Pages

Wednesday, April 30, 2014

වටරැක විජිත - සභාපති, මුස්ලිම් සමගි පෙරමුණ, ඒ.එච්.එම්. අෂ්රොෆ් වරාය ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරි

වටරැක විජිත හිමි මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට තුඩුදී සිටින භික්ෂුවකි. විජිත හාමුදුරුවන් ගැන රට්ටු කතා කරන්නට පටන් ගත්තේ බොදු බලසේනා සංවිධානය උන්වහන්සේ පසුපස පැන්නීමට පටන් ගැනීමත් සමගය. ඒ සිද්ධීන්වල උච්චතම අවස්ථාව වන්නේ ගිය සතියේ බොදුබල සේනාව වටරැක විජිත හිමියන් සොයමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට ඇතුළු වීමය. ඒ රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ රැකවරණය මැද විජිත හිමියන් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මතය.

බොදු බලසේනාව සොයන කවුද මේ වටරැක විජිත හිමි?

උන්වහන්සේ මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රී ධුරයට පත්වූ විජිත හාමුදුරුවන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

වටරැක විජිත හිමියන් මහියංගනයට වැඩම කොට ඇත්තේ 1994දීය. උන්වහන්සේ වැඩ සිටියේ ගිරාඳුරුකෝට්ටේ රොටලවෙල විහාරස්ථානයේය. විජිත හිමියන් මහියංගනයට වැඩම කිරීමට පෙර වැඩවාසය කළේ කුමන ප්‍රදේශයක කවර පන්සලකදැයි හරිහැටි දන්නා කෙනෙකුද නැත.

කෙසේ නමුදු උන්වහන්සේ එවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වූ වරාය ඇමැතිවරයෙකු වූ ඒ.එච්.එම්. අෂ්රොෆ් සමග ඉතා ළඟින් ඇසුරු කරමින් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවද පැවසේ. මුස්ලිම් සමගි පෙරමුණ නමින් පිහිටුවා ගෙන තිබූ සංවිධානයක සභාපතිවරයා ලෙසද විජිත හිමියන් පත්වී සිටි බවක් ගංගොඩවිල සෝම හිමියෝද එකල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. වටරැක විජිත හිමි මුල්වරට ක්‍රියාකාරී දේශපාලනයට ආවේ මහියංගනය ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා බාල්දිය ලකුණින් තරග කරමිනි. එහිදී උන්වහන්සේ පරාජයට පත්වූහ. කෙසේ නමුදු ඉන්පසුව පැමිණි පළාත් පාලන ඡන්දයේදී උන්වහන්සේ ‍පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වී මැතිවරණයට ඉදිරිපත්ව මහියංගන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ.

අද වන විටත් වටරැක විජිත හිමියන් මහියංගන ප්‍රාදේශීය සභාවේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි.උන්වහන්සේට ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේගෙන් චෝදනා එල්ල වූයේ මීට මාස කිහිපයකට පෙරදීය. මහියංගන නගර මධ්‍යයේ වෙළෙඳ සැලක ඉහළ මාලයේ පවත්වාගෙන යමින් තිබූ අන්‍යාගමික යාච්ඤා මධ්‍යස්ථානයක් යැයි පැවසුණු ස්ථානයක් සම්බන්ධව පැන නැඟුනු ගැටලුවකදී විජිත හිමියන්ගේ හැසිරීම බුද්ධ චීවරයට නොගැළපෙන බවටත්, රාමසාන් උත්සවයකදී උන්වහන්සේ කථිකයෙකු ලෙස ඉදිරිපත්වී අන්‍යාගමිකයන් ඉදිරියේදී බෞද්ධාගම හා බෞද්ධයන් අවමානයට පත්කළ බවටද මහියංගනයේ භික්ෂූන් වහන්සේලා විජිත හිමියන්ට චෝදනා නැගූහ.

මේ සිද්ධියෙන් පසු 2013 අගෝස්තු 12 වැනි දින මහියංගනය රාජමහා විහාර ධර්ම ශාලාවට එක්රැස්වූ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, මෙහෙණින් වහන්සේ හා ගිහි පිරිස් එකතු වී විජිත හිමියන්ගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එසේම විජිත හිමියන් සංඝ සම්මේලනවලින් ඉවත් කර, බ්‍රහ්ම දණ්ඩනයටද යටත් කිරීමට තීන්දු ගෙන තිබිණි. බ්‍රහ්ම දණ්ඩනය යනුවෙන් හැඳින්වෙන්නේ උන්වහන්සේ ශාසනය තුළ කොන් කිරීමය. මේ චෝදනා පිළිබඳව පසුව කරන ලද විමසුමකදී විජිත හිමියන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර විජිත හාමුදුරුවන් මහියංගන ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ලෙස සේවයේ යෙදී සිටින බැවින් ඔහුව මෙම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙසත්, එසේ ඉවත් කරන තෙක් ප්‍රදේශයේ සියලුම දහම් පාසල් පැවැත්වීම නවතා දමන බවටත් විහාරාධිපතිවරු අනතුරු හැඟවූහ. මේ සිදුවීම් පෙළෙන් පසු ප්‍රාදේශීය සභා රැස්වීම් සඳහා සහභාගි වීමටද විජිත හිමියන්ට සිදුවූයේ ජනතා විරෝධතා මැද ‍පොලීසියේද ආරක්ෂාව මධ්‍යයේය. රොටලවෙල ගම්මානයේ ජන හමුවකට සහභාගි වූ අමාත්‍ය ඩිලාන් පෙරේරාට පහර දීමට විජිත හිමියන්් උත්සාහ දැරූ බවටද චෝදනා එල්ල විය. මේ අතර විජිත හිමියන් ගමන් කළ වාහනය පසුපස පන්නාගෙන ගිය පිරිසක් කඩුගන්නාවේදී උන්වහන්සේට පහර දීම හේතුවෙන් උන්වහන්සේ රෝහල් ගතව ප්‍රතිකාරද ලැබූහ. එහිදී චෝදනාව එල්ල වූයේ ද බොදු බලසේනාවටය.

දෙසතියකට ඉහතදී වටරැක විජිත හාමුදුරුවන් මුස්ලිම් ජාතිකයන් කීපදෙනෙකුද සමග කොළඹ නි‍පෝන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැරසුණි. ඒ ජාතික බලසේනා නමින් සංවිධානයක් පිහිටුවා ගෙනය. විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාට බොදු බලසේනාව එල්ල කළ චෝදනාවලට එරෙහිව වටරැක විජිත හිමියන් කරුණු දැක්වීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට තිබූ බව පැවසුණි.එම අවස්ථාවේ දී බොදු බළ සේනාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් නි‍පෝන් හෝටලයට පැමිණ විජිත හිමියන්ට තර්ජනය කිරීම හේතුවෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඇනහිටිනි. මේ පිළිබඳව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගැනුණි.

අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් විසි දෙවැනිදාය. එදින මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට වටරැක විජිත හිමියන් පැමිණෙමින් සිටියදී ප්‍රදේශවාසි භික්ෂුහු හා ගිහි පිරිසක් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් උන්වහන්සේ සභාවට පැමිණියේ දැඩි ‍පොලිස් රැකවල් මැදය. එහිදී එළියේ හුන් භික්ෂුන් වහන්සේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි. ‍පොලීසියෙන් ඊට ඉඩ නොලැබුණු බැවින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ප්‍රාදේශීය සභා රැස්වීම අවසන් වූ පසුවද විජිත හිමියන් යළිදු පන්සලට වැඩම කළේ ‍පොලිස් ජීප් රියක නැගීය. මේ සිද්ධියෙන් පසු වටරැක විජිත හිමියන් ආගිය අතක් නැති විය. සිය ජීවිතාරක්ෂාව පතා උන්වහන්සේ සැඟවී සිටින බව පැවසුණේ මෙම පසුබිම තුළය.

මේ අතර පසුදින 23 දින භික්ෂුන් වහන්සේ පිරිසක් කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ අමාත්‍යංශය වැටලුවේ විජිත හිමියන් එහි රැකවරණ ලබන බව පවසමිනි. එහිදී භික්ෂුන් වහන්සේ අමාත්‍යංශයේ කාමරයක් කාමරයක් ගානේ පරීක්ෂා කළේ විජිත හිමියන් සිටිදැයි බැලීමටය. අවසානයේ දී උන්වහන්සේලා ඇමැතිවරයාගේ කාමරයද පරීක්ෂා කිරීමට උත්සාහ කළද ඊට ඉඩ නොලැබුණි. තවද අමාත්‍යංශයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේ ඉල්ලූහ.

වටරැක විජිත හිමියන් තම අමාත්‍යංශයේ නැති බව ඇමැතිවරයා ‍පොලිස් නිලධාරීන් මගින් භික්ෂුන් වහන්සේට දැනුම් දීමෙන් පසු උන්වහන්සේ පිටව ගියහ. නමුත් බොදු බල සේනා භික්ෂුන් කීවේ විජිත හිමියන් ඇමැතිවරයාගේ කාමරයේ සැඟවී සිටින බවය.

ගිරාඳුරුකෝට්ටේ ගුණරත්න, ලක්බිම
http://lankacnews.com/sinhala/main-news/114738/

Pic Source

කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේ

හෙරොයින් ජාවාරම අද රට විනාශ කරන පිළිලක්‌ බව පත්ව ඇති බවත් මෙම ජාවාරම නිසා රටේ සාරධර්ම ගිලිහී යන තත්ත්වයකට පත්ව ඇති බවත් එබැවින් හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්‌තානු ජාතික කාන්තාවන් දෙදෙනාට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසටත් ඉල්ලා සිටින්නේ යෑයි මීගමුව මහාධිකරණයේ රජයේ අධිනීතිඥ ෂෙහාන්ද සිල්වා මහතා බස්‌නාහිර පළාත්බඳ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්.ඒ. ගµQර් මහතා වෙතින් විවෘත අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ඩුබායි සිට හෙරොයින් ගිල ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ පකිස්‌තානු ජාතික තරුණ අක්‌කා නගෝ දෙදෙනාට (දෙසොහොයුරියන්ට) බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කිරීමට පෙර මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා හමුවේ පැමිණිල්ලේ දේශනය කරමිනි. වරද පිළිගත් විත්තිකාරියන් වන අක්‌කා වන සමින් සුබයිඩා (30) සහ නංගි තාරික්‌ සීනා (26) යන දෙදෙනාට බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කරන ලදී.

මොවුන් 2009 ජුලි මස 7 වෙනි දින ඩුබායි සිට ඊකේ 650 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එම වකවානුවේ ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්‌ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ රංජිත් මහතාට මෙම අක්‌ක නගෝ දෙදෙනා පිළිබඳ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරු ලැබී ඇත. මෙම විත්තිකාරියන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළේදී පරීක්‍ෂා කළ අවස්‌ථාවේ විත්තිකාරියන්ගේ කුස තුළ ආගන්තුක යමක්‌ තිබෙන බවට ඇතිවූ සැකය මත මෙම දෙදෙනා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී එක්‌ස්‌ කිරණ පරීක්‍ෂණයට ලක්‌ කර ඇත. එහිදී ඔවුන් හෙරොයින් ගිල පැමිණ ඇති බවට අනාවරණය වී ඇත. පසුව ඔවුන් දෙදෙනා මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේදී විරේක කිරීමට සලසා හෙරොයින් ගුලි 82 ක්‌ ඉවතට ගෙන ඇත.

මෙහිදී අක්‌කා වන සමින් සුබයිඩා නමැත්තිය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 476 ගිල පැමිණ ඇත. එම මත්ද්‍රව්‍ය තොගයේ පිරිසිදු හෙරොයින් ග්‍රෑම් 280.3 අඩංගු බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම කාන්තාවගෙන් මත් ගුලි 69 ක්‌ උදරයේ තිබී පිටතට ගෙන ඇත. 

මෙහිදී නංගීවන තාරිස්‌ සීනා නමැත්තිය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248 ක්‌ ගිල පැමිණ ඇත. එම මත්ද්‍රව්‍ය වල පිරිසිදු හෙරොයින් ග්‍රෑම් 130 ක්‌ අඩංගු බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙම කාන්තාවගේ උදරය තුළින් මත්ද්‍රව්‍ය ගුලි 17 ක්‌ පිටතට ගෙන ඇත. මොවුන් අඛණ්‌ඩව වසර 5 ක කලක්‌ රිමාන්ඩ් භාරයේ පසුවිය. රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ චම්පිකා අලහකෝන් මහත්මිය පෙනී සිටියහ.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2014/04/30/news31.html

Pic Source

සබැඳි ලිපි -
[
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttps://www.blogger.com/blogger.g?blogID=1608388216488402414#allposts/postNum=0
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

Tuesday, April 29, 2014

ෂියා මුස්‌ලිම් රැලියට බෝම්බ ප්‍රහාරයක්‌. 33 දෙනෙක්‌ මරුට

ඉරාකයේ ෂියා මුස්‌ලිම්වරුන්ගේ රැලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 33 දෙනකු මරණයට පත් වී තිබේ.

අල්කයිඩාවට සම්බන්ධ සංවිධානයක්‌ මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

ඉකුත් වසරේ ඉරාකය පුරා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 8868 කි.

http://www.divaina.com/2014/04/28/forign03.html

මත්පැන් දුම්වැටි භාවිතය පිළිකා ඉහළ යැමට හේතුවක්‌ - සෞඛ්‍ය ඇමැති


පසුගියදා (24) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් දුම්වැටි සහ මත් වතුර භාවිතය පිළිබඳව සිසු දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්‌ කොළඹ රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව පාසල් දරුවන් මතට සහ දුමට ඇබ්බැහිවීම වළක්‌වා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

මේ යටතේ මත් වතුර භාවිතය හා දුම්වැටි භාවිතය තුළින් ඇතිවිය හැකි ශාරීරික, සමාජයීය සහ ආර්ථික පරිහානිය පිළිබඳව ඇඩික්‌ ආයතනයත්, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් දේශන පැවැත්වූහ.

දුම්වැටි භාවිතය නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයෝ 65 ක්‌ මරණයට පත්වෙති. එමෙන්ම මේ නිසා වාර්ෂිකව මරණයට පත්වන ප්‍රමාණය පුද්ගලයන් 21,000 ඉක්‌මවයි. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය දෙකම භාවිතය නිසා වසරකට අප රටේ පුද්ගලයන් 2,80,000 ක්‌ මරණයට පත්වන බව හෙළිදරව් වී ඇත. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ගමක පමණක්‌ වසරකට දුම්බීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 136 ක්‌ බව සමීක්‍ෂණයකින් හෙළිවී ඇත. හෘදයාබාධ, පිළිකා, ආඝාතය, ලිංගික බෙලහීනතාව, වකුගඩු රෝගය, අධිරුධිර පීඩනය, ඇතුළු රෝග රැසක්‌ වැළඳීමට දුම්වැටි සහ මත්වතුර භාවිතය හේතුවී ඇත.


<--- සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජකීය විද්‍යාලයේ සිසු දරුවන් සඳහා ප්‍රථමාධාර කට්‌ටලයක්‌ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට පිරිනැමූ අයුරු. 

මේ සම්බන්ධයෙන් අදහස්‌ පළ කළ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, "2014 වර්ෂය මතින් තොර සමාජයක්‌ ගොඩනැගීමේ වර්ෂය ලෙස නම්කර තිබෙනවා. අපේ රටේ දවසකට 1200 ක්‌ පමණ උපදිනවා. ඒ වගේම 1000 ක්‌ විතර මැරෙනවා. ඒ මියයන අයගෙන් සියයට 60 ක්‌ නැත්නම් 600 ක්‌ විතර මැරෙන්නේ බෝ නොවන රෝග නිසා. බෝ නොවන රෝගවලින් මැරෙන පුද්ගලයන් 600 න් සියයට 70 ක්‌ම මැරෙන්නේ දුම්බීම සහ මත්ද්‍රව්‍ය නිසා.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර සහ සෞඛ්‍ය අතිරේක ලේකම් කේ. ඒ. එස්‌. කීරගල යන මහත්වරු ද සහභාගි වූහ.

http://www.divaina.com/2014/04/28/news20.html

කහ සිවුරට සේම ලෝගුවටත් නීතිය සමාන විය යුතුයි - චම්පික

කහ සිවුරට සේම සුදු ලෝගුවටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28 වැනිදා) අවධාරණය කළේය.

ආගමික සංහිඳියාව ඇති කිරීමට රටේ එක නීතියක්‌ ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.


රායප්පු ජෝසප් හිමිපාණන් සිදු කරන නීති විරෝධී ක්‍රියාවන්ට නීතිය ක්‍රියාත්මක වීමක්‌ හෝ ප්‍රශ්න කිරීමක්‌ නොමැති බවත් කී පාඨලී චම්පික රණවක මහතා ඔහුට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් කීවේය.

ආගමික ගැටුම් නිරාකරණය කිරීම සඳහා පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත කිරීම හොඳ පියවරක්‌ නොවන බවත් ඒ තුළින් ප්‍රශ්නවලට නිසි පිළිතුරු බලාපොරොත්තු විය නොහැකි බවත් හෙතෙම කීවේය.

මෙම ප්‍රශ්නයන්ට සැබෑ විසඳුම් සිය පක්‌ෂය ගෙන ආ අන්‍යාගම්කරණ පනතේ තිබූ බවත් අවාසනාවකට එය සම්මත කර ගැනීමට නොහැකි වූ බවත් හෙතෙම පැවැසීය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/29/news24.html

Pic Source

පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් අද ඇරඹෙයි

පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් කටයුතු අද (29 දා) ආරම්භ කෙරෙන බව මධ්‍යම සංස්‌කෘතික අරමුදල සඳහන් කරයි.

සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ උපදෙස්‌ පරිදි මෙය සිදුකෙරෙන අතර එහි සංරක්‍ෂණ කටයුතු පොළොන්නරුවේ මෙවර පැවැත්වෙන රාජ්‍ය වෙසක්‌ උත්සවයට සමගාමීව සිදුකෙරෙනු ඇත.

මෙහිs සංරක්‍ෂණ කටයුතු ලබන මස 15 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බවද මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

http://www.divaina.com/2014/04/29/news14.html

Pic Source

රෝස තිරිවානා නිධිය ජාතියට සම්පතකි

ක්‍රිස්‌තු පූර්ව 02 වැනි සියවසේදී අනුරාධපුර මුල් යුගයේ රජකම් කළ දේවානම්පියතිස්‌ස මහ රජතුමා විසින් පිහිටුවන ලද බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ තිබූ බවත්, එය 08 වැනි සියවසේ 04 වැනි දප්පුල රජ සමය දක්‌වා විවිධ රජවරුන්ගේ අනුග්‍රහයෙන් පෝෂණය වී ඇත. හෙළ රජ දවසින් පසු වසර සිය දහස්‌ ගණනක්‌ දැව ජාවාරම්කරුවන්ගේ සහ නිධන් හොරුන්ගේ දඩයක්‌කරුවන්ගේ පාරාදීසයක්‌ව තිබූ මෙම ඓතිහාසික, පාරිසරික, භූගෝලීය හා ජාතික වශයෙන් වැදගත්කමක්‌ තිබූ නා මූකලාන ජාතික සම්පතක්‌ බවට පත් කරලීමේ ගෞරවය හිමි වන්නේ 1991 මාර්තු මස 28 වැනිදා එවකට නා මූකලාන ලෙස නම් දැරූ මෙම වනස්‌පතියේ පදිංචියට පැමිණි වනවාසී රාහුල හිමියන්ටයි. තම ජීවිතය පරදුවට තබමින් විවිධ අභියෝග මැද ඉතා දුෂ්කරව අවම පහසුකමක්‌වත් නොමැතිව මේ රටේ ජාතික සම්පතක්‌ බවට පත්කිරීමට උන්වහන්සේ කළ කැපවීම නොවන්නට මෙම සුන්දර වනපෙත විවිධ උපද්‍රව වලින් විනාශ වී යැමට ඉඩ තිබුණි.

එවකට මිනිස්‌ වාසයෙන් තොරවූ මෙම සුවිසල් නා වනය තුළ නැවතීමට තැනක්‌ සෙවූ රාහුල හිමියන් ඒ සඳහා සුදුසුම ස්‌ථානය ලෙස අඩි 25 ක්‌ පමණ වූ උසකින් යුත් මොර ගසක්‌ තෝරා ගත්තා. ඉපැරැණි බෞද්ධ නටබුන් මෙම ස්‌ථානයට නුදුරින් පිහිටා තිබීමත්, ජල උල්පත් පිහිටා තිබීම නිසාත් රාහුල හිමියන් මෙම ස්‌ථානය තෝරා ගැනීමට හේතු විය. උල්පතගම ගම්වාසීන් කිහිප දෙනකුගේ සහායෙන් නවාතැන් සඳහා මොරගහ උඩ පැල් කොටයක්‌ තනාගෙන එයින් බැසීමට වැල් ඉනිමඟක්‌ද සාදවා ගත්හ. එතැන් පටන් මෙම මහා වනස්‌පතිය ජාතිය වෙනුවෙන් ආරක්‌ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ආරම්භ කළහ. මෙම වකවානුව තුළ නා වනයේ ජීවත් වීම කෙතරම් අපහසුද කටුකද යන්න නා වනය තුළ තනිවී මිනිත්තු කිහිපයකින්ම රාහුල හිමියන්ට අවබෝධ විය. නා වනයේ තනිවූ රාහුල හිමියන්ට නා වනය රැකගැනීම සඳහා බිහිසුණු සිදුවීම් රැසකටද මුහුණදීමට සිදුවිය. 

ඒ අනුව මුල් වකවානුවේදී නිධන් හොරුන්ගෙන්, දැව ජාවාරම්කරුවන්ගෙන්, දඩයක්‌කරුවන්ගෙන් ප්‍රදේශයේ දේශපාලන බලධාරීන්ගෙන් හා වෙනත් පිරිස්‌වලින් විවිධ චෝදනා ලබමින් වෙඩි තැබිම් වැනි අති භයානක අභියෝගවලට මුහුණපෑමට සිදුවිය. ඒ කිසිවක්‌ තුට්‌ටුවකට මායිම් නොකළ රාහුල හිමියන් මේ අපූර්ව පරිසර පද්ධතියකින් යුත් නාමල් උයනේ වටිනාකම මිල කළ නොහැකි බව හා එය දැනුම් ගබඩාවක්‌ පුරවා තිබෙන පාරිසරික විශ්වවිද්‍යාලයක්‌ මෙන්ම පර්යේෂණාගාරයක්‌ බව රාහුල හිමියන් හඳුනාගෙන මෙය මතු පරපුර වෙනුවෙන් ආරක්‌ෂා කර තැබීමේ ක්‍රියාදාමය නොනවත්වාම 1991 සිට මේ දක්‌වා මේ රටේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල නොමඳ සහාය ලබාගෙන ලෝක ප්‍රජාව දැනුවත් කරමින් පවතින රජයන් සමග සහ විවිධ ආයතනයන්ගෙන් සහාය ලබාගෙන ඉදිරියට යමින් තිබේ.

ජාතික නාමල් උයනේ පිහිටි සොබාදහමේ අපූර්වතම නිර්මාණයක්‌ ලෙස සුදෝ සුදු හිම කඳු පෙළක්‌ සේ දිස්‌වන රෝස තිරිවානා කඳු පන්තිය හැඳින්විය හැක. මුහුදු මට්‌ටමේ සිට මීටර් 180 ත් 300 ත් අතර නැගී සිටින කඳු 07 ක්‌ මෙහි දක්‌නට ලැබේ. කඳුවැටිය සහ තනි කඳු ලෙස දිස්‌වන මෙම කඳු පන්ති හෙල් බෑවුම්වලින් සමන්විතය. මෙම කඳු පන්තිය වටකරගත් ජාතික නාමල් උයන වනස්‌පතිය එහි ආරක්‌ෂාවට යෝධ පවුරක්‌ සේ ඈතට දිස්‌ වේ.

රෝස තිරිවානා නිධිය සහ එහි ගුණාත්මක පැති ගණනින් 7 ක්‌ වූ රෝස තිරුවානා කඳු පේළිය මුහුදු මට්‌ටමේ සිට මීටර් 180 ක්‌ හා 300 ත් අතර උසකින් පිහිටා ඇත. භූ විද්‍යා පර්යේෂණයන්ට අනුව මෙම රෝස තිරුවානා කන්දට වසර මිලියන දසලක්‌ෂ 550 කට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන ඉතිහාසයක්‌ ඇත. ඉන්දියාවේ රජකම් කළ ෂාජහාන් රජු ඔහුගේ ශේ්‍රෂ්ඨ නිර්මාණයක්‌ වන ඉන්දියාවේ ටාඡ් මහල් ප්‍රාසාදය සඳහා මෙම කන්දෙන් රෝස තිරුවානා ලබාගෙන ඇති බවට මතයක්‌ ඇත. මෙම අක්‌කර 600 පුරාවට විහිදුන සද්දන්ත නිධියේ ඇති රෝස තිරුවානා තත්ත්වය ගැන කිසිම සැකයක්‌ නැත. මෙය මිල කළ නොහැකි අපේ රටේ ආරක්‌ෂා කළ යුතු ජාතික වස්‌තුවකි.

රෝස තිරුවානා නැතහොත් මද රතු දියතරිප්පු වූ කලී කොන්දේසි විරහිත ආදරයට සම්බන්ධ අර්ධ මැණික්‌ වර්ගයකි. එය සෑම වර්ගයේම ආදරය කරුණාව සඳහා වූවකි. ස්‌වයං ආදරය පවුල් ක්‍රියාවෙන් කාමුක නොවන ශෘංගාරය හා කොන්දේසි රහිත ඕනෑම අවස්‌ථාවකදී කරුණාව වෙනුවෙන් ශක්‌තිය වැඩිකර දෙන්නකි. එය ආදරය, කරුණාවට ජීවය දෙයි. ආතතිය අඩු කරයි. එය ප්‍රීතිදායක හා කරුණාව පිහිටි පාෂාණයකි. ආධ්‍යාත්මික ගැටලුවලදී එය ආදරය, කරුණාව ළඟාකර දෙයි. එය ආත්ම විශ්වාසය ඇති කරයි. ස්‌වයං වටිනාකම වැඩි කරයි. එය හැඟුම් සමබර කර සාමය ගෙන දෙමින් ආතතිය හා සාංකාව සමනය කරයි. චිත්තවේගී කම්පන සුව කරයි. එය බය, තරහ ඉවත් කිරීමට ඉවහල් වෙයි. එය ආදරය, කරුණාව නොමැතිකම හා නොසලකා හැරීම ඉවතලා අසීමිත කරුණාව ගෙනදීමේ ශක්‌තියක්‌ ඇත. සාවද්‍ය වරදකරු යන හැඟීම සමනය කිරීමට එයට හැකියාව ඇති බව පැවසේ. මෙය එම පවුලට අයත් පාෂාණයකි. එහි ඇති ආදරය කරුණාව හා සාමය ඇති කිරීමේ බලයට පවුලේ හෝ කණ්‌ඩායමේ සමගිය ඇති කරමින් අසීරු අවස්‌ථාවක්‌ සමගියට පරිවර්තනය කිරීමේ හැකියාව ඇත.

එහි ශක්‌තිය සිඹ ගැනීමක්‌ හෝ රංගනයක්‌ හෝ ළමයෙකුට තනිවම ඇවිදීමට හැකිවන තෙක්‌ ඔහු අල්ලා ගන්නා මවගේ අත හා සමාන සුවයක්‌ ගෙන දෙයි. රෝස තිරුවානාවල ශක්‌තිය, ආදරය, කරුණාව හා විශ්ව ශක්‌තිය ගෙන දේ. එය වේදනාකාරී ආදර අත්දැකීම් සමනය කරනවා පමණක්‌ නොව යමෙකුට ආදරය ආකර්ෂණය කර ගැනීමටද ඉවහල් වෙයි.

රෝස තිරුවානාවලින් වඩා වැදගත්ම ශක්‌තිය වනුයේ හෘදය සුව කිරීමේ බලයයි. විවාහයට හා ආදරයට අදාළ ෙµන්ෂූයි සුව කිරීමේ ක්‍රියාවලියේදී එය විශාල වශයෙන් උපයෝගී කරගනු ලැබේ. ක්‍රි.පූ. 600 තරම් ඉහත කාලයේ සිටම මෙය ආදරයට පළඳින මැණික්‌ පාෂාණයක්‌ සේ භාවිතා කර ඇත.

රෝස තිරුවානා පෘථිවියට, විශ්වයට සහ දෙව්ලොවට අධ්‍යාත්මික වශයෙන් බොහෝ දුරට අනුගත වෙයි. මෙය පුද්ගලයෙකු විසින් ආත්මීය වශයෙන් මෙන්ම අන්‍යයන් කෙරෙන් හා ස්‌වභාව ධර්මයා තුළින් දකිනු ලබන සුන්දරත්වයට දක්‌වන සෙනෙහස උද්දීපනය කරයි මෙහිදී විශේෂයෙන්ම අදාළ වන්නේ චිත්‍ර, සංගීතය හා ලිත වචනය වැනි පරිකල්පනය පුබුදුවාලන සුන්දරත්වයයි. වරදකට සමාව දීම දිරිමත් කරනු ඇතැයි විශ්වාස කරන මෙය කෝපය, අමනාපය හා වෛරය පහකර ගැනීමෙහිලා උපකාරී වෙයි. සම පැහැපත් කිරීමටත්, 

පිළිස්‌සුම් හා බිබිලි දැමීම සමනය කිරීමටත්, කායික වශයෙන් හදවත සවිමත් කිරීමටත්, කරකැවිල්ල තුරන් කිරීමටත්, හදවත, පෙනහළු, වකුගඩුව හා ඇඩ්රිනලින් ආශ්‍රිත ගැටලු සමනය කිරීමටත් උපකාරී වෙයි. නිෂේධනාත්මකතාව දුරුකරන රෝස තිරුවාණ විද්යුත් චුම්බක ක්‌ෂේත්‍රවලින් සහ වෙනත් පරිසර දූෂක කාරකවලින් අත්වන බලපෑම වළකා ලන්නේ ඒ වෙනුවට ආදර සෙනෙහස ළඟාකර දීමෙනි. මෙය වැඩිහිටියන් මෙන්ම ළමයින්ට හිතකර විශ්මජනක නිධි කාරක ස්‌ඵටිකයකි. 

මනරම් සිහින මවමින් රුදුරු ස්‌වප්නවලින් ඔවුන් ආරක්‌ෂා කිරීමට මේ ස්‌ඵටිකයට හැකියාව ඇත. 

මනුෂ්‍ය සංහතියේ උන්නතිය උදෙසා රෝස තිරුවානා කඳුවැටිය සමස්‌ත ප්‍රජාවගේ හිත සුව පිණිස නිසි අයුරින් ගවේෂණයට ලක්‌කොට ආරක්‍ෂා කර තබා ගැනීමට සියලුම මානව වර්ගයාගේ අවධානය යොමු වේවායි පතමු.

(නාමල් උයන මගින් ප්‍රකාශිත ලිපියක්‌ ඇසුරෙනි.)
http://www.divaina.com/2014/04/29/feature05.html

රට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

පුද්ගලයකුට තම ජීවිතය තරම් වටිනා අන් දෙයක්‌ නැත. දුලබ වාසනාවක්‌ ලෙස ලබන මනුෂ්‍යාත්මභාවය තම සුඛ විහරණයට යොදා නොගෙන සමස්‌ත ජීවිත කාලයම උතුම් සිංහල ජාතිය, නිර්මල බුදු සමය හා ශාසනය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කරන්නා, ඒ අනුවම ක්‍රියාත්මක වන්නා, ඒ උදෙසා අනන්ත වූ දුක්‌ පීඩා, තර්ජන ගර්ජන උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නා යමෙකු වේද හෙතෙම අසහාය බෝසත් ප්‍රතිපදාවෙන් යුක්‌ත වන්නේය. එවැනි කෙනෙකු අවශේෂ ලෝකයාගේ බුහුමනටද ගෞරව ප්‍රණාමයටද යෝග්‍ය වන්නේය. සිංහල රාජ වංශයට පසුව මේ දක්‌වා ගතවූ සියවස්‌ කීපයක්‌ සමාලෝචනයට ගතහොත් අදින් වසර 81 කට පෙර අද වැනි දිනෙක අභාවප්‍රාප්ත වූ සිරි දේවමිත්ත හිමි හෙවත් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ලෝකවාසී බෞද්ධ ජනතාවගේද ලාංකීය සිංහල බෞද්ධයාගේද උත්තරීතර ගෞරවාදරයට පාත්‍රවූ අසහාය ජාතික නායකයකු විය. එතුමා ජීවමාන වූ වසර 69 ක්‌ වූ කාලය තුළ ශ්‍රී ලංකාවේද, ගෞතම බුදුපියාණන්ගේ ජාත භූමිය වූ ඉන්දියාවේද බෞද්ධ උරුමයන් දිනා ගැනීම සංරක්‍ෂණය කිරීම ආදිය වෙනුවෙන් දියත් කළ අවිහිංසක අරගල, ධර්මානුරූපීව ගෙනගිය ප්‍රචාර, ගොඩනඟන ලද ජාතික ආගමික බලවේග, වියතුන් සභා මැද පැවැත්වූ හරවත් දේශන යනාදී කුදු මහත් කටයුතුවල ප්‍රතිඵලයක්‌ ලෙස අද දඹදිව සියලු බෞද්ධ සිද්ධස්‌ථාන ආරක්‍ෂා වී තිබීමම කෙතරම් විශ්මය ජනකදැයි සිතීම වටී. සංවිධිත ජාතික ව්‍යාපාරයකින් තොරව හුදෙක්‌ම එතුමාගේම ප්‍රඥ මහිමයෙන්ම, අධිෂ්ඨානයෙන්ම, අප්‍රතිහත ධෛර්යයෙන්ම පියවරෙන් පියවර කුදු මහත් ජයග්‍රහණ අත්කර ගැනීමේ ප්‍රතිඵලය ලෙස අද බෞද්ධ ලෝකයටම බැති සිතින් වන්දනා මානයට උචිත වූ පරිද්දෙන්ම ඉන්දියාවේ බුද්ධ භූමි සංරක්‍ෂණය වී තිබේ. ලාංකිකයන් පමණක්‌ නොව ජපානය, ටිබැටය, චීනය, තායිලන්තය, මියන්මාරය, මැලේසියාව, ලාඕසය, වියට්‌නාමය, සිංගප්පූරුව යන ආසියාතික රටවලද ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය, ස්‌පාඤ්ඤය වැනි බටහිර රටවලද බෞද්ධ හා අබෞද්ධ සැදැහැවත් විද්වත් ගවේශකයෝ, වන්දනාකරුවෝ, නිතිපතාම බුද්ධගයාව කුසිනාර, සැවැත්නුවර, කපිලවස්‌තු පුරය වැනි බෞද්ධ විහාරාරාමවලට පැමිණෙමින් බුදු දහමේ ද ශාසනයේ ද අරුණාලෝකය දකිති. මේ හාස්‌කම අප උදෙසා ඉටු කර දුන්නේ අන් කවරකුත් නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාණෝය. සැබැවින්ම එතුමා කොතරම් නම් නිර්භීත, අධිෂ්ඨානශීලී ශාසනුන්නතිකාමී දේශප්‍රේමියකු දැයි අව්‍යාජව හඳුනා ගැනීමට නම් සෑම ලාංකික බෞද්ධයකුම දඹදිවට යා යුතු යෑයි කල්පනා වන්නේ එබැවිනි. එතුමා අපගේ අති උතුම් බුදු සමයත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් ඉටුකර තිබෙන යෝධ මෙහෙවරේ අගය එතරම්ය. එවැනි දුෂ්කර ව්‍යායාමයක නිරත වූ වෙනත් සිංහල හෝ අසිංහල ජන නායකයකු ශ්‍රී ලංකාවේ නැත. එහෙයින්ම එතුමෝ ශ්‍රී ලංකාවේ ජාතියේ පීතෘවරයාණෝ යෑයි කීම අතිශයින්ම නිවැරදිය. අව්‍යාජ නිර්වචනයක්‌මය.

විද්‍යාදය පිරිවෙන එකල රටේ සිදුවෙමින් පැවැති බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහි වූ දේශප්‍රේමී ගිහි පැවිදි වියතුන් ඒකරාශී වන වේදිකාවක්‌ බඳු විය. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධර්මාරාම, වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති, වැලිගම ශ්‍රී සුමංගල, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද, ප්‍රවීණ ලේඛක පියදාස සිරිසේන, නාට්‍යවේදී නීතිඥ ජෝන් ද සිල්වා, වලිසිංහ හරිශ්චන්ද්‍ර යන වියත්හු එතුමාගේද ඇසුරට ලක්‌විය. ක්‍රමක්‍රමයෙන් ඩේවිඩ් තරුණයා සැබෑ ආගමාලයෙන් ශික්‍ෂණය ලද්දකු විය.

1891 ජනවාරි 2 දින ධර්මපාලයෝ ඉන්දියාවට සැපත් වීම ඒ උත්තම ජීවිතයේ අලුත් යුගයක්‌ උදා කළේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගෙවී ගිය වසර 600 ක තරම් කාලය තුළ ඉන්දියාවේ තිබූ ලුම්බිණිය, කුසිනාරා, ඉසිපතනය (බුද්ධගයා) ආදී සියලුම බෞද්ධ උරුමයන් කලක්‌ ඉස්‌ලාමීය ත්‍රස්‌තයන් අතින්ද ඉක්‌බිතිව හින්දු මහන්තාවරුන් අතින්ද විනාශයට පත්ව තිබිණ. අත්වී තිබෙන විනාශයන් දැක කම්පාවට පත් ධර්මපාලතුමාණෝ බුද්ධගයාව ඇතුළු බුද්ධ භූමි බෞද්ධ අයිතියට පත්කරලීමේ මහා කර්තව්‍යයට මුල පිරුවේය.

එම වසරේම මැයි 31 දා මහාබෝධි සමිතිය නමින් සංවිධානයක්‌ ඇරඹි එතුමා එහි ශාඛා ආසියාවේ සියලු බෞද්ධ රටවලද, ඇමරිකාව, ජර්මනිය, ආදී යුරෝපීය රටවලටද ව්‍යාප්ත කළේය. ඉන්දීය දේශය තුළ බෞද්ධ උරුමයන් මුහුණ පා තිබෙන ෙ€දජනක භාවය හෙළිකොට ඒවා යළි දිනා ගැනීමත්, සංරක්‍ෂණය කොට පවත්වාගෙන යෑමත් අරභයා කළ යුතු අරගලය පිළිබඳව ලෝකයාට කරුණු කීමට එතුමා "මහාබෝධි සහ ඔයෑ ඊමාdයසිඑ නමින් ප්‍රකාශන දෙකක්‌ද ප්‍රසිද්ධ කළේය. ඉන් ලද ප්‍රසිද්ධිය නිසාම ලොවනන් දෙසින් බුද්ධගයා අරමුදලට පරිත්‍යාග ගලා එන්නට විය. බලාත්කාරයෙන් බුද්ධ භූමි තම සන්තකයට ගෙන සිටි මහන්තාවරුන්ට එරෙහිව නඩු හබ කීමට, නටබුන් සිද්ධස්‌ථාන යළි ගොඩනැඟීමට, විහාරාරාම ඉදිකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමට හා මූලගන්ධකුටි විහාරය ඉදිකිරීමට එම ධනය යෙදවීය. අද ඉන්දියාවට යන බැතිමතුන්ගේ වන්දනාවට යොමුවන සියලු වෙහෙර විහාර සුරක්‍ෂිත වී තිබෙන්නේ ධර්මපාලතුමා මහාබෝධි සමාගම හරහා කරන ලද මහා කාර්යභාරයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

සිංහල ජාතියේ අදීනත්වය උදෙසාද, සම්බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය සහ බුදුසමයේ යහ පැවැත්ම උදෙසාද සිංහල රාජ පරම්පරාවට පසුව ඉටු කළ මහා මෙහෙවරකට නායකත්වය දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමෝ සිහි නුවණින් යුතුව 1933.04.29 දින දිවංගත වූහ. ධර්මපාල කුමරා හය හතර තේරුම්ගත් අවධියේ සිටම බුදුදහමේ අගය වටහා ගත්තේය. ජාතියක්‌ වශයෙන් සිංහලයාට පත්ව තිබෙන දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය නිවැරදිව හඳුනාගත් එතුමා එකල ඉංගී්‍රසි පාලනය යටතේ රටත් ජනතාවත් පත්ව තිබූ අගාධයෙන් ගොඩ ගැනීම අරභයා පුද්ගලයෙකු වශයෙන් කළ හැකි හා කළ යුතු වූ සියල්ල නොපිරිහෙලා ඉටු කළේය. එකල සංවිධිත ජාතික විමුක්‌ති ව්‍යාපාරයක්‌ ලක්‌දිව බිහිවී නොතිබුණු බැවින් එතුමාගේ කටයුතු හා ක්‍රියා කලාපයන් එතුමාගේ අභිමතය පරිදිම සිදු විය. එය විටෙක කඨෝර වූවා හෝ නිර්දය රළු බවින් යුක්‌ත වූවා විය හැකි නමුත් ඒ කිසිවක්‌ කිසිවකුගේ සිත් රිදවීමට කළ ඒවා නොවීය. නිවට නියාලු මර නින්දේ සිටි සිංහල ජාතිය ජාතිකාභිමානයෙන් දේශ වාත්සල්‍යයෙන් අවදි කරවීම එම කර්කශ විවේචනවල අභිප්‍රාය විය.

ධර්මපාලතුමා සිය ජීවිතාදර්ශයෙන්ම චාම් සහ උපේක්‍ෂා පරවශ ජීවිතයක්‌ ගත කළේය. මවුපියන්ගෙන්ද හිතමිතුරන්ගෙන්ද ලැබුණු සියලුම ධනය එතුමා ඉතා සකසුරුවමින් ශාසනික කටයුතු උදෙසාම කැප කළේය. එතුමා ලත් අධ්‍යාපනය, උපතින් ලද පෞරුෂය හා රූප සම්පත්තිය උරුම වූ දේපළ සම්පත් ආත්මාර්ථය උදෙසා යෙදවූයේ නම් ශ්‍රී ලංකාවේ තවත් සිටුවරයකු ලෙස සැප සම්පත් අත්විඳින්නට තිබූ හැකියාව දෙස නොබැලුවේය. රට දැය සමය කෙරෙහි අචල ආදරයෙන් මුළු ජීවිත කාලයම ගත කළ එතුමාගේ අභාවයෙන් පසු ලාංකීය ජනතාවට එතුමාගේ අගය දැනෙන්නට විය. 

එහෙත් අගය කළ හැකි තරමේ වටිනාකමක්‌ එතුමා සම්බන්ධයෙන් ඉස්‌මතු කිරීමට තරම් වගකිවයුතු අංශ උත්සුක නොවීම කනගාටුවට කරුණකි. අද රට පත්ව තිබෙන ආධ්‍යාත්මික පරිහානිය සලකා ධර්මපාලතුමන්ලා කීප දෙනෙකුගේ බිහිවීම අවශ්‍යව තිබෙතත් එම අවශ්‍යතාව උදෙසා ගන්නා ඵලදායී පියවරක්‌ නැති තරම්ය. එහෙයින් එතුමාගේ 81 වැනි ගුණ සමරුව සිදු වන අද දිනයේ ලාංකීය දේශප්‍රේමීන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ ධර්මපාලතුමාගේ ජාතික අපේක්‍ෂා ඉටුවන පරිදි තම තමන්ගේ ජීවිත හැඩ ගස්‌වා ගැනීම නොවේද?

බන්දුල මානවඩු
http://www.divaina.com/2014/04/29/feature02.html

සබැඳි ලිපි -
[

අමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

Monday, April 28, 2014

SLT - 100 mb/s අධිවේගී FTTH බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙයි

දේශයේ ජාතික තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප්‍රධාන වෙළෙඳපොළ ආවරණය කරමින් දිවයින තුළ ප්‍රථම FTTH බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, දිවයිනේ ප්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් ජාල ක්‍රියාකරු වශයෙන්, FTTH තාක්‍ෂණය ඔස්‌සේ ඉතා අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සේවා හඳුන්වාදුන් විට මහල් රාශියකින් සමන්විත ගොඩනැඟිලි ඇතුළු නිවාස, ව්‍යාපාර, රාජ්‍ය අංශය, ප්‍රවාහකයින් සහ අන්තර්ජාල සැපයුම්කරුවනට තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 ලබාගත වේගයකින් අන්තර්ජාලයට පිවිසිය හැකි බව සමාගම විශ්වාස කරයි.

FTTH තාක්‍ෂණය පාදක කරගත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සහ Peo TV මගින් හයි ඩෙෆිනිෂන් ටෙලිවිෂන් සේවා වාණිජමය වශයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට පෙර නාරාහේන්පිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් කාර්යාලයේදී ප්‍රථම වරට එහි සභාපති ලලිත් වීරතුංග මහතාට සහ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 වාර්තාගත වේගයකින් ප්‍රදර්ශනය කරනු ලැබීය.

FTTH සබඳතා මගින් වෙබ් මාස්‌ටර්, වෙබ් චෑම්ප් සහ වෙබ් ලයිෆ් ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 බාගත වේගයක්‌ද වෙබ් ෆඩ්ලි, වෙබ් සර්ෆර් සහ වෙබ්ප්‍රො පැකේජ තත්පරයට මෙගා බයිට්‌ස්‌ 50 බාගත වේගයක්‌ද සපයන අතර දැනට සපයනු ලැබ ඇති Peo Tv පැකේජ සඳහා HD නාළිකා සපයනු ඇත.


මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව ජයග්‍රහණය කිරීමට බලගන්වන පුරවැසියන් නිර්මාණය කරන සහ ඔවුනට වඩාත් යහපත් අනාගතයක්‌ සඳහා දොරගුළු විවෘත කරන යතුර තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය බවත් වසර 150 කට වැඩි සේවා කාලයක්‌ සහිත දිවයිනේ පුරෝගාමී විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙවැනි තාක්‍ෂණික වැඩි දියුණු කිරීම් නිසැකයෙන්ම රටේ සියලු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ආධාරවනු ඇති බවටත් විශ්වාසය පළ කළේය. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවද රටේ සියලු ජනතාවට උසස්‌ ජීවන තත්ත්වයක්‌ ලබාදීමයි. විදුලි සංදේශ ක්‍ෂේත්‍රය ප්‍රාසාංගික හා සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයට පමණක්‌ නොව අධ්‍යාපනික අරමුණු සඳහාද අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිදුවන්නා වූ මෙම සියලු සංවර්ධනයන් ශ්‍රී ලංකාවට දැනුම පිළිබඳ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්වීමට සහාය වන බැවින් මෙරට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට සුබ පතන බවත් වීරතුංග මහතා පැවසීය.

රටක යටිතල පහසුකම් ජාලය එහි අතිශයින්ම වැදගත් වත්කමක්‌ වන බැවින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනිමට එය උපයෝගි කරගතයුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පැවසීය. අද ලොව වටා දත්ත සඳහා පවතින ඉල්ලුම වර්ධනය වෙමින් පවතී. ඇතැම් විට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය ගෝලීය ආර්ථිකය තුළ වේගවත්ම පරිවර්තනයක්‌ අත්විඳින්නක්‌ විය හැකිය. රටතුළ සංවර්ධනයක්‌ ඇතිවෙමින් පවතින මෙවැනි අවධියක කර්මාන්තමය මට්‌ටමේ සංවර්ධනයකට ශ්‍රී ලංකා ටෙලිකොම්හි සක්‍රීය දායකත්වය බෙහෙවින්ම අවශ්‍ය කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම FTTH තාක්‍ෂණ ව්‍යාප්ත කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක්‌ වෙතැයි විශ්වාස කරන බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.

සංස්‌කරණය - අසෝක වන්නිආරච්චි
http://www.divaina.com/2014/04/27/economic01.html

Pic Source

අපිත් වවමු - වල්ලපට්‌ටා

වල්ලපට්‌ටා වසරේ ජනප්‍රියම ශාකය බවට පත්ව තිබේ. ඒ මෙම ශාකය කපා රට පැටවීම නිසාය. නොහොත් මෙම ශාකය මධ්‍යයේ අරටුවක්‌ ලෙස නිපදවෙන ගණ රෙසිනයක්‌ (අගාවුඩ්) සඳහා ලෝක වෙළෙඳ පොළේ පවතින අධික ඉල්ලුම හේතුකොට ගෙන වර්තමානයේ වල්ලාපට්‌ටා ජාවාරමක්‌ බවට පත්වීම නිසාය. කිඹුල් හූනන් මෙන් නොව, සැබෑවටම වල්ලපට්‌ටා සඳහා වෙළෙඳ පොළක්‌ තිබේ. එහෙත් එය තනිකරම ලංකාවේදී "කළුකඩ" ජාවාරමකි. නොහොත් හොර බිස්‌නස්‌ එකකි. එනිසාම ගන්නෝද, දෙන්නෝද අප්‍රකටය. එනමුත් ඇති තරම් රහසේ වල්ලපට්‌ටා ගස්‌ කැපෙති. අභාග්‍යයකට කපන තරම් සියලු වල්ලපට්‌ටා ගස්‌වල "අගාවුඩ් ඉල්ලම" නැත. 

වල්ලපට්‌ටා ගස්‌ සියයකින් එකක්‌වත් මෙම අගාවුඩ් නොමැතිබව දැන් තහවුරු කරගෙන ඇත. මන්දයත් අගාවුඩ් යනු පැහැදිලිවම රෝගී වල්ලපට්‌ටා ගසකින් ලබා ගන්නා "පිළිකාවක්‌" නොහොත් පිළිලයක්‌ වැනි ද්‍රව්‍යයක්‌ වන නිසාය. මේ නිසා "අගාවුඩ්" කිලෝවක්‌ ලබා ගැනීම විටෙක කළු නික සොයනවා තරම් දුලබ කටයුත්තකි. මේ නිසා සිදුවන්නේ ස්‌වාභාවික පරිසරයේ වල්ලපට්‌ටා ශාකය සීඝ්‍ර වඳවී යාමකට ලක්‌වීමය. එනිසාම දැන් වල්ලපට්‌ටා ශාකය නීති විරෝධී ලෙස කපා දැමීම තහනමට ලක්‌කර තිබේ. ශාකය කපන්නෝද, අගාවුඩ් එකතු කරන්නෝද, ප්‍රවාහනය මිලදී ගැනීම හා රට පැටවීම යනාදී කටයුතු කරන්නෝ නීතියේ රැහැනට හසුකර ගනිති. වන ආඥ පනත අනුව කිසිදු වනජ (වනාන්තරයෙන් ලබාගන්නා ශාක කොටස්‌, පැළෑටි යනාදී) ද්‍රව්‍යයක්‌ වන සංරක්‍ෂක ජනරාල්වරයාගේ අවසරය නැතිව පිටරටකට ගෙන යා නොහැකිය. එනිසා කවුරුත් හොර රහසේ වල්ලපට්‌ටා එනම් අගාවුඩ් එකතු කරගෙන, මිලදීගෙන සිටියත් රටින් පිට කිරීම නීති විරෝධී, අත්අඩංගුවට ගත හැකි බලවත් වරදක්‌ වෙයි. මෙනිසාම වල්ලපට්‌ටා ශාකය කැපීම දැන් පාලනය වී ඇති අතර කපා දමන්නන් ගැනද තොරතුරු ක්‍ෂණිකව අනාවරණය වෙමින් පවතී.

එහෙත් මෙතෙක්‌ කලක්‌ අප්‍රසිද්ධියේ එක්‌රැස්‌ කළ වල්ලපට්‌ටා තොග, ජාවාරම්කරුවන් ළඟ තිබෙන්නට හැකි බව විශ්වාස කළ හැකිය. එවන් තොග විටෙන් විට රටින් පිටමං කරන්නටද උත්සාහ කරනු පෙනෙන්නට තිබේ. මෙවන් ජාවාරමක්‌ අතටම අල්ලා ගන්නට පසුගියදා ශ්‍රී ලංකා රේගුවට හැකිවිය. රේගු ජෛව විවිධත්ව සංස්‌කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය මගින් කළ වැටලීමකදී මෙරටින් වල්ලපට්‌ටා (අගාවුඩ්) කිලෝ ග්‍රෑම් 48 ක්‌ සූක්‍ෂම ලෙස "බ්‍රීෆ් කේස්‌" තුළ සඟවා ඉන්දියාවට රැගෙන යන්නට ගිය ඉන්දියානුවන් දෙදෙනකු සහ ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන්ට කොටු වූහ. මෙසේ සඟවාගෙන රැගෙන යන්නට තැත් දැරූ වල්ලපට්‌ටා කිලෝ ග්‍රෑම් 48 දළ වශයෙන් ලෝක වෙළෙඳ පොළේ වටිනාකම රුපියල් තුන්කෝටි අසූහතර ලක්‍ෂයද ඉක්‌මවා තිබූ බව රේගුව නිවේදනය කළේය. වරදකරුවන්ට දඩ නියම කළ රේගුව ඔවුන් නිදහස්‌ කර හැරියේය.

වල්ලපට්‌ටා නොහොත් එහි ඇති රෙසිනය වන "අගාවුඩ්" සඳහා මෙතරම් ඉහළ ඉල්ලුමක්‌ ඇත්තේ එය ස්‌වාභාවික සුවඳ විලවුන් කර්මාන්තයට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයක්‌ වන නිසාය. මැදපෙරදිග ඇතුළු ඉස්‌ලාම්වරුන්ගෙන් විශාල ඉල්ලුමක්‌ ඇති මෙම අගාවුඩ් සුවඳ විලවුන් ලොව ඉහළම මිලකට අලෙවි වේ. ධන කුවේරයන්ගේ පළමු තෝරා ගැනීම බවට පත්ව ඇති මෙම අගාවුඩ් සුවඳ විලවුන් කර්මාන්තය ලොව පළමු පෙළේ මුදල් ඉපැයීමේ කර්මාන්තයක්‌ බවටද පත්ව ඇත. මේ සඳහා ස්‌වාභාවික අගාවුඩ් බහුල වශයෙන් ලැබෙන්නේ වියට්‌නාමය, තායිලන්තය වැනි රටවල වාණිජ අගාවුඩ් වගාවන් වලිනි. ශ්‍රී ලංකාවේ රබර්, තේ වැනි වාණිජ වගාවන් ලෙස ව්‍යාප්ත වී ඇති මෙම රටවල "අගාවුඩ්" එරට ආර්ථිකය සරිකරන වැදගත් වගාවන් ලෙස ගැමි ආර්ථිකය නඟා සිටුවයි. Aqමක්‌රස්‌ Cර්ssබ් යන විද්‍යාත්මක නමින් හඳුන්වන ශාකය යොදාගෙන සිදුකරන මෙම වාණිජ අගාවුඩ් වගාවන්වලදී අගාවුඩ් නිපදවා ගැනීම සඳහා එම ශාකයට නිශ්චිත කාලයේදී එන්නත් ලබාදීම සිදුකෙරේ. කෘත්‍රිම ලෙස දිලීරයක්‌ වැනි ආසාදනයක්‌ ඇති කිරීමෙන් අගාවුඩ් බහුලව ලබාගනී.

එනමුත් ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවලදී මෙසේ අගාවුඩ් සඳහා වල්ලපට්‌ටා ශාක කපා ගනු ලබන්නේ සියයට සියයක්‌ම ස්‌වාභාවික පරිසරය තුළිනි. ඨහරසබදචි උaකක්‌ ලෙස විද්‍යාත්මකව හඳුන්වන මෙම ස්‌වාභාවික අගාවුඩ් ශාකය නිසා වාණිජ අගාවුඩ්වලටත් වඩා ඉල්ලුමක්‌ ශ්‍රී ලංකාව වැනි රටවල අගාවුඩ්වලට ලැබී ඇත. මෙනිසා වැඩි වශයෙන් වල්ලපට්‌ටා ඉල්ලුම රට තුළ ඉහළ ගොස්‌ ඇති නමුත් මෙම ශාකයේ පැවැත්ම තහවුරු කරනු වස්‌ මෙම ජාවාරම නවතා දැමීමට සංරක්‍ෂණ අංශ පියවර ගත යුතුව ඇත. විකල්පයකට ඇත්තේ වාණිජ අගාවුඩ් වගාව රටට හඳුන්වාදී තේ, රබර්, පොල් ලෙසම වාණිජ වශයෙන් වගා කිරීමය. එයින් සුවිසල් ආර්ථික වාසියක්‌ රටටත් ගැමි ආර්ථිකයටත් ලබාගත හැකිය. 

එසේ හෙයින් ආර්ථිකයේ නව මානයන් සොයා යන අතරේ දේශීය ජෛව විවිධත්වය, පාරිසරික හා ස්‌වාභාවික සම්පත් සංරක්‍ෂණය ද සිදුවිය යුතු විය. සංරක්‍ෂණවේදීන් කටයුතු කරන්නේ ඒ වැදගත් අරමුණු වෙනුවෙනි.

විශේෂ ස්‌තූතිය රේගු ජෛව විවිධත්ව සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා ඇතුළු රේගු නිලධාරීන්ට)

ජගත් කණහැරආරච්චි, ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය
http://www.divaina.com/2014/04/27/feature24.html

Sunday, April 27, 2014

විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය

මුස්‌ලිම් ජනපදිකයන් පිරිසක්‌ විසින් විල්පත්තු (උතුරු) අභය භූමියට අයත් ඉඩම් අල්ලාගෙන පදිංචි වීම අද දුරදිග ගිය ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. නියපොත්තෙන් කඩා දමන්නට තිබූ මෙම ප්‍රශ්නය පොරොවෙන් කපා දමන තැනට ගෙන ආවේ ආණ්‌ඩුවේම වරදිනි. ආරම්භයේදීම ජනමාධ්‍ය මගින් පෙන්වා දුන් මෙම බලහත්කාරයෙන් අභය භූමියක ඉඩම් අල්ලා ගැනීම ගැන රජය කිසිදු තැකීමක්‌ කළේ නැත. විල්පත්තුවේ ඉඩම් අල්ලාගෙන ජනපදයක්‌ ගොඩනඟාගෙන ඇති බවට පරිසරවේදීන්, ජනමාධ්‍ය වාර්තාකරද්දී වනජීවී දෙපාර්තමේන්තුව නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේය. වනජීවී සංරක්‍ෂණ ඇමැති ගාමිණී විජයමුණි සොයිසා මීට පිළිවදන් දෙමින් කීවේ "මම ඔය කියන තැන බලන්න ගියා, එතන වනජීවී එකට අයත් තැනක්‌ නොවේ. ඔය කියන ඉදිකිරීම් වෙලා තියෙන්නෙ ෆොරස්‌ට්‌ එකට අයිති ප්‍රදේශයේ. ඒක පරිසර ඇමැතිතුමාගෙන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාගෙන් අහගන්න" යනුවෙනි.

මෙයින් අපට ගම්‍ය වූයේ වනජීවී ඇමැතිවරයාද විල්පත්තු උතුරු අභය භූමිය යනුවෙන් වනජීවී රක්‍ෂිතයක්‌ තිබෙන බවවත් නොදැන සිටි බවකි. ඒ නැතත් ෆොරස්‌ට්‌ නොහොත් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔය කියන අනවසරයෙන් භූමිය අල්ලා ගන්නා ලද ස්‌ථානය අයත්ව තිබුණේ නම් එම දෙපාර්තමේන්තුවට හෝ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකිව තිබිණි. වන සංරක්‍ෂණයද, වනජීවී සංරක්‍ෂණයද නොව, මේ රාජ්‍ය ආයතන දෙකටම මෙවන් අනවසර රක්‍ෂිත ඉඩම් අල්ලා ගැනීම්, බලහත්කාර පදිංචිවීම්, රක්‍ෂිත හෙළි පෙහෙළි කිරීම්, ගිනි දැල්වීම්, පාරවල් තැනීම් යනාදී වන අපරාධ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ඇත. වන ආඥපනත සහ වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥපනත යන බලවත් අණපනත් ඊට ඉතා හොඳින් සෑහේ. එහෙත් එම දෙපාර්තමේන්තු ද්වයම හෝ අමාත්‍යවරු දෙපළම මෙම වගකීමෙන් කර හැරියහ. ඊට හේතුවන්නට ඇත්තේ එහි පදිංචිව සිටියේ මුස්‌ලිම් ජානපදිකයන් වීම නිසා විය හැකිය. නැතහොත් මේ පිටුපස සිටි දේශපාලන හස්‌තය ලෙස ප්‍රකාශ වූයේ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිසා ඔහු සමග ගැටෙන්නට ඇති අකමැත්ත හෝ බය නිසා විය යුතුය. නැතහොත් එම අමාත්‍යවරුන්ද, එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද වන හා වනජීවී සංරක්‍ෂණ භූමි පිළිබඳව යුද්ධය අවසන් වී වසර පහක්‌ ගතවීත් කිසිවක්‌ නොදන්නා "අත දරුවන්" වන නිසා විය හැකිය. එනිසා අපගේ යෝජනාව නම්, පළමුව කළ යුත්තේ එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඇමැතිවරුන් හා මාධ්‍ය නිවේදන දෙන අනිකුත් පුද්ගලයන් රැගෙන ගොස්‌ වන සංරක්‍ෂණයටද වනජීවී සංරක්‍ෂණයටද අයත් භූමි පෙන්වා දීමය. 

සැබැවින්ම, විල්පත්තු උතුරු අභය භූමියේ මෙන්ම ඊට යාබද වන සංරක්‍ෂණ ඉඩම් තුළ අනවසර ජනපදිකයන්ගේ පදිංචි වීම් පිළිබඳව හඬ නැගුවේ ජන මාධ්‍යයයි. ඉහත රාජ්‍ය බලධාරීන්ට තිබුණේ ඒ පිළිබඳව සොයා බලා වහාම නීතිමය පියවර ගැනීමය. නැතහොත් ඔය කියන "ව්‍යාප්තවාදය" පිටුපස සිටින ඇමැතිවරුන් සමග සාකච්ඡා කොට රක්‍ෂිත තුළින් පදිංචිකරුවන් ඉවත්කර ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමය. එහෙත් එසේ නොකළ ඔවුහු "බෝලය" අරයාට මෙයාට පාස්‌ කරගැනීමේ ප්‍රතිඵලය වූයේ අවසානයේ බොදු බල සේනාව වැනි බහුජන සංවිධානවල මැදිහත්වීම මීට සිදුවීමය. එයින් ජාතිවාදී ආගම්වාදී මත ගැටුම් දක්‌වා එය දුරදිග ගිය අතර අනවශ්‍ය ප්‍රචාර ලෝකය පුරා පැතිර ගියේය. විදේශයන්හිදී මේවා හඳුන්වන්නේ මහා ජාතිය සුළු ජාතීන්ට සිදුකරන හිරිහැර වශයෙනි. මෙය තවත් "ජිනීවා" ප්‍රශ්නයක්‌ බවට පත්වීමට ඉඩ තිබේ. එහෙයින් මෙහි වැඩි වගකීම වන හා වනජීවී ඇමැතිවරුන්ද එම දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින්ද භාරගත යුතු යෑයි අපි කියා සිටින්නෙමු. නියපොත්තෙන් කඩන්නට ඇති දෙය පොරොවෙන් කපන තැනට ගෙන ආවේ ඔවුන්ය. මෙරට වන හා වනජීවී නීති උල්ලංඝනය කරන්නෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් හැකියාවක්‌ නැති පුද්ගලයන් ඒවා ජාතික හා ජාත්‍යන්තර ගැටලු බවට පත්වනතුරු බලා හිඳින්නේ නම් සැබැවින්ම මුන්ට තලන්නට සිදුවන්නේ මඩු වලිගයෙනි. මේවා කතා කරන ජනමාධ්‍ය සහ පරිසරවේදීන් වැරදිය. රටේ පරිසර ප්‍රශ්නයක්‌ කතා කරන පරිසරවේදීන්ට මේ ඇමැතිවරුන් කටපත්ත දිගඅරින්නේ එන්.ජී.ඕ. කාරයන් ලෙසින් හංවඩු ගසමිනි. පරිසරය ගැන කියන ලියන මාධ්‍යවේදියා එන්.ජී.ඕ. කාරයන්ගෙන් මුදල් ගන්නා අතවැසියන් ලෙස හඳුන්වයි. අලි පැටවු ජාවාරමේදී, ජාතික උද්‍යාන තුළට හරක්‌ ගාල් කිරීමේදී, උද්‍යානවල ජලාශවලට දේශපාලන හෙංචයියලා මාළු බාන්නට යෙදවීමේදී ඒවා තුළ වැලි, මැණික්‌ ගැරීම් ගැන කතා කරද්දී අපි සියල්ලෝ එන්.ජී.ඕ. කාරයෝය. උන් සුදනෝය. අද ඉල්ලාගෙන කන්නේ මේ සුදනකමේ ප්‍රතිඵලයය. එදා මට අයිති නැත. අරයාට අයිතිය කී කතා අස්‌කරගත් වනජීවී ඇමැති දැන් විල්පත්තු උතුරු අභය භූමියේ අනවසර පදිංචිකරුවන්ට නඩුදමා ඇත. 

තිස්‌ වසරක යුද්ධය මෙරට උතුරුකරයේ තිබූ සියලුම වන හා වනජීවී රක්‍ෂිත හොඳින් සංරක්‍ෂණය කළේය. එය අපට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවේ. ඔය කියන විල්පත්තුවද ඊට ඔබ්බෙන් වූ මොල්ලිකුලම, සිලාවතුර සිට මන්නාරම දක්‌වා (වන්කාලෙයි කුරුලු අභය භූමියද ඇතුලු) ප්‍රදේශ ඉතා හොඳින් ආරක්‍ෂා වී තිබිණි. කොටින්ම අද මෙන් නොව එදා පුත්තලමට නුදුරු එහා එළුවන්කුලම ප්‍රදේශයේවත් වන විනාශයක්‌ සිදුවුණේ නැත. විල්පත්තු ජාතික උද්‍යානයේ වනගහනය අඩු නැතිව ආරක්‍ෂා වූ අතර අදමෙන් ඒ තුළින් එළුවන්කුලම සිට මොල්ලිකුලම දක්‌වා උද්‍යාන මායිම් අතර ප්‍රධාන මාර්ගයක්‌ තිබුණේද නැත. ඒවා සියල්ල කැළයෙන් යටවී තිබිණි. එළුවන්කුලමේ සිට මන්නාරම (සිලාවතුර) දක්‌වා පාර කැපුණේ අවසන් යුද්ධය ජයග්‍රහණය සඳහා වැදගත් ප්‍රවේශ මාර්ගයක්‌ ලෙසිනි. මෙම මාර්ගය විල්පත්තුව ජාතික උද්‍යානය තුළින් මොල්ලිකුලමෙන් ඔබ්බට, එනම් මෝදරගංආරු පාළමෙන් ඔබ්බට පුත්තලම දිස්‌ත්‍රික්‌කයෙන් විල්පත්තු ජාතික උද්‍යානය නිමවන අතර මන්නාරම් දිස්‌ත්‍රික්‌කය ආරම්භ වේ. මෙතැන් සිට මන්නාරම් දිස්‌ත්‍රික්‌කය ආරම්භ වන්නේ මෙසේ ගැටලුවකට මුහුණ දී ඇති විල්පත්තුව උතුරු අභය භූමියෙනි. අක්‌කර තුන් ලක්‍ෂයක පමණ වපසරියක්‌ ඇති විල්පත්තු රක්‍ෂිතය මෙරටේ ඇති වැදගත්ම හා ප්‍රකටම රක්‍ෂිත භූමි ප්‍රදේශයකි. එදා යුද සමයේදී විල්පත්තු ජාතික උද්‍යානයද හුදකලා වූ අතර පැහැදිළිවම එළුවන්කුලම සිට සිලාවතුර දක්‌වා වනාන්තර පද්ධතිය ආරක්‍ෂා විය. එහෙත් දැන් එදාමෙන් නොව, සාමයේ ප්‍රතිඵල ලෙස උතුරු නැගෙනහිර වනාන්තර බිම් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්වෙමින් පවතී. විල්පත්තුවට ඇතිව තිබෙන තර්ජනය මේ බව අපට මනාව පසක්‌ කරවයි. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ වනාන්තරද, නැගෙනහිර ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර දිස්‌ත්‍රික්‌කවලද මෙම වන සංහාරය සහ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීම සිදුවේ. මේවාට එරෙහිව මේ වනවිට වන හා වනජීවී නිලධාරීන් කටයුතු කිරීම සිදු කරතත් එය බොහෝ විට තමන්ගේ පෞද්ගලික කටයුත්තක්‌ ගානට වැටී ඇත්තේ මෙම අක්‍රමිකතා පිටුපස සිටින බොහෝ අදිසි හස්‌තයක්‌ දේශපාලන බලාධිකාරියේ මැති ඇමැත්තෝ නිසාත්, ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් ඇතුළු සමාජයම පාහේ මුදලට, ජාතියට, ආගමට ලැදිව කටයුතු කරන නිසාය. හැමදාමත් අසරණ වන්නේ නීති ක්‍රියාත්මක කරන්නට යන වන හෝ වනජීවී නිලධාරියාය. ඊට ගමනෙන් යන්නේ ඒ නිසාය. ප්‍රමාද වී හෝ විල්පත්තු උතුරු අභය භූමියේ අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම ගැන වනජීවී අමාත්‍යවරයාටත් එම දෙපාර්ත මේන්තුවටත් අපගේ ස්‌තුතිය හිමිවිය යුතුය. විල්පත්තු ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් විල්පත්තු උතුරු අභය භූමියේ අනවසර පදිංචිකරුවන්ට එරෙහිව අධිකරණය මගින් සිතාසි නිකුත් කරවා පසුගිය 24 වැනිදා අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ ගනු ලැබීය. 

මන්නාරම දිස්‌ත්‍රික්‌කචයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි විල්පත්තුව උතුරු අභය භූමියේ අක්‌කර තුනකට වැඩි භූමි ප්‍රමාණයක්‌ හෙළිකර තාවකාලික නිවාස 44 ක්‌ ඉදිකර එම ජනපදයට මරික්‌කාරතිව් විලේඡ් ලෙස නමක්‌ද යොදාගෙන සිටින මෙම ජනපදිකයන් දස දෙනකුට එරෙහිව පළමුව සිතාසි නිකුත් කරගත් වනජීවී නිලධාරීහු පසුගිය 24 දා මන්නාරම් අධිකරණයේ ඔවුන්ට එරෙහිව නඩුව කැඳවූයේය. 

එහෙත් පෙනී සිටියේ ඉන් සිවු දෙනකු පමණි. මොහොමඩ් තවුµsක්‌, අබ්දුල් ගµqර් නසීන්, හුසේන් සාහිඩ්, අබ්දුල් ගපුර් ජාදිල් යන අනවසර පදිංචිකරුවන් සිව්දෙනාට එදින රුපියල් 25,000 බැගින් ශරීර ඇප නියම කළ මන්නාරම මහෙස්‌ත්‍රාත් ආනන්දි කනගතරත්නම් මහත්මිය අප්‍රේල් 26 වැනිදාට එළුවන්කුලම වනජීවී බීට්‌ටු කාර්යාලයට පැමිණ ප්‍රකාශයක්‌ ලබාදෙන ලෙසටද නියෝග කළාය. එසේම, දෙවන පියවර ලෙස තවත් තොරතුරු අනාවරණය කරගත් අනවසර පදිංචිකරුවන් අට දෙනකුටද මහෙස්‌ත්‍රාත්වරිය එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නට නියෝග නිකුත් කළාය. අභය භූමියකට ඇතුලු වී වනජීවී පනත උල්ලංඝනය කරමින් වනාන්තරය හෙළිකිරීම, පදිංචිය, ගිනිදැල්වීම, පාරවල් තැනීම හා භාවිතය, කසළ බැහැර කිරීම ඇතුළු පනතේ වගන්ති පහක්‌ උල්ලංඝණය කිරීමේ වරදට මෙම සැකකරුවන් යටත් කර ඇත.

තත්ත්වය මෙසේ තිබියදී මන්නාරම දිසා ලේකම්වරයා විසින් මෙම පදිංචිකරුවන් ඉවත්කර නැවත පදිංචි කිරීම සඳහා මරිච්චකට්‌ටිය ප්‍රදේශයේ වෙනත් අක්‌කර 50 ක්‌ වෙන්කරන ලද බවද "දිවයින" ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවසුවේය. දිසා ලේකම් වයි. එස්‌. දේශප්‍රිය මහතා මෙහිදී පැවසුවේ මේතාක්‌ මෙම අනවසර පදිංචිකරුවන්ගේ ගැටලුව පිළිබඳව රජයේ ඇමැතිවරයකු ඉහළ බලධාරීන් කිසිවකු, තමන්ගේ කරුණු නොඇසූ බවය. ජනමාධ්‍යයද මේ ගැන නොවිමසූ බව කී හෙතෙම කියා සිටියේ මාධ්‍යයක්‌ වශයෙන් "දිවයින" පමණක්‌ කරුණු විමසූ බවයි. අවම තරමින් පසුගියදා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මාධ්‍ය කණ්‌ඩායමක්‌ ගෙන්වා මෙම ස්‌ථානය මාධ්‍යයට පෙන්වා මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වුවද තමන්ට ඒ සඳහා ආරාධනය නොකළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පසුගියදා මාධ්‍ය කණ්‌ඩායමක්‌ රැගෙන ගොස්‌ තම නිර්දොෂිභාවය පෙන්වීමට උත්සාහ දරමින් මෙම පදිංචිකිරීම විල්පත්තුවේ සිදුවූ දෙයක්‌ නොවන බවට ඒත්තු ගැන්වීමට උත්සාහ ගත්තද එය ව්‍යාර්ත විය.

මේ අතර වනජීවී සංරක්‍ෂණ අමාත්‍යාංශයේදී එදිනම මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත් වූ අතර එහිදී වනජීවී ඇමැතිවරයා තාවකාලික නිවාස (කූඩාරම් ලෙස හඳුන්වා දෙන ලදී) 44 ක්‌ ඉදිකර අක්‌කර තුනක්‌ පමණ කැළෑව හෙළි පෙහෙළි කර ඇත්තේ විල්පත්තු උතුරු අභය භූමියේ බව පිළිගත්තේය. එසේම දැනටමත් ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇති බවද මන්නාරම අධිකරණයෙන් ලැබෙන තීන්දුව මත අනවසර පදිංචිකරුවන් වහාම අභය භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය. අභය භූමියේ ආරක්‍ෂාව පතා මොල්ලිකුලම හා එළුවන්කුලම බීට්‌ටු කාර්යාල සක්‍රීය කර ඇති බවද හේ පැවසීය.

එහෙත්, ගැටලුව නම් ශ්‍රී ලංකාවේ සියයට 14 ක භූමිය ආරක්‍ෂා කරන්නට ඇත්තේ වනජීවී නිලධාරීන් 1200 ක්‌ තරම් සුළු පිරිසක්‌ බවද වටහා ගන්නා මෙන් ජනමාධ්‍යයෙන් ඉල්ලීමක්‌ කළේය. මෙම සංඛ්‍යාව වැඩිකර වනජීවී රක්‍ෂිත ආරක්‍ෂා කරන බවට ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ හෝ ජනමාධ්‍ය, බොදුබල සේනාව කතා කළේ නැතිනම් බොහෝ විට මෙම ගැටලුව කාලයේ වැලි තලාවෙන් යටවී යනු නිසැකය. දැන් කාගේත් ඇස්‌ ඇරී තිබේ. රටේ රක්‍ෂිත වනාන්තර රැක ගැනීමට මෙය කදිම පූර්වාදර්ශයක්‌ කර ගත යුතුය. මෙතැනින් පටන් ගෙන රටේ වනාන්තර රැකචීමට ඉදිරි පියවර තැබීමට නොහැකි වන්නේ නම් මහින්ද චින්තනයේ සඳහන් නිල්ල පිරුණු රටක්‌ ගොඩනැඟීම බොරුවක්‌ වනු නොඅනුමානය. ලක්‍ෂ ගණන් පැළ සිටුවන්නට පෙර තිබෙන වනය රැකීමට සඳහා කටයුතු සිදුවිය යුතුය. විශේෂයෙන්ම උතුරු - නැගෙනහිර ආක්‍රමණය හා ව්‍යාප්තවාදය සිදුවන්නේ භූමිය මුල්කරගෙන බැවින් ඊට වැට මායිම් යෙදීම රජයේත් බලධාරීන්ගේත් වගකීමය. ඒ නැතිව මේවා ගැන කතා කරන පරිසරවේදීන්ට ජනමාධ්‍යයට එන්.ජී.ඕ. ලේබල් ඇලවීමෙන් සිදුවන්නේ තම තමන්ගේ රෙදි ගලවා ගැනීමම වන බවද වගකිවයුත්තන්ගේ සිහිතබා ගැනීම වැදගත්ය.

ජගත් කණහැරආරච්චි, අනුර බාලසූරිය, නලින් හෙන්දුරුගොඩ - පුත්තලම | ඡායාරූප හෙන්දුරුගොඩ -නිශාන් එස්‌ ප්‍රියන්ත
http://www.divaina.com/2014/04/27/feature17.html

සබැඳි ලිපි - [විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ.

මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි. ඒවාත් හෝටල් නොව, කුඩා නිවාස ප්‍රමාණයේ නවාතැන් හෝ ලැගුම් හල් බව කීවාට වරදක්‌ නැත. ඒ හැරුණ විට පොතුවිල් - පානම මහ පාරට විවෘත වෙරළ තීරයේ හැම තැනම දක්‌නට ලැබුණේ ධීවර වාඩිය. වසරේ එක්‌තරා කාලයකට පමණක්‌ පැමිණෙන සංචාරක ධීවරයන් වාඩි ගසාගෙන ඒ වෙරළ කලාපයේ ජීවත් වූහ. මාතර, ගන්දර, දෙවුන්දර, කුඩාවැල්ල හා තංගල්ල, මීගමුව ආදී ප්‍රදේශවලින් පවා පැමිණි ධීවරයෝ ඒ වාඩිවල ජීවත් වූවා මට මතකය.

එහෙත් අතීතයේ පටන් "මුහුදු දිය මත ලිස්‌සා යන" සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාව ගැන උනන්දු සංචාරකයෝ ඉතාම සීමිත පිරිසක්‌ අරුගම්බේ කලාපයේ "මුහුදු රැල්ලේ" විශේෂත්වය වටහාගෙන සිටියහ. මුහුදු රළෙහි මුදුන තියුණු තුඩක්‌ සහිතව මුහුදෙහි සිට රළ පෙළ වෙරළ දෙසට ඇදී ඒම මෙහි ඇති විශේෂත්වයයි. ලංකාවේ සීමිත මුහුදු කලාපවලට පමණක්‌ ආවේණික මේ මුහුදු රළ ලක්‍ෂණය සහිත පරිසරය සරෆින් බෝට්‌ස්‌ ක්‍රීඩාවට කදිමය. මේ නිසා සංචාරකයන් අප්‍රසිද්ධියේ පැමිණ අරුගම්බේ කලාපයේ එම ක්‍රීඩාව කරමින් විනෝද වීමට තරමක ඉතිහාසයක්‌ ද තිබුණ බව කිව යුතුය.

එහෙත් ඒ සංචාරකයන් හා ඔවුන්ට පහසුකම් සැලසූ ඉතා සීමිත කුඩා සංචාරක ලැගුම් හල් එදා මේ ප්‍රදේශයේ පැවතියේ ධීවරයන් සමග සහයෝගයෙනි. දෙගොල්ලෝ කලබලයක්‌ නොමැතිව දෙගොල්ලන්ගේ කර්මාන්ත කරගෙන ගිය සැහැල්ලුව අපට මතකය.

යුද්ධය පැමිණියේය. අරුගම්බේ ධීවර කර්මාන්තයටත් සංචාරක කර්මාන්තයටත් නරක කලදසාවක්‌ උදා කළේය. ඉන් පසුව තවත් වරක්‌ සුනාමිය පැමිණියේය. අරුගම්බේ කලාපයේ සංචාරක නවාතැන් මෙන්ම ධීවර කර්මාන්තයද අකා මකා දැම්මා අපට මතකය.

සියල්ලට පසු සාමය සමග සංවර්ධනය උදාවිය. අරුගම්බේ පාලම අලුතින් ඉදිවිය. මහා මාර්ග පද්ධතිය ඉදිවී ඒවා සක්‍රීය වනවාත් සමගම අරුගම්බේ පාලම ළඟ සිට උල්ලේ කෙළවර තුඩුව දක්‌වා පිහිටි වෙරළ කලාපය පාරට සංවෘත කලාපයක්‌ විය. ධීවරයන් නිතර නිතර ගැවසුන ඒ කලාපයම සංචාරක කර්මාන්තකරුවන් විසින් ආක්‍රමණය කළා යෑයි කීවොත් නිවැරැදි යෑයි මම සිතමි.

දැන් එහි ඇත්තේ සංචාරක ලැගුම් හල් හෝ නවාතැන් නොව, හෝටල්ය. ලොකු කුඩා සංචාරක හෝටල්ය. ඉතා සීමිත හෝටල් ගණනක්‌ සංචාරක කර්මාන්තය කරන ප්‍රකට ව්‍යාපාරිකයන්ගේය. අනෙක්‌ ඉඩකඩම් සියල්ල අයිති කරගෙන ලැගුම්හල් හා හෝටල් මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට පහසුකම් සපයන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ ප්‍රදේශයේ මුස්‌ලිම්වරුන්ය.

ඒ අනුව එදා වාඩි තනාගෙන ධීවර කර්මාන්තය කරමින්, උල්ලට නාන්නට හෝ විනෝද වන්නට පැමිණෙන දේශීය සංචාරකයන්ට උදව් පදව් කරමින් ජීවත් වූ තංගල්ලෙන්, දික්‌වැල්ලෙන්, කුඩාවැල්ලෙන්, ගන්දරින්, දෙවුන්දරින්, මාතරින්, මීගමුවෙන් ගිය ධීවරයන් වෙනුවට අද සෑම තැනකම දක්‌නට ඇත්තේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන්ය.

අරුගම්බේ සංචාරක පුරවරයේ ජනප්‍රියම තැන "උල්ලය". උල්ල යනු අරුගම්බේ මුහුදු වෙරලේ කෙළවරේම පිහිටි නොගැඹුරු හා ආරක්‍ෂිත යෝධ නාන තටාකයක්‌ බඳු තැනකි. විදේශීය සංචාරකයන්ට වඩා අද උල්ලට ලක්‍ෂ සංඛ්‍යාත ලෙස දේශීය සංචාරකයෝ ඇදී එන්නේ "උල්ල" මුහුදු වෙරළේ සුව විඳිමින් මුහුදට බැස හිත් පුරා මුහුදු දිය සනහමින් විනෝද වන්නටය.

රටට ම වසන්ත සමය උදාවෙන අප්‍රේල් මාසයේ අවුරුදු කාලය තුළ උල්ලට ඇදී එන ජනසන්නිපාතය දෙගුණ තෙගුණ වන්නේ ඒ කාලයේ එම මුහුදු කලාපයේ ඇති ආවේණික සුන්දරත්වය හා විශේෂත්වය නිසාය. මෙසේ ඇදී එන ජනසන්නිපාතයෙන් අති බහුතරය සිංහලයන් බව මා කියන්නේ ජාතිවාදයෙන් ප්‍රශ්න ඇති කරන්නට නම් නොවේ.

එහෙත් ඔවුන්ට සේවා සපයමින් ඔවුන්ට ආහාරපාන හා සේවාවන් විකුණමින් ඔවුන්ට පහසුකම් කියා "අපහසුකම්" සලසමින් හරිහම්බ කරගන්නා මුස්‌ලිම් ව්‍යාපාරිකයන් සංචාරකයන්ට සලසා ඇති පහසුකම කුමක්‌ද?

උල්ලට යන එන සංචාරකයන්ට සිය රථවාහන වෙරළට ආසන්න තැනක නතර කරන්නට අද තැනක්‌ නැත. ඒ සියලු ඉඩම් මුස්‌ලිම්වරු මොන ක්‍රමයකින් හෝ කොටුකරගෙනය. එසේ කොටුකරගත් තැනක්‌ (ඉඩමක්‌) අද වාහන නවාතැන් පලක්‌ ලෙස පවත්වාගෙන යන මේ මුසල්මානුවෝ සිතූ සිතූ පරිදි මුදල් හරිහම්බ කරන්නේ පොතුවිල ප්‍රාදේශීය සභාවේ ටිකට්‌ පතක්‌ද ඊට හිලව් කරමිනි.

උල්ල දෙසට හරවන සෑම වාහනයක්‌ම මේ ඉඩමට ගාල්කරන මේ මුස්‌ලිම්වරු වාහනය නතර කළ වහාම ටිකට්‌ පතක්‌ කඩා මුදල් ලබා ගනිති. මෝටර් සයිකලයකට රු. 30 කි. ත්‍රීවීලරයකට 50 කි. කාරයකට වෑනයකට ඩබල් කැබ්රියකට රු. 100 කි. බස්‌රියකට 150 කි. ටිකට්‌ පතේ මේ ගාස්‌තු සඳහා යටත් වන වෙලාවක්‌ සඳහන් නැත. එහෙත් වාහනයේ පැමිණි පිරිස දිය නාගෙන පැමිණි විගසම වාහනය රථගාලෙන් පිටත් විය යුතුය.

රථගාලේ ඇත්තේ සීමිත ඉඩකඩකි. ඉඩ මදිවූ විට මේ මුසල්මානුවන් කරන්නේ දිය නාගෙන පැමිණ රථයේ ගිමන් හරින දේශීය සංචාරකයන් පළවාහැරීමය. ඒ සඳහා බලහත්කාරය හා සිංහලයන්ට නොතේරෙන, දෙමළ භාෂාවේ ඇති රළු පරළු ගොරහැඩි වචන හා ගොරහැඩි ක්‍රියාකලාපයන් භාවිත කිරීම ඔවුන්ගේ පුරුද්දයි.

මුහුදු දිය නාගෙන ගොඩට එන සංචාරකයන්ට පිරිසිදු දිය නාන්නට ආවරණයක්‌ද මේ මුස්‌ලිම්වරු එතැනම ඉදිකර ඇත. එම වතුර නගර සභාවෙන් ලබාදෙන නල ජලය බව ඔවුහු කියති. ඒ සඳහා ගාස්‌තු අයකරන්නේ ඔලුගෙඩි ගණනටය.

කිරි බොන කුඩා දරුවෙක්‌, ළඳරුවෙක්‌ පුංචි කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ තරුණයෙක්‌ වැඩිහිටියෙක්‌ මහල්ලෙක්‌ කියා නැත. දිය නාන්නට ගේට්‌ටුවෙන් ඇතුළුවෙන සෑම ඔලුගෙඩියකින්ම රු. 30 ගණනේ අයකරන්නට ගේට්‌ටුවේ සිටින රැකවලා පුරුදුව සිටියි. ඇතුල්වන්නන්ට වැඩි වේලා දිය නාන්නට ඉඩක්‌ නැත. කෙනෙක්‌ දිය නාගෙන ෂවරය යටින් අයින්ව සබන් ගාන්නට යන විට තව 10 දෙනෙක්‌ ෂවරය යටට එන්නට බලා සිටිති. ඒ තදබදය තුළ කෙනකුට හිසේ තිබෙන මුහුදු වැලි සෝදා හැරීමත් ඉතා අසීරුය. දිය දහරාවද වේගවත් නැත.

පසුගිය අවුරුදු සතියේ උල්ලට ගිය මේ ලියුම්කරුටද මේ මුස්‌ලිම්වරු ප්‍රශ්නයක්‌ ඇති කළේ අපි ගිය වාහනය ඉවත් කරගන්නට බලකරමිනි.

ඔයාලා නාලා ඉවරයි. දැන් ඔයාලා යන්න. වාහනය ගන්න.

අපි නෑවට තවම ඇඳුම් මාරුකරන් ඉවර නෑ. පුංචි ළමයි තවම ඇඳුම් මාරු කරනවා.

තව වාහන තියනවා දාන්න. ඔය වාහනය එළියට ගන්න. මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ මොරගායි.

අපි රු. 100 ගෙව්වා. තවම පැය 2 ක්‌ ඉඳල නෑ. අපිට තව වෙලාව ඕන. තමුසෙලා සල්ලි ගන්න ඕන අපි ඉන්න වෙලාව අනුව මිස පාක්‌ එකට ඇතුල් කරන ඇතුල් කරන එක අනුව නොවෙයි. සල්ලි ගන්න ඕන වාහනය එළියට යනකොටයි. මම නීතිය කියා දුන්නෙමි.

මුස්‌ලිම් ජාතික ෂයිලොක්‌ට ඒ නීති රීති නැත. ඔහුගේ ආගම මුදල්ය. ඔහුට අවශ්‍ය පැමිණි වාහනවලට පහසුකම් සපයන්නට නොව, ඔවුන් මකබෑවෙන්නට හැර හැකි තරම් වාහන පාක්‌ එකට ඇතුල් කර ගනිමින් සල්ලි ගරන්නටය. ඊට ඉඩකඩ ගන්නේ බලහත්කාරයෙන් ඇතුලේ තිබෙන වාහන එළියට පන්නමිනි.

අවසානයේ අපේ හබය විසඳුවේ නීතිගරුක පොලිස්‌ නිලධාරීන් තුන්දෙනෙක්‌ එතනට පැමිණ ප්‍රශ්නයට මැදිහත් වෙමිනි.

ඕවට අහුවෙන්න එපා. ඔයාලා රු. 100 ක්‌ දීල ටිකට්‌ එකක්‌ ගත්තා නම් දවසම වුණත් මෙතන ඉන්න ඔයාලට අයිතිය තියනවා. මෙයාලා ටිකට්‌ එකේ වෙලාව ගහලා නැහැ. නාන්න ඕන නම් එහා පැත්තේ නොමිලේ නාන්න නාන ලිං තියනවා. මෙවුන්ට මුදල් පූජා කරන්න එපා. ප්‍රශ්නයක්‌ තියනවා නම් අපට කියන්න. පොලිස්‌ නිලධාරීන් යුක්‌තිය ඉටු කළේ එසේය.

එහෙත් දිනපතාම මෙබඳු සිදුවීම් මෙතැනට හිඟ නැත. සෑම පැයකම මෙබඳු සිදුවීම් එකක්‌ දෙකක්‌ මෙතැන සිදුවන්නේ මේ මුස්‌ලිම්වරුන්ගේ තිබෙන බලහත්කාරය නිසාය. ඔවුන් අද උල්ලේ හැසිරෙන්නේ මේ මුළු භූමියේම අයිතිකාරයෝ ඔවුන්ම සේය.

උල්ලට අරුගම්බේට යන ඉහළ පෙළේ විදේශ සංචාරකයන්ට නතර වන්නට අද එහි ඕන තරම් හෝටල් තිබේ. මුදල් හදල් යහමින් ඇති දේශීය සංචාරකයන්ටද අද මේ බිමේ ප්‍රශ්න නැත. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ හැම තැනකම ප්‍රශ්නය. මුස්‌ලිම් ආධිපත්‍ය විසින් අදට වඩා හෙට දිනයේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් එබඳු ප්‍රශ්න දිනෙන් දින නිර්මාණය කරමින් සිටින බව පැහැදිලිය.

බුලිත ප්‍රදීප් කුමාර 
http://www.divaina.com/2014/04/27/feature11.html

විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!

අපි අපූරු ගමනක්‌ ගියෙමු. ගමනට නිමිත්ත වී තිබුණේ මේ දිනවල රට උණුසුම් කර ඇති විල්පත්තු උතුරු අභයභූමියේ ඉදිකරගෙන යන පැල්පත් නිවාස ගැන සොයා බැලීමය. ගමන සංවිධානය කර තිබුණේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිතුමා ඇතුළු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.

පසුගිය 22 වැනිදා උදේ 8.00 ට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙන් ගමන ආරම්භ විය. දහවල් වන විට පුත්තලම එළුවන්කුලමට ළඟා විය. එතැනින් එහාට ගමන් කිරීමට කලා ඔය තරණය කළ යුතුව තිබිණි. එහෙත් කලාඔය මැදින් දමා ඇති සපත්තු පාළම මතින් වතුර ගලා යන තරමටම ජල කඳ උරණ වී තිබිණි. නොසිතු ලෙස වැඩි වූ ජල කඳ පැයක්‌ පමණ ගත වන විට බැස යන බව නඩයේ ගුරා වූ බදුර්දීන් ඇමැතිතුමා මාධ්‍යවේදීන් අමතා කීවේය. 

පුත්තලම එළුවන්කුලම හරහා විල්පත්තු ජාතික වන උද්‍යානය මැදින් මන්නාරමට දිවෙන මෙම මාර්ගය ඉදිකර ඇත්තේ යුද සමයේ හමුදා සේනාංකවලට පහසුවෙන් සහ ආරක්‍ෂිතව උතුරට ගමන් කිරීමටය. එසේ නොමැතිව ජාතික වන උද්‍යානයක්‌ මැදින් මහ මාර්ග තැනීම වන සංරක්‍ෂණ ආඥපනතට අනුව අවසර නැත. කෙසේ හෝ යුද සමයේ කැපුණු මග දැන් ස්‌ථාවර වී ඇති සේය. මිනිස්‌ වාසයෙන් හිස්‌ යෑයි සිතෙන තරමට මග හුදෙකලා වුවද, මාර්ගය පුළුල් කරමින් තැනින් තැන කාපට්‌ අතුරමින් ද තිබෙන්නේය.

පැය භාගයක්‌ පමණ යන විට පාළම මතින් ගලන වතුර ප්‍රමාණය අඩු විය. එසැනින් ක්‍රියාත්මක වූ ඇමැති ආරක්‍ෂක රථය පෙරමුණ ගෙන ගලා යන වතුර මතින්ම කලාඔය තරණය කළේය. සෙසු වාහන පෙළද ඇමැති ආරක්‍ෂක රථය අනුගමනය කළහ. එහා ඉවුරේ විල්පත්තු ජාතික වන උද්‍යානයට ඇතුළු වන එක්‌ දොරටුවකි. එම ස්‌ථානයේ දැන්වීම් පුවරුවක සටහන් කර ඇත්තේ අවසර පත්‍රයක්‌ නොමැතිව වන උද්‍යානයට ඇතුළුවීම තහනම් බවය. එහෙත් සියයකට වඩා වැඩි වූ අපගේ කණ්‌ඩායමට එම නීතිය වලංගු නොවීය. ජීවිතයේ පළමු වතාවට අවසර පත්‍රයක්‌ නොමැතිව වන උද්‍යානයට ඇතුළුවීමේ භාග්‍යයද අපට එම ගමනේදී උදා විය.

මෙතැන් සිට අප ගමන් කරන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානය මැදිනි. වියළුණු පොළව කලඹාගෙන වාහන පෙළ පිම්මේ ඉදිරියට ඇදෙන්නාහ. දූවිලි තැවරුණු වඳුළු අතරින් දුඹුරු පැහැයෙන් සිත්තම් වන බොරළු පාර හීයක්‌ මෙන් විහිදී යනු දකිමු. හිරු ගිනියම්ව අවට දවාලුවද සිතිජය වැස්‌සකට අරඇඳමින් තිබේ. වන උද්‍යානයක්‌ මැදින් ගමන් කළ ද කුරුල්ලෙක්‌වත් ඇස නොගැටුනේය. කලාඔයෙන් එගොඩ වී පැය එකහමාරකට පමණ පසු මෝදරආරු ප්‍රදේශයෙන් විල්පත්තු ජාතික වන උද්‍යාන සීමාව පසු කර විල්පත්තු උතුරු අභයභූමියට සේන්දු විය. මරික්‌කාර්තිව් ලෙස හඳුන්වන මෙම ප්‍රදේශය අයිති වන්නේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ මුසිල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට. 

නැවතත් කාපට්‌ පාරකි. ටික දුරක්‌ යන විට කැලෑව සුද්ද පවිත්‍ර කර මට්‌ටම් කර පොළව මත තැන තැන කූඩාරම් ඉදිකර තිබිණි. වාහන පෙළ නතර කෙරිණි. බැලූ බැල්මට අහිකුණ්‌ටික පැල්පත් වැනිය. එහෙත් අහිකුණ්‌ටික කූඩාරමක නම් මිනිසුන් ජීවත් වන බව හැඟෙන රෙදි පොට්‌ටනියක්‌, නයි බහාලන වේවැල් කූඩයක්‌ තරම්වත් තිබේ. කූඩාරම ඉදිරිපිට හෝ පසු පස දර ලිපක්‌ තිබේ. රිළවෙක්‌ බල්ලෙක්‌ සමග සෙල්ලම් කරන ළමයෙක්‌ දෙන්නෙක්‌ සිටිති. එහෙත් මේ කූඩාරම් තුළ මිනිසුන් ජීවත් වන බවට කිසිදු සලකුණක්‌ නැත. කූඩාරම ඉදිරිපස ත්‍රිරෝද රථයක්‌, යතුරුපැදියක්‌ නවතා තිබේ. අඹුසැමියන් යෑයි කියන පිරිමියෙක්‌ සහ ගැහැණියක්‌ සිටිති. පසුබිමෙන් පෙනෙන්නට තිබෙන්නේ එවැනි හැඩ තලයකි. එහෙත් කතාව යන්නේ මේ කූඩාරම් තුළ ජීවත් වන්නේ ඒ බිමට පරම්පරාවෙන් උරුමකම කියන මිනිසුන් බවය. එහෙත් වනජීවී නිලධාරීන් කියන්නේ ඒ භූමිය විල්පත්තු උතුරු අභයභූමියට අයිති බවය. සිද්ධිය උණුසුම් වන්නේ එසේය.

ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලනඥයා වන රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා ඇතුළු මුසිල ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. එහියාම් සහ මන්ත්‍රීවරු දෙදෙනකු ද, ප්‍රදේශයේ ඉඩම් නිලධාරිවරයා සහ ප්‍රධාන මිනින්දෝරු නිලධාරිවරයාද මෙම ස්‌ථානයට පැමිණ සිටියහ. දැන් දැන් මාධ්‍යවේදීන් නගන විවිධ ප්‍රශ්නවලට ඔවුහු උත්තර බඳින්නාහ. අපි තව තවත් අවට විපරම් කළෙමු. පොල්අතු කූඩාරම්වලට පසුපසින් සිමෙන්ති ගඩොලෙන් ඉඳිවුණු ගොඩනැඟිල්ලකි. එම ගොඩනැඟිලිල්ල ඉදිරිපස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ, ග්‍රාමීය සංවර්ධන කාර්යාලය ලෙස දැන්වීම් පුවරුවකි. ඒ අසළම පැල්පතක්‌ ඉදිරිපිට සිටි කෙනකු සමග අපි ඔවුන්ගේ ජීවන තතු විමසුවෙමු. ඔහු නාජාඩ්ය. පැල්පත්වාසියෙකි.

නාජාඩ්ලා මෙහෙට ඇවිත් කොච්චර කාලයක්‌ වෙනවද?

අවුරුදු තුනක්‌ වෙනවා.

ඔයලා ජීවත් වෙන්නේ මේ මඩුවේද...

නෑ.

දැන් ඔබ කිව්වේ මෙහෙට ඇවිත් අවුරුදු තුනක්‌ වෙනවා කියලා...

ඔව්... එහා පැත්තෙ ගම තියෙනවා. ගෙවල් තියෙනවා. දැන් ඒ ගෙවල් වහලා දලා මෙතැනට ආවා..

එහා පැත්තේ කියන්නේ...

මරිච්චිකටුවේ.

නාජාඩ් කසාද බැඳලද...

ඔව්... මේ ඉන්නේ බිරිඳ.

ඔහු අසළම සිටි කාන්තාව දෙසට නාජාඩ්ගේ දෙනෙත් ඉගිළිණි. ඇය තුරුළේ සිටින පුංචි දරුවා ද අප දෙස බලා සිටින්නේය.

නාජාඩ්ට ළමයි කීදෙනෙක්‌ ඉන්නවද?

දුවල තුනයි. පුතලා දෙකයි.

දරුවෝ මොකද කරන්නේ...

ඉස්‌කෝලේ යනවා.

ඉස්‌කෝලේ යන්නේ කොහේද...

පුත්තලමේ...

පුත්තලමේ කොහේද ළමයි ඉන්නේ...

ගෙදර.

පුත්තලමේත් ගෙයක්‌ තියෙනවද?

ඔව්... යුද්ධ කාලේ කුට්‌ටිගලින් අපිට ඉඩම් දුන්නා.


ඔයාලට තැන් දෙකක ගෙවල් තියෙනවා නේද. ඇයි තවත් ඉඩම් අල්ලගෙන ඉන්නේ...


මෙතන අපේ පරම්පරාවේ ඉඩම්. අනිත් එක අපේ පවුල දැන් ලොකුයි. දරුවන්ට ඉන්න තැනක්‌ ඕනෑ.


ඔයාලගේ පැරැණි නිවස තිබුණේ කොතනද?


'අතන' ඔහු කැලෑව දෙසට අත දිගු කළේය.


නිවසක්‌ තිබුණු බවට සලකුණක්‌වත් නැහැනේ...


අපේ ගෙවල් එල්.ටී.ටී.ඊ. විනාශ කරලා.

ගම්මානයක්‌ තිබුණු බවට දැනට මොනවද තියෙන සාක්‍ෂි...

පල්ලිය තියෙනවා. සොහොන තියෙනවා. ළිඳ තියෙනවා. වැව තියෙනවා... කුඹුරු තියෙනවා..

කොහේද ඒවා තියෙන්නේ...

ඔය තියෙන්නේ කුඹුරු.

නාජාඩ් නැවතත් කැලෑවට අත දිගු කරන්නේය.

මොනවත් පේන්නේ නැහැනේ...

කැලෑ වැවිලා. අර කැලේ පැත්තට වෙන්න කුඹුරුවල නියරත් තියෙනවා.

එහෙම නම් අපි යමුද බලන්න...

ගොඩක්‌ දුර යන්න ඕනා. සත්තුත් ඉන්නවා.

පල්ලිය තිබුණු තැනට බලන්න යමුද?

දැන් කැලේ වැවිලා කිසිම දෙයක්‌ පේන්නේ නැහැ...

අපේ පැනයන්ට නාජාඩ් එසේ පිළිතුරු දෙන විට තවත් පැල්පත්වාසියකු වන එම්. එම්. මර්සූක්‌ තවත් මාධ්‍ය සගයකු සමග මෙසේ කතා කරමින් සිටියේය.

යුද්ධය ඉවර වුණාට පස්‌සේ රජය කිව්ව නැවත ගම් පළාත්වලට ගිහින් පදිංචි වෙන්න කියලා. එතකොට අපේ ඇමැතිතුමා කිව්වා අපිට මේ ඉඩම්වල පදිංචි වෙන්න කියලා. එතුමා කිව්ව විදිහට අපි මේ ඉඩම් එළිකරගෙන පදිංචි වුණා.

මේ අභයභූමියට අයිති ඉඩමක්‌ කියලා කවුරුවත් ඔබලට කිව්වේ නැද්ද?

මේක අපේ අම්මා, තාත්තා හිටපු ඉඩම්. ඒවට එන්න අපිට කාගෙන්වත් අවසරයක්‌ ඕන නැහැ.

මෙහෙන් යනකොට ඔබ හිටියේ නැද්ද?

අපි පොඩි ළමයි.


දැන් ඔයාගේ වසය කීයද?


49 යි.


ඔබ කිව්වේ මේ ගම්බිම්වලින් ගියේ 1990 අවුරුද්දේ කියලා. දැන් ඔබගේ වයස එක්‌ක බලනකොට ඔබට අවුරුදු 25 යි. ඇයි ඔබ පොඩි දරුවෙක්‌ ගානට වැටුණේ. කව්ද ඔයලා නොදරුවෝ කරන්න හදන්නේ...


කොටි ත්‍රස්‌තවාදයෙන් උතුරු-නැගෙනහිර විනාශ වූ තවත් ගම්බිම් ඇත්තේය. යුද්ධය නිසා නටබුන් වූ ගොඩනැඟිලි, නිවාස එම ගම්බිම්වල අදටත් දකින්නට ලැබේ. එහෙත් පුදුමයකි. මේ මරික්‌කාර්තිව් ගම්මානයේ ගොඩනැඟිලිවල අත්තිවාරමත් ගලවා දැමීමට තරම් එල්.ටී.ටී.ඊ. සැහැසි වී තිබේ. මේ කතාව අහන විට අපේ හදවත් හිරී වැටී යන්නේය. දෙනෙත් උණු කඳුළින් පුරවාලන්නේය. ගම්මුන්ගේ කතා අසා කම්පනයට පත් වූ අපි ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නායකයා වන මුසිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග මොහොතක්‌ කතා කළෙමු. 

සභාපතිතුමා මේ ගම එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීමට පෙර පවුල් කීයක්‌ ජීවත් වුණාද?

පවුල් එකසිය පනහක්‌ විතර ජීවත් වුණා.

දැන් පවුල් කීයක්‌ විතර ඉන්නවද?

පවුල්වල සාමාජිකයෝ වැඩි වෙලා දැන් පවුල් එක්‌දහස්‌ පන්සීයක්‌ විතර ඉන්නවා.

මේ ඉඩම අභයභූමිය අයිති ඉඩමක්‌ කියනවා නේද?

ඔය අභයභූමිය කියන කතාව මට හරියට පැහැදිළි නැහැ. මේ මිනිස්‌සු පදිංචි වෙලා හිටියේ මේ ඉඩම්වල. මම දන්නේ එච්චරයි.

ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට අභයභූමියක්‌ කියන්නේ මොකක්‌ද කියලා ඔබතුමා දන්නේ නැද්ද?

මම ඕවා දන්නේ නැහැ. දැන් තමයි වනජීවී එක ඔය අභයභූමි කතාව කියන්නේ. 2010 අවුරුද්දේ මේ ප්‍රජාශාලාව හැදුවේ කවුරුවත් කතා කළේ නැහැ.

ප්‍රදේශයේ නායකයා ලෙස සිටින ප්‍රාදේශීය සභාපතිවරයා තම ප්‍රදේශයේ ඇති ජාතික වන උද්‍යානය ගැනවත් දන්නේ නැත. එවැනි ප්‍රාදේශීය නායකයකු සමග තවත් කතා කර පලක්‌ නැත. එහෙයින් අපි අපට මතු වුණු ගැටලු ප්‍රදේශය නියෝජනය කරන ඇමැතිවරයා වන කර්මාන්ත හා ඉංජිනේරු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත යොමු කළෙමු.

මේ මිනිස්‌සු පදිංචි වෙලා ඉන්නේ විල්පත්තුව උතුරු අභයභූමියේ නෙමෙයිද?

1938 අවුරුද්දේ අභයභූමියක්‌ කියලා ප්‍රදේශයක්‌ ගැසට්‌ කරලා තියෙනවා කියලා වනජීවී නිලධාරීන් කියනවා. මේ ජනතාව කියනවා ඔවුන්ගේ සුසාන භූමිය මෙතන තියෙනවා. කුඹුර තියෙනවා. පරම්පරාවම ජීවත් වුණේ මෙතැන කියලා. මේ පිළිබඳව දැන් උසාවියේ නඩුවක්‌ යනවා. උසාවිය දෙන තීන්දුව අපි පිළිගන්නවා.

ගෙවල් සීයකට වඩා හදන්න නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගන්න ඕනා. 'ජාසිම්සිටි' නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් සීයකට වැඩියි. එහෙම අවසර අරගෙන තියෙනවාද?

මේ අලුත් ප්‍රදේශයක්‌ නෙමෙයි. පැරැණි ගම්මානයක්‌. ඒ නිසා මේකට අලුතින් අවසර ගන්න ඕනා නෑ.

දැන් මේ මාධ්‍ය සාකච්ඡාවට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකුට සහ ප්‍රදේශයේ දිසාපතිතුමාට ආරාධනා කළේ නැද්ද?

නැහැ. අපි මේක හදිසියේ කරපු දෙයක්‌.

ඔවුන්ගේ කතාව දැන් අපට ඕනෑවටත් වඩා පැහැදිළිය. ඇමැතිතුමා නටන්නට ගිය නාඩගම පසුතලයේදීම අනාගත්තේය. එහෙත් මේ ගැටලුව නිසා මරිච්චිකට්‌ටුව, මරික්‌කාර්තිව් පමණක්‌ නොව මුළුරටම නොසන්සුන්ය. බෙහෙවින්ම නොසන්සුන්ය.

නිරුවතින් නටන මේ නාඩගම අපව කම්පා කරන්නේය. මේ රට විචිත්‍ර වූයේ බහුජාතික සංස්‌කෘතීන්හි සොදුරු රූ රටා අතරය. ඒ වෛර්ණ සංස්‌කෘතික ගැඹුරු රුධිර ගංගාවක ගිල්වාලන්නට කැස කවන මේ ගෝත්‍රික රංගනය අවසන් වනු ඇත්තේ ජාතියේ සොහොන් බිම මතිනි. 

තරංග රත්නවීර, සිරිමන්ත රත්නසේකර - ඡායාරූප - නිශාන් එස්‌ ප්‍රියන්ත
http://www.divaina.com/2014/04/27/feature01.html

සබැඳි ලිපි - [විල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]