Pages

Thursday, April 24, 2014

දඹුල්ල බොදු උරුමයට වෛර කරන දඹුලු දෙස්පාලුවාගේ කේලමෙන් දඹුල්ල විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවතට???


ඉවත්කළොත් එහි පාඩුව යුනෙස්‌කෝවටයි - ඉනාමළුවේ සුමංගල නාහිමි

දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කළහොත් එහි පාඩුව සිදුවන්නේ අරමුදල් මත යෑපෙන යුනෙස්‌කෝ සංවිධානයට මිස දඹුලු රජමහා විහාරයට නොවන බව දඹුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියෝ පවසති.

එසේම දඹුල්ල ලෙන් විහාරය සහිත රජමහා විහාර පරිශ්‍රය මේ තාක්‌ කාලයක්‌ රැක ගත්තේ සංස්‌කෘතික ත්‍රිකෝණය හෝ යුනෙස්‌කෝව නොව අතීත නායක හාමුදුරුවන්වහන්සේලා අනුව යමින් තමන්වහන්සේ බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියෝ ඊයේ (23 වැනිදා) 'දිවයින'ට විශේෂ ප්‍රකාශයක්‌ කරමින් මේ බව පැවැසුවේ දඹුල්ල රජමහා විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවට පැතිර යන ආරංචි පිළිබඳ අදහස්‌ දක්‌වමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ කියා සිටියේ වර්ෂ 1991 දී යුනෙස්‌කෝ සංවිධානය මගින් දඹුල්ල රජමහා විහාරය ලෝක උරුමයක්‌ ලෙස නම් කළද ගඩොලයක තරම් ප්‍රතිසංස්‌කරණයක්‌වත් මේ තාක්‌ සිදුනොකර ඇති බවයි. ලෝක උරුම ලැයිස්‌තුවෙන් දඹුල්ල රජමහා විහාරය ඉවත් කිරීමේ සැලසුම පිටුපස දඹුල්ල ප්‍රදේශය නියෝජනය කරන රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ සිටින බව සඳහන් කළ උන්වහන්සේ මේ පිළිබඳ කියා සිටියේ අදාළ දේශපාලනඥයා මේ සම්බන්ධව යුනෙස්‌කෝ සංවිධානයට පෙත්සමක්‌ යවා ඇති බවට අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියෝ තමන් වහන්සේට දැනුම් දුන් බවයි. දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේ ඉදිකර ඇති සුවිසල් රන් බුදු පිළිමය හා එම විහාර පරිශ්‍රය කඩා බිඳ දැමීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ බවද බෞද්ධ වේශයෙන් පෙනී සිටින කපටි දේශපාලනඥයන් ඇතුළු සංස්‌කෘතික ත්‍රිකෝණයේ බහිරවයන්ගෙන් බුදු සසුන බේරාගත යුතුව ඇතැයිද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

ජගත් කනහැරආරච්චි

Pic Source

0 comments: