Pages

Thursday, April 30, 2015

ජාතික වෙසක්‌ සතිය අද සිට

ජාතික වෙසක්‌ සතිය අදින් (30 වැනිදා) ඇරඹේ.

අද සිට ලබන මැයි 06 වැනිදා දක්‌වා ජාතික වෙසක්‌ සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

වෙසක්‌ දිනය යෙදී ඇති මැයි 3 හා 4 යන දෙදින දිවයින පුරා සුරාසල්, මස්‌ අලෙවි සල්, බුකි ශාලා මෙන්ම කැසිනෝ ශාලාද වසා තබන බව රජය නිවේදනය කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක්‌ උත්සවය ලබන 3 හා 4 දිනයන්හි මහියංගන රජමහා විහාරයේ දී පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත. මෙවර වෙසක්‌ සතියේ තේමාව වන්නේ "මෛත්‍රිය වැඩවීම" යන්නයි.

වෙසක්‌ සමරු මුද්දරය පසුගිය 20 වැනිදා නිකුත් කෙරිණි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/04/30/news12.html

සිත් සනහන මහ කරුණා රුව... ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද

ඇෆ්ගනිස්‌තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවහන්සේගේ සංහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දොඩන්ගස්‌ලන්ද ඓතිහාසික රන්බොඩගල්ල මොණරාගල විහාර පරිශ්‍රයේ පිහිටි ස්‌වභාවික ශෛලමය පර්වතයේ අනුරාධපුර පොළොන්නරු යුග පරිවර්තනයෙන් පසුව නෙළන ලද ශ්‍රී ලංකාවේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සියලු දෙසින් පැමිණෙන මහජනතාවගේ පූජෝපහාරය සඳහා අද (30 වැනිදා) සවස 03.30 ට යෙදෙන සුබ මොහොතින් නිරාවරණය කෙරේ.

හෙළ රජ දවස නිර්මාණය වූ ලක්‌දිව පෞඪ ඉතිහාසයේ පොලොන්නරු ගල්විහාර පිළිම නිර්මාණයෙන් වසර 875කට පසු නිර්මාණය වූ රුපියල් දස ලක්‍ෂ 5.3 ක වියදමින් අඩි 67.5ක්‌ උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉන්දියානු ජාතික පද්ම ශ්‍රී ඇම්. ඇම්. ඉස්‌තපති නිර්මාණ ශිල්පියාණන් විසින් රම්බඩගල්ල මොණරාගල පිරිවෙන් විහාරාධිපති සෙල් පිළිම කමිටුවේ ප්‍රධාන අනුශාසක අමරපුර අරියවංශ සද්ධර්ම යුක්‌තික මහා නිකායේ මහානායක සෝමානන්ද පඤඤාසාගර වංශාලංකාර විනය කීර්ති ශ්‍රී පර්යප්ත විශාරද කම්මාවාගාචාර්ය ශාස්‌ත්‍රපති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී ස්‌ථවිරයන් වහන්සේගේ ආරාධනයෙන් අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඥණේශ්වර හිමිපාණන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය දොඩංපහල චන්ද්‍රසිරි, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි මාහිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන හා බුද්ධශාසන ඇමැති දේශබන්දු කරු ජයසූරිය, වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරු හා මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමට නියමිතය.

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල
http://www.divaina.com/2015/04/30/news03.html

තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇප

පකිස්‌ථානය කේන්ද්‍ර කොට ගනිමින් ශ්‍රී ලංකාවට කුරියර් (තැපැල්) සේවාව මගින් මත් කුඩු සැපයූ පකිස්‌තානු ජාතිකයකුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ මුස්‌ලිම් කතක්‌ දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්‍ෂ 135 ක මුදල් සහතික ඇප සහ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා ගැනීමට බස්‌නාහිර පළාත්බද මීගමුව විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා නියෝග කළේය.

රුපියල් ලක්‍ෂ 10 මුදල් ඇප, රුපියල් ලක්‍ෂ 50 ක සහතික ඇප සහ රුපියල් ලක්‍ෂ 75 ක ශරීර ඇප නියම වූ සැකකාරිය වූයේ කොළඹ 10 ශ්‍රී සංඝරාජ මාවතේ පදිංචි මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා (56) නමැත්තියකි.

රජයේ අධිනීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මහත්මිය පැමිණිලි මෙහෙය වූවාය. ඇප අයෑදුම වෙනුවෙන් නීතිඥ රසාංගිකා අතුකෝරාළ, ඩිලානි පෙරේරා යන මහත්මීන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශේන්ද්‍ර ඒකනායක මහතා පෙනී සිටියේය.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2015/04/29/provin05.html

Pic Source

සබැඳි ලිපි -
[
කුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_57.html
අහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යයhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_60.html
කුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.html
දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.html
මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.html
කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.html
කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.html
අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.html
මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.html
කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.html
කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html
මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html
මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html
‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html
කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html
මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.html
පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html
මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html
ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

භික්‍ෂු අධ්‍යාපනය හා සුමංගල නාහිමි චින්තනය

දහනව වන ශත වර්ෂයේ ලංකාවේ පහළ වූ ශේ්‍රෂ්ඨතම විද්වතා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් බව දෙස්‌ විදෙස්‌ පඬිවරු අවිවාදයෙන් පිළිගනිති. ඇතැම් විදේශික පඬිවරුන් උන්වහන්සේ හැඳින්වූයේ දකුණු බුදුසමයේ (ථෙරවාද බුදුසමයේ) පඬිවරයා වශයෙනි. විවිධ අර්බුද හමුවේ ශීඝ්‍රයෙන් පරිහානියට පත් සංස්‌කෘතික පසුබිමක්‌ යටතේ පන්නරය ලබමින් නැගී සිටි අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි ගිහි උගතුන් පමණක්‌ නොව මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි පැවිදි උතුමන්ද කරන ලද සේවය වර්තමාන පරපුරට යළි යළිත් සිහිපත්කරවා දීම කෘතවේදී ජාතියක වගකීමක්‌ බව කිව යුතුය. මෙහිදී සමස්‌ත ජාතියම තේරුම් ගත යුත්තක්‌ ඇත. එනම් ජාතික ආගමික මාමකත්වය නිසා නැගී සිටි මෙම ශේ්‍රෂ්ඨ යුග පුරුෂයන්ට බුද්ධිමය පන්නරය ලැබුණේ බෝධිසත්ව ගුණෝපේත හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිසා බවය.

හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌, පෝල් ඩාල්කේ වැනි විදේශීය උගතුන් මෙරටට පැමිණියේ උන්වහන්සේගේ පාණ්‌ඩිත්‍යය නිසාය. කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය වැනි බෞද්ධ විද්‍යාල බිහි වූයේද හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිසා බව නූතන අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්‌ති විඳින කිසිවකු විසින් අමතක නොකළ යුත්තකි. විශේෂයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලය නමින් පැවැති දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නමින් ප්‍රකට ජාතික විශ්වවිද්‍යාලය බිහිවූයේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් පිහිටුවන ලද මෙරට නූතන භික්‍ෂු අධ්‍යාපනයේ ජයටැඹ ලෙස සැලකෙන කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ ආශ්‍රයෙනි.

රජයේ සහ මෙරට බෞද්ධ උගතුන්ගේ අවධානය යොමු වියයුතු කරුණු අතරත් ප්‍රධාන වූවක්‌ ලෙස නූතන භික්‍ෂු අධ්‍යාපනය හඳුන්වා දිය යුතුය. ගෝලීයකරණය වන ලෝකයේ භික්‍ෂුවගේ වගකීම විවිධ අය විවිධ ආකාරයෙන් අර්ථකරණය කළද භික්‍ෂුවට විමුක්‌තියට විවර වන මග පදනම් කොට ගත් අධ්‍යාපන ක්‍රියාවලියක්‌ උරුම වනු විනා ඉන් ඔබ්බට ගිය ඉගෙනීම් සමුදායක්‌ නැත. නූතන තාක්‍ෂණික මෙවලම් යොදා ගැනීමෙන් මෙය තවදුරටත් ශක්‌තිමත් කළ හැකි බව කවරෙකුට වුවත් පහසුවෙන් තේරුම් ගත හැක්‌කකි. මේ නිසා වර්තමානයේ භික්‍ෂු අධ්‍යාපනයේ ගමන් මග පිළිබඳ පුළුල් සාකච්ඡාවක යෙදීම යුගයේ අවශ්‍යතාවකි.

මෙරට අධ්‍යාපනය පිළිබඳව ජාතික සැලැස්‌මක්‌ නොමැතිකම පිළිබඳව කාලයක සිට ශිෂ්‍ය ප්‍රජාව හා බුද්ධිමතුන් විසින් මැසිවිලි නඟන බව අපි දනිමු. විශේෂයෙන් අද වනවිට බටහිර රටවල අත්දැකීම් හා ප්‍රවණතා සැලකිල්ලට ගත් අධ්‍යාපනඥයන් විසින් හඳුන්වා දෙනු ලබන ක්‍රමවේදයන් නිසා පාසල් පිරිවෙන් හා උසස්‌ අධ්‍යාපන ආයතනවල විෂය නිර්දේශ වරින් වර වෙනස්‌ කිරීම්වලට හසුවේ. කාලාන්තරයක්‌ තිස්‌සේ මෙරටට අනුක්‍රමයෙන් වැඩුණු සාම්ප්‍රදායික ඥනය ඉතා සූක්‍ෂම ලෙස විනාශවී යන අයුරු බුද්ධියෙන් මෙන්ම කාලයෙන් මුහුකුරා ගිය වියත්හු දකිති. එසේම දොම්නස්‌ සුසුම් හෙළති. එහෙත් අපට ආවේණික චින්තන ක්‍රමයට අනුකූල වූ අනුක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පැවැති ආර්ථික රටාවක්‌ මෙන්ම ගෘහ නිර්මාණ. වාරි කර්මාන්ත, චිත්‍ර, මූර්ති, කැටයම්, වෛද්‍ය, අධ්‍යාපනික හා විවිධ තාක්‍ෂණික ක්‍රම අනුරාධපුර යුගයේ සිට වැඩෙමින් පැවැති බවද අපි දනිමු. මේවා අද වන විට අපගේ නොසැලකිල්ලට භාජන වී ඇතත් අනුරාධපුරය පොළොන්නරුව, සීගිරිය වැනි ස්‌ථානවල එදා කළ නිර්මාණ හා වාරි ව්‍යාපෘති වැනි දේවලින් අද ද රජයට හා ජනතාවට විශාල ප්‍රතිලාභ ලැබේ. මෙම සාම්ප්‍රදායික ඥනය රැක ගැනීමට හා පෝෂණය කිරීමට වැඩපිළිවෙළක්‌ නොතිබූ හෙයින් අප අද විදේශාධාර හා ණය ලබා ගැනීමේ අරගලයක නිරතව සිටින අතර එය ලබාගැනීම ජයග්‍රහණයක්‌ සේද සිතීමට නිහීනව ඇත.

බුදුදහම මෙම උවදුරෙන් යම් පමණකට හෝ බේරා ගැනීමට හැකිවීම භාග්‍යයකි. මෙරට සිටි වගකිවයුතු භික්‍ෂූන් වහන්සේලා ඊට යම් යම් පියවර ගෙන තිබිණි. මේ සඳහා 19 වන සියවසේ තැබූ විශිෂ්ටතම පියවර නම් බුද්ධිමත් ගිහි ප්‍රභූන් පිරිසකගේ ද පැවිදි උතුමන් කිහිප දෙනෙකුගේද සහයෝගයෙන් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ධර්ම ශාස්‌ත්‍රීය අධ්‍යාපනය මැනවින් ඉදිරියට පවත්වා ගෙන යැම සඳහා වැඩපිළිවෙළක්‌ යෙදීමයි. විද්‍යෝදය පිරිවෙන එහි පදනම මෙන්ම අග්‍රතම ඵලයද වේ. මෙම පිරිවෙණ පිහිටුවීමේදී සිල්වත් හා බුද්ධිමත් භික්‍ෂුවක්‌ මෙන්ම ගුණවත් හා බුද්ධිමත් ගිහි පඬිවරයකු බිහි කිරීමට අවශ්‍ය කරුණු ගැන ශ්‍රී සුමංගල නාහිමියන්ගේ කුශාග්‍ර බුද්ධියෙන් අමුතුවෙන් සිතිය යුතු නොවීය. සිංහල, පාලි, සංස්‌කෘත, ප්‍රාකෘත, ත්‍රිපිටක ධර්මය, ඉංගී්‍රසි ඡන්දස්‌ හා අලංකාර, තර්ක හා න්‍යාය, පුරාවිද්‍යාව, ජ්‍යෙතිෂය, ආයුර්වේදය වැනි විෂය ධාරාවක්‌ උන්වහන්සේ විසින් සකසන ලද විෂය නිර්දේශයට අන්තර්ගත විය. වඩාත්ම වැදගත් සිද්ධිය නම් පරිපූර්ණ භික්‍ෂුවක්‌ තැනීමට අත්‍යවශ්‍යම වන මෙම විෂය නිර්දේශයට අත තැබීමට පරිවෙනාධිපතිවරයෙකු පත් කිරීමට හෝ අස්‌ කිරීමට පවා බලය ඇති විද්‍යාධාර සභාව නමින් හැඳින්වෙන විද්‍යෝදය පිරිවෙණේ පාලක සභාවට ද ඉඩ නොතැබීමයි. මේ නිසා අදත් ප්‍රාචීන අධ්‍යාපනය සඳහා භික්‍ෂූන් වහන්සේලාට භාෂා ශාස්‌ත්‍ර උගන්වන ආයතනයක්‌ වශයෙන් විද්‍යෝදය පිරිවෙණට කීර්තියක්‌ ලැබේ.

භික්‍ෂු අධ්‍යාපනයට ශ්‍රී සුමංගල නාහිමියන් විසින් හඳුන්වාදුන් අධ්‍යාපන ක්‍රමවේදයට එහාගිය අධ්‍යාපන ක්‍රමයක්‌ තිබිය නොහැකිය. ඊට හේතුව මෙම අධ්‍යාපන ක්‍රමයෙන් ශාසනයටත් ජාතියටත් රටටත් මහඟු සේවාවක්‌ කළ උතුමන් රාශියක්‌ බිහිව තිබීමයි. අනෙක්‌ අතින් ශාසනානුලෝමී ජීවන පැවැත්ම පිළිබඳ හික්‌මීම හා පන්නරයක්‌ මෙම අධ්‍යාපන ක්‍රමයෙන් ලැබේ. වර්තමානයේ රජය මගින් පාලනය වන පිරිවෙන් අධ්‍යාපනයේ විෂය නිර්දේශය මෙතරම් විධිමත් නැතිබව කීම අගතිගාමී කියමනක්‌ නොවේ. ශ්‍රී සුමංගල හිමියන්ගේ විෂය නිර්දේශය හා දැනට පිරිවෙන්වල භාවිත වන පෙළ පොත් පරීක්‍ෂා කිරීමෙන් මෙය මැනවින් පැහැදිලි වේ. අනෙක්‌ අතින් ආගමික අධ්‍යාපනයේ හරය වූයේ එයින් ශිෂ්‍යයා ලබන සාර ධර්මවල ගැඹුරය. හික්‌කඩුවේ නාහිමියන්ගේ දින චරියාව ශිෂ්‍ය ප්‍රජාවගේ දින චරියාව බවට පත් වීමත් එයම පිරිවෙන් ශිෂ්‍යයාගේ දින චරියාව බවට පත්වූ ආකාරයත් පරීක්‍ෂාකර බලන විට ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අධ්‍යාපන චින්තනය ඇසුරෙන් සැකසුණු අධ්‍යාපන ප්‍රතිසංවිධානයක්‌ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයට අවශ්‍ය බව වැටහී යනු නොඅනුමානය.

ශ්‍රී සුමංගල චරිතාපදාන කෘතිවල සඳහන් වන පරිදි නාහිමියන්ගේ දිනචරියාව උන්වහන්සේ යටතේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්ට ද හුරු පුරුදු විය. දිනපතා අලුයම 4-5 කාලය අතරතුර අවදි වූ හික්‌කඩුවේ නාහිමියෝ කට පාඩමින් යමක්‌ කීමට හුරු පුරුදු වී සිටියහ. සමහර දිනවල හිඳිමින් ද සමහර දිනවල සක්‌මන් කරමින් ද මෙසේ ග්‍රන්ථයක කොටසක්‌ කී උන්වහන්සේ අනතුරුව මුව කට සෝදා බුඳුන් වැඳීම සිරිතකි. බෞද්ධ ආගමික දින චාරියාවෙහි අලුයම අවදි වීමත් පොත පත උස්‌ හඬින් වන පොත් කිරීමත් සාමාන්‍ය ලක්‍ෂණයකි. සැදැහැවතුන්ගේ සිත් පොබයන මෙම අංග අනුගමනය කිරීමට හික්‌කඩුවේ නාහිමියන් ශිෂ්‍යයන්ට නොපැණ වූ නමුත් උන්වහන්සේ යටතේ හැදුනු වැඩුණු කවුරුත් එම චර්යාව අනුගමනය කළහ. උදේ කැඳ කෝප්පයක්‌ වැළඳ සෞඛ්‍යයට හානි නොවන ලෙස ආහාර ගැනීමට හුරු පුරුදුව සිටි බවද කියෑවේ. ඉන් අනතුරුව කෙළිතුඩ ගෙන පුස්‌කොළයක හෝ කඩදාසියක යමක්‌ ලියන අයුරු කෙනෙකුට පහසුවෙන් දැකිය හැකි කරුණකි. දහවල් දානය වැළඳූ පසු පන්ති දෙකකට ඉගැන්වූහ. උන්වහන්සේගේන් ඉගෙනීමට ලැබීම දක්‍ෂ ශිෂ්‍යයන්ට මහත් අස්‌වැසිල්ලට කරුණක්‌ වූ අතර අලසයන්ට මහත් අපහසුවක්‌ වූ බවද එහෙයින්ම ඔවුහු පන්තියේ පිටුපසට වී යමක්‌ ලියාගෙන යැමෙන් පමණක්‌ සෑහීමට පත් වූ බවද කියෑවේ. මෙම දින චරියාව යටතේ ඉගෙනුම ලැබූ වැලිවිට සෝරත, යගිරල පඤ්ඤානන්ද, කලුකොඳයාවේ පඤ්ඤාශේඛර, පැළෑනේ වජිරඥන වැනි දහස්‌ සංඛ්‍යාත භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ ද ජී. පී. වික්‍රමාරච්චි, එච්. ඩී. අභයවර්ධන, වේරගම පුංචි බණ්‌ඩාර වැනි ගිහි උගතුන් රාශියක්‌ ද මෙම පිරිවෙණෙන් පහළ වූහ.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සේවාව හා ප්‍රඥ මහිමය හා බැඳුණු කීර්තිය ජාත්‍යන්තරය දක්‌වා විහිදුණු බව මෙහි සටහන් කිරීම ලේඛනගත සාක්‍ෂිවලින් සනාථ කළ හැකිය. උන්වහන්සේගෙන් ඉගෙනීමට විදේශිකයන් මෙරටට පැමිණීම මෙයට කදිම සාක්‍ෂියකි. කොජිමා, තචිබානා, සතො, කොජින් ගුණරත්න යනාදීහු ජපානයෙන් ද සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ, කොසම්බි ධම්මානන්ද, හරගොවින්ද්, බෙචරදාස ආදීහු ඉන්දියාවෙන් ද පැමිණි බව සඳහන් වේ. බුරුමය, තායිලන්තය හා කාම්බෝජය සමග සබඳතා පවත්වාගෙන ගිය බවට දැනට සුරක්‍ෂිතව පවතින පාලි භාෂාවෙන් ලියවී ඇති ලිපි ලේඛන සාක්‍ෂි දරයි. විද්‍යෝදය පිරිවෙනේ දක්‍ෂතම ශිෂ්‍යයනට පිරිනැමෙන ශ්‍යාමරාජ ත්‍යාගය සියම් රජතුමා විසින් පිහිටුවනු ලැබීම එහි ප්‍රතිඵලයකි. මේ අතර හික්‌කඩුවේ නාහිමියන්ගේ ඥන මහිමය ගැන ඇසූ ඇමරිකන් ජාතික හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා ද ශ්‍රී ලංකාවට පැමිණ උන්වහන්සේගේ ඇසුරින් බුදුදහම පිළිබඳ දැනුම දියුණු කොට බෞද්ධයෙකු බවට පත්වූ බව කියවේ. ඔහු බුදුදහම බටහිර ලෝකය තුළ ප්‍රචාරය කර හැරීමට මහඟු සේවාවක්‌ කළේය. කොළඹ පරම විඥනාර්ථ සමාගම පිහිටුවීමටද ඔහු මූලික වී ක්‍රියා කළේය. තවද බෞද්ධ උගතෙකු වූ ජර්මන් ජාතික පෝල් ඩාල්කේ මෙරටට පැමිණ හික්‌කඩුවේ නාහිමියන් සමග පැවැත්වූ ධර්මමය සාකච්ඡා පිළිබඳව රසවත් සිදුවීම් රාශියක්‌ ද ලේඛනගත වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ එවකට විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යාපන තත්ත්වය විශ්වවිද්‍යාලයක මට්‌ටමට දියුණු වී තිබුණු බවයි.

මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි
http://www.divaina.com/2015/04/29/feature02.html

Sunday, April 26, 2015

දෙටු ගැමුණුන් නිමැවූ බැව් කියන කතරගම දෙවොලේ බස්නායක තෝරාගැනුම

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය අනිද්දා (28) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
මේ ලිපිය ඒ නිමිත්තෙනි.

විදේශයන්හි ද පළට ව ගිය, විදේශිකයන්ගේද අප්‍රමාණ වන්දනා මානයට පත් සිරිලක පුදබිම් අතර රුහුණු කතරගම ස්කන්ධ කුමාර දේවාලයට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. එබඳු බුහුමන් ලබන මෙරට අනෙක් පූජනීය ස්ථානය නම් ශ්‍රීපාද සමනොළ ගිරිහිසයි.

මෙවන් සුවිශේෂත්වයක් ලබන කතරගම දෙවොලෙහි ඉතිහාසය ජනප්‍රවාදයනට අනුව ගැමුණු මහරජ සමය තරම් ඈත අතීතයකට උරුමකම් කියන්නකි.

දීර්ඝ කාලීනව රට වෙළාගෙන සිටින ආක්‍රමණික එළාරගෙන් මවුබිම මුදා ගැනීමේ සටනට සූදානම් වූ ගැමුණු රජු කතරගම දෙවියන් හමු වී තමා රට දැය බේරා ගැනීමට යුදයට යන බව පවසා එය ජය ගැනීමට තමාට උදව් වන ලෙස කඳ කුමර දෙවිඳුන්ගෙන් අයැද සිටියේය. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් ඉක්බිති දෙවියන් උදෙසා දේවාලයක් ඉදි කරවන බවට පොරොන්දුවක් ද හෙතෙම ඒ සමඟම දුන්නේය.

අප සැම දන්නා පරිදි ගැමුණු මහ රජු යුද්ධය ජය ගත්තේ ය. පොරොන්දුව ඉටු කිරීම් වශයෙන් රුහුණු කතරගම මහ දේවාලය ද ඉදි කැරැවිණි.

දෙවොල නැංවීමෙන් නොනැවැතුණු ගැමුණු මහරජු එහි ක්‍රමවන් කාර්ය සාධනය සඳහා වැඩපිළිවෙළ ද (කතිකාවතක්) සැකසූයේ ඒ සඳහා “හේවා මඬුල්ල” යනුවෙන් හැඳින්වුණු 56 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද පත් කරවූයේය. ඒ අනුව උදා දිවා රාත්‍රී වශයෙන් දිනපතා තේවා මුර නියම කැරැවුණු අතර මේ කටයුතු සඳහා කපුවෝ ද, දෙවොල කාර්ය මණ්ඩලය හා ආලත්ති අම්මාවරු ද පත් කරනු ලැබූහ. වාර්ෂික මංගල්‍යයන් වශයෙන් ඇසළ මහා පෙරහර ද පැනවිණ.

මේ සියල්ල මෙහෙයවන වගකිවයුතු නිලදරුවා ලෙස බස්නායක ධුරයක් ද ස්ථාපනය කරනු ලැබීය. එහෙයින් පත් කැරැවුණු ප්‍රථම බස්නායක නිලමේවරයා ගැමුණු මහරජුගේ බෑනා කෙනකු බව පැවසේ. මෑත යුගයේ මේ ගෞරවනීය ථානාන්තරය උරුම ව පැවැතියේ මාගම වලව්වන්ත පරපුරට බව පැරණිතම ලේඛනයන්ගෙන් හෙළි වෙයි. ඒ අනුව ක්‍රි. ව. 160 දී කිරිගත්පොත්ත බණ්ඩාරනායක මුදියන්සේ රාළහාමි බස්නායක නිලමේ ධුරයට පත් වී තිබේ. (කතරගම පුද සිරිත්, ආචාර්ය අලුත්වැව සෝරත හිමි)

එතුවක් පටන් දීර්ඝ කාලීන පාරම්පරික උරුමයක් ලෙස සැලැකුණු මෙම ධුරයට පත් වීමේ සම්ප්‍රදාය 1931 වර්ෂයේ විහාර හා දේවාලගම් පනත යටතේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවරිණි. එතැන් පටන් ඡන්ද ක්‍රමයක් මඟින් කතරගම දේවාලය සඳහා ද බස්නායක නිලමේවරයකු පත් කරගැනීම ඇරැඹිණි. මේ අනුව බස්නායක නිලමේවරයකුගේ ධුර කාලය වසර 10ක් වූ අතර, පසුව එය වසර 05 දක්වා අඩු කැරිණි. වසර 05 සඳහා තේරී පත් වූ ප්‍රථම බස්නායක නිලමේවරයා වශයෙන් සඳහන් වන්නේ ජයවර්ධන අත්තනායක මහතාය.

ඉනික්බිති ධර්මදාස බංඩා මහතා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස තේරී පත් වූ අතර, ඔහුගේ ධුර කාලයේ දී බස්නායක නිලමේ තනතුරට පුද්ගලයකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියෙහි සුවිශේෂ වෙනසක් සිදු විය.

ඒ 1989 වර්ෂයයි. කතරගම ඇසළ මහ පෙරහර වීදි සංචාරය කරමින් තිබිණි. කිරිවෙහෙර රාජමහා විහාරය අභිමුඛව පෙරහර වෙහෙර වීදියට පිවිසුණා පමණි.

කිසිවකුත් නොසිතූ පරිදි පිපිරුම් හඬ කිහිපයක් නැඟි ගියේ අවට වාතලය දෙදරවා හරිමිනි. කිසියම් පිරිසක් විසින් පෙරහරට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති වග අනාවරණය විය. මේ ප්‍රහාරයෙන් පෙරහරේ ලේකම් මහතා සහ ආලත්ති අම්මලා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එම ස්ථානයේම මරුමුවට පත්වූ අතර, බස්නායක නිලමේ ධර්මදාස බණ්ඩා මහතා බරපතළ තුවාල ලැබ ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයක් මඟින් අගනුවරට ගෙන එනු ලැබිණි.

මේ සිද්ධිය කෙරෙහි අවධානය යොමු කළ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විහාර හා දේවාලගම් පනතට සංශෝධනයක් ගෙන එමින් දේශපාලනඥයන් හට ශ්‍රී ලංකාවේ සියලු විහාර හා දේවාලයන්හි ‍බස්නායක ධුරයන්ට පත් වීම වළක්වා ලූයේය.

මේ අනුව එවකට රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධුරය දැරූ කෘෂිකර්ම අමාත්‍ය ධර්මදාස බංඩා, හා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ධුරය දැරූ අධ්‍යාපන අමාත්‍ය නිශ්ශංක විජේරත්න මහත්වරුන් ඇතුළුව දේශපාලනඥයන් 7 දෙනකුගේ බස්නායක ධුරයන් අහිමි විණ.

ධර්මදාස බංඩා මහතාගෙන් අනතුරුව ගුණපාල හේරත් මහතාත්, ඉනික්බිති යසසිරි කස්තුරිආරච්චි, ප්‍රදීප් නිලංග දෑල, හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුත් පිළිවෙළින් කතරගම බස්නායක නිලමේ ධුරයට තේරී පත් වූහ.

බස්නායක නිලමේවරයකු පත් කැරගැනීම සඳහා 17 දෙනකුගේ ඡන්දය විමසා බලනු ලැබේ.

මීට මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහේ ප්‍රාදේශීය ලේකම්වරු 11 දෙනා හා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය, කතරගම ශ්‍රී අභිනවාරාමය, සෙල්ලකතරගම මහාසේන රජමහා විහාරය, වැඩසිටිකන්ද කතරගම දේවාලය හා කොටබෙරව කුඩා කතරගම දේවාලය යන පූජ්‍ය ස්ථානවල නායක ධුර 06 ඇතුළත් වෙති. බස්නායක නිලමේවරයකුගේ ධුර කාලය අවසාන වූ විට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කරනු ලබන අතර, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පුවත්පත් දැන්වීමක් පළ කර, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් බස්නායක නිලවරණය පවත්වනු ලැබේ.

මෙනයින් රුහුණු කතරගම මහා දේවාලය සඳහා නව බස්නායක නිලමේවරයකු තෝරා ගැනීමේ නිලවරණයක් යළිත් එළැඹ තිබේ. ඒ අනුව අනිද්දා (28 දින) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සමුළු ශාලාවේදී කතරගම මහ දෙවොලේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා පත්කර ගැනෙනු ඇත.

ඊ.එච්. සෝමපාල - කතරගම විශේෂ
http://www.lankadaily.com/latestnews/item/6468-28

Pic Source

Saturday, April 25, 2015

රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

භික්‌ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස්‌ පහළොවක්‌ පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්‌ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්‌ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්‌ෂුව සමග ගැටෙන ස්‌වභාවයට පැමිණියා. පසුදින භික්‌ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක්‌ පිළිගන්වන්න යෑයි කියා සිටියදී, ඔහු එය නොඇසුනාක්‌ මෙන් මගහැර ගියා. ඔහුට අවශ්‍ය වුණේ, භික්‌ෂුව සමඟ ආරවුලක්‌ ඇතිකොට ගැනීමටයි. පසුදා පටන් භික්‌ෂුව එම මල් පෝච්චි පහලොවට වතුර දැම්මා. කැපකරු ගැටෙන ස්‌වභාවයෙන් මිදුණා. වැසි කාලය පැමිණි නිසා භික්‌ෂුවට එම කාර්යය සිදුකිරීමට සිදුවූයේ මාසයක්‌ පමණයි. මේ කැපකරු මහතා නිසා එම ආරණ්‍යය හැරගිය ස්‌වාමින්වහන්සේලා කිහිපනමක්‌ම අතීතයේ සිටි බව භික්‌ෂුවට පසුව ආරංචි වුණා. මෙවැනි මාර බලයක්‌ අප ජයගැනීමට දක්‌ෂ නැතිනම්, මේවා සමග ඇලීම ගැටීම නිසා විසිරුණු සිතක උරුමය ඔබට ලැබෙනු ඇත.

මෙවැනි විසුරුණු සිතක උරුමයයි (ඉකුත් සතියේ ලිපියේ සදහන්වූ) කුටියට පැමිණි තරුණ ස්‌වාමින්වහන්සේට තිබුණේ. මාරයාව අවබෝධ කර ගැනීමට අවශ්‍යව තිබියදී මාරයාව ගැටෙන ස්‌වභාවයට ගිහිල්ලා වටිනා වස්‌ කාලයක්‌ උන්වහන්සේ අවුල් කරගත්තා. භික්‌ෂුව එම ස්‌වාමින්වහන්සේට දැනුම් දුන්නේ 'ඔබ ඔය සකස්‌වෙන සිත නිත්‍ය වශයෙන් ගන්න එපා' ඔබවහන්සේ ඔය ගැටෙන සිතට බැඳී ගිහිල්ලයි තියෙන්නේ. ඔබවහන්සේ මේ මොහොතේ අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගන්න, ඔබවහන්සේ හොඳම වස්‌ කාලය මේ වස්‌ කාලයයි කියලා. අතීතයේ වෙච්චි හැම දෙයක්‌ම අතීත පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියට දැකලා අමතකකොට දමන්න. මුලින්ම ඔබ කැපකරු ජයගන්න. කැපකරු ජයගතහොත් පමණයි ඔබට මාරයා ජයගන්න මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. එතෙක්‌ ඔබ මාරයාටම අයත් සිතුවිලි සමඟ, මාරයා ජයගැනීමේ නිරර්ථක සටනකයි නියෑලී සිටින්නේ. උන්වහන්සේ සතුටු සිතින් උන්වහන්සේගේ හුදෙකලා කුටියට නැවත වැඩියා.

ධර්මයේ අර්ථයක්‌ නොදත් මනුෂ්‍යයෝ ආගමක්‌ සරණ යන්නේ ලෝකය තුළ තිබෙන අනතුරුවලින් මිදිලා ආරක්‌ෂාවක්‌, සැනසිල්ලක්‌ බලාපොරොත්තුවෙන්. මෙවැනි මනුෂ්‍යයන් අතර සමහරු සිටිනවා රාගය, ආගමක්‌කොට ගත්ත ඔවුන්ගේ ආගම තමයි රාගය. ඔවුන්ගේ විමුක්‌තියත් රාගය. රාගයෙන් ලබන විමුක්‌තියෙන් පිට විමුක්‌තියක්‌ ඔවුන් දකින්නේ නැහැ. 

එක තරුණයෙක්‌ සිටියා ඔහු බොහොම රාගික සිංහල බෞද්ධ තරුණයෙක්‌. පාසල් වියේදීම අසම්මත ප්‍රේම සම්බන්ධතාවයක්‌ ඇතිකොට ගන්නවා. ඔහු මේ කිසිම ඇසුරකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අවසානයේ මොහුට මොහුගේම රාගයට ගැලපෙන තරුණියක්‌ මුණගැසෙනවා. ඇය අන්‍යාගමික තරුණියක්‌. මේ සිංහල බෞද්ධ තරුණයා වෙනත් ආගමකට බැඳී ඇයව විවාහ කර ගන්නවා. බලන්න අවසානයේ ඔහුගේ ආගම වුණේ රාගයයි.

මේ වගේම සිංහල බෞද්ධ තරුණියක්‌ සිටියා. ඇයත් අධි රාගික චරිතයක්‌. ඇය කිසිම සිංහල බෞද්ධ තරුණයෙක්‌ ගෙන්වත් තෘප්තිමත් වුණේ නැහැ. අවසානයේ ඇයට ඇයගේ රාගයට ගැලපෙන අන්‍යාගමික තරුණයෙක්‌ මුණගැසෙනවා. ඇය එම ආගමට බැඳී එම තරුණයාව විවාහකොට ගන්නවා. මේ අයගේ ආගම, විමුක්‌තිය තමයි රාගය. 

රාගය ආගමකොටගත් සමාජයක ජීවත් වෙච්ච මනුෂ්‍යයෙක්‌ සිටියා. ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ ජීවත්වුණ කෝටිපති මහත්මයෙක්‌. ඔහුගේ ජීවිතයේ අංක එක ලැබුණේ රාගය. අංක දෙක ලැබුණේ ව්‍යාපාරයට අංක තුන ලැබුණේ පිංකම්වලට. අනුපිළිවෙලට සටහන් තැබුවත් මේ කාරණා තුන ඔහු සමබරව කරගෙන ගියා. මොහු මීට වසර 25 කට පෙරාතුව නුවර ප්‍රදේශයේ විහාරස්‌ථානයක විශාල බුදුපිළිම වහන්සේ නමක්‌ තම ධන පරිත්‍යාගයෙන් ඉදිකොට විවෘත කරනු ලැබුවා. විවෘත කිරීමේ පිංකමට ඔහු රැගෙන ඇවිත් තිබුණේ මඟුල් බෙර කණ්‌ඩායමක්‌, වෙස්‌ නැටුම් කණ්‌ඩායමක්‌ නොවේ. රාත්‍රි සමාජ ශාලාවල රංගන ඉදිරිපත් කරන කොට කලිසම් ඇඳගත්ත නාට්‍යාගංනාවන් දෙදෙනෙක්‌. 

ඊටම ගැලපෙන සංගීත කණ්‌ඩායමකුත් සිටියා. පන්සල මොහොතකට සමාජ ශාලාවක්‌ වුණා. රැස්‌ව සිටි තරුණ පිරිස්‌ සතුටින් කාමච්ඡන්දයන් විඳලා අකුසල් සිදුකොට ගත්තා. එහි සිටි වැඩිහිටි උපාසක පිරිස මේ අශෝභන සිද්ධිය ගැන ගැටිලා අකුසල් සිද්ධකොට ගත්තා. පන්සලේ ස්‌වාමින්වහන්සේලාත් ධානපති මහත්තයාට ඉහළින් කටයුතු කළේ නැහැ. දානපති මහත්තයා සතුටු සිතින් පිංකම අවසන් කළා. පිංකම තුළිනුත් කාමයන් වැඩෙන පරිසරයක්‌ තමයි මොහු බලාපොරොත්තු වුණේ. මේවා වැරදියි කියලා දැක්‌මක්‌ ඔහුට තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ තමනුත් සතුටු වෙලා මිනිසුන්වත් සතුටු කරන්න. මේ දානපති මහත්තයා තම ජීවිතයේදී විවාහයන් කිහිපයක්‌ සිදුකොට ගත් අයෙක්‌. මේ හැම විවාහයක්‌ම සිද්ධකොට ගත්තේ මුල් විවාහය නිත්‍යානුකූල දික්‌කසාදයක්‌ කිරීමකින් තොරවයි. තව අපූරු කතා ගොඩක්‌ ඒ මහත්මයාගේ ජීවිත කතාව තුළ තිබෙනවා. ඒවා මෙහි සටහන් තබන්නේ නැහැ. රාගයට බරව ජීවත්වෙච්ච මේ මහත්මයා පිංකම් වලටත් මුල්තැන දුන්නා. මොහු තම ධනපරිත්‍යාගයෙන් ඉදිකරපු පන්සල් බුදුමැදුරු වල මේ වනවිටත් සියගණනින් මනුෂ්‍යයෝ මල් පහන් පූජා කරනවා. මේ පිළිම වහන්සේ ඉදිරියේ භාවනා කරනවා. මෙසේ ජීවත් වෙලා මේ මහත්මයා රෝගී වෙලා එකතැන් වෙනවා. අවසානයේදී මේ දානපති මහත්මයා තම බිරිඳ සමීපයේදී මරණයට පත්වෙනවා. දැන් ඔබ නුවණින් ගලපල බලන්න මේ මැරිච්ච දානපති මහත්මයා නැවත කොහේ උපත ලබන්නට ඇතිද කියලා හේතුඵල ධර්මයට අනුව ගලපල බලන්න. මේ මනුස්‌සයා අහවල් තැන ඉපදුනාය කියලා ඔබ මේ මොහොතේ ඇති කරගත් උත්තරය වැරදියි. භික්‌ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකොට බලනවා මේ රාගයට ලැදි පිංකම්වලට ලැදි දානපති මහත්තයා නැවත ඉපදුනේ කොහෙද කියලා. ඒ වෙලාවෙ ඒ ස්‌වාමින්වහන්සේ දකිනවා ඒ මහත්තයා මේ මනුෂ්‍ය සමාජයේම ස්‌ත්‍රිත්වය ලබලා ඉපදිලා. පෙර ජීවිතයේ කාන්තාවන් කිහිපදෙනෙක්‌ විවාහ කරගත් මේ දානපති මහත්තයා වර්තමානයේ කාන්තාවක්‌. දැන් ඔබට සතුටක්‌ ඇතිවෙන්න පුළුවන් මේ දානපති මහත්තයා සතර අපායට වැටෙන්නෙ නැතිව මනුෂ්‍ය කාන්තාවක්‌ වුණ එක වාසනාවක්‌ය කියලා. ඒ ස්‌ත්‍රිත්වය ඇයට කවදාවත් වාසනාවක්‌ වෙන්නෙ නැහැ. මොකද ඇය පිටුපස විපාක දීම සඳහා බලවත් කාමයවරදවා හැසිරීමේ අකුසල් ගොන්නක්‌ තිබෙනවා, ගිsය ජීවිතයේදී දානපති මහත්තයා හැටියට සිදුකරපු. සමහරවිට ඇය තරුණ වියේදීම අසම්මත ප්‍රේම සම්බන්ධයට යොමුවෙලා ජීවිතය විනාශ වෙන්න පුළුවන්. සෑම විවාහයක්‌ම දික්‌කසාදයකින් කෙලවර වෙන්න පුළුවන්. අවසානයේ ගණිකාවක්‌ බවටත් පත්වෙන්න පුළුවන්. ඉහත සිද්ධිය නුවණින් විග්‍රහකොට දකින්න උත්සාහ ගන්නවා. ගිය ජීවිතයේ මේ දානපති මහත්තයා මේ ජීවිතයේදී ස්‌ත්‍රිත්වයක්‌ ලැබුවේ අතීත අකුසල් විපාකය පිණිස සකස්‌කොට මේ ස්‌ත්‍රී ජීවිතයෙන් පස්‌සෙ අනිවාර්යයෙන්ම සතර අපායට වැටෙන්නය කියන කාරණය මතුකොට ගන්න ඔබ දක්‌ෂ වෙන්න. රාගී සිතිවිල්ලක්‌ තුළ සැඟවී තිබෙන අසම්මත බව ගමනේ කර්කෂ කටුක වසන්තය නුවණින් මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. සතුටු වෙමින් අකුසල් රැස්‌ කරන එම අකුසල් විපාක දෙනකොට අකුසල් නිසාම තව අකුසල් මෝදුකොට ගනිමින් දුකට පාර පෙන්වන අවිද්‍යාවේ මාර්ගය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්ම නිශේද කිරීමට ඔබ දක්‌ෂ වෙනවා. රාග සිතුවිල්ලකින් සකස්‌ වෙන කල්පාන්තරයක දුක එකම එක විදර්ශනා සිතකින් පරාජයකොට දමන උතුම් ධර්ම මාර්ගයට ඔබත් අර්ථවත්ව අවතීර්ණ වෙන්න.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/04/26/feature04.html

ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීම; සජීවීව දුටු ඇසින්

එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකුව සිටි ජාතික ආරක්‍ෂක ඇමැතිවරයෙකුව සිටි හා ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ නායකයාව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා මේ රටේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී තැනක්‌ සනිටුහන් කරන්නෙකි. හෙතෙම හැමවිටම කතා කළේත් ක්‍රියා කළේත් ජනතාවගේ උරුමයන් පිළිබඳවය.

ලලිත් සිය ජීවිතයේ අවසන් විනාඩි කිහිපයේත් කතා කොට ඇත්තේ ජනතාව වෙනුවෙනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙනි.

1993 අප්‍රේල් 23 වැනිදා සාහසිකයකු ගේ කුරිරු වෙඩි පහරින් ඇතුලත් මුදලි මහතා මියගොස්‌ ලබන අප්‍රේල් 23 වැනිදාට වසර 22 ක්‌ සපිරේ. ඒ මහතා වෙඩි පහරට ලක්‌වන අවස්‌ථාවේ එතැක සිටි "දිවයින" උපකතුවරයකු තමන් ඇසින් දුටු දේ ගැන එදා පුවත්පතට සැපයු ලිපියක සංක්‍ෂිප්තයකි මේ.

එදින සිකුරාදා දිනයකි. වේලාව සවස පහට පමණ ඇත. කොළඹ කිරුළපන පොදු ක්‍රීඩාංගණය අසලට මම පැමිණියෙමි. ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණේ නැගෙනහිර කොළඹ සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්‌වීමට ජනයා ඇදෙමින් සිටිති. මූලාසනයේ සිටි ඒ. ජී. ප්‍රේමදාස මුදලාලි සිය කතාව කරද්දී නැගෙනහිර කොළඹ සංවිධායක පළාත් සභා අපේක්‍ෂක උපුල් ධම්මික මහතා වේදිකාවේ වාඩි වී සිටියේය.

ක්‍රමයෙන් ජනයා පිරෙන්නට වූ අතර අනෙකුත් අපේක්‍ෂකයෝ ද ළඟාවන්නට වූහ. අපේක්‍ෂකයකු කතා පවත්වන සෑම මොහොතකම රතිඤඤා හඬ පළාත දෙදරවන්නට විය. මහා වැස්‌සක්‌ කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිණි. මහරගම හිටපු මන්ත්‍රී ප්‍රේමරත්න ගුණසේකර මහතා උණුසුම් කතාවක්‌ කළේ මේ අතරය. වැහි බිඳු ටික ටික වැටේ. බටහිර කොළඹ සංවිධායකයෙකු වන පළාත් සභා අපේක්‍ෂක ෂා නවාස්‌ මරික්‌කර්බාවා මහතා සිය කතාව පටන් ගනිද්දී වේලාව රාත්‍රී 8 ට පමණ විය. හෙණ ගහන වැස්‌ස කඩා වැටුණේය. සෙනග නොතමෙන්නට තැන් සොයා දිව ගියත් ටිකින් ටික වැස්‌ස අඩු විය. සෙනඟ නැවත පැමිණියහ. එහෙත් මහ වැස්‌සෙන් පසු

රැස්‌වීමේ වැඩකටයුතු මඳක්‌ අවුල් වූ බවක්‌ දක්‌නට ලැබිණි. රාත්‍රී 8.30 ට පමණ පක්‍ෂයේ නායක ලලිත් ඇතුලත්මුදලි මහතා රැගත් රථ පෙළ පැමිණුනි. රතිඤඤා හඬින් යළිත් පළාතම ගිගුම් දෙන්නට විය.

උපුල් ධම්මික සිය කතාව නිමකළේය. වේලාව රාත්‍රී 8.45 ට පමණ ඇත. ඇතුලත්මුදලි මහතා සිය කතාව පටන් ගනිද්දී නැවත වරක්‌ රතිඤඤා හඬින් මුළු පෙදෙසම ගිගුම් දෙන්නට විය. එය කතාවට බාධාවක්‌ නිසා රතිඤඤා පිපිරවීම නතර කරන්නැයි සංවිධායකයෝ ඉල්ලා සිටියහ.

ඇතුලත්මුදලි මහතා ගේ හරබන කතාව ජනතාව නිහඬ කර ඇත. ඔවුන්ට පොද වැස්‌ස ද අමතක වූවා වැන්න. ඇතුලත්මුදලි මහතාට විනාඩි දහයකට වඩා කතා කරන්නට ඉඩ නොලැබිණි. නැවතත් චටපට ගාමින් රතිඤදා හඬ කන වැටිණි. නමුත් ඒවා රතිඤඤා නොවිය. ඒ වේදිකාව අසලම දකුණු පැත්තේ සිටියකු එල්ල කළ වෙඩි පහරවල්ය. දැතින්ම දකුණු පස අල්ලා ගත් ඇතුලත්මුදලි මහතා කෑ ගසමින් වම්පසට ඇලවූයේය.

වේදිකාවේ සිටි තැනැත්තෙක්‌ ඇතුලත්මුදලි මහතා වත්තන් කර ගනිද්දී අසුන් ගෙන සිටි අනෙකුත් අය එහා මෙහා පැන බිම පෙරළී ආරක්‍ෂාව සොයන්නට වූහ.

රැස්‌වීමේ සිටි සියලුම දෙනා හිස්‌ ලූ ලූ අත දුව ගියහ. ලොකු කුඩා බාල මහලු තරුණ පිරිසත් දරුවන් වඩා ගත් මව්වරුත් එසේ මර බියෙන් පැන ගියහ. වෙඩි තියනවෝ වෙඩි තියනවෝ කියා සමහරු කෑ ගැසූහ. මහා මාර්ගයේ දෙපස නවතා තිබූ සමහර මෝටර් රථ වහා පණ ගැන්වී එතැනින් ඉවත්ව යනු දක්‌නට ලැබිණි.

ක්‍ෂණයකින් වේදිකාව අසලට ගෙන එන ලද වාහනවලට ඇතුලත්මුදලි මහතා ඔසවා දමාගත් ආධාරකරුවෝ කොළඹ නගරය දෙසට ඉගිල යන්නට වූහ. ඒ හා සමඟම ආධාරකරුවන් කිටි කිටියේ පටවා ගත් වාහන දහයක්‌ දොළහක්‌ පමණ ලුහුබඳිනු දක්‌නට ලැබිණි.

ඇතුලත්මුදලි මහතාට වෙඩි තැබූ පුද්ගලයාට ඒ මහතාගේ ආරක්‍ෂක භටයින් වෙඩි තැබූ බවත් එම පුද්ගලයා තුවාල ලබා අඳුර අතරින් දිවගිය බවත් අවට සිටියවුන් එක හඬින් පවසනවා ඇසුණි. තවත් මොහොතකදී දහසක පමණ පිරිසක්‌ එම පුද්ගලයා දිව ගියා යෑයි සිතන ක්‍රීඩාංගණයේ මුගලන් පාර දෙසට පිම්මේ දිව ගියහ. ඔවුහු අසල තිබූ සෑම නිවෙසකම වාගේ එළිපත්ත අස්‌සේ ගහකොළ අස්‌සේ මේ මිනීමරුවා සොයන්නට වූහ. නමුත් ඔවුනට කිසිවක්‌ දැකගන්නට නොහැකි විය.

ඊළඟ මොහොතේ පොලිස්‌ නිලධාරීන් රැගත් වාහන දෙක තුනක්‌ සිද්ධිය වු තැනට ළඟාවිය.

රැස්‌වීමට ආපු නැති පොලිසිය දැන් ඇවිදින් මොකටදැයි ජනතාව කෑ ගැසූහ.

අනතුරුව පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ඇරැඹිණි වේදිකාවේ ලෑලි මත රතුවන් ලේ දහරා ගලා ගොස්‌ තිබිණි. ඒවා වේදිකාවේ යටට බේරෙන්නට විය. පුටු හා මේස කැඩී බිඳී ගොසිනි. හිස්‌ බීම බෝතල් කටු සෑම තැනම විසිර ඇත. වේදිකාව අසල දකුණු පැත්තේ බිම කුඩා හිස්‌ පතරොම් කීපයක්‌ දක්‌නට ලැබිණි.

අප කාර්යාලයට පුවත දැන්වීමට දුරකථනයක්‌ සොයා මම එහෙ මෙහෙ දුව ගියෙමි. ප්‍රඑජාප. නැගෙනහිර කොළඹ සංවිධායකවරයෙකු වන කේ. ඩී. රූපසිරි මහතා මට උදව් විය. අසල නිවෙසකින් මේ බව 'දිවයින'ට දැන්වීමි. ඒ වන විටත් කාර්හාලයට සිද්ධිය ගැන සුළු ආරංචියක්‌ ලැබී තිබිණි.

තවත් මඳ වේලාවකින් කොළඹ මහ රෝහලේ සිට එතැනට පැමිණි ඇතුලත්මුදලි මහතා ගේ රියෑදුරු තැන වේදිකාවේ මේසය මත තිබූ ඇතුලත්මුදලි මහතාට අයත් කළුපැහැති අත් බෑගය පොලිස්‌ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් පරීක්‍ෂණ සඳහා එම අත් බෑගය පොලිසිය භාරයේ තබා ගන්නා ලදී.

පෙරමුණේ තවත් සංවිධායකයකු වන උපුල් ද කොස්‌තා මහතාගේ මෝටර් රථයෙන් මම ද වහා රෝහල බලා පිටත්ව ගියෙමි.

කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශය වෙත අප ළඟා වෙන විට වේලාව රාත්‍රී 10.00 පමණ විය. ඒ අවට මුළු පළාතම එකම හිස්‌ ගොඩකි. රෝහල් භූමියේ පිටත මෙන්ම එහි ඇතුළත ද විශාල ජනකායක්‌ වූහ.පොලිස්‌ භටයෝ සෑම තැනම මුරකරමින් සිටියාහ. ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වමින් මම ඉතා අමාරුවෙන් එහි ගේට්‌ටුවෙන් ඇතුළු වීමි.

රෝහල් භූමියේ පිරී සිටි ජනයාගෙන් සමහරු, සිද්ධියෙන් කම්පාවට පත්ව දුක වාවාගත නොහැකිව හඬා වැළපෙමින් සිටියහ.

මේ අතර හදිසි අනතුරු වාට්‌ටුවේ ඉස්‌තෝප්පුවේද යකඩ දොරවල් වසා තිබිණි. ඇතුළේ සිදුවන්නේ මොනවාදැයි බලාගැනීමේ කුතුහලයෙන් බොහෝ දෙනා එම යකඩ දොරවල්වල එල්ලී සිටියහ. හඬමින් වැළපෙමින් හා පරුෂ වචනයෙන් බණිමින් සිටින ඔවුන්ද බලා සිටිනුයේ කොයි මොහොතේ ඇතුළට රිංගා ගන්නවාද කියාය. ආරක්‍ෂක නිලධාරීන්ට නැවත වරක්‌ ජනමාධ්‍ය හැඳුනුම්පත පෙන්වූ මම ඉතා අමාරුවෙන් ඇතුළට පැන ගත්තෙමි.

නවීන ගොඩනැගිල්ලේ ඇතුළත ඉඩකඩ බොහෝය. එහි ද එකම කලබලයකි. වෛද්‍යවරුන්. හෙදියන්, සාත්තු සේවකයන් සුළු සේවකයන්, රෝගීන් හා මිශ්‍රවුණු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මිතුරන්, ඥතීන් ආධාරකරුවන් පාක්‍ෂිකයන් හා ඒ මහතාට ආදරය කරන්නන්ගෙන් මුළු ශාලාවම පිරි තිබිණි. පොලිස්‌පතිවරයා එහි පැමිණ සිsටියේය. යටියන්තොට හිටපු මන්ත්‍රීවරයකු වන වින්සන්ට්‌ පෙරේරා, බටහිර කොළඹ පළාත් සභා අපේක්‍ෂක ඩිඩාකස්‌ අල්මේදා කැස්‌බෑවේ සංවිධායක ලක්‍ෂ්මන් අබේගුණරත්න, ශ්‍රීලනිප මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු තවත් පිරිසක්‌ පොලිස්‌පතිවරයා වටකරගෙන සිටියහ. කීපදෙනෙක්‌ ඔහුට තදින් දොස්‌ පවරන්නට වූහ. උස්‌ හඬින් බණින්නට වූහ. කිරුළපන රැස්‌වීමට පොලිස්‌ ආරක්‍ෂාව නොයෙදීම ඔවුන්ගේ බලවත් කෝපයට හේතු විය. එහෙත් මෙතැන සිටි බොහෝ දෙනා පොලිස්‌පතිවරයාගේ හිතවතුන්ය.

දැන් ඉතින් කලබල කරල තේරුමක්‌ නෑනේ. කොහොමහරි අපි නොහිතපු දෙයක්‌ සිද්ධ වුණා. හැමෝම සන්සුන් වෙලා මේ මනුස්‌සයව බේරගන්න ඉඩ දෙන්න. පොලිස්‌පතිවරයා තම හිතවතුන්ට බැගෑපත් විය.

වසා මුර යොදා තිබුණු රෝහලේ තවත් තහනම් කලාපයකට මම ඇතුළුවීමි. ශල්‍යාගාරය දැඩි සත්කාර ඒකකය හා ලේ ගබඩාව ආදී ඉතා වැදගත් ස්‌ථාන මේ ප්‍රදේශයේ ඇත. සරණපාල පමුණුවත් 'ලංකාදීපේ' දුෂ්‍යන්ත සමරසිංහත් මට මුණ ගැසුණි. වීදුරු දොරක්‌ යොදා තිබූ කාමරයක්‌ අසලට සරණපාල මා කැඳවා ගෙන ගියේය. වීදුරු දොරෙන් එහා ශල්‍යාගාරයත් දැඩි සත්කාර ඒකකයත් පිහිටා තිබිණි. ඒවා වසා දමා ඇත. කුඩා ඉස්‌තෝප්පු කැබැල්ලේ කීප දෙනෙක්‌ සිටියහ. ඔවුන් රෝහලේ අයයි. අපේ අනුර හොරේෂස්‌ ද ඒ අතර සිටියේය. ඉස්‌තෝප්පු කැබැල්ලේ අයිනක ලේවලින් නැහැවී ගිය ට්‍රොලියකි. ඇතුලත්මුදලි මහතා රෝහල තුළට ගෙන ආවේ මේ ට්‍රොලියේ දමාගෙන බව දැනගන්නට ලැබුණු බව සරණපාල කීවේය. මම නැවත වරක්‌ රෝහලේ මැද ශාලාවට ගියෙමි.

මේ හැම ගාලගෝට්‌ටි මැද හදිසි අනතුරු අංශයේ සේවකයෝ තම සුපුරුදු සේවය එහෙත් වඩාත් කලබලකාරීව කරති. හදිසි අනතුරුවලට මුහුණ පා ගෙන එන මිනිසුන් බාර ගනිති. ප්‍රතිකාර කරති. රෝගියෙකු ඇතුළට ගන්නට දොර අරින සෑම මොහොතකම තවත් හත් අට දෙනෙක්‌ රිංගති.

වහා එහි පැමිණි ගාමිණි දිසානායක මහතා හිතවතුන් හා සමඟ ඉක්‌මනින් දැඩි සත්කාර ඒකකය වෙත කැඳවාගෙන යනු ලැබීය. එහෙත් කොහොමද එයට ඇතුළුවන්නේ ඔහු පසුපස එය තුළට රිංගා ගැනීමට මාන බලන විශාල පිරිසකි. එම පිරිස නවතන ලදී.

හදිසි අනතුරු අංශයේ ඉස්‌තෝප්පුවේ පිළිගැනීමේ කවුන්ටරය අසල මම රැඳී සිටියෙමි. මට මොහොතක්‌ එහි පිළිගැනීමේ නිලධාරියා වන්නට සිදුවිය. කවුන්ටරය මත වූ දුරකථනයට හුස්‌ම ගන්නට පවා ඉඩක්‌ නොවීය. සෑම තත්පරයකටම වරක්‌ එය නාදවිය.

"ඇතුලත්මුදලි මහත්තයාට දැන් කොහොමද"

"ඒ මහත්තයා අන්තරා වුණා." මම පැවසුවෙමි.

"අයියෝ....... පව්"

වේලාව මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ ඇත. නාරාහේaන්පිට අජිත් සමග මම පාරට පැමිණියෙමි. පාර පුරා පොලිස්‌ බළකායකි. කුළු, පොලු, කඳුළු ගෑස්‌ සහිතව එහෙත් කනස්‌සල්ලෙන් මෙන් මෙම පොලිස්‌ නිලධාරීහු බලා සිටිති. උසස්‌ නිලධාරීන් හට අණ දීමේ අවශ්‍යතාවක්‌ නැති බව පෙනේ. ඔහේ බලාගත් අත බලාගත්වනම සිටිති. කෝප වූ ජනයා පොලිස්‌ නිලධාරීන් ඉදිරියටම පැමිණ පරුෂ වචනයෙන් බණිති. එහෙත් කුඩා ළමුන් පිරිසක්‌ මෙන් පොලිස්‌ නිලධාරීහු කරබා සිටිති.

කාර්යාලයේ මෝටර් රථයට සරණපාලත්, නාරාහේන්පිට අජිතුත් මමත් ගොඩවුණෙමි. 'දිවයින' බලා රංජිත් රිය පැදවීය. වේලාව අලුයම 1.00 ට පමණ විය.

* මුදිත කාරියකරවන
http://www.divaina.com/2015/04/26/feature17.html

Friday, April 24, 2015

ලෝකයේ විශාල ශෛලමය සැතපෙන පිළිමයේ ඉදිකිරීම් අරඹයි

ලොව විශාලතම ශෛලමය සැතපෙන බුදු පිළිමයේ ඉදිකිරීම් කටයුතු දැක බලා ගැනීමේ සංචාරයක පසුගියදා නිරත වීමු. රුවන්වැල්ල නගරයෙන් ඇරැඹෙන දන්නොරුව මාර්ගයේ සැතපුම් පහක්‌ පමණ ගිය විට හමුවන හුබස්‌වලාන ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්‌ථානය පිටුපස පිහිටි සුවිසල් ගල් පර්වතයක මෙම පිළිමය නෙළීමට කටයුතු යොදා ඇත.

විහාරාධිපති නාරාංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමිගේ උපදෙස්‌ හා මගපෙන්වීම පරිදි ඉදිවන මෙම සැතපෙන පිළිමය දිගින් අඩි 80 කි. සිරසේ උස අඩි 11 අඟල් 4 කි. සිරිපතුල ප්‍රදේශය අඩි 9 අඟල් 8කි. එසේම ගලින්ම නිමවන ගල් ආසනයේ ප්‍රමාණය අඩි 20 කි. ඒ හැර මල් ආසනය පාමුල සඳකඩපහණක්‌ද නිර්මාණය කෙරේ. මෙම ස්‌ථානයට ශ්‍රී පාදය හොඳින් දිස්‌වන අතර එදෙස බලා හිඳින අයුරින් පිළිමය ඉදිකිරීමද විශේෂත්වයකි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ධම්මකිත්ති හිමියෝ මෙසේ පැවැසූහ.

ලංකාවේ හැම පළාතකම සුවිශේෂ පූජනීය වස්‌තූන් තිබෙනවා. සබරගමුවට නැති නිසයි මෙම නිර්මාණය තෝරා ගත්තේ. මේ සඳහා රුපියල් හත්කෝටි තුන් ලක්‍ෂ දාසයදාහක්‌ වැයවන බවට ගණන් බලා තිබෙනවා. එම මුදල් කෙසේ හෝ ලබාගෙන මෙම විස්‌කම් නිර්මාණය කිරීමට මම තිර ලෙස අදිටන් කරගෙන සිටිනවා. එය නිසැකයෙන්ම ඉටුවන බවත් මට විශ්වාසයි.

වැඩ ආරම්භකරද්දී මුදල් තිබුණෙ නැහැ. ගමේ අය රුපියල් 72,000 ක්‌ එකතු කරලා දුන්නා. රුවන්වැල්ලෙ ත්‍රිරෝද රථ තරුණ පිරිස ලක්‍ෂ 10 ක්‌ හොයලා දුන්නා. ඊට අමතරව කොටස්‌ ක්‍රමයකට ලක්‍ෂ තුනක්‌ ලැබුණා.

අප දැන් රට පුරා වාහන 4 ක්‌ යවනවා. එහිදී කාරණය වටහාගන්නා පින්වතුන් ආධාර කරනවා. මේ සියලු වියදම් කමිටුවක්‌ හරහායි කෙරෙන්නෙ.

වැඩ නිමවූ පසු පිළිම වහන්සේ වඳින්න එන පින්වතුන් දෙන ආධාර මුදල්වලින් හතරෙන් එකක්‌ නඩත්තුවට තියාගෙන ඉතිරි මුදල් රටේ දුෂ්කර පළාත්වල පිහිටි පන්සල් දියුණු කිරීමට යෙදවීමටත් අපේක්‌ෂා කරනවා. එනිසා මෙම කාර්යයට දායකවීමට කැමැති පින්වතුන්ට අපට උදව් කරන්න හැකියි. ඒ සඳහා රුවන්වැල්ල මහජන බැංකුවේ අංක 081200150014319 යන ගිණුමට මුදල් බැර කළ හැකියි. මේ පිළිබඳ විස්‌තර අඅග ර්බඇකස ඉමාdය්ගජදප යන අන්තර් ජාලයෙන්ද බලාගත හැකියි. ඒ වගේම 0363862259 හා 0719990409 යන දුරකථන අංකවලින්ද විස්‌තර දැනගත හැකියි. 

වැඩ බිම භාරව කටයුතු කරන බී. කේ. ගුණරත්න මහතා,

මේ පිළිමය නෙළන්නෙ ගම්පොල ප්‍රසිද්ධ ගල් වඩුවන් පිරිසක්‌. ශිල්පීන් දසදෙනකු මේ සඳහා යෙදී සිටිනවා. නවීන උපකරණ යොදා ගැනීමෙන් තොරව අතින් හා කටුවෙන් තමයි පිළිමය නෙළීමට තීරණය කර තිබෙන්නෙ. මේ සඳහා වැඩ වර්ෂ තුනක්‌ ගතවෙනවා. එහිදී ඝන අඩියකට රුපියල් 50,0000 ක්‌ විතර යනවා. වැඩ නිමවූ විට එය මේ යුගයේ විශ්වකර්ම වැඩක්‌ වේවි.

රුවන්වැල්ල - විමලරත්න සමරක්‌කොඩි
http://www.divaina.com/2015/04/24/provin06.html

ඒ විශිෂ්ට නිර්මාණය පාසල් දරු දැරියන්ට නැරඹීමේ අවකාශය අහිමි කිරීම අභාග්‍යයක්‌ - "මහරජ ගැමුණු" නිෂ්පාදක

ප්‍රවීණ සිනමා වේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‌ෂණය කළ "මහරජ ගැමුණු" චිත්‍රපටය ලාංකීය සිනමාව තුළ එතෙක්‌ මෙතෙක්‌ විශාල පිරිවැයක්‌ යොදා නිෂ්පාදනය කළ සිනමා පටයයි.

ලාංකේය සිනමා කර්මාන්තයේ ප්‍රගමනයට දායක වෙමින් ඒ අතිමහත් පිරිවැය දරා "මහරජ ගැමුණු" නිෂ්පාදනය කළේ කථිකාචාර්ය ගුණපාල රත්නසේකරයන්ය. මේ 'දිවයින සිනමා කළා සංග්‍රය' මෙරට සිනමා කර්මාන්තය සහ "මහරජ ගැමුණු" පිළිබඳ ගුණපාල රත්නසේකර සමග කළ කෙටි සංවාදයකි.

ඔබ ගුරුවරුයෙක්‌. ඔබේ ක්‍ෂේත්‍රයෙන් පරිබාහිරව සිනමා පටයක්‌ නිෂ්පාදනය කරන්න පෙළඹුණේ ඔබ සිනමා ලෝලියෙක්‌ නිසාවත්ද?

ඇත්තටම මම සිනමා ලෝලියෙක්‌ නෙමෙයි. මම චිත්‍රපටයක්‌ බැලුවනම් ඒකත් කලාතුරකින්. හැබැයි මම සිනමා ලෝලියෙක්‌ නොවුණට කරුණු කිහිපයක්‌ නිසා ගැමුණු රජතුමාගේ චරිතයට ඇළුම් කරන ආදරය කරන කෙනෙක්‌. ඒකට ප්‍රධාන හේතුව අපට උරුම මේ නිර්මල බුදු දහම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වුණාට, අපට ඒ වටිනා දහම අද කාලේ මේ විදියට ලැබෙන්න ඒක ආරක්‍ෂා කරල දුන්නේ ගැමුණු රජතුමා. ඒක තමයි පළවෙනි කාරණය. අනික අපිට ඉතිහාසයේ වටිනාකම් ගැන එහෙම හැඟීමක්‌ තිබුණට අද ඉන්න පාසල් දරු දැරියන්ට අපේ රට ජාතිය බේරල දුන්න වීරයකු ගැන එහෙම හැඟීමක්‌ නෑ. ඉතිං රට ජාතිය ගොඩනැඟූ ඉතිහාසය ගැන අවබෝධයක්‌ හැඟීමක්‌ නැත්නම් එයා මේ රටටත් ජාතියටත් ආදරය කරන්නෙ නෑ. ඒ නිසා මම හිතුවා දරුවන්ගෙ ඒ ආකල්ප වෙනස ඇතිකරන්න මේ මහරජ ගැමුණු චිත්‍රපටය සැලකියයුතු දායකත්වයක්‌ දක්‌වයි කියල. අන්න ඒ පරමාර්ථයෙන් තමයි කිසිත් ලාභ අපේක්‍ෂාවකින් තොරව මහ රජ ගැමුණු නිෂ්පාදනයට මා පෙළඹුණේ. ඒක මේ චිත්‍රපටය පටන්ගන්නකොටත් මම කිව්වා.

ඔබේ පිළිතුරත් එක්‌ක මම දැන් අහන්නේ නෑ මේ වගේ දැවැන්ත සිනමා පටයක්‌ නිෂ්පාදනය කරන්න බයක්‌ තිබුණෙ නැද්ද කියා. නමුත් ඔබ මේ සිනමා පටය ගැන අර්ථපතියා වශයෙන් දැන් සෑහීමකට පත්වෙනවද?

සිනමා පටය ගැන මම සෑහීමකට පත්වෙනවා. නමුත් ඒ අපි අපේක්‍ෂා කළ පිරිසම නොවෙයි. බලපු පිරිසට වඩා බලයි කියා අපි අපේක්‍ෂා කළ නොබැලූ පිරිස වැඩියි. ඒ ගැන නම් මට ලොකු දුකක්‌ තියෙනවා. මොකද මේ සිනමා පටය නිෂ්පාදනයට අත තැබුවෙම පාසල් දරු දැරියන්ට අපේ ඉතිහාසයේ ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක්‌ ගැන වැටහීමක්‌ හැඟීමක්‌ ලබාදීමේ අරමුණ ඇතිව. ඉතිං හතළිස්‌ ලක්‍ෂයක්‌ පමණ වන අපේ පාසල් දරු දැරියන්ගෙන් විශාල පිරිසකට මේ අගනා නිර්මාණය විඳගැනීමට බැරිවුණා. එමගින් මගේ මූලික පරමාර්ථය බිඳවැටීම ගැන නම් දුකයි.

මහරජ ගැමුණු කියන්නෙ පාසල් පෙළ පොත්වල පවා උගන්වන සිංහල රාජ වංශයේ සුවිශේෂී චරිතයක්‌. පසුගිය වකවානුවේ තිරගත වූ ඉතිහාස කතා ඇතුළත් නිර්මාණ සියල්ලම පාහේ විශේෂ පාසල් දර්ශන මගින් දරුවන්ට නැරඹීමේ හැකියාව ලැබුණා. එසේ තිබියදී ඇයි මෙවැනි විෂයානුබද්ධ කතාවක්‌ පාසල් දරු දැරියන්ට එසේ පෙන්වීමට අපොහොසත් වුණේ.

එය මගේ හෝ අධ්‍යක්‍ෂවරයාගේ වරදක්‌ නොවෙයි. ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මම සිනමා ශාලා තුළ පාසල් දර්ශන පැවැත්වීමට අවසර ඉල්ලුවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මට ඒ අවසරදීම ප්‍රතික්‍ෂේප කළා. එය ප්‍රතික්‍ෂේප කළේ ප්‍රතිපත්තිමය තීරණයක්‌ මත කියලයි ඔවුන් සඳහන් කළේ. හැබැයි පළාත් සභාවලට අයත් පාසල්වලට චිත්‍රපටය නැරඹීමට පළාත් සභාවලින් අවසර ලැබුණා. ඒ අනුමානය ලැබී තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලිපියක්‌ එවා තිබුණා මොනම හේතුවක්‌ නිසාවත් චිත්‍රපටයක්‌ පෙන්වීම සඳහා සිසුන් යොමු නොකළ යුතු බව හඟවමින්. ඒ සඳහා ඔවුන් පෙන්වා දී තිබුණේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවීම සහ දෙමාපියන්ට අතිරේක වැය බරක්‌ වීම යන කරුණු. ඇත්තටම මට තේරෙන්නෙ නෑ ළමයින් උගතයුතු ඉතිහාස කතාවක්‌ කොහොමද අධ්‍යාපනයට බාධා වෙන්නෙ කියල. අනික පාසල් දර්ශන නොමැතිවීමයි දෙමාපියන්ට අතිරේක වැය බරක්‌ ඇතිවෙන්නෙ. මොකද ඒ නිසා ළමයින්ට මේක පෙන්වන්නත් ඔවුන්ටත් වෙනමම ප්‍රවේශපත්‍ර අරන් සිනමාහල්වලට යන්න වෙනවා. කෙසේ හෝ අවසානයේ බොහෝ දරු දැරියන්ට මේ නිර්මාණය දැක බලා ගැනීමේ අවස්‌ථාව නැති වී ගියා. හැබැයි එහෙම වුණත් ටයිටැනික්‌ චත්‍රපටය නරඹන්න මේ රටේ පාසල් දර්ශන තිබුණා. මට මතකයි තමන්ගේ චිත්‍රපටය ඉතිහාසය නොවේ ඉතිහාසය ඇසුරෙන් නිර්මාණය කළේ යෑයි සමහර අධ්‍යක්‍ෂවරු අවංකවම සඳහන් කළ චිත්‍රපටවලටත් පාසල් දර්ශන දුන්නා. ඒත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වසර ගාණක්‌ ගවේෂණය කරලා මහා වංශය, ථූපවංශය වගේ පොත්පත් කියවල ඉතිහාසය හාර අවුස්‌සල කරපු මහරජ ගැමුණු විශිෂ්ට නිර්මාණය ළමයින්ට දැකබලා ගැනීමට නොහැකි වීම නම් මහා අභාග්‍යයක්‌.

ඔබට දැන් ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳවත් යම් අවබෝධයක්‌ ඇති. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්‌ විදියට සිනමා කර්මාන්තය ඔබට දැනුණේ කොහොමද?

චිත්‍රපටයේ නිෂ්පාදකයා තමයි අවසානයේ මෙහි තිබෙන දුක්‌ කරදර අසීරුතා විඳින පුද්ගලයා. මොකද නිර්මාණයක්‌ හදල ඉවර වෙද්දි කලාකරුවන්ට අනෙකුත් ශිල්පීන්ට එකඟ වූ මුදල් ගෙවල ඉවරයි. චිත්‍රපටය තිරගත වෙනකොට චිත්‍රපට ශාලාවලටත් සෑහෙන ආදායමක්‌ ලැබෙනවා. බෙදාහැරීමේ ආයතනවලටත් කිසි ප්‍රශ්නයක්‌ නෑ. සැලකියයුතු ආදායමක්‌ ලැබෙනවා. අවසානයට හිරවෙන්නෙ නිෂ්පාදකයා. විශේෂයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක්‌ කරද්දි ඒ නිෂ්පාදකයා ගන්න අතිමහත් වූ අවදානම යම් ආකාරයකට සමනය කරන්න ක්‍රම වේදයක්‌ තියෙන්න ඕන. උදාහරණයක්‌ විදියට දැවැන්ත නිෂ්පාදක වියදම යම් සීමාවක්‌ ඉක්‌මවයාම නිෂ්පාදකයාට පිරිවැය පියවෙනතෙක්‌වත්. ඒ චිත්‍රපටයේ ආදායමෙන් යම් වැඩිපුර ප්‍රතිශතයක්‌ හරි ලැබෙන විදියක්‌ තියෙනවනම් ඒක දැවැන්ත නිෂ්පාදන බිහිවෙන්න රුකුලක්‌ වෙනවා. එහෙම නැත්නම් වෙන්නෙ මම වගේ ලාභ අපේක්‍ෂාවකින් තොරව මේ වගේ නිර්මාණයක්‌ කරනවා හැරෙන්න කවුරුවත් දැවැන්ත හොඳ නිර්මාණයකට අතගහන්නෙ නැතිවෙයි.

ඔබ අපේක්‍ෂිත පිරිසට මේ නිර්මාණය දැක බලා ගැනීමට නොහැකි වූ බව සඳහන් කළා. සිනමාහල්වලින් චිත්‍රපටය ගැලවුණත් ඒ පිරිසට සිනමාපටය නැරඹිය හැකි විකල්ප ක්‍රමවේදයට නොයන්නෙ ඇයි?

ඇත්තටම දැනටමත් අපි ඒ සඳහා වැඩපිළිවෙළක්‌ යොදල තියෙන්නෙ. විශේෂයෙන් මගේ අපේක්‍ෂාව වුණේ මේ රටේ දරු දැරියන්ට මේ නිර්මාණ දැක බලා ගැනීමේ අවස්‌ථාව සලසන්න. ඒ සඳහා යම්කිසි සංවිධානයකින් හරි පන්සලකින් හරි කවුරුහරි අපිට ඉල්ලීමක්‌ කළොත් විශේෂ දර්ශන ලබාදීමේ වැඩපිළිවෙළක්‌ අපි අරඹනවා.

ඔබ නැවත චිත්‍රපට නිෂ්පාදනය නොකරන තීරණයකද ඉන්නෙ?

නෑ... මම එහෙම තීරණයක්‌ අරගෙන නෑ. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වගේ අධ්‍යක්‍ෂවරයෙක්‌ එක්‌ක මට මේ වගේ නිර්මාණයක්‌ කරන්න ලැබීම භාග්‍යයක්‌. මට ඒ වගේ හොඳ නිර්මාණයක්‌ ආවොත් නැවතත් මම චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරයි.

තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2015/04/24/cineart03.html

සබැඳි ලිපි -
[

"මහරජ ගැමුණු" නොබැලූ දෑස කුමටද?"http://denethharinna.blogspot.com/2015/03/blog-post_31.html
'මහරජ ගැමුණු' දුටු ගැමි තරුණයන්ගේ හෘද සාක්‌ෂිය
http://denethharinna.blogspot.com/2015/03/blog-post_46.html
"මහරජ ගැමුණු" වෙතින් සහෘද ජනතාවට පිරිනැමෙන්නේ වෛරය නොව, ආදරයයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_96.html"මහරජ ගැමුණු" - මේ ඔබේම කථාවයි! මහා ඉතිහාසයක උරුමකරුවනි, ඔබේ සමවැදීම අත්‍යාවශ්‍යයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_91.htmlවීරත්වය මනුශ්‍යත්වය පමණකින්ම ඔපකළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය - මහරජ ගැමුණුhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_9.html"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...http://denethharinna.blogspot.com/2014/02/blog-post_8475.htmlජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]

ප්‍රමිතියට නැති බෞද්ධ කොඩි හා අටපිරිකර වික්‌කොත් වැඩ වරදී

එළැඹෙන වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි, වෙසක්‌ සැරසිලි හා අටපිරිකර අලෙවි කරන ස්‌ථාන වැටලීමට ඊයේ (23 වැනිදා) සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි බෞද්ධ කොඩි නිල්, කහ, රතු, සුදු, තැඹිලි යන වර්ණ 5 හා අනුපිළිවෙළ නිවැරදි අයුරින් සඳහන් වී තිබීම අනිවාර්ය කර තිබේ. ඇතැම් වෙළෙඳ සල්වල බෞද්ධ කොඩි වැරදි ආකාරයෙන් ඔසවා තබා අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

අටපිරිකර මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබඳව වඩා අවධානය යොමු කරන ලෙස ද, එහි ඇති පාත්‍ර, දැලි පිහිය ඇතුළු උපකරණ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසට පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි. 

ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි, වෙසක්‌ සැරසිලි හා අටපිරිකර සම්බන්ධයෙන් 1977 හෝ 011-3134446-8 යන දුරකථන අංකවලට හෝ තම ප්‍රදේශයේ පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙස සභාපති රූම් මර්ෂුක්‌ මහතා පවසයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2015/04/24/news01.html

Pic Source

මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට විධායක සභාව එකඟතාව

මන්ත්‍රීවරුන් 238 දෙනෙකු තෝරා ගත හැකි වන පරිදි කොට්‌ඨාස ක්‍රමය හා සමානුපාත ක්‍රමය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට ඊයේ (23 දා) රැස්‌ වූ ජාතික විධායක සභාව එකඟ වී ඇත.

එක්‌ කොට්‌ඨාසයට එක්‌ මන්ත්‍රීවරයෙකු බැගින් තෝරා ගැනීමටත් බහු ආසනවලට අමතර මන්ත්‍රීවරයෙකු බැගින්ද දේශපාලන පක්‍ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයන්ට සමගාමීව මන්ත්‍රීධුර ප්‍රමාණයක්‌ හා ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුර ප්‍රමාණයක්‌ද මෙම ප්‍රමාණයට ඇතුළත් බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (23දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ක්‍රමය මගින් සීමා නිර්ණය වීමක්‌ අවශ්‍ය නොවන බවත් හැකි ඉක්‌මනින් ක්‍රියාත්මක කළ හැකි බවත් හෙතෙම කීය.

19 හා 20 සංශෝධන දෙකම සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලාපොරොත්තු වන බව කී ඇමැතිවරයා මීළඟ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්වීමටද බලාපොරොත්තු වන බව කීය.

මේ අතර මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීමට අදාළ යෝජනාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (22 දා) ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මෙම යෝජනාව පදනම් කරගෙන සියලු පාර්ශවයන්ගේ අදහස්‌ ලබාගෙන නව මැතිවරණ ක්‍රමයට අදාළ ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරිපත් කිරීමටද ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/04/24/news20.html

Pic Source

අනුමත කළ තරාදියක්‌ සෑම වෙළෙඳසලකම අනිවාර්යයි

ඕනෑම භාණ්‌ඩයක බර කිරා මැන බැලීම සඳහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් අනුමත කළ තරාදියක්‌ සෑම වෙළෙඳ සලකම භාවිතා කිරීම අනිවාර්ය කරමින් ගැසට්‌ නිවේදනයක්‌ රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෙම ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සෑම වෙළෙන්දකු විසින්ම තම වෙළෙඳ සලෙහි/මධ්‍යස්‌ථානයෙහි ප්‍රකටව පෙනෙන කොටසක හෝ ස්‌ථානයක, පාරිභෝගිකයාට අවශ්‍ය වේ නම්, ඔවුන් විසින් මිලදී ගනු ලබන කිසියම් හෝ භාණ්‌ඩයක බර මිලදී ගැනීමට පෙර/පසු කිරා බැලීම සඳහා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් නිරවද්‍යතාවය ප්‍රත්‍යක්‍ෂණය කරන ලද තරාදියක්‌ තැබිය යුතු බවට සියලු වෙළෙඳුන් වෙත නියෝග කරනු ලබන බවට අදාළ ගැසට්‌ නිවේදනයේ සඳහන් වෙයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2015/04/24/news24.html

Pic Source

ආන්දෝලනාත්මක කුරගල පල්ලිය වෙනත් තැනකට???

කූරගල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පාර්ශව කිහිපයක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මේ අතර කූරගල පුරාවිද්‍යා භූමියේ පිහිටි මෙම පල්ලිය ඉවත් කරන ලෙස ඉල්ලමින් පසුගියදා සිංහල රාවය සංවිධානයේ පිරිසක් විරෝධතාවක ද නිරතවුණා. පසුව පොලීසිය විසින් ජල ප්‍රහාරයක්ද එල්ල කර එම පිරිස විසුරුවීමටයි පියවර ගෙන තිබුණේ.

මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඓතිහාසික වැදගත්කමකින් යුත් කූරගල ප්‍රදේශයේ කැණීම් කටයුතු  සිදුවන්නේ නිවැරදි ක්‍රමවේදයකට අනුව බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.

www.hirunews.lk

සබැඳි ලිපි -
[
කූරගලට ගැසූ පොලිස්‌ තුරුම්පුවhttp://denethharinna.blogspot.com/2015/04/blog-post_20.html
බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණයhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_58.html
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]