ඇෆ්ගනිස්ථානයෙන් සංක්‍රමණය වූ 17 හැවිරිදි ත්‍රස්තයෙක් ජර්මන් දුම්රියකට පැන මගීන්ට පොරෝ පහර හා පිහි පහර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හිදී එල්ල කළ මෙම අමානුෂික ප්‍රහාරයේදී 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ඔහු මෙම ප්‍රහාරය සිදුකරන විට අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් සේවය මොහු එම සංවිධානයේ සටන්කරුවෙකු ලෙස හඳුන්වා ඇත.
http://www.colombotoday.com/20129-2899/
|
සිසිදරන්ගේ මුහුණු පොත |
මෙරට දෙමළ දේශපාලනය බෙදුම්වාදය අදහන තාක්‌කල් සහජීවනය සහ සංහිඳියාව යනු කවුරු කවුරුත් දකිනා දවල් හීන බවට පත්වීම වැළැක්‌විය නොහැකිය. සත්‍යය ඇත්තේ එතැනය.
අතීතයේද එය එසේම සිදුවිය. මෑතකාලීන ඉතිහාසය විසින් එයට ඕනෑ තරම් උදාහරණ අපට සපයා දී ඇත. පැහැදිලිවම කිවහොත් මේ රටේ සිංහල දෙමළ ජනතාව අතර පැවති අෙන්‍යාන්‍ය සබැඳියාව සුණු විසුණු කර දැමුවේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයය.
මුළු රටම තිස් වසරක් පුරාවට විසාලා නුවරක් කළ වෙලුපිල්ලේ ප්‍රභාකරන් 70 දශකයේදී කරළියට පැමිණෙන්නේද ඒ බෙදුම්වාදය හමුවේය. එසේ නොවේ යෑයි කියන්න අපේ අතීතය කිසිවකුටත් ඉඩක් තබා නැත.
සැකකරු වෙනුවෙන් පෙනීසිටිමට අධිකරණයට පැමිණෙන ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා --->
එකී මජර දේශපාලනය හැමදාමත් මස් රාත්තලම ඉල්ලීය. ඊළම ඔවුන්ගේ එකම පැතුම විය. ඒ වෙනුවෙන් ඔවුහු උතුරේ දෙමළ තාරුණ්‍යයේ මොළ සේදූහ. මේ රට තුළ වෙනම රාජ්‍යයක්‌ය යන බෙදුම් ඉර ඇඳෙනතුරු කළහැකි සෑම දුෂ්ටකමක්‌ම කළහ. අද ද එය සිදු වෙමින් ඇත.
එහෙත් විජාතික කුමන්ත්‍රණයක කූඨප්‍රාප්තිය සේ මතුවුණු වත්මන් යහපාලනයට නම් මේ කිසිත් අදාළ නැත. ඔවුන් යමින් සිටින්නේ චිරාත් කාලයක සිට මේ රටට එරෙහි විජාතික කඳවුරට සහ දෙමළ දේශපාලනයට ඇවැසි වූ බෙදුම්වාදයේ ගමන බව නම් දැන් හොඳහැටි පැහැදිලිය.
එක් අතකින් ජාතක කරපු කඳවුර වෙනුවෙන් පෙනී සිටිනු හැර අවජාතක නොට්‌ටිගේ පුතකු වන්නට යහපාලනයට හැකියාවක්‌ද නැත. අද ඇතැමුන් දිවුරුම් හතක් දිවුරා කුමක් කීවද මේ යථාර්ථය අප සිහි බුද්ධියෙන් වටහාගත යුතුය.
අප ආණ්‌ඩුවට මෙසේ චෝදනා කරනුයේ නිකම් ආවාට ගියාටද? නැත. යහපාලනයේ සියලු ක්‍රියාකාරකම් තුළ සැඟවී ඇත්තේ රටට කුමක් සිදු වුවත් පත අට එකට සිඳුවා ශ්‍රී ලාංකික උරුමයට තිත්ත කෂාය පොවන අතරේ ජාතිකවාදයට කොකා පෙන්වීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන නිසාය.
ඒ බව පෙන්වා දෙන්නට ගෙවී ගිය වසර එකහමාරක කාලය තුළ කරළියට ආ කරුණු කාරණා නම් බොහෝය. එහෙත් ඒ සියල්ල පිළිබඳ කතා කිරීමට අවශ්‍ය නැත. ඉකුත් 16 වැනි සෙනසුරාදා දිනයේ රටම යළි කම්පනයකට පත් කරමින් යාපනය සරසවියේ ඇති වූ සිංහල, දෙමළ සිසු ගැටුමේදී යහපාලනය හැසිරුණු ආකාරය ඊට හොඳටම සෑහෙන්නේය.
තිස් වසරක් පුරාවට මේ රට වැනසූ ප්‍රභාකරන් සොයා එදා අපේ රණවිරුවන් ජීවිත පරදුවට තබමින් පෙරට යද්දී ඔවුන්ව අවමානයට ලක් කර ගොන් කතා පවසා ගොන් ආතල් ගත් ඇතැම් සට්‌ටඹින්ගෙන් ගහණ පාලනයකින් මින් එහා දෙයක් බලාපොරොත්තු වීමටද නොහැකිය.
එහෙත් මේ පිං බිමේ ඉරණම් කතාව අද පැහැදිලිවම ලියෑවෙමින් තිබෙන බව පෙනි පෙනීත් එකී මන්ද බුද්ධිකයන් සබුද්ධික වනතුරු අපට බලා සිටිය හැකිද? එසේ කළ යුතුද? අප ඒ ප්‍රශ්න යොමු කරන්නේ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ හදවත්වලට දැනෙන්නටය.
සැබැවින්ම ඉකුත් 16 වැනිදා යාපනය සරසවිය තුළ සිදුවූයේ කුමක්‌ද? මුලින්ම කිව යුත්තේ යහපාලනයට අනුව නම් කිසිවක්‌ම සිදුවී නොමැත යෑයි කියාය. එය විශ්විවිද්‍යාල සිසුන් අතර ඇති විය හැකි සාමාන්‍යයක් බව ආණ්‌ඩුවේ මැති ඇමැත්තෝ හැකි වෙර දමා සමාජගත කරන්නට තැටමූහ. දැනුදු තටමන්නාහ.
ඔවුන්ට අනුව එකී ගැටුම තුළ බෙදුම්වාදයක් හෝ ජාතිවාදයක් තිබී නැත. එසේ වූවේ යෑයි කියන්නෝ ආණ්‌ඩුවේ සංහිඳියාවට සහ සහජීවනයට හතුරුකම් කරන්නෝය. ජාතිවාදීහුය. එහෙත් මේ කතා ඇසෙද්දී යහපාලනය දෙස බලා "වෙච්ච දේට එන්න සෙයියදු" කියනවා හැරෙන්නට අපට කියන්නට වෙන යමක් නැත.
සැබැවින්ම ඉකුත්දා ඇතිවූ යාපනය සරසවි සිසු ගැටුමේ සත්‍යය ඇත්තේ ආණ්‌ඩුව මේ කියන තැනද? මෙදා සිදු වූයේ අතීතයේ හෙවත් එදා සිදුවූ දේම නොවේද? මෙකී එදා සිදුවූ දේ යනු කුමක්‌ද?
යාපනය සරසවිය ආරම්භ කෙරෙනුයේ 1974 වසරේදීය. ඒ විද්‍යා පීඨයක් ලෙසිනි. මේ කාලය යනු නූතන දෙමළ බෙදුම්වාදය හෙවත් ඊළාම් සංකල්පය පැහැදිලිවම ඉස්‌මතු වෙමින් තිබූ යුගය විය. එහෙත් යාපනය සරසවිය ආරම්භයේ හෙවත් එකී යුගයේ සිංහල සිසුන් මෙන්ම සිංහල ආචාර්යවරුන්ද එහි වූහ. සරසවිය තුළ තිබුණේ අෙන්‍යාන්‍ය වශයෙන් බැඳී තිබූ බුද්ධිමත් සහෝදරත්වයකි. ජාතිවාදයක්, ආගම්වාදයක් හෝ සංස්‌කෘතිකවාදයක් එකල එහි නොවිණි.
ඇත්ත එය වුවද එකී තත්ත්වය පැවතියේ වසර දෙකක පමණ කාලයකි. යාපනය සරසවිය තුළ තිබෙන සිංහල දෙමළ සහෝදරත්වය බෙදුම්වාදයට බරපතළ බාධාවක් බව බෙදුම්වාදීහු දුටහ. අවසානයේ එය කඩා බිඳ දැමිය යුතු බව ඔවුහු කල්පනා කළහ.
එහි අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්‌ද? යාපනය අර්ධද්වීපයේ විවිධ තැන්වලදී සිංහල විශ්වවිද්‍යාල සිසුන් ඉලක්‌ක කර අමානුෂික පහරදීම් සිදු වන්නට විය. ඒවා සිදු කළෝ බෙදුම්වාදීහුය. ඊළාම් සිහිනය දුටුවෝය. මෙකී පහරදීම් දිගින් දිගටම සිදු වන්නට විය.
යාපනය සරසවියේ අධ්‍යාපනය හැදැරූ මාරසිංහ සිසුවාට මෙසේ එල්ල වූ අමානුෂික ප්‍රහාරයක් හේතුවෙන් ඉදිරි ජීවිතය රෝද පුටුවක ගෙවන්නටද එදා සිදු විය. එය සිදු වූයේ 1977 වසරේදීය. එසේ නැතහොත් අපට අසා පුරුදු ධර්මිෂ්ඨ යුගයේදීය.
මේ හේතුවෙන් 1977 වසරේ සිට යාපනය සරසවියෙන් සිංහල සිසුන් සහ ආචාර්යවරුන් ඉවත් කරන්නට එකල යාපනය සරසවි පාලනාධිකාරය තීරණය කළේය. බෙදුම්වාදීහු ජය ගත්හ. යාපනය සරසවියේ තිබූ සිංහල, දෙමළ බුද්ධිමත් සහෝදරත්වය සුණු විසුණු වී ගියේය. පැහැදිලිව කිවහොත් එතැන් සිට යාපනය සරසවියට "සිංහල නම් වානා" විය. දෙමළ බෙදුම්වාදය නැතහොත් ඊළාම් වාදය සමඟ වන යාපනය සරසවියට අදාළ අතීත කතාව වන්නේ එය ය.
මේ රටේ සුවහසක් දරුවන්ගේ නැණැස පෑදූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු සරසවි ආචාර්යවරු කිහිපදෙනකුම එදා යාපනය සරසවියේ සිට ඊළාම් බෙදුම්වාදය හමුවේ ඉන් ඉවත්ව පැමිණි පිරිසට අයත් වූහ.
එතැන් සිට මේ රටට සිදුවූ දේ බොහෝය. ඒ සියල්ල සිදු වූයේ අපේ ඇස් ඉදිරිපිටය. අද යහපාලනයේ සිට බෙදුම්වාදයේ පිටකසමින් රට පාවා දෙන්නට දඟලන බොහෝ ඇත්තෝද මේ අතීතය දැන සිටින්නාහ. සත්‍යය එය ය. එහෙත් අටපාස් දේශපාලනයට නම් මෙකී අතීත කතා මැජික් වන්නටද බැරි නැත.
කෙසේ වෙතත් එකී දුෂ්ට වූ දෙමළ බෙදුම්වාදය දැනුදු යළි යළිත් හිස ඔසවමින් තිබෙන බව ඇස්‌පනාපිට තිබියදී අද සංහිඳියාව සහ සහජීවනය නමැති වල්ගයේ එල්ලී දිව්‍යලෝකයට යන්නට දඟලන යහපාලකයන් පසුගියදා ඇතිවූ යාපනය සරසවියේ සිසු ගැටුම දෙස බලා බයිලා කියමින් සිටිනුයේ අතීතය අපට මෙසේ පාඩම් කියා දී තිබියදී නොවේද?
සංහිඳියාව සහ සහජීවනය නමැති වල්ගයේ එල්ලී මෙවන් කතා කී කල දිව්‍ය ලෝකයට යන්නේ යෑයි මෙකී දේශපාලුවන් සිතනවා විය හැකිය. එහෙත් මාර්ගය වැටී ඇත්තේ ප්‍රේත ලෝකයට බව කිසිවකුත් නොදන්නේය. මෙහිදී ඔවුන් මොන ලෝකයක ගියත් අපට ගැටලුවක් නැත. එහෙත් අපේ ඡන්දයෙන් බලයට පැමිණ එසේ ගමන යන අතරේ මේ රට අපාගත කරන්නටද ඔවුහු සැරසෙන්නාහ. ඒ මොන අයිතියක් නිසාද? අපට ඇති ගැටලුව එය වන්නේය.
ඉකුත් 16 වැනිදා යාපනය සරසවියේදී ඇති වූ සිසු ගැටුම පිළිබඳ කතා කිරීමේදී ඉහත කී අතීතය ගැන අප මුලින්ම සඳහන් කරනු ලැබුවේ යම් යම් වෙනස්‌කම් තිබුණද එදා කතාවට අද කතාව බොහෝ දුරට සමාන වන බැවිනි.
වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අවසන් කිරීමත් සමඟ දෙමළ ඊළාම් බෙදුම්වාදය පසුගිය වසර හයක පමණ කාලය තුළ බොහෝ දුරට යටපත් වී තිබිණ. එහෙත් දැන් එය එසේ නැත.
අද උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් කතා කරන්නේ ඒ බෙදුම්වාදය ගැනය, විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ඉන්නේද එතැනමය. ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ශිවාජිලිංගම් ඇතුළු උතුරේ සමස්‌ත දෙමළ දේශපාලනයම අද නොබියව කතා කරමින් සිටිනුයේ මේ බිම බෙදා වෙන් කෙරෙන වෙනම රටක් පිළිබඳ කතාව නොවේද?
මෙවර යාපනය සරසවියේ සිංහල දෙමළ සිසු ගැටුම හෙවත් විද්‍යා පීඨයේ නවකයන් පිළිගැනීමේ උත්සවයේදී සරසවි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු දෙමළ සිසුන් පිරිසක් සිංහල සිසුන් ඉලක්‌ක කර අමානුෂික ප්‍රහාරයක් එල්ල කරනුයේ එවන් බෙදුම්වාදී මතවාදයක් යහපාලනය සමඟ නැවත උතුරේ මතුව තිබියදීය.
එකී පහරදීම සිදුවන්නේද සිංහල සංස්‌කෘතික අංගයක් වූ වෙස් නර්ථනාංගයක් සිංහල සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීමේ පෙරහැරට එක් කිරීම හේතුකොටගෙනය. එසේ නම් මේ සිදුව ඇත්තේ අද යහපාලනය කියන පරිදි සාමාන්‍ය ශිෂ්‍ය ගැටුමකට එහා ගිය බෙදුම්වාදයේ අක්‌මුල් සමඟ මතුවූ සිද්ධියක් නොවන්නේද?
1977 වසරේදී යාපනය විශ්වවිද්‍යාලයෙන් සිංහල සිසුන් සහ ආචාර්ය මණ්‌ඩලය ඉවත් කිරීමෙන් පසු නැවතත් යාපනය සරසවියට සිංහල සිසුන් පිරිසක් ඇතුළත් කෙරුණේ හරියටම වසර තිස්‌තුනකට පසු ඉකුත් යුද්ධය අවසානයේ එළැඹි 2010 වසරේදීය. එතැන් පටන් යාපනය විශ්වවිද්‍යාලය තුළ යළි සංහිඳියාව මතුවිය. සිංහල දෙමළ බේදයක් තිබුණේ නැත.
එහෙත් නැවතත් යාපනය සරසවියේ සිංහල දෙමළ සිසුන්ගේ සිත් බේද බින්න කරන අන්දමේ සිදුවීම් පෙළක් ඇරඹෙන්නේ මීට වසර දෙකක පමණ සිටය. අනාවරණය වන පරිදි විශ්වවිද්‍යාල පාලනාධිකාරයද එයට සෘජුවම වගකිව යුතුය. මන්ද ඔවුන්ද හැසිරී ඇත්තේ ජාතිබේදය ඉස්‌මතු කෙරෙන පරිදි වන නිසාය.
"ඔව් අයියේ.. යාපනය කැම්පස් එකට මුලින්ම සිංහල ළමයි කණ්‌ඩායමක් ඇතුළු වෙලා තිබුණේ 2010 දී.. එතැන ඉඳන් කැම්පස් එකේ සිංහල දෙමළ ළමයින් සමගියෙන් හිටියා.. පහුගිය කාලේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ..
අපේ සිංහල ළමයි හැම තැනකදීම දෙමළ ළමයින්ගේ සංස්‌කෘතික අංගවලට වගේම හැම දේකටම මුල්තැන දීල ඔවුන්ගේ සිත් දිනා ගන්න කටයුතු කළා. 2010 පළමු කණ්‌ඩායම ආවයින් පස්‌සේ 2012 ඉඳන් නවක සිසුන් පිළිගැනීමේ උත්සවයට සිංහල සිසුනුත් එකතුවෙලා දෙමළ ළමයින් එක්‌ක සහයෝගයෙන් වැඩ කළා.
ඒ සමහර උත්සවවලදී සංහිඳියාවට අවශ්‍ය කරන නර්ථන, ගීතගායනා ආදියත් සිංහල දෙමළ සිසුන්ගේ සහභාගිත්වයෙන් එකතු වුණා. සමහර වෙලාවට සිංහල අක්‌කා කෙනෙක් දෙමළ නර්ථනයක් කරනකොට දෙමළ අක්‌කා කෙනෙක් සිංහල නැටුමක් ඉදිරිපත් කළා. ළමයි හිටියේ හරිම සිතුටින්..
"මේ වෙස් නැටුම කියන එකත් 2012 ඉඳන්ම නවක සිසුන් පිළිගැනීමේ උත්සවයට එකතු කරපු අංගයක්. 2013 සහ 2014 වසරවලදී ඒ කරන්න බැරි වුණා. ඒ වෙනත් හේතු නිසා. ඔය අතරේ තමයි මෙවර නවක සිසුන් පිළිගැනීමේ උත්සවය සංවිධානය කෙරුණේ.
ඒක සංවිධානය කරන්නේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ කණ්‌ඩායම.. සංවිධායක කමිටුව විදිහට දෙමළ සිංහල ළමයි ඉන්න කමිටුවක් පත් කරනවා.. ඒකෙන් තමයි හැම තීරණයක්‌ම ගන්නේ..
මේ පාර උත්සවයේදී වෙස් නැටුම ගැන සාකච්ඡා කරනකොට විශ්වවිද්‍යාලයේ ඉන්න යාපනයේ ළමයි කිහිප දෙනෙක් ඒකට විරුද්ධ වුණා. 4 වසරේ කණ්‌ඩායම තමයි වෙස් නැටුම ඉදිරිපත් කරන්න සූදානම් වුණේ..
පස්‌සේ ඒ ප්‍රශ්නය විසඳන්න කියලා උත්සවය සංවිධානය කරන 2 වසරේ කමිටුවට භාර කළා. එතනදී තීරණය කෙරුණා උත්සවයේ පෙරහැර යන අවස්‌ථාවේ හතරෙන් තුනක කොටසක් දක්‌වා දෙමළ නර්ථනවලට ඉඩදීලා අවසාන ටිකේදී වෙස් නැටුම ඉදිරිපත් කරන්න කියලා.
උත්සවය දවසේ ඒ විදිහටයි කටයුතු සිද්ධ කරන්න තීරණය කළේ. එත් එදා විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති එක්‌ක ආපු පිරිසක් සංවිධායකයන්ට තර්ජනය කරලා තිබුණා වෙස් නැටුමට ඉඩ දුන්නොත් නවක සිසුන් පිළිගන්න උත්සවය සම්පූර්ණයෙන්ම වනසලා දානවා කියලා.
මේ තර්ජනය නිසා ළමයි කළේ ඒ ගැන ආචාර්ය මණ්‌ඩලයට පැමිණිලි කරන එක. ඒත් කවුරුත් විසඳුමක් දුන්නේ නැහැ. පස්‌සේ විද්‍යා අංශයේ පීඨාධිපතිට අපි සිද්ධිය කිව්වා.
ඔහු පැමිණ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති එක්‌ක හිටිය පිරිස එලවලා දැම්මා. ඊට පස්‌සේ පීඨාධිපති කිව්වා වෙස් නැටුම නවත්තන්න කියලා. ඒකට සිංහල ළමයි විරුද්ධ වුණා. එවෙලේ පීඨාධිපති කිව්වා එහෙනම් සිංහල දෙමළ ඔක්‌කොම නැටුම් නවත්තලා උත්සවය විතරක් කරන්න කියලා. ළමයි ඒකට එකඟ වුණා.
ඒත් උත්සවය ආරම්භ කරලා පීඨාධිපති එක්‌ක නවක සිසුන් පෙරහැරේ එනකොට දෙමළ නර්ථන පටන් ගත්තා. මේ ගැන සිංහල ළමයි ආචාර්යවරයෙක්‌ට කිව්වහම ඔහු කිව්වා ඔයාලත් කරන්න කියලා. ඒ නිසා අපිත් වෙස් නැටුම ඉදිරිපත් කළා.
මේ එක්‌කම පීඨාධිපතිවත් තල්ලු කරගෙන ආපු කට්‌ටියක් වෙස් නැටුම ඉදිරිපත් කරපු මල්ලිලට ගැහුවා. ඒ මල්ලිලා සති ගාණක් පේ වෙලා වෙස් නැටුම ඉදිරිපත් කළේ. ඒත් පීඨාධිපති බලාගෙන ඉන්නැද්දී ඒ මල්ලිලාට ගහනකොට කවුරුත් මුකුත් කළේ නැහැ. මේ වෙලාවේ සිංහල ළමයි එකතු වෙලා ඒ මල්ලිලාව බේර ගත්තා.
ඒ එක්‌කම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සමඟ ආපු 250-300 විතර කණ්‌ඩායමක් පොලු, ගල් අරගෙන වටකරලා සිංහල ළමයින්ට ගහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සිංහල ළමයි බේරෙන්න ඕන නිසා ළඟ තිබුණ උද්භිත විද්‍යා ශාලාවේ දොරවල් කඩාගෙන ඒක ඇතුළට දිව්වා.. සිංහල ළමයි 300 ක් විතර එතන හිර වුණා.."
අද ආණ්‌ඩුව සාමාන්‍ය ශිෂ්‍ය ගැටුමක් ලෙස පෙන්වන්නට උත්සාහ දරණ යාපනය විශ්වවිද්‍යාලයේදී සිංහල සිසුන්ට එල්ල වූ ප්‍රහාරය සිදුවූ අන්දම පසුගියදා එහි ශිෂ්‍යයෙක් අපට හෙළි කරනු ලැබුවේ එසේය. ඔහු කියන පරිදි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු පිරිස සිංහල සිසුන්ට පහරදීම සඳහා එහි කඩා වදින්නේ විනාඩි දෙක තුනක කාලයක් ඇතුළතය.
පීඨාධිපතිවරයා මොහොතකට පෙර විශ්වවිද්‍යාලයෙන් එලවා දැමූ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එසේ විනාඩි කිහිපයක් තුළ 250-300 පමණ පිරිසක් සමඟ එහි කඩාවැදුනේ කෙසේද? ඒ තුළ යම් සංවිධානාත්මක බවක් තිබී නැතිද? මෙකී ආදිශිෂ්‍ය සංගම් සභාපතිවරයා යනු පසුගිය කාලයේ සිය ෆේස් බුක් පිටුවේ ඡායාරූපය සමඟ ඊළාම් සිතියම යොදාගෙන සිටියෙකි.
එසේ නම් ඔහු එවන් සංවිධානාත්මක ප්‍රහාරයක් සිංහල සිසුන්ට එල්ල කිරීමට ඉදිරිපත් වූයේ සිය ඊළාම් මානසිකත්වය නිසාද? මෙහිදී ඔහු සමඟ විශ්වවිද්‍යාලයෙන් බැහැර පුද්ගලයන්ද පහරදීමට එක්‌ව සිට ඇත. එසේ පැමිණියේ කවරෙක්‌ද?
ගැටුම සාමාන්‍ය එකක් යෑයි පවසා වැඩේ ගොඩින් ෂේප් කිරීමට කටයුතු කළ ආණ්‌ඩුව ඒ පිළිබඳ සොයා බැලීමක්‌වත් කරන්නට ක්‍රියා නොකළේ කුමක් නිසාද? දැනගැනීමට ඇති පරිදි මෙහිදී සභාපතිවරයා සමඟ සිංහල සිසුන්ට පහරදීම සඳහා පිටස්‌තරින් පැමිණ ඇත්තේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිටි ඇතැම් ත්‍රීවීල්කාරයන් ඇතුළු කණ්‌ඩායමක්‌ය. ඒ බව ඉකුත් දා මාධ්‍ය හමුවකට පැමිණි යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමාපිය එකමුතුවද පවසා සිටියහ. ඔවුන් අතරේ පුනරුත්ථාපනය කර මුදා හැරුණු කොටි සාමාජිකයන් සිටියේ නැතිද? එය සහතික කරන්නට ආණ්‌ඩුවට හැකිද?
මෙහිදී සිදුව ඇති ලඡ්ජාසහගතම කරුණ වන්නේ මෙවන් බරපතළ තත්ත්වයක් ඇතිවීත් විනාඩි හතළිස්‌පහකට පමණ පසු යාපනය සරසවිය අසලට එන කෝපායි පොලිසිය ඇතුළු පොලිස් නිලධාරින් ඉහළින් නියෝග එනතුරු සරසවිය ඇතුළට නොගොස් බකන්නිලා සිටීමය. සිංහල සිසුන්ට ප්‍රහාරය එල්ල වෙද්දී පොලිසිය එසේ ක්‍රියාත්මක වූයේ කුමක් නිසාද?
මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුවත් සිදුවී ඇති දැ ඉතාම නින්දිතය. ජීද්භිත විද්‍යා අංශයේ සිරවී සිටි සිංහල සිසුන් වෙත එන පීඨාධිපතිවරයා මුලින්ම ඔවුන්ට යෝජනා කරනුයේ දැන් වැඩේ අවසන් නිසා අවශ්‍ය නම් සරසවියේ බස් රථයකින් යාපනය බස් නැවතුමට ගෙනගොස් ඇරලවන්නම් නවාතැන්වලට යන්නට කියාය.
සිංහල සිසුන් 20 දෙනකු පමණ තුවාල ලබා ඉන් එක් අයකු මාරාන්තික අන්දමේ බරපතළ තුවාලවලට ලක්‌ව ඇති බව දැන දැනත් පීඨාධිපතිවරයා මෙම සිද්ධියේදී එසේ කටයුතු කළේ කුමක් නිසාද? සිසුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ඔහුට වගකීමක් නොතිබුණේද?
පීඨාධිපතිවරයා එසේ පැවසීමත් සමඟ බියට පත්වන සිසුන් කරනුයේ සරසවි ශිෂ්‍ය නේවාසිකාගාරය වෙත දිවයැමය. ඒ සමගම පීඨාධිපතිවරයා උපකුලපතිවරිය වෙත ගොස් විනාඩි කිහිපයකදී විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය වසා දැමූ බව සඳහන් නිවේදනය ගෙනවිත් සිසුන්ට පෙන්වා නේවාසිකාගාරයෙන් ඉවත් වන ලෙස දන්වා සිටිනුයේ එහි රැඳී සිටීමට ශිෂ්‍යයන්ට ඇති නීත්‍යනුකූල අයිතියද අහිමි කරමිනි.
ඒ සමගම සිසුන් වෙත එන පොලිසිය පවසා ඇත්තේ නේවාසිකාගාරයේ රැඳී සිටිය නොහැකි බැවින් අවශ්‍ය නම් නිවෙස්‌වලට යැම සඳහා බස් රථ ගෙන්වා දෙන්නම් එක් බස් රථයකට රුපියල් 65000 ගණනේ ගෙවා පිටත්ව වව්නියාවට ගොස් නිවෙස් බලා යන ලෙසය. එහෙත් ඒ මොහොතේ රුපියල් 65000 මුදලක් එක් බස් රථයකට ගෙවා ආරක්‍ෂිතව නිවෙස් වෙත එන්නට සිසුන් අත මුදල් නොවිණ.
සිසුහු ඒ බව පොලිසියට කියන්නාහ. එහිදී බස් හතරක් සරසවිය අසලට ගෙන්වන පොලිසිය ප්‍රවේශ පත්‍ර ගෙන ඒ බස්‌රථවල නැගී වව්නියාවට යන ලෙස සිසුන්ට කියන්නේය. පසුව පොලිස් ආරක්‍ෂව සමඟ සිසුහු වව්නියාව දක්‌වා පැමිණෙන්නාහ. ඔවුන් වව්නියාවට එන විට වේලාව රාත්‍රි දහයටද ආසන්න වී තිබිණි. සිසුන් පමණක් නොව මේ අතරේ ශිෂ්‍යාවන් රැසක්‌ද වූහ. එසේ නම් වව්නියාවෙන් එහාට ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සිතන්නට යහපාලනය කටයුතු නොකළේ කුමක් නිසාද?
මේ සිසු දරුවන්ට ආරක්‍ෂාව සැපයුවහොත් සංහිඳියාව කඩා වැටෙනු ඇතැයි යහපාලනයට සිතුනේද?
මෙම ගැටුමෙන් දිනකට පසු ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සමඟ දෙමළ දේශපාලනඥයන් දෙදෙනකු යාපනය සරසවිය වෙත ගොස් සාකච්ඡා පවත්වා කීවේ "දැන් සියල්ල සාමාන්‍යයි සිංහල සිසුන්ට නැවත සරසවියට පැමිණිය හැකියි" කියාය. අනුර ප්‍රියදර්ශන යාපා එසේ කීවද කිසිදු ශිෂ්‍යයකු යළි විශ්වවිද්‍යාලයට ගියේ නැත. ඒ ආරක්‍ෂාව පිළිබඳ ඇති ගැටලු නිසාය.
සිද්ධියෙන් පසු එදිනම සවස පොලු මුගුරු ගත් පිරිසක් පැමිණ සරසවියෙන් භාහිරව තිබූ ශිෂ්‍ය නවාතැන් පොළකටද පහරදී ගිය බවද මේ වන විට වාර්තා වී තිබිණ.
එහෙත් සිද්ධියත් සමඟ මෙසේ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක් යාපනයට ගොස් සාකච්ඡා පැවත්වුවද කිසිදු දේශපාලනඥයකු යාපනයේ සිට ප්‍රහාරයට ලක්‌වී පැමිණි සිසුන් හෝ ඔවුන්ගේ දෙමාපියන් හමු වන්නට ගියේ නැත. ඔවුන්ට එය අමතකව තිබිණ. ඔවුන්ගේ පීඩනය සහ වේදනාව දකින්නට කිසිවකුත් නොවීය. යහපාලනය ඒ තරමට පටු මානසිකත්වයකින් මේ ගැටලුව දෙස බැලුවේ කුමක් නිසාද?
මෙම සිද්ධිය හමුවේ අද දෙමළ ජාතික සන්ධානය සිටිනුයේ නිහඬ පිළිවෙතකය. උතුරු පළාත් මහඇමැති සී. වී. විග්නේෂ්වරන් අමුතුම රංගනයක යෙදී සිටින්නේය. විග්නේෂ්වරන්ගේ ගැටලුව වී ඇත්තේ සිංහල සිසුන් විශාල පිරිසක් යාපනය සරසවියට ඇතුළු කෙරුණේ කෙසේද යන්නය. ආණ්‌ඩුව සංහිඳියාවේය. දෙමළ දේශපාලනය ඉන්නේ එතැනය.
එය එසේ වෙද්දී මෙම සිද්ධියේදී රටේ නීතිය ක්‍රියාත්මක වූ අන්දමද හරිම අපූරුය. පහර කෑ එක් සිසුවකු ආසාධ්‍ය තත්ත්වයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සැත්කම් දෙකකටද භාජනය කෙරිණ. එහෙත් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමක් නම් සිදු නොවිය.
ඒ අතරේ වැඩි චෝදනා එල්ල වූ ශිෂ්‍ය සංගම් සභාපති වූ තනකේෂ්වරන් සිසිදරන් නමැත්තා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුමන්තිරන් සමඟ යාපනය අධිකරණයට පැමිණීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබිණි. එකී සැකකරු අධිකරණයේ සිට පිටව ගියේද යාපනය සරසවියට අයත් රථයකිනි.
මෙහිදී කිසිදු අත්අඩංගුවට ගැනීමක් නොවී නීතිය හරිහැටි ක්‍රියාත්මක වූයේ යාපනය යනු වෙනම රාජ්‍යයක් ලෙස යහපාලනය සිතන නිසාද?
මෙම සිද්ධිය හමුවේ ආරක්‍ෂාව තහවුරු කරනතුරු තම දරුවන් යළි යාපනයට නොයවන බව මේ දරුවන්ගේ දෙමාපියෝ අද එකහෙළා කියා සිටින්නාහ. එය සාධාරණය. ආණ්‌ඩුවට සහජීවනය සහ සංහිඳියාව ලොකු වුණාට ඒ මවුපියවරුන්ට තමන්ගේ දරුවන් වටින්නේය.
එසේ නම් යහපාලකයිනි. මේ කරළියට පැමිණ ඇත්තේ දෙමළ බෙදුම්වාදය හමුවේ එදා සිදුවූ පරිදිම යාපනය විශ්වවිද්‍යාලයෙන් සිංහල සිසුන් ඉවත් කිරීමේ නාටකයේ ඊළඟ ජවනිකාව නොවේද? මින් එහාට සිදු වන්නේ කුමක්‌ද? එය පිළිතුරක් දෙන්නට ආණ්‌ඩුවට හැකිද?
FB Pic Source
සමන් ගමගේ
http://www.divaina.com/2016/07/24/feature17.html
සබැඳි ලිපි -
[
වෙස් නැටුමට එරෙහි දෙමළ ජාතිවාදය සහ අන්තරයේ සිංහල විරෝධය!http://denethharinna.blogspot.com/2016/07/blog-post_2.htmlයහපාලන යාල්පානම් සහජීවනය වෙසක් සැමරුමටත් බාධා කරලා! හොරාගෙ අම්මගෙන් පේන අහන්න බාර දීලා!http://denethharinna.blogspot.com/2016/07/blog-post_56.htmlයාපනයේ තවමත් ඊළාම් උසාවි ද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_17.htmlඑකම රටක් - විධි 2ක්! බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහලේ. පහරදුන් දෙමළාට ඇප! නවකවධ දුන් කැළණි සිසුන් මාස ගණනක් කූඩුවේ!http://denethharinna.blogspot.com/2016/07/2.htmlසංහිඳියාවේ ඇත්ත කථාව - යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් වෙස් නැටුමට කඩාවැදී සිංහල සිසුන්ට පහර දීලා!http://denethharinna.blogspot.com/2016/07/blog-post_18.htmlආචාර්ය්‍යවරුන් බලා සිටියදීම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්! සිසු ජීවිත අනතුරේ!http://denethharinna.blogspot.com/2016/07/blog-post_92.htmlසැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_96.html
]
උපරිම අවු. 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක් දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.
පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක් කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත.... ඒවා නිසා ලැබු ආශ්වාදය.... ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය.... ඒ ආදීනවයන් නිසාම සකස්‌කරගත් කුසල් අකුසල් හේතුවෙන් කල්ප ගණන් සතර අපායට වැටී අත්විඳි දුක් කන්දරාව... පූර්වකෘත්‍යයක් ලෙස සිහිපත් කරමින් චිත්තානුඵස්‌සනාවට අවතීර්ණ වෙන්න. එවිට පිංවත් ඔබට දැනේවි සිත කුසලයක්‌ය, අකුසලයක්‌ය, ආශ්වාදයක්‌ය, දුකක්‌ය වගේම සිත ඔබව මරන, මරවන ධර්මතාවයක්‌ය කියලා. එවිට ඔබ සිතට බැඳී යන්නේ නැහැ.
පංචඋපාදනස්‌කන්ධය මාරයා වූ කළ කුසල්, අකුසල් සිතත් මාරයා බවටමයි පත්වන්නේ. මොකද අකුසල් සිත, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, කුසල් සිත, ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ මේ දෙකම පිංවත් ඔබට භවයේ නැවත උපතකටමයි උපකාරී වෙන්නේ. මෙතැනදී ඔබ ධර්මයේ නාමයෙන් නිරතුරුවම මාරයාට රැවටෙනවා. මොකද කුසලය තුළත් මාරයාමයි පෙනී සිටින්නේ. චිත්තානුඵස්‌සනාවේදී පිංවත් ඔබට උගන්වන්නේ කුසල් සිතත්, අකුසල් සිතත් දෙකම අනිත්‍ය වශයෙන් දකින්න කියලයි.
පිංවත් ඔබ විවේකීව මොහොතක් භාවනාවට වාඩිවෙනවා. දැන් ඔබ සිත දෙස හොඳින් දකිමින්, සිතිවිලිවල අනිත්‍යභාවය දකිමින් සිටිනවා. මෙතැනදි මාරයා උපක්‍රමශීලීයි. මාරයා දන්නවා මේ මොහොතෙදි ඔබ මාරයාට අභියෝගයක්‌ය කියලා. මෙවැනි තැනකදි මාරයා මතුවෙන්නේ කපටිකමින්, බියගැන්වීමෙන්. මාරයාගේ උපක්‍රම ගැන පිංවතුන් හොඳින් දැනගෙන භාවනාවට වාඩිවිය යුතුයි. අනිත්‍ය සංඥාවක් ඔස්‌සේ සිත වැඩෙනකොට, මාරයා ධර්ම මනසිකාරයක් සිතට යොමුකරනවා. එක්‌කෝ බුදුරජාණන්වහනසේ මතක්‌කොට දෙනවා. එහෙමත් නැත්නම් මෛත්‍රී චිත්තයක්, කරපු පිංකමක්, අනාගතයේ කරන පිංකමක්, යහපත් අරමුණක් ඔබ තුළින් මතුකොට දෙනවා. මෙතැනදි ඔබ මාරයාට රැවටී, කුසල් ආශ්වාදයක් සහිතව භාවනාවෙන් නැඟිටිනවා.
දිනක් පිංවත් මහත්මයෙක් භාවනා කරමින් සිටින අතරතුර එකපාරටම සාදුකාර දුන්නා. මොකද කියලා ඇහුවහම බුදුරජාණන්වහන්සේගේ රූපය දැක්‌කා කියලා කිව්වා. චිත්තානුපස්‌සනාව වඩන විදර්ශකයා දක්‍ෂවෙන්න ඕනේ, බුදුරජාණන්වහන්සේගේ රූපයත් අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුණහොත් රූපය එතැනදී මාරයා බවට පත්වෙනවා. චිත්තානුපස්‌සනාවේදී පිංවත් ඔබ කුසල් සංස්‌කාරයක ආශ්වාදයට කොටු නොවී, වහාම එම ආශ්වාදජනක සතුටු සිතත්, අනිත්‍ය වශයෙන් දකින්න දක්‍ෂවෙන්න. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසාම සකස්‌වෙන සෑම සිතක්‌ම අනිත්‍යභාවයෙන් දැකීම නිසා පිංවත් ඔබ භවයට ගලාගෙන යන සංස්‌කාරයන් වළක්‌වාගන්නවා වගේම සිතේ අනිත්‍යභාවය පිළිබඳව විදර්ශනා නුවණ මෝදුකොට ගන්නවා.
පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක් කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත.... ඒවා නිසා ලැබු ආශ්වාදය.... ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය.... ඒ ආදීනවයන් නිසාම සකස්‌කරගත් කුසල් අකුසල් හේතුවෙන් කල්ප ගණන් සතර අපායට වැටී අත්විඳි දුක් කන්දරාව... පූර්වකෘත්‍යයක් ලෙස සිහිපත් කරමින් චිත්තානුඵස්‌සනාවට අවතීර්ණ වෙන්න. එවිට පිංවත් ඔබට දැනේවි සිත කුසලයක්‌ය, අකුසලයක්‌ය, ආශ්වාදයක්‌ය, දුකක්‌ය වගේම සිත ඔබව මරන, මරවන ධර්මතාවයක්‌ය කියලා. එවිට ඔබ සිතට බැඳී යන්නේ නැහැ. කල්ප සියක්‌කෝටි ගණනක් පටිච්චසමුප්පන්නව, තෘෂ්ණාවෙන් තෙත් කරපු ඵස්‌සය, ආශ්වාදයේ වහලෙක් බවටයි ඔබව පත්කරලා තිබෙන්නේ. කාම සිතත්, රාග සිතත්, ද්වේෂ සිතත් සකස්‌වෙන මොහොතේම, එම සිත අනිත්‍යභාවයෙන් දකින්න දක්‍ෂ නැතිනම්, කාම රාග ද්වේෂ සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා අතීතයේ අත්විඳි දුක් කන්දරාව සිහිපත්කොට ගන්න. අතීතයේ මහේශාඛ්‍ය රජවරු වෙලා, අන්තඃපුර බිසෝවරුන් සිය ගණනක් පරිහරණය කළ පිරිසක් අපි. සශ්‍රික දෙවියන් වශයෙන් ඉපදිලා දිව්‍යාංගනාවන් දහස් ගණනක් පිරිවරාගෙන සිටිය පිරිසක් අපි. තිරිසන් සතුන් ලෙස ඉපදිලා, රැලේ නායකයා හැටියට ඒ තිරිසන් සත්ව කුලයේ බිරින්දෑවරුන් සිය ගණනක් පරිහරණය කළ පිරිසක් අපි. පිං සිතක අනිත්‍යභාය නොදැක්‌ක නිසාම ඉහත කාම සම්පත් අපි හිමිකොට ගත්තත්, ඒ කාමයන් අත්විඳීම නිසාම සකස්‌කොටගත්තා වූ ලෝභ ද්වේෂ මෝහයන් නිසා මොන දුකක් විඳින්න ඇතිද?
පිංවත් ඔබ භාවනා කිරීමේදී, කුසල් අකුසල් සෑම සිතකම සැඟවී ඇති අනාගතයේ දුක් සකස්‌කොට දෙන විෂකුරුභාවය නුවණින් දකිමින් සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න.
මේ දවස් දෙක තුනේ කුටිය අවට සැරිසරන පනහක් පමණ වන රිළා රංචුවේ, ලොකු සණ්‌ඩුවක් තිබෙනවා. රැලේ නායක රිළවාත් දෙවැනි රිළවාත් අතරයි මේ ද්වන්ධ සටන පවතින්නේ. දෙදෙනාම කටින් ලේ පෙරාගෙන, මුහුණු අත්පාවල මස ඉරාගෙන ලේ ගලමින් සටන් කරනවා. මේ සටනට හේතුව කාමයයි රාගයයි. අතීතයේ මොකක් හෝ කුසල් සංස්‌කාරයක් නිසාමයි රැලේ නායකත්වය ඒ රිලවාට ලැබුණේ. නමුත් ඒ නායකත්වය රැකගන්න යන ගමනේදී, ද්වේෂයට අදාළව බලවත් අකුසල්මයි සිද්ධකරගන්නේ. අකුසල් සිත අපිට දුක සකස්‌කොට දෙනවා. කුසල් සිත නිරතුරුවම අපිව රවට්‌ටනවා. කුසලයත් අකුසලයත් මාරයා ඔබව මුළාකරන ඇස්‌බැන්දුමක්‌මයි. මේ ඇස්‌බැන්දුමෙන් ඔබව නිදහස් කරන්නේ චිත්තානුපස්‌සනාවයි.
(චිත්තානුපස්‌සනාව -2) ඉදිරිපත් කිරීම, ඉන්ද්‍රජිත් සුබසිංහ - indrajith.media@gmail.com
http://www.divaina.com/2016/07/24/feature11.html
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වින්තන් කනගරත්නම්ගේ ප්‍රකාශයක් පසුගිය සතියේ කොටි හිතවාදී ටැමිල් නෙට් වෙබ් අඩවියේ පළකර තිබුණි. යාපනය නාගදීප විහාරයේ ඉදිකිරීමට යෝජිත අඩි 67 ක් උසැති බුදු පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් නිරන්තරව විරෝධය පළකරන මෙම පළාත් සභා මන්ත්‍රීවරයා මෙවර ප්‍රකාශ කර තිබුණේ මෙම පිළිමය උතුරේ දෙමළ ජනතාවට පමණක් නොව තමිල්නාඩුවේ වෙසෙන මිලියන 70 ක් වූ දෙමළ ජනතාවටත් තර්ජනයක් බවයි. නාගදීපයේ අඩි 67 ක් උසැති බුදු පිළියමක් නිසා තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ සංස්‌කෘතියට හෝ අනන්‍යතාවයට හානියක් වන්නේ යෑයි පැවසීම අතිශය මුළාවකි. එහෙත් මේ සියල්ල හරහා පෙනී යන්නේ දෙමළ සන්ධානය තුළ පවත්නා උග්‍ර බෞද්ධ විරෝධය නොවන්නේද?
යාපනය විශ්වවිද්‍යාලය තුළ පවත්නා සිංහල විරෝධය මෙන්ම සිංහල සංස්‌කෘතියට එරෙහි ඇති වෛරය හොඳින්ම අවබෝධ වූයේ එහි විද්‍යාපීඨයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය අතුරතුරදී සිදුවූ ගැටුමෙනි. මෙම ගැටුමෙන් තුවාල ලැබූ මධුරංග ශිෂ්‍යයා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ බහුතරය සිංහල ශිෂ්‍යයන් වීම විශේෂය. එනිසාම මෙම පීඨය සිංහලකරණය වීම යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිටින කොටි හිතවාදීන්ට බරපතළ ප්‍රශ්නයක් වී ඇත. උඩරට වෙස් නැටුමට එරෙහිවන ශිෂ්‍ය කණ්‌ඩායමක් යාපනය සරසවිය තුළ අධ්‍යාපනය ලබන්නේ නම් ඔවුන්ගේ සිංහල විරෝධය අපට හොඳින්ම අවබෝධ කර ගත හැකිය. ඉතාම දරුණු ලෙස යුද්ධය පැවැති කාලයේදී හෝ මෙරට කිසිම විශ්වවිද්‍යාලයක ජාතිවාදී ගැටුම් ඇතිවූයේ නැත. දකුණේ කිසිම විශ්වවිද්‍යාලයක සිංහල සිසුන් දෙමළ සංස්‌කෘතියෙහි අනන්‍යතාවයට අගෞරව කළේ නැත. එම සංස්‌කෘතික උත්සවවලට බාධා කළේ නැත. නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවන්නේ කුමක්‌ද? මෙය මුදා නොගත් ප්‍රදේශයක්‌ද? එහි සිංහල සිසුන්ට තම සංස්‌කෘතික අනන්‍යතාව විදහාපෑමට ඉඩ නොදෙන්නේ දෙමළ නාසිවාදය හොල්මන් කරන නිසාද?
මෙම ගැටුම සිදුවූ වහාම කොටි හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය සාවද්‍ය ප්‍රචාර පළකර තිබිණි. එහි සඳහන් වූයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහාය ඇතිව සිංහල ශිෂ්‍යයන් විසින් දෙමළ ශිෂ්‍යයන්ට පහරදී ඇති බවය. විවිධ වැරදි ප්‍රචාර යාපනය ශිෂ්‍ය ගැටුමට පසුව පළවූ බව පැහැදිළිය. එහෙත් දකුණේ විශ්වවිද්‍යාලයකදී සිංහල සිසුන්ගේ ප්‍රහාරයකට දෙමළ ශිෂ්‍ය පිරිසක් ගොදුරු වූවානම් රටේ තත්ත්වය කුමක් වන්නේද? සහජීවනය වෙනුවෙන් කතා කරන අය කෙළින්ම විපතට පත්වූවන්ගේ දුක බැලීමට යනු ඇත. රජය පමණක් නොව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවා මේ ක්‍රියාව හෙළා දකිමින් නිවේදන නිකුත් කරනු ඇත. එහෙත් යාපනයේදී අගතියට පත්වූයේ සිංහල සිසුන් නිසා බොහෝ දෙනකු නිහඬය. ශිෂ්‍ය අසාධාරණය ගැන නිරන්තරව කෑගසන කළු පටි බැඳගෙන කොටුව දුම්රියපළ ඉදිරිපිට රඟන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය සිංහල සිසුන් ගුටිකෑම ගැන මාරාන්තික නිහඬතාවක පසුවේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ගැටුම ජාතිවාදී ගැටුමක් ලෙස හුවා නොදක්‌වන ලෙසයි. හදිසියේ යාපනය ගැටුම සිංහල ශිෂ්‍යයන් විසින් ඇති කළා නම් අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ප්‍රමුඛ පෙරටුගාමී බළකාය මරහඬ තලනු ඇත. කොළඹ කොටුවේදී පීඩිත දෙමළ ශිෂ්‍යයන් වෙනුවෙන් ඉකිබිඳ හඬනු ඇත. නමුත් යාපනයේ සිංහල සිසු අයිතිය වෙනුවෙන් මොවුන් නිහඬය. අන්තරේ කුහකකම හෙළිවන්නේ මෙවිටය. සිංහල විරෝධී මේ රතු වෘකයන්ගේ දේශපාලනය විශ්වවිද්‍යාලවලින් පිටමං කළ යුතුය. විශ්වවිද්‍යාලයක බෞද්ධ සංගමයක් හෝ පිහිටුවීමට ඉඩ නොදෙන මොවුන් මීට වසර කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට වෙසක් තොරණක් ඉදිකර තිබූ අවස්‌ථාවේත් එයට බාධාවන ආකාරයට උපවාසයක නිරත වූ අයුරු අපට අමතක නැත. මේ කණ්‌ඩායම සමඟ සමහර ශිෂ්‍ය භික්‍ෂූන්ද එක්‌ව සිටීම මගින් ශාසනයේ ඉදිරිය ගැනත් අපට බරපතළ කම්පාවක් ඇතිවේ. බුදුන්ට වඩා ඉදිරියෙන් කුමාර් ගුණරත්නම් තබාගත නොහැකි බව මොවුන් දත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව පැය ගණන් පෙළපාලි යන මොවුන් රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන්ගේ ඉදිරි මග අහුරති. කවරක් නමුත් යාපනයේ ගැටුමත් සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ හැසිරීම මගින් ඔවුනගේ සැබෑව නොඑසේනම් සිංහල විරෝධය සමාජයට පසක්‌වීම වැදගත්ය.
යාපනයේ ගැටුමෙන් පසු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ මේ ගැටුම හරහා ජාතිවාදය ඇවිස්‌සීමට සමහර පිරිස් ගන්නා උත්සාහය පිළිකුලෙන් හෙළා දකින බවයි. යාපනයේදී සිංහල ශිෂ්‍යයන් වින්දිතයන් බව ප්‍රචාරය වීමම අන්තරයට ප්‍රශ්නයක් වී තිබේ. දෙමළ ශිෂ්‍යයන්ගේ සැහැසි ප්‍රචණ්‌ඩත්වය ගැන නිහඬව සිටින අන්තරය ජාතිවාදය කතා කිරීම ගැන නම් බලවත් උදහසට පත්ව සිටී.
ඊනියා අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලයේ නිවේදනයට වඩා වැදගත් නිවේදනයක් යාපනය විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ආචාර්යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ සෑම ශිෂ්‍ය කණ්‌ඩායමකගේ සංස්‌කෘතික අයිතියට ගරු කළ යුතු බවයි. එම සංස්‌කෘතික අයිතිය ආරක්‍ෂා කිරීම සඳහා නිසි පියවර ගත යුතු බව එම සංගමයේ ලේකම් එස්. සිවකාන්තන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් වූ නිවේදනයේ සඳහන්ව තිබිණි. අන්තරය නම් උඩරට වෙස් නැටුමට එරෙහිව නැඟුණු දෙමළ තර්ජනය ගැන වුවමනාවෙන්ම කතා නොකර සිටී. එහෙත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒ පිළිබඳව වඩා මධ්‍යස්‌ථව අදහස් දැක්‌වීම අගය කළ යුතුය. මෙරට විශ්වවිද්‍යාල 17 ක් හා උසස් අධ්‍යාපන ආයතන 33 ක් ඇති අතර මේවායේ සිසුන් ලක්‍ෂයකට අධික පිරිසක් අධ්‍යාපනය ලබයි. ඒ අතර දෙමළ සිසුන්ද දොළොස් දහසක් පමණ අධ්‍යාපනය ලබයි. දෙමළ සිසුන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අධ්‍යාපනය ලබද්දී තම ආගමට සංස්‌කෘතියට ඉහළ පිළිගැනීමක් ලැබෙන්නා සේම යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන්ටද එම අයිතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය. එම අයිතියට ඉඩ නොලැබෙන්නේ නම් රට යළි අර්බුදයට ඇදවැටෙනු ඇත. හිස එසවීමට උත්සාහ දරන යාපනය සරසවියේ ෆැසිස්‌ට් බලවේගවලට කිසිම ඉඩක් ලබාදිය යුතු නැති බවත් අවධාරණය කරනු කැමැත්තෙමි.
චතුර පමුණුව
http://www.divaina.com/2016/07/24/feature12.html
Pic
Source
සබැඳි ලිපි -
[
යහපාලන යාල්පානම් සහජීවනය වෙසක් සැමරුමටත් බාධා කරලා! හොරාගෙ අම්මගෙන් පේන අහන්න බාර දීලා!http://denethharinna.blogspot.com/2016/07/blog-post_56.htmlයාපනයේ තවමත් ඊළාම් උසාවි ද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_17.htmlඑකම රටක් - විධි 2ක්! බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහලේ. පහරදුන් දෙමළාට ඇප! නවකවධ දුන් කැළණි සිසුන් මාස ගණනක් කූඩුවේ!http://denethharinna.blogspot.com/2016/07/2.htmlසංහිඳියාවේ ඇත්ත කථාව - යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් වෙස් නැටුමට කඩාවැදී සිංහල සිසුන්ට පහර දීලා!http://denethharinna.blogspot.com/2016/07/blog-post_18.htmlආචාර්ය්‍යවරුන් බලා සිටියදීම යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්! සිසු ජීවිත අනතුරේ!http://denethharinna.blogspot.com/2016/07/blog-post_92.htmlසැබෑ ජාතිවාදීහු කව්ද? සිංහලයෝද? දෙමළුද? මුසලුවෝද?http://denethharinna.blogspot.com/2016/07/blog-post_96.html
]
වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය.
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
ප්‍රශ්නය - දියවැඩියාව සුවකළ නොහැකි නමුත් පාලනය කරන්නට පුළුවන් රෝගයක් බව බටහිර විද්‍යාව කියනවා. එහෙත් ඔබේ ස්‌ථාවරය වන්නේ දියවැඩියාව පාලනය කරනවාට අමතරව සුවපත් කරන්නටත් පුළුවන් බවයි. දියවැඩියාව වැළඳුණාම අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවෙන සෛල ක්‍රමයෙන් දුර්වල වී මියයනවා. ඉන්සියුලින් නැවත ඇති කිරීමට නම් එම සෛල පණගැන්විය යුතු බවත්, තෝරාගත් ආහාර සහ ඖෂධ වර්ගවලින් මෙම පණ ගැන්වීම සිදුකළ හැකි බවටත් ඔබ තර්ක කරනවා. පසුගියදා අප මේ සාකච්ඡාව මගින් පැහැදිලි කළේ දෛනිකව වෙරළු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කරන ආකාරයයි. එහිදී පාඨකයන් රැසක් අපෙන් විමසා තිබුණා දිනකට වෙරළු ගෙඩි කෙතරම් ආහාරයට ගත යුතුද කියන එක....
වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය - ඔව්. දිනකට හොඳට ඉදුණු වෙරළුගෙඩි 15 ක් විතර ආහාරයට ගත යුතුයි. උදේ, දහවල්, සවස ඕනෑ වෙලාවක කමක් නැහැ. හැබැයි රාත්‍රියට ආහාර ජීර්ණය වීම ප්‍රමාද නිසා රෑට වෙරළු කෑවොත් ප්‍රතිඵල එන්නේත් ප්‍රමාදවෙලා. දියවැඩියා රෝගියා මුලින්ම තම රුධිර සීනි වාර්තාවක් ගත යුතුයි. ඊටපසු සති දෙකක් මේ විදියට වෙරළු කෑ යුතුයි. ඉන්පසු රුධිර සීනි වාර්තාවක් ගත යුතුයි. එවිට පෙනී යනවා රුධිර සීනි මට්‌ටම කොතරම් පහත බැහැලාද කියන එක. හැබැයි මේ අතර ආහාරවලින් පරෙස්‌සම් විය යුතුමයි. උදේට තම්බන ලද ඇට වර්ගයකුත්, රතු බාස්‌මතී බත් කෝප්ප භාගයකට තෙල් නොදමා දෙවැනි හෝ තුන්වැනි පොල් කිරෙන් (දියාරු කිරෙන්) ඉවූ එළවළුවක්, මැල්ලුමක්, බෝංචි, මෑ, මුං වැනි ඇට වර්ගයක් සමඟ කුඩා මාලු කැබැල්ලකුත් හොඳටම ප්‍රමාණවත්. රෑට එළවළු සුප් එකක් වැනි දෙයක් තමයි සුදුසු. මෙහෙම තුන් මාසයක් කරන විට හාරසියයට හාරසිය පනහට රුධිර සීනි තිබූ අයගේ සීනි මට්‌ටම 90 ට 100 ට අඩු වෙනවා. මෙය ඔබ අත්හදා බැලිය යුතුමයි. ඕනෑනම් බටහිර බෙහෙත් බොන අතර මේ ක්‍රමයත් අනුගමනය කරගෙන ගිහින් එක අවස්‌ථාවකදී බටහිර බෙහෙත් සම්පූර්ණයෙන්ම නවත්වලා වෙරළු සහ ක්‍රමවත් ආහාර මගින් ඉදිරියට යන්න පුළුවන්.
ප්‍රශ්නය - එතකොට නිට්‌ටාවට සනීප වෙන එක...
වෛද්‍ය වික්‍රමාරච්චි - ඒක වෙන්නෙ මෙහෙමයි. ඔය විදියට කාලයක් යනකොට අග්න්‍යාශයේ අක්‍රියකාරී සෛල ඉතා පුංචියට යළි ප්‍රාණවත් වෙන්න පටන් ගන්නවා. ඉතා සුළුවට ඉන්සියුලින් නිෂ්පාදනය වීම ඇරැඹෙනවා. මෙහෙම අවුරුද්දක් විතර යනකොට ශරීරයට ප්‍රමාණවත් ඉන්සියුලින් නිපදවීම සිදු වෙනවා. එතකොට ඔබට පුළුවන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. හැබැයි මා කියූ ආහාර වට්‌ටෝරුවෙන් නම් පිට පනින්න එපා. පුළුවන් තරම් කොළ වර්ග කන්න. කෙඳි සහිත ආහාර ගන්න. එළවළු කියන එක කොයික කෑවත් වරදක් නැහැ. හැබැයි අනවශ්‍ය විදියට මිරිස්, පොල්කිරි, තුනපහ, තෙල් දමලා කකාරවලා හදන්න එපා.
ප්‍රශ්නය - දියවැඩියා රෝගයට ගුණ දෙන සරල දේවල් තව තිබෙනවාද? ඒ කියන්නේ වැඩි මිලක් නොගෙවා ගෙවත්තෙන් කඩාගන්න පුළුවන් දෙයක්?
වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. බණ්‌ඩක්‌කා කියන විශ්වකර්ම එළවළුවත් දියවැඩියාව සුවපත් කරන්නට හොඳම ඔසුවක්. උයා ගන්නට තරම් ප්‍රමාණවත් ගණනට මෝරපු අඟල් 6 ක් විතර දිග බණ්‌ඩක්‌කා කරල් දෙකක් ගන්න. ඊළඟට මෙය සෝදා පිරිසිදු කර අඟල් භාගයේ කැබලිවලට කපන්න. කැපුවට පස්‌සෙ ඒවා සෝදන්න එපා. ඉන්පසු කෝප්පයකට වතුර පුරවා එම කැබලි ටික දමා කෝප්පය පිරෙන්න වතුර දමන්න. කෝප්පය පීරිසියකින් වසා සිසිල් ස්‌ථානයක රැයක් එළිවන තුරු තබන්න. ඊටපසු උදෙන්ම හිස්‌බඩ බණ්‌ඩක්‌කා කැබලි ඉවත් කර වතුර ටික පානය කරන්න.
ඉන්පසු දහවල් 10 ට විතර කොත්තමල්ලි මිටක් කබලේ දමා යන්තම් බැදගන්න. එයට වතුර කෝප්පයක් දමා කෝප්ප භාගයට සිඳගෙන පානය කරන්න. සීනි මීපැණි වගේ දේවල් මිශ්‍ර කරන්න එපා. දහවල් තුනටත් මෙවැනි කොත්තමල්ලි වඩියක් බොන්න. පසුදින උදේ බණ්‌ඩක්‌කා වතුර බී කොත්තමල්ලි ප්‍රතිකාරයත් කරන්න. මේ විදියට මාසයක් ප්‍රතිකාර කර ඔබේ රුධිර සීනි ප්‍රමාණය පරීක්‍ෂා කර ගන්න. සීනි අඩුවෙලා තිබෙන හැටි ඔබටම බලා ගන්න පුළුවන්. මා කලින් කිවූ ආහාර වට්‌ටෝරුවම අනුගමනය කරන්න. ඒ කියන්නේ රතු බාස්‌මතී, එළවළු, කොළ වර්ග, කව්පි, කඩල, මුං වැනි ඇට වර්ග සහ මාළු. හරක් මස් කන්න එපා. මත්පැන්, සිගරැට් වහාම නතර කරන්න. රෑට නිදි වරන්න එපා. උදේ පාන්දර නැගිටින්න. අත්‍යවශ්‍ය නම් මිස දහවල් නින්ද එතරම් හොඳ නැහැ.
ප්‍රශ්නය - බණ්‌ඩක්‌කා ශරීරයට බලපාන්නේ කොහොමද?
වෛද්‍ය වික්‍රමාරච්චි - මේ එළවළුව කිහිප ආකාරයකින්ම ශරීරයට ගුණදායක බලපෑමක් කරනවා.
1. බණ්‌ඩක්‌කාවල තිබෙන කැලරි ප්‍රමාණය ඉතාම අඩුයි. බණ්‌ඩක්‌කා ග්‍රෑම් 100 කටම තියෙන්නේ කැලරි 30 යි. මෙහි අධි සංතෘප්ත මේද වර්ග හෝ කොලෙස්‌ටරෝල් අඩංගු නැහැ. ශරීරයට ගුණදායක කෙඳි, ඛනිජ ද්‍රව්‍ය, විටමින් යනාදිය මෙහි තිබෙනවා. ශරීරයේ අනවශ්‍ය ස්‌ථුලභාවය නැති කරගන්නට බණ්‌ඩක්‌කා ඉවහල් වෙනවා.
2. බඩවැල හරහා ගමන් කරන ආහාර වර්ගවල ක්‍රමවත් ගමනටත්, ඒවා දිරවීම පහසු කිරීමටත්, අවශ්‍ය වන ඵමජසක්‌ටැ නමැති නානු වර්ගය හෙවත් මැලියම් වර්ගය මෙහි තිබෙනවා.
3. මෙහි විටමින් A බහුලයි. එසේම ශරීරයේ විෂ නසන ඊeඒ ජ්රදඑeබැල ඞ්බඑයසබ සහ කමඑeසබ යන ද්‍රව්‍ය බණ්‌ඩ ක්‌කාවල තිබෙනවා. ඇස්‌වල පෙනුම වර්ධනය කරන්නට මේ ද්‍රව්‍යවලට පුළුවන්.
4. පූර්ව ගර්භණී සමයේ සිටින මවුවරුන්ට බණ්‌ඩක්‌කා ඉතාම වැදගත්. අමු බණ්‌ඩක්‌කා කරල්වල තිබෙන දෙක්‌එe නමැති සංඝටකයට පුළුවන් දරු කලලයේ තත්ත්වය වර්ධනය කරන්නට. බණ්‌ඩක්‌කා අමුවෙන් හීනියට ලියා සම්බෝල හදා කෑම මේ කාලයේ දී වැදගත්.
5. තුවාලයක් වූ විට රුධිරය වියළීමට බලපාන ණ විටමින් මෙහි තිබෙනවා. අස්‌ථි සවිමත් කරන්නට ණ විටමින්වලට පුළුවන්.
6. යකඩ, කැල්සියම්, මැග්නීසියම් සහ මැන්ගනීස් මෙහි තිබෙනවා.
මේ පිළිබඳ උපදෙස් සඳහා
0759061771 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ, අශේන් රඹකොස්‌වැව
http://www.divaina.com/2016/07/24/feature07.html
1505 දී ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වයෙන් යුතු පෘතුගීසි නාවුක කණ්‌ඩායම ලංකාවට ගොඩබැස ඇත්තේ දැන් අප පිටකොටුව නමින් හඳුන්වන අනර්ඝ මල්වත්තකින් සහ වැව් කඩිත්තකට ඔබ්බෙන් (පිටුපසින්) පිහිටා තිබූ මනරම් කුඩා ස්‌වාභාවික වරායට බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම සුන්දර තොටුපළ කොළොං තොට ලෙස එකල හැඳින්වූයේ කැලණිගඟ මුහුදට වැටුණු කැලණි තොට නිසා බව ජනප්‍රවාදයේ කියෑවෙන අතර සමහරු කියන්නේ එහි තිබූ විශාල කොළොං හෙවත් කොළ අඹ ගස නිසා මෙයට කොළඹ තොට (Harbor with leafy mango trees) කියූ බවයි.
අද ඉතා ජනාකීර්ණ ගොඩනැඟිලි බහුල ගෙන්දගං රස්‌නය දෙන කොන්ක්‍රීට් වනාන්තරයක් වුවද එදා පිටකොටුව සහ කොළොංතොට ආශ්‍රිත පරිසරය ඉතා සිත් ගන්නා සුලු මනරම් මල් වත්තකින් තණකොළ පිට්‌ටනියකින් සහ වැවකින් සමන්විත විය.
එවකට කෝට්‌ටේ රජවූ 8 වැනි පරාක්‍රමබාහු රවටා ගසා ගත් වංචනික ගිවිසුම මත පෘතුගීසීන් තම බලකොටුව සහ ආධිපත්‍යය මේ වරාය සහ ඒ අවට පුරාත් මුහුදුබඩ තීරයේත් පතුරාගත් අතර කොළොංතොට කොළඹ හෙවත් කළම්බු (ඤකදපඉද) ලෙස නම් කළහ. කොටුවෙන් පිට ප්‍රදේශය පිටකාටුව ලෙස සිංහලුන් අමතන්නට වූ අතර ඉන්දියාවේ කේරළයෙන් මෙහි පැමිණි වෙළෙන්දන් ඔවුනගේ රටේ තිරුවනාපුරම් නගරයට ආසන්න කෝලම් වෙරළට ආසන්නයේ ඇති පෙටා (ඡැඑඒය) නැමැති කුඩා වරාය සහ නගරය සිහිවන්නට මෙම පිටකොටුවට පෙටා කියා නම් තැබීය. පෘතුගීසීන් මෙන්ම පසුව 1656 දී ඔවුන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන්ද මෙම පෙදෙස වෙළෙඳ කලාපයක් බවට පත් කරගත් අතර ඔවුහු අප රට තුළ වවන්නට ආරම්භ කළ කුරුඳු, පොල්, රබර් වැනි දේ නැව් ගත කිරීමට කොළඹ වරාය භාවිත කළහ.
1796 දී ඉංග්‍රීසීන් විසින් කොළඹ අල්ලාගත් අතර ඔවුන් 1815 දී උඩරට රජුන් සමග ගැසූ ගිවිසුමෙන් අනතුරුව කොළඹ නගරය ඔවුනගේ අගනුවර ලෙස නම් කරන ලදී. ඒ වන විට සම්පූර්ණයෙන්ම වෙළෙඳ කලාපයක් බවට පෙරළී තිබූ කොළඹ තව තවත් දියුණු වී දමිළ, යෝනක, මැලේ, කොච්චි, ඉන්දියන්, චීන, අරාබි, බෝරා, ලන්සි වැනි විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ගැවසෙන බහු ජන කලාපයක් බවට පත්විය.
තම නිෂ්පාදන සහ කෘෂි ද්‍රව්‍ය විදේශීය වෙළෙඳුන්ට විකුණණ පිණිසත් නැව්ගත කොට පිටරට පටවනු පිණිසත් සීතාවකින්, සබරගමුවෙන්, ඈත රුහුණෙන් ගැල් සහ තවලම් පිටින් ගැමියෝ සහ කුලී කරත්තකාරයෝ කොළඹට ඇදී එන්නට වූහ. එසේ එන මිනිසුන් තම ගැල් නිදහස් කොට ගවයන් දිගේලි කර ගිමන් හැරියේ දවටගහ නමැති ප්‍රදේශයේ බව ඉතිහාසය පවසයි. එහි පැවැති විශාල වැව නිසා ඔවුන්ට පහසුවෙන් කොළොම් තොටට ළංවීමට හැකි නොවූ අතර හරකුන් දවටගහ පාමුල දිගේලි කොට ඔරු පාරු මගින් ඔවුන් වරාය ආසන්නයට පැමිණ මල්වත්තේ දිගාවී විවේක සුවයෙන් හිඳිමින් සුද්දන්ගේ සුද්දියන්ගේ රැඟුම් මෙන්ම ඉන්දියන් සහ මලයාලම් කාරයන්ගේ නූර්ති නාගඩම් නාටක රසවිඳිමින් සිටි බව පැරණි වාර්තාවල සඳහන්වේ. එකල එංගලන්තයෙන් නැටුම් කණ්‌ඩායම් සහ ඉන්දියාවෙන් සර්කස් කණ්‌ඩායම් මෙහි පැමිණ කොළඹ තොටුපළ ඉදිරිපිට මල්වත්තේ සහ තණ පිට්‌ටනියේ තම සෙල්ලං පෙන්වා ඇත. අදටත් මල්වත්ත පාර යනු ඒ උද්‍යානයට ගිය මාවතයි. ඇස්‌වාට්‌ටුව අසළ ඇති දවටගහ පල්ලිය අයත් භූමියේ එදා ඒ විශාල දවටගහ පිහිටා තිබුණි. කුණු කසළ එක්‌ව අද අපිරිසිදුවට ජරාවාසයට පත්වී ඇති බේරේ වැව එදා ගැමියන්ගේ පිපාසය නිවූ සුනිල දියදහරක් හා ගිමන නිවන ජල තටාකයක් තිබී ඇත.
එදා සුද්දන්, සුද්දියන් සෙල්ලං පෙන්වූ, මහා පරිමාණයේ කෘෂි නිෂ්පාදන වෙන්දේසි වුණ ගම්පෙරළියේ යුගාන්තයේ, සඳහන් වන පියල්ලා, සයිමන්, කබලානලා තම ව්‍යාපාරවලට අත්පොත් තැබූ අලංකාර තණ පිට්‌ටනිය මත කෙලෝනියල් ක්‍රමයට ගොඩනැඟිලි ඉදිවී පිටකොටුව තනිකරම සුන්දරත්වයෙන් ඈත්වී ගොසිනි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2016/07/24/feature01.html
මුස්ලිම් ජාතික කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා විසින් කොළඹ 07 ඩී.එස්. සේනානායක විදුහලේ සිසුන්ට මත් පෙති මිශ්‍ර කළ කෑම සහ ජලය ලබා දී ඇතැයි එම විදුහලේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුහලට යම් කැළලක් සිදුවේයැයි බියෙන් ඩී.එස්. සේනානායක විදුහලේ පාලකාධිකාරීය මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන් කරගෙන සිටින බව සදහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයට පැමිණිල්ලක් කර ඇත. මෙම මුස්ලිම් ජාතික කාන්තාව එම විදුහලේ ඉගෙනුම ලබන තම පුතු මාර්ගයෙන් මත්පෙති පාසල වෙත යොමු කර ඇති අතර එහිදි මෙම සිසුවා අනෙක් ළමුන්ගේ කෑම පාර්සල් සහ වතුර බෝතල් වලට එම පෙති මිශ්‍ර කර තිබේ.
මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම දිගු කාලයක සිට කරගෙන පැමිණෙන බවද වාර්ථා වන අතර පාසලේ ගුරැවරැන්ද මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති බලය හමුවේ මුණිවත රකින බවද පැවසේ.
http://www.colombotoday.com/54787980654553-2/