‌ පක්‍ෂයට කෙටි කාලීනව අවාසිදායකය. ඉදිරි මැතිවරණයේදී කොන්ග්‍රස්‌ පාක්‍ෂිකයන්ට නම් කළ අගමැති අපේක්‍ෂකයකු නොමැතිව දේශපාලන උද්දීපනයක්‌ ලැබෙන්නේ නැත. දේශපාලන වශයෙන් මෙවර මැතිවරණයේදී තමන්ට වාසිදායක තත්ත්වයක්‌ ඇති නොවන බව ඉවෙන් අවබෝධ කරගෙන සිටින සෝනියා තම පුතුගේ දේශපාලන අනාගතය අඳුරට වැටීමට ඉඩ නොදී බේරාගෙන ඇති බව සටහන් කළ යුතුය. එසේ නම් සෝනියා ගාන්ධි හොඳ මවකි. ඇය අගය කළ යුතුය.

භාරතීය ජනතා පක්‍ෂය නම් කොන්ග්‍රසය තම අගමැති අපේක්‍ෂකයා නම් නොකිරීම ගැන බලවත් සතුටට පත්විය. එය ඔවුන්ගේ ආධාරකරුවන් තවත් ප්‍රබෝධ කිරීමට හේතුවක්‌ විය. භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක ගුජරාටි මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි පවසන්නේ ඉදිරියේදී අත්විඳීමට නියමිත මැතිවරණ පරාජය ගැන දැනගෙන සෝනියා තම පුතු බිල්ලට නොදීමට තීරණය කර ඇති බවය. රදල පවුල්වල අය තමාට බිය වී ඇති බවත් කුඩා කල තේ වෙළෙන්දකු වූ තමා, රටේ ඉහළම ධුරයට තරග කරන බවත් ඔහු ඉකුත් ඉරිදා දිල්ලියේ පැවති භාරතීය ජනතා පක්‍ෂ සමුළුවේදී ප්‍රකාශ කර සිටියේය. වසර හැටක්‌ තිස්‌සේ ඉන්දීය ජනතාව පාලකයන්ට බලය පවරා ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදී මාස හැටකට පාලකයකුට නොව සේවකයකුට බලය පවරන ලෙස තමා ඉල්ලා සිටින බව මෝඩි තම ආධාරකරුවන් අමතමින් පවසා සිටියේය.

භාරතීය ජනතා පක්‍ෂ අගමැති අපේක්‍ෂකයා රාහුල් ගාන්ධි ඉලක්‌ක කරගෙන ප්‍රහාර එල්ල කරද්දී කොන්ග්‍රස්‌ පක්‍ෂයේ අමාත්‍ය මනීෂ් තිවාරි ප්‍රකාශ කළේ නරේන්ද්‍ර මෝඩි යනු විස තේ වෙළෙන්දෙක්‌ බවය. තේ විකුණූ කොල්ලෙක්‌ කිසිවිට අගමැති විය නොහැකි බවත් බලවත් අගමැතිවරයකු බිහි කළ හැක්‌කේ කොන්ග්‍රස්‌ පක්‍ෂයෙන් පමණක්‌ බවත් තිවාරි ප්‍රකාශ කර ඇත. කනගාටුදායක කරුණ නම් රාහුල් ගාන්ධිගේ ජනප්‍රියතාවය ආම් ආද්මි පක්‍ෂයේ නායක වර්තමාන දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල්ටත් වඩා පහළ බව පසුගියදා සිදුකළ සමීක්‍ෂණවලදී හෙළිව තිබීමය. එහෙත් "තේ කොල්ලා" ගේ ජනප්‍රියකම රාහුල් ගාන්ධිට වඩා ගව් ගානක්‌ ඉහළින් තිබේ. මේ අතර ස්‌විස්‌ටර්ලන්තයේ ඩාවොස්‌හි පැවැත්වෙන 44 වැනි ලෝක ආර්ථික සැසියට සහභාගි වූ ඉන්දීය මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් ප්‍රකාශ කර සිටියේ ඉදිරි මැතිවරණය කොන්ග්‍රසය ජයග්‍රහණය කළහොත් අගමැති වන්නේ රාහුල් ගාන්ධි බවයි. නමුත් මෙවර මැතිවරණයේදී කිසිම පක්‍ෂයකට බහුතර බලය ලබාගැනීමට අපහසුවන බව චිදම්බරම් පවසා ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩලය එනම් රාජ්‍ය සභාවේ විපක්‍ෂ නායක අරුන් ජෙට්‌ලි විසින්ද රාහුල් ගාන්ධිගේ හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කර තිබිණි. ජවහර්ලාල් නේරුට, ඉන්දිරා ගාන්ධිට තිබූ ප්‍රතාපවත් බව, ඒ රාජතාන්ත්‍රික කෞශල්‍යය රාහුල් ගාන්ධි තුළ පවතින්නේද යන්න ප්‍රශ්නයක්‌ බව අරුන් ජෙට්‌ලි පවසා තිබිණි. රාහුල් ගාන්ධිගේ "ප්‍රභාව" අඩු නිසා ගාන්ධි පවුල තම දියණිය, එනම් ප්‍රියංකා වද්රා කරලියට ගෙන ආවේ මීට සති දෙකකට පමණ පෙරය. උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත මැතිවරණයේදී කොන්ග්‍රස්‌ පක්‍ෂය අකිලේෂ් යාදෙව් නම් තරුණ දේශපාලකයාටත් පැරදිණි. එනිසාම 2014 මැතිවරණයේදී ප්‍රියංකාගේ ප්‍රතිභාවෙන් රා බේරලි හා ඇමෙති ආසන ජයගැනීම සඳහා කොන්ග්‍රසය උත්සාහ කරනු ඇත. ප්‍රියංකාට කොංග්‍රස්‌ පක්‍ෂයේ කිසිදු තනතුරක්‌ නැති නමුත් ඇය ඉන්දියාවේ බලවත්ම දේශපාලන පවුලේ සාමාජිකාවක්‌ නිසා මේ නේරු මී මිණිපිරියට දේශපාලනය කිරීමට කිසිම බාධාවක්‌ නැති බව කොන්ග්‍රසයේ ලේකම් ජනර්දාන් විවේදි පවසා තිබිණි. කෙසේ නමුත් ප්‍රියංකාගේ සැමියා එනම් රොබට්‌ වද්රාට එරෙහිව නම් පසුගිය කාලයේ දූෂණ චෝදනා එල්ල විය. හර්යානා හා රාජස්‌ථාන් ප්‍රන්තවල ඔහු සිදුකළ ඉඩම් ගනුදෙනු දූෂිත යෑයි චෝදනා නැගිණි.

රාහුල්ට සහයට ප්‍රියංකා කරලියට පැමිණීම කොන්ග්‍රස්‌ පක්‍ෂය ආලෝකයක්‌ වෙයිද? නැත්නම් කලකිරුණු කොන්ග්‍රස්‌ පාක්‍ෂිකයන් විශේෂයෙන්ම නගරබද ඡන්ද දායකයන් අරවින්ද් කෙජිරිවාල්ගේ ආම් ආද්මි පක්‍ෂයට ඇදී යයිද? ඉදිරි ඉන්දීය මැතිවරණය රාහුල් ගාන්ධිගේ දේශපාලන අනාගතය වඩා තීරණාත්මක වන බව පැහැදිළිය. ඉන්දීය මැතිවරණ උණුසුම මෙරට දේශපාලනයද කළඹනු ඇත. ඒ ගැන විවාදයක්‌ නැත. එනිසා අපි ඒ දෙස වඩාත් උනන්දුවෙන් බලා සිටිමු.

චතුර පමුණුව
http://www.divaina.com/2014/01/26/forign.html

විනේශ්වරන්ලාගේ කපටි මුනිවත හමුවේ ඉන්දීය ධීවරයා අපේ මුහුද ඉහගෙන කන හැටි

ඉන්දියානු-ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය ඔඩුදුවන තුවාලයක්‌ බවට පත්ව තිබේ. නිරන්තරයෙන් අත්අඩංගුවට පත්වන දෙරටේම ධීවරයන් දෙස බැලීමේදී ඒ බව පැහැදිලි වේ. ශ්‍රී ලංකා ධීවරයන් යාන්තම් අපගේ මුහුදු සීමාව ඉකුත්වූ වහාම ඉන්දියානු වෙරළාරක්‍ෂක හමුදාව මගින් අල්ලාගෙන හිරේ විලංගුවේ දැමීමත්, සිය ගණන් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකානු මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මත්ස්‍ය සම්පත සූරාගෙන යාමත් මෙම අර්බුදයට හේතුවයි. ඉන්දියානු ශ්‍රී ලංකා අර්බුදය පැහැදිලිවම බලවතා විසින් දුබලයා ආක්‍රමණය කිරීමේ අධිරාජ්‍යවාදී පිළිවෙතක්‌ ක්‍රියාත්මකව පවතින බලහත්කාරකමක්‌ ලෙස හැඳින්වීමේ කිසිදු වරදක්‌ නැත.

අපට අයිති මුහුදු සම්පත් ඉන්දීය ධීවරයන් විසින් මුහුදු මඩත් සමගම සූරා ගන්නා අයුරු --->

දුබලයා හෙවත් ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නයේදී ඉන්දීය ගැත්තකු, යටහත්, පහත්, කීකරු නිවටයකු සේ මෙතෙක්‌ කලක්‌ ක්‍රියාකර ඇති බව පෙනෙන්නට තිබේ. එනම් ඉන්දියාව සමග හොඳ හිත පවත්වාගෙන යාමේ ක්‍රමවේදයට අනුගතවීම නිසා අපගේ අසීමිත වටිනාකමක්‌ ඇති මත්ස්‍ය හා මුහුදු සම්පත දැනටමත් සැලකිය යුතු මට්‌ටමකින් අහිමිකරගෙන තිබීම මෙම ප්‍රශ්නයේ බරපතළම කාරණයයි. එනම් ඉන්දියානු ධීවරයන් විසින් මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබන බොටම් ට්‍රොලින් සහ පෙයාර් ට්‍රෝලින්  දැල් භාවිතය නිසා මුහුදු ඉස්‌සන්, බෙල්ලන්, කකුළුවන්, මුහුදු කැකිරි, මුහුදු ඉකිරියාගේ සිට සියලුම මත්ස්‍යයින් ඇතුළු ජීවීන් (බොහෝ විට මුහුදු පැළෑටියා) මුහුදේ මඩත් සමගම හූරාගෙන යන නිසාය. මේ හේතුව නිසා එක්‌ පැත්තකින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ මුහුදු සම්පත් ශීඝ්‍ර විනාශයකට බඳුන් වන නිසා අනාගතයේදී පැහැදිලිවම මුහුදු ආහාර (Sea Foods) හිඟයක්‌ මතුවේ. අනෙක්‌ අතින් රටට හිමිවිය යුතු අතිවිශාල මුදලක්‌ (හෝ විදෙස්‌ විනිමයක්‌) ඉන්දියානුවන් විසින් කොල්ලකාගෙන යනු ලැබේ. මන්ද, සතියට දින තුනක්‌, එනම් සඳුදා, බදාදා, සෙනසුරාදා යන දිනයන්හි ඉන්දියානුවන් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කරන නිසා උතුරේ ස්‌වදේශික ධීවරයන්ට අදාළ මුහුදු කලාපය ඔවුන්ට තහනමට ලක්‌වීමය. මේ හේතුව නිසා "ගෙඩිය පිටින්ම" ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් හූරාගෙන යාමට ඉන්දියානුවන්ට හැකියාව ලැබී ඇත. අනෙක්‌ ප්‍රධාන කාරණය වන්නේ කැස්‌බෑවන්, මුහුදු ඌරන් වැනි අතිශය දුර්ලභ, වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති මුහුදු ජීවීන් බරපතළ ලෙස වඳවී යැමට මෙම ධීවර ක්‍රියාකාරකම් හේතු වීමය. එනම් ඉන්දියානු ධීවර දැල්වලට හසුවන මෙවන් සතුන් එක්‌කෝ මසට මරාගෙන යන අතර නැතහොත් නීතිමය බාධක පවතින්නේ නම් මුහුදට විසිකර හෝ දැල් සැකසීමට ගන්නා වැලිවැටි දූපත් ප්‍රදේශවල දමා යැම සිදුකෙරේ. එනමුත් ඉන්දියන් ධීවරයන්ගේ මුහුදු පතුල හාරා, සූරාගෙන යන මාරාන්තික දැල්වලට හසුවන මෙවන් සතුන් යළිත් ජීවය ලබන්නට ඉතිරි වන්නේ නැත.

මෙවන් සාපරාධී ධීවර කර්මාන්තයක්‌ උතුරේ සිදුකරන්නේ ශ්‍රී ලංකානු ධීවරයන් බලවත් අසාධාරණයකට ලක්‌ කරමින් සහ දකුණු ඉන්දියානු දේශපාලන චරිතවලට පණ පෙවීම පිණිස ඔවුන්ගේ විධානය පරිදිය. මේ නිසා සිදුවන විනාශය සහ අසාධාරණය ගැන මෙතෙක්‌ කලක්‌ ශ්‍රී ලංකා රජය ඉවසා සිටියද වර්තමානයේදී ඒ සඳහා ධනාත්මක ක්‍රියාමාර්ග ගනු පෙනෙන්නට තිබේ.

කෙසේ හෝ මෙසේ ඉන්දියානු ධීවරයා බහුදින යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සතියකට දින තුනක්‌ බැගින් හා බෝට්‌ටු දෙතුන් සියයකින් කෙරෙන ආක්‍රමණකාරී මසුන් මැරීම පිළිබඳව සොයා බලන්නට "දිවයින" පසුගිය දිනෙක විශේෂ මුහුදු ගවේෂණයකට එක්‌විය. ඒ උතුරු දිග මුහුදු කලාපයේය. එහිදී අපට දැකගන්නට ලැබුණේ දැවැන්ත ධීවර ආක්‍රමණයක්‌ සිදුකර අපගේ මසුන් පමණක්‌ නොව සමස්‌ත මුහුදු සම්පත සූරාගෙන යන බවකි. දැයේ හදවත බඳු මුහුදු කලාපයේ සිදුකෙරෙන මෙම මුහුදු පතුල සූරාගෙන යාම නුදුරු අනාගතයේදීම සුවිසල් (මුහුදු) ආහාර හිඟයක්‌ රට තුළ ඇතිකෙරෙන බවට කදිම සාධක සැපයීය. අප එහි යන විටත් ඉන්දීය ට්‍රොaලර් යාත්‍රා දෙසීය ඉක්‌මවා අපගේ මුහුදු සීමාවට ඇතුළුව තිබූ අතර ඔවුන් හිතූ මනාපයේ එහි මසුන් මරනුද දකින්නට ලැබිණි. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ආක්‍රමණය පාලනය කරන්නට ගන්නා අප්‍රමාණ උත්සාහයද මෙහිදී අපි ඉතා හොඳින් නිරීක්‍ෂණය කළෙමු. එපමණක්‌ නොව උතුරු මුහුදේ පතුල හාරා ලබා ගන්නා මුහුදු සම්පත් පිළිබඳවද තක්‌සේරුවකට එන්නට අපට මෙහිදී හැකි වූයේ නෙළාගන්නා ලද මුහුදු සම්පත් (මඩිය) ඔවුන්ගේ බෝට්‌ටු තුළට ගන්නා ආකාරය දුටුවිටදීය. මුහුදේ මඩත් සමග ඉහළට එසැවෙන මඩිය තුළින් දහසකුත් මුහුදු ජීවීන් දකින්නට ලැබෙන අතර මුහුදේ මඩද වතුරට එකතුවී බොරපැහැ ගැන්වෙන අයුරු දුටුවිටදී මේ අපේ සම්පත්වලට සිදුවන විනාශය නොවේදැයි අප හිත් පාරවයි.

අප ගමන් කරමින් සිටියේ තලෙමන්නාරමට බටහිරින් පිහිටි ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදේ වැලිපර දූපත් (ආදම්ගේ පාලම) ප්‍රදේශයේ සිට කච්චතිව් දූපත දක්‌වා වැටී ඇති සරල රේ‚ය මුහුදු මාර්ගයක්‌ ඔස්‌සේය. විටින් විට දකුණු ඉන්දියාවේ (රාමේෂ්වරම්) බවට විශ්වාස කළ හැකි සම්ප්‍රේෂණ කුලුනු වැනි ඡායාද ඇත. වම්පසින් අප නෙත ගැටේ. මේ අප ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට ළඟ බව කියෑවෙන සාධකයකි. නොහොත් පෝක්‌ සමුද්‍ර සන්ද්‍රියේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ කච්චතිව් ප්‍රදේශය දක්‌වා (රාත්‍රි කාලයේ) යන විට ඉන්දියානු ගොඩ බිමේ විදුලි ධාරාව පවා දැකගන්නට ලැබේ.

වැලිපර අංක 7 සිට දූපත් කච්චතිව් දූපත අතර ඇති සරල රේඛීය ගමන් මාර්ගය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා මුහුදු කලාපයට අයත් ප්‍රදේශයයි.

අප ගමන් කරමින් සිටින්නේ මෙම සරල රේඛාව දිගේ, එහෙත්, ශ්‍රී ලංකා මුහුදු සීමාව ඇතුළතින්ය. අපට දකුණු පසින් ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයයි. මෙම මුහුදු සීමාවේ මන්නාරම් බොක්‌ක, යාපනය දූපත් මුහුදු කලාපය වැනි පුළුල්, එහෙත් මත්ස්‍ය සම්පතින් පොහොසත් මුහුදු කලාපය දකින්නට ලැබේ. ඉන්දියන් ධීවරයන්ගේ උකුසු ඇස යොමු වන්නේ මෙම මුහුදු කලාපය වෙතය. ගැඹුරු මෙන්ම නොගැඹුරු මුහුදු ප්‍රදේශයකින්ද සමන්විත මෙහි ගල්පර ආශ්‍රිත මුහුදු ජීවීන් රැසක්‌ම පෝෂණය වේ. ඉස්‌සන්, පොකිරිස්‌සන් ඇතුළු කුඩා මසුන් රංචු පිටින් ගැවසෙන මෙම කලාපය ධීවර පාරාදීසයක්‌ ලෙස හැඳින්වීම නිවැරැදිය. උතුර - නැගෙනහිර පැවති තිස්‌වසරක යුද තත්ත්වය හේතුවෙන් මෙම කලාපයේ ධීවර කටයුතු දැඩි සීමාවකට ලක්‌වීම හේතුවෙන් මෙම මුහුදු කලාපයේ සාන්ද්‍රීය මුහුදු සම්පතක්‌ ඉතිරිව තිබිණි. එහෙත් යුද්ධය නිමාවෙන් පසු අපගේ ධීවරයාට නෙළාගැනීමට තිබූ මෙම මුහුදු සම්පත බලහත්කාරයෙන් ඉන්දියානුවන් සූරාගෙන යැම බලවත් අසාධාරණයක්‌ හා සාපරාධී ක්‍රියාවක්‌ නොවන්නේද? අප මේ සොයා බලමින් සිටින්නේ ඒ ගැනය.

වැලිපර දූපත් සිට තවත් අඩ හෝරාවක්‌ පමණ ගිය තැන අපට දකින්නට ලැබුණේ ගාලු පාරේ ඇදෙන වාහන කන්දරාව තරම් ඉන්දියානු ට්‍රොලර් යාත්‍රා ප්‍රමාණයක්‌ අපගේ මුහුදු කලාපයට ඇතුළු වී මසුන් මැරීමේ තරගයක නිරතව සිටින දසුන් පෙළකි. අප මෙම ධීවර යාත්‍රා අතරින් රිංගා කච්චතිව් ප්‍රදේශයට යමින් සිටි අතර ඒ වන විටත් දෙසීයකට ආසන්න ට්‍රොලර් යාත්‍රා ප්‍රමාණයක්‌ අපගේ දකුණු පසින් එනම් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ විය.

තවත් ඉදිරියට යැමේදී අප නෙත ගැටුණේ ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතය. එය ඉලක්‌ක කර බැලීමේදී ද ඒ වන විටත් අපගේ මුහුදු කලාපය තුළ තිබූ යාත්‍රා ගණනාවකින් ඉන්දියානුවන් අපට සිදුකරන බලහත්කාරකම හා උතුරේ ධීවරයන්ට අයත් ධීවර සම්පත සාපරාධී ලෙස කොල්ලකා යන අයුරු තක්‌සේරු කර ගත හැකි විය.

මෙම සෑම ධීවර යාත්‍රාවකින්ම සිදු කෙරෙන්නේ මුහුදු පතුල දක්‌වා එළනු ලබන දැවැන්ත දැලකින් මසුන් හා මුහුදු සම්පත් එහි මඩියට එකතුවන පරිදි ට්‍රෝලර් යාත්‍රාව නොනවත්වා ඇදගෙන යැමය. පෙයාර් ට්‍රෝලින් ක්‍රමයේදී යාත්‍රා දෙකක්‌ භාවිතා කර දැලට අමතරව තවත් යකඩ නගුලක්‌ වැනි උපකරණයක්‌ භාවිතයට ගනී. ඉන් පසු මඩිය පිරුණු පසු තමන්ගේ දැනුම පරිදි මඩිය උස්‌සා බෝට්‌ටු තුළට ගෙන මත්ස්‍ය සම්පත් ගෙඩිය පිටින්ම ලබාගෙන නැවත දැල එළීම උන්ගේ කාර්යයයි. මෙසේ දිනකට බෝට්‌ටු සියයක්‌ අපගේ මුහුදු තීරයට ආවා යෑයි සිතුවත් සතියකට (දින තුනකදී) බෝට්‌ටු තුන්සියයක්‌ මෙසේ අපගේ මුහුදු තීරය සූරාගෙන යයි. යාන්තම් "වැට පැන" කරනු ලබන නොහොබිනා වැඩක්‌ නොව දකුණු ඉන්දියානු දේශපාලන චරිතවල නියෝගය පරිදි කඩාගෙන බිඳගෙන අපේ සීමාවට පැමිණෙන මෙම යාත්‍රා කච්චතිව්, ඩෙල්ෆ්ට්‌, පුන්කුඩතිව්, මන්ඩතිව්, පලෙයිතිව්, ඉරණතිව්, කකරතිව්, ආශ්‍රිත දූපත් ප්‍රදේශයට පවා පැමිණ මසුන් මරණ බවට වාර්තා ලැබේ. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ආක්‍රමණය නවතා දමන්නට දැවැන්ත වෙහෙසක්‌ දරන අතර, මෙම යාත්‍රා ආක්‍රමණය පලවා හරින්නටද නියෝග ලබා දේ. එහෙත් ඉන්දියානුවන්ගෙන් නිරන්තරයෙන් චෝදනා එල්ල වන්නේ නාවික හමුදාව ඔවුන්ට අඩන්තේට්‌ටම් කරන බවටයි. රටවල් අතර සුහදතාව රැකීම සඳහා රජයට භාරදූර කාර්යයක නිරතවන්නට සිදුව ඇති නිසා එහි අයුතු ප්‍රයෝජනය ඉන්දියානු ධීවරයා ලබාගනී.

එහෙත් මෙම තත්ත්වය දිගටම සිදු වුවහොත් මහා විනාශයකට උතුරු මුහුදු කලාපය ගොදුරු වන බවත්, උතුරු ධීවරයාගේ ජීවන තත්ත්වය කඩාවැටෙන බවටත් අප මෙම සංචාරයේදී අත්දුටුවේ මුහුද සූරාගෙන බෝට්‌ටු තුළට පටවන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතින් පිරි ඉන්දියානු මඩිය දුටු විටදීය.

මෙහෙම ගියහොත් අපට සජීවී මුහුදක්‌ ඉතිරිවේද? උතුරු මුහුද මළ මුහුදක්‌ වන දිනය වැඩි ඈතක නැත. එබැවින් වහාම මෙම ඉන්දියානු බලහත්කාරකමට එරෙහිව ක්‍රියාත්මක වී සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන ලෙස අපි මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැතිය.

ජගත් කණහැරආරච්චි, ඉන්ද්‍රජිත් සුබසිංහ, ඡායාරූප - වාසල සේනාරත්න
http://www.divaina.com/2014/01/26/feature12.html

ලක්ෂ 30ක් කියා කෝටි එකහමාරකට වල්පට්ටා විකුණා අධික ලාභ ලබන මුසලු වෙළෙන්දෝ

පට්‌ට ගහපු වල්ලපට්‌ට ගහ දැන් අමු අමුවේම මරන්න පටන් ගෙනය. රට පුරාම කැලෑ පීරමින් මිනිස්‌සු වල්ලපට්‌ට කපන්නාහ. අනතුරුව ගස්‌ දෙපලු කරමින් කළු කෑලි සොයන්නාහ. ලැබුණොත් කළු කෑලි ලැබෙන්නේ කෝටි ගණනින්ය. එහෙයින් මේ දිනවල කැලෑ ආශ්‍රිත මිනිස්‌සු තම ජීවන වෘත්තීයන් පසෙකට දමා දින සති ගණනන් කැලෑ වැදී වල්ලපට්‌ට කපන්නාහ.

බඩු මිල අහස උසට නැග ඇති සමාජයක වෙසෙන මිනිස්‌සු ජීවත්වීම උදෙසා වල්ලපට්‌ට නොව මිනිසුන් මරා හෝ සල්ලි සොයන්නාහ. එහෙයින් දැන් මිනිසුන්ට වල්ලපට්‌ට කළු කෑල්ලක්‌ ලැබෙනවා යනු ජිම්කානාවක්‌ ඇදුනා සේය. එහෙත් මේ ජාවාරම ජාතික අපරාධයකි. වන විනාශයකි. එහෙයින් මේ වල්ලපට්‌ට ජාවාරම සිදුවන ආකාරය නිරාවරණය කිරීම අප විශ්වාස කරන්නේ ජාතික මෙහෙවරක්‌ ලෙසිනි. මේ අප ඉදිරියේ දිග හැරුණු කරුණු ඔබ ඉදිරියේ පෙළගැස්‌වීමකි.

වල්ලපට්‌ට ජාවාරම ගැන කරුණු කාරණා අනාවරණය කර ගැනීමේ අදහසින් වරෙක අපි වල්ලපට්‌ට ජාවාරමේ නිරත අතරමැදියකු වීමු. එනම් හිතවතුන් මාර්ගයෙන් වල්ලපට්‌ට ගැනුම්කරුවකු සහ විකුණුම්කරුවකු සමග වල්ලපට්‌ට ගනුදෙනු ගැන කතා කළෙමු.

"මල්ලි බඩු කොච්චරක්‌ විතර තියෙනවද..." එක්‌ හිතවතෙකු මාර්ගයෙන් කලවාන මොරපිටිය ප්‍රදේශයේ කෙනකුට වල්ලපට්‌ට මිලට ගන්නා මුවාවෙන් දුරකථන ඔස්‌සේ අපි කතා කළෙමු.

"කිලෝ දෙකක්‌ විතර තියෙනවා. තනි කෑල්ල. හැබැයි කළුයි දුඹුරුයි දෙකම තියෙනවා. මේකත් හොයා ගත්තේ බොහෝම අමාරුවෙන් අයියේ. දැන් අපේ ගම්වල මිනිස්‌සු කැලෑවලමයි. පොඩි ගහක්‌වත් තියන්නේ නැහැ එක දිගට කපනවා..." අපේ පැනයට ඔහුගෙන් දිගු පිළිතුරකි.

"ගැටලුවක්‌ නැහැ. ගාන පොඩ්ඩක්‌ අඩු වෙයි. මම බයස්‌ල එක්‌ක කතා කරලා තව පැයකින් ඔයාට කතා කරන්නම්..." එසේ කියා මම දුරකථන ඇමතුම විසන්ධි කළෙමි. අනතුරුව හිතවතකු මාර්ගයෙන් හඳුනාගත් වල්ලපට්‌ට ගැනුම්කරුවකුට කතා කර බඩුවල තත්ත්වය පැහැදිළි කළෙමි. 

"බිස්‌නස්‌ එක කල් දාන්න එපා... අපි දැන්ම යමු. ඊට කලින් එයාගෙන් දැන ගන්න කළු කොටසේ තෙල් ගතියක්‌ තියෙනවද කියලා. එහෙම වුණොත් බඩු හොඳයි"

ගැනුම්කරු මුස්‌ලිම් ජාතිකයෙකි. වල්ලපට්‌ට සම්බන්ධයෙන් බොහෝ කරුණු කරණා දැන සිටින්නෙකි. දින කිහිපයක්‌ම අප ඔහු සමග කතා කිරීමත් සමග ඔහු අපට බොහෝ හිතවත් විය.

තෙල් ගතිය තියෙන කළු කෑලිවල මිල වැඩිද?

ඔව්... දැනගෙන හිටියට කාටවත් කියන්න එපා... කළු ජෙල් කූරු කිලෝ එකක්‌ රුපියල් කෝටි එකහමාරක්‌ විතර වටිනවා. කොයි වෙලාවකවත් කස්‌ටමර්ලට එච්චර ගානක්‌ කියන්න එපා. ඒ අයට කියන්න ඕන ලක්‍ෂ 25-30 ගන්න පුළුවන් කියලයි.

මේ ජෙල් කෑලිවලට මැදපෙරදිග රටවල ව්‍යාපාරිකයන් පුදුම වටිනාකමක්‌ දෙන්නේ. ඒ අය මේ වල්ලපට්‌ට කළු කෑලි රත්තරං මංජුසාවල දලා රහසිගත සේප්පුවල තැන්පත් කරගෙන තියාගෙන ඉන්නවා. ඒ කෑලි තමයි ඒ අයගේ වත්කම් විදිහට සලකන්නේ. ඒ විතරක්‌ නෙමෙයි ලෝකයේ මිල අධිකම සෙන්ට්‌ එක නිෂ්පාදනය කරන්න ගන්නෙත් මේ වල්ලපට්‌ට කළු ජෙල් කෑලි. දරුණු ගනයේ රෝග කිහිපයකටම ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නත් මේ වල්ලපට්‌ට කළු ජෙල් කෑලි ගන්නවා. ඒ වගේම මැදපෙරදිග රටවල වාජීකරණ ඖෂධයකුත් නිෂ්පාදනය කරනවා. මත් කුඩුවලට සමාන මත්ද්‍රව්‍යයකුත් හදන්න ගන්නවා. මේ වල්ලපට්‌ට කෑලි කුඩු කරලා දුම් ඇල්ලුවහම ගෑනු ලස්‌සන වෙනවා කියලා කතාවකුත් තියෙනවා. දැනටත් මැදපෙරදිග රටවල කාන්තාවන් වල්ලපට්‌ට දුම් අල්ලනවා.

මහාමද්තුමාගේ ඇඳුම් සුවඳවත් කරලා තියෙන්නෙත් වල්ලපට්‌ට දුමෙන් කියලා කතාවක්‌ තියෙනවා. අදටත් මුස්‌ලිම් රෙදි සාප්පුවල වල්ලපට්‌ට දුම් අල්ලනවා. වල්ල පට්‌ට කළු, දුඹුරු කෑලිවල අමුතුම සුවඳක්‌ තියෙන්නේ. ඒ වගේම දවස්‌ තුන හතරක්‌ යනකම් ඒ සුවඳ යන්නෙත් නැහැ.

වල්ලපට්‌ට කළු කෑලි කටින් අල්ලලා හැපුවොත් කට පුපුරන තරම් සැර ගතියක්‌ තියෙනවා. දවස ගානේ වල්ලපට්‌ට කළු ජෙල් කෑලි අත ගෑවොත් අත හම යනවා. නමුත් මේක වටිනා ඖෂධයක්‌. අපේ රටේ මිනිස්‌සු තවම මේ ගහේ වටිනාකම දන්නේ නැහැ. කළු කෑලි තියෙන ඒවයි නැති ඒවයි හොයන්නෙ බලන්නෙ නැතුවම සේරම කපනවා. ඒ නිසා අපේ කස්‌ටමස්‌ලට කියන්න ඕන වල්ලපට්‌ට ගස්‌ කපන්න කලින් ගහ නියනකින් හාරලා බලලා කපන්න කියලා.

හැම වල්ලපට්‌ට ගහකම කළු ජෙල් කෑලි හැදෙන්නේ නැහැ. මේ කළු කෑල්ලට කියන්නේ අග්‍රාවූඩ් කියලා. වල්ලපට්‌ට ගස දිලීර ආසාදනවලින් ආරක්‍ෂා කරගන්න ගස විසින් රසායන ශ්‍රාවයක්‌ නිකුත් කරනවා. ස්‌වාභාවික වල්ලපට්‌ට ගසකට දිලීර උවදුරක්‌ ඇති වුණොත් විතරයි අග්‍රාවුඩ් පටකය හැදෙන්නේ. සැපට හැදුණු නිරෝගී ගස්‌වල කළු ජෙල් කෑලි නැහැ.

ඉන්දුනීසියාවේ, මැලේසියාවේ සහ ඉන්දියාවේ වල්ලපට්‌ට වගා කරනවා. නමුත් වටිනාම වල්ලපට්‌ට අග්‍රාවූඩ් ලැබෙන්නේ ලංකාවේ වල්ලපට්‌ට ගස්‌වලින්. ලංකාවේ වල්ලපට්‌ටවලට මැදපෙරදිග රටවල ඉතා ඉහළ ඉල්ලුමක්‌ තියෙන්නෙත් ඒ නිසයි. මහා පරිමාණයෙන් වල්ලපට්‌ට බිස්‌නස්‌ කරන ආරාබි ජාතිකයන් පස්‌ හය දෙනෙක්‌ම මේ වන විට ලංකාවට ඇවිත් තියෙනවා. ඊට අමතරව වල්ලපට්‌ට මිලට ගන්න ඉන්දියන් ජාතිකයන් සහ පාකිස්‌තාන් ජාතිකයන් කිහිප දෙනකුත් ලංකාවට ඇවිත් තියෙනවා. නමුත් අරාබි ජාතික ව්‍යාපාරිකයන් මිලට ගන්නේ හොඳ කළු ජෙල් කෑලි විතරයි. ඉන්දියන්කාරයෝ නම් දුඹුරු පාට කොටස්‌, අරටු කොටස්‌ දෙකම ගන්නවා. මොකද ඉන්දියාවට බඩු ටික පටවනවා කියන්නේ ලොකු දෙයක්‌ නෙමෙයි. මැද පෙරදිගට පාකිස්‌තානයට බඩු පටවන්න ටිකක්‌ අමාරුයි. ඒ නිසා තමයි ඒ රටවලින් ආපු ව්‍යාපාරිකයන් හොඳම බඩු විතරක්‌ ගන්නේ.

වල්ලපට්‌ටවල වැඩියෙන්ම වටින්නේ කළු ජෙල් කොටස. ඊළඟට ජෙල් නැති කළු කොටස රුපියල් ලක්‍ෂ 20 ඉඳලා ලක්‍ෂ 50 වෙනකම් මාර්කට්‌ වෙනවා. චොක්‌ලට්‌ පාට දුඹුරු කෑලි රුපියල් 5000 ඉඳලා 80000 වෙනකම් මාර්කට්‌ වෙනවා. කළු පාට පොඩි කෑලි 50000 ඉඳලා ලක්‍ෂ පහ දහය වෙනකම් මාර්කට්‌ වෙනවා. දුඹුරු පාට පොඩි කෑලිවලටත් සාමාන්‍ය මිලක්‌ තියනවා. දැන් හුඟ දෙනෙක්‌ මේ බිස්‌නස්‌ එකට සම්බන්ධ වෙලා ඉන්න නිසා බඩු සෙට්‌ වුණ ගමන්ම උස්‌සන්න ඕනා. නැති නම් අපි පාරදයි. ඒ වගේම හැම වේලාවේම බිස්‌නස්‌ එක කතා කරන්න ඕනා කස්‌ටමස්‌ල සතුටු වෙන මිලකට" වල්ලපට්‌ට මිලට ගැනීමට මැදපෙරදිගින් පැමිණි ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කරන ඔහු අපට වල්ලපට්‌ට ගැන හොඳ පාඩමක්‌ කියා දුන්නේය.

අද්භිත විද්‍යාත්මකව ගිරිනොප්ස්‌ වල්ල (ඨහරසබදචි උaකක්‌) ලෙස හඳුන්වන වල්ලපට්‌ට ශාකය හොඳින් වැවෙන්නේ තෙත් කලාපයේය. සිංහරාජ වනාන්තරයේ සේම, ඒ ආශ්‍රිත කැලෑවල වල්ලපට්‌ට ශාකය ඉතාම හොඳින් වැවෙන්නේය. එමෙන්ම රත්නපුර, කලවාන, වැද්දාගල, කුකුළේගම, නිවිතිගල, නාවලකන්ද, පැලවත්ත, බදුරලිය සහ අගලවත්ත යන ප්‍රදේශවල වල්ලපට්‌ට ජාවාරම ජයට කෙරෙති. වල්ලපට්‌ට මිලට ගැනීමට පැමිණි පාකිස්‌තාන ව්‍යාපාරිකයන් රත්නපුර කලවාන ප්‍රදේශවල නවාතැන් ගෙන සිටින බවද දැනගන්නට ලැබේ. එමෙන්ම මැදපෙරදිගින් පැමිණි වල්ලපට්‌ට ව්‍යාපාරිකයන් දෙදෙනකු බේරුවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන වල්ලපට්‌ට ජාවාරම කරගෙන බවට ද තොරතුරු අනාවරණය වේ. ඔවුන්ගේ ප්‍රධාන 'ඩීල' වශයෙන් කටයුතු කරන්නේ බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ වන හඡ්ජියාර් කෙනෙකි. ඔවුන් වටා සෑම ගමක තුන් හතර දෙනකු මේ ජාවාරමේ අතරමැදියෝ ලෙස කටයුතු කරන්නාහ. එමෙන්ම වල්ලපට්‌ට ගනුදෙනුවේදී අයිතිකරුට ලැබෙන්නේ ගනුදෙනුවෙන් අඩක්‌ පමණි. ඉතිරිය බෙදී යන්නේ අතරමැදියන් අතරය.

වල්ලපට්‌ට ගනුදෙනුව සිදුවන්නේ මෙසේය. ගනුදෙනුවට පෙර කෙනකු පැමිණ වල්ලපට්‌ට කොටස්‌ පරීක්‍ෂා කර මිල නියම කරන්නේය. අනතුරුව පැයක්‌ ඇතුළත වල්ලපට්‌ට මිලට ගන්නා ව්‍යාපාරිකයා පැමිණ අත්පිට මුදලට ගනුදෙනුව සිදු කරන්නේය. වල්ලපට්‌ට ජාවාරමේ නිරතව සිටින කිසිවකු වල්ලපට්‌ට කෑලි තම නිවසේ හෝ ගෙවත්තේ තබා ගන්නේ නැත. කැලෑවල හෝ වෙනත් ආරක්‍ෂිත ස්‌ථානයක සඟවා තබන්නේය. එමෙන්ම ඉතාම සූක්‍ෂම අයුරින් වල්ලපට්‌ට ගනුදෙනුව සිදු කරන්නේද කැලෑවක හෝ පාළු ස්‌ථානයකදීය. සිංහරාජ වනාන්තරය අවට ප්‍රදේශවල වල්ලපට්‌ට ජාවාරම්කාරයෝ සංවිධානාත්මකව ප්‍රදේශය පුරා ඔත්තුකරුවන් යොදවා ප්‍රදේශයට එන පිටස්‌තර වාහන ගැන නිරන්තරයෙන්ම විපරම් කරන්නාහ. යම් හෙයකින් ගමට පිටස්‌තර වාහනයක්‌ හෝ පුද්ගලයෙක්‌ පැමිණියොත් එදාට කිසිදු ලෙසකින් වල්ලපට්‌ට ගනුදෙනු සිදු කෙරෙන්නේ නැත.

වසර දෙකක පමණ කාලයක සිට හොර රහසේ කරගෙන ආ මේ වල්ලපට්‌ට ජාවාරම දැන් මේ රටේ නොදන්නා කෙනකු නැති තරම්ය. හැම තැනම කතා වෙන්නේ වල්ලපට්‌ට ගැනය. දැන් දැන් මේ ජාතික අපරාධය එළිපිටම සිදු වෙන්නේය. එහෙයින් මේ අපරාධය තවත් බලා සිටීමට නොහැකි තැන වල්ලපට්‌ට ළඟ තබා ගැනීම, වල්ලපට්‌ට ගස්‌ කැපීම සහ ප්‍රවාහනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවක්‌ ලෙස සලකා වල්ලපට්‌ට ජාවාරමේ යෙදී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්‌පති විසින් මෙරට සෑම පොලිස්‌ ස්‌ථානයකටම දැනුම් දී තිබිණි. ඒ අනුව පොලිස්‌ නිලධාරීහු ප්‍රදේශ කිහිපයකදී වල්ලපට්‌ට තොග සහ ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තහ.

පොලිස්‌පතිතුමාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරු මත පසුගිය 17 වැනිදා වල්ලපට්‌ට කිලෝ 63 ග්‍රෑම් 70 සමග ජාවාරම්කරුවන් නව දෙනකු කලවාන පිඹුරවත්තේදී අත්අඩංගුවට ගත්තහ.

වැටලීම සිදු වූයේ මෙසේය. වල්ලපට්‌ට මිලට ගන්නා ව්‍යාපාරිකයන් මුවාවෙන් කණ්‌ඩායම් දෙකක්‌ සිවිල් ඇඳුමින් ද වලාන දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා ඇතුළු එක්‌ කණ්‌ඩායමක්‌ නිල ඇඳුමින් ද සැරසී කණ්‌ඩායම් තුනක්‌ මේ වැටලීමට සම්බන්ධව සිටියහ. ස්‌ථානාධිපති ඇතුළු පිරිස ප්‍රදේශයට කිලෝ මීටර් දහයක්‌ පමණ ඈතින් සිටි අතර අනෙක්‌ කණ්‌ඩායම් දෙක ප්‍රදේශයට ඇතුළු වූහ. එක්‌ කණ්‌ඩායමක්‌ ඉතාම සැලසුම්සහගතව ප්‍රදේශයේ වල්ලපට්‌ට ජාවාරමේ නිරතව සිටි සියලුම දෙනාව කලවාන පිඹුර වත්තේ දළු මඩුව අසලට එක්‌රොක්‌ කර ගත්හ. වල්ල පට්‌ට ජාවාරම්කරුවන් ත්‍රිරෝද රථවලින් මෙන්ම යතුරුපැදිවලින්ද වල්ලපට්‌ට තොග පිටින් මෙම ස්‌ථානයට ගෙනැවිත් තිබිණි. අනතුරුව වල්ලපට්‌ට ග්‍රෑම් දහය විස්‌ස ගෙන ආ මිනිසුන් ප්‍රතික්‌ෂේප කර මහා පරිමාණයෙන් වල්ලපට්‌ට තොග ගෙනැවිත් තිබූ නව දෙනකුගේ නම, ගම, වල්ලපට්‌ට ප්‍රමාණය සහ වටිනාකම පොතක සටහන් කර ගත්හ. ඒ අතරතුර කාලයේදී වල්ලපට්‌ට මිලට ගන්නා ව්‍යාපාරිකයන් ලෙස අනිත් කණ්‌ඩායමද එතැනට පැමිණියේය. අනතුරුව පොලිස්‌ නිලධාරීන් පැමිණ තිබූ සුඛෝපභෝගී රථ දෙකකට වල්ලපට්‌ට තොග පටවාගෙන මුදල් ගෙවීමට සූදානම් වෙමින් ජාවාරම්කරුවන් නව දෙනවාම එක තැනකට එක්‌කාසු කර එක වරම අත්අඩංගුවට ගත්හ. එසැනින් නිල ඇඳුමින් සැරසී සිටි ස්‌ථානාධිපති ඇතුළු කණ්‌ඩායමද එතැනට පැමිණියහ. වල්ලපට්‌ට මිල ගණන් අනුව ඒ වන විට රුපියල් කෝටි 17 1/2 ක වල්ලපට්‌ට තොග මිලට ගැනීමට සූදානම් කර තිබිණි. එක්‌ අයකුගේ පමණක්‌ කෝටි 3 1/2 ක වල්ලපට්‌ට තොග තිබිණි. මෙරට ඉතිහාසයේ විශාලතම වල්ලපට්‌ට අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු වූයේ එසේය.

පෙළ ගැසුණු කතාව අනුව වල්ලපට්‌ට යනු අපේ රටට ලැබුණු ධන නිධානයකි. එහෙයින් වල්ලපට්‌ට ජාවාරමේ නිරතව සිටින උන්ව පට්‌ට ගසා හෝ මේ ජාතික අපරාධය නතර කළ යුතුය. එමෙන්ම අති විශාල ආර්ථික වටිනාකමක්‌ ඇති මේ වල්ලපට්‌ට ශාකය වගාවක්‌ ලෙස රට පුරා වගා කිරීමට ද රජය මැදිහත් විය යුතුය. එසේ නොවෙන්න කොතල හිඹුටු ශාකයට වෙච්ච නස්‌පැත්තියම වල්ලපට්‌ට ශාකයටද විය හැකිය. ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොතල හිඹුටු ශාකය හොදින් වැවෙන්නේ ශ්‍රී ලංකාවේය. එහෙත් එම සාරය උරා ගෙන ඖෂධ නිෂ්පාදනයට පේටන් අයිතිය ඇත්තේ ජපානය, ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවලටය.

වල්ලපට්‌ටත් සුද්දන්ට පට්‌ට ගැසීමට නොදී අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වයක්‌ ලබා ගැනීමට හැකි වන පරිදි කළමනාකරණය කර ගැනීම වල්ලපට්‌ට රට පටවන තෙක්‌ ඇස්‌ කන් පියා සිටි ඔලමොට්‌ටලයන් ගේ වගකීමකි.

තරංග රත්නවීර, පින්තූර - සමන් රණවීර
http://www.divaina.com/2014/01/26/feature10.html

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නා ක්‍රම සහ අනුභවයේ සෞඛ්‍ය අනතුර

ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්‌වභාවධර්මයේ නීතියට අනුකූලව සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත් වන ආනිසංශ බොහෝය.

එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්‌ෂිත පලතුරුද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

පලතුරු ඉදීමේ ස්‌වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන කට්‌ටපුච පරපුරේ වෙළෙන්දන්ට අපහසුය. ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්‌වනු හානිය) ඇඹිලිපිටිය, වැල්ලවාය, වැනි ප්‍රදේශ වලින් තුට්‌ටු දෙකට මිලදී ගන්නා අමු පලතුරු (මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු, ගස්‌ පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්‌ වල නොමේරූ ලා ගෙඩි පවා නෙළා ගනී.) දුර පළාත් වලට ප්‍රවාහනය කර, කෘත්‍රීම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් ෙ ව ෙ ළ ඳ පොළට ඉදිරිපත් කරයි.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවාද?

මේ සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, යම් යම් කොන්දේසි වලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, "එතපෝන්" නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. (එතපෝන් අවශ්‍යනම් ගැලුම් ගණනින් මිල දී ගැනීමේ පහසුකම් ඇත.)

"කාබයිඩ්" 

මෙය රසායනිකව "කැල්සියම් කාබයිඩ්" (CaC2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක්‌ ලෙසටද සෑදේ. "සංශුද්ධ කාබයිඩ්" අවර්ණ වන අතර, "අසංශුද්ධ කාබයිඩ්" අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්‌ෂණික සුදුලූණු ගණ්‌ධයක්‌ සහිතය "කාබයිඩ්" වලට ජලය මුසු වීමේදී "ඇසිටලීන්" වායුව නිකුත් කෙරෙන අතර, "ඇසිටලීන්" පලතුරු ස්‌වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක්‌ වන "එතිලීන්" රසායනිකයට සමාන ගුණ දක්‌වන නිසා, පලතුරු කෘත්‍රීමව ඉදීමේ ක්‍රියාවලියට ලක්‌ වේ. අසංශුද්ධ කාබයිඩ් වල, "ආසනික්‌", "පොස්‌පරස්‌ හයිඩ්‍රයිඩ්", "පොස්‌පීන්", "ආසීන්" වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට "කාබයිඩ්" ඉසීමෙන් "සයනයිඩ්"ද සැදෙයි.

"කාබයිඩ්" සහ වෙනත් රසායනික සංයෝග භාවිත කර පලතුරු ඉදවීම, ලොව බොහෝ රටවල සිදු කෙරෙන අතර, පිටරටවල් වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන පලතුරු වර්ගද, මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ වස විස වලට අමතරව "කාබයිඩ්" වලින් දූෂණය වී තිබීමේ අවදානමද නැත්තේ නොවේ.

කාබයිඩ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු.

කාබයිඩ් මෙන්ම, කාබයිඩ් වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක්‌ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්‌ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස්‌ දැවිල්ල හා ඇස්‌ වලට ස්‌ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්‌ස, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයාගෙන ඇත.

අපගේ අවධානයට ලක්‌ විය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස්‌ (residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්‌ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.

අපේ රටේ ගොවීන් තක්‌කාලි සඳහා අධික ලෙස පළිබෝධනාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්‌වනු නෙළීමෙන් පසුද පළිබෝධනාශක ඉසින බව නිරීක්‌ෂණය කෙරී ඇත.) තක්‌කාලි වලටද (විශේෂයෙන් මිල අධික කාලවලදී) "කාබයිඩ්" යොදන බව දැන ගන්නට ඇත.

පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය

එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්‌ලෝරෝ එතිල් පොස්‌පරික්‌ ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant growth regulator) කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.

මෙම රසායනිකයේ විෂභාවය (LD50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක්‌ නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.

එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්‌පේට්‌ , එතිලීන් සහ ක්‌ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.

එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (h t t p : / / e x t o x n e t . o r s t . e d u / pips/ethephon.htm) ජලය ක්‌ලෝරනකීරණය කිරීමේදී ද, ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්‌ලෝරීන් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් මාත්‍රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. ( http://www.ewg.org/tap - water/chemical -contaminants/Monochloroacetic -acid/2450/ )

කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 ට අඩු ළමුන් සඳහා) සැලකේවා.

පැනමා රාජ්‍යය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්‌ දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්‍රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය

කැල්සියම්" හෝ "සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ්" ද්‍රාවනයකින් මිලි ලීටර් 1 ක්‌ ජලය ලීටර් 1 ක දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක්‌ මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රාවනය බාස්‌කට්‌ එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක්‌ දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක්‌ තැබීමෙන් ද්‍රාවනයෙන් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 ක කාලයක්‌ නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකිය.

මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්‌කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක්‌ වන අතර, එත්‍රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.

කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්, එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේ කිරීමට හෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක්‌ පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්‌ෂක වාර්තාවක්‌ කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්‌තිමත් නීති රෙගුලාසි මෙතෙක්‌ සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදු කිරීම දුෂ්කර කාර්යක්‌ව ඇත.

කෘත්‍රීමව ඉදවූ පලතුරු වල පෝෂණ ගුණය

ස්‌වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක්‌ සිදුවන අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස, "ක්‌ලෝරෆිල්" සහ "එන්සයිම" වර්ග බිඳ වැටීම, "කැරටිනොයිඩ", ප්ලෙවොනොයිඩ" සහ ඇන්තොකයිනේස්‌" වැනි ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරක, පිළිකානාශක සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන (immune system boostersි) රසායනික සංයෝග වල සිදුවන ජෛව සංස්‌ලේෂණය මෙන්ම, විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්‌ලේෂණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක්‌ කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී සිදු නොවන බවත, පලතුරු වල තිබෙන විටමින් ඒ හා සී මෙන්ම බොහොමයක්‌ පෙර කී අතිශයින්ම වැදගත් ශාක රසායනිකයන් විනාශ වෙන බවත්, පලතුරු වල ස්‌වභාවික රසය, සුවඳ, වයනය වැනි ගුණාංගද හානි වෙන බවත් පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින්ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින්ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්මය.

ඉන්දියාවේ ආහාර විද්‍යාව සහ පෝෂණ විද්‍යා මහාචාර්යවරයෙකු වන කමල් ගෝපිනාත් මහතා ප්‍රකාශ කරන්නේ, ස්‌වභාවදහමේ නියමයට පටහැනිව කවර හෝ රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත කොට කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී පලතුරු තුළම සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් හේතු කොට ගෙන පිළිකාකාරක සංඝටක ඇති වෙන බවය. (http://www.thehindu.com/todayspaper/ tpnational/tp-karnataka/beware-somemangoesoutthere-can-affect-yourhealth/article2102410.ece)

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ මෙහෙමයි

* ඇස්‌ ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්‍ර වර්ණයක්‌ සහිත, සම්පූර්ණ ගෙඩියම හෝ කැණම එකවර ඉදී ඇති පලතුරු හෝ එසේ ඉදුණු එහෙත් තැනින් තැන කොළ පාට ලප, පැල්ලම් ඉතිරිව තිබෙන පලතුරු මිල දී නොගන්න.

* අවාරයේදී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නොග න්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රීමව ඉදවූ ඒවා විය හැකිය. (අඹ වැනි පලතුරු වාරයට සුලභ වන බැවින්, කෘත්‍රීමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නොවේ.)

* මුළු කැණම එකවර වර්ණ ගැන් වී ඇති, කෙසෙල් මිලදී නොගන්න. කෘත්‍රීමව කෙසෙල් ඉදවීමේදී කැණම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධ වන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්‌ෂණය කළ හැකිය. මක්‌ නිසාද යත් "එතිලීන්" හෝ "ඇසිටලීන්" මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නොවන බැවින්ය.

* පලතුරු මිල අධික කාලවලදී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න. මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග, බොහෝ විට කෘත්‍රීමව ඉදවා තිබිය හැකිය.

* මිල වැඩි කාලවලදී සම්පූර්ණයෙන්ම ඉදුණු/ ගොඩම වර්ණ ගැන්වී ඇති තක්‌කාලි මිලදී නොගන්න.

* භාගෙට ඉදුණු පලතුරු මිලදී ගන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේ රටාවක්‌ ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නොගන්න. උදාහරණයක්‌ ලෙස පැපොල් ගෙඩියක්‌නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ.

* පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නොකරන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේදී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදු වන අතර, කෘත්‍රීමව ඉදවීමේදී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ.

* පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න.

* පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න.

* ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නොගෙන, කැබලි වලට කපා වර්ණ වෙනස්‌ වීමක්‌ සිදු වී තිබේදැයි පරීක්‌ෂා කරන්න.

* ලාක්‌ෂණික රසය, සුවඳ නොමැති, අස්‌වාභාවික රසයක්‌ සුවඳක්‌ සහිත පලතුරු ආහාරයට නොගන්න.

* සැක සහිත තත්ත්වයක්‌ තිබේනම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට පැමිණිලි කරන්න.

ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්‌ෂක, ඇල්ල. (බණ්‌ඩාරවෙල)
http://www.divaina.com/2014/01/26/feature08.html

කච්චතිව් දූපත අයිති ශ්‍රී ලංකාවටයි. ඉන්දීය ධීවරයන්ට කච්චතිව් මුහුදේ මසුන් ඇල්ලීමට අයිතියක්‌ නෑ. ඉන්දියාව මදුරාසි මහාධිකරණයට කියයි!

මන්නාරම හා රාමේශ්වරම් අතර මුහුදේ පිහිටා ඇති කච්චතිව් දූපතේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාව සතු බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී ඇතැයි පී. ටී. අයි. පුවත් සේවය වාර්තා කරයි.

එම නිසා ඉන්දීය ධීවරයන්ට කච්චතිව් දූපත අවට මුහුදේ මසුන් ඇල්ලීමට කිසිදු අයිතියක්‌ නොමැති බව ඉන්දීය රජයේ විදේශ කටයුතු හා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් මදුරාසි මහාධිකරණයට ප්‍රකාශ කොට ඇත්තේ ඉකුත් බ්‍රහස්‌පතින්දා පැවැති නඩු විභාගයකදීය.

කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම සඳහා නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලමින් දකුණු ඉන්දීය වැසියකු විසින් මෙම නඩුව පවරා ඇත. 

මෙහිදී ඉන්දීය රජයේ නිලධාරීන් තවදුරටත් අධිකරණය හමුවේ පවසා තිබෙන්නේ 1974 දී ඉන්දියාව, ශ්‍රී ලංකාව අතර ඇති කරගනු ලැබූ ගිවිසුම අනුව කච්චතිව් දූපත, ඉන්දීය ධීවරයන්ට සිය දැල් වියලා ගැනීමට හා එහි පැවැත්වෙන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්‍යය සඳහා සහභාගී වීමට පමණක්‌ පාවිච්චි කළ හැකි බවයි. මෙම ගිවිසුම ඉන්දීය පාර්ලිමේන්තුව මගින්ද අනුමත කොට තිබේ. 

මේ පිළිබඳ නඩු විභාගය ජනවාරි 27 දාට කල් තබනු ලැබීය.

http://www.divaina.com/2014/01/26/news08.html

Pic Source

සියලූ නිල දේපළ යළි භාරදුන්නේ ගම්මන්පිල පමණයි - කැෆේ කියයි

බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර ඇතත් 19 වැනිදා වන විට තමන් භාවිත කළ නිල වාහන ඇතුළු රාජ්‍ය දේපළ පළාත් සභාවට ලබාදී ඇත්තේ හිටපු බස්‌නාහිර ඇමැති උදය ගම්මන්පිල මහතා පමණක්‌ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

පළාත් සභා දෙක විසුරුවා හැර දින ගණනාවක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ රාජ්‍ය දේපළ භාර නොදුන් මහජන නියෝජිතයන්ගෙන් එම දේපළ භාරදෙන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

පළාත් දෙකේ ඇතැම් නියෝජිතයන් භාවිත කළ ඇතැම් දේපළ පළාත් සභා වෙත භාරදී ඇති බව දැනගන්නට ඇතත් සියලුම දේපළ භාරදී ඇත්තේ උදය ගම්මන්පිල ඇමැතිවරයා පමණක්‌ බවද කියා සිටි තෙන්නකෝන් මහතා අනික්‌ නියෝජිතයන් හා කාර්ය මණ්‌ඩලය භාවිත කරන රාජ්‍ය දේපළ ඉක්‌මනින් ලබාදෙන්නේ දැයි තම සංවිධානය අවධානයෙන් බලා සිටින බවද කියා සිටියේය.

චමින්ද සිල්වා 
http://www.divaina.com/2014/01/25/news13.html

Pic Source

සිගරට් රූපමය අවවාද ගැසට්ටුව පාර්ලිමේන්තුවට - දැයේ දරුවන් වෙනුවෙන් මෛත්‍රීගේ හඬට උපහාරය!

සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද අඩංගු කළ යුතු නියෝග සහිත අති විශේෂ ගැසට්‌ නිවේදනය ඊයේ (24 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ මෙම නියෝග ඉදිරිපත් කරන ලදී.

අදාළ ගැසට්‌ නිවේදනය මගින් පෙන්වාදී තිබෙන රූපමය සෞඛ්‍ය අවවාද සිගරැට්‌ අඩංගු සෑම පැකැට්‌ටුවක, පාර්සලයක හෝ සැහැල්ලු කාඩ්බෝඩ් පෙට්‌ටියක දෙපැත්තේම මුද්‍රණය කළ යුතු වන අතර එය එම පැකට්‌ටුවේ ඉඩ ප්‍රමාණයෙන් සියයකට අසූවකට වඩා අඩු නොවන ලෙස දෙපැත්තේම ඉහළ මතුපිට මුද්‍රණය විය යුතු බවට ද නියෝග පනවා තිබේ.

එමෙන්ම සිගරැට්‌ පෙට්‌ටිවල, පාර්සලවල හෝ ලේබලවල දුම්කොළ නිෂ්පාදනයේ භාවිතය මගින් පිටවන දුමාරය මගින් සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ අසත්‍ය, නොමග යවන සුළු පණිවුඩ ඇතුළත් නොකළ යුතුය.

රූපමය අවවාද නොමැති කිසිදු සිගරැට්‌ පැකට්‌ටුවක්‌ නිෂ්පාදකයකු, ආනයනකරුවකු, සිල්ලර වෙළෙන්දකු හෝ නියෝජිතයකු විසින් විකිණීම නොකළ යුතු අතර එම සෑම සිගරැට්‌ පැකට්‌ටුවකම දුම්කොළ නිෂ්පාදනයේ අඩංගු නිකොටින්, තාර, ෆෝමල්ඩිහයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය පිළිබඳ විස්‌තර අඩංගු කළ යුතුය. එමෙන්ම අදාළ අවවාද භාෂා තුනෙන්ම මුද්‍රණය කළ යුතු බවද රූපමය සෞඛ්‍ය අවවාද වෙනත් පින්තූර මගින් සැඟවීම නොකළ යුතු බවද, එම සෞඛ්‍ය අවවාද කළු පසුබිමෙහි සුදු අකුරින් හෝ සුදු පසුබිමෙහි කළු අකුරින් මුද්‍රණය කළ යුතු බව ද එහි දැක්‌වේ.

මෙම රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රභේද අතුරින් එක්‌ වර්ගයක්‌ පමණක්‌ සිගරැට්‌ පැකැට්‌ටුවේ මුද්‍රණය කිරීමට හැකි අතර සෑම මාස හයකට වරක්‌ම එම රූපය වෙනස්‌ කර හඳුන්වාදී තිබෙන වෙනත් රූපයක්‌ එහි මුද්‍රණය කළ යුතු බව ද ගැසට්‌ නියෝගයේ දැක්‌වේ.

අජිත් අලහකෝන්- අකිත පෙරේරා
http://www.divaina.com/2014/01/25/news02.html

Pic Source

සබැඳි ලිපි -
[

එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

Friday, January 24, 2014

පකිස්ථානු සුන්නි-ෂියා ගැටුම් උග්‍ර අතට. මාර්ග වසා ආරක්ෂාව ඉල්ලති.. තම අනුගාමිකයන් ගැටුම් සහිතව මැව්වේ ඇයි?

Pakistani Shiite Muslims stage a protest against the killing of their community members in an overnight bombing, in Lahore on January 22, 2014.ෂියා මුස්ලිම් වරුන් පිරිසක් මරා දැමීමෙන් අනතුරුව ඊට විරෝධය පා දහස් ගණනක් ජනතාව පකිස්ථානයේ නගර කිහිපයකම වාඩිලාගෙන උද්ඝෝෂණ පැවැත්වූහ.

පසුගිය අඟහරුවාදා සිදුවූ ප්‍රහාරයෙන් ඉරානයේ වන්දනා ගමනක් නිම කර එමින් සිටි ෂියා මුස්ලිම්වරුන් විසි නව දෙනෙකු පමණ මරණයට පත් විය.

වන්දනා නඩය ගමන් කළ බස් රථයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙවැනි ප්‍රහාරයන් නවතාලීමට රජය පියවරක් ගන්නා තුරු මිය ගිය අයගේ සිරුරු මිහිදන් කිරීම ඥාතීන් ප්‍රතික්ෂේප කර තිබේ.

සුන්නි මුස්ලිම් කැරලි කණ්ඩායමක් ඉහත කී ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

- BBC
http://lankacnews.com/sinhala/foreign-news/109046/

Pic Source from CNN News - Pakistan protests over Shia bus bomb in Balochistan

ජාත්‍යන්තර අධිකරණය බ්‍රිතාන්‍ය යුද අපරාධ ගැන විමර්ශනය කළ යුතුයි - වුල්පැන්ග් කැලෙක්‌

ඉරාකයේදී බ්‍රිතාන්‍ය හමුදා සිදු කළ යුද අපරාධ සහ සිරකරුවන්ට වධහිංසා පැමිණවීමට අදාළ පිටු 250 ක ඇතුළත් වාර්තාව ගැන අන්තර් ජාතික අධිකරණය විමර්ශනයක්‌ අරඹා ඇත.

මේ ගැන යුරෝපා රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා වූ වුල්පැන්ග් කැලෙක්‌ පැවසුවේ ජාත්‍යන්තර අධිකරණය බලවත් රටවල් සිදුකළ යුද අපරාධ ගැනද විමර්ශනය කළ යුතු බවයි.

මහජන නීතිවේදී සංවිධානයේ පිනිල් සිනර් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය යුද අපරාධ ගැන ක්‍රියා කළ යුතු බවයි.

http://www.divaina.com/2014/01/24/forign07.html

Pic Source

Wolfgang Kaleck (born 1960) is a German civil rights attorney. He is also the General Secretary for the European Center for Constitutional and Human Rights. He resides in Berlin, Germany.

ලොව ආදායමින් අඩක්‌ම ඇත්තේ සුපිරි ධනවතුන් 85 දෙනකු සතුවයි - ඔක්‌ස්‌පම් ආයතනය

ලොව ආදායමින් අඩක්‌ම ඇත්තේ සුපිරි කෝටිපතියන් 85 ක්‌ සතුව යෑයි ඔක්‌ස්‌පම් ආයතනය පවසයි.

මෙම වාර්තාවට අනුව බ්‍රිතාන්‍යයේ සියයට 67 ක ජනතාව පවසන්නේ සුපිරි පංතිය එරට දේශපාලනයට දැඩි බලපෑම් එල්ල කරන බවයි.

http://www.divaina.com/2014/01/24/forign04.html

Pic Source

පකිස්‌තාන් ගුවන් ප්‍රහාරවලින් තාලිබාන් ත්‍රස්‌තයෝ 50 ක්‌ මරුට. ලොව ත්‍රස්තයන්ගෙන් 98%ක් මුසලුවන්???

පකිස්‌තාන් ප්‍රහාරක යානා උතුරු වසිරිස්‌තානය වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් හිටපු තාලිබාන් නායකයකු ඇතුළු ත්‍රස්‌තයන් 50 ක්‌ මරුමුවට පත් වී ඇත.

මරුමුවට පත්වූවන් අතර උස්‌බෙක්‌ ත්‍රස්‌තයන් 33 ක්‌ ද ජර්මානුවන් තිදෙනෙක්‌ ද වේ.

එම ප්‍රහාරවලදී හිටපු තාලිබාන් නායක අස්‌මන් බිවානිද මියගොස්‌ ඇත. 

පකිස්‌තාන් හමුදා සහ පොලිස්‌ කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම නිසා ගුවන් හමුදාව ඊට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර එල්ල කර තිබේ.

http://www.divaina.com/2014/01/24/forign02.html

Pic Source

සිරියාවේ යුද්ධයෙන් 100000 ක්‌ මරුට... තම අනුගාමිකයන් එකිනෙකා මරාගැනීම දේව කැමැත්තද? එසේ මැව්වේ ඇයි?

සිරියානු රජය සහ කැරළිකරුවන් අතර ඇති වු යුද්ධයෙන් වසර 3 ක්‌ තුළ 100,000 ක්‌ මරුමුවට පත්වී ඇත. 

මෙම යුද්ධය නතර කිරීම සඳහා ස්‌විස්‌ටර්ලන්තයේ පැවැති සාම සාකච්ඡා බිඳ වැටී තිබේ.

එම සාම සාකච්ඡාවලදී කැරළිකරුවන් නියෝජනය කළ පිරිස සිරියානු ජනාධිපති අසාද් ඉල්ලා අස්‌විය යුතු බව දක්‌වා ඇත.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

http://www.divaina.com/2014/01/24/forign01.html

Pic Source

තමිල්නාඩුවේ ශ්‍රි ලංකා භාණ්ඩ වර්ජනයක්. සාප්පුවල බඩුත් වනසලා.

මිනිස් සංහාරයට වගකිව යුතු රටක නිෂ්පාදන තම වෙළෙද සංකිර්ණයෙහි අලෙවි නොකරන්නැයි පවසා ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත ආහාර වර්ග රැසක් තමිල්නාඩුවේ නීලගිරි නමැති සාප්පු සංකිර්ණයේ අලෙවියට තබා තිබියදී විනාශ කරන්නට එම ප‍්‍රාන්තයේ සිසුන් පිරිසක් විසින් කටයුතු කර ඇත.

ලංකාවේ නිෂ්පාදන ආහාර වර්ග තමිල්නාඩු වෙළෙදපොළෙන් ඉවත් කරන්නැයි බල කරමින් පැවැති උද්ඝෝශණයක් අතරතුරේදී මෙසේ සිදු වි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

‘ශ‍්‍රිලංකික නිෂ්පාදන වර්ජනය කරනු’ මැයෙන් සංවිධානය කර තිබු මෙම උද්ඝෝශණයට සහභාගි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ‍්‍රිලංකාවට විරෝධය පළකෙරෙන පාඨ සහිත පුවරු ඔසවාගෙන සිය විරෝධය පලකර ඇත.

http://lankacnews.com/sinhala/news/109040/

Pic Source

මුදවපු කිරි කන්නේ බලාගෙනයි

දවපු කිරි යනු ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයකි.මී ගවයන්ගේ කිරි වලින් මෙන්ම එළ ගවයින්ගේ කිරි වලින්ද මුදවපු කිරි නිෂ්පාදනය කරයි. එළ කිරි වලට සාපේක්ෂව මී කිරි මිලෙන් වැඩිය.

මුදවපු කිරිවලට රුහුණ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.එහෙත් කිරි කියා රසකර අප ආහාරයට ගන්නේ  ශරීරයට  ඉතාමත් අහිතකර විෂද්‍රව්‍ය බව අප කල ගවේශණයකින් හෙලිකරගත හැකිවිය.

දොවාගන්නා ලද කිරිවල පරිමාව වැඩිකිරීමට එඩේරුන් විසින් එම කිරිවලට ජලය එක්කරයි.බොහෝවිට එක්කරනු ලබන්නේ හරකුන් ලගින ස්ථානවලම ඇති ඉතාමත් අපිරිසිදු ජලයයි.

මී කිරි වලට එළකිරි කවලම් කරයි.ජලය වැඩිපුර එක්කරනලද කිරි මුදවීම අපහසු බැවින් එම කිරිවලට ප්ලාස්ටර් පැරිස් හෝ වයිටින් එක්කරයි.බොහෝවිට හරක් ගාල් ඇත්තේ ගම්මානවලින් ඈත වානාන්තර තුලයි.

එබැවින් දොවාගන්නා ලද කිරි මිදවීම සදහා ගම්මාන වලට රැගෙන ඒමට වැඩි කාලයක් ගතවේ.මේම කාලය තුල කිරි කැටි ගැසීම වලක්වා ගැනීම සදහා දිවුල් කොල,බුලත් විට කෑමට ගන්නා හුණු.රබර් ඇසිඩ් ආදිය යොදාගනී.

ඇතැම්විට කිරි අහාරයට ගත්විට බඩ කොරවිම, ඕක්කාරය, වමනය, බඩ පුරවාදැමීම වැනි අපහසුතා ඇතිවන්නේ මෙම රබර් ඇසිඩ් හේතුවෙනි.මුදවපු නැවුම් කිරිහට්ටියක් සුදු පැහැතිය මෙය පරණ වනවිට කහ පැහැයට හැරේ.

කිරි හට්ටියක් සාමාන්‍ය තත්වයක් යටතේ තබාගත හැක්කේ දින 02ක් පමනි. කූට වෙළදුන් කිරි හට්ටි වැඩි කාලයක් තබා ගැනීමට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කිරීම සදහා තුවාල පිරිසිදු කිරීමට යොදාගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බින්දු කීපයක් එකතුකරයි. එබවින් මුදවපු කිරි ආහාරයට ගැනීමේදී විමසිලිමත්විය යුතුය.

සමන් කුමාර /තිස්සමහාරාමය
http://lankacnews.com/sinhala/news/109031/

නෙළුම් කුළුණේ නවතම ඉඳි කිරීම් බලමු!

සංවර්ධනයේ දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකාවේ ඉදිවන බහුකාර්යය විදුලි සන්නිවේදන කුලුන සහ විනෝදාත්මක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල මූලික ඉදිකිරීම්  2015 ජනවාරි මස වන විට  අවසන් කිරීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා සන්නිවේදන කටයුතු වෙනුවෙන් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරනු ලබන නෙළුම් කුලුන වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.

දැනට මෙම කුලුනේ ඉදිකිරීම් වර්ග අඩි ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇත. ඉදිරියේදී මෙහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් කඩිනම් වෙමින් සතියකට මීටර් පහ බැගින් ඉදිකෙරෙනු ඇත.

එහි දෙවන අදියර මූලික ඉදිකිරීම් අවසන් කිරීමත් සමඟම ආරම්භ කෙරෙන අතර, එහිදී රථවාහන 1500ක් නවතා තැබිය හැකි නවීන පන්නයේ රථගාලක් සහ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමටද නියමිතය.

ශ්‍රී ලංකාවේ අභිමානය හා ප්‍රෞඪත්වය වෙනුවෙන් ඉදිකෙරෙන නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් චීනයේ සමාගම් දෙකක් (China National Electronics Import and Export Corporation (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd (ALIT) සහයෝගය ලබාදෙන අතර මෙහි ඉදිකිරීම් කටයුතු  2012 වසරේදී ආරම්භ කෙරිණි. මෙම කුලුනේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කෙරෙනු ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුවිද්‍යා අංශයේ සහ දේශීය වාස්තු විද්‍යාඥයන්ගේ පූර්ණ සහයෝගීත්වය හිමි වෙයි.

ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුලුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්‍ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.

බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම  නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේම පමණක් නොව විශේෂයෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක්ම වනු ඇත. ලෝකයේ උසම කුලුනු පහ ලෙස පිළිවෙළින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි.

මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ.

මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ.

මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත.

කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. මීට අමතර ව මෙම කුලුනට ඇතුළත් කරනු ලබන අනෙකුත් අංග පිළිබඳ  අවසන් තීරණය මේ සම්බන්ධයෙන් පත් කෙරෙන විශේෂ කමිටුවේ නිර්දේශ මත සිදුකෙරෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  පවසයි.

- රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
http://lankacnews.com/sinhala/main-news/108968/

සිරියාවේ අල් කයිඩා පාලන ප‍්‍රදේශවලට අන්තවාදී ෂරියා - සංගීතය තහනම්. පල්ලි යාම, නිකාබය අනිවාර්යයි. කතුන්ට රෑ ගමන් තහනම්.

අල් කයිඩා සංවිධානයට සම්බන්ධ සිරියානු කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින රාකා ප‍්‍රාන්තයේ වැසියන් සදහා නව නීති මාලාවක් පණවා ඇතැයි වාර්තා වේ.

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් නම් කණ්ඩායම විසින් පසුගියදා මේවා ප‍්‍රකාශයට පත්කර ඇති අතර ජනවාරි 23 සිට ඒවා ක‍්‍රියාත්මක කරන බව පවසා තිබේ.

එදින සිටි රාකා ප‍්‍රාන්තයේ කාන්තාවන්ට මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන නිකාබය ඇදීම අනිවාර්ය වන අතර අත්වැසුම්ද පැළදිය යුතුවේ.

සිය පිරිමි භාරකරුවා රහිතව පොදු ස්ථානවල ගැවසීම සහ රාත‍්‍රියේ ගමන් කිරීම තහනම් කර ඇති අතර ජිහාඞ්වාදී කණ්ඩායම් විසින් අවධාරණය කර ඇත්තේ මෙය කඩ කරන සොයුරියන්ට සහ ඔවුන්ගේ භාරකරුවන්ට එරෙහිව ෂරියා නීතිය මගින් දඬුවම් පමුණුවන බවයි.

මේ අතර දෙවන නීතිය මගින් පොදු ස්ථානවල, මෝටර් රථවල සහ වෙළඳසැල්වල සංගීතය වාදනය කිරීම තහනම් කර තිබේ.

මේ යටතේ සංගීත තැටි සහ සංගීත භාණ්ඩ අලෙවිකිරීම තහනම් කර ඇති අතර ලෙවන්ට් කණ්ඩායම පවසා ඇත්තේ සංගීතය මගින් දෙවියන් සහ කුරානය පිළිබඳව ඇති අවධානය බොඳ කරන බවයි.

සිගරට් සහ ශිෂා පයිප්ප අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කර ඇති අතර එවැනි වෙළඳසැල් ෂරියා නීතියේ නාමයෙන් පුළුස්සා දමන බව පවසා ඇතැයි වාර්තා වේ.

සියලූම වැසියන්ට ඉස්ලාම් පල්ලියට යාම අනිවාර්ය කර ඇති අතර එසේ නොගොස් සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.  ජිහාඞ්වාදී කැරලිකරුවන්ගේ පාලනයට මුළුමනින්ම නතුවූ පළමු ප‍්‍රාන්තය වන්නේ රාකා ප‍්‍රදේශයයි.

http://lankacnews.com/sinhala/foreign-news/108997/

Pic Source

Thursday, January 23, 2014

උඩවෙල සුමේද හිමිට පහරදීමට විරෝධය පා උද්ඝෝෂණයක්‌

විල්ගමුව ශාසනාරක්‌ෂක බලමණ්‌ඩලයේ ලේඛකාධිකාරී හිමිනමට පහරදීමට විරෝධය පළ කරමින් ඊයේ (22 වැනිදා) හෙට්‌ටිපොල නගරයේ වෙළෙඳසල් වසා දමා ජනතාව උද්ඝෝෂණය කිරීමෙන් සේවාවන් රැසක්‌ බිඳ වැටිනි.

පහරදීමෙන් උඩවෙල සුමේධ හිමියන් තුවාල ලබා හෙට්‌ටිපොල රජයේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර බලමින් සිටින බව ප්‍රධාන කැපකරු දායක මහින්ද විඡේසූරිය මහතා පැවැසීය.

හෙට්‌ටිපොල නන්දාරාම බෞද්ධ විහාරාධිපති, හෙට්‌ටිපොල ශ්‍රී ජිනරතන පිරිවෙන් අධ්‍යක්‌ෂ ලෙසද උන්වහන්සේ කටයුතු කරයි.

විල්ගමුව නිපෝන් පාලම අසලදී ත්‍රිරෝද රථයකින් යමින් සිටි උන්වහන්සේට පහරදීම සම්බන්ධයෙන් එක්‌ සැකකරුවකු විල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෙට්‌ටිපොල නන්දාරාම බෞද්ධ විහාරස්‌ථානයේ සිට පා ගමනින් හෙට්‌ටිපොල නගරයට පැමිණි දායකයෝ අපක්‌ෂපාතීව පරීක්‌ෂණ පවත්වා වැරදිකරුට දඬුවම් කළයුතු බව අවධාරණය කළහ.

විල්ගමුව ගඟේයාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බියර් බාර් එක වසා දැමීමට ප්‍රදේශයේ කාන්තාවන්ගේ ඉල්ලීමක්‌ මත උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එක්‌වීම නිසා මෙම පහරදීම සිදුකර ඇති බවද දායකයෝ පවසති.

විල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2014/01/23/news32.html

Pic Source

සබැඳි ලිපි -
[
නීති විරෝධි සුරාසැල වැසීමට ගිය හිමිනමට පහර දෙති. විරෝධය පා මහජනතාව වීදි බසිති.http://denethharinna.blogspot.com/2014/01/22-2000.html
]

නීති විරෝධි සුරාසැල වැසීමට ගිය හිමිනමට පහර දෙති. විරෝධය පා මහජනතාව වීදි බසිති.

මාතලේ විල්ගමුව නගරයේ සියලු කඩ සාප්පු ඊයේ (22 දා) පෙරවරුවේ වසා දමා කළු කොඩි ඔසවා 2000 කට අධික පිරිසක්‌ විරෝධතාවක නියෑළුණහ.

විල්ගමුව ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි උණගොල්ල ජිනරතන පරිවේණාධ්‍යකෂ උඩුවෙල සුමේධ හිමියන්ට කිසියම් මැර පිරිසක්‌ 21 දා රාත්‍රියේ පහරදීම මෙම විරෝධතාවට හේතු විය. පහරකෑමට ලක්‌වූ හිමිනම හෙට්‌ටිපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහලට මාරුකර තිබේ.

විල්ගමුව, නිපොන් පාලම අසල පවත්වාගෙන ගිය නීති විරෝධී සුරාසලක්‌ ඉවත් කිරීම සඳහා පහරකෑමට ලක්‌වූ හිමිනම මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම මෙම පහරදීමට හේතු වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක්‌ අයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. විල්ගමුව පොලිසිය පරීකෂණ සිදු කරයි.

සීගිරිය - සරත් එරමිණිගම්මන
http://www.divaina.com/2014/01/23/news20.html

Pic Source

Wednesday, January 22, 2014

ශ්‍රී ලංකා ටෙලිකොම් සුපිරි අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් අතරට LTE තාක්‍ෂණයද එක්‌වෙයි

ශ්‍රී ලාංකික අන්තර්ජාල පාරිභෝගිකයන්ට ඉහළම විශ්වාසනීය භාවයකින් නොනවතින අධිවේගී අන්තර්ජාල ප්‍රවේශයන් ලබාදීම සඳහා, තම පද්ධති ධාරිතාව වැඩි දියුණු කරමින්, පහසු මිලට බ්‍රොඩ්බෑන්ඩ් සේවාව සැපයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දිවයින පුරා අන්තර්ජාල භාවිතයේ වර්ධනීය වෙනසක්‌ සිදුකරමින් සිටී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජාතික විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුපිරි වේගවත් LTE බ්‍රොඩ්බෑන්ඩ් තාක්‍ෂණය හඳුන්වාදුන් බව සතුටින් දන්වා සිටී. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයට අනුව සුපිරි වේගයකින් අන්තර්ජාල සේවා සැපයිය හැකිය. LTE අතිනවීන බ්‍රොඩ්බෑන්ඩ් තාක්‍ෂණය හරහා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමට LTE බ්‍රොඩ්බෑන්ඩ් තාක්‍ෂණය හඳුන්වාදීම, විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා, ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මැතිතුමන් සහ ප්‍රදේශයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා රුවන්වැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනුස්‌මරණ ශාලාවේදී උත්සවාකාරයෙන් සිදු කරන ලදී. දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව හඳුන්වා දුන් මෙම සේවාව ප්‍රදේශ කිහිපයකදී දැන් ලබාගත හැකි අතර නුදුරු අනාගතයේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සැලසුම් කර ඇත.

මෙම හඳුන්වාදීමේ උත්සව අවස්‌ථාවේදී රුවන්වැල්ල මහජන පුස්‌තකාලයට සහ ජාතික පාසලට 4G LTE රැහැන් රහිත පහසුකම් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී. ජාතික සන්නිවේදන කටයුතුවලදී පෙරමුණ ගන්නා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තම LTE සේවාව මගින් අධිවේගයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව පිළිබඳව පරීක්‍ෂාවක්‌ අමාත්‍යවරුන් ඉදිරියේ සිදු කළේය. එහිදී නවීන LTE තාක්‍ෂණයට අනුව, තත්පරයට 50MB ඉක්‌මවූ උපරිම අධිවේගයකින් එය ක්‍රියාත්මක වූ ආකාරය, පැමිණි සියලුදෙනාහට අත්විඳීමට හැකියාව ලැබුණි. රට තුළ කි. මී. 20,000 කට අධික ප්‍රකාශ තන්තු ජාලයක්‌ සහ විශ්වය පුරා සබඳතා පැවැත්වීමට මුහුදු සංදාම ජාලයක්‌ ඇති එකම සමාගම ලෙස, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, රටේ අනෙකුත් සන්නිවේදන සේවා සමාගම් සහ සේවා පවත්වාගෙන යැමටද යටිතල පහසුකම් සපයයි. පංච බල කේන්ද්‍රය මත පදනම්ව දියුණුවන රටට අවශ්‍ය සන්නිවේදන සවිබලය සැපයීමේ ජාතික මෙහෙවර ඉටුකරන්නේද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.

මෙම අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්‌ වූ විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ සැබෑ අරමුණ වන්නේ සෑම ප්‍රදේශයකටම සංවර්ධනයේ අරුණලු ළඟාකිරීම බවයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රදේශයේ සන්නිවේදන අවශ්‍යතා පරිපූර්ණ කිරීමට විශාල කාර්යයක්‌ සිදු කරන බවත්, එහි ප්‍රතිලාභ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට පමණක්‌ නොව මුළු රටටම උදාවන බවත්ය. ආර්ථික, සමාජීය සහ සංස්‌කෘතික දියුණුවක්‌ රට පුරාම එක ලෙස පැතිරවීමේ පරම අපේක්‍ෂාවෙන් සැලසුම් කර ඇති මහින්ද චින්තන ඉදිරි දැක්‌මට අනුව රට තුළ ක්‍රියාත්මක කරන ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට මෙවැනි හඳුන්වාදීම් ඉතා වැදගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සුබ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් පැවසූයේ තොරතුරු හා සන්නිවේදන සේවාවන් ශ්‍රී ලංකාවේ සියලු දෙනා වෙත ලබාදීමේ, දැනුම් කේන්ද්‍රීය සංවර්ධනයක්‌ අපේක්‍ෂාවෙන්, රටේ අනාගත සංවර්ධන ඉලක්‌ක සපුරාගැනීම සඳහා සන්නිවේදන ක්‍ෂේත්‍රයේ දියුණුව ඉතා වැදගත් බවයි. එමෙන්ම රටේ ජාතික අරමුණු දිනාදෙන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම LTE නව තාක්‍ෂණය හඳුන්වාදීම පිළිබඳව තම සුබ පැතුම් පිරිනමන බවද ඒ මහතා පැවසීය.

http://www.divaina.com/2014/01/22/velanda01.html