Pages

Wednesday, July 31, 2013

2/3ක බලයක් තියෙන මේ ආණ්ඩුවට පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වුවත් එය කරන්නේ නෑ - මල්වතු මහ නාහිමියෝ

තුනෙන් දෙකක බලයක් තිබෙන මේ ආණ්ඩුවට ඒ බලය යොදවා පළාත් සභා අහෝසි කරන්න පුළුවන් වුණත් එසේ කරන්නේ නැතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ප්‍රකාශ කරති. ජනාධිපතිතුමාට විධායක බලය තිබුණාට අවශ්‍ය දේට ඒ බලය යොදවන්නේ නැතැයි සඳහන් කරන මහ නාහිමියෝ, හැබැයි අනවශ්‍ය දෙයට විධායක බලය යොදවන බව අපට පේනවායි ද පවසති.

මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් මේ බව සඳහන් කෙළේ 13 වැනි ව්‍යවස්ථාව හා පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි තෛ්‍ර නිකායික මහ නාහිමිවරුන් වහන්සේ එක්ව රජයට සංඝ ආඥාවක් නිකුත් කිරීමට පියවර ගන්නැයි බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මල්වතු මහ නාහිමියන් හමුවී කළ ඉල්ලීමකදීය.

තෛ්‍ර නිකායික මහ නාහිමියන්ගේ කැමැත්තට අනුව ඒකාබද්ධ සංඝ ආඥාවක් නිකුත් කිරීමට මල්වතු මහ නාහිමියන් එකඟ වූ බව ඥානසාර හිමියෝ මාධ්‍යයට පැවැසූහ.

රජය රටට ජනතාවට හිතකර තීරණ සැමවිටම ගතයුතු බව අනුශාසනා කළ මල්වතු නාහිමිපාණන් පැවැසුවේ බොහෝ අවස්ථාවල තමන් වහන්සේ ප්‍රකාශ නිකුත් කළත්, ඒවාට අවධානයක් යොමු නොකරන බවයි. 
පළාත් සභා පමණක් නොව රටට අහිතකර සියලු දේ සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුයි. පළාත් සභා තිබුණාට රටට සිදුවන යහපතක් නෑ. සිදුවන්නේ මහා මුදල් විනාශයක් බව පැවැසූ මල්වතු මහ නාහිමියෝ මෙසේද කීහ.

පළාත් සභාවලට තේරී පත්වන බොහෝ මන්ත්‍රිවරුන් කරන එකම දෙය නම් තවත් වසර හතරකින් එළැඹෙන මැතිවරණ සඳහා වියදම් කිරීමට මුදල් හොයන එකයි. මුදල් සොයන්නේ සාධාරණ විදියටද, අසාධාරණ විදියටද කියන එක ඒ මන්ත්‍රිවරුන්ට වැඩක් නැහැ. මොන ක්‍රමයෙන් හරි මනාප සටන සඳහා මුදල් හම්බ කිරීම මේ අයගේ එකම බලාපොරොත්තුවයි. ජනතාවගේ හෝ රටේ ප්‍රශ්න ඒ අයට වැඩක් නැහැ.

මල්වතු මහා නාහිමියන් හමුවේ අදහස් පළ කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.
ඉන්දියාවේ අවශ්‍යතාව මත පැන නැඟුණු පළාත් සභා රටට මහා විනාශයක්. මේවාගෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. දේශපාලනඥයන් හා ඔවුන්ගේ පවුල්වල හා හිත මිතුරන් පෝෂණය වීම පමණයි මේ මඟින් සිදු වෙලා තියෙන්නෙ. සබරගමුවේ මහ ඇමැති මහීපාල හේරත්ට පමණක් වාහන 32ක් තියෙනවා.

මේකයි පළාත් සභාවල සැබෑ තත්ත්වය. රටේ අනෙක් පළාත් සභා මධ්‍යම රජය කියන දෙයකට හිස නමාගෙන සිටියත් උතුර හා නැඟෙනහිර පළාත් සභා කොහොමටවත් ඒ විදියට ඉන්නේ නැහැ. මහ ඇමැතිකම ලැබෙන්නත් ඉස්සරවෙලා හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු විග්නේශ්වර්න් ප්‍රකාශ කරනා දේවල්වලින් ඒ බව හොඳටම පැහැදිලි වෙනවා. එයා මධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා පළාත් සභාවලට දැන් තිබෙනා බලය කිසිසේත්ම නොසෑහෙන බව. ඉඩම්, පොලිස් බලතලවලටත් එහා ගිය බලය එයා ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වෙනවාලු. ශ්‍රී ලංකා රජයෙන් නොලැබුණොත් ඉන්දියාව හරහා ලබා ගන්න උත්සාහ කරනවාලු.

මහනුවර - කමල් සුරවීර
http://www.mawbima.lk/86-31256-news-detail.html

අනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එප්පාවල කටියාව ප‍්‍රදේශයේ දාගැබක සිදුකරන කැණීමකදී අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් දුර්ලභ සිතුවම් කිහිපයක් සොයාගෙන තිබේ.

නාවාගල රජමහා විහාරය ආශි‍්‍රතව මෙම කැනීම් සිදු කෙරැණු අතර සොයාගත් සිතුවම් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් කැනීම් නිලධාරී ඒ ඒ විජේරත්න මහතා පවසයි.

ජනතාවට දැකබලා ගත හැකි පරිදි සිතුවම් සංරක්ෂණය කෙනෙ බවද ඒ මහතා සඳහන් කරයි.

July 29, 2013 at 2:06 am | lanka C news
http://lankacnews.com/sinhala/other-news/98281/

[
සබැඳි ලිපි -
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.html
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

උතුරු පළාත් සභා - මන්නාරමට සිංහල නියෝජනයක් නෑ

මන්නාරම දිස්ත‍්‍රික්කයට සිංහල අපේක්ෂකයෙකු ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම නිසා උතුරු පළාත් සභාව තුළ මන්නාරම දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාවගේ ගැටලූ ගැන කතා කිරීමට නියෝජිතයෙකු නොමැති වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්නාරම් දිස්ත‍්‍රික්ක ආසන සබ්බන්ධීකාරක ඩබ්ලිව්. එම්. පත්මසිරි මහතා සදහන් කරයි.

උතුරු පළාත් සභාව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් තරග කිරීමට අපේක්ෂකත්වය ඉල්ලා එම පක්ෂයේ සාමාජිකයන් තුන්දෙනෙකු ඉල්ලූම් කළත් ඒ කිසිදු ඉල්ලීමකට අවස්ථාව ලබාදී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

මන්නාරම දිස්ත‍්‍රික්කයෙන් සිංහල නියෝජනයක් නොමැතිවීමත් සමග එම දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාවට ඇතිවන ගැටලූ පිළිබදව පළාත් සභාව තුළ කිසිදු කථා බහක් ඇති නොවන බවද හෙතෙම වැඩිදුරටත් පවසා  සිටියේය.

July 31, 2013 at 12:35 pm | lanka C news

මාතලේ පන්සල් 75ක්‌ වැසී යැමට ආසන්න වෙලා. නමුත් ප්‍රදේශය තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබෙනවා. - ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ විහාරස්‌ථාන 375 ක්‌ තිබෙනවා. ඉන් 75 ක්‌ම ප්‍රදේශයේ දේශපාලනඥයන් සිය වගකීම් ඉටු නොකිරීම නිසා අවාසනාවන්ත ලෙස වැසී යැමට ආසන්න වෙලා. පසුගිය වසර තුනක කාලය තුළ මම විහාරස්‌ථාන 60 ක්‌ සංවර්ධනය කිරීමට ආධාර උපකාර කර තිබෙනවා. මේ වසරේ පමණක්‌ ලක්‌ෂ 200 ක්‌ පුද්ගලික මුදල් ලබාදී තිබෙනවා. දිස්‌ත්‍රික්‌කයේ නායක ස්‌වාමීන් වහන්සේලා ඊට සාක්‌ෂි දරනවා ඇති. දැන් ප්‍රදේශය තුළ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබෙනවා යෑයි මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා සංවර්ධන කමිටු සභාපති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එම අදහස්‌ පළකළේ පසුගියදා ගලේවෙල, මැදබැද්ද බෝධිමලු විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සංඝාවාසයේ ඉතිරි වැඩ කොටසේ වැඩ කටයුතු කිරීම සඳහා මුල්ගල් තැබීම හා ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවවලට සහභාගි වීමෙන් අනතුරුව පැවැති රැස්‌වීමකදීය. 

ඇතැම් දේශපාලනඥයන් තම නිවසට වඩින භික්‌ෂුන් වහන්සේලාට දොර වසා දමනවා. දඩයක්‌ ගහන්න එන්නේ කියනවා. ඒ විදියට නින්දිත කටයුතු කරන දේශපාලනඥයන් ඉන්නවා. භික්‌ෂුන් වහන්සේලා වැඩිම පිරිසක්‌ මා හමුවීමට එන්නේ දඹුල්ල, මාතලේ හා රත්තොට ප්‍රදේශවලින්. උන්වහන්සේලාගේ පන්සල් සංවර්ධනය කිරීමට මට හැකි අන්දමින් උදව් උපකාර කරනවා. දේශපාලනඥයකු වශයෙන් නොව බෞද්ධයකු ලෙස ඉදිරියටත් මම එම කටයුතුවලට සහාය දෙනවා. 

ගලේවෙල ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය වටවල ජනානන්ද, පූජ්‍ය මහඔය නන්දිස්‌සර යන හිමිවරුද මෙහිදී අනුශාසනා පැවැත්වූහ. දහම් පාසල් සිසුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මන්ත්‍රීවරයා ඇතුළුÊආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි. විශාල පිරිසක්‌ මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

ගලේවෙල විශේෂ - ජී. ගුණතිලක
http://www.divaina.com/2013/07/31/provin11.html

බුර්කා ඇඳගෙන රත්තරන් පවුම් 15 ක්‌ කොල්ල කාලා

පසුගිය දා එරාවුර් නගරයේ මුස්‌ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක්‌ බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ එරාවුර් නගරයේ රාත්‍රි කාලවල පොලිස්‌ ජංගම සේවා කටයුතු වැඩි කර ඇත. මඩකලපුවේ 27 දා පැවැති සොරකම් කිරීමේ සිද්ධියෙන් අනතුරුව පරීක්‍ෂණ කටයුතු වැඩි කළ බව පොලිසිය පැවසීය.

පසුගිය දා එරාවුර් නගරයේ මුස්‌ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක්‌ බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත.

ඉන් අනතුරුව රාත්‍රි මුර සේවා කටයුතු වැඩිවී ඇති බවද ගංජා විකිණීම වැනි සමාජ විරෝධී කටයුතු සිදුවන නිසා එරාවුර් නගරය අවට නගරවල ජංගම සේවා කටයුතු සිදු වේ.

සැකකකරුවන් ගැන තොරතුරක්‌ ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්‌ කෙරේ.

මඩකලපුව - ජවුµර් කාන්
http://www.divaina.com/2013/07/31/provin05.html

තලෙබාන්වරු පාකිස්‌තාන බන්ධනාගාරයකට පහරදී සිරකරුවන් 240 ක්‌ මුදා ගනිති


තලෙබාන් සාමාජිකයන් වයඹදිග පාකිස්‌තානයේ බන්ධනාගාරයකට පහරදී සිරකරුවන් 240 ක්‌ මුදාගෙන ඇත.

දෙරා ස්‌මයිල් ඛාන් නගරයේ බන්ධනාගාරයක්‌ මෙලෙස ප්‍රහාරයට ලක්‌වී ඇත.

පොලිස්‌ නිල ඇඳුමින් සැරසුණු තලෙබාන් සටන්කාමීන් 70 දෙනෙක්‌ මෙම ප්‍රහාරයට සම්බන්ධවී සිටි බව මාධ්‍ය වාර්තා කීය.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙක්‌ මියගොස්‌ ඇති අතර එයින් හයදෙනෙක්‌a පොලිස්‌ නිලධාරීහු වෙති.

පළාගිය පිරිස අතර දරුණු ගණයේ ත්‍රස්‌ත සාමාජිකයින් 30 දෙනෙකු සිටින බව එරට රජය කියයි.

http://www.divaina.com/2013/07/31/forign01.html

13 ට එරෙහිව සංඝාඥාවක්‌ නිකුත් කරන්නැයි මහ නාහිමිවරුගෙන් ඉල්ලා සිටිනවා - ඥානසාර හිමි

දේශයට, ජාතියට මහා අභියෝගයක්‌ව පවතින 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස ප්‍රකාශ කරමින් සංඝාඥාවක්‌ නිකුත් කරන ලෙස මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණෝ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් ඊයේ (30 දා) පැවසූහ.

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ලෙස මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‌ෂකයාගේ ප්‍රකාශ ඉතා භයානක බව ඥානසාර හිමියෝ පැවසූහ.

13 වැනි සංශෝධනයට ශ්‍රී ලංකාවේ සියලුම බෞද්ධ හා දැහිතැති ප්‍රජා සංවිධාන ද විරෝධය පළකරන බව පැවසූ ඥනසාර ස්‌වාමීන් වහන්සේ මෙම සියලු සංවිධාන සහ මහා සංඝරත්නය ඒකාබද්ධව මහනුවරදී පවත්වන අධිෂ්ඨාන පූජාවකදී 13 වැනි සංශෝධන අහෝසි කරන ලෙස දන්වා සංඝාඥාවක්‌ නිකුත් කිරීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අවසරය ඉල්ලා සිටින බව ඥනසාර ස්‌වාමීන් වහන්සේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

ඉඩම් සහ පොලිස්‌ බලතලවලටත් වඩා බලතල උතුරු පළාත් සභාවට ලබා ගැනීමට කටයුතු කරන බවට මේ වන විටත් උතුරු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‌ෂක කර තිබෙන ප්‍රකාශය ඉතා බලගතු මෙන්ම රටේ ඒකීය භාවයට අභියෝගාත්මක බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්aසේ අදහස්‌ දක්‌වමින් විධායක ජනාධිපති බලතල අවශ්‍ය වේලාවට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කළයුතු බව පැවසූහ.

බොදු බල සේනා සංවිධානයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක මඩවල ජනමංගලාරාමාධිපති පූජ්‍ය ලියන්වල ශාසනරතන සහ පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනවාසී පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම යන ස්‌වාමීන් වහන්සේලාද මෙම අවසAථාවට සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර 
http://www.divaina.com/2013/07/31/news26.html

ඉඩම් පොලිස්‌ බලතල පළාත් සභාවලට දෙන්නේ නැහැ - ජනපති

උතුරු පළාතේ මහ ඇමැති ලෙස කවුරු පත්වුණත් ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවට ලබා නොදෙන නිසා රටට අනතුරක්‌ වීමට ඉඩ නැති බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30 දා) අරලියගහ මන්දිරයේ පැවැති විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පුවත්පත් කතුවරුන්ගේ හමුවේදී සඳහන් කළේය.

දෙමළ සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක විග්නේශ්වරන් මහතා උතුරු පළාත් සභාවේ ජයග්‍රහණය ලබාගතහොත් පොලිස්‌ හා ඉඩම් බලතල ලබා ගන්නා බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් පැවසුවේ 'කලබල වෙන්න එපා, රටට අහිතකර දෙයක්‌ මා අතින් සිදුවන්නේ නැහැ තවම පළාත් සභාවලට බලතල ලබා නොදී තිබියදී එවැනි බියක්‌ ඇති කරගත යුතු නැහැ' යනුවෙනි.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවකාශ ලැබීම, රටක්‌ වශයෙන් අප ලද ගෞරවයක්‌ හා අභිමානයක්‌ බවත් එමගින් අපේ රට පිළිබඳව ජගත් ප්‍රජාවට පැහැදිලි හා යහපත් චිත්‍රයක්‌ ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම සමුළුව පිළිබඳව විපක්‍ෂය මෙන්ම මාධ්‍යවලින් ද වැඩිපුරම පළවන්නේ එයින් රටට කිසිදු ප්‍රතිලාභයක්‌ නොලැබෙන බව සඳහන් පුවත් පමණක්‌ බව ද ජනාධිපතිවරයා කීවේය. එය ඉතා ප්‍රතිගාමී අදහසක්‌ බව සඳහන් කළ ජනාධිපතිවරයා මාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක්‌ කරමින් පෙන්වා දුන්නේ එය රජයට නොව මේ මව්බිමට ලැබෙන ගෞරවයක්‌ බවය. තිස්‌ වසරක දීර්ඝ යුද්ධයක නිරත වී එයින් විජයග්‍රහණය ලද රටක්‌ යළි පිබිදෙමින් සිටින ආකාරය ලෝක ජන නායකයන්ට දැකබලා ගැනීමට එමගින් සුවිශේෂ අවස්‌ථාවක්‌ ලද බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එනිසා මාධ්‍යකරුවන් ලෙස ඔබ මේ පිළිබඳව සාධනීය ආකල්පයකින් විමර්ශනශීලීව බැලීම අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් වූ ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, මෙම සමුළුව පිළිබඳ අපට ලැබෙන තොරතුරුත් ප්‍රමාණවත් නෑ. ඒ වගේම අප දන්නා පරිදි මේ සඳහා විශාල මුදලක්‌ වැය කළ යුතු වෙනවා. වාහන, නවාතැන් ආදියට යන මුදල් සම්භාරය අධිකයි.

ජනාධිපතිවරයා - එය වැරදි අදහසක්‌. රටක රාජ්‍ය නායක සමුළුවක්‌ පැවැත්වීම යනු ඒ රටට ලැබෙන ගෞරවයක්‌. 

මෙහිදී රාජ්‍ය නායකයා ඇතුළු තිදෙනෙක්‌ සඳහා පමණයි ශ්‍රී ලංකා රජය විය හියදම් දරන්නේ. අනෙක්‌ නියෝජිතයන්, ඒ වගේම වෙළෙඳ ප්‍රජාව, ආයෝජකයන් වගේ විවිධ පිරිස්‌ ඔවුන්ගේ වියදමින් තමා මේ රටට එන්නේත්, මෙහි රැඳී සිටින්නේත්. ඇත්තටම අපට දැනට තිබෙන සංචාරක හෝටල් ප්‍රමාණයේ වුණත් කාමර මදි.

අනික ඔබ විමසූ වාහන පහසුකම් අප දෙන්නේ ලෝකයේ රාජ්‍ය නායකයන්ට. ඒ අයට අඩු පහසුකම් දීම හරිද? එයින් හෑල්ලු වන්නේ මේ රට. මාධ්‍යවේදීන් විදිහට ඔබටත් වගකීමක්‌ තිබෙනවා මේවා ධනාත්මකව දකින්න. තවම සමහරු හිතන්නේ මේ රට කලබලකාරී ගැටුම් සහිත රටක්‌ කියල. ඉතින් ඒ අය ඇස්‌ දෙකින්ම දකිනවා අපේ රට දැන් කොතනද තියෙන්නේ කියලා.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, වයඹ මහ ඇමැති ගැන ප්‍රශ්නයක්‌ තියෙනවා වගෙයි. හිටපු මහ ඇමැති කියනවා එයා තමා මහ ඇමැති බව. දයාසිරි කියන්නේ එයා මහ ඇමැති බවයි.

ජනාධිපතිවරයා (සිනාසෙමින්) - ඒව සාමාන්‍ය දේවල් නෙ. මේ අය කරන්නෙ දේශපාලනයක්‌. දැන් පහුගිය ප්‍රාදේශීය ඡන්දවලදී ඔක්‌කොම කිව්වෙ තමන් සභාපති බවනෙ. එක්‌කෙනාට නේ ඒ පදවිය හිමිවන්නේ. අපි ඡන්දෙ දිනුවට පස්‌සෙ බලමු. මහ ඇමැති කවුද කියල කියන්න දැන් වේලාසන වැඩියි.

මාධ්‍යවේදියෙක්‌ - මොකක්‌ද ජනාධිපතිතුමනි මහ ඇමැති තෝරන ක්‍රමවේදය. වැඩිම මනාපයට ද දෙන්නෙ.

ජනාධිපති - එහෙමත් පුළුවන්. නැත්නම් පක්‍ෂයට තීරණය කරන්න පුළුවන් සුදුසුකම්, හැකියාව එහෙම බලල කාටද දෙන්නේ කියල.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, එතුමාත් වයඹ ඡන්දදායකයෙක්‌. ඒකයි ඔච්චර හාර හාර අහන්නේ?

ජනාධිපතිවරයා (සිනාසෙමින්) - ඔයා මට හෙමින් සැරේ කියන්නකො ඔයාගෙ මනාපෙ කාටද කියල. එතකොට මං කියන්නම් කවුද මහ ඇමැති කියල.

මාධ්‍යවේදියෙක්‌ - මේ පාර දයා මාස්‌ටර් උතුරෙන් සන්ධානෙන් තරග කරනව කියල කතාවක්‌ තිබුණා. ඒ වුණාට එයාට zනොමිනේෂන්Z හම්බුවෙලා නැහැ නේද?

ජනාධිපතිවරයා (ඩලස්‌ ඇමැතිවරයා පෙන්වමින්) - මේ වැඩේට මං මැදිහත් වුණේ නෑ. හැබැයි දෙන්න තමයි තිබුණෙ. ඒත් දීල නෑ. අපි අහමු ඇමැතිතුමාගෙන්ම.

ඩලස්‌ ඇමැතිවරයා - ඇත්තටම ශ්‍රීලනිපයෙන් විශාල අයෑදුම්කරුවන් සංඛ්‍යාවක්‌ හිටියා. 12 ක්‌ තෝරන්න හැට ගණනක්‌ ඉදිරිපත් වුණා. ඒ අනුව ඉහළම සුදුසු අය අප තේරුවේ. ඒ ප්‍රශ්නය හැමතැනම තිබුණ. හැබැයි දයා මාස්‌ටර් අපට උදව් කරනවා.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, තවත් ආණ්‌ඩුවට එන කට්‌ටිය එහෙම ඉන්නවද?

ජනාධිපතිවරයා - දැනට තාවකාලිකව දොර වහල තියෙන්නෙ. හැබැයි උතුරෙ ටී එන් ඒ එකේ හිටපු අය නම් කීපදෙනෙක්‌ එනව.

මාධ්‍යවේදියෙක්‌ - පළාත් සභාවලට පොලිස්‌ බලතල හා ඉඩම් ලබාදීම පිළිබඳව දැනටමත් විවාදයක්‌ තියෙනවා. උතුරේ ජයග්‍රහණය කළොත් දෙමළ සන්ධානය ඒ බලතල ලබාගන්නා බවට රජයේම සමහරුන් කියා තිබෙනවා.

ජනාධිපතිවරයා - කලබල වෙන්න එපා. ව්‍යවස්‌ථාව අනුව ක්‍රියා කිරීමනෙ කවුරුත් කරන්නෙ. මේ පිළිබඳව මා දරන ස්‌ථාවරයේ කිසිම වෙනසක්‌ නෑ. රටට නරක දෙයක්‌ මා අතින් සිදුවෙන්නේත් නෑ. ඔය බලය අප ලබා දී නැහැනෙ. ඉතින් කොහොමද ඒව කරන්නෙ?

මාධ්‍යවේදියෙක්‌ - කෝප් වාර්තාව පෙන්වා දී තිබෙනවා මේ රටේ ආයතන ගණනාවක්‌ පාඩු පිට පවත්වාගෙන යන බව. රජයක්‌ විදිහට මේවා ගැන මොකද කියන්නේ?

ජනාධිපතිවරයා - ඔය කෝප් කමිටුව එදා ඉඳලම ඔය කරුණු ගැන සොයා බැලුවා. මට මතකයි බර්නාඩ් සොයිසා මහතා ඒ කාලේ විවිධ නිර්දේශ කළා. අදත් අපට නිර්දේශ කළ කරුණු ගැන අප සැලකිලිමත් වෙනවා. ඒවට පිළියම් යොදනවා.

මාධ්‍යවේදියෙක්‌ - ජනාධිපතිතුමනි, දැන් ඉන්දියාව අපට තදින් බලපෑම් කරනව නේද? මේ 13 සංශෝධනය ගැන?

ජනාධිපතිවරයා - බලපෑම් කියන දේ කවුද නොකරන්නෙ. දැන් බලන්න ඔය ජාත්‍යන්තරයෙ සමහරුන්ගේ එකම දේ අපට බලපෑම් කරන එකනෙ. අපි ඒ කාටවත් යට වෙන්නෙ නෑ. මා මෙතනදි රටවල නම් කියන්න යන්නෙ නෑ. හැබැයි මාව බලපෑම් කරල නවත්වන්න නං කාටවත් බෑ.

මාධ්‍යවේදියෙක්‌ - තවමත් අපේ උතුර නැගෙනහිර ධීවරයන්ට හරිම ප්‍රශ්න තියෙනවා. රස්‌සාවට යන්න බෑ. ඉන්දීය ධීවරයො ආක්‍රමණය කරනවා. ඒ අය අපේ මුහුදු සීමාවෙනුත් ඇතුළට එනව.

ජනාධිපතිවරයා - මං ධීවර ඇමැති විදිහට ඉන්නකොටත් ඒ ප්‍රශ්නය තිබුණා. හැබැයි කොටි මුහුද අල්ලගෙන සිටිනකොට ඒ තත්ත්වය උග්‍ර වුණා. දැන් ප්‍රශ්නය අඩුයි. අනික මෙහෙමනෙ ධීවරයන් ඔය මුහුqදු සීමාව දන්නව වුණාට මාළු ඒක දන්නෙ නෑනෙ. (සිනාසෙයි) ඉතින් මාළු එලව ගෙන දන්නෙම නැතුව එනවා. අපි රාජ්‍ය තාන්ත්‍රිකව ඒ ගැන නිතරම විමසා ගැටලු ලිහනවා.

මාධ්‍යවේදියෙක්‌ - අතුරුදන් වූ අය පිළිබඳ සෙවීමට කමිටුවක්‌ පත්කළාද? ඒ ගැන ජාත්‍යන්තරවත් අවධානය යොමුවී තිබෙනවා.

ජනාධිපතිවරයා - මා තමා මේ රටේ අතුරුදන් වූ අය ගැන සෙව්ව, ක්‍රියා කළ දේශපාලනඥයා. අසූ ගණන්වල ඒ නිසා මට ප්‍රශ්නත් ආව. දැනුත් එහෙම නෙ. ඔය ජාත්‍යන්තරය හැමදාම මං කරන දේවල් දිහා බලාගෙන ඉන්නවනෙ. ඒගොල්ල මගෙ වැඩ ගැන හරිම උනන්දුයි. නමුත් මා කරන්නේ මගේ රට වෙනුවෙන් වගකීමක්‌ ඉටුකිරීමක්‌. මං ඔය ජාත්‍යන්තරවල රූකඩයක්‌ නෙවෙයි.

මෙම කතු හමුවට කෙහෙළිය රඹුක්‌වැල්ල, ඩලස්‌ අලහප්පෙරුම යන ඇමැතිවරු ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනමාධ්‍ය ලේකම් චරිත හේරත් හා භාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරු ද එක්‌ව සිටියහ.

දිවයින ප්‍රවෘත්ති අංශය
http://www.divaina.com/2013/07/31/news01.html

Tuesday, July 30, 2013

‘දැක්ම’ එළිදකී. නලින් ද සිල්වාගේ ජාතික මෙහෙවරට උපහාර පිදේ!

‘දැක්ම’ එළිදකී… නලින් ද සිල්වාගේ ජාතික මෙහෙවරට උපහාර පිදේ…මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා පසුගිය දශක කිහිපය පුරාවට රට දැය සමය වෙනුවෙන්  සිදුකල ජාතික මෙහෙවර වෙනුවෙන් උපහාර පිදීමේ සහ එතුමාගේ නවතම ග්‍රන්ථය ‘දැක්ම 1′  එළි දැක්වීමේ උළෙලක්  නිදහස් චතුරස්‍රයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්විණ.

නලින් ද සිල්වා මහතා දිවයින පුවත්පතට සම්පාදනය කල ලිපි 79 ක් ඇතුලත් කර සකස් කල ‘දැක්ම 1’ ග්‍රන්ථය ගොඩගේ පොත් ප්‍රකාශකයන්ගේ නිර්මාණයකි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් යුත් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින්  මෙම අවස්ථාව සංවිධානය කර තිබිණ.මෙහිදී නලින් ද සිල්වා මහතා විසින් සම්පාදනය කරන ලද දැක්ම 1 ග්‍රන්ථයේ මුල් පිටපත් මුලසුන හෙබවූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්  පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් වෙත පිළිගැන්විණ.

දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආරම්භක දේශනය සිදුකල අතර සාහිත්‍යශූරී දොස්තර ගුණදාස අමරසේකර මහතා, මහාචාර්‍ය ඉන්දරතන මහතා මෙන්ම ආචාර්‍ය ලලිතසිරි ගුණරුවන්  ආදීන් කෙටි දෙසුම් පැවැත්වීය.මෙහිදී නලින්ද සිල්වා මහතා දශක තුනක් පමණ තිස්සේ සිදුකරන ජාතික මෙහෙවර සියලු දෙනාගේ ඇගයීමට ලක්විය.විශේෂයෙන් කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කල හැකි  යැයි මුල සිටම පැවසූ ප්‍රාඥ්ඥයන් අතරින් ඒ මහතාට සුවිශේෂී තැනක් හිමිවන බව දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.නලින්ද සිල්වා මහතා ජාතික වස්තුවක් ලෙස හඳුන්වා දුන් ගුණවර්ධන මහතා ඉදිරි කාලයේදී එතුමාගේ මෙහෙවර තව තවත් ජාතිය විසින් ඉල්ලා සිටිනු ඇතැයිද පැවසීය.

දොස්තර ගුණදාස අමරසේකර මහතා අදහස් දක්වමින් පැවසුවේ පසුගිය වකවානුවේ ජාතියක් වශයෙන් අප ලබාගත් ජයග්‍රහණවලට මතවාදී ශක්තිය සැපැයූවන් අතරින් ප්‍රමුඛස්ථානය නලින්ද සිල්වා මහතාට හිමි වන බවයි.එමෙන්ම ජාතිය ඉල්ලාසිටින ඉදිරි ජාතික දර්ශනය නිර්මාණය කිරීමේ කාර්‍යටද නලිද සිල්වා මහතාගෙන් සුවිශේෂී දායකත්වයක් ඉදිරියේදී ලබාදෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කලේය.

උත්සව සභාවේ මුඛ්‍ය දේශනය මහාචාර්‍ය නලින් ද සිල්වා මහතා විසින් සිදු කල අතර අවසානයේ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පිරිනැමූ උපහාර සිහිවටනය ආරාධිත අමුත්තකු වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පිළිගැන්විය.

මේ අවස්ථාවට ප්‍රධාන දේශපාලන  පක්ෂ නියෝජනය කරමින් ශ්‍රී ලනිප ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ , ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය  විමල් වීරවංශ , ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය  පාඨලී චම්පික රණවක සහ මහජන එක්සත් පෙරමුනේ නායක  අමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගි විය.

- යටියන ප්‍රදීප් කුමාර
July 30, 2013 at 9:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98351/

බටහිර විද්‍යාව ගැන දොරමඬලාව වැටසටහනකදී ඔහු දැක්වූ අදහස්
https://www.facebook.com/photo.php?v=281982945272730

පකිස්තානයේ සිට ඉන්දීය හොර නෝට්ටු මෙරටට. ජාවාරම මෙහෙයවූ පකිස්ථානුවෙක් දැලේ. අනෙකා හඳුනාගැනේ.

පකිස්තානයේ මුද්‍රණයකර රහසිගතව මෙරටටරැගෙන විත් බෙදාහරින බවට සැකකරන රුපියල් 500 යේ ඉන්දියානු නෝට්ටු 40 ක් සමග තරුණයෙකුව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔරුගොඩවත්තේ පදිංචි කරුවෙක් වන එම සැකකරු ග‍්‍රෑන්ඞ්පාස් ස්වර්ණ චෛත්‍ය පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට එම නෝට්ටු දී ශ‍්‍රී ලංකා මුදල් වලට මාරුකරගන්නට පෙරේදා සූදානම් වූ අවශ්ථාවේ දී ඒ‍ෙැඩ ගැන සැකසිතා උකස් මධ්‍යස්ථාන හිමිකරු පොලිසියට පවසා ඇතැයි සදහන්ය. ඒ අනුව ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා රහස් පොලිසියට භාරදී තිබේ. 

ඉන්දියානු නෝට්ටු මෙරට බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙන්ම ත‍්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය විසින් පුළුල් විමර්ශනයක් මේ වන විට පවත්වන බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. ඊට අනුව මේ වන විට මිලියනයකට වැඩි වටිනාකමක් සඳහන් ව්‍යාජ ඉන්දියානු නෝට්ටු තොගයක්ද සොයාගෙන තිබේ. එම නෝට්ටු මෙරටට ගෙන විත් බෙදාහරින්නේ පකිස්තානුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත. එම සැකකරු මේ වන විට පොලිසියට කට්ටි පනිමින් සැගවී සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ව්‍යාජ ලෙස මුද්‍රණයකර ඉන්දියානු නෝට්ටු ලංකාව හරහා බෙදා හැරීමේ ජාවාරම සම්බන්ධයෙන්ද ඉන්දියාවද විශේෂ අවධානයක් මේ වන විට යොමුකර ඇත. රෝ ඹත්තුසේවය පවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇතැයි තතුදත් තොරතුරු මගින් දැනගන්නට තිබේ.

2013 ජූලි 29 04:05  p.m

රාමසාන් සමයේ සුරා සල් වැසීම නිසා 'හරාම්' හොර සුරා බිව් පාකිස්‌තානයේ 18 ක්‌ සුරා විෂ වී මරුට

විෂ සහිත අරක්‌කු පානය කිරීම නිසා පකිස්‌තාන වැසියන් 18 දෙනකු මරණයට පත් වී ඇත. 

උපන් දින සාදයකදී හා තවත් උත්සවයකදී මෙම අරක්‌කු පානය කළ පුද්ගලයන් 18 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.

මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ µයිසලාබාද් නගරයේදීය.

රාමසාන් කාලයේ රට බීම හල් වසා ඇති බැවින් බොහෝ දෙනා නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ අරක්‌කු මිලදී ගැනීමට පෙළඹෙයි.

පකිස්‌තානයේ සම්ප්‍රදායිකව නිෂ්පාදනය කරන සුරා වර්ග කුප්පි හා තාරා යනුවෙන් හැඳින්වේ.

http://www.divaina.com/2013/07/30/forign02.html

දරුවන්, සමාජය සහ ගුරුවරයා...

පසුගිය උත්සව සමයේ රට පුරා තැන තැන පැවති වැඩසටහන්වලට සමගාමීව අපේ ගමේද වැඩසටහන් කිහිපයක්‌ ක්‍රියාත්මක විය. ඒ පන්සලේ සහ පාසලේය.

අපේ ගම ඉතා සුන්දර පරිසරයක පිහිටි ගමක්‌ වුවත් මා ලද අද්දැකීම ගමේ සුන්දරත්වය මෙන් සුන්දර නැති බව කිව යුතුමය. එය විටෙක මාගේ හදවත කම්පාවට ලක්‌කරන්නක්‌ වූ අතර තවත් විටෙක සමාජයේ සිදුවෙමින් පවතින පරිහානිය සම්බන්ධයෙනුත් සමාජය සංවර්ධනීය දිසාවකට ගමන් කරවීමේ වැඩි කාර්යභාරයක්‌ ඉටුකළ යුතු ගුරුවරයා සම්බන්ධයෙනුත් කනගාටුවක්‌ද ඇතිවිය.

පවුලේ උදවියද සමග මම පාරට බැස්‌සේ කලාතුරකින් ගෙදර පැමිණි නිසා උත්සව සිරි නරඹා කිසියම් සතුටක්‌ ලැබීමේ අටියෙනි. අපි පාර දිගේ ඇවිද යන විට පළමුවෙන්ම පන්සලට යැමට අවශ්‍ය බව අම්මාත් බිරිඳත් පැවසීය. ඔවුන් පන්සලට යවා මම පන්සලේ ගේට්‌ටුව අසල නැවතුනේ පන්සලේ පහන් ආලෝකයත් ඒ මැදින් ගලා එන ඝාණ්‌ඨාර නාදයේත් සුදුවතින් සැරසී ඔබ මොබ සැරිසරණ සැදැහැවතුන්ගේ දර්ශනයත් සමග දිස්‌වන සෞන්දර්ය විඳගැනීමට අවශ්‍ය වූ බැවිනි.

මා එහි රැඳී සිටියේ මඳ වේලාවකි. මටත් නොදැනීම වාගේ මා සේන්දු වී තිබුණේ පහන් කූඩු රැසක්‌ ස්‌ථානගත කර තිබුණු පන්සලට මායිම්ව පිහිටා ඇති පාසල දෙසටය. වෙනදා මෙන් පාට පාට පහන් කූඩුවල ආලෝකය එහි නොවූවත් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැතින් නිර්මාණය වූ පහන් කූඩු නැරඹීම මගේ අභිප්‍රාය විය. ඒ අතර අවුරුදු 10 ත් 12 ත් තරම් වූ වයසේ ළමුන් විසින් නිර්මිත දර්ශනීය තොරණක්‌ද විය.

එහි සෞන්දර්යයත් ළමයින්ගේ නිර්මාණශීලී හැකියාවත් ගැන කල්පනා කරමින් සිටි මට මාගේ සෞන්දර්ය වින්දනයට වටිනාකමක්‌ මෙන්ම ළමයින්ගේ හැකියාවන්ට ඇගයීමක්‌ ලබා දීමටද අනගි අවස්‌ථාවක්‌ උදාවිය. ඒ "ලස්‌සනයි නේද සර්" යනුවෙන් එම අවස්‌ථාවේ පාසල් භූමියේ රැඳී සිටි පාසලේ විදුහල්පතිතුමාට පැවසූ අවස්‌ථාවේදීය. මගේ කටහඬ ඇසෙනවාත් සමගම මා දෙස බලා "පුතා දැන්ද ආවේ? ඔයා ආපු එක හොඳයි. පුතා තමයි මේකට සුදුසුම කෙනා. ඔයාට මම කොළයක්‌ දෙන්නම්. ඒකේ තියෙන නිර්නායකවලට අනුව ඔයා මේ නිර්මාණවලට ලකුණු දාල දෙන්න. ඔයා තමයි අපේ විනිශ්චයකරුවා" යෑයි විදුහල්පතිතුමා පැවසීය.

විදුහල්පතිතුමා ලබාදුන් නිර්නායකවලට අනුව මාගේ දැනීමට සාපේක්‍ෂව එකින් එකට ලකුණු දමා අවසන් කළෙමි.

එහි ප්‍රතිඵල ලේඛනය විදුහල්පතිතුමාට බාරදීමට මඳකට පෙර එම පාසලේ ආචාර්යවරියක්‌ මා අසලට පැමිණ "ඔයාද මේවට ලකුණු දාන්නේ? මම මේ පහන් කූඩුව හදපු ළමයාගේ පන්ති භාර ගුරුවරිය" යෑයි තමාව හඳුනා දෙමින්, ස්‌වභාවික ද්‍රව්‍යවලින් මනාව නිර්මාණය කර තිබූ පහන් කූඩුවක්‌ පෙන්වා "මේක හදපු ළමයා ගන්ජා ගහලා අහුවෙලා ඉස්‌කෝලෙන් අස්‌කෙරුවා. ඒකට ලකුණු දාන්නැතුව ඒක තරගෙන් ඉවත් කරන්න" යෑයි පැවසීය. එම ඉල්ලීමෙන් මහත් සේ සසලවූ හදවතින් යුතු මගේ මුවින් ක්‍ෂණිකවම පිටවූවේ "ඉතින් ඒ ළමයා අස්‌කළාද? යන්නය. "නැහැ. අස්‌වීම අරගෙන යන්න කිව්වා. තවම අරගෙන ගිහින් නැහැ" යනුවෙන් ඇය පැවසීය.

"මිස්‌... මගේ වගකීම වුණේ මේ නිර්මාණ ස්‌වාධීනව ඇගයීමකට ලක්‌aකරලා මට විදුහල්පතිතුමා දීපු නිර්නායකයන්ට අනුව ලකුණු දීම. ළමයින්ගේ තරාතිරම් මට අදාළ කරගන්න බැහැ. මම මගේ වගකීම් ඉටුකරලා ලකුණු පත්‍රිකාව විදුහල්පතිතුමාට බාරදෙනවා. ඔබතුමී විදුහල්පතිතුමත් එක්‌ක පොඩ්ඩක්‌ කතා කරලා බලන්න" යනුවෙන් මම ඇයට පැවසුවෙමි. ඇය එම ස්‌ථානයෙන් ඉවත්ව යාමට සූදානම් වුවත් ඇයත් සමග සංවාදයක්‌ ගොඩනගා ගැනීමට මට අවශ්‍ය වූයෙන් "ඉතිං මිස්‌ ඒ ළමයගේ දෙමව්පියන් ඉස්‌කෝලෙට ගෙන්නලා මේ ප්‍රශ්නෙදි දෙමව්පියන්ට තියෙන වගකීමත් කියා දීලා ළමයා හදාගන්න බැලුවේ නැද්ද?" යෑයි විමසුවෙමි.

මා එසේ අසන්නට පෙළඹුණේ ඒ ළමයා පාසලෙන් අස්‌ කළේ යෑයි පැවසූ සැනින් මට දැනුණු කම්පනය විසින් ඇගෙන් ඇසිය යුතු ප්‍රශ්න 

රැසක්‌ මා මනසේ නිර්මාණය වූ බැවිනි.

"ඒ ළමයා කරලා තියෙන්නේ ඉස්‌කෝලේ තියාගන්න පුළුවන් වැරැද්දක්‌ නෙවෙයි. පාසල් වේලාවෙ ඉස්‌කෝලෙන් පැනල ගිහින් ත්‍රීවීලර් පාක්‌ එකේ ඉඳගෙන ගංජා ගහලා" යනුවෙන් තම නිගමනය නිවැරැදි බව තහවුරු කරන්නටද විය. "ඉතින් මිස්‌ ළමයි වැරැදි කරපුවාම පාසලෙන් අස්‌ කරනවා නම් මොකටද පාසල්? ළමයින්ගේ ශික්‌ෂණය හදලා විනයක්‌ අනුව වැඩ කරන්න කියලා දෙන්න නේද පාසල තියෙන්නේ? එතන ළමයි වැරැදි කරනවා කියලා අස්‌කළාම කොහෙන්ද ළමයි හැදෙන්නෙ? මිස්‌ උගත් කෙනෙක්‌ හොඳටම දන්නවනේ මේ සමාඡේ මහ නරක, නපුරු, දුරාචාරයෙන් පිරිච්ච සංකර සමාජයක්‌ බව. ළමයි ඔය විදිහට අස්‌කළාම කෙලින්ම වැටෙන්නේ ඒ සමාජෙට. ඒ නිසා ඔය ළමය, අස්‌ කරන්න එපා. ඔබතුමී ඒ ළමයගේ වගකීම අරගෙන ඒ ළමයා මේ නරක, නපුරු සමාජය වෙනස්‌ කරන්න පුළුවන් පුරවැසියෙක්‌ කරන්න.

ළමයා ගංජා බිව්ව වෙන්න පුළුවන්. ඒත් මේ ළමයාගේ නිර්මාණ හැකියාව බලපුවම ඉතාම දක්‍ෂ ළමයෙක්‌. කොතැනකින් හෝ සිදුවූ වරදකින් මේ ළමයා මේ තත්ත්වයට වැටිලා ඇත්තේ. ඒ ළමයා ගොඩනැඟීමේ ප්‍රවේශයක්‌ හැටියට ළමයාගේ නිර්මාණය අගය කරලා මේ ළමයා හරි මගට ගන්න උත්සාහ කරන්න. කරපු වරද තේරුම් කරලා දීලා හොඳ ළමයෙක්‌ කරන්න උත්සාහ කරන්න. ඒ ළමයා හරියට නිවැරැදි කළොත් මේ නපුරු සමාජයම යහපත් සමාජයක්‌ කරන්න උත්සාහක්‌ හෝ ගන්නා පුරවැසියෙක්‌ වේවි. එදාට ඔබතුමීටත් ඒ ළමය ගැන වගේම ඔබතුමී ගැනත් ලොකු ආඩම්බරයක්‌ දැනෙයි."

"ලකුණු දාන්න එපා" යෑයි ඇය පැවසූ පහන් කූඩුව නිර්මාණය කර තිබුණේ ගොක්‌කොල, ඉරටු, පොල්කටු, පොල්කොහු සහ වැල් වැනි පරිසරයෙන් අහුලාගත් දේ උපයෝගී කරගනිමිනි. සැබවින්ම එය අපූරු නිර්මාණයක්‌ විය. එවැනි දක්‍ෂතා ඇති ළමුන් මඩගොහොරුවක්‌ වී ඇති වත්මන් සමාජයේ මෙලෙස පල්වී යාමට ඉඩහැරීම කුමන ගණයේ සාධාරණයක්‌ද? සමාජයේ හෙට දවස කුමක්‌ වේවිද?

වරද කාගේද? - සී. පී. එස්‌. චක්‍රවර්ති
http://www.divaina.com/2013/07/30/feature03.html

Monday, July 29, 2013

ඉන්දු-ලංකා ගිවිසුමට වසර 26යි. විරෝධතා! ගාලූ පාර හිරවේ!

ඉන්දියාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපි පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී ගාලූ පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් ගාලු මුවදොර වටරවුමේ සිට කොල්ලුපිටිය දක්වා මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇත.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අදට වසර 26ක් පිරීම නිමිත්තෙන් ජාතික සංවිධාන එකමුතුව මගින් සංවිධානය කර ඇති සත‍්‍රග‍්‍රහයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් බෙදුම්වාදී බලතල ඉවත් කළ යුතු බවටයි.

July 29, 2013 at 10:29 am | lanka C news

කිතුණුවන්ට එරෙහි මුසලු අන්තවාදයට එරෙහි වන්න - පුටින් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකානු කලාපය ඇතුළු ලොව බොහෝ ස්ථානවල ක‍්‍රිස්තියානි සහ  ඕතොඩොක්ස් ක‍්‍රිස්තියානි ආගමිකයන් ඇතුළු සුළුතර ආගමික ලබ්ධිකයන්ට එරෙහිව පීඩනය එල්ල වන බවත් එම තත්වයට එරෙහිව කඩිනම් පියවර ගැනීම අවශ්‍ය වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ක‍්‍රි.ව 988දී ව්ලැදිමීර් කුමරු විසින් කිතුණු දහම වැළඳගැනීමේ සිදුවීමේ 1025 වැනි සංවත්සරය සමරමින් රුසියාවේ  ඕතොඩොක්ස් දේවස්ථාන 15කින් මොස්කව් වෙත රැස්වූ නියෝජිත පිරිසක් අමතමිනි.

අන්තර් ලබ්ධික සහජීවනය කෙරෙහි අත්දැකීම් බහුල රුසියාව ඒවා බෙදාගැනීමට කැමැත්තතෙන් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

රුසියානු  ඕතොඩොක්ස් නිකායික ප‍්‍රධානි අතිපූජ්‍ය කිරිල් පියතුමා පවසා ඇත්තේ ක‍්‍රිස්තියානියේ තිඹිරිගෙය වන සිරියාවේදී කිතුණු ලබ්ධිකයන් ඝාතනය කිරීම සහ සිරියාවෙන් පන්නා දැමීමට තැත් කිරීම ශිෂ්ඨාචාර විනාශයක් බවයි.

රුසියාවේ  ඕතොඩොක්ස් දේවස්ථාන 15 සමග මිලියන 225ක කිතුණු ලබ්ධිකයන් පිරිසක් සිටින බව පැවසේ.

කිතුණුවන්ට එරෙහි පීඩනයට එරෙහිවන ලෙස පුටින් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
July 29, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98299/

සුන්නි-ෂියා ගැටුම් - ඉරාක අගනුවර කාර් බෝම්බ 12ක් පිපිරේ - 44ක් මරුට

ඉරාකයේ බැග්ඩෑග් අගනුවර සිදු වූ බෝම්ම ප‍්‍රහාර කිහිපයකින් 44 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මෙම සංඛ්‍ය වෙනස් විය හැකි යයිද ඉරාක මධ්‍ය වාර්තාවල දැක්වේ.

ප‍්‍රහාරයේදී කාර් බෝම්බ 12ක් එකවර පිපිරී ගොස් ඇති අතර කවුරුන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද්දක්දැයි සොයා පොලිස් පරීක්‍ෂන ක‍්‍රියාත්මකය. ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් මෙම ප‍්‍රහාර සැලසුම් කර ඇත.

July 29, 2013 at 1:45 pm | lanka C news

ලංකාවට කුඩු ගෙන්වන අයගේ නාම‍ලේඛනය වහා හෙළිදරව් කරන්න - බොදු බල සේනා

යුද්ධයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අවසන් කිරීමට නොහැකි වීමට හේතුව දේශපාලනඥයන් බවත් ලංකාවට කුඩු ගෙන්වන්නන්ගේ නාම ‍ලේඛනය වහාම හෙළිදරව් කරන්නැයි බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

ඥානසාර හිමියන් මෙසේ පැවැසුවේ ඊයේ (28) කොලොන්නාව මංසන්ධියේ පැවැති බොදු බල සේනා සමුළුව අමතමිනි.
කොලොන්නාව රජමහා විහාරයේ සිට සමුළුව දක්වා පෙරහරකින් පැමිණීමෙන් අනතුරුව සමුළුවේ කටයුතු ආරම්භ කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඥානසාර හිමියන් මෙසේද පැවැසීය.
මත් කුඩුවලට ඇබ්බැහි වී අඬන දරුවන්ට ජීවිත දානය ලබාදෙන්න කුප්පියාවත්ත බෝධානන්ද හිමියන් කටයුතු කරනවා. අද කොලොන්නාවට ඓතිහාසික දවසක්. කොලොන්නාව ගැන කියද්දී එක්කෝ කුණු නැත්නම් කුඩු කියන කාරණය මුළු රටම දන්නවා. කැලණි මිටියාවතේ ජීවත්වන්න මේ භූමිය කුණු ගඳ ගහන කුඩු පුරවරයක් කියන අරුමය දේශපාලනඥයන් උරුම කළා.

දස දහස් ගණන් කැඳවා බොදු සමුළු පවත්වමින් අරමුණක් නැතිව නිර්වින්දනය වූ ජාතියට යන එන මං කියාදි ජාතිකවාදය කියන එන්නත ලබාදුන්නා. අද දිනයක් දීමට නොහැකි තරමට බොදු සමුළු පවත්වන්නයි ආරාධනා පැමිණෙනවා. කොලොන්නාවෙන් අපිට ආරාධනා ලැබුණා. මානව සම්පත පමණයි තිබෙන්නේ. සමුළුව සූදානම් කර ගන්නයි කිව්වාම ඒ පිරිස විසින් අද මේ සමුළුව සංවිධානය කර තිබෙනවා.

කොලොන්නාව බොදු සමුළුව කඩා කප්පල් කරන්න බොහෝ දේ සිදුවුණා. කොලොන්නාවේ මුස්ලිම් මිනිස්සු බයවෙලා. කඩවල් වසන්න. එන්න දෙන්නේ නැහැ ආදි විවිධ ප්‍රචාර සිදුවුණා. විද්වත් සභාවලදී පමණක් සාකච්ඡා වන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ බල පුළුවන්කාරයන් කවුරු වුණත් රට ගිල ගෙන ඇති කුඩු ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නා බව අපි කිව්වාම කඩි ගුලක් සේ ඇවිස්සුණු අය මුස්ලිම් පල්ලියට ගිහින් එළියට බහින්න එපා කිව්වා. බොදු බල සේනා යකෙක් කියන භීතිකාව මැව්වා.

මුස්ලිම් සමාජයේත් බිල්ලො ඉන්නවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරිපත් කරන මතවාදී පෙන්නුම අන්තවාදී මතවාද ගෙන ගොස් බොදු බල සේනාව මුස්ලිම් මිනිසා අපහසුතාවයට පත් කරන මහසෝනෙක් බව කියනවා.
කොලොන්නාවේ ඇතැම් දේශපාලනඥයන් පන්සල්වලට කතා කර මේ සමුළුවට සහභාගි වෙන්න එපා කිව්වා. ආරක්ෂක අංශ පවා අපට කතා කරලා පරෙස්සම් වෙන්න කිව්වා. ත්‍රස්තවාදයට මුහුණ දුන් අපි කුඩු කාරයන්ට හෝ මැරයන්ට බිය නෑ. හෙට අනිද්දාට වාහන අනතුරක් වෙලා අපි මැරෙන්න පුළුවන්. මහ නායක හිමිවරුන් හෝ දේශපාලනඥයන් මේ ප්‍රශ්නය ඉවර කරන්න මැදිහත් වෙන්නෙ නෑ.

ඕනෑ නම් අවුරුදු 60ක් 70ක් ජීවත් වෙයි. ඒ කා‍ලේ පන්සල්වල පඩික්කම් පුරවනවාට වඩා ඊළඟ පරම්පරාව නිර්මාණය කරන දරුවෝ වෙනුවෙන් පෙනී සිටින්න අපි තීරණය කළා.
දුර්වල පුරුෂයෙක් සමාජයට බිහිවෙලා. මේ මත් ජාවාරමෙන් විනාශ වන දරුවන් ඒවායේ ගොදුරු පමණයි. මහ පරිමාණ ගොදුරු අල්ලන්නන් හොයා ගත යුතුයි.

මේ ව්‍යාපාරය නතර කර ගත්ත නම් කුඩු ගෙන එන මහ වෙළෙන්දෝ ගම් මට්ටමින් හා වතු මට්ටමින් බෙදා හරින්නන් ගැන සොයා බැලිය යුතුයි. කරුණාකර ‍පොලිස්තුමනි කුඩු ගෙන් කුඩු ගෙන්වන්නන්ගේ නාම‍ලේඛනය හෙළි කරන්න. නිල භාවය ලබපු චණ්ඩි ඉන්නවා නම් ඒ ‍පොලීසිය විතරයි.

කේරළ ගංජා ගැන තොරතුරු රැස්කළා. මෙහේ ගංජා හේන් ගිනි තියනවා. සුවිශේෂි ඔසුවක් වන දේශීය ගංජා නොමැතිවීම නිසා ආයුර්වේද වෛද්‍යවරුන් හූල්ලනවා. විෂ සහිත දේ ආහාරයට ගත් විට ජාතිය වැනසෙනවා. සමාජය අතුගා විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ජාතියක් ඉදිරියට යන්න නම් ආයුර්වේදය, නක්ෂත්‍රය, කෘෂිකර්මය රැකගත යුතුයි. අපි මේ කාරනා තුනෙන්ම ලොස්ට් වෙලා. ඒ අතරේ ඉන්දියාවේ රෝ සංවිධානය හරහා මෙරට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනුයේ සද්භාවයට පත් කරන්නයි කේරළ ගංජා බෙදා හරින්නේ. අවුරුදු 5ක් පමණ කේරළ ගංජා භාවිතා කළොත් වඳභාවයට පත් වෙනවා. ඉන්දියාවේ අරමුණ දැන් පැහැදිලියි.

බන්ධනාගාරයේ ඉන්න සියයට පනහක් මත්ද්‍රව්‍ය නිසා සිරගත වෙලා. මේ ව්‍යසනයෙන් රට බේරා ගන්න බැරිවෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය දේශපාලනඥයන් හා අපරාධකරුවන් නිසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් අද අපිට ප්‍රශ්නයක් වෙලා.

කුරුණෑගල දේශපාලනඥයකුට බාර් 65ක් හිමියි. තව කෙනෙකුට 55යි. බණ කිය කියා නොහිට ජාතිය නැගිට්ටවීම නොකළොත් අපේ සොහොන් කොත්වලටත් අනාගත පරපුර හෙණ ඉල්ලයි.
හලාල් ගේන්න උනන්දුවන උලමා සභාවේ අය හැබෑටම රටට ආදරෙයි නම් මත් උවදුරින් රට බේරා ගැනීමට ඉදිරියට ආ යුතුයි. ක්‍රිස්තියානි සභාවේ පියතුමන්ටත් අපි ආරාධනා කරනවා.

කොළොන්නාව භාරව සිටින දේශපාලනඥ දුමින්ද සිල්වා, නගරාධිපති කුඩු ප්‍රශ්නය විසඳන්න එකතුවෙලා. දැන් කරුණාකර වැඩ පෙන්වන්න. තමුන්නාන්සේලා දන්නවා කොහොන්ද එන්නේ කවුද බෙදන්නේ කියලා.
කොළොන්නාවෙන් කුඩු අතුගාලා මුළු ලෝකෙටම ආදර්ශනය පෙන්වමු.

කිරුළපන බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි,

වර්තමානයේ පවතින අභියෝග සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න පවත්වන මේ සමුළුවට පෙර බොදු බල සේනා සංවිධානය ගැන අසත්‍ය ප්‍රචාර යවමින් සමුළුව කඩාකප්පල් කරන්න උත්සාහ කළා.

නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ කඩ වාහන ලෙසත් අපි ඔවුන්ට පහරදෙන බවටත් ප්‍රචාරයක් කෙරුණා. බොදුබල සේනා සංවිධානය කිසිවිටෙක සහෝදරත්වයෙන් ජීවත් වන අනෙකුත් ජාතීන්ට හිරිහැර කරන්නේ නැහැ. බොදුබල සේනාව ආරම්භ කළේ ශාසනික අර්බුද විසඳා ගැනීමටයි. ඒ සඳහා රට ආරක්ෂා කළ යුතු නිසා කවුරු හෝ රට විනාශ කරන්න කටයුතු කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න වෙනවා. 
ශාසනය කියන්නේ පිරිසිදු මල් උයනක් වැනි දෙයක් වූවත් එය පරිහානිය කරා ගෙන යන වැඩපිළිවෙළ  ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලය තුළ අපි දුටුවා ශාසනය තුළ බොරුවට සිවුරු ‍පොරවාගෙන ශාසනයේ රැකවරණය ගෙන සිටින හොර තක්කඩි කුඩුකාරයින්ව. එවැනි 40කගේ පමණ සිවුරු ගැලෙව්වා.

කොටිකාවත්ත නාගරුක්ඛාරාමාධිපති බදුල්‍ලේ මහනාම හිමි,

සිංහල බෞද්ධයන් වශයෙන් පෙරට එන්න මහා ශක්තියක් බොදු බල සේනා සංවිධානය නිසා අපට ඇති වී තිබෙනවා. භික්ෂුන් වහන්සේලා සමගිව මෙවැනි වැඩසටහන් සඳහා  එක්වී රට ජාතිය හා ආගම ආරක්ෂා කරගතයුතුයි. මේ රැස්වීම කඩාකප්පල් කරන්න උත්සාහ කළා. මේ ප්‍රදේශයේ සිංහල බෞද්ධයන් ප්‍රදේශය හැරයන තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ නිසා එක් සිත්ව බොදු බල සේනාව සමග කටයුතු කළ යුතුයි.
අතුරුගිරිය සීවලී අසපුවේ විහාරාධිපති පදලංගල ධම්මදේව හිමි
කොළොන්නාවේ බොදු බල සේනා රැස්වීමට තරම් බාධක හිරිහැර වෙනත් සමුළුවකට වුණේ නැහැ. මුස්ලිම් ජනතාවගෙන් නමෛයි අපට හිරිහැර වුණේ. අපේම අයගෙන් පක්ෂ පාට බේදයකින් තොරව අප එකතු විය යුතු අවස්ථාවක කොළොන්නාව නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා මෙතැනට සහභාගිවෙලා නැහැ. මුස්ලිම් ජාතිකයින් මේ සමුළුවට සහභාගි වී සිටිනවා. මුස්ලිම් ජාතිකයන් සමග ප්‍රශ්නයක් අපට නැහැ.

දැන් කළ යුතුව තිබෙන්නේ ඇඟට ඇතුළු වී තිබෙන විෂබිජ ඉවත් කිරීමයි. අපි ශක්තිවන්ත නම් විෂබිජවලට ඇතුළු වෙන්න බැහැ. සිංහලයන් දුර්වල වෙන්න එපා. අපි ළඟ තිබෙන තුවා‍ලේ ඉක්මණින් සනීප කර නොගත්තොත් ඇඟපුරා විෂබිජය දුවයි.

කුප්පියාවත්තේ බෝධානන්ද හිමි,

නැතිවී ගිය සිංහල බෞද්ධකමට නැවත පණ දෙන්න මේ දරන උත්සාහය අපි අගය කරනවා. තිස් වසරක් යුද්ධය ගැන කියමින් සිටියත් අද අපේ තරුණ දරුවන් වෙත හේතුවක් නිසා විනාශ වෙනවා.
සුද්දෝ සිගරැට් බොන්න පුරුදු කළා. ඒ වගේම 1970 දශකයේ සිට හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වුණ අපේ තරුණ පරපුර ඇවිදින මළමිනී බවට පත්වෙලා. සල්ලිකාරයින්ගේ දරුවන් විතරයි හෙරොයින් බොන්නේ කිව්වත් අද අස්සක් මුල්ලක් නෑර හැමතැනම මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා. සිගරට් අරක්කු භාවිතය අඩුවෙලා කීමත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

වැල්ලම්පිටිය විහාරස්ථානයේ විහාරාමාධිපති විටියල කවිධජ හිමි සහ හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයේ චමිල ලියනගේ මහතාද එහිදී කතා කළහ.
බොදු බල සේනා සංවිධානයේ මූල්‍ය ‍ලේකම් හපුත‍ලේ පඤ්ඤාසාර හිමියන්, පදනංගල ධම්මදේව හිමියන්, හැඩිගල්‍ලේ විමලසාර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා, දසසිල් මාතාවන් හා විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

රන්මලී සෝමසිරි / අයිරංගනි එදිරිසිංහ - කඩුවෙල | ඡායාරූප - මලිත් ගමගේ
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14776:2013-07-26-04-25-14&catid=62:2012-08-14-03-41-39&Itemid=84

එමිරේට්ස් NDB බැංකුවෙන් ලංකා බැංකුවට ඉස්ලාම් බැංකුකරණය වෙනුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් (English Article)

UAE-based Emirates NBD hunts more business in Sri Lanka

July 25, 2013 (LBO) - Emirates NBD Capital which syndicated a 200 million dollar loan for Sri Lanka's state-run Bank of Ceylon is looking to provide more local firms with Islamic and conventional finance, a top official said.

"We are looking to do similar transactions with other financial institutions," chief executive Mohammad Wajid Kamran said.
"We are looking to extend the partnership with Bank of Ceylon and other banks so that we can also tap the corporate sector."

Emirates NDB syndicated a 200 million US dollar loan for one for less than 3.0 percent which officials said was the lowest for Bank of Ceylon in its 15 years of syndication.

Kamran said Emirates NDB group which was the largest financial group in the UAE, had its own specialist Islamic banking division. But his own unit also structured and advised on Islamic products.

He said Sri Lanka's upcoming infrastructure products could tap into Islamic finance through structures like Sukuks, where an underlying asset has to be built into product similar to a long term bonds.

Islamic finances came at costs lower than conventional finance, he said. An Islamic financial structure would make the project open to a wider base.
"We can tap both sides of the lending, conventional and Islamic," Kamran said. "Islamic banking, the way it is growing, the kind of liquidity it has, and with the kind of infrastructure projects that are being taken up in Sri Lanka, is the way forward."

But there had to be more awareness and also regulatory support for Sri Lankan borrowers to structure projects that comply with Islamic financial rules, he said.

25 Jul, 2013 18:09:41
http://www.lankabusinessonline.com/news/uae-based-emirates-nbd-hunts-more-business-in-sri-lanka/620459830

ලංකා බැංකු සභාපති රසීක් සාරුක්
Mr. Razik Zarook appointed as the Chairman of Bank of Ceylon in January 2013. Mr. Razik Zarook Lawyer, Diplomat and former Chairman of a number of Public Corporations is a senior Attorney at Law and President’s Counsel who was enrolled to the Bar in 1969. His management skills came to the limelight when he was appointed Chairman of the Co-operative Wholesale Establishment (CWE) by the then Trade and Shipping Minister late Lalith Athulathmudali, President’s Counsel. He was given the responsibility of turning around the CWE to become an efficient and viable much sought after consumer organization responsible for the wide distribution of essential commodities without letting any artificial scarcities to be created even during the turbulent times.

Under his tenure, the CWE was a model profitable and viable organization having diversified and acquired many assets developing real estates and establishing a number of public and quoted companies as Sathosa Motors Limited, Sathosa Printers Limited and Lanka Milk Foods Limited of which he was founder Chairman.

Mr.Zarook, an old boy of St. Servatius College, Matara and Zahira College, Colombo also held office as Chairman of the Agricultural Development Authority and National Aquatic Research and Development Authority (NARA). The late President Premadasa appointed him as Ambassador to the then Federal Republic of Yugoslavia and thereafter as the first Ambassador to Hungary.

Subsequently he was appointed as High Commissioner to Singapore. Apart from his professional education at the Sri Lanka Law College, Mr.Zarook is also an Alumni of the Indian Institute of Management Ahamedabad.

http://web.boc.lk/index.php?route=information%2Finformation&information_id=18

උතුරු නැගෙනහිර විශේෂයි. භික්ෂූන් නෑ පන්සල් 400ක් වැසේ. වැසීයාමේ වේගය 4%

භික්ෂූන් වහන්සේ නොමැතිකම හේතුවෙන් දිවයින පුරා විහාරස්ථාන 400ට අධික සංඛ්‍යාවක් මේ වන විට වැසී ගොස් ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව පුරා විහාරස්ථාන දස දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ඒ අතරින් මෙලෙස විහාරස්ථාන 400 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේම ගමගේ මහතා පැවැසීය. 

උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන බොහොමයක් ඒ අතර වන බවත්, යුද ගැටුම් සමග ඒ ප්‍රදේශවල විහාරස්ථාන බොහොමයක් වැසී ගොස් ඇති බවත්, චන්ද්‍රපේම ගමගේ මහතා කීය. මෙම විහාරස්ථාන නැවත විවෘත කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි. මෙම විහාරස්ථාන සඳහා ස්වාමීන් වහන්සේලා ඉල්ලුම් කරන්නේ නම් මහනායක හිමිවරුන්ගෙන් විමසා අදාළ නිකායේ අවසරය සහිතව එම පන්සල් ඉල්ලුම් කරන ස්වාමීන් වහන්සේලාට භාර දිය හැකි බව ද ඒ මහතා පැවැසීය.

2013 ජූලි 29 12:50  a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14746:-400-&catid=34:news&Itemid=62

කිසිඳු රටකට නොදෙවෙනි ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ දැනුම යළි දරුපරපුරට

pauranikak2015 වසරේ සිට පාසල් දරුවන්ට ඉතිහාසය නව විෂය නිර්දේශයක්‌ සකස්‌ කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු යොදා තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක්‌කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ පිට විෂය නිර්දේශයට අදාළ ඉතිහාසය යළි ඉගැන්වීම ආරම්භ කෙරේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මණ්‌ඩලයක්‌ මගින් සැකසූ නව ඉතිහාසය සම්බන්ධ විෂය නිර්දේශය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්‌වා දරුවන්ට ඉගෙන ගැනීමට අවස්‌ථාව ලැබේ.

2013 ජූලි 26 12:00 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14638:2013-07-26-06-30-36&catid=34:news&Itemid=62

[
සබැඳි ලිපි -
බදුද්දීන් ඉවත් කළ 'ඉතිහාසය' විෂය යළිත් පාසල් විෂය නිර්දේශයටhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_3554.html
]

‘රට හිර කල මර උගුල’ JR – රජීව් ද්‍රෝහී පාවා දීමේ ගිවිසුමට වසර 26යි

උතුරේ යුද්ධයට  දේශපාලන විසඳුමක් යැයි පවසා දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන බිහිකරමින්  ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජීව් ගාන්ධි අගමැතිවරයා අතර අත්සන් කල ගිවිසුමට අදට වසර 26ක් සපිරේ. 1987 ජුලි 29 වැනිදා කොළඹදී අත්සන් කල මෙම ගිවිසුම මෑත කාලින ඉතිහාසයේ වැදගත්ම දේශපාලන සිදුවීමක් විය.

එවකට ජෙනරාල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් සහ ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ මෙහෙයවීමෙන් වඩමාරච්චි මෙහෙයුම හමුවේ පසුබා සිටි දෙමළ කොටි සංවිධානයට එරෙහි මෙහෙයුම් ඉන්දීය මැදිහත්වීම හමුවේ නවතා දමන්නට එවකට ජනාධිපතිවරයාට සිදුවිය.පසුව බලහත්කාරයේන් ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝනය කර යාපනයට ආහාර ද්‍රව්‍ය හෙළමින් ඉන්දියාව ශ්‍රී ලංකාව ගුවිසුම අත්සන් කරගැනීමට නම්මවා ගත්තේය. මේ ක්‍රියාවලිය පිටිපස ඉන්දීය ‘රෝ’ සංවිධානය මූලිකව ක්‍රියාකල අතර ඒ පිළිබඳ එවකට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේඑන් ඩික්සිත් විසින් රචනා කල ‘කොළඹ භූමිකාව’ නැමති ග්‍රන්ථයේ මැනවින් විස්තර වේ.

ජුලි 29 වන දා කොළඹදී අත්සන් කල ගිවිසුමට අනුව පැය 48ක් ඇතුලත අවි නිහඬ කර කොටි සංවිධානය සතු ආයුධ බිම හෙළන බවට වගන්තියක්ද ගිවිසුමෙහි අන්තර්ගත විය.නමුත් එය ඉටු කිරීමට ඉන්දීය රජය අපොහොසත් විය.කෙසේ නමුත් ගිවිසුමෙන් පසු මෙරටට ගොඩ බැසි ඉන්දියන් හමුදාවටද ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පරාජය කිරීමට නොහැකි විය.ඒ සටන් වලදී ඉන්දීය හමුදා සෙබලු 1300ක් පමණ එල්ල්ටීටීඊයෙන් ඝාතනය විය.අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඉන්දියන් හමුදාව මෙරටින් පිට කෙරිණ.

ගිවිසුමට එරෙහිව එකල සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන් ශ්‍රීලනිප ,දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රබල විරොධයක් එල්ල කෙරිණ.එවකට ජේආර් ජයවර්ධන ජනධිපතිවරයා විසින් තහනම් කර තිබූ ජවිපෙ ගිවිසුමට එරෙහිව දියත් කල විරෝධතාවය අවසානයේ භීෂණයක් දක්වා වර්ධනය වී එජාප පාලනය විසින් එහි නායක රෝහණ විජේවීරයන් පවා ඝාතනයට කෙරිණ.

කෙසේ වෙතත් රජීව් ජේආර් ගිවිසුමෙන් පසු ඇති කල පලාත් සභා ක්‍රමය හරහා මධ්‍යම රජය සතු ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල රාශියක් පළාත් සභා වෙත පවරා දුන් අතර ඒ මගින් රටේ ඒකීය භාවය අහෝසි වන බව මේ පිළිබඳ සෙවීමට  ජේ ආර් ජනාධිපතිවරයා පත් කල නව දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් සිව් දෙනෙකු පැහැදිළිව පෙන්වා දුනි. කෙසේ නමුත් මෙතෙක් කිසිඳු පළාත් සභාවක් ඉඩම් හා පොලිස් බලතල භාවිතා නොකර මධ්‍යම රජය සමග ඒකාබද්ධව කටයුතු කරගෙන යමින් තිබේ. නමුත් ඉදිරි කාලයේ බිහිවන උතුරු පළාත් සභාව තුලදී එය අභියෝගයට ලක්වීමට ඇති ඉඩ කඩ වැඩිය.

- යටියන ප්‍රදීප් කුමාර
http://lankacnews.com/sinhala/news/98287/

Sunday, July 28, 2013

සිහල කෙල්ලන් අසීමිතව ඩැහැගන්නා මුසලු සමාජය, මුසලු තරුණියක් සිහල තරුණයෙකුට පෙම්බැඳිවිට, පල්ලියට කැඳවා කොණ්ඩය කපා තර්ජනය කර පහරදීලා

එස්.එම්. හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි හවුලඋම්මා සමඟ 'මව්බිම' කළ කතාබහයි මේ.
30970_2.jpg 
• මොකද මේ අපූරු දඬුවම?
මම සිංහල තරුණයකුට ආදරය කෙරුවා කියලා අපේ මුස්ලිම් පල්ලියට ගෙන්නලා මට හොඳටම පහර දුන්නා. කොණ්ඩය කපලා දැම්මා.

• සිංහල පෙම්වතා මුණගැහිලා කොච්චර කල්ද?
දැනට මාස හයක් විතර.

• ඔහු ඔයාට ඇත්තටම ආදරේ කරනවද?
ඔව්. එයා මට මුළු හදවතින්ම ආදරය කරනවා. එයා මට විශ්වාසයි.

• කොහොමද ආදර සම්බන්ධෙ ඇති වුණේ?
මම ගල්ගමුව ටවුමේ පලතුරු කඩයක් කෙරුවා. එහේදි තමයි අපි යාළු වුණේ.

• ඇයි සිංහල කොල්ලෙක් එක්ක යාළු වුණේ?
මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?

• ඔයාලා ජාති දෙකකනේ?
එයා සිංහල. මම මුස්ලිම්. ඉතින් අපි කතා කරන භාෂාව විතරනෙ වෙනස්. අනික් අතින් අපි දෙන්නම මනුස්සයොනේ.

• එහෙම යාළුවෙන එක ඔයාලගෙ ආගමට විරුද්ධයිනේ?
අල්ලා දෙයියෝ කවදාවත් කියලා නැහැ සිංහල කොල්ලෙකුට ආදරය කරන එක වරදක් කියලා. ආදරය කියන්නේ සියලුම මනුස්සයන්ට පොදු උත්තරීතර දෙයක්නේ?

• කොහොමද ඔයාට දඬුවම් කෙරුවේ?
17 වැනිදා පල්ලියේ කෙනෙක් ඇවිල්ලා කීවා රාත්‍රි 9ට විතර පල්ලියට එන්ඩ කියලා. මම ඇහුවා ඇයි කියලා.

• ඉතින්?
මම ඇහුවා ඇයි පල්ලියට එන්නේ මොකටද කියලා.

• එයා මොකද කීවේ?
ඔයා සිංහල කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවලු. ඒ ගැන සාකච්ඡා කරලා ඔයාට එයා බන්දලා දෙන්ඩ කියලා කීවා.

• ඊට පස්සේ?
මම හවස පල්ලියට ගියා. නෝම්බි දවස් නිසා රාත්‍රි පූජාවක් තිබුණා. පූජාව ඉවර වුණ ගමන් ගේට්ටුව වැහුවා.

• ඇයි ගේට්ටුව වැහුවේ?
කාන්තාවෝ හතර දෙනෙක් මට ගහන්ඩ පටන් ගත්තා. මට අතින් පයින් හොඳටම පහර දුන්නා. මට පුළුවන් තරම් ගැහුවා. මම කෑගහලා කීවා ගහන්ඩ එපා කියලා.

• ඊට පස්සේ ගැහුවේ නැද්ද?
මොන පිස්සුද? හොඳටම ගහලා මගේ ලස්සනට තිබුණ කොණ්ඩේ කපලා දැම්මා.

• ඊට පස්සෙ මොකද වුණේ?
මම පණ නැතුව පල්ලියේ මිදුලේ වැටුණා. ඒත් ඒ අය අතින් පයින් ගැහුවා. මම මිදුලේ දාලා එයාලා යන්ඩ ගියා. පස්සෙ අපේ නංගිලා ඇවිල්ලා මාව ගෙදර එක්ක ගියා.

• ගහපු අය මොකද කීවේ?
පොලිසි ගියොත් තව දඬුවම් දෙනවා කීවා. දඬුවම් දෙන්ඩ එයාලට අයිතිය තියෙනවා කියලා කීවා.

• පල්ලියේ අයට මිනිසුන්ට ගහලා කොණ්ඩේ කපා දාන්ඩ බලයක් තියෙනවද?
මම දන්න හැටියටනම් මනුස්සයොන්ට සත්තුන්ට වාගෙ ගහන්ඩ කියලා අල්ලා දෙයියො කියලා නැහැ.

• එහෙනම් ගැහුවේ මොන බලයකටද?
ඒක තමයි තිරිසන්කම. මුස්ලිම් ගෑනියෙක් සිංහල මිනිහෙකුට ආදරය කරපුවාම පල්ලියට ගෙන්නලා අමානුෂික විදියට පහර දෙන්නෙ තිරිසන්නු.

• පහරදීමට විරුද්ධව මොකක්ද ඔබ ගත්තු පියවර?
මම පහුවෙනිදාම ගල්ගමුව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සෙ අමාරුවට ප්‍රතිකාර ගන්ඩ කුරුණෑගල රෝහලට ගියා.

• පොලිසියෙන් සාධාරණයක් වෙයිද?
මේ රටේ නීතියක් තියෙනවා. මනුස්සයකුට ආදරේ කෙරුවා කියලා පහර දීලා කොණ්ඩෙ කපන්ඩ මේ රටේ නීතියක් නැහැනේ.

• ඔබේ සිංහල පෙම්වතා මේ ගැන මොකද කියන්නෙ?
එයා මාව බලන්ඩ රෝහලටත් ආවා.

• මොකක්ද එයා කියන්නේ?
මගෙ කොණ්ඩෙ කපලා දාලා තියෙන හැටි දැකලා එයා හොඳටම ඇඬුවා.

• එයා වෙනස් වෙයිද?
නැහැ. එයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

• පල්ලියෙන් කෙරුවේ වැරැදි වැඩක්ද?
30970_3.jpgකොච්චර වැරැදි වැඩක්ද අපේ ජාතියේ අය වුණත් එයාලා මට කෙරුවේ.

• ඉතින් ඔයත් වැරැදි වැඩක්නෙ කෙරුවේ?
කොල්ලෙකුට ආදරය කරන එක වැරැද්දක්ද? වැරැද්දක් කෙරුවත් දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවනේ?

• මොකක්ද ඒ ක්‍රමය?
මම වැරැද්දක් කරනවා නම් ඒ අයට තිබුණේ අපේ අම්මා තාත්තට අයියලාට නංගිලාට මේ ගැන කියන්ඩනේ.

• එයාලට කියලා මොකක්ද කරන්නේ?
මාත් එක්කත් මේ ගැන කතා කරන්ඩ තිබුණනේ. එහෙම කතා කෙරුවත් ආදර සම්බන්ධය නතර කරන්නේ නම් නැහැ. මම සිංහල කොල්ලෙක් බලෙන් බඳින්ඩ යනවා නම් තමා වැරැදි.

• ඔයා දකින දකින සිංහල කොල්ලට ආදරේ කරනවාද?
මම ඕනේ තරම් සිංහල කොල්ලෝ එක්ක කතා කරලා තියෙනව. ඒත් මම ආදරය කෙරුවේ එක කොල්ලෙකුට විතරයි.

• මේ සිද්ධිය ගැන ඔබට මොනවද කියන්ඩ තියෙන්නේ?
මේ පහරදීම නිසා මගේ ඔළුව රිදෙනවා. අතපය රිදෙනවා. වමනේ යනවා. මේ වාගේ දෙයක් මේ ලෝකේ කිසිම ගැහැනියකුට වෙන්ඩ එපා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. ආදරේ කියන්නේ උත්තරීතර මනුෂ්‍ය හැඟීමක්. ආදරය කරපු වරදට අතින් පයින් ගහල දඬුවම් දීපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා සාධාරණය ඉටු කර දෙන්ඩ කියලයි මම අල්ලා දෙයියන්ගෙ නාමයෙන් ඉල්ලා සිටින්නේ.

සිංහල කොල්ලෙක්ට ආදරය කළ වරදට පල්ලියෙන් කොණ්ඩෙ කපපු මුස්ලිම් කෙල්ල 'මව්බිම'ට කතා කරයි
ගල්ගමුව - ජයසේන බණ්ඩාර | මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්
http://www.mawbima.lk/86-30970-news-detail.html

[
සබැඳි ලිපි 1-
දමිළ තරුණයාට පෙම් බැඳි මුසලු තරුණියගේ කෙස්වැටිය පල්ලියේදී කපයි. ශරියා ගලිගමුවේ! උපවාසය නිසා සැකකරු අතඩංගුවට ගත්තේ නැහැ - පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_1035.html

සබැඳි ලිපි 2-
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2548.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
ආලයේ නාමයෙන් සැලසුන්සහගතව කරනා ඉස්ලාම් ආගමිකකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7531.html
මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4927.html
ආදරණිය නංගී,
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9212.html
රිZවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී
http://denethharinna.blogspot.com/2013/03/z.html
]

අකුරු කිරීමේ අයිතිය වෙනුවෙන් බුර්කාව හැඳි වීරවරියක් රැගත් වීර කතා පෙළක් පකිස්තාන පුංචි තිරයට

පාසල් යාමේ අයිතිය දැරියන්ට ලබා දීමට සටන් කරන බුර්කාවකින් සැරසුණු විර වරියක් රැගත් වීර කතා පෙළක් පකිස්තාන පුංචි තිරය ට ලබන මාසයේ පැමිණීමට නියමිතයි.

උර්දු භාෂාවෙන් හඬ කැවෙන මෙම කාටුන් චිත්‍රපටියේ වීර චරිතය විග්‍රහ වන්නේ, පොතෙන් සහ පෑනෙන් ආයුධ වලට අභියෝග එල්ල කරන දකුණු ආසියාවේ ප්‍රථම නින්ජා චරිතය ලෙසයි.

සෞම්‍ය ගති ගුණ ඇති ගුරුවරියක් ලෙස පෙනී සිටින මෙම වීරවරිය තමා වැඩකරන පාසල වසා දැමීමට කටයුතු කරන දේශීය මැර කල්ලියක්, ආත්මාරක්ෂක සටන් ශිල්පය භාවිතා කරමින් රහසිගත ලෙස මෙල්ල කිරීමට ගන්නා උත්සාහය මෙම කතා පෙලේ තේමාවයි.

තලිබාන් හමුදා විසින් රටේ උතුරු සහ බස්නාහිර ප්‍රදේශවල ගැහැණු ළමුන්ට පාසැල් යාම තහනම් කර ඇති කාලයක දොරට වඩින මෙම කාටුනය, පකිස්තානය තුල දැඩි කතා බහට ලක් වෙමින් තිබේ.

පකිස්තානයේ සුපිරි ගායක ආරොන් හරුන් රෂිඩ් ගේ අදහසක් මත පදනම්ව මෙම වීර කතා පෙළ නිෂ්පාදනය කෙරේ.

- BBC
July 27, 2013 at 3:25 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98153/

අරාබි වසන්තය… ඊජිප්තුවේ දරුණු ගැටුම්, සිය ගණනක් මරුට, දහස් ගණනකට තුවාල

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකරනු ලැබූ මොහොමඞ් මොර්සි වෙත සහය පළකරමින් කයිරෝ සහ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරවල පැවති විරෝධතා මැඩපැවැත්වීම සඳහා එල්ල කළ හමුදා ප‍්‍රහාරවලින් 74 දෙනෙකු ම්යගොස් 700ක් පමණ තුවාල ලබා ඇතැයි ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

මුස්ලම් සහෝදරත්වය පවසන්නේ සිදුවීම් වලින් 120කට අධික ප‍්‍රමාණයක් මියගොස් 4000ක් පමණ තුවාල ලබා ඇති බවයි.

කයිරෝහි රබා අල් අඩාවියා දෙව්මැදුර ආසන්නයේ සිට මොර්සි හිතවතුන් විරෝධය දක්වා ඇති අතර හමුදාව ඔවුන් විසිරුවීම සඳහා කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ භාවිතා කර ඇතැයි පැවසේ.  හිස සහ පපුව වෙඩි ප‍්‍රහාර වලට ලක්ව ඇති බව දක්වන මුස්ලිම් සහෝදරත්වයේ ප‍්‍රකාශක ගෙහාඞ් එල්-හදාද් පවසා ඇත්තේ තුවාල සිදුකිරීම නොව ඝාතනය කිරීම එම ප‍්‍රහාරයන්හි ඉලක්කය වූ බවයි.

ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ඊජිප්තු හමුදා අංශ මුස්ලිම් සහෝදරත්වයෙන් ඉල්ලා ඇත.

2011දී හොස්නි මුබාරක්ට එරෙහි සටනේදී සිරගතව සිටි මොර්සි නිදහස ලද්දේ හමාස් සංවිධානයේ ආධාර මතද පිළිබඳ සැකපිට ඔහු රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන බව කියවේ.  එය සපුරා බැහැර කරන මුස්ලිම් සහෝදරත්වය පවසන්නේ මෙම ක‍්‍රියාදාමය මුබාරක් පාලනය වෙත නැවත යෑමක් බවයි.

July 28, 2013 at 3:24 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98214/

මේ බොදු උරුමය අපේ … යන තැනකට යන්න – වන්නිල ඇත්තෝ මුස්ලිම්වරුන්ට කියයි

‘එක පැත්තකින් රජමහා විහාරය තව පැත්තකින් මහා බුදු පිළිමය අනෙක් පැත්තෙන් බුද්ධගයාව ඒ මැද මුස්ලිම් පල්ලියක් හදන එක සුදුසු නැහැ. ඒගොල්ලන්ගේ ඇදහිලි පගරගම්මනට ගිහින් කරගන්න. මේ තැන පිරිසිදුව තියෙන්න දෙන්න’ යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි.

මහියංගණය නගර මධ්‍යයේ වෙළෙද සැලක් මැද පවත්වාගෙන යන බව කියන මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙසේද පැවසීය.

‘මහියංගනය කියන්නේ ලොකු ඉතිහාසයක් ඇති තැනක්. බුදුහාමුදුරුවො බුදුබවට පත්වෙලා මාස 09 කින් වැඩම කළේ මහියංගනයටයි. ඒ වඩිනකොට මහියංගණයේ ජීවත් වුණේ අපේ පරම්පරාවට අයත් යක්ෂ ගෝත‍්‍රිකයන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවො මුලින්ම දහම් දෙසුවේ අපේ ඇත්තන්ටයි.

මම නම් හිතන්නේ මේ රටේ ආගම් රාශියක් තියෙනවා. ජාති 23ක් ඉන්නවා. මේ හැම කෙනෙකුටම උරුම වෙච්චි ආගම් හා ඇදහිලි විධිවිදි තියෙනවා. හැම කෙනාටම අයිතියක් තිබෙනවා ඒ අයගේ ආගම අදහන්න.

හැබැයි මහියංගණයේ උරුම තැන තිබෙන්නේ වෙන  කාටවත් නොවෙයි. අපේ ඇත්තන්ට. මුස්ලිම් අයට ඒ අයගේ පරම්පරාගත පල්ලියක් තියෙනව පගරගම්මන. අපි කුඩා අවධියේ ඉදලම දන්නවා. මුස්ලිම් ජනයා ඒ පල්ලියට ගිහින් තමයි ඇදහීම් කළේ. එසේ තිබියදී රජමහා විහාරය මහා බුදුපිළිමය හා බුද්ධගයාව ඒ මැද මුස්ලිම් පල්ලියක් හදන එක සුදුසු නැහැ’

July 26, 2013 at 1:48 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/98135/

බිරිඳ ඉන්දියාවෙන් පිටුවහල් කරන බවට ඉන්දියාව මාවෙයි සේනාධිරාජාට තර්ජනය කරයි

ඉන්දියාවේ පදිංචිව සිටින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ බිරිඳ ඉන්දියාවෙන් පන්නා දමන බවත් එසේ නොකිරීමට නම් සී.වී. විග්නේෂ්වරන්ට උතුරු පළාත් මහ ඇමති ධුරය සඳහා තරඟ කරන්නට අවස්ථාව ලබා දිය යුතු බවටත් ඉන්දීය බලධාරීන් විසින් සේනාධිරාජා මහතාට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

උතුරු පළාත් මහ ඇමති අපේක්‍ෂක ධුරය සඳහා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයා නම් කිරීමේ කටයුතු සිදුවෙද්දී මෙම දැනුම් දීම සිදුව ඇතැයි පැවසෙන අතර ඇමරිකානු තානාපති කාර්යාලයද විග්නේෂ්වරන් මහ ඇමති අපේක්‍ෂක සඳහා ගෙන ඒමට මහත් කාර්යභාරයක් කර ඇතැයිද පැවසේ. ඒ වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් හා සාකච්චා කිහිපයතටම ඇමරිතානු තානාපති කාර්යාලයේ ඉහලම පෙලේ බලධාරීන් අවස්ථා කිහිපයකදීම සම්බන්ද වී ඇති අතර ඉදිරියේදී ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඉන්දියාව දෙකඩ කරන ව්‍යවස්ථා යුද්ධය සඳහා වඩාත්ම ගැලපෙන පුද්ගලයා හිපටු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුද වන විග්නේෂ්වරන් වඩාත් සුදුසු වන බව ඇමරිකාවේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් පක්‍ෂ කිහිපයකින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ බහුතර කැමැත්ත ලැබී ඇත්තේ මාවෙයි සේනාධිරාජා උතුරු පළාතේ දෙමළ සන්ධාන මහ ඇමති අපේක්‍ෂක ධුරයට පත් කිරීමටයි. සේනාධිරාජා මහතාද ඒ සඳහා ලක ලැහැස්ති වී සිටියද ඉන්දියානු රෝ ඔත්තු සේවයේ මැදිහත් වී අනතුරු ඇඟවා ඇත්තේ ඉන්දියාවේ පදිංචිව සිටින ඒ මහතාගේ බිරිඳ ඉන්දියාවෙන් පිටුවහල් කරන බවටයි. අවසානයේ බහුතර කැමැත්ත තිබුණද ඉන්දීය අකමැත්ත සහ රෝ මැදිහත්වීම හේතුවෙන් සේනාධිරාජා මහතා සිය අදහස අත්හැර දැමූ බබව දෙමළ සන්ධා ආරංචි මාර්ග සඳහන් කරයි.

July 28, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/98147/

ඊළම ගන්න ‘රෝ’ කුමන්ත‍්‍රණයක්

ශ‍්‍රී ලංකාව තමන්ට කීකරු කර ගැනීම සඳහා ඉන්දියාව සිය රහස් ඔත්තු සේවය වන ‘රෝ’ සංවිධානය හරහා සූක්‍ෂම වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

රට පුරා කෝවිල් 64ක් ස්ථාපිත කිරීම ඉන්දියන් රෝ ඔත්තු සේවයේ පළමු අරමුණ වන අතර ඒ සම්බන්දයෙන් සොයා බැලීමට ඉන්දියාවේ සිට මෙටට පැමිණ ඇති රෝ ප‍්‍රධානියෙකු මෙරට ආගමික නායකයන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සමගද සාකච්චා කර ඇතැයි පැවසේ.

මේ වෙනුවෙන් කෝටි ගණනක් මුදලක් වියදම් කිරීමට රෝ ඹත්තු සේවය සූදානමින් සිටින අතර බෙදුම්වාදය වර්ධනය කර ඊලාමයට හිතකර වටපිටාවක් ඇතිකරමින් ඉන්දීය දේශපාලන උවමනාව මත ශ‍්‍රී ලංකාව ඔවුන්ගේ ග‍්‍රහණයට ගැනීම මෙහි අරමුණයි.

July 27, 2013 at 11:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98168/

උලමා පොරොන්දු කැඩුවා. හලාල් සටන යළි අරඹනවා - ඥානසාර හිමි

හලාල්  ප‍්‍රශ්නය මුලිනුපුටා දැමීම සදහා හලාල් සටන නැවතත් ලබන සතියේ සිට ආරම්භ කරන බව බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර  හිමියෝ පවසති.

මහා සංඝරත්නය මෙම ප‍්‍රශ්නය විසදීමට මැදිහත් වූ නිසා බොදුබල සේනා සංවිධානය ඉන් මදකට ඉවත් වූවත් හලාල් ප‍්‍රශ්නය තවමත් විසදී නොමැති බැවින් බැවිත් මෙම තීරණය ගත් බවද උන්වහන්සේ පැවසූහ.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධනයද හලාල් සලකුණ ඉවත් කර ගන්නා බවට පොරොන්දු වුවත් එම පොරොන්දුව කඩ කර ඇති බවද පැවසූ උන්වහන්සේ අදාළ බලධාරීන් හා ආයතන දැනුවත් කළද තවමත් හලාල් ලාංජනය සහිත ආහාර වෙළෙදපොළට නිකුත් කරමින් ඇත්තේ යයිද පවසති.

July 27, 2013 at 2:15 pm | lanka C news
උලමා පොරොන්දු කැඩුවා… හලාල් සටන යළි අරඹනවා
http://lankacnews.com/sinhala/news/98206/

ගිහියන්ට සිවුරු අන්දවා භික්ෂූන්ට අපහාස කරන සූක්ෂම ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මකයි. තවත් අයෙක් බලංගොඩදී හසුවේ!

අශෝභන ලෙස රාත‍්‍රි කාලයේ බළන්ගොඩ නගරයේ හැසිරුණු චීවරධාරියෙක් බළන්ගොඩ පොලිසිය බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරීපත් කිරීමෙන් පසු සැකකරු ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රාත‍්‍රී හතයි තිහට පමණ නගරයේ මෙලෙස හැසිරුණ ශ‍්‍රමණ වෙසින් සිටි පුද්ගලයා පිළිබඳ බළන්ගොඩ තුඹගොඩ ශ‍්‍රී සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ හිමියන් හට ත‍්‍රීරෝද රියදුරෙක් දුරකථන මගින් දන්වා ඇත.

ඒ අනුව ශ‍්‍රී සුදර්ශන විහාරයට ගෙනැවිත් සැබෑ හිමි නමක දැයි වතගොත විමසා බැලූ බවත් හිමිනමක් නොවන බව හා තහවුරු වන කිසිදු සාක්ෂියක් හෝ හැදුනුම්පතක් නොතිබූ බවත් පූජ්‍ය ඉඹුල්පේ විජිතවංශ හිමියෝ පැවසූහ.

මෙය අශෝභන ලෙස හැසිරෙමින් සංඝයා වහන්සේට අපහාස කරන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් දැයි සැක කරන බවත් ප‍්‍රදේශයේ මහානායක හිමිවරුන්ගේ උපදෙස් අනුව එම පුද්ගලයාට ගිහි ඇදුම් අන්දවා පොලිසියට භාරදුන් බවත් උන්වහන්සේ පැවසූහ.

මහ රාත‍්‍රී නගරයේ ඩෙඟා නැටූ චීවරධාරියා සිවුර ගලවා පොලීසියට දෙයි
July 26, 2013 at 1:01 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/98094/

කෝටිපති හොර මුසලු ව්‍යාපාරිකයන් තිදෙනෙක් පවත්වාගෙන ගිය කොළඹ ලොකුම ගව ඝාතකාගාරය වටලයි

කොළඹ නගරයේ පවත්වාගෙන ගිය විශාලතම නීති විරෝධී සත්ව ඝාතකාගාරය කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ පස්වරුවේ වටලා එහි ඝාතනය සඳහා සූදානම් කර තිබූ ගැබ්බර එළදෙනුන්, එළැවන්, බැටළුවන් ඇතුළු තුන්සියයකට අධික සතුන්ගේ ජීවිත බේරාගෙන ඇත.

දුර බැහැර ප‍්‍රදේශවල සිට ගෙනා මෙම සතුන් ඝාතනය කරන තෙක් ඉතා හිංසාකාරී ලෙස ගාල්කර තිබී ඇත.

ග‍්‍රෑන්ඞ්පාස් වැල්ලම්පිිටිය පාරේ රහසිගත ස්ථානයක මෙම සත්ව ඝාතකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙක් විසිනි.

සත්ව ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මොවුන් මෙම සත්ව ඝාතකාඝාරය පවත්වාගෙන ගොස් ඇත.

වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට කියමිතය.

July 26, 2013 at 9:08 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98106/

(13ටත් එහා බලතල ඉල්ලන) 'විග්නේෂ්වරන් උතුරට උඩින් පාත් වුණේ කොහොමද?' - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

උතුරේ පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති ධුරාපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටින්නේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතායි. විග්නේෂ්වරන් මහතාගේ දේශපාලන ආගමනයෙන් බලය බෙදීම වෙනුවට පළාත් සභා ක්‍රමය තුළ තිබෙන බලය තව තවත් තහවුරු කරන ස්‌වභාවය කදිමට පැහැදිලි වන බව ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන් පවසයි.

පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල දෙනවා වෙනුවට කළ යුත්තේ කුමක්‌ද? ඔහුගේ විග්‍රහයයි මේ.

ඉඩම් හා පොලිස්‌ බලතල සහිතව පළාත් සභා ඡන්දය පැවැත්වීම අවදානම් ද?

ඉඩම් සහ පොලිස්‌ බලතල පළාත් සභාවලට පැවරිය යුතුද කියන ප්‍රශ්නය මතු වන්නෙ මේ පළාත් සභා දිගටම තියාගත යුතුයි කියල තීරණය කළොත් විතරයි. පළාත් සභා අපේ රටට අවශ්‍ය නෑ කියල ජනතාව තීරණය කළොත් මෙතැන ප්‍රශ්නයක්‌ නෑ.

පළාත් සභා පැවතිය යුතුද නැද්ද කියන කාරණය තීරණය වෙන්නෙ පළාත් සභාවලින් රටට වැඩක්‌ වෙලා තියෙනවද නැද්ද කියන එක මතයි. මට නම් පේන හැටියට අවුරුදු 26 ක්‌ විතර මේ රටේ තිබුණු ඔය පළාත් සභාවලින් රටට කිසිම යහපතක්‌ වෙලා නෑ. මෙතෙක්‌ එයින් සිදුවී තිබෙන්නෙ අතිවිශාල මහජන මුදල් නාස්‌තියක්‌ පමණයි. රටට මෙලෝ වැඩක්‌ නැති දේසපාලුවන් පිරිසකට තනතුරු දීමක්‌ පමණයි. ඉඩම් පොලිස්‌ බලතල මේවට ලබාදීම නෙමෙයි පළාත් සභා එහෙම පිටින්ම මේ රටින් අයින් කරල දාන්න ඕන.

පළාත් සභා අහෝසි කිරීමට ආණ්‌ඩුවේ බලාපොරොත්තුවක්‌ නැති නිසා මේවාට ඉඩම් පොලිස්‌ බලතල පැවරිය යුතුද යන්න අද ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබෙනවා?

ඔව්. අද බලය ලබාගෙන සිටින ඇතැම් දේසපාලුවෝ මේ රටේ පොලිසිය ඔවුන්ගේ පුද්ගලික මැර හමුදාවක්‌ කියලයි හිතාගෙන ඉන්නෙ. පොලිසියේ ඇතැම් අයත් ක්‍රියා කරන්නෙ ජනතාවගෙ පොලිසියක්‌ හැටියට නොව බලයේ ඉන්න ඇතැම් දේශපාලකයන්ගෙ අන්තේවාසිකයන් විදිහටයි. උතුරු මැද පළාතේ කලින් පැවති මැතිවරණයෙන් පසුව අපට මතකයි ආණ්‌ඩු පක්‍ෂයෙ අනුගාමිකයන් පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ ජෝන්පිල්ලෙ මහතාගේ නිවස සහ ඩිස්‌පෙන්සරියට ගිනි තියනකොට පොලිස්‌ නිලධාරීන් ඒ දිහා බලාගෙන නිශ්ශබ්දව හිටපු හැටි. මේ විදිහෙ උදාහරණ රාශියක්‌ තිබෙනවා.

මේ මොන ජඩ වැඩ කළත් දකුණු පළාතේ බෙදුම්වාදයක්‌ නෑ. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයයි. මෙය චෙල්වනායගම්ගෙ පෙඩරල් පක්‍ෂයෙනුත්, පොන්නම්බලම්ගෙ ද්‍රවිඩ කොන්ග්‍රසයෙනුත් පැවත එන පක්‍ෂයක්‌. චෙල්වනායගම් මහතා 1977 ඔහුගෙ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයෙන් උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගෙ අනන්‍ය නිජබිම කියලා ප්‍රකාශ කළා. ඔහු එයින් කිව්වෙ උතුර නැගෙනහිර ඉන්න දෙමළ ජනතාව හැර අනෙක්‌ සියලුම ජාතීන් පිටගංකාරයො කියලයි. උතුර නැගෙනහිර දෙමළ ජනතාවට තියෙන අයිතීන් ඒ අයට නෑ. මේ අදහස අනුගමනය කරන දෙමළ ජාතික සන්ධානයට ඉඩම් හා පොලිස්‌ බලතල සහිත පළාත් සභාවක බලය ලැබුණොත් ඉතාම භයානක තත්ත්වයක්‌ නිර්මාණය වෙනවා.

ඔබ කොහොමද එහෙම උපකල්පනය කරන්නේ?

දකුණේ දේශපාලකයො පොලිසිය ඔවුන්ගෙ මැර හමුදාවක්‌ බවට පත් කරගෙන කටයුතු කරන අවස්‌ථා ඕන තරම් තියෙනව. උතුරේ දේශපාලකයොත් ඒක නොකරයි කියල අපට කිසිසේත්ම හිතන්න බෑ. කිසියම් අවස්‌ථාවක දෙමළ මැරයො ගිහින් සේරුවිල රජමහා විහාරෙ ගිනි තියල දැම්මොත් එය කරපු උන් හොයා ගන්න බෑ කියල උතුර නැගෙනහිර පොලිසිය කිව්වොත් මොකද කරන්නේ? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාතක පොලිස්‌ හමුදාවක්‌ ක්‍රියාත්මක වෙන්නෙ නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌ යටතේ. නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියන්නෙ මහ ඇමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන නිලධාරියෙක්‌.

පළාත් සභා වලට ඉඩම් බලතල ලබාදීම පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ද්‍රවිඩ ජාතික සන්ධානය උතුර නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ ජනතාව හැර අනෙක්‌ සියලුම ජාතීන්ට සලකන්නෙ දෙවැනි පුරවැසියන් හැටියට. එදා චෙල්වනායගම් ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙන් කළ නිජබිම් කතාව මේ අය අදටත් ප්‍රතික්‍ෂේප කරන්නෙ නෑ. ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුමට අනුව උතුර නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදීමේදී ප්‍රමුඛතාව දිය යුත්තේ ඒ ප්‍රදේශවල සිටින ද්‍රවිඩ ජනතාවටයි. දෙවනුව මේ රටේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට. ඒ දෙපළාතේ පදිංචි සිංහල හෝ වෙනත් ජනවර්ගවලට ඉඩම් ලැබෙන්නෙ ද්‍රවිඩ ජනතාවට ලබාදී ඉතුරු යමක්‌ තිබුණොත් විතරයි. උදාහරණයක්‌ විදිහට උතුර නැගෙනහිර පදියතලාවෙ පදිංචි පියදාසට ඉඩම් කෑල්ලක්‌ ලැබෙන්නෙ, කොළඹ දෙවැනි හරස්‌ වීදියේ පදිංචි සිවලිංගම්ටත් උතුර නැගෙනහිරින් ඉඩම් දුන්නට පස්‌සේ. උතුරු නැගෙනහිර පාරම්පරිකව පදිංචි සිංහල හෝ වෙනත් ජාතිකයකුට නැති අයිතිවාසිකමක්‌ ලංකාවේ ඕනම පළාතක ජීවත්වන ද්‍රවිඩ ජාතිකයකුට උතුර නැගෙනහිර පළාත්වල තියෙනවා. අද උතුර පළාතෙ බලය ලබාගන්න හදන්නෙ ඒ විදිහෙ අන්තවාදී ජාතිවාදී කණ්‌ඩායමක්‌. අද උතුර නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව වැඩි වශයෙන් පදිංචි වෙලා ඉන්නෙ ඉඩම් සංවර්ධන පනත යටතේ ලබාදී ඇති අවසර පත්‍ර මතයි. පත්වෙන පළාත් සභාවකින් මේ අවසර පත්‍ර අහෝසි කෙරුවොත් ඒ සිංහල ජනතාව උතුරෙන් පිටවෙන්න ඕන. ඒ නිසා මේ ඉඩම් බලතල පළාත් සභාවට දුන්නොත් එදා කොටින්ට වෙඩි උණ්‌ඩෙන් කරගන්න බැරි වුණු දේ එක පෑන් පහරින් කරන්න පුළුවන් වෙනවා.

ද්‍රවිඩ එක්‌සත් පෙරමුණෙන් උතුරේ මහ ඇමැති තනතුරට තරග වදින්නෙ විග්නේෂ්වරන් මහතා. ඔහු හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්‌. යුක්‌තිය පසිඳලීම පිළිබඳ කීර්තිමත් නමක්‌ ඇති කෙනෙක්‌. ඔහු නීතිය නිසි පරිදි ක්‍රියාවේ යොදවාවි යෑයි ඇතැමුන් තුළ විශ්වාසයක්‌ තිබෙනවා.

විග්නේෂ්වරන් මහත්මයා ශේ්‍රෂ්ඨාධිකරණයට පත්වූ අවස්‌ථාවේ කළ කතාවක්‌ මම තදින් විවේචනයට ලක්‌ කළා. 2001 වසරේදී zදි අයිලන්ඩ්Z පුවත්පතේ ඒ ලිපිය පළ වුණා. විග්නේෂ්වරන් මහතා එදා ඒ කළ කතාවෙන් ඔහු අන්ත ජාතිවාදියෙක්‌ බව හෙළිදරව් වුණා. මෑතකදී එක්‌තරා පුවත්පතකට විග්නේෂ්වරන් මහතා ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාව කියවා බැලූ මට හැඟී ගියේ ඔහුගේ ඒ ජාතිවාදී අදහස්‌ තවමත් නොවෙනස්‌ව පවතින බවයි. නමුත් ඔහු තුළ ඇති යහගුණයක්‌ පිළිබඳවත් මා සඳහන් කළ යුතුයි. එතුමා ජාතිවාදියකු ලෙස මා ප්‍රසිද්ධියේ එතුමා විවේචනය කළ පසුවත් අධිකරණයේදී එතුමා ඉදිරියේ මා පෙනී හිටියා. මා පෙනී සිටි නඩුවලට එතුමා සාධාරණය ඉටු කළා. අධිකරණයෙන් පිටතදී මා ඔහු ජාතිවාදියකු ලෙස විවේචනය කළත් ඔහු ඒ විවේචනවලින් උරණ වී අධිකරණය තුළදී මගේ භාෂණ නිදහසට බාධා කළේ නෑ. නමුත් එය අධිකරණය තුළදී සිදුවූ දෙයක්‌. අධිකරණයෙන් පිටතදී ජාතිවාදී අදහස්‌ දරන්නකු හැටියට පළාතක මහ ඇමැතිවරයෙක්‌ ලෙස ඔහු කෙසේ කටයුතු කරයිද? ප්‍රශ්නය එයයි.

විග්නේෂ්වරන් මහතා දේශපාලන තරග බිමට ඒම ඔබ අනුමත කරනවද?

අපි කවුරුත් දන්නා පරිදි ද්‍රවිඩ ජාතික සන්ධානය ජාතිවාදී පක්‍ෂයක්‌. එහි මහ ඇමැති තනතුරට කවුරු තරග වැදුනත් ඔහු අනිවාර්යයෙන් ජාතිවාදියෙක්‌. ඒ අනුව මේ තනතුරට විග්නේෂ්වරන් මහතා තරග වැදීම ගැන මා කැමැතියි.

පළාතක මහ ඇමැති පත් කළ යුත්තේ එම මැතිවරණයෙන් පසු ආණ්‌ඩුකාරවරයා විසිනුයි. ඒ සඳහා කිසියම් ක්‍රියාපටිපාටියක්‌ තිබෙනවා. එලෙස තිබියදී එකවරම විග්නේෂ්වරන් මහතා අපේක්‍ෂකයකු ලෙස පත් වෙන්නෙ කොහොමද?

විග්නේෂ්වරන් මහතා පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබුණා ඔහු දේශපාලන බිමට පැමිණීමට අකමැති වූ බව. නමුත් හිතවතුන්ගේ ඉල්ලීමට මේ තීරණය ගත් බව. නමුත් උතුරේ ජනතාව කිසිවිටෙක එබඳු ඉල්ලීමක්‌ කළ බවක්‌ සඳහන් කළේ නෑ. අපට දැනගන්නට ලැබී ඇති විදිහට ඔහුට මේ ආරාධනය කර තිබෙන්නේ සම්බන්ධන්. ඔහු උතුරේ ඡන්දදායකයෙක්‌ වත් නෙමෙයි. පළාත් සභා ක්‍රමයෙන් බලය විමධ්‍යගත නොවන බවට මේ සිදුවීමත් හොඳ සාක්‍ෂියක්‌. ඔය පළාත් සභා මුවාවෙනුත් සිදුවන්නෙ මධ්‍යගත පාලනය දිගටම ගෙන යැමයි. උතුරෙ විතරක්‌ නෙමෙයි දකුණෙ වෙන්නෙත් ඕකමයි. තීරණ ගන්නෙ ඒ ඒ පළාත්වල තියෙන පක්‍ෂ ශාඛා බල මණ්‌ඩල නෙමෙයි තීරණ ගන්නෙ කොළඹින්. පළාත් සභා ක්‍රියාත්මක කරන්නෙ බලය විමධ්‍යගත කරන්නයි කියන මහා ප්‍රොaඩාව අතු ගාල දාන්න ඕන කියල මම කියන්නෙ ඒකයි.

ජනාධිපති තනතුර අහෝසි කර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වහා ක්‍රියාත්මක කළ යුතු බව ගරු සෝභිත ස්‌වාමීන් වහන්සේ යෝජනා කර තිබෙනවා?

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන යහපත් නම් ඒ අනුව රටේ පාලනය යහපත් වේ යෑයි බොහෝ දෙනෙක්‌ හිතනවා. එය මිථ්‍යාවක්‌. ජර්මනියේ වයිමා ව්‍යවස්‌ථාව තරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් ව්‍යවස්‌ථාවක්‌ තවත් නෑ. නමුත් හිට්‌ලර් බලයට ආවෙත් ඒ ව්‍යවස්‌ථාවෙන්. ඒ නිසා අපේ රටෙත් යහපාලනය ර¹ පවතින්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ වගන්ති මත නෙමෙයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට භාරගෙන සිටින පුද්ගලයන්ගේ සද්භාවය මතයි. 17 වැනි සංශෝධනයෙනුත් බලය දෙන්නෙ දේශපාලන පක්‍ෂවලටයි. සෝභිත හාමුදුරුවො කොටි විනාශ කළ යුතුයි කියන ප්‍රතිපත්තියේ සිටිමින් අගනා අදහස්‌ රටට ප්‍රකාශ කළ භික්‍ෂුන් වහන්සේ නමක්‌. නමුත් උන්වහන්සේ අද නොයෙක්‌ පක්‍ෂවලට උවමනා විදියේ කතා කියන්න පටන් අරන්.

ඉඩම්, පොලිස්‌ බලතල සහ පළාත් සභා පිළිබඳ මතුව ඇති මේ අර්බුදයට ඔබ සිතන විසඳුම කුමක්‌ද?

බලය බෙදාහරින්න ඕන. මේ පළාත් සභා ක්‍රමයෙන් ඒක වෙන්නෙ නෑ. මේ ක්‍රමයෙන් වෙන්නෙ බලය තියෙන දේශපාලන පක්‍ෂවල බලය තව තරවීම විතරයි. රටේ විවිධ පළාත්වල පාලනයට ඇඟිලි ගහන්න ඔවුන්ට තිබෙන බලය තවත් වැඩි වෙලා තියෙනව. පළාත් සභාවලින් මේ තාක්‌ වෙලා තියෙන්නෙ බලය තියෙන අයගෙ හිතවතුන්ට රැකියා ලබාදීම සහ ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීම විතරයි. බලය බෙදාහැරීමක්‌ වෙන්නෙ නෑ. බලය බෙදාහැරීමට නම් මේ රටේ තිබුණු ගම් සභා ක්‍රමය යළි ක්‍රියාත්මක කළ යුතුයි. විසඳුම ඒකයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2013/07/28/politics07.html