Pages

Friday, April 19, 2013

ජාත්‍යන්තර අල් ජිහාද් ත‍්‍රස්ත කණ්ඩායමේ පාතාල කල්ලි මාමස්මි නමැත්තා අත්අඩංගුවට ගන්න - ජාතික සංඝ සම්මේලනය

ජාත්‍යන්තර අල් ජිහාද් ත‍්‍රස්ත කණ්ඩායමේ නායකයකු යැයි සැලකෙන කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ නීති විරෝධී කටයුතු රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායක මාමස්මි නමැත්තා අත්අඩංගුවට ගන්නැයි ජාතික සංඝ සම්මේලනය ඉල්ලා සිටී.

භික්ෂූන් වහන්සේලා සිංහල බෞද්ධයින් දැනුවත් කිරීමට කටයුතු කළ ද භික්ෂු වේශයෙන් සිදුකරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අනුමත නො කරන බවත් එසේ ම කාලයක් තිස්සේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැසකට සම්බන්ධ අන්‍ය ආගමිකයින් සම්බන්ධයෙන් ද රටේ නීතිය එකලෙස ක‍්‍රියාත්මක විය යුතු බවත් ජාතික සංඝ සම්මේලනය පෙන්වා දෙයි.

මෙම පුද්ගලයා ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික ප‍්‍රාදේශීය දේශපාලනඥයකු සමඟ ද සමීප ව කටයුතු කරමින් පසුගිය මාර්තු 25 වැනි දා මුස්ලිම් වෙළෙඳසල් වසා දමා මෙහෙය වූ හර්තාල් ව්‍යාපාරයට ද සම්බන්ධ වෙමින් මෙම පුද්ගලයා නිදැල්ලේ කටයුතු කිරීම ප‍්‍රදේශයේ සාමය කඩවීමට හේතුවක් බව ද ජාතික සංඝ සම්මේලනට වැඩිදුරටත් පෙන්වා දෙති.

භික්ෂු වේශයෙන් සිදුකරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අනුමත කරන්න බෑ
April 19, 2013 at 4:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93206/

0 comments: