උතුරේ තවත් ඉඩම් අක්කර 1000ක් මුසල්මානුවන්ගේ අයිතියට ලබා දෙන්නැයි රජය නියෝග කළ බවට පුවතක් මේ ඉරිදා දිවයිනෙහි පළවී තිබිණ. මීට පෙරද මුලතිව්හි ඉඩම් අක්කර 10,000ක් වහාම මුස්ලිම් අයගේ අයිතියට ලබා දෙන්නට රජය නියෝග කර තිබිණ. මන්නාරමින් අක්කර 1080ක්ද, මුලතිව් ප්‍රදේශයෙන් තවත් අක්කර 983ක්ද, වවුනියාවෙන් අක්කර 325ක්ද, රජයේ නියමයෙන් මුස්ලිම් අයට ලබා දුන් බවට පුවත්පත් වාර්තා වරින් වර පළවිය. එසේම උතුරේ වන සංරක්ෂිතය සතු ඉඩම් අක්කර 2388ක්ද රිෂාඩ් බදුර්දීන් ඇමති වරයාගේ පරිශ්‍රමයෙන් මුසල්මානුවන්ට ලබා දෙන ලදී. එසේම මේ වන විට උතුරෙන් තවත් ඉඩම් අක්කර 1500ක්ද මුසල්මානු දේශපාලනඥයින් ප්‍රමුඛ මුස්ලිමුන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබ ඇත.
මේ අනුව බලන විට මුසල්මානුවන්ට උතුරෙන් පමණක් ඉඩම් අක්කර 17,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ලබා දී ඇත. එහෙත් මේ දක්වාම සිංහල ජනතාව වෙනුවෙන් එක ඉඩම් අක්කරයක් ලබා දුන් බවට කිසිදු වාර්තාවක් අප දැනුවත්ව නම් පළවී නොමැත.
ඇත්තෙන්ම උතුරේ අවතැන් වුණු සිංහල ජනතාවට මේ දක්වා ලැබී ඇත්තේ මොනවාද? සිංහල රාවය ජාතික සංවිධානය විසින් බලහත්කාරයෙන් මෙන් ලබාගෙන නාවක්කුලි සිංහල ගම්මානය තනා දුන් අක්කර 30ක බිම් ප්‍රමාණයක් පමණකි. එයටද දමිළ හා මුසල්මානු දේශපාලන මැරයින්ගෙන් එල්ල වන තර්ජන බොහෝය. මුසල්මානුවන්ට ඉඩම් සපයන්නටද ඔවුන්ව සංවර්ධනය කරන්නටද එකාවන්ව සහය දෙන අපේ සිංහල මැති ඇමති වරුන්ට උතුරේ අසරණ අවතැන් වූ සිංහලයින් ගැන කිසිදු කැක්කුමක් නැත්තේ ඇයි?
උතුරේ ඉඩම් ලබා ගන්නට කෙනෙකුට අවශ්‍ය සුදුසුකම් මොනවාද? මුසල්මානුවන්ට ඉඩම් ලබා දීම පිළිබදව වූ එක් ලිපියක සදහන් වූයේ ඒ ඉඩම් ලබා ගන්නට අවුරුදු 18ට වැඩි මුස්ලිම් ජාතිකයෙකු වීම පමණක් සෑහෙන බවයි. මුසල්මානුවෙකුට නම් එසේය. එහෙත් සිංහලයින්ට..? උතුරේ ඉඩම් වල යුද්ධයට පෙර පදිංචිව සිටි බවට ඔප්පු කළ හැකි සාධක ඇතත් සිංහල වැසියන්ට උතුරින් ඉඩම් නොලැබෙන්නේ ඇයි? ඔවුන්ගේ එකම නුසුදුසුකම ජාතිය සිංහල වීමද? සිංහල යැයි කියනා පාලනයක් ඇති සිංහල රට තුළ සිංහලයාගේ තැන එයද? උතුරේ බිම් අගලක අයිතියක් සිංහලයාට නැතිද?
උතුරේ ඉඩම් කිසිදු ජනකොටසකට අයිති නොවන බවත්, රටේ සෑම බිම් අගලක්ම කිසිදු ජාතියකට ආගමකට හෝ කුලයකට අයිති නොවන බවත් ඒවා රජයට අයිති බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2010/04/11 වන දින Express Puwath වෙත පවසා තිබිණ. එහෙත් කරුණු සිදුවන හැටියට නම් අපට පෙනෙන්නේ උතුරේ ඉඩම් වල අයිතිය ඇත්තේ මුසල්මානු රටවලට කියාය. මුසල්මානු රටවල බල කිරීමෙන්, මුසල්මානු ඇමති වරැන්ගේ කැපවීමෙන්, ඒ ඉඩම් මුසල්මානුවන්ට පමණක් ලැබෙන්නේ ඒ නිසා විය යුතුය. ඒ ලැබෙන්නේත් උතුරේ පදිංචිව සිටි මුසල්මානුවන්ට නම් කමක් නැත. උතුරේ යුද්ධයෙන් අවතැන් වීම තබා උපන්තේකට උතුරට නොගිය මුසල්මානුවන්ට පවා උතුරෙන් ඉඩම් අක්කර ගණන් ලැබෙද්දී උතුරේ පදිංචිව සිට අවතැන් වූ, උතුරේ ඉඩම් වලට නීති්‍යානුකූල හිමිකම් ඇති අපේ සිංහල වැසියෝ ඒ පොළොවෙන් එක බිම් අගලක හිමි කමක් නැතිව අසරණව බලා සිටිති.
උතුරේ ජනතාව යලි පදිංචි කරවීමේ ක්‍රමවේදය මම නොදනිමි. එහෙත් එසේ යලි පදිංචි කරවිය යුත්තේ යුද්ධයට පෙර පදිංචිව සිටි ජන අනුපාතයට නොවේද? යුද්ධයට පෙර, එනම් 1981 සංගණනයේ වාර්තා අනුව උතුරේ දමිල ජනගහණය 1,021,006ක්ද, මුස්ලිම් 50,991ක්ද, සිංහල 35,128ක්ද විය. ප්‍රතිශතය අනුව නම් දමිල 92.03%ක්ද, මුස්ලිම් 4.6%ක්ද, හා සිංහල 3.17%ක්ද විය. ඉතින් යුද්ධයට පසුව යලි පදිංචි කරවීමේදී උතුරේ ජනගහනයෙන් 4.6%ක්ව සිටි මුසල්මානුවන්ට ඉඩම් අක්කර 17,276ක් ලැබෙද්දී, 3.17%ක් වූ සිංහල ජනගහනයට එකම ඉඩම් අක්කරයක්වත් නොලැබෙන්නට හේතුව කුමක්ද? උතුරේ ජනගහනයෙන් 92.03%ක් සිටි දමිල ජනතාවට පවා මේ යලි පදිංචි කරවීම් තුළින් මුසල්මානුවන්ට ලැබුණු තරමින් ඉඩම් ලැබී නැති වගද හොදටම විශ්වාසය.
එසේම, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද ඇමති ධුරය දරන රිෂාඩ් බදුර්දීන්ට යලිපදිංචි කරවීම් කටයුතු කරන්නට බලය ලබා දෙන්නේ කවුද? ඉඩම් පිළිබද කටයුතු මෙහෙයවිය යුත්තේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය වරයා විසින් නොවේද? එහෙත් අවාසනාවකට අප රටේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා වනුයේ ජනක බන්ඩාර තෙන්නකෝන්ය. සිංහල බෞද්ධ ජනතාවට ඔහුගේ ඇති සැලකීම හා මුසල්මානුවන්ට ඔහුගේ ඇති ගැති බව දඹුල්ලේ අනවසර පල්ලියේ සිදුවීමෙන් ඔබට හොදහැටි පැහැදිලි යැයි මම සිතමි. එමෙන්ම ඉඩම් සංවර්ධන ඇමති වරයා විසින් උතුරේ ඉඩම් විකුණන බවටද ආරංචි කණින් කොණින් ඇසෙන්නට පටන්ගෙන තිබේ. ආරංචි ඇත්තක් නම් කතන්දරය පැහැදිළිය. අරාබි සල්ලි වලට වඩා වැඩි ලංසුවක් උතුරේ ඉඩම් වලට දෙන්නට හැකියාවක් අවතැන් වූ සිංහලයින්ට කොහෙන්ද?
අද දමිළ ජනතාවට හෝ මුසල්මානු ජනතාවට පදිංචි වන්නට ඉඩම් ලබා දෙන්නට හැකිවී තිබෙන්නේ උතුර යුද බිය නැති නිදහස් කලාපයක් වී ඇති බැවිනි. එය නිදහස් කර ගන්නට ලේ කදුළු හෙළුවේත්, අත් පා ජීවිත පරිත්‍යාග කළේත් සිංහල සොහොයුරන් බව අද සැමටම අමතකව ගොස් ඇති සැටියකි. තිබුණු ත්‍රස්තවාදයට ආ වැඩූ අයත්, අළුත් ත්‍රස්තවාදයක් ගෙනෙන්නට පිඹුරුපත් සකසන අයත් සිංහලයින්ගේ ලෙයින් කදුලින් බේරාගත් බිම බෙදා හදා ගනිද්දී, යුද්ධයෙන් ඒ බිම ගලවා ගන්නට ජීවිතය පූජා කළ, හා දහඩිය හෙළූ රණවිරු පරපුරේ කී දෙනෙක් මේ වන විටත් මේ පොළොවෙන් එක පර්චස් දහයක හිමිකමක් නැතිව හූල්ලනවාද? රට කරවන ඇත්තන්ගේ සාධාරණය මෙයද?
මේ ලිපිය ලියද්දී මගේ අදහස් බෙහෙවින් වේගවත් වී යැයි සිතමි. එසේ වූයේ ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවකින් නොවේ. සිංහල දේශය තුළදී සිංහලයාට සිදුවන අසාධාරණය ගැන සිංහලයෙකු වශයෙන් මට දැනෙන සැබෑ වේදනාවේ ප්‍රතිඵලයක් වශයෙනි.