Pages

Thursday, April 25, 2013

තිස්‌සේ සඳගිරි දාගැබ සංරක්‍ෂණය කෙරේ

කීර්තිමත් ඉතිහාසයක්‌ මතු කරන තිස්‌සමහාරාම සඳගිරි ස්‌ථූපය සංරක්‍ෂණය කර ජාතියට දායාද කිරීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදල කටයුතු යොදා ඇත.

මහ වැසිවලට හසුවී කඩා වැටුණු සඳගිරි දාගැබ ඇතැම් ස්‌ථානවල පස්‌ කන්දක්‌ මෙන් දුටු බව මාගම පැරැන්නෝ අදත් පවසති. එවකට අඩි 54 ක්‌ වූ මෙම දාගැබ සංරක්‍ෂණය කළ පසු උසින් අඩි 59 ක්‌ වේ. දාගැබේ වට ප්‍රමාණය අඩි 360 කි. දාගැබ සංරක්‍ෂණය සඳහා පැරැණි ආකෘතිය අනුව සැකසූ ත්‍රිකෝණ ගඩොල් 311,405 ක්‌ යොදා ඇත. කුඩා ගඩොල් 39,500 ක්‌ යොදා තිබේ. ඉහළ මළුව සතර දිශාවෙන්ම මීටර් 50 බැගින් දිගැති මේ දාගැබේ සංරක්‍ෂණ කටයුතු 2004 වසරේදී සංස්‌කෘතික අරමුදල වෙත පවරා ගන්නා ලදී.

ඇතැම් ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වනුයේ රෝහණපුරය ස්‌ථාවර රාජ්‍යයක්‌ බවට පත් කළ මහානාග කුමරුන් විසින් සඳගිරි විහාරය ඇතුළු විහාර සියයක්‌ කරවා ත්‍රිපිටක මහා අරිෂ්ට හිමියන්ට පූජා කළ බවයි. (ධාතු වංසය) මෙය ක්‍රි. පූ. 3 වන සියවසට අයත් මතයයි. මහානාග රජතුමා ආරම්භ කළ මේ දාගැබ ඔහුගේ මුණුබුරු කාවන්තිස්‌ස රජතුමා විසින් නිමා කරන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පාලන අධ්‍යක්‍ෂ පුරාවිද්‍යාඥ ගාමිණී දොඩම්වල, පුරාවිද්‍යාඥ සුමිත් රණසිංහ, සඳගිරිය ව්‍යාපෘති කළමනාකරු ඒ. බී. රත්නායක යන මහත්වරුන් පසුගියදා මාධ්‍යවේදීන් සමඟ මෙහි නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගි වූහ. දාගැබ විවෘත කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහභාගි විය හැකි දිනයක්‌ ලබා ගැනීමට නියමිත බව සඳගිරි සහ තිස්‌සමහාරාම උභය විහාරාධිපති දේවාලේගම ධම්මසේන හිමියෝ පැවැසූහ.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/04/25/news11.html

[
සබැඳි ලිපි -
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
]

0 comments: