Pages

Sunday, July 28, 2013

ඉඩම් පොලිස්‌ බලතල ඡන්දෙට පෙර ඉවත් නොකළොත් හෙළ උරුමය සහ ජානිපෙ තේරීම් කාරක සභාවෙන් යයි!

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා සතු ඉඩම්, පොලිස්‌ සහ අනෙකුත් බෙදුම්වාදී බලතල ඉවත් නොකළොත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවත් වීමට ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස්‌ පෙරමුණ තීරණය කර ඇත.

බෙදුම්වාදී බලතල ඉවත්කිරීම ප්‍රමුඛතම කාර්යය ලෙස සලකා පොදු න්‍යාය පත්‍රයක්‌ ඔස්‌සේ තේරීම් කාරක සභාව කටයුතු කළ යුතු වූවත් මෙතෙක්‌ එවැනි න්‍යාය පත්‍රයක්‌ සකසා නැති බව එම පක්‍ෂවල නායකයෝ දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසූහ.

13 වෙනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව පුළුල්ව කතා කළ යුතු යෑයි කියමින් මෙම කාරක සභාවේ කටයුතු දිගින් දිගටම ගෙනයැම නුසුදුසු බව ඔවුහු අවධාරණය කරති.

කෙසේ වෙතත් අදාළ තේරීම් කාරක සභාවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධව එහි සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සභාවට පෙරේදා (26දා) වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එම වාර්තාව පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කොට තවදුරටත් සාකච්ඡා කරන බව හෙළ උරුමයේ නීති සම්පාදක පළාත් ඇමැති zදිවයින ඉරිදා සංග්‍රහයZට පැවසීය.

ඉඩම් සහ පොලිස්‌ බලතල අහෝසි කිරීමට පරිබාහිරව ක්‍රියාත්මක වන්නේ නම් තේරීම් කාරක සභාවේ සිට පලක්‌ නොවන බව ද හෙතෙම කීය.

මේ අතර රටේ ඒකීය භාවයට හානිවන ඉඩම්, පොලිස්‌ ඇතුළු අනෙකුත් බෙදුම්වාදී බලතල අහෝසි කිරීම සම්බන්ධව මෙම තේරීම් කාරක සභාව සාකච්ඡා නොකරන්නේ නම් මෙම සභාවට සහභාගිවීම පලක්‌ නොවන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

තේරීම් කාරක සභාවෙන් එසේ නොවන්නේ නම් ඉන් නැගිට පිටව යන බව ද වීරවංශ මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා
http://www.divaina.com/2013/07/28/news01.html

0 comments: