Pages

Monday, April 8, 2013

කයිරෝවේ ක‍්‍රිස්තියානි මුස්ලිම් ගැටුම්…. පස් දෙනෙක් මරුට

ඊජිප්තු අගනුවර හටගත් මුස්ලිම් ක‍්‍රිස්තියානි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වලින් පස් දෙනෙකු මිය ගොස් අට දෙනෙක් තුවාල ලබා ඇතැයි රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි. සිකුරාදා රාත‍්‍රියේ හටගත් ගැටුම් සෙනසුරාදා වන තුරුත් පැවතුණි.

මියගිය අය අතර ක‍්‍රිස්තියානි පසු දෙනෙක් සහ මුස්ලිම්වරයෙක් සිටිති. ක‍්‍රිස්තියානි ලමුන් පිරිසක් සිකුරාදා රාත‍්‍රියේ මුස්ලිම් ආගමික ස්ථානයක බිත්තියේ බලි කුරුටු ඇඳීම මේ සිද්ධියට මුල් වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ගැටුම් අතරතුර අසල පිහිටි ඇංග්ලිකන් පල්ලියකටද ගිණි තබා ඇත. බලයට පත්වීමේදී ජනපති මොහොමඞ් මෝර්සි සුලූතර ක‍්‍රිස්තියානිවරු ආරක්ෂා කරන බවට පොරොන්දු වුවත් මුස්ලිම් ක‍්‍රිස්තියානි ගැටුම් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මිලියන 83 ක් වන ඊජිප්තු වැසියන් ගෙන් 10% ක් කොප්ටික් ක‍්‍රිස්තියානිවරු වෙති.

රජයට විරුද්ධ අය ඉක්මනින් මැතිවරණයක් ඉල්ලා නගර තුනක පසුගිය සතියේ උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි. මෝර්සි ප‍්‍රකාශකර තිබුනේ මුලින් සැලසුම් කලාට වඩා මාස 6 ක් පසුවී ඔක්තෝබරයේදී මැතිවරණය පැවැත්වෙන බවයි.

April 7, 2013 at 11:31 am | lanka C news

0 comments: