ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි බෞද්ධ කොඩි නිල්, කහ, රතු, සුදු, තැඹිලි යන වර්ණ 5 හා අනුපිළිවෙළ නිවැරදි අයුරින් සඳහන් වී තිබීම අනිවාර්ය කර තිබේ. ඇතැම් වෙළෙඳ සල්වල බෞද්ධ කොඩි වැරදි ආකාරයෙන් ඔසවා තබා අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.
අටපිරිකර මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබඳව වඩා අවධානය යොමු කරන ලෙස ද, එහි ඇති පාත්‍ර, දැලි පිහිය ඇතුළු උපකරණ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසට පාරිභෝගික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි, වෙසක් සැරසිලි හා අටපිරිකර සම්බන්ධයෙන් 1977 හෝ 011-3134446-8 යන දුරකථන අංකවලට හෝ තම ප්‍රදේශයේ පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙස සභාපති රූම් මර්ෂුක් මහතා පවසයි.
ලසිත දුමින්ද
http://www.divaina.com/2015/04/24/news01.html
Pic Source
0 comments:
Post a Comment