Pages

Friday, December 13, 2013

කුඩු කන්ටේනරයේ සුලමුල හෙළිවේ යැයි අගමැති ලේකම් බයවෙලා - ඕමල්පේ සෝභිත හිමි

අගමැතිවරයාගේ ලිපි ශීර්ෂය අවභාවිතයේ යොදවා විශාල මත්කුඩු කොගයක් නිදහස් කර ගැනීමට ඉල්ලා සිටි පුද්ගලයා රටට හෙළි කර නීතිය හමුවට පමුණුවනවා වෙනුවට තමන් වහන්සේ යොමු කළ ලිපියට පිළිතුරු එවීමට අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා කඩිනම් වී ඇත්තේ කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළිදරව් යැයි ඇති බිය නිසා බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

කුඩු කන්ටේනරය සම්බන්ධ පරීක්ෂණ වලට සහය දී අගමැතිවරයාට එල්ල වන මහා අපකීර්තියෙන් හා උපහාසයෙන් ගලවාගැනීමට අමරසේකර මහතාට වගකීමක් තිබූ බව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ දෙයි.

එසේ නොමැතිව තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට වෙර දරමින්, තම ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා මාධ්‍ය වෙත ලිපි යොමු කිරීමෙන් ඵලක් නොවන බවද සෝභිත හිමියෝ සදහන් කරති.

මෙහි අවුල් සහගත හා සංකීර්ණ තත්ත්වයක් තිබුණේ නම් එය නිවැරදි කිරීමට තිබුණේ මීට බොහෝ කලකට පෙර බව පවසන උන්වහන්සේ,මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධව අසන ලද කිසිදු ප‍්‍රශ්නයකට වගකිවයුත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණු බවද පෙන්වා දෙති.

මෙම සිදුවීම සම්බන්ධ සියලූ තොරතුරු රටට හෙළිදරව් කර, වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසද උන්වහන්සේ වැඩිදුරටත් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.

http://lankacnews.com/sinhala/news/106513/

සබැඳි ලිපි -
[
කුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න - ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌http://denethharinna.blogspot.com/2013/12/blog-post_13.html
කුඩු කන්ටේනරයේ සිද්ධිය: අගමැති, නිලයෙන් ඉවත් විය යුතුයි - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_10.html
]

0 comments: