මෙරට පරිගණක තොරතුරුවල ආරක්‍ෂාව හා අංකිත අත්සන් රාමුව තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා ජාතික සහතිකකරණ අධිකාරියක් පිහිටුවයි.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මෙම අධිකාරිය වශයෙන් කටයුතු කරන බවත් මෙම අධිකාරිය පිහිටුවීම කලක සිට පැවැති අවශ්‍යතාවක් ඉටුවීමක් බවත් නියෝජි තායතනයේ සභාපති හා පේරාදෙනිය විශ්වවිද්‍යාල කුලපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.
ඉලෙක්‌ට්‍රොනික ගනු දෙනු පනතේ 18 වෙනි වගන්තිය යටතේ පැනවී ඇති නියෝගයන්ට අනුව මෙම ජාතික සහතිකකරණ අධිකාරිය පිහිටුවනු ලැබූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ හා නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම සහතික කරන අධිකාරිය මෙහෙයවීම හා පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් බළකායක්‌ද මේ වන විට පත් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එම බළකායේ සම සභාපතිත්වය දරන අතර මහ බැංකුවේ සහකාර අධිපතිනි ජානකී මාම්පිටිය මහත්මිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා එම බළකාය නියෝජනය කරයි. ආරක්‍ෂක අතිරේක ලේකම් රෝහණ සෙනවිරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට සහ ලංකා ක්‌ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුනිමල් වීරසූරිය යන මහත්වරු මෙම බළකායේ සෙසු සාමාජිකයෝ වෙති.
බුදු දහමට එරෙහිව තවදුරටත් විවිධ අන්‍යාගමික බලවේගවල බලපෑම එල්ල වෙමින් පවතින බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති අග්ගමහා පණ්‌ඩිත මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්‌ඛන්ධ නාහිමිපාණන් වහන්සේ පැවසුහ.
"නව බෞද්ධ ප්‍රවණතා සහ ශ්‍රී ලාංකේය ථෙරවාද බුදු දහම සවිබල ගැන්වීම" යන මැයෙන් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කළ ජාතික බෞද්ධ සම්මන්ත්‍රණය අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
එම සම්මන්ත්‍රණය ඉකුත් 27 සහ 28 යන දෙදින උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් සම්මන්ත්‍රණය ඇමතූ මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්‌ඛන්ධ නාහිමියෝ මෙසේද කීහ.
සමස්‌ත ලෝකයේම ථෙරවාදී බුදු දහම පිළිබඳ ලංකාව ඉලක්‌ක කරගත් ශාස්‌ත්‍රීය බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක් ලෙසට දීර්ඝ ඉතිහාසයක සිට සලකා බලා ගෙන යනවා. ලෝකයේ දැනට මතුවෙමින් පවතින ගෝලීයකරණය නිසා ඇතිවූ විවිධ අසහන වගේම සංවර්ධනය අරමුණ කරගෙන ථෙරවාදී බුදු දහමේ සාහිත්‍ය අගය පිළිබඳව යමක් අප රටෙන් බලාපොරොත්තු වන වකවානුවක තමයි විසි එක්‌වන සියවසේ අප ජීවත් වන්නේ.
අද අපේ රටේ ථෙරවාදී බුද සමය සවිබල ගැන්වීම පිළිබඳ කොළඹින් බැහැරව පිහිටි ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට පියවර ගනු ලැබුවේ එම අභියෝගයට මුහුණ දී පිළිතුරු දීමට භික්‌ෂූන් වහන්සේලා සහ බෞද්ධ උගතුන් වශයෙනුත් අපි සවිමත්ද කියන එක පිළිබඳව සලකා බැලීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති නිසයි.
දැන උගත්කම්වලින් වගේම ධර්මධරත්වයෙන් පිරිපුන් ජාතියේ මුරදේවතාවුන් ලෙස සලකන බෞද්ධ භික්‌ෂූ වහන්සේලාගේ බරපතළ ඌණතාවයක් අද පවතිනවා. එය රහසක් වුවත් ප්‍රසිද්ධ කාරණයක් බවට පත්වෙලා.
විෙද්‍යාaදය, විද්‍යාලංකාර පිරිවෙන් එදා විශ්වවිද්‍යාල බවට පත්වන විට විශ්වවිද්‍යාල තත්ත්වයෙන් පැවැති විද්වතුන් බිහි කළ, විද්වතුන් වැඩ සිටි ආයතනයක් බවට පත්ව තිබුණා. එම තත්ත්වය මේ වන විට අපේ පිරිවෙන් සහ බෞද්ධ උසස් අධ්‍යාපන ආයතන තුළ තිබෙනවාද කියන එක පිළිබඳව අද වැනි දවසක අප සිහියට ගත යුතුයි.
විෙද්‍යාaදය, විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වූ පසු භික්‌ෂු අධ්‍යාපනයේ තදබල පිරිහීමක් ඇති වුණා. එම ඇතිවීම අද එක්‌තරා ප්‍රමාණයකින් තිව්‍ර වී ඇති බව මා සිතනවා. එය ඇතැම්විට මගේ සිතීමේ දෝෂයක් විය හැකියි. පිරිවෙන් අධ්‍යාපනය ගත්තත් එම අධ්‍යාපනයේ හරවත් පද්ධතිSන් සමස්‌තයක් හැටියට අද පිරිහී තිබෙනවා.
පානදුරේ අරියධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ බෝධි පූජා ක්‍රමයෙන් මෙරට බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුවා සේම පූජා විධිවලට විශේෂ තැනක් හිමිවීමේ ප්‍රතිපත්තිය අද වන විට බොහෝ ඈතට තල්ලු වී තිබෙනවා. එසේම බෞද්ධ භාවනාව අද ජනප්‍රිය වී තිබුණත් අද එහි වාණිජවාදී ස්‌වරූපයක් දක්‌නට තිබෙනවා.
ඒවගේම පින දහම දුරස් වී වනපොත් කිරීම අද පිරිවෙන් අධ්‍යාපනයෙනුත් සාම්ප්‍රදායික අධ්‍යාපනයෙනුත් ඈත්වීම නිසා ධර්මධරත්වය පිරිහීම කෙරෙහි එය බලපා තිබෙනවා. කවි බණ වගේම නළු බණ අද ජනප්‍රිය වී හරසුන් ධර්ම දේශනා තරගකාරී අන්දමින් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට මුල්තැනක් දී තිබෙනවා.
තමන් රහත් භාවයට සහ සම්බුද්ධත්වයට පත්ව ඇති බව අභීතව ප්‍රකාශ කරන තත්ත්වයට අපගේ ඇතැම් ථෙරවාදී යෑයි කියා ගන්නා භික්‌ෂුන් වහන්සේලා ඉදිරිපත්වීම නිසා ශෝචනීය තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ වගේම සිංහල බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාගේ අඩුවක් ක්‍රමයෙන් ඇති වෙමින් පවතින අතර බෞද්ධ විශ්වවිද්‍යාල සහ භික්‌ෂු අධ්‍යාපන ආයතනවල අනාගතය පිළිබඳව කිසියම් බියක් ඇතිවී තිබෙනවා.
ථෙරවාදී බුදු දහමට එරෙහිව තවදුරටත් විවිධ අන්‍යාගමික බලවේගවල බලපෑම එල්ල වෙමින් පවතින අතර මෙවැනි ප්‍රවණතාවලට අමතරව තවත් ප්‍රවණතා විශාල ලෙස පවතිනවා. මෙවැනි තත්ත්වයන්ට විසඳුම් සෙවීමට මෙම සම්මන්ත්‍රණය අවස්‌ථාවක් කරගන්නවා නම් අපි කිසියම් තැනකට එනව කියන බව මා විශ්වාස කරනවා.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා -
වර්තමානයේ ථෙරවාදී බුදු දහමට එල්ල වී තිබෙන විවිධ අභියෝග මැඩ පවත්වා ථෙරවාදී බුදු දහම තවදුරටත් ඉදිරියට රැගෙන යැමේ හැරවුම් ලක්‌ෂයක් ලෙසට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ථෙරවාදී බුදුදහම බාධක මැද ඉදිරියට රැගෙන යැම සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ශාසනික වශයෙන් විශාල ශක්‌තියක් වී තිබෙනවා.
බුදුන් වහන්සේගේ කාලයේ වර්තමානයේ මෙන් දියුණු තාක්‌ෂණයක් තිබුණේ නෑ. නමුත් අපි දියුණු තාක්‌ෂණ ක්‍රම භාවිත කරනවා. එදා බුදුන් වහන්සේ පස්‌වග මහනුන් සමග එක්‌ව බුදු දහම ලෝකයා අතර ප්‍රචාරය කිරීමට කටයුතු කළා. එම කැපවීම අද වනවිට බෞද්ධ ප්‍රජාව අතර නොමැතිවීම ගැටලුවක්. එයට පිළියම් සෙවීමට අපි ක්‍රියා කළ යුතුයි. එසේම ආගමික වශයෙන් එල්ල වන බාහිර බලවේගවලට මුහුණ දීමට අපි සංවිධානය විය යුතුයි.
තොරතුරු තාක්‌ෂණයේ යූටියුබ්, ගූගල් සහ ෙµaස් බුක් ආදී මාර්ග ඔස්aසේ අපට තොරතුරු ලබාගැනීම වගේම තොරතුරු බෙදාදීමට හැකියාව තිබෙනවා. ඒ අනුව එම මාර්ගවලින් බුදු දහම ලෝකයා අතර ප්‍රචාරය කළ හැකියි. ලෝකයේ බටහිර රටවල්වල වෙසෙන ජනතාව බුදු දහමේ හරය ඉල්ලා සිටිද්දී ඇයි අපි එම තාක්‌ෂණය ප්‍රයෝජනයට නොගන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා.
ජනාධිපතිතුමා අනිකුත් ආගම්වලට මෙන්ම බෞද්ධාගම නගා සිටුවීමට සියලු සම්පත් සහ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා බුදුදහම ආරක්‌ෂා කිරීමට බෞද්ධ සංවිධාන මෙන්ම බෞද්ධ ප්‍රජාව ඉන් ප්‍රයෝජන ගත යුතුයි.
මෙම සමුළුවේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයේ භාෂා සහ සංස්‌කෘතික අධ්‍යයන පීඨාධිපති ආචාර්ය වරදිවෙල විජයසුමන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිවිතිගල සුමිත්ත යන ස්‌වාමීන් වහන්සේලාද කතා කළහ.
මෙම අවස්‌ථාවට අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන, ශ්‍රී ලංකා භික්‌ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ආචාර්ය කනත්තේගොඩ සද්ධාරතන යන නාහිමි වරුන් ඇතුළු එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශ ප්‍රධානීන් සහ කථිකාචාර්ය මණ්‌ඩලය, ලේඛකාධිකාරි යූ. ඩී. දොඩම්වල මහතා ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්‌ඩලය සහ ගිහි පැවිදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සහභාගි වූහ.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2013/12/30/news27.html
බලශක්‌ති අර්බුදයට විසඳුමක් ලෙස එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිපදවිය හැකි ක්‍රමවේදයක් මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන ඩබ්ලිව්. එම්. අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා සොයාගෙන ඇත.
මෙම ක්‍රමවේදය බොරතෙල් සඳහා විකල්පයක් ලෙසද භාවිත කළ හැකි බව ඔහු පවසයි. එමෙන්ම එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිෂ්පාදනය කිරීම මගින් කලින් කලට විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති බාධා මග හැරෙනු ඇත.
මේ වන විට අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා විසින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ක්‍රම රැසක් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධව යම් යම් ආයතන හරහා පරීක්‍ෂණ කටයුතු සිදුකර ඇත. මේ අතර ලංකාවේ බහුලව ඇති වල් පැලෑටියක් වන ගිනිහිරුස්‌ස ශාකය උපයෝගී කර ගනිමින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් සම්බන්ධවද පරීක්‍ෂණ සිදුකර ඇත. මේ සම්බන්ධව අප සමග අදහස් දැක්‌වූ අමිල සුරේෂ් ශිෂ්‍යයා.
එකම ජල ප්‍රමාණයක් යොදාගෙන දිගින් දිගටම විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් මා විසින් සොයාගෙන තියෙනවා. මෙම ක්‍රමය වැඩි දියුණු කිරීමෙන් දිය, ගොඩ, අහසේ ගමන් කරන සියලු වාහන ක්‍රියාකරවන්න පුළුවන් වේවි. මා සිතන්නේ මෙය බොර තෙල් සඳහා විකල්ප බලශක්‌ති උත්පාදන ක්‍රමයක් ලෙසයි. මෙම ක්‍රමය මගින් සෘජුවම වාහන ක්‍රියාත්මක කරවීමට අපහසු නම් මෙම ක්‍රමයෙන් විදුලිය නිපදවා එමගින් වාහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. මීට අමතරව පහළ ස්‌ථානවල ඇති ජලය ඉහළ ස්‌ථානවලට ගෙන යැමට මෙම ක්‍රමය යොදාගත හැකි අතර එමගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හා පානීය ජල ප්‍රශ්නයට ස්‌ථිර විසඳුමක් ලැබිය හැකියි.
මම මෙම නව නිපයුම සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාට දැනුම්දී තිබෙනවා. එතුමාගේ උද්යෝගය මට ලොකු ශක්‌තියක් වුණා. ඇත්තටම මා මුලින් සැලසුම් කළ ආකෘතිය තරමක් සංකීර්ණ එකක්. දැන් මෙම නිපයුම සරල ආකෘතියකින් ප්‍රායෝගිකව විදුලිය නිපදවිය හැකි ආකාරයට සරල කර තිබෙනවා. මෙය තවත් දියුණු කළ හැකි බව මගේ විශ්වාසයයි. මම පැල්වත්ත සීනි සමාගමේ පුහුණු කාල සීමාවක් අවසන් කර ඇති අතර දැනට හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවේ අවසාන පුහුණු කාල සීමාවේ ඉන්නේ. මට තාම රැකියාවක් නෑ. මෙම නව නිපයුමට අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා මගේ ආර්ථිකයට දැනෙන මුදලක් වැය වෙලා තියෙනවා. ඉදිරි වැඩි දියුණු කිරීම් සඳහා ආර්ථික අපහසුකම් තිබෙනවා.
මෙම නව නිපයුම් සොයාගත් ඩබ්ලිව්. එම්. අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඇතිමලේ ද්විතීයික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර වැඩිපුර අධ්‍යාපනය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්‍ෂණ ආයතනයට ඇතුළත්වී ඇත. "අරුණ" නිවාස, ගැමුණුපුර, ඇතිමලේවැව, මොනරාගල යන ලිපිනය මගින් හෝ 0783931544, 0555659520 යන දුරකථන අංකවලට ඇමතීමෙන් අමිලගෙන් වැඩිදුර තොරතුරු දැනගත හැක.
මොනරාගල නයන ඉහළගෙදර
http://www.divaina.com/2013/12/30/news10.html
65 හැවිරිදි ජයලලිතා ජයරාම් ගැන අපට යළිත් කතාකරන්නට සිදුව ඇත. සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායිකාව ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරන ඉන්දීය මහ ඇමැතිවරිය බවට විවාදයක් නැත. සිය පක්‍ෂ සාමාජිකයන් අතරේ 'අම්මා' නමින් දේවත්වයෙන් අදහන ඇය තව මාස පහකින් පැවැත්වෙන ඉන්දීය මැතිවරණය දෙස උනන්දුවෙන් බලා සිටින්නේ එක් පරමාර්ථයක් මුදුන් පත්කර ගැනීම සඳහාය. ඒ අන්කවරක්‌වත් නොව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ අගමැති පදවිය දරන පළමු දෙමළ ජාතිකයා වීමටය.
ජයලලිතාගේ අගමැති සිහිනය ශ්‍රී ලංකාවේ දේශපාලනයද උණුසුම් කරන සිද්ධියක් බව අමුතුවෙන් කිවයුතු නැත. මියගිය ප්‍රභාකරන්ට යළිත් ප්‍රාණ වායුව පිඹීමට උත්සාහ දරන ඇය දිල්ලි ආණ්‌ඩුව හෙල්ලිය හැකි ප්‍රබලතම චරිතයක් බව අවිවාදිතය. ඉකුත් 19 වැනිදා චෙන්නායි නුවරදී සිය පාක්‍ෂිකයන් ඇමතූ ජයලලිතා ප්‍රකාශ කළේ ශාන්ත ජෝර්ඡ් බලකොටුවේ සිට දිල්ලියේ රතු බලකොටුව තෙක් සිය බලය පැතිරවීමට අවශ්‍ය බවයි. ලබන මැයි මාසයේ පැවැත්වෙන ඉන්දීය ලෝක් සභා මැතිවරණයේදී අගමැතිවන්නේ ගුජරාට් මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි බවට දැනටමත් අනාවැකි පළවී ඇත. එහෙත් ජයලලිතා තම පක්‍ෂ සාමාජිකයන් හමුවේ ලොව ප්‍රථම දෙමළ අගමැතිනිය වීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම වහසි බස් දෙඩීමක්‌ද? ජයලලිතාගේ සිහිනය සැබෑ නොවුණද උණුසුම් වී ඇති මේ දේශපාලන සටන දෙස අපට ඇස්‌වසාගෙන සිටිය නොහැක. මීට පෙර ඉන්දීය මහමැතිවරණ ප්‍රතිඵල අනුව අනපේක්‍ෂිත පුද්ගලයන් අගමැති ධුරයට පත්වූ බව ප්‍රකට කරුණකි. අයි. කේ. ගුඡ්රාල්, දෙව් ගවුඩා යන අගමැතිවරුන් දෙපළ බිහිවූයේ සියලුදෙනා පුදුමයට පත්කරමිනි. ජයලලිතා උත්සාහ කරන්නේද තවත් ගුඡ්රාල් කෙනෙකු වීමටද?
ජයලලිතාට අවශ්‍ය භාරතීය ජනතා පක්‍ෂයටත්, කොංග්‍රස් පක්‍ෂයටත් අභියෝග කරන තෙවැනි පෙරමුණක් බිහි කිරීමටය. ඒ සඳහා ඇය සමාජවාදී පක්‍ෂයේ නායක මුල්යාම් සික් යාදෙව්ට හා තෙලිඟු දෙශාබ් පක්‍ෂයේ නායක චන්ද්‍රබාබු නායිදුටත් වමේ දේශපාලන පක්‍ෂවලටත් ආරාධනා කර ඇත. ජයලලිතා අගමැති සිහිනය යථාර්ථයක් කර ගැනීම සඳහා මැතිවරණ ජය ලබා ගත යුත්තේ කෙසේද යන්න සිය පාක්‍ෂිකයන්ට පැහැදිලි කර ඇත. එනම් ලෝක් සභාවට තමිල්නාඩුවෙන් මන්ත්‍රීවරු 40 ක් තේරීපත්විය හැකි අතර මේ හතළිහම තම පක්‍ෂය විසින් දිනාගත යුතු බව ඇය අවධාරණය කර තිබේ. එක් පක්‍ෂයට තමිල්නාඩුවේ ආසන හතළිහම දිනාගත හැකිද යන්න වෙනම කරුණකි. බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජි ද අගමැති සිහිනය දකින්නේ කලක සිටය. අකිලේෂ් යාදෙව් නිසා උත්තර් ප්‍රදේශ මහ ඇමැති පුටුවෙන් විසි වූ මායාවතීද අගමැති පුටුව සිහිනෙන්ද දුටුවාය. එලෙසම චිත්‍රපට 140 ක රඟපෑ මේ හිටපු නිළියද මන්මෝහන් සිං ට පසුව අගමැති නිල නිවස වෙත පිය නැගීමට උනන්දුවෙන් බලා සිටින්නීය. දෙමළ, තෙලිඟු, කණ්‌නඩ චිත්‍රපටවල රඟපෑ පමණින් ඇයට අගමැති වීමට නොහැකිය. එයට ජනතා කැමැත්තත් තිබිය යුතුය. දෙමළ ජාතිවාදය උත්සන්න කර ඒ හරහා ලැබෙන ඡන්දවලින් ඇයට අගමැතිකම ලබාගත හැකිද? ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ජයලලිතාගේ අගමැති සිහිනය භාරතීය ජනතා පක්‍ෂයට අවාසිදායක බවයි. භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු නායකයකු වන එම්. වෙන්කටයියා නායිදු පවසන්නේ ජයලලිතාගේ පක්‍ෂය සමඟ සන්ධානගත වීමට තමන් සූදානම් නැති බවයි. අගමැති අපේක්‍ෂකයන් දෙදෙනකු සිටින පක්‍ෂ දෙකක් අතර සන්ධානයක් ඇති නොවන බව හෙතෙම කියයි. කෙසේ නම් ඉදිරි මාස කිහිපය තුළ ඉන්දීය දේශපාලනයේ කවර වෙනස්‌කම් ඇතිවේද යන්න කිව නොහැකිය. නමුත් ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම පිණිස තමිල්නාඩුවේ ආසන 40 තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බව ප්‍රකට කරුණකි.
මීට වසරකට පමණ පෙර ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර සිටියේ දොaතිය ඇඳගත් දෙමළ ජාතිකයකු අගමැති පුටුවේ වාඩිවිය යුතු බවයි. කරුණානිධි අගමැති පුටුවට යෝජනා කළ දෙමළ පුද්ගලයා කවුද? වර්තමාන මුදල් ඇමැති පලනිඅප්පන් චිදම්බරම්ය. එහෙත් චිදම්බරම් මෙයට එකඟවූයේ නැත. ඔහු ප්‍රකාශකර සිටියේ තමා යා හැකි උපරිම දුර ගමන්කර ඇති බවය. කරුණානිධිට නම් අගමැති සිහිනයක් දැකිය නොහැක. විශේෂයෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා එනම් ස්‌ටාර්ලින් හා අලගිරි අතර ඇතිව තිබෙන් බලඅරගලය නිසා පක්‍ෂය දෙදරා ඇත. ජයලලිතාගේ ආධාරකරුවන් නම් ප්‍රකාශ කරන්නේ "අම්මා අගමැති වුණොත් ඉන්දියාව ඇමරිකාව වගේ වෙනවා. ඒක වළක්‌වන්න කාටවත් බැහැ" යනුවෙනි. ජයලලිතා දෙසැම්බර් 19 වැනිදා පැවැත්වූ පක්‍ෂ සමුළුව සඳහා එම්. ජී. රාමචන්ද්‍රන් හිටපු මහ ඇමැතිවරයා ලෙස සැරසුණු පුද්ගලයකුද පැමිණි සිටියේය. ඔහු එන්.ඩී.ටී.වී. රූපවාහිනි වාර්තාකරුට ප්‍රකාශ කර සිටියේ අගමැති පුටුවට යා හැකි එකම කාන්තාව ජයලලිතා බවයි. ජයලලිතාගේ අගමැති සිහිනය එම පක්‍ෂ සාමාජිකයන් කුල්මත් කර ඇති බව රහසක් නොවේ. එහෙත් මේ අගමැති පුරාඡේරු ගැන කරුණානිධි නම් සිනහසෙන බව රහසක් නොවේ.
ජයලලිතා ගැන කථාකරන විට එම්. ජී. රාමචන්ද්‍රන් ගැන සිහිනොකළහොත් එය බරපතළ වැරැද්දකි. මන්ද ජයලලිතාගේ දේශපාලන ගුරුවරයා වන්නේ එම්. ජී. ආර්. ය. 1983 දී ජයලලිතා සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්වරිය බවට පත්වූ අතර එම්.ජී.අර්. විසින් ඇයව 1984 දී ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩලයට එනම් රාජ්‍ය සභාවට පත් කරනු ලැබීය. ඇය 1984 දී සිට 1989 දක්‌වා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය. 1987 දී රාමචන්ද්‍රන් මරණයට පත්වූ අතර වසර දෙකක් තුළ එම පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීමට "අම්මා"ට හැකිවිය. ජයලලිතා මුලින්ම මහ ඇමැති වූයේ 1991 දීය. 1996 දී ඇය පරාජයට පත්වූ අතර 2001 දී යළි තමිල්නාඩු මහ ඇමැතිනිය වූවාය. 2011 දී ඇය තෙවැනිවරටත් තමිල්නාඩුවේ බලය අල්ලාගත් අතර 2011 මැයි 16 වැනිදා සිය ධුරයේ දිවුරුම් දුන්නාය.
ජයලලිතාගේ අගමැති සිහිනය පිළිබඳව අප වඩා උනන්දුවිය යුත්තේ ඇගේ ශ්‍රී ලංකා විරෝධී උග්‍ර ජාතිවාදි ක්‍රියා කලාපය නිසාය. ප්‍රායෝගිකව බැලූ කල ඇයට අගමැතිකම ලබා ගැනීම දුෂ්කරය. පසුගිය කාලයේ ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත මහා ඇමැතිනිය වූ මායාවතී ද මේ සිහිනය දුටු අතර එනිසාම ඇය ජාත්‍යන්තර මාධ්‍යයටද තරුවක් විය. ලංකාවේ සිට චෙන්නායි නුවරට පැමිණෙන පාසල් ක්‍රීඩා කණ්‌ඩායම්ද නැවත හරවා එවන ජයලලිතා ඉන්දියාවේ අගමැතිනිය විය යුතු යෑයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කිසිවිටකත් පැතිය යුතු නැත. මේ අගමැති ධුරය ඉලක්‌ක කිරීම ඇගේ දේශපාලන ආධාරකරුවන් කුල්මත් කිරීමේ ප්‍රයෝගයක් මෙන්ම ප්‍රධාන දේශපාලන පක්‍ෂ තම දෙපතුල ළඟට කැඳවා ගැනීමේ උපක්‍රමයක්‌ද වන බව පැහැදිලිය. නරේන්ද්‍ර මෝඩි ජයලලිතාගේ උගුලේ වැටෙයිද? ජයලලිතා හා මෝඩි අතර එකඟතාවක් ඇතිවුවහොත් එය ලංකාවට ඉතා අවාසිදායක බව නොකියාම බැරිය. කෙසේ නමුත් ජයලලිතාගේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන අප හොඳ අවබෝධයෙන් සිටිය යුතුය.
චතුර පමුණුව
http://www.divaina.com/2013/12/29/forign.html
Pic
Source
ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් ජය ගෙන සිටින සුපිරි ෆෝමියුලා ධාවරන ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හදිසි අනතුරක් නිසා රෝහල්ගත කර තිබේ.
කෝමා තත්ත්වයෙන් පසුවන ඔහුට බරපතළ බවත් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බවත් රෝහල් බලධාරීහු පවසති.
44 හැවිරිදි ෂූමාකර් ඊයේ දිනයේ සිය පුත්‍රයා සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදුව ඇත.
http://lankacnews.com/sinhala/foreign-news/107509/
Pic
Source
එංගලන්තයේ සහ වේල්සයේ මුස්ලිම්වරුන්ට එරෙහි අපරාධයන් සංඛ්‍යාව 2013 වසර තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය මැයි මස ලන්ඩනයේදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් ලී රිග්බි නම් සෙබළෙකු ඝාතනය කිරීම සමග මෙලෙස මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ඉහළ ගොස් ඇතැයි පැවසේ.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් වාර්තා පවසන්නේ 2013 වසරේ ලන්ඩනයේදී සිදුවූ මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ප‍්‍රමාණය ඊට පෙර වසරේ වාර්තාවූ 336සිට 500 තෙක් වර්ධනය වී ඇති බවයි. මැන්චෙස්ටර් නගරය තුළදී මෙය 75 සිට 150 තෙක් දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් සමහර ප‍්‍රදේශවල මෙලෙස ආගම් විරෝධී අපරාධයන් වාර්තා වී ඇත්තේ ඉතා සුළු වශයෙන් වන අතර බොහෝ පොලිස් ස්ථාන විසින් මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයන් ලෙස වාර්තා තබානොගන්නා බවද පවසා ඇතැයි වාර්තා වේ. ස්කයි නිව්ස් පුවත් සේවය පවසන්නේ තොරතුරු ලබාගැනීම සඳහා ඇමතූ පොලිස් ස්ථාන වලින් අඩක්ම තොරතුරු ලබාදීම සඳහා අසමත්වූ බවයි.
අපේ‍්‍රල් මස සිට මේ දක්වා පමණක් සිදුවීම් 840ක් පමණ වාර්තා වී ඇති බව මුස්ලිම් විරෝධී අපරාධයන් පිළිබඳව වාර්තා තබාගන්නා ටෙල් මමා නම් කණ්ඩායමක් විසින් දක්වා ඇත. 2012 මාර්තු සිට 2013 මාර්තු දක්වා කාලපරිච්ෙඡ්දයේදී එම සංවිධානය විසින් නිරීක්ෂණය කර ඇත්තේ ආගම් විරෝධී පහරදීම් 582ක් පමණක් වන බව පැවසේ.
ටෙල් මමා පවසන්නේ දැනට වාර්තා වී ඇති ප‍්‍රමාණය වසර අවසානය වන විට 1000 සීමාවට ළගාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෙම තත්වයට මුහුණ දීම සඳහා ඉස්ලාම් භීතිකාව මත ක‍්‍රියාත්මක වන අපරාධ සඳහා වඩා වැඩි දඬුවම් පැණවිය යුතු බව එම සංවිධානයේ ප‍්‍රධානි ෆියාස් මුජාල්ගේ අදදහසයි.
රටපුරා ජනතාව වෛරය පතුරුවන්නන් හට එරෙහිව පෙළගැසෙමින් ඇති බවත් මෙම තත්වය මැඬලීම සඳහා පොලිසිය සියලූ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ලේබර් පක්ෂයේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු අමාත්‍ය හෙලන් ජෝන්ස් පවසා තිබේ.
http://lankacnews.com/sinhala/foreign-news/107463/
පොලිස් නිලධාරීන් විසින් සිදු කරන අකටයුතුකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මහජනයාට සෘජු දුරකතන අංකයක් හඳුන්වා දුන් බව ජාතික පොලිස් කොමිසම කියයි.
ඒ අනුව අංක 0710361010 ඔස්සේ එම පැමිණිලි ලබාදිය හැකි බව පොලිස් කොමිසමේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.
http://lankacnews.com/sinhala/news/107537/
ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් සියයට 11.4 කට අන්තර් ජාල පහසුකම් තිබෙන බවත් තවත් සියයට 9.2 ක ප්‍රමාණයක් සන්නිවේදන මධ්‍යස්ථාන වැනි පහසුකම් භාවිතා කරමින් අන්තර් ජාලයට පිවිසෙන බවත් නවතම දත්ත මගින් අනාවරණය වේ.
මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව වැඩිම අන්තර් ජාල භාවිතාවක් තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර කොළඹ නිවෙස් තුළදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 26.9 ක්ද නිවෙසින් පිට වෙනත් ස්ථාන වලදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 15.2 ක්ද වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ නිවසේ සිට අන්තර් ජාල පහසුකම් භාවිතා කරන ප්‍රමාණය සියයට 16.7 ක් වන අතර නිවසෙන් බාහිරව අන්තර් ජාලයට පිවිසෙන ප්‍රමාණය සියයට 9.2 කි.
නිවසේ සිට අන්තර් ජාලයට පිවිසෙන අඩුම ප්‍රමාණය සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේයි. එම ප්‍රමාණය සියයට 2.8 ක් වන අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 18.7 ක් වෙනත් ස්ථාන වලදී අන්තර් ජාල පහසුකම් භාවිතා කරයි.
මෙහිදී, අනාවරණය කර තිබෙන්නේ උතුරු නැගෙනහිර පිහිටුවා තිබෙන සන්නිවේදන මධ්‍යස්ථාන හරහා විශාල පිරිසක් අන්තර් ජාලයට සම්බන්ධ වන බවයි.
වව්නියාවේ ජනතාවගෙන් සියයට 32.1 ක්ද, යාපනයේ ජනතාවගෙන් සියයට 22.3 ක්ද, මෙවැනි මධ්‍යස්ථාන මගින් අන්තර් ජාලයට පිවිසේ. මන්නාරමේ සියයට 20.2 ක්ද, කිලිනොච්චියේ සියයට 18.0 ක්ද, මඩකළපුවේ සියයට 14.5 ක්ද, ත්‍රිකුණාමලයේ සියයට 12.7 ක්ද මෙවැනි සන්නිවේදන මධ්‍යස්ථාන හරහා අන්තර් ජාලයට පිවිසෙන බව අනාවරණය වී ඇත.
http://vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1616143199
කල්මුණේ දකුණු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරී කටයුතු මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම මත සිදුකිරීම නිසා එම ප‍්‍රදේශවල සිංහල දෙමළ ජනතාව විශාල අසාධාරණයක් සිදුවන බැවින් කල්මුණේ උතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ලෙස උසස් කරන ලෙස කල්මුණේ සිවිල් සමාජ එකමුතුව ඉල්ලයි.
මෙම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එය උසස් කිරීම තවම සිදුවී නොමැති බවද පවසන ඔවුන් කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එහි මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම් මත දකුණු ප‍්‍රාදේශීය කාර්යාලයට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ලබා නොදෙන බවත් එම පළාත් වල රජයේ ඉඩම් සැලසුම් සහගත ලෙස මුස්ලිම් ජාතිකයන් වෙත ලබාදෙන බවත් පෙන්වා දෙති.
සුනාමි නිවාස යෝජනා ක‍්‍රමය යටතේ ඉස්ලාමාබාද් (කල්මුණේ 01 සී වසම) ප‍්‍රදේශයේ රජයෙන් තනාදෙන ලද නිවාස 180 කින් සිංහල දෙමළ ජනතාවට කිසිදු නිවසක් හෝ ලබා නොදෙමින් සම්පූර්ණයෙන්ම පිටත ප‍්‍රදේශවල පදිංචි සුනාමියෙන් හානියට පත් නොවූ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇති බවත් කල්මුණේ සිවිල් සමාජ සංවිධාන එකමුතුව පවසයි.
ඉදිරියේදී පිහිටුවීමට සූදානම් වන නගර සංවර්ධන යෝජනා ක‍්‍රමයෙන් ද සිංහල හා දමිල වැසියන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවත් උතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට උසස්වීමක් ලබාදීමට මුස්ලිම් පක්ෂ විරුද්ධ වන්නේ තමන්ගේ වාසියට බවත් සිවිල් සමාජ සංවිධානයේ සභාපති පොන්සෙල්වනායගම් මහතා පැවසීය.
http://lankacnews.com/sinhala/news/107534/
Pic
Source
සබැඳි ලිපි -
[