Pages

Thursday, January 31, 2013

එදා මකුලාරාමය අද මක්කම... - හෑගොඩ විපස්සී හිමි

අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස සැලකුවේ ධර්මයයි. මෙයින් පෙන්නුම් කරන්නේ අපට ඉහළින් යුක්තිය, ධර්මය, නීතිය තබා ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ සඳහන් කරන්නෙත් ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ හා වගකීම බවයි. ඇත්ත වශයෙන්ම ජාතික ගීය වෙනස් කිරීමට යෝජනා ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැර ක්‍රියා කරන බවයි. මෙය බරපතළ කාරණයකි. තමන්ගේ මතිමතාන්තර කුමක්වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අයිතියක් නැහැ.
ඳ රිසානා නාෆීක් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියක් හිස ගසා මරා දැමුනා. එම සිදුවීමත් එම නීති ගැනත් අත්තවාදය ගැනත් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මුස්ලිම් ජාතිකයින් හා දැඩි සහෝදරත්වයකින් බැඳී මතෛක් අප ගතකළ ඉතිහාස තොරතුරු මොනවාද හාමුදුරුවනේ?
මුස්ලිම් ජාතිය ඉස්ලාමීය ආගමත් සමග ගොඩ නැගෙන්නක්. මුස්ලිම් ආගමට බැඳීමත් සමග ආගමත් ජාතියත් එකක් බවට පත්වෙනවා. මේ තත්ත්වය කවර වූ ජාතිකයෙකුට වුවද එක සමානයි. ඉස්ලාම් ආගම වැළඳගත් දා සිට ඔවුන් මුස්ලිම් ජාතිකයන්. 
විශේෂයෙන් අරාබිකරය පදනම් කරගනිමින් නව ජාතිකත්වයක් හා ආගමක් වශයෙන් මෙහි ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. 
ක්‍රිස්තු පූර්ව 8 වන ශතවර්ෂයේදී පමණ ප්‍රථමවරට වෙළෙඳාම සඳහා ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයින් පිළිබඳව කියැවෙනවා. නමුත් ඒ ජාතික කාන්තාවන් මෙරටට පැමිණි බවට තොරතුරු අනාවරණය වන්නේ නැහැ.
ඉන් පැහැදිලිව කිව හැක්කේ සිංහල කාන්තාවන් විවාහ කරගැනීම මගින් ඔවුන් ලංකාව පුරා පැතිර ගොස් තිබෙන බවයි. කුළු බඩු, මැණික්, රිදී වැනි දේ වෙළෙඳාමට පැමිණි ඔවුන් අවසානයේ ලංකාව තුළම පදිංචි වී වෙළෙඳාමේ යෙදෙන්නට පටන් ගැනෙනවා. 
ථෙරවාදී බුදු දහම පවතින රටක් වශයෙන් ලංකාව තුළ ඕනෑම ආගමිකයෙක්ට සිටිය හැකියි. නමුත් ඔවුන්ගේ මූලික ආගමික සිද්ධාන්ත මෙරට ක්‍රියාත්මක වුණේ නැහැ. ගල් ගසා මරා දැමීම, හිස ගසා මැරීම වැනි දරුණු නීති ක්‍රියාත්මක නොවන්නේ ඔවුන් මෙරටදී මෙරට ‍පොදු නීතිය තුළම ක්‍රියාත්මක වීම නිසයි. පවුකාරයාට ගල් ගසන කෲර වද හිංසාව බෞද්ධ අනන්‍යතාවය තුළ ගොඩ නැගුනේ නැහැ.
එහෙත් අද වන විට අන්තවාදී මුස්ලිම් ජාතිකයන් බෞද්ධ උරුමයන් විනාශ කරන බවට චෝදනා නැගෙන්න පටන් අරන්. නමුත් මෙවැනි සිදුවීම් පිටුපස සිටින්නේ සාම්ප්‍රදායික මුසල්මානුවන් නොවෙයි කියනවා.
රහතන් වහන්සේ වැඩ සිටි කූරගල හොරොව්පතාන කිරණාගල රජ මහා විහාරය ආදී ඓතිහාසික සිද්ධස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයේ යොදවා සිටියදීත් අයුතු ලෙස පරිහරණය කරන්න පෙළැඹිලා සිටින්නේ බෞද්ධ ජනතාවගේ සිත් සතන් පාරවන ආකාරයටයි. මේ ආකාරයට බෞද්ධ සිද්ධස්ථාන සංහාරයකට ලක් කරමින් තමන්ගේ අණසක පතුරුවා ගැනීමට උත්සාහ දැරීම නිසා සහජීවනය විනාශ විය හැකියි.
අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව ලෝකයපුරා සාකච්ඡාවක් පවතිනවා.
ඳ එදා අරාබිකරය බෞද්ධ රාජ්‍යයන් බවට පත්ව තිබූ බවට මතයක් පවතිනවා. 
ප්‍රාග් බෞද්ධ යුගයේදී මැදපෙරදිග අරාබිකරයේ සුවිසල් බෞද්ධ වෙහෙර විහාරස්ථාන තිබුණු බවට සඳහන් වෙනවා. අද ඒ සියල්ල විනාශ කර දමා තිබෙනවා. 
බුදුන්ගේ කාලයේ සුනාපරන්ත රට ලෙස හැඳින්වූයේ මැදපෙරදිගයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදු දහම පැතිරුණු රටක්. ඒ කියන්නේ හයවැනි සියවස් කාලයේදී පමණ බුද්ධ ධර්මය අදහන බෞද්ධ ජනතාව ජීවත්වූ ප්‍රදේශයක්.
මජ්ජිම නිකායේ පුණ්නෝවාද සූත්‍රයේදී පුණ්න හිමියන් ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා සුනාපරන්ත හෙවත් මැදපෙරදිග රටට යාමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි බව සඳහන් වෙනවා. පුණ්න හිමියන් ගිහි කළ සුනාපරන්ත රට සිට වෙළෙඳාම පිණිස පැමිණ බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ පැහැදීම නිසා මහණ බව ලබා රහත් ඵලය ලබා ගත් හිමිනමක්.
පුණ්න හිමියන් තමන්ගේ දේශයට යාමට අවසර ඉල්ලුවත් බුදුරජාණන් වහන්සේ දරුණු මිනිසුන් ඉන්න එම ප්‍රදේශයට නොයන ලෙස අවවාද කරනවා. නමුත් පුණ්න හිමියන් පවසන්නේ බැන්නට කමක් නැහැ. ඒ රටේ මිනිස්සු ගහන්නෙ නැහැනේ ආදී වශයෙනුයි. මේ කතා බහ අවසානයේ බුදුරජාණන් වහන්සේ පුණ්න හිමියන්ට පවසන්නේ සුනාපරන්ත රටේ ධර්ම ප්‍රචාරය සඳහා සුදුසු පුණ්න මහ රහතන් වහන්සේ බවයි.
අට්ඨ කතාවේ සඳහන් වන ආකාරයට පුණ්න මහ රහතන් වහන්සේ සුනාපරන්ත රටේ ධර්ම ප්‍රචාරයට වැඩම වීමෙන් අනතුරුව අම්බහට්ඨ විහාරය සමුද්‍රගිරි විහාරය, මාතුලගිරි විහාරය හා මකුලාරාමය කියන වෙහෙර විහාර ඉදිකරනවා.
ඉන් අනතුරුව උන්වහන්සේගේ ආරාධනයෙන් සුනාපරන්ත රටට වැඩම කර තිබෙනවා. ඒ අනුව ප්‍රථම අරාබි භික්ෂුන් වහන්සේ වන්නේ පුණ්න මහ රහතන් වහන්සේය. 
ඳ අපේ හාමුදුරුවනේ බුද්ධ ඉතිහාසයේ දැක්වෙන මෙම කරුණු තහවුරු කර ගැනීමක් සිදුව නැද්ද?
ග්‍රන්ථ පරිශීලනය ඇසුරින් ආචාර්ය පරවාහැර පඤ්ඤානන්ද හිමි ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදුකළා. සුනාපරන්ත දේශය කියන්නේ මැදපෙරදිග බවත් එම ප්‍රදේශයේ දියුණු බෞද්ධ පරිසරයක් තිබුණු බවත් ඉන් හෙළිවුණා.
එදා මකුලාරාමය අද මක්කම කියන ඔවුන්ගේ මහා පූජනීය ස්ථානය බවට පත්වෙලා. ඒ රටවල පුරාවිද්‍යා ගවේෂණයකට ඉඩ හසර ලැබුණොත් යටපත් වී තිබෙන බෞද්ධ ඉතිහාසය මතුකර ගත හැකියි.
ලෝකයේ උසම බුදු පිළිමය ඇෆ්ගනිස්ථානයේ ඉදිකිරීමට පෙළැඹවීමක් ඇතිවූයේ නම් එම ප්‍රදේශවල බෞද්ධ ජනතාව විශාල වශයෙන් සිටින්න ඇති. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බෞද්ධ රටවල් වූ මේ රටවල බෞද්ධයන් සිටි බවට සාක්ෂි කිසිවක් නැති කිරීමට ඔවුන් පෙළැඹිලා.
පිළිම වඳින්න එපා කියමින් බෞද්ධ සංකේත විනාශ නොකළ යුතුයි. තමන්ගේ ආගම දහම අනුව පිළිම වන්දනා නොකර සිටීම කළත් ඇයි වෙනත් ආගමික මත විනාශ කර ඉතිහාසය වළදමන්න උත්සාහ දරන්නේ.
ලංකාවෙත් වසර 2300ක් ඉපැරණි බෞද්ධ ඉතිහාසයක් මේ ආකාරයෙන් විනාශ කිරීමට මූලධර්මවාදී අන්තවාදී ඇතැමෙක් උත්සාහ දරන බව ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යනවා.
මහාචාර්ය විමල විජේසූරිය මහතා 1988දී පැහැදිලිව පෙන්වා දී තිබෙනවා ඔවුන් ඉතිහාසය වෙනස් කරන ආකාරය.
9-10 වසරවල ඉස්ලාම් ධර්මය ‍පොත්වල මෙවැනි කරුණු ඇතුළත් කිරීම මගින් සිදු වෙන්නේ සැලසුම් සහගතව ඉතිහාසය විකෘති වීමයි. එතුමාගේ ශ්‍රී ලංකාවේ අරාබි ජනයා සහ ඉස්ලාම් සංස්කෘතිය ග්‍රන්ථයේ විජේසූරිය මහතා මේ කරුණු දක්වා තිබෙනවා.
අදත් මේ විදියටම ‍පොත්වල රට පිළිබඳ නැති ඉතිහාසයක් උගන්වනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට එකම ඉතිහාසයක් ඉගැන්විය යුතුයි. එක් එක් ජාතීන්ට රටේ ඉතිහාසය දැන ගැනීම නිසා අවැඩක් සිදු වෙන්නේ නැහැ. එය හීනමානයට කරුණක් නොවෙයි. පෙළ‍පොත්වලින් වැරදි තොරතුරු ළමා මනසට ඇතුළුවීම නිසා පසුකාලීන ගැටුම් ඇති වෙන්නේ ඉතිහාසය නොදැන කටයුතු කිරීම නිසයි. 
ඳ මුස්ලිම් සහෝදරත්වය විනාශ කරන අන්තවාදය පැතිරවීම වැළැක්විය හැක්කේ කෙසේද?
රටට ‍පොදුවේ බලපාන එක නීති පද්ධතියක් අවශ්‍යයි. සංවිධානවලට ඕන ආකාරයට ලාංඡන නිකුත් කරන්න බැරි ආකාරයට නීති සකස් විය යුතුයි.
නමුත් කියන්න කනගාටුයි සිතන අප මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩ නැගුණා වගේ අන්තවාදීන් විසින් ත්‍රස්තවාදය බිහි කරන තුරු දේශපාලකයින් බලා නොසිට කටයුතු කළ යුතුයි.
තිස් අවුරුදු යුද්ධයෙන් බැට කෑ ලංකාවට තවත් යුද්ධ අවශ්‍ය නැහැ. බොදු බල සේනා සංවිධානය ජනතාව අවදිකරමින් සිටීම අගය කළ යුතුයි. නමුත් නොයෙක් කුඩා සංවිධාන මේ ව්‍යසනය පාදක කරගනිමින් ඉස්මතු වීමට උත්සාහ කිරීම භයානකයි. ඔවුන් අනුකරණය කිරීමට පමණක් පෙළැඹිලා. බොදු බල සේනා සංවිධානයේ මග පෙන්වීම යටතේ සංවිධානය වීමයි වැදගත්. ඉන් අනවශ්‍ය ගැටුම් ඇතිවීම වළක්වා ගතහැකියි.
කෙසේ හෝ සාමකාමී පරිසරයක් වෙනුවෙන් කටයුතු කිරීමේදී දේශපාලනඥයින් දේශපාලන අවධියෙන් කටයුතු කළ යුතුයි.

රත්මලාන ධර්ම පර්යේක්ෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි
රන්මලී සෝමසිරි
(උපුටා ගැනීම ලක්බිම )

අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කර ඇති අල්කයිඩා ජිහාඞ් ඇතුළු ත‍්‍රස්තවාදීන් හා ත‍්‍රස්ත සංවිධාන 100කට අදාළව මූල්‍ය හෝ වෙනයම් ආධාර ලබාදෙන්නන්ට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගතහැකි නීති සම්මත කිරීම ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිය.

මෙය ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වූ පනත සංශෝධනය මගින් සිදු කෙරේ. ඊට අදාළ ත‍්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව ඉදිරියේදී ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශ කිරීමට නියමිතය.

මීට අමතරව අල්කයිඩා සංවිධානයට අදාළ මූල්‍ය අරමුදල් ඇත්නම් ඒවාද රාජ සන්තක කිරීමට බලය ඇති රෙගුලාසි රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලදී. එක්සත් ජාතීන්ගේ පනතට අනුව අදාළ රෙගුලාසී නිකුත් කර ඇත.
January 31, 2013 at 11:21 am | lanka C news
http://lankacnews.com/sinhala/news/89552/




ඉන්දීය නිවාස මුස්ලිම් ජනතාවට දීමට එරෙහිව දෙමළ ජනතාව උද්ඝෝෂණයක

වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේ නැවත පදිංචිකළ දෙමළ ජනතාවට ලබාදීමට ඇති ඉන්දීය නිවාස බහුතරයක් වෙනත් ප‍්‍රදේශවල පදිංචි මුස්ලිම් ජනතාවට ලබා දීමට විරුද්ධව දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් හා ස්ථීර නිවාස අහිමි වවුනියාව නැවත පදිංචි දෙමළ ජනතාව වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.

ඇමැති රිෂාඞ් මුස්ලිම් ඇමැතිවරයකුද? ඉන්දීය නිවාස නැවත පදිංචි ජනතාවටද? ඇමැති රිෂාඞ්ගේ හෙංචයියන්ටද? ඉන්දියානු නිවාස හිමි මුස්ලිම් ජනතාවට පමණද? යනුවෙන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැළුණහ.

විරෝධතා ව්‍යාපාරයට එක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශිවශක්ති ආනන්දන් මහතා පැවසුවේ ඇමැති රිෂාඞ් බදියුදීන් උතුරු පළාතේ දෙමළ ජනතාවට ලැබෙන සියලූ පහසුකම් හිතවත් මුස්ලිම් ජනතාවට පමණක් ලබා දී උතුරු පළාතේ වෙසෙන දෙමළ ජනතාවට සිංහල ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදී කටයුතු කරන බවය.

සෙට්ටිකුලම ප‍්‍රදේශයේ ඉන්දියානු නිවාස බෙදා දීම සාධාරණ බව පවසමින් වවුනියාවේ මුස්ලිම් ජනතාවද දෙමළ ජනතාවට එරෙහිව විරෝධතාවක් පැවත්වීමට ඊයේ (30දා) කටයුතු යොදා තිබුණද, වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණය මගින් මුස්ලිම් උද්ඝෝෂණ පැවැත්වීම අත්හිටුවීම් නියෝගයක් වවුනියාව මහෙස්ත‍්‍රාත් ඇලෙක්ස් ඞී. රාජා මහතා විසින් ලබා දෙනු ලැබ තිබිණි.
http://lankacnews.com/sinhala/news/89571/
January 31, 2013 at 1:00 pm | lanka C news

ජමාට් ඉස්ලාම් විරෝධතාකරුවෝ පොලීසියට ගල්, මුල්, බෝම්බ දමා ගසති

බංග්ලාදේශයේ විශාලම ඉස්ලාමීය පක්ෂයේ නායකයින්ට යුද අපරාධ සම්බන්ධ චෝදනා මත නඩු විභාගවලට පෙනීසිටීමට සිදුව තිබීමට එරෙහිව වීදි බට එම පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් පොලීසිය සමග ගැටී තිබේ .එහිදී ඔවුන් පොලිසියට පෙට්‍රෝල් බෝම්බ වලින් පහරදී ඇත.

පොලු මුගුරු රැගත් විරෝධතා කරුවන් මැඬලීමට පොලීසිය කඳුළු ගෑස් හා රබර් උණ්ඩ යොදා ගත්අතර ප්‍රධාන නගර 4 ක පමණ පැවති විරෝධතා වලදි පොලීසියේ සමහරුන්ද ඇතුළුව මිනිසුන් රැසක් තුවාල ලබා ඇත.

ධකා අගනගරයේදී ජමාට් ඉ ඉස්ලාම් පක්ෂයේ විරෝධතා කරුවන් 3000 කට වැඩි පිරිසක් බෝම්බ හා ගල් ගඩොල් වලින් පොලීසියට පහර දීම නිසා එය යුද පිටියක් බවට පත්ව ඇත. පොලීසිය පවසන්නේ මෙහිදී පොලීසියේ 25 දෙනකු පමණ තුවාල ලත් බව හා වාහන 15 ක් පමණ හානියට පත්ව ඇති බවය.

තවද වාහන 3ක් ගිනිබත් කර ඇති බවද ඔවුන් කියා ඇත. පසුව ස්වදේශ කටයුතු ඇමති විසින් ඔවුනට එරෙහිව පියවර ගන්නා ලෙස නි‍යෝග කිරීමෙන් පසු 55 දෙනකු අත්අඩංගුවට ගත් බවද පැවසී තිබේ. විරෝධතා කරුවන් බෝම්බ 50 ක් පමණ පොලිසියට එල්ල කළ බව සඳහන්ව ඇත. අගනගරය ට අමතරව රාජ්ෂාහි ,චිතගොං හා තවත් නගරවලද උද්ඝෝෂණ පැවැත්වී තිබිණ.
http://lankacnews.com/sinhala/foreign-news/89536/
January 31, 2013 at 3:25 am | lanka C news

ප‍්‍රංශය, විප්ලවීය ඉස්ලාම් පූජකයන් පන්නයි

ප‍්‍රංශ අභ්‍යන්තර ඇමතිවරයා ගෝලීය ජිහාඞ්වාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා ඉදිරි දිනවලදී විප්ලවීය ඉස්ලාම් ආගම් පූජකවරුන් ගණනක් පිටුවහල් කරනු ඇති බව කියයි.

කාන්තාවන්ට අවමන් කරන සහ ප‍්‍රංශයට එරෙහි අදහස් දරන සියළුම විදේශ ආගමික නායකයන් පලවා හරිනු ඇතැයි විදේශ ඇමති මැනුවල් වෝල්ස් උපුටා දක්වමින් AFP වාර්තා කරයි.

සංස්කෘතික සමාගම් ඒකාධිකාර හෙවත් ගුරුකුල ඇති කිරීමේ දේශපාලන ක‍්‍රියාවලියක නිරත සලාෆිස් කණ්ඩායම් වලට මෙය බලපානු ඇතැයි ඔහු බ‍්‍රසල්ස් සමුළුවේදී ප‍්‍රකාශකර ඇත.

ඝාතන රැුසක් සිදුකල ‘ස්කූටර් මාරයා’ නමින් හැඳින්වූ මෙහොමඞ් මෙරා නම් අල්කයිඩාවට සම්බන්ධ ඝාතකයා නිසා ප‍්‍රංශයට මෑත කාලයේදී ඉස්ලාමය යන්න වැදගත් මාතෘකාවක් විය. මෙරා තනිවම ක‍්‍රියා නොකල අතර ප‍්‍රංශයේ හා පිටරට සම්බන්ධතා රුසක් සහිතව විප්ලවීය පරිසරයක විසූවෙක් බව ටොලූස් හි ඔහුගේ ඝාතන සිද්ධිය දක්වමින් වොල්ස් කියා සිටියේය.

අවසාන ලෙස ඔහු ප‍්‍රකාශ කලේ මැරීම සඳහා ඔහු මෙහෙයවූ ක‍්‍රියාවලියක් මගින් එම සිද්ධිය හැඩගස්වන ලද බවයි. සමූහාණ්ඩුවේ හා ප‍්‍රංශ අගයන්ට එරෙහිව කතා කල සහ බටහිර විරෝධී මනෝභාවයන් දේශනා කල ඉස්ලාම් ආගමික නායකයන් බොහොමයක් මෑත කාලයේ ප‍්‍රංශයෙන් පිටකර ඇත.

2012 දී ප‍්‍රචණ්ඩ ජිහාඞ් වාසය පැතිරවූ ටියුනීසියානු ජාතික පූජකයෙක්ද 2012 අපේ‍්‍රල් මාසයේදී මුස්ලිම් පූජකවරු පස් දෙනෙක්ද මාලි සම්භවයක් ඇති පූජකයෙක්ද ආදී වශයෙන් බොහෝ ගණනක් මේ වන විට ඉවත් කර සිටිති.
http://lankacnews.com/sinhala/foreign-news/89547/

Wednesday, January 30, 2013

අපේ කම, බොදු උරුමය වනසන්න දෙන උඹලගේ ආධාර කුද ගහ ගනිල්ලා...

එක මූසළු අන්තවාදියෙක් තම මුදල් ගෙවා ප්‍රචාරය කරන බ්ලොග් අඩවියකින් සිංහල ජාතියට තර්ජනය කරල තිබුන, මෙහෙම ගියොත් මූසළු රටවලින් ලංකාවට ආධාර නොලැබෙයි කියල... 

චීනය, ජපානය, බටහිර රටවල් නම් අපිට ගොඩක් ආධාර, ණය ආධාර දීල තියෙනව තමයි... ඊට සාපේක්ෂව මේ අරාබි කාරයොඋන්ගෙ රටවලට වහල් සේවයට යන අපෙ අම්මලව මිනීපෙට්ටියෙන් ගෙදර එවන එක, අපෙ කතුන්ට ශරියාවෙන් මරණදඩුවම දෙන එක, උන්ගෙ කුසට දරුවො දෙන එක, තට්ටු ගනන් වලින් පහලට තල්ලු කරල අභිරහස් ලෙස මරා දාන එක ඇරෙන්ඩ අපට දීල තියෙන්නෙ මොනවද..?  

උපවාසෙ ඉවර උනාම කන්න උන්ගෙ පල්ලි හරහා උන්ටම රට ඉඳිඇටයක් එවන එක මහ ලොකු දෙයක් වෙන්න ඇති උන්ට... ආ, ඊට අමතරව ජිහාඩ්, සලාෆි, වහාබ් වගේ අන්තවාදීන්ට මූල්‍ය ආධාරත් කරනවලුනෙ... ජිහාඩ් පුහුණු කඳවුරුත් තියෙනවලු දැන් නැගෙනහිර සහ තවත් පළාත් වල... 
[සබැඳි ලිපි පෙළ අංක 1]

අපි මේ අන්තවාදී මූසළුවගෙ තර්ජනය ගැන බැලුවොත්, මේ අන්තවාදී මූසළුව කියන්නෙ, උන් අපේ උරුමය ඩෝසර් කරනකොට, පන්සල් බලෙන් අල්ල ගන්නකොට, පන්සල් භූමි තුළ උන්ගෙ පල්ලි අටවනකොට, අපේ කෙල්ලො විවිධ කූට උපක්‍රම මඟින්, උන්ගෙ ආර්ථික බලයෙන් (තම ව්‍යාපර වළට සිහල කතුන් සහ මූසළු පිරිමින් බඳවාගැනීම, ව්‍යාජ ආර්ථික වාසි පෙන්වා රවටා ගැනීම...) කුදලගෙන යනකොට, හලාල් කියල බොරු සහතිකයට කෝටි ගනන් මූසළු නොවන ජනයාගෙන් මුදල් ගසාකන කොට, ව්‍යාජ ක්‍රම මඟින් තම ජාතිය වෙත වරදාන වරප්‍රසාද ලැබගන්නා විට (නීති විද්‍යාල ප්‍රවේශය, සාම විනිසුරු පත්වීම්), අපි කට පියාගෙන ඉන්න ඕනෙ කියලද? [සබැඳි ලිපි පෙළ අංක 2, 3සහ 4]

මේ අන්තවාදයට විරුද්ධව අද අපි ක්‍රියා නොකළහොත්, අශෝක අධිරාජයාගේ ධාර්මික රාජ අනුග්‍රහයෙන් ර්මද්වීපයක් බවට පත්වූ මහා භාරත දේශයම, පේරෝ ශා මූසළු ආක්‍රමණිකයාට යටව, නාලන්දාව ඇතුළු බොදු බිම් වැනසී සඟුන් සමූලඝාතනය වූවා සේ, (එදා  වංග දේශවාසී) වත්මන් සුළුතර බංගලිදේශ බෞද්ධයන්ගේ පන්සල් වනසා ගම්පිටින් ගිනිතබා වැනසූවා සේ,  මියන්මාරයේ බහුතර බොදුනුවන්ට සුළුතර බෙන්ගාලීන්ගෙන් මෑතකදී වූවා සේ සහ වත්මන් යුරෝපීය රටවලට වෙමින් තිබෙන්නා සේ ඉරණමක් අපටත් අත් වීම ඉර හඳ සේ පැහැදිලිය. මූසළුවන් බහුතරය වන නැගෙනහිරදී, පුත්තලමේදී, මාවනැල්ලේදී අපට වන දේ එයට වර්තමාන ජීවමාන සාක්ෂිය.
[සබැඳි ලිපි පෙළ අංක 5]

තෙල් ජනසතු කරනකොට, ඇමරිකානු අධිරාජ්‍ය වාදීන්  එවකට අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තර්ජනය කළාලු, ඇමෙරිකන් ආධාර නතර කරනව කියල... එතකොට මැතිනි කිව්වලු, "උඹලගෙ ආධාර කුද ගහ ගනිල්ල "... කියල. 

අද අරාබි කාරයටත් අපි කියන්නෙ ඒක... "අපේ කම, බොදු උරුමය වනසන්න දෙන උඹලගේ ආධාර කුද ගහ ගනිල්ල..."

අමතක කරන්න එපා, සබැඳි ලිපි පෙළ කියවල තොරතුරු ටික ඔළුවට දාගන්නත්... ඒ වගේම මිතුරන් අතරේ බෙදා ගන්නත්...

[
"ඊට අමතරව ජිහාඩ්, සලාෆි, වහාබ් වගේ අන්තවාදීන්ට මූල්‍ය ආධාරත් කරනවලුනෙ..."
සබැඳි ලිපි පෙළ අංක 1-
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7325.html
]

[
"උන් අපේ උරුමය ඩෝසර් කරනකොට, පන්සල් බලෙන් අල්ල ගන්නකොට, පන්සල් භූමි තුළ උන්ගෙ පල්ලි අටවනකොට..."
සබැඳි ලිපි පෙළ අංක 2-
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

[
"හලාල් කියල බොරු සහතිකයට කෝටි ගනන් මූසළු නොවන ජනයාගෙන් මුදල් ගසාකන කොට..."
සැබැඳි ලිපි පෙළ අංක 3-
හලාල් හරාම්! -
http://denethharinna.blogspot.com/2012/11/blog-post_11.html
ඇත්තටම මොකටද හලාල්???
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2852.html
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_8146.html
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
http://denethharinna.blogspot.com/2012/12/700.html
හලාල් හරාම් (2)! -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_18.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

[
"ව්‍යාජ ක්‍රම මඟින් තම ජාතිය වෙත වරදාන වරප්‍රසාද ලැබගන්නා විට (නීති විද්‍යාල ප්‍රවේශය, සාම විනිසුරු පත්වීම්)..."
සබැඳි ලිපි පෙළ අංක 4-
නීති ප්‍රවේශ දමිළ මාධ්‍ය ප්‍රශ්ණ පත්‍රය වැල්ලවත්තේ උපකාරක පන්තියකදී පිටවෙලා...
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8.html
කරෙන් දැනුණ නීති හොරකම ගැන බරක්‌ නොගන්න රටක්‌!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4196.html
නීති විභාගය ‘හලාල්’ කරලා. සාක්ෂි අපි සතුයි – චම්පික
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6.html
නීති විභාගයටත්, හලාල් මුදල් ගනුදෙනුවටත් මම සම්බන්ධ නෑ!!! - හකීම්
http://denethharinna.blogspot.com/2013/01/blog-post_3.html
හකීම්ගේ අන්තවාදයේ නිරුවත... නීති විදුහලේ කතාවේ දෙවන කොටස... සාමදාන විනිසුරුවන්ගේ පත්වීම්...!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_8807.html
ඉතා සූක්ෂමව මේ දැමෙන්නේ අනාගත නසරිථානයේ සවිමත් පදනමයි!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_7470.html
නීති විභාගයත් හලාල් ක්‍රමයට!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_29.html
නීති ප්‍රවේශ විභාගය පිටුපස අධිකරණ ඇමැති හකීම් ඉන්නවා...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_3609.html
නීති ප‍්‍රවේශ අක‍්‍රමිකතාවයක් නෑ - වි.කො | දත්ත සංඛ්‍යාන විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනියි! දමිළ මාධ්‍ය සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්?
http://denethharinna.blogspot.com/2012/12/blog-post_1255.html
නීති විදුහලට අවනීතිය
http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්...
http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
නීති විභාගය ජාතිවාදී වුණැයි රවුෆ් හකීම්ට එරෙහිව නඩු
http://denethharinna.blogspot.com/2012/12/blog-post_5792.html
]

[
"නාලන්දාව ඇතුළු බොදු බිම් වැනසී සඟුන් සමූලඝාතනය වූවාසේ..."
සබැඳි ලිපි පෙළ අංක 4-
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/10/blog-post_3500.html
]

මූසළු ශරියා නීතිය යටතේ විඳවන ඉස්ලාම් කාන්තාව

http://www.facebook.com/photo.php?fbid=258185297647855&set=a.160402140759505.35446.151417924991260&type=1&theater
සවුදි සාප්පු වල සේවය කරන කාන්තාවන් හා පිරිමින් සේවා කාලය තුල එකිනෙකාගෙන් වෙන්කර තැබෙන බිත්ති ඉදිකිරීමට කඩවල් වලට රජය විසින් නියෝග කර ඇත. මීටර් 1.6 කට වඩා උස් විය යුතු මේ බාධක ඉදි කිරීමට දින 30 ක් කඩවලට ලබා දී ඇති අතර ඉන් පසු දඩ ගැසීමට ආරම්භ වනු ඇත.

කම්කරු ඇමති අඩෙල් ෆාකි සහ ආගමික පොලීසිය හෙවත් මුට්වා කමිටුවේ ප‍්‍රධානී අබ්දුල්ලාටිෆ් අල් ශෙයික් එකතුව මේ නීතිය ඇති කර තිබේ. කාන්තා කම්හල් හෝ යට ඇඳුම් සහ රූපාලංකාර වෙලඳසැල්වල සවුදි කතුන්ට සේවය කල හැකිය.


2011 ජුනි මාසයේදී සවුදි පාලනය මේවායේ සේවය කල පිරිමි සේවකයන් වෙනුවට කාන්තාවන් බඳවා ගැනීම ආරම්භ කරන ලදී. මේ නීතිය මගින් සවුදි කාන්තාවන්ට රැකියා අවස්ථා 44000ක් පමණ ඇතිවන බව අදිකාරීන් කියයි. මධ්‍යම සංඛ්‍යාලේඛන හා තොරතුරු දෙපාර්තමේන්තුව අනුව සවුදි කාන්තාවන් අතර විරැුකියාව 36% ක් පමණ වෙයි.


පුද්ගලික ආයතන වල සේවකයන් අතර කාන්තාවන් සිටින්නේ 7% ක් පමණි. මේ නීතිය මගින් මිනිසුන් වෙතින් යට ඇඳුම් මිලදී ගැනීමට අකමැති කාන්තාවන්ට සහනයක් ලැබෙන අතර සේවිකාවන්ට සිදුවන හිරිහැර හා අප‍්‍රමාණවත් පහසුකම් ගැන විවේචන එල්ලවී ඇත.


දැඩි ශාරියා නීතිය යටතේ සවුදි කාන්තාවන් ගැන ඇති සංස්කෘතික ආකල්ප මතභේදාත්මකය. බටහිර රටවල පොදු චර්යාවන් ඔවුන්ට තහනම් වන අතර රිය පැදවීම, ජන්දය දීම ආදිය සිදු කිරීමට ඉඩ නොදෙයි.


රැකියාවක් කිරීමට, ගමන් බිමන් යාමට සහ බැංකු ගිණුමක් විවෘත කිරීමට පිරිමියෙකුගෙන් අවසර ලබාගත යුතුය.



සවුදි කඩවල සේවකයන් හා සේවිකාවන් වෙන් කර තාප්ප බඳී
January 30, 2013 at 9:16 am | lanka C news


Tuesday, January 29, 2013

කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී

කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
2013 ජනවාරි මස 26 දුරුතු පුර පසලොස්වක දින  ඓතිහාසික කූරගල දී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ සාභාගිත්වයෙන් ආශිර්වාද පින්කමක් සංවිධානය කරන ලද අතර එම අවස්ථාවට ජනාධිපති උපදේශක පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ද වැඩම කරවන ලදී. උදෑසන කිරි ආහාර පූජාව දහවල් බුද්ධපූජාව හා සවස ගිලන් පස පූජාව වශයෙන් මෙම අටවිසි බද්ධ පූජාව සකස් කර ලද අතර කිරි ආහාර පූජාව ඓතිහාසික මාරජී චෙත්‍ය රාජයානන්වහන්සේ අබියසදි සිදු කරන ලදි.
කාලයක් තිස්සේ අන්‍යාගමිකයින් විසින් මෙම ස්ථානයේ නිරන්තරයෙන් කරන ලද සත්ව ඝාතනයන් ලේ වැගිරීම් නිසාද රහතුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් ග්‍රහණයට ගෙන කරන ලද විනාශයන් නිසාද සිදුවූ අවපවිත්‍රතාවයන් ඉවත් කරලීමද  මෙම ස්ථානයේ දැනට බලවත්ව සිටින අබෞද්ධ භුත බලවේග වලින් ස්ථානය නිදහස් කරගැනීමටද කටයුතු කරලීම මෙම පින්කමේ අරමුණ විය.

දශක ගණනාවක් තිස්සේ මෙම ස්ථානයේ අනවසරයෙන් සිටින පිරිස ඉවත් කරලීමට පුරාවිද්‍යා දේපාරතමේන්තුව විසින් පවරන ලද නඩුව දැනට නිමාවට පත් වී ඇති අතර   ඒ සඳහා නියෝගය තවමත් නීතිපතිවරයා විසින් ලබා දි නොමැත.

ආශීර්වාද පින්කමෙන් අනතුරුව රාත්‍රී හතට සෙත්පිරිත් දේශනයක් සහ රාවණ පූජාවක්ද පැවැත්වීමට  පිළිවෙල කර තිබුණි. එය සංවිධානය කරල ලද්දේ පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි ඇතුලු කෝට්ටේ රාවන සංගමයයි. මෙම අවස්ථාවට බුදුගල විල්යාය මාමල් ගහ යන විහාරස්ථාන වල විහාරාධිපතීන් වහණ්සේලා  ඇතුලු භික්ෂූන් වහණ්සේලා රාශියක්ද ජාති හිතෙෂීන් බෞද්ධ පින්වතුන් දහසක් පමණද රැස්වී සිටියහ.

මෙම පින්කම ගැන අසන්නට ලැබී බළන්ගොඩ කල්තොට පනාමුරේ ඇඹිලිපිටිය ඇතුලු පොලිස් ස්ථාන පහකින් කුලු පොලු සහිත පොලිස් නිළධාරීන් පන්සියක් පමණ කූරගලට පැමිණි සිටිනු දක්නට ලැබුණි. සංවිධාකයින් විසින් සධාතුක කරඬුව වඩම්මාගෙන එනු ලැබූ පෙරහැරට පොලිසිය විසින් බාධා එල්ල කරනු ලැබූහ. නමුත් එය නොතකා රහතුන වහණ්සේලා වැඩසිටි ගල්ලෙන් සමීපයෙන් ඉතාමත් සාමකාමීව ගමන් කිරීමට සංවිධායක පිරිස උත්සාහ ගත්හ.

අන්‍යාගමිකයින් විසින් රටපුර බෞද්ධ පුරා වස්තු රාශියක් විනාශ කරන අවස්ථාවල නිද්‍රාවෙන් සිටින ආරක්ෂක අංශ බෞද්ධ සැදැහැවතුන් ගේ පින්කමකට කුලු පොලු සහිත හමුදාවක් ගෙන ඒම සිංහල බෞද්ධයින්ගේ බලවත් සිත් වේදනාවට හේතු වී ඇත. පොලිස් නිළධාරීගේ මෙම ක්‍රියාව බෙහෙවින්ම ලැජ්ජා සහගත යැයි ද පැවසිය යුතුය.

- වසන්ත කලුආරච්චි
http://lankacnews.com/sinhala/main-news/89404/

Monday, January 28, 2013

ජාතික ගීය රී-මික්ස් කිරීමේ ගැටළුව

ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක්

ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතින ජාතික ගීය වෙනස් කිරීමේ ප‍්‍රයත්නය ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන්ගේ කුමන්ත‍්‍රණයක් බව මහජන එක්සත් පෙරමුණ අවධාරණය කරයි.

බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ද්‍රවිඩ සංවිධානවල ඩොලර් මත යැපෙන ඊනියා විමුක්තිකාමීන් ලෙස තමන් විසින් හංවඩු ගසා ගන්නා පුද්ගලයින්ගෙන් තමන් ප‍්‍රශ්න කරන්නේ භාෂා කිහිපයකින් ජාතික ගීය ගායනා කරන රට කුමක්ද? යන්න බව මහජන එක්සත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතා පවසති.

රටක ජාතික ගීය එක් එක් පුද්ගලයාට හිතෙන ආකාරයට වෙනස් කළ නොහැකි බවත් රටේ ව්‍යවස්ථාවට අනුව නීතිගත වූ ජාතික ගීය වෙනස් කරන්නේ නම් රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වී එය ජනමත විචාරණයකින්ද අන්මත විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුාවට ලක් වූ බවද දිසානායක මහතා කීය.
http://lankacnews.com/sinhala/news/89573/

රටක නීතිගත ජාතික ගීය වෙනස්‌ කරනවා නම්
ජනමත විචාරණයකින් එය අනුමත විය යුතුයි
ඕමල්පේ සෝභිත හිමි

රටක ජාතික ගීය එක එක්‌කෙනාට හිතුන හිතුන විදියට වෙනස්‌ කරන්න පුළුවන් කමක්‌ නෑ. රටේ ව්‍යවස්‌ථාවට අනුව නීතිගත වුණ ජාතික ගීය වෙනස්‌ කරනවා නම් රටේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වී එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු යෑයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ අදහස්‌ පළකළේ පසුගියදා ගාල්ල නාගරික ක්‍රීඩා මණ්‌ඩපයේදී පැවැති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නවවැනි සැමරුමට එක්‌ වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.

ජාතික ගීයට දෙමළ වචන දමන්න කියලා දෙමළ ජනතාව මුස්‌ලිම් ජනතාව ඉල්ලුවේ නෑ. මේ කීප දෙනෙකුගේ උවමනාවට රටක ජාතික ගීය වෙනස්‌ කරන්න පුළුවන් කමක්‌ නෑ.

පෙබරවාරි හතර වැනි දින ත්‍රිකුණාමලයේ ජාතික දින සමරු උළෙල පැවැත්වෙනවා. එදාට ඔන්න අපි දමිළ සහෝදරවරුන්ට මහා ත්‍යාගයක්‌ ගෙනාවා කියලා කියන්නයි මේ කීප දෙනෙකු උත්සාහ කරන්නේ. අද වනවිට අපේ රට හමුවේ අභියෝග රාශියක්‌ තියෙනවා. මේ අලුතින් ආපු හලාල් අනුමැතියත් එවැනි එකක්‌. මේ රටේ බහුතරයක්‌ සිටින්නේ සිංහල ජනතාව. අපි අහනවා හලාල් සහතිකය ඇති භාණ්‌ඩ සිංහලයා ප්‍රතික්‍ෂේප කළොත් මුස්‌ලිම් අයට ඒවා විකුණන්න හලාල් සළකුණ වැළැඳ ගන්න වෙළෙඳ ආයතනවලට මොකද වෙන්නේ.

ගාල්ල සිංහල දෙමළ මුස්‌ලිම් ජනතාව ඉතා සමගියෙන් ජීවත් වෙන නගරයක්‌. අපි දෙමල මුස්‌ලිම් සහෝදරවරුන් සමග සාමයෙන් ජීවත්වෙන්න කැමතියි. අපි ඉල්ලා සිටිනවා අපේ රටේ මුස්‌ලිම් සහෝදරවරුන්ගෙන් ජිහාඩ් වැනි අන්තගාමී මුස්‌ලිම් සංවිධානවලට හසුවෙන්න එපා කියලා. මේ රටේ මුස්‌ලිම් සහෝදරයින්ට මැද පෙරදිග නෑදැයෝ නෑ. දුකට සැපට ඉන්නේ අල්ලපු වැටේ සිංහල දමිළ සහෝදරයායි. රිසානාගේ ඝාතනයේදී ආගම් ජාති භේද නොමැතිව මුළු රටම එකට දුක්‌ වුණා එයින් මෙය මනාව පැහැදිලි වෙනවා.

අපි සිංහල ජනතාවට කියනවා මුස්‌ලිම් අන්තවාදය තහවුරු කරන හලාල් සළකුණ සහිත භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වලකින්න කියලා. ඒවා මිලට ගත්විට ඔබේ මුදලින් කොටසක්‌ මෙම අන්තවාදී සංවිධානවලට යන බව හැමවිටම සිහි තබාගන්න.

මෙහිදී ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද කතාකළ අතර ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.
ගාල්ල එස්‌. කේ. කළුආරච්චි ගාල්ල විශේෂ ලලිත් චාමින්ද
http://www.divaina.com/2013/01/29/news18.html

ජාතික ගීය වෙනස්‌ නොවේ...
ශ්‍රී ලංකාවේ ජාතික ගීය කිසිම ආකාරයකින් වෙනස්‌ වන්නේ නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා "දිවයින" ට ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.

ජාතික ගීය වෙනස්‌ කිරීම අද මාතෘකාවක්‌ නොවන අතර එය වෙනස්‌ කිරීමෙන් ඇති ඵලය කුමක්‌දැයි හෙතෙම ප්‍රශ්න කළේය.

කවුරු කෙසේ කිව්වත් ජාතික ගීය කිසිම ආකාරයකින් වෙනස්‌ කරන්නෙත් නැහැ. වෙනස්‌ වන්නේත් නැතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයකු වන වාසුදේව නානායක්‌කාර මහතා විසින් මෙම අදහස රජයට ඉදිරිපත් කර තිබූ අතර හෙළ උරුමය මීට මුලින්ම විරෝධය පළ කළේය.
නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/01/28/news06.html

ජාතික ගීයට දෙමළ පද යෙදීමට යෝජනා කිරීම විමතියට කරුණක්‌
ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස්‌ දමිළ පද හා සිංහල පද සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය යෝජනා කර ඇති බවට 24 දින පළවූ මාධ්‍ය වාර්තා දැක විමතියට පත්වූයේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්‌වේ.

එහි මෙසේද සඳහන්ය.

සිංහල හා දමිළ පද සහිතව ප්‍රතිනිර්මාණය වන මෙම නව ජාතික ගීය ලබන මස 04 වැනිදාට ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන ජාතික නිදහස්‌ උත්සවයේදී ගායනා කිරීමට නියමිත බවත් එය අනුමැතිය සඳහා ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කර ඇති බවත් විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා එම මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කර තිබිණි.

"ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්‌වෙන්නේය." යනුවෙන් මෙරට උත්තරීතර නීතිය වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 7 වන ව්‍යවස්‌ථාවෙහි පැහැදිලිව දක්‌වා ඇත.

එසේම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 83 ව්‍යවස්‌ථාවෙහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යස්‌ථාවෙහි ඉතා වැදගත් ව්‍යවස්‌ථා එනම්, 1,2,3,6,7,8,9,10,11,83 මෙන්ම 30(2), 62(2) අනු ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට හෝ පරිච්ජින්න කොට ප්‍රතියෝජනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්ද බලයක්‌ සහ ජනමත විචාරණයකදී අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවය.

එසේ තිබියදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 7 වන ව්‍යවස්‌ථාවෙහි සඳහන් ජාතික ගීය මෙලෙස ප්‍රතිනිර්මාණය කිරීමට වාසුදේව නානායක්‌කාර අමාත්‍යවරයා කටයුතු කරන බව ඇසීමෙන් ජාතික නිදහස්‌ පෙරමුණේ අපි ඉමහත් විමතියට පත්වීමු.

ජාතික සංහිඳියාවට පාර කැපිය හැක්‌කේ මෙවැනි පටු ක්‍රියාවන් තුළින් නොවේ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්‌ලිම් ජාතිකත්වයන් අතර අෙන්‍යන්‍ය විශ්වාසය තහවුරු කෙරෙන දිගු කාලීන වැඩපිළිවෙළක්‌ අවශ්‍යව තිබේ. ඒ තිබියදී මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් සිදුවන්නේ ජාතික සමගිය පළුදු වීම මිස අනෙකක්‌ නොවේ.
http://www.divaina.com/2013/01/28/news12.html


දෙමල පද එක් කිරීමක් නෙමෙයි, ජාතික ගී භාෂා දෙක කලවම් කර ගයන්න
තමන් යෝජනා කරනු ලැබුවේ ජාතික ගීයට ද්‍රවිඩ භාෂාව එක්කිරීමක් සම්බන්ධයෙන් නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

තමා මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ සමාජ ඒකාබද්ධතාව සහ ජාතික එකමුතුකම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් බවද ඒ මහතා පෙන්වා දෙයි.

‘අපි කිවුවෙ දමිළ පද එකතු කිරීමක් නෙමෙයි. ජාතික ගීය සිංහල හා දෙමළ බසෙන් දෙකෙන්ම තියෙනව ව්‍යවස්ථාවෙ. ඒ දෙබස එකට එකතු කරමින් එකම ගීතයක් ලෙස ගායනා කරන්න කියල අපි කියන්නෙ. ජාතික ගීය දෙබස එකට මුසු කරමින් එකට ගායනා කරන්න. එක ගීතයක් හැටියට… එක ජාතියක් හැටියට. මම මෙකෙ නීති ප‍්‍රශණය දිහා බැලූවෙ නෑ තාම. මම බලල තියෙන්නෙ දේශපාලන සමාජ ප‍්‍රශ්ණය ගැනත් ජාතික එකමුතුව ගැනත් තමයි. නීති ප‍්‍රශ්ණ බලල ඒකට ගැටෙලන විදිහට මේ කටයුත්ත කරන එක හොඳයි.’ යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කරයි.
http://lankacnews.com/sinhala/news/89243/

දෙමළෙන් ජාතික ගීය ගැයීම ව්‍යවස්ථානුකූලයි, ජාතික සමගිය වඩවයි
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති පරිදි ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කිරීම තුලින් ජාතික සමගිය නැංවීමට හැකියාව පවතින බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.



එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කලේ ජාතික ගීය භාෂා දෙකෙන්ම ව්‍යවස්ථාවේද ඇතුලත් වන බවයි.



‘වාසුදේව ඇමතිතුමා යෝජනා කලේ ජාතික ගීය සිංහල හා දෙමළ භාෂාවෙන් ගායනා කිරීමටයි. එක් ජාතික සමගියට හොඳ යෝජනාවක් ලෙස තමයි අපි දකින්නෙ. කවුහරි කියනවනම් මේක සිංහල භාෂාවෙන් පමණයි ගායනා කරන්න  ඕන කියල ඒක ව්‍යවස්තාවට අනුකූල නෑ. ඒ වගේ කතා කියන්නේ මේරට සිංහල අයට විතරයි අතියි කියල හිතන අයගෙ අදහසක්’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.


ජාතික ගීයට දෙමළ පද කලවම් කිරීමට ජානිපෙ විරෝධය

ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස් දමිළ පද හා සිංහල සහිතව ප‍්‍රතිනිර්මාණය කල යුතුයයි ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් කර ඇති යෝජනාවට ජාතික නිදහස් පෙරමුණ විරෝදය පලකරයි.


එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.


එම නිවේදනය මෙසේය.


ජාතික ගීයට දමිළ පද එකතු කිරීමේ යෝජනාවක් ගෙන ඒම විමතියට කරුණක්…




ජාතික ගීයේ තිබෙන ඇතැම් කොටස් දමිළ පද හා සිංහල පද සහිතව ප‍්‍රතිනිර්මාණය කිරීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය යෝජනා කර ඇති බවට ඊයේ(24) පළ වූ මාධ්‍ය වාර්තා දැක අපි විමතියට පත් වීමු.



සිංහල හා දමිළ පද සහිතව ප‍්‍රතිනිර්මාණය වන මෙම නව ජාතික ගීය ලබන මස 04 වැනිදාට ත‍්‍රිකුණාමලයේදී පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයේදී ගායනා කිරීමට නියමිත බවත් එය අනුමැතිය සඳහා ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කර ඇති බවත් විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම මාධ්‍ය වාර්තා මගින් ප‍්‍රකාශ කර තිබිණි.



‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ‍්‍රී ලංකා මාතා’ ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව හා සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය’’ යනුවෙන් මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දක්වා ඇත.



එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවෙහි පැහැදිලිව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි ඉතා වැදගත් ව්‍යවස්ථා එනම් 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 83 මෙන්ම 30(2), 62(2) අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට හෝ පරිච්ඡුින්න කොට ප‍්‍රතියෝජනය කිරීමට හෝ පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්ද බලයක් සහ ජනමත විචාරණයකදී අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවය.


එසේ තිබියදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවෙහි සඳහන් ජාතික ගීය මෙලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කටයුතු කරන බව ඇසීමෙන් ජාතික නිදහස් පෙරමුණේ අපි ඉමහත් විමතියට පත් වීමු.

ජාතික සංහිඳියාවට පාර කැපිය හැක්කේ මෙවැනි පටු ක‍්‍රියාවන් තුළින් නොවේ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කෙරෙන දිගු කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබේ. ඒ තිබියදී මෙසේ වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජාතික සමගිය පලූදු වීම මිස අනෙකක් නොවේ.
පි‍්‍රයන්ජිත් විතාරණ | ප‍්‍රධාන ලේකම්, ජාතික නිදහස් පෙරමුණ

ජාතික ගීයට හෙට අරාබි වචනත් එක් වෙයි

ජාතික ගීයට අද දෙමළ වචන එක් කලහොත් හෙට දිනයේ මුස්ලිම් (අරාබි) වචනත් එක් වනු ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ ලෝකයේ  ඕනෑම රටකට ඇත්තේ එක් ජාති ගීයක් පමණක් බවයි.


‘‘ලෝකයේ සෑම රටකම ජාතීන් විශාල පිරිසක් ජීවත් වෙනවා. හැබැයි රටකට තියෙන්නෙ එක ජාතික ගීයක් පමණයි. ඒක ඒ රටේ ජීවත්වෙන සෑම ජාතියක්ම පිළිගන්නවා. ගෞරව කරනවා.


හැබැයි ලංකාවේ ජාතික ගීය දැන් එක එක කතා කියලා කෑලිවලට කඩන්න සැලසුම් කර තිබෙනවා. අද දෙමළ භාෂාවේ කෑලි එකතු කළොත් හෙට මුස්ලිම් ජාතිකයනුත් ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීයට කොටස් එකතු කරන්න කියාවි’’ යයිද උන් වහන්සේ අදහස් දක්වති.


ජාතික ගීයට දෙමළ පද යෙදේ
ශ‍්‍රී ලංකා ජාතික ගීය සඳහා දෙමළ පද ඇතුලත් කර ප‍්‍රතිනිර්මාණය කල යුතු බවට වන යෝජනාවක් ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබේ.

අදාල යෝජනාව එම අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවෙන්ද අනුමත වී ඇති අතර අවසන් තීරණය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කර ඇත.

දැනට ජාතික ගීය සිංහල හා දෙමළ භාෂාවලින් වෙන වෙනම ගායනා කරන බවත් සිංහල හා දෙමළ පද සහිතව ප‍්‍රතිනිර්මාණය වන නව ජාතික ගීය ලබන 04 වන දිනට යෙදී ඇති ජාතික නිදහස් දින උත්සවයේදී ගායනා කල යුතු බවට යෝජනා කලේ යයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එසේම ජාතින නොවන උත්සවවලදී ප‍්‍රාදේශීය වශයෙන් ජාතික ගීය ස්වකීය භාෂාවලින් ගායනා කල හැකි යයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
http://lankacnews.com/sinhala/news/89120/

බෞද්ධ ගැටලූ ගැන කතා කිරීමට තේරීම් කාරක සභාවක් ඕනෑ

බෞද්ධයින්ගේ ගැටලූ පිළිබඳ කතා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසුවේ රට තුළ වර්ධනය වෙමින් පවතින ආගමික අන්තවාදී, ජාතිවාදී, මූලධර්මවාදී විවිධ ප‍්‍රවණතා හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසූ ප‍්‍රකාශයට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ මෙසේ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. එවිට මෙසේ අන්තවාදී, ආගමික අසමගිය නිර්මාණය කරන පුද්ගලයන් හා කණ්ඩායම් පිළිබඳ හෙළිකර ගැනීමට හැකිවෙතැයි ද තමන් සිතන බවයි.

ආගමික අන්තවාදී හා මූලධර්මවාදී කි‍්‍රයා රට තුළ පැතිරී ඇති බවට වාර්තා වී නැති බව බෞද්ධ කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා පැවසූ නමුත් තේරීම් කාරක සභාවක් පත් කිරීම තුළින් එසේ සිදුවන ප‍්‍රශ්න සඳහා පිළිතුරක් ලැබෙනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

එසේම මීට අමතරව බෞද්ධයන් වෙනුවෙන් බෞද්ධයන්ගේ ගැටලූ විසඳීමට තේරීම් කාරක සභාවක් පත්කිරීමට තමා යෝජනා කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
http://lankacnews.com/sinhala/news/89366/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

Sunday, January 27, 2013

රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ!


දිරායන ලෝකයක, දරාගන්නා සියලුදේ අහිමිව යන බව හෙවත් අනිත්‍යතාව ගැන ලොවට පසක්‌කර දුන් එකම ශාස්‌තෘන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේය. අනිත්‍යය නමැති ලෝක සත්‍යය හඳුනාගත නොහැකිව හඬන, වැලපෙන, දුක්‌ විඳින ලෝකයාට ඇති ඒකායන සැනසුම මේ දුක්‌ සහිත ලෝකයෙන් එතෙරවීම බවත් ඒ එතෙරවීමේ මාර්ගය මනාකොට වදාරන්නේත් බුදුරජාණන් වහන්සේ නමක්‌ම පමණි. සියලු ලෝක කම්පා කරවීමට තරම් ඒ ධර්මස්‌කන්ධය ප්‍රබලය. ඒ සා උත්තරීතර ශාස්‌තෘත්වයක්‌ මත්පැන් සාදයක 'ලේබලය' බවට පත්වීම සමස්‌ත බෞද්ධයා කම්පාකරවන්නකි. එය සිදුවන්නේ මේ අසහාය ශාස්‌තෘත්වය විසින් වදාළ වචනයක්‌ හෝ නොදන්නා "පංකරයක නම් කමක්‌ නැත, මේ උතුම් දහමේ අක්‌-මුල් අදටත් නොනැසී පවතින ඒ උතුම් දහමේ මුදුන්මල්කඩ වන් දේශය හෙවත් පිරිසිදු ථෙරවාද බුදුදහමේ පිංවත් රාජ්‍යය වන මේ රටේ එවැන්නක්‌ සිදුවීම අදහාගත හැකිද? මිනිසුන් සියයක්‌ ගතහොත් ඉන් 70 කට වැඩි පිරිසක්‌ බෞද්ධයන් වන රටක එවැන්නක්‌ සිදුවිය හැකිද?

එහෙත් එවැන්නක්‌ සිදුව තිබේ.

දිනය - ජනවාරි 21 දාය
වේලාවරි රාත්‍රි 10 පසුවී විනාඩි 30 ට පමණය

බොදු බල සේනා සංවිධානයට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඉන් කියවුණේ බේරුවල එක්‌තරා තරු හෝටලයක (හෝටලයේ නම, හිමිකාරිත්වය සහිත සමාගම යන තොරතුරු සියල්ල අප සතුව ඇතත්, මානුෂික හේතූන් මත මේ මොහොතේ ඒවා හෙළි නොකිරීමට අපි තීරණය කළෙමු) පැවැත්වෙන මත්පැන් සාදයක්‌ 'බුද්ධ බාර්' ලෙසින් නම් කර ඇති බවත් එහි මෙනුව නම් කර ඇත්තේ 'නිර්වානය' ලෙසින් බවත් එම ඇමතුමෙන් කියවිණි.

'වෙලාවේ හැටියට හොඳම දේ තමයි මේ ගැන ළඟම තියෙන පොලිසියට දැනුම් දෙන එක' යෑයි ඇමතුම දුන් තැනැත්තාට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයා උපදෙසක්‌ දුන්නේය.

'පොලිසියට කිව්වා කියලා වැඩක්‌ වෙයි කියලා හිතන්න බෑ. පුළුවන්නම් දැන්ම ආවොත් හොඳයි'.

ලොවම නිදිගන්නට හදන මොහොතක බොදුබල සේනා සංවිධානය අවදියෙන් සිය විමර්ශනය ඇරඹීය.


Dinner - Nirvana Style - cozy Buddha bar lounge |  Buddhha bar longe music & international
Pic copied from - Bodu Bala Sena Jalaya (FB) අදාළ සාදය පිළිබදව හෙළිවූ ලිඛිත සාක්‍ෂිය
පළමුව ඔවුන් සිදුකළේ අදාළ හෝටලයට ඇමතුමක්‌ ලබාදීමය. ඔවුන් එම ඇමතුම ලබාදුන්නේ රුසියානු සංචාරකයෙක්‌ විලසිනි. ඉංග්‍රීසි රුසියන් භාෂා දෙකම කවලමේ කථා කරමින් ලබාදුන් එම ඇමතුම 'බුද්ධ බාර්' නමැති නාඩගම ගැන තොරතුරක්‌ හෙළිකර ගැනීම දක්‌වා ඉදිරියට රැගෙන යැමට අදාළ බොදු බල සේනා සාමාජිකයා උපක්‍රමශීලී විය. 

ඒ නමින් සාදයක්‌ පැවැත්වෙන බව හෝටලයේ පාර්ශ්වයෙන් කියෑවුණි. නමුත් ඒ සමගින් ඇමතුම විසන්ධි විය. එසැනින් නැවතත් දුරකථන ඇමතුමක්‌ ගෙන එම උපායෙන්ම 'බුද්ධ බාර්' සාදයට සහභාගීවීමට අවශ්‍ය තොරතුරු විමසූ බොදු බල සේනා සාමාජිකයාට ලැබුණු පිළිතුර වූයේ එය පෞද්ගලික සාදයක්‌ බවත් එයට බාහිර පුද්ගලයන් හට සහභාගිවීමට නොහැකි බවත්ය.

සිදුවන දේ ගැන අදහසක්‌ ගැනීමට එම ඇමතුමෙන් ලබාගත් තොරතුරු ප්‍රමාණවත්ය. බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයෝ වාහන 2 ක නැගී බේරුවලට පැමිණියහ. ඒ මොහොතේ සම්බන්ධ කරගත හැකි වූ රූපවාහිනි නාලිකාවක පිරිසකට ද මේ බව දැනුම් දී ඔවුන්ව ද ගමනට එක්‌කර ගත්තේ තවත් සාක්‍ෂියක්‌ හෙළිවුවහොත් එය කැමරාවේ සටහන් කරගැනීමට හැකිවන නිසාය.

'අපි ඒ අවස්‌ථාවේ බොහොම සංයමයෙන් කටයුතු කළා. සංචාරක කර්මාන්තය අපේ රට දෙසින් බැලු විට වැදගත් කර්මාන්තයක්‌. අපේ අමුත්තන් වන විදේශ සංචාරකයන් ඉදිරියේ මේ කර්මාන්තයට හානියක්‌ නොවන විදිහට මේ කරුණ පිළිබඳ සොයාබලන්න අපි උපරිමයෙන් සංසුන්වයි ක්‍රියාත්මක වුණේ' යෑයි බොදු බල සේනා සාමාජිකයකු ඔවුන්ගේ මෙහෙයුමේ දෙවැනි අදියර ගැන අපට පැහැදිලි කළේය.

මේ සංයමයේ ප්‍රතිඵලයක්‌ ලෙසට හෝටලයේ ඉහළ මාලයේ ප්‍රංශ සංචාරකයන් පිරිසක්‌ එවැනි සාදයක නිරතවන බව හෝටලයේ සේවකයන්ගෙන්ම අසා දැනගැනීමට මේ පිරිසට හැකිවිය. එම 'නාඩගම' ගැන සේවකයන්ගෙන් පිටවූ සෑම වචනයක්‌ම ඔවුනට නොදැනී බොදුබලසේනා සාමාජිකයන් සතු හඬ පටිගත කිරීමේ මෙවලම්වල සටහන් විය.

මෙලෙස සිදුවන දෙය පිළිබඳව සාක්‍ෂි ගබඩාකරගත් බොදු බලසේනා සමාජිකයෝ ඉනික්‌බිති හෝටලයේ කළමනාකාරිත්වය හමුවට ගොස්‌ මේ සිදුවෙන අකටයුත්ත ගැන විමසා සිටියහ. 

'අනේ පිස්‌සුද? අපි මෙහේ එහෙම දේවල් කරනවද? අපිත් බෞද්ධයෝ. එහෙම දෙයකට අපි ඉඩදෙනවද'

මෙවැනි පිළිතුරු සමගින් මෙම හෝටල් කළමනාකාරිත්වය 'බබා වෙන්නට' හැදුවේ මෙය එවැනි නොසංඩාලකම් සිදුවන තැනක්‌ ලෙසින් නොව භාවනා මධ්‍යස්‌ථානයකටද වඩා 'අහිංසක' තැනක්‌ ලෙසින් හැඟෙන පරිද්දෙනි. එලෙස පවසන අතරේ හෝටල් බලධාරීන් විසින්ම පොලිසිය ද එහි කැඳවීමට ක්‍රිsයාකර තිබුණේ ආරක්‍ෂක පියවරක්‌ ලෙසින් විය යුතුය.

රටේ සංචාරක කර්මාන්තයට කැළලක්‌ නොවන ලෙසින් මෙය විසඳාගැනීමට බැලූ බොදුබල සේනා සංවිධානය එහි පැමිණි පොලිසියට කියා සිටියේ මෙවැන්නක්‌ ඇත්තටම මෙහි සිදුවූයේ ද යන්න ගැන ඒ මොහොතේම සෝදිසියක්‌ කරන ලෙසය. එහෙත් පරිගණකයක්‌, බිලක්‌ හෝ වෙනත් ප්‍රශ්න කිරීමකින් එවැන්නක්‌ පිළිබඳ තොරතුරු හෙළිකරගැනීමට තරම් 'බුද්ධියක්‌' ඒ මොහොතේ පොලිසිය සතු නොවීය. පසුදා වනතුරුද පොලිසිය වෙතින් එවැනි ක්‍රියාත්මකවීමක්‌ සිදු වූ බවක්‌ වාර්තා නොවේ.

අවසානයේ සුපුරුදු පරිදි පොලිසිය විසින් සිදුවිය යුතු විමර්ශනය සියතට ගත් බොදුබල සේනා සංවිධානය මේ ගැන ඉතා වටිනා ලිත සාක්‍ෂියක්‌ සොයාගත්තේය. ඒ මෙම සාදය සම්බන්ධයෙන් සියලු තොරතුරු සටහන් වන ලියෑවිල්ලකි. එයට අනුව 'බුද්ධ බාර්' නමින් මෙම සාදය සංවිධානය වී ඇති බව මෙන්ම රාත්‍රී ආහාර වේල 'නිර්වාන' ක්‍රමයටද සැපයෙන බව එහි සඳහන්ය. 

මෙම ලියවිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග අදාළ හෝටලයේ එවැන්නක්‌ 'හීනෙකින් හෝ' සිදු නොවූයේ යෑයි පැවසූ කළමනාකාරිත්වය 'සුටුස්‌ ගා' ඇටනැති දිව අනෙක්‌ පසට හරවා එවැන්නක්‌ සිදුවූ බව පිළිගත්තේය. එපමණක්‌ නොව ඒ සම්බන්ධයෙන් සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය. මින්මතු මෙවැනි සිදුවීම් සිදුනොවීම පිණිස හෝටලයේ සෑම වගකිව යුතු නිලයකටම බෞද්ධයෙක්‌ පත්කරන බවද, ඕනෑම වේලාවක මෙවැනි දෙයක්‌ සිදුවේ ද යන්න සම්බන්ධයෙන් හෝටලය පරීක්‍ෂාකිරීම සඳහා අවසර ලබාදෙන බවට පොරොන්දු ද නිකුත් විය.

එම සමාව ඉල්ලීම සහ පොරොන්දු අවස්‌ථාවාදී උපක්‍රමයක්‌ මිස හදවතින්ම කළ දේවල් ලෙස පිළිගැනීමට තරම් මේ රටේ බෞද්ධ ජනතාව 'මෝඩ ' නොවන බව පළමුවෙන්ම එම හෝටල් වල තීන්දු තීරණ ගන්නා උදවිය දැනගතයුතුය. එහෙත් බෞද්ධ දර්ශනයේ හරය ජානගතව තිබූ බැවින්, සිද්ධිය පිළිබඳ ඉදිරි කටයුතු නීතියට භාරදෙමින් වෙනත් ප්‍රතික්‍රියාවක්‌ නොදක්‌වා සිටීමට මෙරට බෞද්ධයාට හැකිවීම ඔවුන්ගේ වාසනාවක්‌ බව ඔවුන්ට දැනෙනවා ඇත. 

වෙනත් රටක ප්‍රධාන ආගමට අපහාස වන ලෙසින් එම රටේ මෙවැනි දෙයක්‌ සිදුවුණි නම් ඒ සිදුකළ වුන්ගේ හතර පරම්පරාවටම එයට වන්දි ගෙවීමට සිදුවනවා පමණක්‌ නොව මේ වන විට සිද්ධියට අදාළ හා අදාළ නොවන දේපළ රැසක්‌ද ගිණිබත්ය. නමුත් තම අසහාය ශාස්‌තෘන්ගේ නාමය 'තැබෑරුමකට' යොදා උන්වහන්සේ වදාළ අතිශයින් සුන්දර වූත්, ගාම්භීර වූත් 'නිර්වානය' නැමැති වචනය කුසෙහි වමනයක්‌ බවට පත්වන ආහාර වේලකට දමා තිබිය"ත් මහා සංයමයකින් යුතුව එය මේ තරමින් ඉවසා දරාසිටීමට හැකි වූ බෞද්ධ ජනයා පසසන්නට අපට වචන නැත. හෝටලයේ සිදුවූ ක්‍රියාව මොන තරම් 'පහත්' වුව ද, බෞද්ධයන් එයට දැක්‌වූ ප්‍රතික්‍රියාව ඔවුන් පෝෂණය වූ දහමේ 'ඉහළ බව' ලොවටම කියා පාන්නක්‌ම විය. මේ ශ්‍රේෂ්ඨ දහමට නිගා කළවුන් අවසානයේ එම දහමේ උතුම් බව නිසාම නිරුපද්‍රිත වූහ.

වාර්තා වන අන්දමට මෙය එක්‌තරා ප්‍රසිද්ධ සංචාරක සේවා සපයන සමාගමක්‌ (එම සමාගමේ තොරතුරුද අප සතුව ඇත) ප්‍රංශ සමාගමක සේවකයන් 50 ක පමණ පිරිසක්‌ මෙරටට කැඳවා ලබාදුන් සත්කාරයේ එක්‌ අවස්‌ථාවකි 'බුද්ධ බාර්' සාදය. 'නිර්වාන' කෑම වේල.

මෙම 'අපායගාමී ආශ්වාදයට' වේදිකාව සැපයූ අදාළ තරු හෝටලය සේවක සේවිකාවන් 400 ක්‌ පමණ සිටින මිලියන හැට ගණනක්‌ පාඩුවක්‌ පිට දුවන හෝටලයකි. එහි සාමාන්‍යාධීකාරී ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇගේ අරමුණ පාඩුව ලාභය බවට හරවාගැනීම විය හැක. එය කළමණාකාරිත්වයේ යුතුකමකි. එහෙත් ඒ උදෙසා ඕනෑම දහජරා වැඩක්‌ කිරීටම හැකි සංචාරක ක්‍ෂේත්‍රයක්‌ බිහිවන්නේ නම් එහි අගතිය මුදල් ලාභයකට ලඝූකළ හැකිද?

මේ මෙවැනි සිදුවීමක්‌ වාර්තා වූ මෙරට පළමු අවස්‌ථාව විය හැකිය. නමුත් වාර්තා නොවූ, වාර්තා නොවන සහ වාර්තා නොවිය හැකි මෙවැනි ඉසව් කොපමණ මේ සංචාරක ක්‍ෂේත්‍රයේ සිදුවෙනවාද යන්න අපි නොදනිමු. එය එසේ වුවත් තම පාලනය යටතේ ඇති ක්‍ෂේත්‍රයේ මෙවැනි දෑ සිදුවන්නේ ද යන්න සොයාබැලීම හෝ එවැනි දෑ නැවත සිදුවන්නට ඇති ඉඩකට ඇහිරීමේ වගකීම සංචාරක අමාත්‍යංශය සතුය.

මේ බෞද්ධ රාජ්‍යයේ හෝටල් තුළ මෙවැනි දෑ සිදුවද්දී අඳ-ගොළු- බිහිරි අමාත්‍යංශයක්‌ ලෙසින් එය හැසිරෙන්නේ නම් එවැනි අමාත්‍යංශ මෙවන් රටකට කුමට? මින් ඉදිරියට හෝ සංචාරක හෝටල් තුළ සිදුවන ඉසව් සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය සිදුවිය යුතු බව අවධාරණය කළ යුතු කරුණකි.

කෙසේ හෝ වේවා මෙම සිද්ධිය පිළිබඳ විභාගය නීතියට භාරදී බෞද්ධයෝ එතැනින් නතර වූහ. මේ වන විට හෝටලයේ සේවකයන් දෙදෙනෙක්‌ සිදුවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 

රටේ නීතිය හමුවට පමුණුවා ඇත්තේ මේ සම්බන්ධයෙන් සැබෑම වැරදිකරුවන් ද නැතහොත් ඉහළින් වගකිවයුත්තන් ඉහළ පුටුවල සිටිද්දී පහත්තැනින් ජලය ගලා ගියේ ද යන්න අපි නොදනිමු. 

රටේ නීතිය හමුවේ කතන්දරය එය වුවත්, ලෝක නීතිය හමුවේ කථාව මෙයට හාත්පසින්ම වෙනස්‌ය. ඒ කර්මය සහ කර්ම ඵලයයි. එය සර්ව සාධාරණ නීතියකි. නීතිඥයන්ට මුදල් ගෙවා එයින් නිදහස්‌ විය නොහැක. ගුණයෙන්, ප්‍රඥාවෙන් විශ්වයේ කිසිවෙකුට සමකළ නොහැකි භාග්‍යවතුන් වහන්සේට කිසිවකු විසින් අපහාස කළේද, එයට අනුබල දුන්නේද, ඒ සඳහා අවස්‌ථාවක්‌ සපයාදුන්නේද ඒ සියල්ලන් කර්ම ඵලය ලෙසින් නිරයේ අනන්ත දුක්‌ විඳිනු ඇත. ඩොලර් කිහිපයක්‌ උපයාගැනීම වෙනුවෙන් 'නිර්වානය' ආහාරවේලක්‌ කර දුන් උන් කල්ප ගණනක්‌ නිරයේ ගිනිදළු බුදිනු ඇත. 

ඉන්ද්‍රජිත් සුබසිංහ

[
සබැඳි ලිපි -
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
බුද්ධ බාර් වැටලීම
http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html
]

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්‌ ලෙස පිළිගැනීමේ, කතා කිරීමේ වරදක්‌, අඩුවක්‌, ඇදයක්‌ නොපෙනේ - දිවයින කතුවැකිය


ඔබ සිටින්නේ කොතැනද?

රටේ වර්ධනය වෙමින් තිබෙන ආගමික අන්තවාදී හා මූලධර්මවාදී ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක්‌ පත්කිරීමට කටයුතු කරන බවට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය අපි බෙහෙවින් අගයමු. ඇමැතිවරයාගේ එම ප්‍රකාශයට තුඩුදුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන අනුර කුමාර දිසානායක මහතාගේ අනතුරු හැඟවීම ද සියලුම දේශපාලන ආගමික ජාතික නායක කාරකාදීන්ගේ නොමඳ අවධානයට යොමු විය යුතු බව ද අපි හඟිමු.

දසක තුනකට නොඅඩු වර්ගවාදී හා බෙදුම්වාදී යුද්ධයක අමිහිරි විපාක විඳිමින් හෙම්බත් වූ රටක්‌ ලෙස අප ලද අත්දැකීම් බොහෝය. ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිවාදය ඔස්‌සේ වැඩුණු µeසිස්‌ට්‌වාදී ගින්නට දොස්‌ කියන අප බොහෝ දෙනකුට දකුණේ සිංහල අන්තවාදී ගිනි පුපුරුවල රස්‌නය නොදැනීම ද අභාග්‍යයක්‌ වැන්න. එසේම මේ දෙගිනි මැද මුස්‌ලිම් ජාතිවාදයේ ගිනි පුපුරු ද මතු වෙන බව කිව යුතුය.

කෙසේ හෝ මේ සියලුම භේද වපුරන ලද්දේ ඒ ඒ වර්ගයට අයත් වූ ඇතැම් දේශපාලන හා ඇතැම් ආගමික නායකයන් විසින් බව ද අප සිහිතබා ගත යුතුය. මේ රට සිංහල බෞද්ධ රටක්‌ බව කීම සිංහල ජාතිවාදයක්‌ සේ අපි නොපිළිගනිමු. ඉංගිරිසින් බහුල එංගලන්තය සුද්දාගේ රට ලෙස ද ප්‍රංශ ජාතිකයන් සිටින ප්‍රංශය ප්‍රංශකාරයන්ගේ රට ලෙස ද අරාබිවරුන්ගේ රට අරාබි රටක්‌ ලෙසද පිළිගන්නා අපට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්‌ ලෙස පිළිගැනීමේ, කතා කිරීමේ වරදක්‌, අඩුවක්‌, ඇදයක්‌ නොපෙනේ. එහෙත් අපි කිසිම විටෙක ඉතිහාසය මුළුල්ලේම අප සමඟ ජීවත්වී සිටින අපගේ දෙමළ හා මුස්‌ලිම් ජාතීන් ද සමඟ උරණ නොවන්නෙමු. ඔවුන්ගේ සංස්‌කෘතික අනන්‍යතාවට මෙන්ම ආගමික නිදහසට ද ගරු කරන්නෙමු.

"මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයක්‌ වන්නා සේම, මගේ දේශය මට උතුම් දේශයක්‌ වන්නා සේම ඒ අයිතිය අන් හැම ජාතියකටම පොදු ශුද්ධ වූ උරුමයක්‌ බව අපි දැඩි සේ සලකන්නෙමු. එහෙත් වරද වන්නේ මේ යථාර්ථය, මේ සත්‍යය මේ අභිමානය අන් ජාතියකට අන් ආගමකට නැතැයි සිතීමය. එනිසා වර්ගවාදය හා ආගම්වාදය නමැති විෂ ධුමාරය රට තුළ තන්හි තන්හි නැගෙන බව ද අපගේ අවබෝධයයි.

අදත් සිංහල බෞද්ධ උරුමයට හානි සිදුවන බව අපි දනිමු. වෙනත් වාර්ගික හැඟීම්වලින් ජනතාව උසිගන්වන්නෝ ද සිටිති. ආගම්වාදී උමතුවෙන් ව්‍යාකූල වූ රෝගී වූ පිරිස්‌ ද සිටිති. මේ අය උතුරෙහි ද, නැගෙනහිරද, දකුණෙහි ද සිsටිති. ඉතින් කෙසේද උතුර, නැගෙනහිර, බටහිර, දකුණ ද එක කොඩියේ සෙවණේ යෑයි අප කියන්නේ?

අද මුස්‌ලිම් මූලධර්මවාදයේ විෂබීජ මේ බිමෙහිද තන්හි තන්හි වපුරා තිබෙන බව නොරහසකි. උතුරේ තවමත් බෙදුම්වාදය හා දෙමළ වර්ගවාදය අවසන්ව නැත. මේවාට පිළිතුරු ලෙස ගොඩනැඟුණු සිංහල, බෞද්ධ වාදය සාධාරණ නැද්දැයි අපෙන් සමහරු විමසති. එහෙත් මේ බෙදීම් විසින් යළිත් අප රැගෙන යනු ලබන්නේ කොතැනටද? කෙබඳු අනතුරකටද?

මුස්‌ලිම් මූලධර්මවාදීන් විසින් විනාශ කරන ලද්දේ ලෝක උරුමයක්‌ වූ ඇµaගනිස්‌තානයේ බාමියන් බුදු පිළිම මිස අන් දෙයක්‌ නොවේ. හින්දුවරු අයෝධ්‍යා මුස්‌ලිම් පල්ලි මෙන්ම තවත් පිරිසක්‌ බංගලාදේශයේ බොදු උරුමයන් ද වනසති. මතු අනාගතයේ බිහිවන මිනිස්‌ වර්ගයාට අප විසින් කරනු ලබන මේ සැහැසිකම්වල තරම අපගේ ලෝක බලවත්හු, ලෝක දේශපාලන නායකයෝ වටහාගෙන සිටිත්ද?

ජාති, වර්ග, ආගම්, කුල වැනි භේද නිසා ඉතිහාසය මුළුල්ලේ ගලා ගිය රුධිර ගංගා අවසන් කිරීමට අපට තවමත් බැරි වී තිබේ. අපගේ දේශපාලන ප්‍රභූන්ට ආගමික හා පූජකවරුන්ට මේ මහා විනාශයේ ප්‍රාථමික ස්‌වරූපය නොපෙනෙන තෙක්‌ අපි උනුන්ට එරෙහිව නැගී සිටිමු. අපට අප තුළ ජීවත් වන යක්‍ෂයා විනාශ කර ගැනීමට නොහැකි වන තෙක්‌ම අපි මේ විනාශයේ ගිලෙමු. සෙසු අය ද ගිල්වමු.

මුග්ධ දේශපාලනඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ ලොකු කර ගැනීමට ජාතිවාදය මතු නොව ආගම්, කුල , ප්‍රදේශවාද පවා අදිමින් සිටිති. කුල පීඩනයෙන් වැසුණු කෝවිල් දොර දෙස බලා හූල්ලමින් සිටි දිළිඳු දෙමළ ජනතාවට වෛරයේ ගිනි අවි ලබාදීම ප්‍රභාකරන්ට පහසු විය. 83 කළු ජූලියේදී "සිංහල ලේ" කකියන බව කියමින් මංකොල්ලකරුවන් වීදි බස්‌සවන්නට සමහරුන්ට හැකිවිය. තව ඕනෑ තරම් උදාහරණ දිය හැකිය. 

මේ සියලු ව්‍යසනවලදී පීඩාවට පත්වූවෝ කවරහුද? සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සාමාන්‍ය ජන කොටස්‌ම නොවේද? බෙදුම්වාදී ගැටුම්වලින් පොහොසත් වූවෝ කවරහුද? ඒ කොටස්‌ අතර බටහිර අධිරාජ්‍යවාදීහුද සිටිති. සත්තකින්ම ජාතික, වාර්ගික ගැටුම් යනු ඇතැම් බටහිර බලවතුන්ගේ ද යෑපීම් මාර්ග බව බොහෝ අය නොදනිති. එබඳු ගැටුම් නිර්මාණයට යටින් උදව් දෙන අය ද සිටිති.

මේ ගැටුම් මැවීමට අද ඇතැම් මානව හිමිකම්කාරයෝ ද උඩ ගෙඩි දෙති. බටහිර අධිරාජ්‍යවාදයෝ නග්න වෘකයෝ ද මේ බිමට බැල්ම හෙලාගෙන සිටිති. අප එය තේරුම් ගෙන තිබේද? අද වන විට බටහිරයෝ අපේ රටේ අභ්‍යන්තර කරුණුවලට පවා හොට දමති. අපට බලයෙන් උපදෙස්‌ දීමට තරම් අලඡ්ජි වී සිටිති. වරද අපගේමය.

මේ රට බෙදී තිබෙන තරමට බටහිරයන්ට වාසිය. ඉතිහාසයේ සියලු විනාශයන්ට මුල් වූයේ එබඳු පටු අවස්‌ථාවාදී බෙදීම්ය. ජාතික සමගිය සංහිඳියාව ගැන මතුපිටින් දොඩවන සමහරු රහසේ බෙදන්නේ වෛරයේ හා විනාශයේ විස බව අපි දනිමු. බලය සඳහා ද සමහරුන්ට එබඳු බෙදීම් සරු පල ලබා දී ඇත. තතු මෙසේ හෙයින් අපගේ ජාතික සමගියට එරෙහි වන්නා වූද ආගමික ගැටුම් නිර්මාණය කරන්නා වූද වෙනත් අධිරාජ්‍යවාදී ඇඟිලි ගැසීම්වලට ඉඩ දී ජනතාව විසුරුවන්නා වූද කුමන බලවේගයකට හෝ ඉඩ නොදිය යුතුය.

ජනවර්ග, ආගම් හෝ වෙනත් එබඳු සුවිශේෂ කරුණු මත පදනම් වූ දේශපාලන සිවිල් සංවිධාන හෝ ආගමික සංවිධාන මෙහිදී ඉතා ප්‍රවේශමින් ක්‍රියා කළ යුතුය. ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහුජාතික රටක්‌ය යන බහුභූත මතයට අප එකඟ නොවන නමුත් අපදු එකම රටක්‌ ලෙස එකම ජාතියක්‌ ලෙස සමගිව ජීවත් විය හැකි රටක්‌ නිර්මාණය කිරීම අපි එකහෙලා අවධාරණය කරමු. එකිනෙකාගේ ජාතික ආගමික හා සංස්‌කෘතික අනන්‍යතාවන් ගරු කරමින් එක මවකගේ දරුවන් ලෙස මේ මව්බිම තුළ අප ජීවත්වනු දැකීම නොඉවසන පිරිස්‌ ද සිටිති. එනිසා මතු දවස පත්වන එම විශේෂ තේරීම් කාරක සභාව ඒ යථාර්ථය විජයග්‍රහණය කරවීමට ප්‍රබල හා ශක්‌තිමත් පදනමක්‌ වේවායි ද අපි ප්‍රාර්ථනා කරමු.
http://www.divaina.com/2013/01/27/editorial.html

“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට සහ සිංහල ජාතියට බලපැම් එල්ල කරමින් සිටින සෞදි ඉස්ලාමීය මතවාදී “වහාබි සලාෆි” අන්තවාදී දෙස් විදෙස් සංවිධානවලට එරෙහිව නැඟී සිටින ලෙස බොදු බල සේනා ජාලය සමස්ත ජාතියෙන් ඉල්ලා සිටී.

පැරැණි මුස්ලිම්වරුන්ගේ පල්ලි පවා කුඩු කර විනාශ කිරීමට බලපෑම් කරන අන්දමේ අන්තවාදී මතවාද රැගත් එම මුස්ලිම් සංවිධාන බුද්ධාගමට නිගරු කරමින් මෙරට ආගමික හා වාර්ගික අසමඟියක් ඇති කිරීමට කටයුතු කරන බව එම ජාලය පෙන්වා දෙයි.

බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට මැදපෙරදිග “ගල්ෆ් නිවුස්” පුවත් පතේ ඉකුත් සති‍යේ පළ වූ වාර්තාවත් ඊට පසු දිනයේ ම ශ්‍රී ලංකාවේ “ෆයිනැන්ෂියල් ටයිම්ස්” පුවත්පතේ එම ලිපිය ම පළ වීමත් සැක සහිත බවත් මුස්ලිම් කල්ලිවාදය මෙරට ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති නිසා එම සිදුවීම්වලට සම්බන්ධ සියලු දෙනා හෙළිදරවු කරන බවත් එම ජාලය කියයි.

මුස්ලිම් ගැටලුවක් සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් දේශපාලන නියෝජිතයකු පසුගිය දිනවල අවි ආයුධ අතට ගන්නා බව සිහිපත් කරන එම ජාල‍යේ ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ, තම සංවිධානය කහ සිවුරු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඇමැතිවරයකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් කීහ.

මුස්ලිම් ජනතාව උතුරින් පළවා හැරීම, පල්ලිවලම තබා ඝාතනය කිරීම, උතුරේ පන්සල් සතු භූමිවල පල්ලි ගොඩ නැඟිම වැනි අතීත ක්‍රියා අමතක කර ඇති එම දේශපාලඥයන් ඉස්ලාම් නීතියට අනුව පරදාර සේවනයෙ‍් යෙදීමට විරුද්ධ නොවන බවත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට බලපෑම් එල්ල කරන පෙරදිග අන්තවාදී කොටස් වෙනුවෙන් හෝ රිසානා වැනි දැරියන් වෙනුවෙන් පෙනී නොසිටි බවත් උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකාව තුළ වහබ්වාදය ඇතුළු මූලධර්මවාදී කණ්ඩායම් 4ක් දැනට ක්‍රියාත්මක වන බව සඳහන් කරන බොදු බල සේනා සංවිධානය, ඔවුන් අන් මුස්ලිම් ජනතාව පල්ලි යාම අනිවාර්ය කිරීමත් කාන්තාවන්ට ඇඟ වැසීම අනිවාර්ය කිරීමත්, පිරිමි රැවුල බෑම අනිවාර්ය කිරීමත් අන් ගුරුකුලවලට පහර දීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් දේශපාලනඥයකු සොයා නොබලන බවත් කියා සිටී. ඒ වෙනුවට ඔවුන් කරන්නේ බෞද්ධ භික්ෂූණ් වහන්සේට හා බෞද්ධ ජාතියට ම අගෞරව කිරීම යැයි ද එම ජාලය පෙන්වා දෙයි.

ඉස්ලාම් සමාජය පාලනය කිරීමට පිහිටුවා ඇති ජමියතුල්ලා ආයතනය “හලාල්” හරහා අන්‍ය ආගමික ව්‍යාපාරවලට හලාල් ලාංඡනය මුදලට ගන්නා හෝ වර්ජනය කරන ලෙසත් මුස්ලිම්වරුන් 10%ක් ආයතනවල රැකියා සඳහා ගන්නා ලෙසත් බලපෑම් එල්ල වීම එම දේශපාලඥයන්ගේ අවධානයට යොමු නොවන බව මුස්ලිම් ප්‍රජාව අවබෝධ කර ගත යුතුව ඇතැයි ද එම ජාලය කියයි.

කෝවේ අයියුබ්, පී.‍ජේනුන් ආබ්ඩීන්, “පීස් ටීවී” නියෝජිතයන් වන බිලාල් පිලිප්ස් හා සකීර් නායික් (දකුණු ඉන්දියානු සෞදිවාදි නායක) මුස්ටිමෙන්ක්, ලීමූ වැනි ඉස්ලාම් ආගම පැතිරවීම සඳහා ශ්‍රී ලංකාවට මෑත කාලයේ පැමිණි විදේශික දේශකයෝ වෙති.

IIRO (දෙමටගොඩ මහවැලි උද්‍යානය), IRO(මාලිගාවත්ත), Alshabab(මාලිගාකන්ද පාර), Muslim Aid, WAMY (දෙමටගොඩ මහවැලි උද්‍යානය) NDIA (රාජගිරිය කුරේ මාවත) HIRA (දෙහිවල) MFCD (අළුත්කඩේ) Serandib (දෙමටගොඩ) යන ස්ථානවල මෙරට ක්‍රියාත්මක වන සෞදි ඉස්ලාමීය මතවාදී “වහාබි සලාෆි” අන්තවාදී එන්.ජී.ඕ සංවිධාන පිහිටා ඇත. මීට අමතරව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය (මූලස්ථානය මාලිගාවත්ත), සමස්ත ලංකා තාවුහිද් ජමාත් සංවිධානය (මූලස්ථානය දෙමටගොඩ මල්ලිකාරාමය), සුන්නත් අන්සාර් සංවිධානය (මූලස්ථානය පරකදෙනිය), ජමාත් ඉස්ලාම් සංවිධානය (මූලස්ථානය දෙමටගොඩ), සලාෆි සංවිධානය (කළුබෝවිල රෝහල පාර), උලමා සභාව යන සංවිධාන සෞදි ඉස්ලාමීය මතවාදී “වහාබි සලාෆි” අන්තවාදී සංවිධාන බව බොදු බල සේනා ජාලය පවසයි.

“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://lankacnews.com/sinhala/news/89281/


[
සබැඳි ලිපි -
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7325.html
]

බුද්ධ ශාසන අමාත්‍යංශ නම වෙනස් කල යුතුයි

බුද්ධ ශාසන අමාත්‍යංශයේ නාමය මෙරට සියළුම ආගම්වලට ගැලපෙන පරිදි වෙනස් කල යුතු යයි ලංකා කම්කරු කොංග‍්‍රසය පවසයි.

එම පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතීඥ පී. රාජතුරෙයි මහතා පවසන්නේ ආගම් සමූහයකට අයත් ජන සමූහයක් ජීවත් වන මෙරට ආගම් කටයුතු පිළිබඳ  අමාත්‍යංශ නාමය මඟින් එක් ආගමක් පමණක් නියෝජනය කිරීම නිවැරදි නොවන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටී.

බුද්ධ ශාසන අමාත්‍යංශ නම සියළු ආගම්වලට ගැලපෙන්න වෙනස් කල යුතුයි | http://lankacnews.com/sinhala/news/89319/


Saturday, January 26, 2013

ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව

මුහුදු පත්ලේ මැටි බඳුන් තැන්පත්ව තිබූ අයුරු.......

සොබාදහමේ සමහර සංසිද්ධීන් භෞතිකවාදී නියාමන ඉක්‌මවා යයි. චමත්කාරය ගැබ්වන්නේ ඒ විසංවාදය තුළය. කාලනිර්ණ දත්ත පැමිණියේය. එම දත්ත පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් නිල වශයෙන් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කළේය. කාලනිර්ණ දත්ත අනුව ලී කැබලි අදට අවුරුදු දෙදහස්‌ දෙසියයක්‌ ඈතට දිවගියේය. අරුමයකි. නැව අවුරුදු දෙදහස්‌ දෙසීයක්‌ පැරණිය. මේ නැව පුරාණ ගොඩවාය වරාය අසල ගිලී යන කාලයේ රට හොබවනු ලැබුවේ සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණුය. 

අපේ මිනිස්‌සුනට මුහුදේ ලකයක්‌ නැත. අපේ ඉතිහාසයේ උත්පත්ති කතාවත් උපදින්නේ මුහුදේ රැළි අතරිනි. ආචාර්ය ශිරාන් දැරණියගලයන්ට අනුව සමුදුරු තරණය කරමින් කළ රටේ ආනයන අපනයන වෙළෙඳාම ගැන පැරණිම පුරාවිද්‍යා සාධක ලැබෙන්නේ විජය මෙහි එන්නටත් අවුරුදු දෙසීයකට පමණ එපිටදීය. ඒ තොරතුරු ලැබෙන්නේ අනුරාධපුර ඇතුළු නුවර පිහිටි පුරාණ සශ්‍රීක වෙළෙඳ නගරය ඇසුරෙහිදීය. ඒ කතාව වංශකතා වල ලියෑවී නැත.

රටේ මිනිස්‌සුන් ගැන කියවෙන මුල්ම වංශකතා ප්‍රවෘත්තියත් සමුද්‍ර ප්‍රයාණයකට සම්බන්ධ වූවකි. ක්‍රිස්‌තු පූර්ව පස්‌වන සියවසේදී විජය ඇතුළු පන්සියයක පිරිස ඉන්දියාවේ සිට රටට පැමිණෙන්නේ මුහුදෙනි. එසේ පැමිණ ලංකාවේ රජවන විජය ඉන්දියාවේ මධුරාපුරයෙන් විවාහයට කුමාරියන් සොයා ගන්නේත්, තමුන්ට පසු රජකමට අනුප්‍රාප්තිකයන් සොයන්නේත් මුහුද තරණය කරමිනි. අපේ ඉතිහාසයේ මුල් කාර්තුව මුළුමනින්ම නිර්මාණය වන්නේ සමුද්‍ර ප්‍රයාණයන් ඇසුරෙහිය. 

මුහුදු පත්ලේ තිබී හමුවූ ඉපැරැණි ගල් බංකුව

ක්‍රිස්‌තුපූර්ව යුගයේ දීත් අපේ මිනිස්‌සුන්ට නැව් තිබුණේය. රටේ උතුරු නැගෙනහිර මුහුදු තීරයේ ඉන්දියාව හා පහසුවෙන් ගනුදෙනු කළ හැකි ගෝකණ්‌ණ, මහාතිත්ථ, දඹකොළපටුන වැනි සශ්‍රීක තොටමුණු තිබුණේය. දේවානම්පියතිස්‌ස රජතුමාගේ කාලයේදී අරිට්‌ඨ කුමාරයා හරහා අශෝක අධිරාජ්‍යයා සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සිදුවන්නේ අපේ නැව් වලින් මුහුද තරණය කිරීමෙනි. මහින්දාගමනයත් මේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වල ප්‍රතිඵලයකි. සංඝමිත්තාව ශ්‍රී මහාබෝධිය වඩම්මවන ලද පුරාණ නැවේ කුඹගසත්, සුක්‌කානමත්, සුක්‌කානමේ ලීවරයත් එතුමිය වැඩවාසය කළ උපාසිකාරාමයේ එක්‌ මන්දිරයක තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා තැබිණි. ලෝකයේ මුල්ම සාමුද්‍රික කෞතුකාගාරය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේත් අපේ රටේය. ක්‍රිස්‌තු පූර්ව 19 සිට ක්‍රිස්‌තු වර්ෂ 9 තෙක්‌ රට කළ භාතිකාභය රජතුමා තමුන්ට සමකාලීන රෝම අධිරාජ්‍යයා වන ඔගස්‌ටස්‌ සීසර්ගේ රාජසභාවට රාජ දූතයන් යෑවීමට තරම් අන්තර්ජාතික සම්බන්ධතා දියුණු කරගත්තේය. 

මහාථිත්ත, ගෝකණ්‌ණ, දඹකොළ පටුන, ගොඩවාය වැනි පුරාණ වරායන් ඇසුරෙහි මේ සාමුද්‍රික ප්‍රයාණයන්හි විශ්මය දනවන කතා තවමත් සැඟව ඇත. කාලයේ වැලිතලා අතර සැඟව ඇති එවැනි සිරිමත් රහස්‌ හෙළිවන විට ඉන් උපදිනා ප්‍රහර්ෂය අති මහත්ය. එවැනි කතාවක අපූරුව පසුගියදා ලෝකයට හෙළි වුණේය. 

ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය. 

අම්බලන්තොට ගොඩවාය අවට මිනිසුන් බොහෝමයක්‌ ජීවත් වන්නේ මුහුදු රස්‌සාවෙනි. සමහරු විසිතුරු මසුන් සොයන්නට හක්‌ බෙල්ලන් හොයන්නට මුහුද යට කිමිදෙන්නේය. සමහරු මුහුදු රස්‌සාවට දියඹට යන්නේය. 

ඒ 2003 අවුරුද්දේ මාර්තු මාසයය. මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජර්මානු විශේෂඥ සහයද සහිතව ගොඩවාය පුරාණ වරයා අසල පිහිටි ගෝඨ පබ්බත විහාරයේ පුරාවිද්‍යා කැණීමක්‌ කරගෙන යමින් තිබිණි. එක්‌ දිනක හවස්‌වරුවේ බෙල්ලන් සොයන්නට මුහුද යට කිමිදුන ගොඩවාය පන්සල අසල ජීවත් වූ පේමින් කුමාර හා සුනිල් නමැති තරුණයන් දෙදෙනා අමුතු ආකාරයේ ගල් බංකුවක්‌ රැගෙන මේ කැණීම කරන පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන ආවේය. 

මුහුදු පත්ලේ ගවේෂණ කරන අයුරු....

මේ වනවිට කැණීම් භාරව කටයුතු කරමින් සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරී ඩබ්ලියු. කේ සනත්ය. සුනිල් හා පේමින් හක්‌බෙල්ලන් සෙවීම සඳහා වෙරළේ සිට කිලෝමීටර තුනක්‌ පමණ එපිට ගැඹුරු මුහුදේ කිමිදෙන විට මීටර තිහක්‌ පමණ යට මුහුදු පත්ලේ තිබී මෙම ගල් බංකුව සොයාගෙන තිබිණි. ගල් බංකුව පිහිටි ප්‍රදේශය පුරා වළංකටු කැබලි විසිරී ඇති ආකාරය ඔවුන් පුරාවිද්‍යා නිලධාරින්ට විස්‌තර කළේය. මුහුදු පත්ලේ තිබිය නොහැකි මෙම ගල් බංකුව ඔවුන් ගොඩට රැගෙනවිත් තිබුණේ එහි ඇති අපූර්වත්වය නිසාය.

මෙවැනි ගල් බංකු කීපයක්‌ මීට පෙර යටාල වෙහෙරේ මළුව කැණීමේදීත්, තිස්‌ස අකුරුගොඩ හා සර්වෝදය වත්ත කැණීමේදීත් පුරාවිද්‍යා නිලධාරීහු සොයාගෙන තිබුණහ. ඒවා කීපයක්‌ යටාල කෞතුකාගාරයේද තැන්පත් කර තිබුණේය. මෙම ගල් බංකු ක්‍රිස්‌තු පූර්ව මුල් සියවස්‌ වලට අයත් යෑයි විශ්වාස කෙරිණි. ප්‍රථම වරට මුහුදු පත්ලෙන් හමුවූ මේ පුරාවස්‌තුවේ වටිනාකම පහදා දී ගල් බංකුව ගොඩවාය විහාරයේ තැබීම ස`දහා ඔවුන්ව එක`ග කරගන්නට පුරාවිද්‍යා නිලධාරීවරයා සමත් වූයේය. අනතුරුව ගල් බංකුව ගැන ශාස්‌ත්‍රීය ලිපි කිහිපයක්‌ ලියෑවිනි. ඉන් පසුව මේ පුරාවස්‌තුව ගැන ටික කාලයකට කාටත් අමතකව ගියේය.

එහෙත් මේ පුරාවස්‌තුව සහිත සමුදුරු පත්ල අතිශය වටිනා පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයක්‌ තිබිය හැකිය යන විශ්වාසය විද්වත් පිරිස්‌ තුළ තිබිණි. මහැදුරු ඔස්‌මන් බෝපෙආරච්චි එවැනි විශ්වාසයක්‌ සහිතව සිටි ජාත්‍යන්තර තලයේ ලාංකික විද්වතෙකි. ඔහුගේ යම් මැදිහත් වීමක්‌ ද සමග යුනෙස්‌කෝ ආධාර මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක්‌ 2008.11.18 දින යළිත් මේ සමුදුරු පත්ලේ සැඟවුණ පුරාවිද්‍යා භූමිය සොයා කිමිදුනේය. ඔවුන්ට මග පෙන්වන්නට මේ ස්‌ථානය මුලින්ම සොයාගත් පේමින් හා සුනිල් ද නාවික හමුදාවේ කිමිදුම් කණ්‌ඩායමක්‌ද එක්‌වී සිටියේය. 

පුරාවිද්‍යාඥයන් පිරිස සහිත කණ්‌ඩායම ක්‍රමයෙන් අඩි සියයකට ආසන්න මුහුදු පත්ල වෙත කිමිදෙන්නට වූහ. අවසන ඔවුන් හමුවේ දිස්‌වූයේ නෙත් පුබුදුවාලන දැකුමකි. නිල් පැහැති නිශ්චල දියෙහි ගිලී ගිය විසිරුණු කොරල් පර වැනි ගොඩැලිය. ඒ අතර විසිරී ගිය මැටි බඳුන් කැබලිය. වර්ග මීටර සියයකට ආසන්න භූමියක විසිරී තිබුණ විවිධ ප්‍රමාණයේ විවිධ හැඩයේ අතිශය දුර්ලභ මැටිබඳුන් ද සහිත බඳුන් කැබලි කන්දරාව විස්‌මය දනවන සුළු විය. සමහර මැටි බඳුන් කැබලි මීටරයකටත් වඩා උස්‌ විනි. බැලූ බැල්මටම මේ රක්‌ත වර්ණ හා කාලරක්‌ත වර්ණ මැටි බඳුන් වසර දෙදහසක්‌ වත් පැරණි බව පෙනුණි. පුරා වසර දෙදහසක්‌ සමුදුර පත්ලේ නොසෙල්වී තිබූ මෙම පුරාවස්‌තු වල ශාන්තිය බිඳී යන මොහොත පැමිණ තිබුණේය.

ගවේෂණය ස`දහා කිමිදීම පුහුණුවී උපදවාගතයුතු හැකියාවකි. මීටර තිහකට වැඩි ගැඹුරක්‌ සහිත මුහුදු පත්ලක්‌ යට එක්‌ වායු ටැංකියකින් මෙවැනි ගවේෂණ කටයුත්තක්‌ සඳහා කිමිදීම සරල කටයුත්තක්‌ නොවේ. එවැනි කිමිදුම් කරුවෙකුට කිමිදිය හැකි උපරිම කාලය විනාඩි 20 කට සීමා වන්නේය. දිනකට කිමිදිය හැක්‌කේ එවැනි වාර දෙකක්‌ පමණි. එබැවින් කාල කළමනාකරණය කරගෙන මෙම කුහුල දනවන සුළු ගවේෂණය කිරීමේ ජාතික වගකීම පරීක්‌ෂණ කණ්‌ඩායම සතු විය. 

දෙවැනි දිනයේදී කණ්‌ඩායම කොටස්‌ දෙදකට බෙදිනි. මුහුදු පත්ලට කිමිදුන මුල් කණ්‌ඩායම ක්‌ෂේත්‍රයේ ඇති සෑම දත්තයක්‌ම නිශ්චල හා වීඩියෝ කැමරාගත කළේය. අනෙක්‌ කණ්‌ඩායම ක්‌ෂේත්‍රය පරීක්‌ෂා කර මිනුම්ගත කිරීමෙන් පසු කාලනිර්ණ කටයුතු සඳහා පුරාවස්‌තු කීපයක්‌ ගොඩගැනීමට සැලසුම් කළේය. 

වැදගත්ම තොරතුරු හෙළිදරව් වූයේ මේ මොහොතේය. කොරල් පර සේ පෙනුන ගොඩැලි කොරල් පර නොවුණි. ඒවා ගිලීගිය පුරාණ නැවක දැව කොටස්‌ විය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ නිශ්චල මුහුදු පත්ලේ තැන්පත්ව තිබූ මෙම දැව කොටස්‌ ස්‌වභාවික ශාක හා කොරල් ආවරණ තැන්පත්වීම නිසා ස්‌ඵටික ස්‌වරූපයක්‌ ගෙන තිබිණි. 

දැව කොටස්‌ අතර විසිරීගිය බිඳුණු මැටි බඳුන් කැබලි තුළ වැලළී වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ නොබිඳී රක්‌ෂාවූ අතිශය වටිනා මැටි බඳුන් කීපයක්‌ ගවේෂකයෝ සොයාගත්හ. මේ වළං කැබලි අතර තිබී මැටිබඳුන් වර්ණාලේපිත කිරීමට යොදාගෙන තිබූ ග්ලේස්‌ නමින් හැඳින්වෙන වීදුරුමය ඛණිජ කොටස්‌ කීපයක්‌ ද හමුවූයේය. මෙම ද්‍රව්‍ය යළිත් උණුකර මැටි බඳුන් වල ආලේප කිරීමෙන් බඳුන් වලට ඔපයක්‌ හා කාන්දු නොවන ස්‌වරූපයක්‌ ලැබිණි. ගොඩට රැගෙන ආ මැටිබඳුන් හා කැබලි සංරක්‌ෂණ කණ්‌ඩායම විසින් සංරක්‌ෂණය කළේය. එහෙත් කාලනිර්ණ දත්ත සාම්පල ලබාගැනීමට සූදානම් වූ කිමිදුම් වාරය එළඹි දිනයේ අතිශය අයහපත් කාලගුණ තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය කළේය. පුරාණ වළවේ ගං මුවදොර පිටාර ගැලුවේය. බිහිසුණු දියවැල් පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය පිහිටි මුහුදු පත්ලට මීටර කීපයක්‌ ආසන්නයටම ගලාගෙන ගියේය. දින ගණනක්‌ කටයුතු පමාවිය. අවසනදී ක්‌ෂේත්‍ර කටයුතු අත්හැර දැමිණි.

පුරාවිද්‍යාඥයන්ට සිය දෙවන කිමිදීම් වාරයට කල් එළඹෙන්නේ ඊට වසර දෙකකට පසුවය. වර්ෂ 2010.12.07 සිට 18 දක්‌වා කාලය තුළ සංවිධානය වූ මෙම ගවේෂණ වාරයට මධ්‍යම සංස්‌කෘතික අරමුදල, යුනෙස්‌කෝ ආසියා µeසිපික්‌ කාර්යාලය හා නෙදර්ලන්ත මධ්‍යම සංස්‌කෘතික අරමුදල එක්‌වී සිටියේය. ගවේෂණය සඳහා ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් සමග ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, නියෝජනය කරනු ලබනා පුරාවිද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ සහභාගි වූහ. මේ ගවේෂණයේදී කාලනිර්ණ දත්ත ලබා ගැනුණි. වැල්ලෙන් යටවී තිබූ පුරාවස්‌තු නිරීක්‌ෂණය කෙරිණි. 

අනතුරුව මුහුදු පත්ලෙන් රැගෙන ආ දත්ත සාම්පල කාබන් 14 කාල නිර්ණය සඳහා අහමදාබාද්හි භෞතික පර්යේෂණ ආයතනයටත් ගෝවාහි ජාතික සමුද්‍ර පුරාවිද්‍යා ආයතනයටත් යවනු ලැබීය. මේ වනවිට ඇමරිකාවේ නාවික පුරාවිද්‍යා ආයතනය පවසා තිබුණේ මෙම පුරාවස්‌තු වසර දෙදහසකට වඩා පැරණි වුවද මෙම දැව කොටස්‌ වසර තුන්සියයකට වඩා පැරණි වීමට කිසිම ඉඩක්‌ නොමැති බවය. මේ ඝර්මකලාපික උණුසුම් මුහුදේ දැව කොටසක්‌ ඊට වඩා කාලයක්‌ රක්‌ෂා වී පැවතිය හැකිනම් එය ආශ්චර්යයක්‌ බව ඔවුන් පැවසුවේය. 

එහෙත් සොබාදහමේ සමහර සංසිද්ධීන් භෞතිකවාදී නියාමන ඉක්‌මවා යයි. චමත්කාරය ගැබ්වන්නේ ඒ විසංවාදය තුළය. කාලනිර්ණ දත්ත පැමිණියේය. එම දත්ත පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් නිල වශයෙන් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කළේය. කාලනිර්ණ දත්ත අනුව ලී කැබලි අදට අවුරුදු දෙදහස්‌ දෙසියයක්‌ ඈතට දිවගියේය. 

අරුමයකි. නැව අවුරුදු දෙදහස්‌ දෙසීයක්‌ පැරණිය. මේ නැව පුරාණ ගොඩවාය වරාය අසල ගිලී යන කාලයේ රට හොබවනු ලැබුවේ සිංහලයේ අසහාය වීරයා වන දුටුගැමුණුය. එවක සශ්‍රීකව පැවති ගොඩවාය වරාය නුදුරෙහි මීට අවුරුදු දෙදහස්‌ දෙසීයකට කලින් මෙසේ ගිලී යන්නේ මැටි භාණ්‌ඩ ප්‍රවාහනය කරනු ලැබූ වෙළෙඳ නැවක්‌ විය හැකි බව පැවසිනි. 

අවුරුදු දෙදහසක්‌ තිස්‌සේ නිවර්තන කලාපික උණුසුම් කරදිය පත්ලෙහි නොවියෑකී රක්‌ෂා වූ මේ ඓතිහාසික නෞකාව ආසියා ෆැසිපික්‌ කලාපයේ මෙතෙක්‌ හමුවූ පුරාණම නෞකාව ලෙස හඳුනා ගැනුණි. මෙතෙක්‌ ඒ තැන හිමිකරගෙන සිටියේ ඉන්දුනීසියාවේ බෙල්ටූන් වලින් හමුවූ, වසර නවසියයක්‌ පමණ පැරණි ඉන්දු අරාබි දැව යාත්‍රාවකි. 

සමුද්‍ර පත්ලේ සැඟව තිබූ මේ අසිරිමත් පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය විධිමත් සූක්‌ෂම ගවේෂණයක්‌ සඳහා ඇවැසි දත්ත ලබා ගැනීමට පසුගිය දෙසැම්බර් 8 සිට ජනවාරි 11 දක්‌වා කාලයේ ලෝකයේ විශිෂ්ටතම සමුද්‍ර පුරාවිද්‍යාඥ ජෝර්- බාස්‌ මහාචාර්ය වරයාගේ අයි.එන්.ඒ ආයතනයේ කෘතහස්‌ථ විද්‍යාඥයන් පිරිසක්‌ දේශීය සමුද්‍රික පුරාවිද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ සමග කිමිදුනේය. නව දත්ත සාම්පල රැගෙන ආවේය. 

ඒ අතීත කතාව වියමනක්‌ සේ ඉදිරියේදි එළි දකිනු ඇත. පුරාණ ගොඩවාය වරාය ඇසුරෙහි එළිදක්‌නා මේ වියමන මිනිස්‌සුන්ගේ අපේක්‌ෂාවකි. අනාගතය ගැන බලාපොරොත්තු බිඳගත් මිනිස්‌සු මුහුදු පත්ලෙන් හෝ මතුවන මෙවැනි අතීත චමත්කාරයන් ප්‍රාර්ථනා කරන්නෝය. ඉන් ජීවිත බලාපොරොත්තු ඉපදෙන්නේය. 

මෙම සාමුද්‍රික ගවේෂණය සඳහා සම්බන්ධ වූ, සිය නිරික්‌ෂණ දත්ත ඇසුරෙන් ශාස්‌ත්‍රීය ලිපි සම්පාදනය කර පළකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරී කේ. ඩබ්ලියු. සනත්, මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පරීක්‌ෂණ නිලධාරී රසික මුතුකුමාරණ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා නිලධාරී අමල්ක විෙ-සූරිය මහත්වරුන්ගේ තොරතුරු ඇසුරින් සැකසිනි. 

ජානක ලියනආරච්චි
http://www.divaina.com/2013/01/20/nimna01.html

[
සබැඳි ලිපි -
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ

http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]