Pages

Friday, December 13, 2013

ජාතික කොඩියට නිගරු එපා පළාත් ආණ්‌ඩුකාරවරු දැනුවත් කෙරෙති. සිහි කැඳවීම් චක්‍රලේඛයක්‌ අලුතින් එයි

ජාතික කොඩියට නිගරු කරමින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව කටයුතු කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී. බී. අබේකෝන් මහතා "දිවයින"ට පැවැසීය.

උතුරු පළාත් සභාවට පත්වූ ඇතැම් අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් නිල උත්සවවලදී ජාතික කොඩිය හිතාමතාම එසවීමට ක්‍රියා නොකළ අවස්‌ථා ගැනද වාර්තා වන බව ඒ මහතා කියා සිටියේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට අමතරව නැවත සිහි කැඳවීමේ චක්‍රලේඛයක්‌ වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා පවසා සිටියේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රකින බවට ප්‍රතිඥ දී උතුරු පළාත් සභාවට පත්ව සිටින මැති ඇමැතිවරුන් ජාතිවාදී ස්‌වරූපයෙන් ජාතික කොඩියට නිගරු කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා තමාට උපදෙස්‌ දී ඇතැයි අබේකෝන් මහතා පැවැසීය.

ජාතික කොඩිය සියලු ජාතීන් නියෝජනය වන අයුරින් නිර්මාණය කර ඇති බැවින් ජාතික කොඩිය එසවීම පිළිබඳව උතුරේ මහජන නියෝජිතයන් ඒ පිළිබඳව අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගත යුතු යෑයිද අබේකෝන් මහතා සඳහන් කළේය.

ජාතික කොඩිය එසවීම සම්බන්ධයෙන් ගත යුතු විධිවිධාන පිළිබඳව උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා විසින් එම පළාත්වල මහජන නියෝජිතයන් තවදුරටත් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/12/13/news02.html

සබැඳි ලිපි -
[
උතුරේ මින්පසු ජාතික කොඩිය තහනම්! - උතුරේ කෘෂි ඇමැතිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9257.html
]

0 comments: