පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්.
පිංවත් ඔබ වර්තමානයේ සිටම 'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ' කියලා මතකයට එනකොටම, 'සංස්‌කාරයෝ අනිත්‍යයි ' කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන් තබන භික්‍ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්‍ෂුවගේ රූපය මළ කඳක් කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්‌වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින් සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි... අනිත්‍යයි.. වශයෙන් නුවණින් මෙනෙහි කරන්න. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලා, රහත් උත්තමාවියන් වහන්සේලා ලක්‍ෂ ගණනකගේ දේහයන් අනිත්‍යභාවයට පත්වී සකස් වුණ පස නැමැති සතර මහා ධාතුව මතයි පිංවත් ඔබ මේ මොහොතේ දෙපා තබාගෙන සිටින්නේ. නික්‌ලේශී උතුමන්ගේ අතීත තෘෂ්aණාවෙන් හැදුන සතර මහා ධාතුව නමැති රූපය, සතරමහා ධාතුවටම එකතුකොට දීලා උන්වහන්සේලා නිවී යන්නේ, සංස්‌කාරයන්ගේ නිරෝධය නිසාමයි. රහතන් වහන්සේලා සර්පයෙක් හැව අරින්නා සේ රූපය කෙරෙහි තෘෂ්ණාව අතහැර, රූපය සතරමහා ධාතුවටම මුසුකොට නිවී යද්දී අපි තවමත් රූපය මගේ කොටගෙන සංස්‌කාරයන් රැස්‌කොට ගන්නවා. පොහොසත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. දුප්පත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. හඬන පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. සිනහවෙන පිංවතාත්a සංස්‌කාර රැස්‌කරනවා. සිල්වත් පිංවතාත්, දුසිල්වත් පිංවතාත් සංස්‌කාර රැස්‌කරනවා. ලෝකය තේරුම්ගන්න බැරි අවුලක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ඉහත අවුල නිසාමයි. මේ සෑම අවුලක්‌ම තම අවබෝධඥානයෙන්, 'සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි' කියන එකම අර්ථයට අරගෙන පංචඋපාදානස්‌කන්ධය නිශේධකොට දමන්නේ 'රහතන් වහන්සේ' කියන අර්ථයයි.
සංස්‌කාරයන් ගැන මේ සටහන ලියන වෙලාවේ සංස්‌කාරයන්ගේ වියරු, කටුක යථා ස්‌වභාවය ලෝකයට තම උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධකොට දේශනාකොට වදාළ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සම්බුදු අසිරියෙන් බබළන රූපකාය භික්‍ෂුවට මැවිලා පෙනෙනවා. බුදුරජාණන්වහන්සේ, පටිච්චසමුප්පන්නව පිරිනිවීගොස්, දැනට වසර දෙදහස් හයසියයක් ගතවී තිබුණත්, මෙය සටහන් තබන භික්‍ෂුව තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේ පසුපසින් වඩින භික්‍ෂුවක්‌මයි. බුදුරජාණන්වහන්සේ ඈත්වුණේ නැහැ. ඈත්වෙලා නැහැ. බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන පසුපසින් වඩිනකොට දැනෙන සම්බුදු සිසිලස භික්‍ෂුවට තවමත් හැඟෙනවා. බුදුරජාණන්වහන්සේගේ ගුණයන්, ඥානයන්, මහා කරුණා ගුණයන් භික්‍ෂුවට තවමත් දැනෙනවා, පෙනෙනවා. අපි ධර්ම විනයෙන් ඈත්වෙන්න, ඈත්වෙන්න බුදුරජාණන්වහන්සේ අපෙන් ඈතට යනවා. ධර්ම විනයෙන් ඈත්වූ භික්‍ෂුවකට බුදුරජාණන්වහන්සේ පිරිනිවීගොස් අවුරුදු දෙදහස් පන්සියයක්‌ම වෙනවා. ධර්මවිනය තුළ අවංකවම ජීවත්වන භික්‍ෂුවට බුදුරජාණන්වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම කියන තෙමඟුල සමරන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ තවමත් බුදුරජාණන්වහන්සේගේ සිවුරුකොණ අල්ලාගෙන බුදුරජාණන්වහන්සේගේ පසුපසින් වඩින බුද්ධ ශ්‍රාවකයෙක්‌මයි. නමුත් මේ සෑම සංස්‌කාරයක්‌ම මොහොතින් මොහොත අනිත්‍යභාවයට පත්වෙනවා.
පංචඋපාදනස්‌කන්ධ ධර්මයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සංස්‌කාර තුළත් විඥානය බැසගෙන තිබෙනවාය කියලා. දුප්පත් පිංවතෙක් සිටිනවා, ඔහුට තිබෙන එකම දේපළ තමයි පොල් අතු සෙවිල්ලු කුඩා පැල්පත. සඳ තිබෙන රාත්‍රියක පොල්අතු අතරින් සඳඑළිය පෙනෙනවා. ඒ තරමටම දිරාගිය පැල්පතක්. නමුත් මේ දිරාගිය පැල්පත, මේ දුප්පත් පිංවතා, රාජ මන්දිරයක් වගේ තෘෂ්ණාවෙන් මගේ කොටගෙනයි ජීවත්වෙන්නේ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් ලැබුණු දුගී පැල්පත කියන අල්ලාගැනීම තුළ විඤ්ඤාණය බැසගෙන තිබෙනවා.
තවත් පිංවත් මහත්මයෙක් සිටිනවා, ඔහු මහා ධනවතෙක්. ඔහුට සුඛෝපභෝගී මහා මන්දිරයක් තිබෙනවා. ඔහු තමන්ට, පෙර කුසල් සංස්‌කාර නිසාම ලැබුණු මහා මන්දිරයේ තෘෂ්aණාවෙන් මගේ කොටගෙන ජීවත්වෙන්නේ. අතීත කුසල් සංස්‌කාර හේතුවෙන් ලැබුණ මහා මන්දිරය කියන අල්ලාගැනීම තුළ විඤ්ඤාණය බැසගෙන තිබෙනවා. සංස්‌කාර ධර්මයන් තුළ, විඤ්ඤාණය නමැති මැජික්‌කරුවා බැසගෙන සිටින නිසාම සත්ත්වයා සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන වියරු කටුක යථා ස්‌වභාවය මතුකොට ගන්නේ නැහැ. සංස්‌කාර වෙනස්‌වෙනවාය කියන දැක්‌ම මතුකොටගන්නේ නැහැ. මොකද අතීත සංස්‌කාර හේතුවෙන් සකස්‌වන විඤ්ඤාණය වර්තමාන සංස්‌කාරයන් තුළ බැසගෙන විඤ්ඤාණයේම පැවැත්මට අදාළ සංස්‌කාරයන් නැවත නැවත පෝෂණය කොටගන්නවා. පටිච්ඡ සමුප්පාද ධර්මයේදී සංස්‌කාර හේතුවෙන් විඤ්ඤාණය සකස්‌වුණත්, පංචඋපාදනස්‌කන්ධ ධර්මයේදී සංස්‌කාරයන් තුළ විඤඤාණය බැසගෙන, විඤ්ඤාණයේ අනාගත පැවැත්මට අදාළ සංස්‌කාරයන් නැවත අස්‌වද්දාගන්නවා. විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාගේ සියුම් කපටි ක්‍රියාකාරකම් පිංවතුන්ලා බොහෝම සියුම්ව මතුකොට දක්‌වගන්න දක්‍ෂවෙන්න ඕනේ.
චිත්තානුපස්‌සනාව - 24
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2017/02/26/feature06.html
දෙමළ සන්ධානය සැමවිටම කටයුතු කරන්නේ දිල්ලියේ උපදෙස් අනුව බව රහසක් නොවේ. 2007 පෙර නම් ඔවුන්ට කොටි දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්ගේ දේශනවලටද කන්දෙන්නට සිදුවිය. නමුත් ගුවන් ප්‍රහාරයෙන් කොටි දේශපාලන අංශ නායකයා එලොව ගිය විට කිළිනොච්චි දේශපාලන සාකච්ඡා අවසන් විය. 2009 මැයි මාසයෙන් පසුව කොටි බලපෑමෙන් තොරව ආර්. සම්බන්ධන් මහතා ඇතුළු කණ්‌ඩායමට නව දේශපාලන කටයුතු කිරීමට හැකි වුවද ඉන්දීය බලපෑමෙන් නම් මිදීමට නොහැකි වී ඇත.
ලංකාවට පැමිණෙන සෑම ඉන්දීය දේශපාලකයන් මෙන්ම රාජත්‍රාන්තිකයන්ද දෙමළ සන්ධානය මුණගැසී නොගියේ නම් එය ඉතා කලාතුරකිනි. දිල්ලියේ බ්‍රාහ්මණවංශික විදේශ සේවා නිලධාරීන් කොළඹ ආණ්‌ඩුව පාලනය කිරීම සඳහා යොදා ගන්නා එක් බලවේගයක් වන්නේ දෙමළ ජාතික සන්ධානයය. 80 දශකයේ මුල් භාගයේදී දෙමළ සන්නද්ධ කණ්‌ඩායම්වලට ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධිගේ උපදෙස් මත ආයුධ පුහුණුව හා ආධාර ලබා දුන්නද අවසානයේ ඒ බිහිකළ සර්පයාම රජිව් ගාන්ධි බිලිගන්නා තෙක් ඉන්දියාවට ප්‍රඥාව පහල වූයේ නැත.
2013 උතුර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යෝජනා කෙරුණු විට මහ ඇමැති අපේක්‍ෂකයා විය යුත්තේ කවුරුද යන්න පිළිබඳව දෙමළ සන්ධානයේ මත ගැටුමක් විය. සමහරු මාවෙයි සේනාධිරාජා යෝජනා කළ අතර තවත් පිරිසක් කොළඹ කේම්බ්‍රිඡ් පෙදෙසේ වෙසෙන හිටපු ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් යෝජනා කර සිටියහ. නමුත් අවසාන තීරකයා වූයේ කවුද? ඉන්දීය ආණ්‌ඩුවක් එවක ඉන්දීය ජාතික ආරක්‌ෂක උපදේශකගේ ලංකා ගමනින් පසුව දෙමළ සන්ධානය නිවේදනය කර සිටියේ නව මහ ඇමැති අපේක්‌ෂකයා වන්නි විශ්‍රාමලත් ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් බවයි. පුරා වසර 65 ක් දකුණේ සිංහලයන් සමඟ ගතකළ විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති ධුරයට පත්වීමෙන් පසු උග්‍ර දෙමළ ජාතිවාදියකු විය. ඔහු වර්තමානයේ කටයුතු කරන්නේ දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතාගේ උපදෙස් පරිදි නොව කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාවේ උපදෙස් අනුව බව රහසක් නොවේ. විග්නේෂ්වරන්ගේ මෙම ක්‍රියාකලාපය ගැන ඉන්දියාව පසුවන්නේ සතුටින් නම් නොවේ. තමන්ගේ තේරීම පරා වළල්ලක් වී ඇති බව ඉන්දීය විදේශ සේවා නිලධාරීහු අවබෝධ කරගෙන සිටිති.
දින දෙකක සංචාරයක් සඳහා ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් එස්. එස්. ෂන්කර් මහතා මෙරට ජනපති අගමැතිට අමතරව සුපුරුදු පරිදි දෙමළ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමද හමුවිය. විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රධාන මන්ත්‍රී පිරිසක් මේ හමුවට සහභාගිවූ අතර එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා ඉතා වැදගත් උපදෙසක් ලබාදී තිබිණි. එය කවරක්‌ද? උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ ඉල්ලීම අත්හරින ලෙස දෙමළ සන්ධානයට දැනුම් දීමයි.
මෙය ඉතා වැදගත් කරුණකි. 87 දී දෙමළ ඊළාම්වාදීන් සතුටු කිරීමට ඔවුනට වරදානයක් ලෙස උතුරු නැගෙනහිර එක් කිරීමට එවක ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ලංකා ආණ්‌ඩුවට බලකල බව රහසක් නොවේ. මේ සියල්ල සිදුවූයේ 1987 ජුලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම නිසාය. එයින් වසර 30 කට පසුව ඉන්දියාවට තමන් කළ ඓතිහාසික වැරැද්ද ගැන වැටහීමක් ලැබී ඇත්ද? 1988 දී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලද අතර එහි අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ ත්‍රිකුණාමලයයි. 2006 දී ශ්‍රෝෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් මත 2007 ජනවාරි 01 වැනිදා සිට උතුරු නැගෙනහිර පළාත් වෙන් කරන ලදී.
වර්තමාන යථාර්ථය ගැන ඉන්දියාව අවබෝධ කර ගෙන ඇති සෙයකි. නැගෙනහිර පළාතේ මහ ඇමැතිවරයාද මුස්‌ලිම් ජාතිකයෙක් හෙයින් මේ පළාත් දෙක ඒකාබද්ධ කිරීම ප්‍රයෝගික නොවන යථාර්ථයක් බවට පත්වී ඇති බව දිල්ලියට හැඟී ගොස් ඇත මෙම පණිවුඩය දෙමළ සන්ධානයට ලබාදුන්නේ ප්‍රථම වරටය. මෙය කොටි හිතවාදී ඊළාම්වාදීන් බලාපොරොත්තු වූ තත්ත්වයක් නම් නොවේ.
උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් ඝාතනයේ මෙන්ම මඩකලපුවේදීත් "දෙමළුනි නැගිටිව්" නොහොත් එළුඟ තමිල් වැඩසටහන් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ කවරක්‌ද? උතුරු නැගෙනහිර ඒකාබද්ධකර ෆෙඩරල් විසඳුමක් තමන්ට අවශ්‍ය බව නොවේද? නමුත් දැන් දෙමළ සන්ධානයේ දිල්ලි න්‍යායාචාර්යවරුන් උතුරු නැගෙනහිර එක් කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කරති. ඉන්දීය විදේශ ලේකම්වරයා චීනයට යැමට පෙර කොළඹට පැමිණ ලබාදුන් වැදගත්ම පණිවුඩය එයයි.
උතුරු නැගෙනහිර එක් කිරීමට එරෙහිව ඉන්දීය ස්‌ථාවරය ගැන උතුරු මහ ඇමැතිවරයා කවරක් ප්‍රකාශ කරයිද යන්න අපට පැහැදිලි නැත. නමුත් ඉන්දියාව මේ ස්‌ථාවරය ගෙන ඇත්තේ උතුරු මහ ඇමැතිවරයාගේ ජාතිවාදී ව්‍යාපාරයටත් යම් පිළිතුරක් ලබා දීමට විය හැකිය. දෙමළ සන්ධානයේ පාර්ශ්ව දෙකක් බිහිව ඇති බව පැහැදිලි කරුණකි. ඒ සම්බන්ධන් පාර්ශ්වය හා විග්නේෂ්වරන් පාර්ශ්වයයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වඩා උනන්දුවන්නේ සම්බන්ධන් විපක්‌ෂ නායකවරයාගේ පාර්ශ්වය පිළිබඳව මිස ඩයස්‌පෝරාව වෙනුවෙන් ඩෙඟා නටන විග්නේෂ්වරන්ලා ගැන නම් නොවේ.
චතුර පමුණුව
http://www.divaina.com/2017/02/26/forign.html
- ජීවිතය අතහැර දමන අයට ජීවිතය ජයගන්න පාඩමක්
- හිඟුරාන සීනි කම්හලේ කම්කරුවෙකු හැටියටත් වැඩ කරලා
- මාස තුනක් තනියෙන් පාඩම් කර උසස් පෙළ ඉහළින්ම සමත් වෙලා
- හයේ පන්තියේ අසමත් ශිෂ්‍යයා දැන් ගෞරව උපාධිධාරියෙක්
අද ඉගෙනීමට ඇත්තේ මහා තරගයක්. මොන්ටිසෝරියේ සිට පුංචි දරුවන්ගේ ළමා ලෝකය කාබාසිනියා කරමින් ටියුෂන්වලට මව්පියන් තම දරු පැටව් රෑන ඇදන් යන නිසා මේ අහිංසක දරු පැටවුගේ ළමා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය නිසා අද සිදුවන්නේ දරුවන් බොහෝ දෙනකුගේ මොළ ගෙඩි ටික විනාශ වෙන එක.
ඉස්‌සර කුප්පි ලාම්පුවක් පත්තුකරන්න බැරිකම නිසා සමහරෙක් පාන්දර පොත් පාඩම් කළේ ලාම්පු එළියෙන්. එහෙම දුක් විඳලා අධ්‍යාපනය ලබපු අයත් මේ සමාජයේ සිටිනවා. මේ කතාවත් වෙනස් කතාවක්. ටියුෂන් නැතිවම බැහැ කියලා කියන අයට නැවතත් හිතන්න වෙන අවස්‌ථාවක්.
පොඩි නෝනා සහ තිස්‌ස දිසානයක යුවළගේ දරු සයදෙනකුගෙන් යුත් කැදැල්ලේ උපන් විමලවීර දිසානායක නම් කොලු පැටියාගේ අනාගතය කුමන ආකාරයෙන් දැයි ඔවුන්ට සිතාගන්නට නොහැකි වුණා. ඒ දිළිඳුකම මේ පවුලේ වටා වෙලී තිබුණු නිසා. පුංචි දිසානායක අකුරු ඉගෙන ගන්නට ගියේ කෑගල්ලේ මාදෙයියාව කණිෂ්ඨ විද්‍යාලයටයි. ළමයි ලස්‌සනට සපත්තු දාලා අලුතෙන් ඇඳුම් ඇඳගෙන එන දිහා මේ පුංචි කොලුපැටියා ආශාවෙන් බලා සිටියා. පරණවෙලා කිහිප තැනක් ඉරිලා ගිය කලිසම් කොටයෙයි කමිස පොඩියෙයි අම්මා ඉදිකට්‌ටෙන් නුලක් ඇදලා දීලා තිබ්බා. සුදු කමිස පොඩිය දුඹරු පාට කහට පැල්ලමෙන් රටා වැටිලා තිබ්බා.
සපත්තු තියා පරණ රබර් සෙරෙප්පු කැබලි දෙකක්‌වත් දාන්න තිබුණේ නැහැ. ගිණියම් අව් රශ්මියට යකඩයක්‌සේ පාර රත්ව තිබුණත් මෙම සියුමැලි කකුල්වලට කුඩා කලසිටම ඒ තද රශ්මිය හොඳට හුරු වුණා. පියාගේ අභාවයත් සමඟ ම මේ පවුලට ජීවත්වීම ඉතා අසීරු කරුණක් වුණා. උදේට කහට කෝප්පයකින් කුස පුරාවාගෙන පාසල් යැම මේ පවුලේ දරුපැටවුන් සාමන්‍ය දෙයක්‌වෙලයි තිබ්බේ. කුස ඇතුලේ පනුවෝ පිනුම් ගහනවා. සමහර වෙලාවට ආප්පයකින් රොටි කැබැල්ලක් කාලා වතුර කෝප්පයකින් කුසපොත්ත පුරවා ගන්නවා. පොත්පත් පවා හරි හමන් විදිහට තිබ්බේ නැහැ.
උදේට සීනි බෝතලේ පතුලේ තිබෙන සීනි ඇට ටික ගන්න පොඩි නංගි හැන්දැත් අරන් ඔට්‌ටු වෙන ආකාරය දිහා දිසානායක මහත් දුකෙන් මෙන් බලා සිටියා. අම්මේ මම ආයෙත් ඉස්‌කෝලේ යන්නේ නැහැ. අනේ එපා පුතේ උඹ ඉස්‌කෝලේ දිගටම පලයන් කියන්ට දිගින් දිගටම සිතුනත් පොඩි නෝනට තම පුතාට එහෙම කියන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ අගහිඟකම් හතර වටින් වටකොට සිටි නිසා.
අන්තිමට හයේ පන්තියෙන් දිසානායකගේ පාසල් ගමන අවසන් වුණා. මේ පුංචි කොලු පැටියාගේ කකුල් දෙක ගෙවනකම් කුලියක් හොය හොය හැමතැනකම ඇවිද්දා. හරක්‌ට තණකොළ කපලා දුන්නා. තවත් තැනක නිවසක් හදන්න සිමෙන්ති අනලා අත්උදව් දුන්නා. ඒ ගෙය තිබ්බේ කන්දක් උඩට වෙන්න. පුංචි අත් දෙකෙන් බදාම අනලා කන්ද මුදුනට අරන් ගියා. ටවුමෙන් ටවුමට ගියා මොකක්‌හරි පුංචි වැඩක් පළක් හොයා හොයා. හෝටල්වල පිඟන් හේදුවා. අත්වල කරගැට පිපිරිලා ලේ ගලනකම් දර පැලුවා. හුස්‌මක් කටක් ගන්නේ නැතිව පුදුම දුකක් වින්දේ මේ පවුලේ අය ජීවත් කරවන්න.
මේ ආකාරයෙන් හෝටල්වල වැඩ කරලා රෑ වැඩ මුරය නිමාවෙලා නිදාගන්නේ 11 ට දොළහට. ඒත් නිදාගන්න ගිගින් අතට හසුවෙන පත්තර පිටුවල තිබෙන මරණ දැන්වීමේ සිට තිබෙන සෑම දෙයක්‌ම කියවන එක පුරුද්දක් වෙලා තිබ්බා. පුංචි සංදියේ ඉඳන් කියවන එක මොහුගේ පුරුද්දක් වෙලා තිබුණා. ඒක නිසා කිසි විටෙකත් ඔහු කියවීම අත්හැරියේ නැහැ.
අන්තිමේදී කෑගල්ල අත්හැරලා මේ දරු පවුලම අම්පාරේ නිව්ගුණ ප්‍රදේශයට ආවා පදිංචියට. ඒ කාලේ හිඟුරාණ සීනි සමාගම ආරම්භ කරලා තිබ්බ නිසා බොහෝ දෙනකුට කරන්න කුලි වැඩ තිබ්බා. පස්‌සේ අම්මාත් එක්‌ක දිසානායකත් උක්‌ගස්‌වලට පස් දාන්න උදළුගාන්න පටන් ගත්තා.
උක් ගසේ මුවහත් කොළ දැලිපිහිය වගේ මොවුන්ගේ අතපය කපා දැමුවා. එසේ කැපී ගිය තැන්වලින් පුංචි පුංචි ලේ බිඳු ගැලුවා. උක්‌ගස් වල තිබෙන බූවා දැවටිලා අතපයට දැඩි වේදනාවක් දැනුණා. මේ සියල්ලටම වඩා කුසගින්න බලවත් නිසා සියලු දුක උහුලාගෙන දිගින් දිගටම උක් වගාවේ වැඩ කරලා රුපියල් ශත හොයා වෙහෙසෙන්නට වුණා.
අන්තිමේදී වයස අවුරුදු 16 ක් වෙද්දි හිගුරාණ සීනි සමාගමේ කම්කරුවකු ලෙසින් රැකියාවට එකතු වෙනවා. සමහර දවස්‌වලට නිව්ගුණ ඉඳන් දීඝවාපියට යනකම් කිලෝමීටර් 15 ක් විතර උදැල්ලත් කරේ තියන් දිසානායකට පයින් යන්න වෙනවා. මේ සියල්ල මැද මේ තරුණයා තමන්ට ලැබෙන හැම විවේකයෙදිම කරන්නේ කියවන එක. අතට හසුවෙන හැම පත්තරයක තිබෙන මරණ දැන්වීමේ සිට සෑම දෙයක්‌ම දිගින් දිගටම කියවන එක පුරුද්දක් වෙලා තිබුණේ. මෙහමයද්දී ඩීමන් ආනන්දගේ ශත 75 නවකතාවේ සිට මහාවංශය දක්‌වා පොත්පත්
රැසක් කියවා අවසන්.
දැන්නම් ඔඵවට බරක් දැනෙනවා කියා දිනක් ඔහුට සිතුණා. ඒක නිසා මේ පාර සාමන්‍ය පෙළ විභාගය ලියන්න ඕන කියා සිතා එයට සුදානම් වන්නට වුණා. සාමන්‍ය පෙළ විභාගයට මාස තුනයි තියෙන්නේ. විෂය නිර්දේශය සොයා ගෙන ඊට අදාළ පොත් පත් බොහෝම අපහසුවෙන් පුස්‌තකාල වලින් සොයා ගත්තා. දැන් උක්‌ගස් පාත්ති අස්‌සේ උදළුගාන ගමන් ලැබෙන මද විවේකයේදී දිසානායක කරන්නේ පොත් පාඩම් කරන එක. සමහර දවස්‌වල රෑට උක් වගාවන් මුර කරන්නත් සිද්දවෙනවා. ඒ දවස්‌වල ඔහු කුප්පි ලාම්පුවක් තියාගෙන දිගින් දිගටම පොත් කියනවා. මේ විදිහට මාස තුනක් මහන්සි වෙලා පොත්පත් කියවන්නට වුණා.
අන්තිමේදී විභාගයට පෙනී සිටියා. ප්‍රතිඵල ආවා. සම්මාන හතරක් එක්‌ක විෂයන් හතක් සමත්වෙලා තිබ්බා. එත් අංක ගණිතය පේල් වෙලා තිබ්බා. නැවතත් ඔහු අංක ගණිතයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා. ඒ නිසා විභාගයට මාසයක් තියෙද්දී රැකියාවෙන් නිවාඩු දමා කෑගල්ලේ මිතුරකුගේ මවක් සොයා යනවා. ඇය ගුරුවරියක් නොවුණත් අංක ගණිතය හොඳින් කියා දෙනවා. අන්තිමේදී දිසානායක සම්මාන සමාර්ථයක් සමඟ ගණිතය සමත් වෙනවා.
එදා පටන් රැකියාවන්වලට අයෑදුම්පත් දානවා. ඒත් වැඩක් වුණේ නැහැ. අවසානයේ අම්පාරේ සිටි ප්‍රබල එජාප ඇමැතිවරයෙක් ළඟට ගිහින් රැකියාවක් ඉල්ලා සිටියා. තමුසේ ශ්‍රී ලංකාකාරයෙක් තමුසෙට රැකියාවක් දෙන්නේ බැහැ යනුවෙන් ඔහු ගෝරනාඩු කරනවා.
හරි යන්නේ නැහැ. උසස් පෙළත් කොහොම හරි ලියන්න ඕන කියා සිතු මේ උත්සාවන්ත තරුණයා ඉතා අපහසුවෙන් රුපියල් 35 ක් ඒ සඳහා සොයා ගන්නවා. විභාගයට තියෙන්නේ මාස තුනයි. කොහෙම හරි විෂය නිර්දේශය හොයා ගන්නවා. ඊට පස්‌සේ ඒ සඳහා අවශ්‍ය පොත්පත් හොයාගන්න වෙහෙසෙනවා. දේශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව සහ බෞද්ධ ශිෂ්ඨාචාරය මේ සඳහා තෝරගන්නවා. අවසානයේදී පාඩම් කරන්න පටන් ගන්නවා. නිදිවරාගෙන පාඩම් කරනවා. පෙර මෙන් ගිණියම් අව් කූටකේ උක්‌ගස් අතර සිට පොත් පාඩම් කරනවා. තමන්ට නියමිත උක් වගාවේ වැඩ කොටස ඉක්‌මනින් අවසන් කර පැත්තකට වෙලා පොත් කියවනවා. මේ අකාරයෙන් බොහෝ මහන්සිවෙලා පාඩම් කළා. විභාගයට මුහුණ දුන්නා.
අන්තිමේදී විභාගයේ ප්‍රතිඵල එනකම් පවුලේ උදවිය මෙන්ම මිතුරන් ද මඟ බලාගෙන හිටියා. ඔන්න ප්‍රතිඵල ආවා. කාගෙත් බලාපොරොත්තු ඉහළ දමමින් දිසානායක ලංකාවේ ඕනෑම සරසවියකට ඇතුළත්වීමට හැකිසේ උසස් පෙළ විභාගය ඉහළින් සමත්ව තිබුණා. වසර ගණනාවක් ගුරුවරුන් රැසකගෙන් ක්‍රමානුකුලව ඉගෙනගෙන විභාගය යන්තමින් හෝ සමත් නොවන බොහෝ දෙනෙකු සිටිනවා. නමුත් දිසානායක මේ හපන්කම කළේ මාස තුනක් කිසිම ගුරුවරයෙක් නොමැතිව තනියෙන් පාඩම් කරලා.
ඔහු අන්තිමේදී විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහා අයෑදුම්පත්‍රයක් යොමු කළා. ඒ අණුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සදහා ලිපියක් ලැබුණා. ඔහු ඒ සඳහා සුදානම් වුනා. නමුත් ඊට සතියකින් පසු ලැබුණු තවත් ලිපියකින් ඔහුගේ හිතේ තිබුණ බලාපෙරොත්තු බිඳ වැටුණා. ඒ වසර පහක පාසල් තොරතුරු ඉල්ලා එවා තිබූ ලිපියයි. හයෙන් පස්‌සේ පාසල් නොගිය මේ තරුණා කෙසේ නම් පාසල් තෙරතුරු ලබා දෙන්නද?. දැන් ඔහුට සරසවි සිහිනය බිඳ වැටෙන්නට වුණා. ඒ නිසා මේ පිළිබඳ එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ස්‌ටැන්ලි කල්පගේ මහතාට තම දුක්‌ගැනවිල්ල පෞද්ගලික අභියාචනාවක් මගින් දැනුම් දෙන්නට වුණා. මේ උත්සාහවන්ත තරුණයාගේ අභියාචනාව දුටු ස්‌ටැන්ලි කල්පගේ මහතා දැඩි අනුකම්පාවක් ඇතිවුණා. එම වැකිය එම වසරට පමණක් තාවකාලිකව අත්හිටුවා කොළඹ විශ්වවිද්‍යාලේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් වශයෙන් මෙම තරුණයා බඳවා ගත්තා.
ඒ සමයේ ශිෂ්‍ය අරගල වලින් විශ්වවිද්‍යාල වැසී යන්නට වුණා. 1987 සිට 90 දක්‌වා වසර තුනක් මේ අරගල නිසා වසා දැමුවා. ඒ කාලයේ පණ බේරා ගන්නට දැඩි වෙහෙසක් ගන්නට දිසානායකට සිදුවුණා. උක්‌ගස් අස්‌සේ දක්‌ෂ කම්කරුවෙක් වෙලා හිටිය දිසානායක දැන් විශ්වවිද්‍යාලයෙත් කැපී පෙණෙන චරිතයක් වුණා. ඒ නිසා ඔහු ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරයටත් විටෙක මෙම තරුණයා පත්වුණා.
ඒ කාලේ විශ්වවිද්‍යාල විභාගවලින් අසමත් වුණොත් මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් නතර කරනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමගින් සාකච්ජා කරලා අසමත් අයට එම මුදල් නැවත ලබා දෙන්නත් නොගෙවු හිඟ මුදල් නැවත ගෙවන්නත් කටයුතු සකස් කරගත්තා. ඊට අමරතරව පුස්‌තකාල ගැටලු, ආපනශාල ගැටලු, ආහාර ගැටලු විසඳන්න මම කටයුතු කළා. ඒවා කළේ කවුද කියලා අද සිසුන් දන්නේ නැති වුණත් ඒවා භුක්‌ති විඳිනවා දැක්‌කම මට සතුටක් ඇතිවෙනවා යෑයි වීමලවීර දිසානායකයන් සිය අතීතය ආවර්ජනය කරමින් ඉරිදා 'දිවයින'ත් සමඟ දොඩමළු වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වසර 07ක දිගු කාලයකින් පිටවෙන්නේ ගෞරව උපාධිධාරියකු ලෙසයි. ඉන් පසුව අම්පාර වීරගොඩ සමූපකාර සමිතියේ සාමන්‍යාධිකාරිවරයා බවට පත්වන දිසානයන්ගේ ජීවිතයේ අලුත් ගමනක් ඉන්පසු ආරම්භ වෙනවා. හයේ පන්තියෙන් පාසලට අයුබෝවන් කියූ දිසානායක නැවත පාසලට පිවිසෙනවා. ඒ අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේ දේශපාලන විද්‍යා ගුරුවරයෙක් ලෙසින් 1993 වසරේදියි. කඩා වැටුණු ගුරු සංවිධාන පණගන්වා ගුරු සටනට පණ පොවමින් ඔහු ගුරුවරුන්ට ජයග්‍රහණයන් රැසක් දිනා දෙන්නට සමත් වෙනවා.
දමන ප්‍රාදේශීය සභාවට 94 වසරරේදී තරග වදිමින් එහි විපක්‌ෂ නායකවරයා බවට ද පත්වෙනවා. 98 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද සාර්ථකව නිම කළේ හයේ පන්තියෙන් පාසලට ආයුබොවන් කියූ විමලවීර දිසානායක නම් මෙම අපූරු චරිතයයි.
2000 වසරේ පැවති මහා මැතිවරණයෙන් පොදුජන එක්‌සත් පෙරමුණෙන් දිගාමඩුල්ලේ අපෙක්‌ෂකු ලෙස ඔහු ඉදිරිපත් වෙනවා. ඒ මොහොතේ ඔහු අත තිබුණේ රුපියල් 300 ත් පමණයි. නමුත් හිත මිතුරන්ගේ ආධාර උපකාරය මත අම්පාරේ දේශපාලන පතාක යෝධයන් පරදා ජයගෙන පාර්ලිමේන්තුවට යැමට තරම් ඔහු වාසනාවන්තයකු වෙනවා.
නැවතත් 2008 වසරෙදී වැඩිම මනාපයෙන් නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්වනවා. එහිදී නැඟෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන, ඉඩම්, ප්‍රවාහන සහ සංස්‌කෘතික ආමාත්‍ය ධුරයද ලැබුණේ ඔහුටයි. යුද්ධයෙන් වැනසී ගිය නැඟෙනහිර අධ්‍යාපනයේ සුක්‌කානම හිමිවූයේ එදා උක්‌ගස් අතර පස්‌දැමූ කොණ්‌ඩේ පොකුටු කම්කරුවාය. එදා මාදෙයියාව විදුහලෙන් හයෙන් ඉවත්ව හෝටල්වල දර පලා පිඟන් හේදූ කොලු ගැටයාය.
එතැන් සිට යුද්ධයෙන් විනාශවූ නැඟෙනහිර පාසල් නැවත ගොඩනඟන්නට වුණා. වැසී ගිය පාසල් නැවත ආරම්භ කරන්නට වුණා. සිසු දරුවන්ගේ මොළගෙඩි කා නොදමන යහපත් අධ්‍යාපනයක් ගොඩනංවන්නට යහපත් අධ්‍යපනය නම් වැඩසටහන ආරම්භ කරන්නට වුණා. පළාත් අතරින් අවසාන තැනට තිබුණ නැඟෙනහිර පළාතේ අධ්‍යාපනය ඉදිරියට ගෙන එන්නට කටුයුතු කළා. 2013 වසරේදී නැඟෙනහිර පළාත් සභාවට තේරීපත්ව එම අවස්‌ථාවේ පෙර ලැබූ ඇමතිකම් ගොන්න හිමි කර ගැනීමට සමත්කම් දක්‌වන්නේ ද දිසානායකයන්ය.
කිසිදා බස් රථයක් ධාවනය නොවුන අති දුෂ්කර ගම්මාන
රැසකට මාර්ග සකසා ප්‍රවාහන පහසුකම් ලබාදුන්නා. කුප්පි ලාම්පු ඵළියෙන් රැය පහන් කළ ජනයාට අන්ධකාරය දුරුකරන්නට විදුලිය ලබා දුන්නා. අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය ඇතුළු සෑම අංශයකින්ම ජනයාට කළ හැකි උපරිම සහය දුන්නේ දිනකට පැය 18 ක් පමණ වැඩ කරමින්. අසරණ ජනයාගේ දුක වේදනාව දුටු සෑම මොහෙතේම සාක්‌කුවේ තිබෙන මුදල පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වුණා. අකුරු කරන්නට පොත් පත් නැති දරවන්ට තම වැටුපෙන් නිතර දෙවෙලේ පොත් පත් අරන් දුන්නා. අතීතයේ තමන් පොත්පත් නැතිව පාසල් යැමට නොහැකිව දුක් විඳි අයුරු නිරන්තරයන්ම මතකයට නැගුණා. ඇමතිකමේ බලය උපයෝගී කොට නොගෙන කිසි කලෙක මුදලක් උපයන්නට නොගිය මේ අපුරු මිනිසා දේශපාලන මඩ ගොහොරුවේ උඩුගම් බලා පිහිනන්ට වුණා. ඒ නිසා කිසි කලෙක ඇතැම් දේශපාලකයන් මෙන් මුදලට රැකියා විකුණන්න ගියේ නැහැ. ඉඩම් ඇමැති වුණත් ඉඩකඩම් ගන්න ගියේ නැහැ. සමහර මැති ඇමැතිවරුන් වෙනුවෙන් වැව් තාවුල්ලක, වෙරළ තීරවල්වල හෝටල් හදන්න ගියේ නැහැ.
විමලවීර දිසානායකයන් රුපියල් ශතවලට තම දේශපාලන ආත්මය පාවා නොදුන් මේ සොඳුරු මිනිසා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්. පාර්ලිමේන්තුව රස ගන්වමින් අපුරු කතා කියන්නෙක්. සාහිත්‍ය කරුණු ගෙන එමින් උපහාසත්මක කතා මවන්නෙක් බවට පත්වෙලා සිටින්නේ. ඇමැතිකම් තනතුරු පසුපස නොගොස් මේ වන විට ඒකාබද්ධ විපක්‌ෂයත් එක්‌ක ගනුදෙනු කරමින් සිටින්නේ.
මේ ආකාරයෙන් හයේ පන්තියෙන් පාසල් ගමනට ආයුබෝවන් කියා උපාධි පිට උපාධි ලබාගෙන ජීවිතය ජයගෙන පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රිවරයෙක් අපිට හමුවන්නෙත් නැහැ. ටියුෂන් කියා කියා රැල්ලට හසුවෙලා දුවන සෑම දෙනාටම මේ ජීවිත කතාව කදිම ආදර්ශයක් දෙනවා. ගුණසේකර ගුණසෝමයන් විසින් මේ අපුරු ජීවිත කතාව තුළින් අකලට ආ ඉස්‌කොලේ නමින් අපූරු නවකතවක් නිර්මාණය කළා. එය දෙමව්පියන් විසින් තම දරුවන්ට කියවන්නට ලබා දියයුතුම පොතක්. බිරිඳ ජයන්ති සමගින් සුපුන් උදාර දිසානායක සහ අංජන දිසානායක යන පුතුන් දෙදෙනාද වීමලවීර දිසානායකයන්ගේ වැඩකටයුතුවලට දක්‌වන්නේ මහත් සහයෝගයක්.
'කිළිටි ඇඳුමක් ඇඳන් පාවහන් නැතිව පාසල් දරුවන් පාසල් යනවා දකිද්දී මට තාමත් හිතෙන්නේ ඒ තවත් විමලවීර දිසානායක කෙනෙක් කියලයි' සිය ජීවිත කතාව අපත් සමඟ පැවසු ඒ උත්සාහවන්ත සොඳුරු මිනිසා සිය අව්‍යජ සිනහව මුවට නගා සිටිමින් පවසා සිටියා.
සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2017/02/26/feature31.html
සංක්‍රමණිකයන් පාලනය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නව විධායක නියෝගයකට අත්සන් තැබීම පිළිබඳ තම අවධානය යොමු වී ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගනු ලැබූ මූලික උත්සාහය අධිකරණය විසින් අවහිර කරනු ලැබීමෙන් අනතුරුවය.
‘Air Force One‘ ජනාධිපති නිල ගුවන් යානය තුළ සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ ලබන සඳුදා හෝ අඟහරුවාදා වනවිට අදාළ විධායක නියෝගය ප්‍රකාශයට පත්වනු ඇති බවය.
ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පළමු විධායක නියෝගය ඇමෙරිකානු අධිකරණය විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
ජනාධිපති විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.
අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
“මේ සටන අපි දිනයි” යනුවෙන් මාධ්‍යවේදීන්ට කියාසිටි ජනාධිපතිවරයා “අවාසනාවකට ඒ සඳහා කාලයක් ගත වෙනවා. අපි ඒ සටන දිනාවි නමුත් අලුත්ම විධායක නියෝගයකට අත්සන් තැබීම ඇතුළුව අපිට විකල්ප ගණනාවක් තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
http://www.colombotoday.com/29521-23252/
මුස්ලිම් ජනගහනයෙන් මිලියන 50ක පමණ පිරිසක් ලොවපුරා සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට කැමැත්තක් දක්වන බව නෙදර්ලන්ත ජාතික මහාචාර්යවරයෙක් වන රූඩ් කූප්මන්ස් පවසනවා.
සමාජ විද්‍යාව හා සංක්‍රමණ කටයුතු පිළිබද පර්යේෂකයෙකු වන කුප්මන්ස් පසුගියදා යුරොපා කවුන්සිලයට අනතුරු ඇගවීමක් කරමින් කියා සිටියේ, අනන්‍යතාව තහවුරු කර නොගත් කිසිවෙකු සිය රටවලට ඇතුළු කර නොගන්නා ලෙසයි.
ඉස්ලාම් භක්තිකයන් අවම වශයෙන් මිලියන 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වය දැල්වීමේ අරමුණින් සිටින බවද මහාචාර්ය වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් කූප්මන්ස් පවසන්නේ ලොව පුරා වෙසෙන වැඩිහිටි මුස්ලිම් ජනතාවගෙන් බාගයක් පමණ ගතානුගතික නොවන මධ්‍යස්ථ මතධාරී පුද්ගලයින් බවයි.
http://www.colombotoday.com/29652-23/
Pic
Source
දකුණුදිග පාකිස්ථානයේ සින්ධි ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ සුෆි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි. අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනකු මියගොස් 55 දෙනකු තුවාල ලබා ඇත.එම ප්‍රහාරයේ වගකීම ද අයි.එස් ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබිණි.
http://www.colombotoday.com/29745-3256/
මුසලු අන්තවාදයේ බලහත්කාරයෙන් නැගෙනහිර මඩකලපුව, එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවන් අත්පත් කරගැනීමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනබව රූප රාමු සහිතව හිරු මඟින් පෙන්වා දී ඇත. මේ බව 21 දින රාත්‍රී 9.30 පුවත් විකාශයෙන් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මේ සඳහා නැගෙනහිර ප්‍රබල දේශපාලකයෙකුගේ රැකවරණය ලැබෙන බවත්, රාත්‍රී කාලයේ ස්ථිර ඉඳිකිරීම් සංවිධානාත්මකව සිඳු කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අත්පත් කරගැනීම ගැන එම ප්‍රතිසංස්කරණ කොමිසමේ මඩකලපු දිස්ත්‍රික් අධ්‍යක්ෂක විමසූ විට ඔහු පවසන්නේ එම බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම පාලනය කළ නොහැකි බවයි.
නැගෙනහිර නිලධාරී පන්තියද බහුතරය මුසලුවන් වේ. එහි නීතිය ක්‍රියාත්මක වන්නේද මුසලුවන්ට අවැසි අයුරිනි. මේ සිඳුවීම එහි ජීවමාන සාක්ෂියකි.
කාලීන ලෝක දේශපාලන තත්වය නිසා පැරණි ලිපියක යළි පලකිරීමක්!
මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්‍ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට ආසන්නයෙන් ගිනි අවි භාවිතා කරන බවත් ඇය සඳහන් කර තිබේ.
එම නිසා වෙඩි පිටිය තුළ පුද්ගලයින් ස්ථානගත කිරීමේදී තමන් විශාල වගකීමක් දැරිය යුතු බව පවසන මෝගන් අවධාරණය කර ඇත්තේ එක් වැරදීමක් නිසා ජීවිත රැසක් අහිමි විය හැකි බවයි.
ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි.
උදාහරණයක් ලෙස දිනක් අල්ලාහු අක්බර් යන වදන අඩංගු රින්ග් ටෝන් යෙදු දුරකථන භාවිතා කරන ඉංග‍්‍රිසි බස දුර්වල පුද්ගලයන් දෙදෙනෙකු තම වෙඩි පිටිය වෙත පැමිණි බවත් ඉන් එක් පුද්ගලයෙකුට ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකිවූ බවත් දක්වා ඇති මෝගන් ඔවුන් පිටත්ව යන තුරු අන් කිසිවෙකුත් වෙඩි පිටිය භාවිතා කිරීමට කැමති නොවූ බව පවසා ඇත.
මේ නිසා මුස්ලිම්වරුන්ට තම ආයතනය භාවිතා කිරීම තහනම් කළ බවත් ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.
http://lankacnews.com/sinhala/foreign-news/122861/
Pic
Source
පුවතට ලැබුණු ප්‍රතිචාර වලින් කිහිපයක් -
[
saranga says:
October 2, 2014 at 2:27 pm
ඉස්ලාමිකයන්ට අනාගත ලෝකයේ සිදුවන දේ මම විටින් විට කිව්වා .ඉස්ලාම් වීම නිසා දවසක ලෝකයෙන්ම මේ පිරිසට දඩුවම් විඳින්න සිදුවෙනවා .අන්තවාදීන් අන්තිමට ලෝකෙම ඉස්ලාම් කරන්න ගිහිලා බිහිසුණු ඉරණමකට ලක්වෙනවා එය යුදෙව්වන් අත් විදි ආකාරයේම නොවුනත් ඊට සමාන තත්වයක් ගෙන ඒවි .බටහිර සහනශීලි බහුභූත ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිදී සත්‍ය අවබෝදකරගනිමින් සිටිනවා
කොළඹ එකා says:
October 2, 2014 at 2:41 pm
ඇත්ත! අන්තවාදී ඉස්ලාමිකයින්ගේ මෝඩකම් නිසා, අහිංසක ඉස්ලාමිකයින් තමයි අන්තිමට පිඩනයට පත් වෙන්නේ. ලංකාවේත් දැන් මේ තත්ත්වය ඇති වෙමින් යනවා. මම වසර ගණනාවක් තිස්සෙම පුද්ගලිකව මුස්ලිම් ව්‍යාපාර සමග ගනුදෙනු කරන්නෙම නැහැ. හලාල් ලකුණ තියෙන කිසිම දෙයක් ගන්නේ නැහැ.
සුද්දා says:
October 2, 2014 at 3:14 pm
අනිවා සහෝදරයා මමත් ඔබ සමග 100% ක් එකගයි. ඔය අදහසම මමත් කාලයක් තිස්සේ ඉදිරිපත් කරන එකක්. මුස්ලිම්ලාට අනාගතයේ ලොකු වන්දියක් ගෙවන්න සිදුවේවි.
ලෝකයේ මිනිසුන්ගේ අප්‍රසාදය අනාගතයේ වැඩි වැඩියෙන් ඉස්ලාම් අදහන්නන් වෙත යොමුවේවි. එය යොමු විය යුතුයි.
ලංකාව තුල අපවිසින් කොතරම් සහන දැයි ජිවන ක්‍රමයක් පවත්වාගෙන යනවද?, මුස්ලිම්ලට එකත් මදි උනා.
අපිත් සමග මුස්ලිම්ලට ඉන්න බැරිනම් ලෝකයේ කිසිවෙකුත් සමග මුස්ලිම්ලාට සිටිය නොහැකියි.
ලෝකය තුල මුස්ලිම්ලාගේ අවසානය ලගදීම ආරම්භ වනු ඇත.
එය සිදුවන්නේ මුස්ලිම්ලව මරලා නෙමේ, ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා. මෙය අන්වා සිදුවිය යුක්තක්.
මෙන්ටල් ඩොකා says:
October 2, 2014 at 3:33 pm
ඉස්ලාමය යනු නට්සිවාදයටත් වඩා දරුණු මිනිමරු ෆැසිස්ට්වාදයකි. නට්සීන්ගේ අරමුණ වූයේ ආර්ය නොවන ජාතීන් මිහිමතින් තුරන් කිරීමයි. ඉස්ලාමයේ අරමුණ ඉස්ලාම් නොඅදහන්නන් හෙවත් කෆීර්වරුන් මිහිමතින් තුරන් කොට ඉස්ලාමය ලොව එකම ආගම කිරීමයි.
නමුත් ප්‍රශ්නය වන්නේ නට්සිවාදය මැඩලීමට ලොව බොහෝ රටවල නීති ක්‍රියාත්මකවන අතර එය තහනම් දේශපාලන භාවිතාවක් වන විට ඉස්ලාමය නැමති මිනීමරු දේශපාලන දර්ශනය ආගමක් වන්නේ කෙසේද යන්නයි.
නට්සිවාදය යුද්ධයෙන් හා නීති මගින් දුර්වල කලා සේම ඉස්ලාමයද ඒ අයුරින්ම මර්ධනය කළ යුතුය.
නෙව්ස් says:
October 2, 2014 at 5:01 pm
මට තේරෙන්නේ නැත්තේ ඇඉ මිනිස්සුන්ගේ බෙල්ල කප කප අල්ලා හු අක්බර් කියන්නේ? ඇඉ මිනි මස් කක අල්ලා හු අක්බර් කියන්නේ? ඇඉ මලාලා යුසුෆ් පාසල් සිසුවියට වෙඩි තියතිය අල්ලා හු අක්බර් කියන්නේ? අර ඇෆ්ගනිස්තානේ තරුණියක් ආදරය කළාට වෙඩි තියල ප්‍රසිද්දියේ මරනකොට බලාගෙන ඉන්න පිරිමි අත්පුධිගහගහ අල්ල හු අක්බර් කියන්නේ? ඇඉ මුස්ලිම් වරු මෙච්චර ම්ලේච්ච ? කොම්මෙන්ට් කරන මුස්ලිම් සහෝදරවරුනි , සිංහල නම් වලින් කොම්මෙන්ට් කරන මුස්ලිම් සහෝදරවරුනි පැහැදිලි කරන්න …. අද අහන්න ලැබුන ආදරය කලා කියල ගනු ළමයෙක්ගේ කොන්ඩේ මුලින් කපලා දාලා ගල්ගමුව පල්ලියකදී … අපේ රටටත් මේ අන්තවාදීන් ෂරිය නීතියගෙන්න දගලන්නේ .. මෙයාල හැමදේටම කියන්නේ බටහිර සංදර්ශන කියල .. ඔබල කියන ඒවා පිළිගන්න පුළුවන් මුස්ලිම් අන්තවාදී වඩාත් ඔයවිදිහටම .. අකහදින් අන්තවාදී කියල හෙළ දකිනවනම් .. එතනඊ අනිත් අයට ඔබල කරන්නේ බොරුවක් කියල තේරුම් යන්නේ .. මලලා යුසුෆ් කරන්නේ මාධ්ය සංදර්ශනයක් නම් ටලිබන්ලා .. අනිත් මුස්ලිම් අන්තවාදීන් ලෝකය පුරා කරන ම්ලේච්ච වඩාත් ඔය විදිහටම හෙළ දකින්න .. ඔබලාට එකට කොන්දක් නැත.. ඔබලාට මලලා මාධ්ය සංදර්ශනයක් නම් .. ඇමෙරිකාව සමග සිටින සෞදි අරාබිය , කටාරය, ජෝර්දානය .. අනිකුත් මුස්ලිම් රටවල් පෙන්නේ මොන විදිහටද? අල්ලා දෙවියන් සිටින භූමියට ආරක්ෂාව දෙන්නෙත් ඔබලාගේ සතුරා වන අමෙරිකවෛ….
]
February 02, 2017
මුස්ලිම් රටවල් හතක ජනතාව ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වන නියෝගය ප්‍රංශයේද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ස්ටීව් බ්‍රිඕස් ප්‍රකාශ කර ඇත. ලබන මැයි මස ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින මැරයින් ලී පෙන්ගේ සමීපතමයා වන ස්ටීව් මෙසේ පවසා ඇත්තේ පෙන් ජයග්‍රහණය කළහොත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානමින් සිටින බවය. ස්ටීව් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම නියෝගය යුරෝපයේද ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවය.
මේ අතර ප්‍රංශ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ට්‍රම්ප් විසින් තහනමට ලක් කර ඇති රටවලින් නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සහිතව හෝ එවන් රටවල සිට ඇමෙරිකාවට ඇතුළුවීමෙන් වැළකී සිටින ලෙසය.
ට්‍රම්ප් පසුගියදා නිකුත් කළ නියෝගයට නව සංශෝධනයක් ඉදිරිපත් වී ඇත. එම සංශෝධනයට අනුව ඉංග්‍රීසි භාෂාව කතා කරන සුදු ජාතිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීමේ කිසිදු අපහසුතාවක් නොමැත. ඒ අනුව විශේෂයෙන් බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ට ඇමෙරිකාවේ දොර විවෘතව ඇත. නවසීලන්ත ජාතිකයන්ටද ඉදිරියේදී එම සහනය දීම කෙරෙහි සැලකිල්ල යොමු කරන බව සඳහන් කර ඇත.
http://www.colombotoday.com/28883-2325698/
ආරුගම්බේ මුහුදෙන් දඹ රන් බුදු පිළිමයක් හමුවේ!
නැගෙනහිර පළාතේ අම්පාර, පොතුවිල් ආරුගම්බේ මුහුදු තීරයේ අතිපුරාණ ඇත්කඳ මුහුදු මහා විහාරය අසල මුහුදේ විසිතුරු මත්ස්‍යයන් පන්නේ යෙදෙන ධීවරයන් පිරිසකට අඩි 2 ක් උස අඟල් 5 ක් පළල දඹ රන් බුදු පිළිමයක් හමුවී තිබේ.
එම ධීවරයන් විසින් මෙම බුදු පිළිමය මඩකලපුව හා අම්පාර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතාට භාරදීමෙන් පසු මුහුදු මහා විහාරයේ ඉදිවන සාම චෛත්‍ය විහාරයේ තැන්පත් කර ඇත.
70 දශකයේ දීද කිලෝ දහයක මීට සමාන දඹ රන් බුදු පිළිමයක් මුහුදු වෙරළින් හමුවුවද එය පසුව එල්.ටී.ටී.ඊ. යෙන් සොරාගෙන ගොස් ඇත.
පී. විඡේසේකර - පානම
http://www.divaina.com/2017/02/01/news14.html
Pic
Source