Pages

Saturday, July 19, 2014

යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායලය ගැන ඔබ නොදත් විස්මිත තොරතුරු!

(තද කොළපාට - මේ රටත් එක්ක කෙලින්ම යුධ වැදුනු රටවල්, ලා කොළපාට- ඒ අරාබි රටවලට උදව් කරපු රටවල්,
නිල් පාටින් - මේ පුංචි රට අර හැමෝටම තනියෙම මුහුණ දුන්නා )
මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ශ වගේම කාර්‍යක්ශම හමුදාවක් බවට පත් වෙනවා.
රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා. මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා. කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා. වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා. දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා. දැනට මේ ඇති. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි. ඉතිං මේ රටෙන් තමයි පස්සෙ කාලෙක මුස්ලිම් අන්තවාදීන්ට නෙළන හැටි මුළු ලෝකෙම ඉගෙන ගන්නෙ.

ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ. මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට ලක්වෙන්න ගත්තා.
මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් වලියට ගියේ වැරදි ජාතියක් එක්ක කියන එක ! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්‍රමණය කරනවා.
(ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ඉරාකය හා ජෝර්දානය)
මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහූණුවක් තිබුනේ නෑ.

අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා.

ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට !

ඊශ්‍රායල වැසියො දැනගෙන හිටියා මේක අවසානය නෙවෙයි. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක. ඒක නිසා ඒගොල්ලො ඔක්කොම අකුලගෙන ආපහු යුරෝපෙටම ගියා ? මොන පිස්සුද. මේ පාර වෙච්ච වැරදිත් හදාගෙන ඊලඟ යුද්ධෙට ලෑස්ති වුණා.

දැන් තමයි හොඳම හරිය එන්නේ. තවත් අවුරුදු 19 ට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් (ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය) එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන. ඊශ්‍රායලය දවස් 6 න් මුං ඔක්කොටම ගහල දැම්මා….. !ඔව්……. දවස් 6 යි.
(ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය)
මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට.
(නිල්පාටින් තියෙන්නෙ ඊශ්‍රායලය. වම් පැත්තෙ රූපයේ ‘Sinai’ කියන්නෙ ඊජිප්තුවට අයිති තෙල් වලින් පොහොසත් බිමක්.
මේ ඔක්කොම ඊශ්‍රායලය හමුදා අල්ලගත්තා)
අපි අවුරුදු 30 ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් 6 කින්. (ඔන්න දැන්නං යන්තම් ඊශ්‍රායලය ලංකාව තරම්ම ලොකුයි)

මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායලය Generals ල International Celebrity ල ගෙ තත්වෙට ආවා.
(වමේ ඉන්නෙ ඒකාලයෙ ඊශ්‍රායලය හමුදා නායකයා. දකුණෙ ඉන්නෙ ඊජිප්තුවෙ හමුදා නායකයා.
මෙයා පරාජය ඉවසගන්න බැරුව පස්සෙ කාලෙක සියදිවි නසාගත්තා)
sixdaywar2පිටරට පත්තර හිටං මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා. යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා. ඉතිං ඊශ්‍රායලය ආක්‍රමණය කරන එක පැත්තක තියලා තමන්ට අහිමි උන ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා, අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් (ඊජිප්තුව සහ සිරියාව) ආක්‍රමණයක් දියත් කරනවා (‍Yom Kippur War)

රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ අරාබි ජාතිකයන් සතු වුණා. ඊශ්‍රායලය යුදෙව්වන් කියන්නෙ සෙල්ලම් නෙවෙයි කියන එකත් ඒගොල්ලන්ට හොඳටම තේරිලයි තිබුණෙ. මේ නිසා මාස ගණනක් තමන්ගෙ සටන හොඳින් සැළසුම් කළා.

කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්‍රායලය හමුදා සෙබලුන්ට රාත්‍රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා. නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මෝලේ කියන එක

අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.

හරියට මාස ගණනක් කට පාඩම් කරල කතාවක් පැවැත්තුවට පස්සෙ සභාවෙ කෙනෙක් අංඤකොරොස් ප්‍රශ්නයක් ඇහුවා වගේ.

ඊශ්‍රායල ජෙනරල්ලා මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා.

(Arial Sharon. එදා මෙදා තුර ඊශ්‍රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්. මෙයාගෙ වැඩ මේ Yom Kippur යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකය වෙන්නෙත් මෙයාම තමයි)

මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා. එදා ඉඳන් අද (2014) වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුනේ නෑ. මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්‍රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා !!!

ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, ගුවන් හමුදා පයිලට් ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න ආරාධනා ලැබෙන්න ගත්තා.

අනික් රටවල ජෙනරල්වරු වගේ පදක්කම් rack පිටින් ඇඳුමෙ එල්ලගෙන ඉන්න සිරිතක් ඊශ්‍රායලයේ officers ලගෙ නෑ. නිතරම front එකට ගිහිල්ල අණ දෙන එක මේ සරළ ඇඳූම නිසා ලේසි වුණා.මේ ගොල්ලන්ගේ නායකත්වය තමයි හැම වතාවකදීම අරාබි හමුදා දණ ගැස්සුවෙ.

මීට පස්සෙ ආපු පුංචි මුස්ලිම් ප්‍රහාර වලට, ඊට වඩා 10 ගුණයකින් බිහිසුණූ ප්‍රති ප්‍රහාර ඊශ්‍රායලය හමුදා එල්ල කළා

පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.
Mideast-Israel-Palest_Horo-40-e1379962809563හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්‍යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්‍රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.

ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)

අද ඊශ්‍රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්‍ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.

ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250 000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ protocols කාර්‍යක්ශම කළා. යුද්ධ කාලෙදි ලෝකය පුරා ඉන්න ගොඩක් ඊශ්‍රායලය ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඔක්කොම දාල ආපහු රටට එන්නේ කවුරුත් බල කරල නෙවෙයි. මේ විදිහට යුද්ධ වලදි front සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො වෙන්න ගත්තා.

වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්).

ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි.

ඇමරිකාවෙ CIA එකේ 20 000 නිළධාරීන් Most Wanted 100 people list එකක් ගැන බලද්දි, ඊශ්‍රායලය ඔත්තු සේවාවේ (Mossad) එකේ 2500 නිළධාරීන් වටේම ඉන්න අරාබි රටවල Most Wanted 100 000ක ලෝකෙ ලොකුම list එකේ මිනිස්සු ගැන අවධියෙන් හිටියා

කොටින්ම අද මුළු ඊශ්‍රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )
cije1

දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම thugs ලද ? අපෝ නෑ. මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. ) වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා. (මිනිස්සු 10k ට 145ක්,දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10k ට 85. පේනවනෙ ගැප් එක ?)

සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි. අපි යැව්වෙත් චීනාට කියලනෙ)


3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා. වැඩිම Scientific Papers Publishing ප්‍රතිශතයක් ලබාගන්නවා. ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගත්තා.


කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි. ඒ වගේ Intel හි Pentium IV, Centrino වගේ Processors බිහිවෙන්න ගත්තා.


Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් ). ගිලපුවහම මුළු ආහාර මාර්ගය පුරාවටම පින්තූර ගන්න පුළුවන්, ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්‍ය විද්‍යාව ඉහලම තැනකට ආවා. ලෙඩෙක් ගෙ ශරීරයේ අංග වල නිවැරදි Hologram එකක් සෑදීමේ හැකියාව. (මේක හිස් වාතයේ හදන ත්‍රිමාණ ආකෘතියක්. මේ විදිහට හදන ශරීරාංගයක් වෛද්‍යවරයෙක්ට ඒ මේ අත හරවලා අධ්‍යනය කරන්න, ඒකෙ ලෙඩ හඳුනගන්න යොදාගන්න පුළුවන්. ශරීරය කපලා ඒක ඇත්තටම අතට ගන්න ඕනෙ නෑ. මේ තාක්ෂණය තාමත් ඊශ්‍රායල ඇතුලෙ වැඩිදියුණූ වෙමින් පවතින්නෙ) 


අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි ! හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි. ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !! “Arabs may have the oil, but we have the matches” – Arial Sharon

ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.

මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.

(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා. ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්. ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ(මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)

ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්

කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝ වෛද්‍යවරුන් (සිග්මන් ෆ්‍රොයිඩ්)
සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.

ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.

පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා.

ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)

කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා. දැන් තේරෙනවා ඇති නෙ තත්ත්වෙ ?

ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා.

මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්‍යක්ශම වෙන්නෙ.

වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්‍යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා.

අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා. ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ

එහේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ ලංකාවට එන්න වුණෙ නෑ.

ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ

ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්‍රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා

පස්සෙ කාලෙක මැදපෙරදිහ ක්‍රිස්තියානි, කතෝලික ආගම අදහන අරාබි ජාතිකයන්ව මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාම තමයි.

මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ හැම ආක්‍රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව හිටියෙ ඊශ්‍රායලයත් එක්ක.

අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා

ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් නැති නිදහස, සමතැන දීලා තියෙනවා. අර කලින් කිව්ව යුධ පුහුණුව මේ ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්ට අනිවාර්‍ය වුණෙ නෑ. ඒත් සමහර ඊශ්‍රායලය-අරාබි ජාතිකයන් තමන්ගෙ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණෙ අනික් කිසිම අරාබි රටකටත් වඩා තමන්ට නිදහස දුන්න නිසා.

යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.

හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා

ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.

රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.
Jews en route to Israel from Yemen, during the Magic Carpet operation
ඕනෑම රටක යුදෙව් තරුණ තරුණියන්ට රටේ දවස් 10ක සංචාරයක අවස්ථාව ලැබෙනවා. කෑම බීම ඉඳුම් හිටුම්, guide ල ඔක්කොම ඊශ්‍රායල රජයෙන් නොමිලේ සපයනවා. මේ ඔක්කොම කරන්නෙ ඒගොල්ලො රට ගැන පැහැදිල රටේ පදිංචියට එයි කියල හිතලා.

අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය පුරවැසිබාවය දෙනවා.

මේගොල්ලො ලෝකය පුරා ඉන්න යුදෙව්වන්ට කියන්නෙ එක දෙයයි”Come Home”

ඒත් ලෝකෙ හතර අතේ විසිරිලා තිබුණු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාව (රුසියානු, පෝලන්ත, ජර්මන් වගේ).

මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් තිස්සෙ වඳවෙලා තිබ්බ හීබෲ භාශාව කතා කරන්න ගත්තා ! අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.
News papers, Film නිශ්පාදන වල නම් ඔක්කොම තියෙන්නෙ Hebrew වලින්ම තමයි
මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ !

සියලූම අලුත් හා පරණ විද්‍යාත්මක නම් වලට අදාල අලුත් හීබෲ වචන 2000 ක් සෑම අවුරුද්දකම භාශා විශ්වවිද්‍යාල වලින් නිකුත් කරනවා. මේ නිසා හීබෲ අතරට ඉංග්‍රීසි වචන කෑලි දාලා කතා කරන එක අවම වෙනවා.

මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් මරපු නාසි නිලධාරීන්ව දඩයම් කරන්න ලෝකයේ හැම පැත්තකටම මෙහෙයුම් දියත් කළා.

තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන ඊශ්‍රායලය ගෙනල්ලා එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා පවා දක්වන්න අවස්ථාව දුන්නා. නීතීඥයන් ලබා දුන්නා.
Adolf Eichmann - මෙයාව ආර්ජන්ටිනා රජයටත් හොරෙන් පැහැරගෙන ඇවිල්ල අධිකරණය ඉදිරියට පමුණුවනවා
නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?

ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා.

අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
Cyrus-Babylonඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්‍රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක් !

නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.

යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.

මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.

හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම කලින්ම අනාවැකි කරල තිබුණා.

“යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “

“හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”

“ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා

යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.

ඉතින් තවත් අවුරුදු 1000 ක් ට විතර පස්සෙ හිට්ලර් ගෙන් බේරිලා,3න් වෙනි වතාවත් නැවත ආපු යුදෙව්වන්, අර වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා

මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක් බවට පත් වුණා. බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.
යුදෙව්වන් ඊශ්‍රායලය අගනුවර Tel-Aviv පිහිටුවන හැටි. ඒගොල්ලො එද්දි මේක එකම කාන්තාරයක් විතරයි
මේ තියෙන්නෙ අද ඊශ්‍රායල අගනුවර Tel-Aviv
tel-avivඉතිං මේ විදිහට තමයි යුදෙව්වන් තමන්ගෙ අවුරුදු 4000 පරණ සැලැස්මේ අන්තිමට හරියත් ගොඩනගන්න සමත් වුණෙ.

අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අතෑරලා තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයට නැවත ඇවිල්ලා හතර වටේම ආපු මුස්ලිම් තර්ජන අස්සෙ රටක් හදලා 0 ඉඳලා ලෝකයේම ඉහලම තැනකට ඇවිල්ලා අවුරුදු 4000 ක සැළැස්මක් සාර්ථකව ඉවර කරපු කතාව තමයි මේ.

අරාබි රටවල් එකිනෙකා එක්ක ඇණකොටාගෙන ලේ විලක් වෙද්දි ඊශ්‍රායලය රට ඉතාම සාමකාමීව සිංදුවක් කියාගෙන, දෙයියනෙ කියල ලෝකෙට විද්‍යාවෙන් දේවල් දායක කරල නොබෙල් තෑග්ගක් දෙකක් ගහගෙන හිටියා.

සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි තුවාල වෙච්ච මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල් වලටම යැව්වා.

පහුගිය අවුරුදු 50 ඇතුලත රටේ ජනගහනය 4 ගුණයක් වෙලා.. කාර්මික ව්‍යාපාර 50 ගුණයකින් දියුණූ වුණත් මුළු ජල පරිභෝජනය 10% අඩු කරගන්න මේගොල්ලො සමත් වුණා. මෙන්න මේ විශිෂ්ථ ජල කළමනාකරන හැකියාව පාවිච්චි කරලා ආප්‍රිකාවෙ නියඟයෙන්
දුක් විඳින ගම්මාන රැසකට ඊශ්‍රායල රජය උදව් වෙනවා.

අපිට වගේම මේගොල්ලන්ට යුධ අපරාධ චෝදන අම්බානක් තියෙනවා. ලංකාව ගරිල්ල සංවිධානයක් එක්ක ගහගෙනත් ලෙඩ වැටුණු එකේ. ඊශ්‍රායලය තමන්ගෙ රට වගේ 650 ගුණයක් විශාල රටවල් එක්ක හැප්පෙද්දි මේ චෝදනා එන එක පුදුමයක් නෙවෙයිනෙ ?

ඉතිං මේක මෙතනින් ඉවරද ?ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි

මුං මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව අවුරුදු 1000 කින් අල්ලයිද කියන එක අපි කවුරුත් දන්නෙ නෑ.

දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක.

හැබැයි ඉතිං මුළු ලෝකෙටම (Ex:- USA, Israel, Russia..etc) මුං ඉන්නෙ මිලියන 12-14ක් වගේ. ඔව්. ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි.

ඉතිං ශ්‍රී ලංකාව පරාජය පෙනී පෙනී Cricket match එකක් දිනන හැම වතාවකදිම. ජපනා හිරෝශිමා සිද්ධියෙන් අලු ගසල නැගිටපු හැටි අහන හැම අවස්ථාවකදීම, ලෝකෙට අළුත්ම විද්‍යාත්මක සොයාගැනීම් එනකොට ඉස්ලාම් අන්තවාදයට පහර වදින හැමවතාවකදීම, මැදපෙරදිග හුදෙකලා සටනක් ගෙනියන, ඒ අතරේම විද්‍යාවෙන් ගොඩාක් දේවල් ලෝකෙට දායාද කරපු මේ අපූරු රට ගැන ඕගොල්ලන්ට මතක්වේවි කියල මං හිතනවා.  

ඊශ්‍රායලය ගැන කියන්න තව ඕනෙ තරම් කරුණු තියෙනවා. මේ ඔක්කොම ලියන්න ගියොත් පොතක් වෙන නිසා. පස්සෙ වෙලාවක බලමු.   

පුළුවන් නම් තව අමතර දෙයක් එකතු කරන්න, වැරදි පෙන්නන්න,
වෙලාව ලැබෙන විදිහට මං reply කරන්නම්

Thread එක Rate කරන්න.  rep වලින් වැඩක් නෑ 

Copyrights:- ඕනෑම කෙනෙකුට කර්තෲ අවසරයකින් තොරව ගෙඩිය පිටින් උස්සගෙන paste කිරීමට අවසර ඇත. ලිපියේ අරමුණ දැනුවත් කිරීම විනා, නම කොටාගැනීමට නොව. 
(කොහොමත් මගේ ඇත්ත නම Zeus නෙවෙයිනෙ). ඒත් පුළුවං නම් මේ thread එකේ link එකත් සඳහන් කරන්න. ඒ නැතත්. අනේ කමක් නැත. 
---------------------------------------------------------------------------------
Article first found from | http://syco.me/2014/07/19/wonderfull-israel-jewish/?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sycodotme+%28syco.me%

Later found (This seems to be the original source) | http://www.elakiri.com/forum/showthread.php?t=1622022

31 comments:

වැව් ඉස්මත්ත said...

හරි ආසාවෙන් කියවාගෙන ආව මචංල....ඒ පස්සෙන් කොහෙදෝ නැති නින්දක් ඇවිදින් කරදර කරනව යාළුවා.....ඉතිරිටික හෙට උදේ්ට කියෝනවා

Unknown said...

e kiyanne BIBLE eka api okkoma pilgatha yuthui kiyana ekada ?

දෙනෙත් හරින්න ! said...

@Hareendra | සහෝ,
මේ යුදෙව් ධෛර්ය්‍ය සහ ආත්මාභිමානය ගැන ආදර්ශයක් ගමු! මෙහි හරය වටහාගමු! ඔවුන් සැබෑ එඩිතර ජාතියක්!

Unknown said...

Tnx editor. Mama godak asawen kiyewwa. E wagema denaganna ona wela hitapu karunu tikak. Thanx again. Amataka karanna epa me serama dewiyan wahanse Abraham ta dipu promise 1 nisa kiyala.
Tnx

Darsha Seneviratne said...

හැබැයි ඉතින් මේ යුරෝපයේම ඉතාලියේ පාසල්වල උගන්වන්නේ බොහෝ නිවැරදි පැත්ත පලස්තීනය කියලයි. සාමාන්‍යයෙන් රජයන් හැටියට කොයි ඉතාලි අන්ඩුත් ඉශ්‍රයාලයට සහයෝගය දෙනවා, එත් සාමාන්‍ය ජනතාවගේ මතය සහ අධ්‍යාපනයේදී සත්‍ය හෙළිකරනවා,

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig) said...

මගේ යාළුවෙක් මේ පුරුක දුන්නෙ. යුදෙව්වන් සමඟ ඉතා ළඟ අත්දැකීම් ඇති කෙනෙක් හැටියට, ඔබ යුදෙව්වන් වගේම, අනුන්ගේ දේ උපුටාගෙන ඊට වඩා අනර්ඝව ලිවීමේ දක්ෂයෙක් බව දැනෙනවා.

මට නම් මිනිසුන් අතර යුදෙව්වන්, මූසලයන් වගේ ජාතීන් සිටීම දුකක්. දෙගොල්ලම හැම අතින්ම සමානයි. අද ලෝකය අයිති මේ අයටයි. ඒකනේ අපි සුරසැප විඳින්නෙ.

ඒත් නොදන්න ජාතීන් ගැන විච්චූරණ ලියන්න සිංහල භාෂාව පැටලීම අප්‍රසන්නයි. ඉතිහාසය කියන්නෙ අද විතරක් නොවෙයි. ඊයෙ ජයග්‍රාහකයෝ අද පරාජිතයෝ. හෙට???

ඔයාට මම කියන එක අජීර්ණය වෙන්න පුළුවන්. මට නම් ඔවුන් පෙනෙන්නෙ අනුන්ගෙ දැනුම විකුණගෙන කන ඉන්දීය උපතක් ඇති සංක්‍රමණිකයන් ලෙස හැම දාම අපාගත වූ කොටසක් ලෙසයි. හේතු කියන්න ඕන නැහැනෙ. දිනන එකාට හුරේ දැමීම සිංහල ගතියක් නම් නොවෙයි. ඒ පරදින කොට කියපුවා ගිලින්න වෙන නිසයි.

දෙනෙත් හරින්න ! said...

@Priyantha | ඉතාම පැහැදිලිව අප උපුටාගන්නා සියළුම දෑහි, අවම වශයෙන් සේයාරුවක් උපුටා ගත්විට එය පවා, උපුටාගත් මූලශ්‍රය සමඟ දැක්වීම අපේ ප්‍රතිපත්තියයි!

බස පටලවා නොගෙන රචකයා එය අලංකෘතව ලියා ඇතිබැව් ඉරිසියාවකින් තොරව මටනම් දැනෙනවා!

සංක්‍රමණිකයන් ලෙස හැම දාම අපාගත වූ කොටසක් ලෙස ඔබ යුදෙව්වන් හඳුන්වනවා නම්, මෙහි රචකයා කරුණු දක්වා ඇති පරිදි ඔබත් සාක්ෂි ගෙනහැර පාමින් ඔහුගේ තර්ක, තතු බිඳින්න. පුරසාරම් වෙනුවට එයයි වැදගත්!

ස්තුතියි!

Unknown said...

Good

ඩොක් අයියා said...

බොහොම වටිනා අදහස් ගොඩක් තියනවා මේකේ, මේ ඔක්කෝටම හේතුව මොකක්ද දන්නවද මල්ලි, දෙවියන්වහන්සේගේ ආශීර්වාදය තියෙන්නේ ඊශ්‍රායලය එක්ක, ඒක අබ්‍රහ්ම්ට ලැබුණේ, යේසුස් වහන්සේ ජීවිතය දුන්නේ ඊශ්‍රායල් ජනතාවගේ පාපය උදෙසායි, ඉතින් තවත් මොනවද කථා

Anonymous said...

වැඩක් නැහැ ලගදීම අබ සරණයි .

Whoever said...

කෝ ඉතිං ඔයා මේ ලිපියෙ මූලාශ්‍රය දාලා නෑ නෙ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1622022

අනික උපුටාගත්තට පස්සෙ ම්ඒ ලිපිය Update වෙලා තියෙන්නෙ

Anonymous said...

bambuva..magulak kIYAN NATUVA NODANNA DEYAK IGENA GANILLA...TOPITA ENGRISIYATH BA EKA SINHALAT DAMMAMMA ADA KUDATH HOYANAVA...

Anonymous said...

well said "deneth harinna". meken ganna puluwan hoda de aragena oyalata awashya nathi dewal ain karala upekshawen balanna bari ai.. hithe kuhaka kama nisa... hoda lipiyak.. original link eken copy karala hari dapu ekata thx macho.. mokada original link eka apita me wenakal kiyawanna labune nahane kattiya purasaram deduwata.. thx again.. (y)

දෙනෙත් හරින්න ! said...

සියලු දෙනාගේ දැන ගැනුම සඳහායි!

ඉතාම පැහැදිලිව අප උපුටාගන්නා සියළුම දෑහි, අවම වශයෙන් සේයාරුවක් උපුටා ගත්විට එය පවා, උපුටාගත් මූලශ්‍රය සමඟ දැක්වීම අපේ ප්‍රතිපත්තියයි!

අපි මෙම ලිපිය උපුටාගත් ලින්තුව ලිපිය අවසන දක්වා ඇත.

සියලු අසැබි වචන සහිත ප්‍රතිචාර මකා දමා ඇත!

Anonymous said...

Hikz

Anonymous said...

Ezekiel 36:24
I will take you from the nations and gather you from all the countries and bring you into your own land.
http://www.openbible.info/topics/israel_and_the_end_times

Anonymous said...

Thank you for the valuable information.. Inspiring.

Elakiri said...

http://www.elakiri.com/forum/showthread.php?t=1622022

මේ ලින්ක් එක මේ වෙන තෙක් ලිපිය අගට දාල නෑ. බොරු නොකිය හිටපිය බූරුවා. ජාතිවාදය විකුණමින් අනුන්ගෙ ලිපි උස්සන තොපි ගැන ලැජ්ජ වෙයන්.

දෙනෙත් හරින්න ! said...

After finding the link of , http://www.elakiri.com/forum/showthread.php?t=1622022 today, 2014/7/22, added some new photos & information from it.

Rangana said...

Thanks yaluwa/////// godak wadagath lipiyak

Deneth said...

(y)

Unknown said...

absolutely yes...!

Unknown said...

me rata kavadavath vatenne na eka sthirai shuddawu deshaya meyai

Anonymous said...

Tnx editor.මම ලියන්නේ ඉශ්‍රායෙල් දේශයේ සිටයි.ඉතාමත්
වටිනා හරබර සත්‍යයෙන් පිරුණාවු වටිනා ලිපියක්.නැවත ස්තුතියි.
මෙම දේශයේ බහුතරය යුදෙව්වන් වුවද ඒහා සමානව බෝහෝ
විදේශිකයන් මේ දේශයේ සේවයේ යේදී සීටිති.ඒසෑම කෙනෙකුගේම
ආරක්ෂාව සැපයීමට මෙම රජය හා යුදවිරුවන් ගන්නා අපරිමත උත්සහාය කැපවීම ඉතා අගය කොට සැලකීම අප කාගෙත් යුතුකමවේ.(තවද නුඹට ආශිර්වාද කරන්නට මම ආශිර්වාදකරන්නෙමි.නුඹට ශාප
කරන්නට මම ශාප කරන්නෙමි.පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක.(උප්පත්ති 12:3)ශූද්ධ බයිබලයේ එසේ සදහන් කරයි.එබැවින් මේ දේශයයට විරුද්ධව ද්වේෂ සහගත ලෙස කථා කීරීමෙන් වලකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලමි.මන්ද ඔබේ නොදන්නා කමින් ඔබ මේ දේශයට විරුද්ධව කථා කීරීමෙන් ශාප ලද්දෙක් නොවන පිණිසය.

Unknown said...

Great & Thanks

Unknown said...

ගොඩක් වටිනා ලිපියක්

nilminihewa said...

යුදෙවුවන්ව සමුලඝාතනය කරලා ඉතිරි අයත් එලෙවුවට පස්සේ අන්තිමට එහි අයිතිය ගත්තේ මුස්ලින් අයයි , නමුත් පසු කාලීනව ඇමරිකාවෙත් සහයෙන් තම උරුමය ගත්තා ,, අවුරුදු 1000 වැඩි කාලයක් නිසා ඉතිහාසය විකුර්ති වීමයි වැරදි ඉගැන්වීම් වෙන්නේ ,, ලංකාවෙත් සමහරු කියන්නේ පලස්තිනේ අස්සේ බලෙන් ඊශ්‍රායිලය හැදුව කියලා ඔය දැනුම නිසානේ

Unknown said...

හොඳට පැහැදිලි කරලා තියෙනවා කියලා වැඩක් නැහැ ගොඩක් හොඳට මෙක කරලා තියෙනවා .......

Unknown said...

හොඳට පැහැදිලි කරලා තියෙනවා කියලා වැඩක් නැහැ ගොඩක් හොඳට මෙක කරලා තියෙනවා .......

Unknown said...

හොඳට පැහැදිලි කරලා තියෙනවා කියලා වැඩක් නැහැ ගොඩක් හොඳට මෙක කරලා තියෙනවා .......

Unknown said...

හොඳට පැහැදිලි කරලා තියෙනවා කියලා වැඩක් නැහැ ගොඩක් හොඳට මෙක කරලා තියෙනවා .......