උතුරු පළාත් සභාව දිවුරුම් දීමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් පළාත් සභාවලට රජයේ ඉඩම් සම්බන්ධ කිසිදු බලයක් නැතැයි තීරණය වීම සැබවින්ම දෛවෝපගත සිද්ධියකි. මෙය කිසිසේත්ම සැලසුම් කර කරන ලද්දක් නම් නොවන බව ඉතාමත්ම පැහැදිලිය. පහසුව සඳහා "සෝලෙයිමුත්තු රාසු" නඩුව හැටියට හැඳින්විය හැකි මෙකී නඩුව අවුරුදු 18 ක් පමණ උසාවි පද්ධතිය තුළ ඒ මේ අත ගිය පැරණි නඩුවකි. මෙය මුලින්ම උසාවියට ගියේ 1995 දීය. ඒ අවස්‌ථාවේදී රාජ්‍ය වැවිලි සංස්‌ථාව ඔවුන්ට අයත් ඉඩමක අනවසරයෙන් පදිංචි වී සිටි සෝලෙයිමුත්තු රාසු නම් පුද්ගලයකු එම ඉඩමෙන් ඉවත් කර ගැනීම සඳහා නුවරඑළිය මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පැවරුවේය. මහෙස්‌ත්‍රාත්වරයා මෙම අනවසර පදිංචිකරු ඉඩමෙන් ඉවත් විය යුතු බවට තීන්දුවක් දුන්නේය. එවිට සෝලෙයිමුත්තු රාසු නමැති මෙම පුද්ගලයා මධ්‍යම පළාතේ මහ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත් උසාවියේ නියෝගය නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා සිටියේය. එවිට රාජ්‍ය වැවිලි සංස්‌ථාව මධ්‍යම පළාතේ මහ අධිකරණය වෙත 1996 පෙබරවාරි මාසයේදී කරුණු දක්‌වමින් පවසා සිටියේ අදාළ ඉඩම රජයේ ඉඩමක් බවත් එහි සිටින අනවසර පදිංචිකරුට ඉන් ඉවත්වන මෙන් නොතීසි නිකුත් කර ඇත්තේ රජයේ ඉඩම් (භුක්‌තිය පවරා ගැනීමේ) 1979 අංක 7 දරන පනත යටතේ බවත් එම නිසා මෙකී අනවසර පදිංචිකරුට මහ අධිකරණය වෙත ඒ සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට අයිතියක් නැති බවත්ය.
1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්‌තිය නැවත පවරා ගැනීමේ) පනත ඉතාමත්ම ප්‍රායෝගික නීතියකි. ඕනෑම රජයේ ආයතනයකට තමා යටතේ පවතින රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචිවී සිටින ඕනෑම කෙනකුට ඉන් ඉවත්වන්නැයි කියමින් නොතීසියක් නිකුත් කළ හැක. එවිට අනවසර පදිංචිකරු එම ඉඩමෙන් මසක් ඇතුළත ඉවත් විය යුතුය. ඔහු ඉවත් වූයේ නැත්නම් අදාළ රජයේ ආයතනයට මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනු කළ හැක. කරුණු විමසීමෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයාට අදාළ පුද්ගලයාව ඉඩමෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කළ හැකි අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් බලහත්කාරය යෙදවීමට ද පොලිසියට එම පනතින්ම බලය පවරා ඇත. එමෙන්ම මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත්වරයා නිකුත් කරන ඉවත් කිරීමේ නියෝගයකට එරෙහිව ඉහළ උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කිරීමට ද නොහැක. 1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්‌තිය නැවත පවරා ගැනීමේ) පනතේ මෙකී විධිවිධාන පමණක් වුවත් රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ නඩුව ජය ගැනීමට ප්‍රමාණවත් විය.
නමුත් රාජ්‍ය වැවිලි සංස්‌ථාව මධ්‍යම පළාත් මහ අධිකරණය වෙත ගොස් එම අධිකරණයට මෙකී නඩුව ඇසීමට බලයක් නැතැයි කියමින් මූලික විරෝධතා ගොනු කළ අවස්‌ථාවේදී ඔවුන් කියා සිටි තවත් කාරණයක් වූයේ රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා බලතල ලැයිස්‌තුවට ඇතුළත් නොවන නිසා මධ්‍යම පළාත් මහ අධිකරණයට රජයේ ඉඩම් සම්බන්ධ නඩුවක් ඇසීමට බලය නැති බවයි. (ඇත්තවශයෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඇති පළාත් සභා බලතල ලැයිස්‌තුවේ "රජයේ ඉඩම්" පළාත් සභාව යටතට එන බවක් කොතැනකවත් සඳහන් වන්නේ නැත.) මධ්‍යම පළාත් මහ අධිකරණය අවුරුදු කිහිපයක් මෙම නඩුව ඇසීමෙන් පසු 2000 නොවැම්බර් මාසයේදී තීන්දු කර සිටියේ රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා යටතට වැටෙන්නේ නැති නිසා එකී අධිකරණයට සෝලෙයිමුත්තු රාසු නමැති මෙම අනවසර පදිංචිකරුගේ පෙත්සම ඇසීමට බලයක් නැති බවයි. ඊට ටික දිනකට පසු සෝලෙයිමුත්තු රාසු මධ්‍යම පළාත් මහ අධිකරණයේ තීන්දුවට එරෙහිව ඇපැල් උසාවියේ නඩුවක් ගොනු කළේය. ඇපැල් උසාවිය ද අවුරුදු 12 ක පමණ කාලයක් මුළුල්ලේ මෙම නඩුව ඇසීමෙන් පසු 2012 අගෝස්‌තු මාසයේදී තීන්දුවක් ලබාදුන්නේය. එම තීන්දුවෙන් කියවුණේ රජයේ ඉඩම් නමැති විෂය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුව යටතට වැටෙන නිසා පළාත්බද මහ අධිකරණ වලට රජයේ ඉඩම් සම්බන්ධ නඩු ඇසීමට බලයක් තිබෙන බවයි.
ඇපැල් උසාවියේ මේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගම රාජ්‍ය වැවිලි සංස්‌ථාව ශේ්‍රෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ඇපැල් උසාවියේ මේ තීන්දුව නිශ්ප්‍රභා කරන ලෙසය.
පසුගිය සතියේ අග විනිසුරු මොහාන් පීරිස්, විනිසුරු කේ. ශ්‍රීපවන් හා විනිසුරු ඊවා වනසුන්දර නමැති තුන් කට්‌ටුව විසින් වෙන වෙනම නඩු තීන්දු තුනක් ප්‍රකාශයට පත් කරමින් ඉතා පැහැදිලිව සඳහන් කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අනුව රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවට අයත් විෂයක් මිස පළාත් සභාවලට අයත් විෂයක් නොවන බවයි. ඔවුන් මෙම තීන්දුව සනාථ කිරීමට ගෙන හැර දැක්‌වූ කරුණු පහත සඳහන් ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ "රජයේ ඉඩම් හා මුහුදු වෙරළ" යන්න ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. (මේ ආකාරයට රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ පැහැදිලිව සඳහන් වුවද එවැන්නක් පළාත් සභා ලැයිස්‌තුවේ සඳහන් වන්නේ නැත.)
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154 (ජී) (7) වගන්තියට අනුව මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ ඇති කිසිදු විෂයක් සම්බන්ධයෙන් පළාත් සභාවකට නීති සම්පාදනය කිරීමට නොහැකි බව කියවෙයි. ඒ අනුව පළාත් සභාවලට "රජයේ ඉඩම් හා මුහුදු වෙරළ" සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගත නොහැක.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් සම්බන්ධයෙන් කාරණා සඳහන් වන දෙවන උපලේඛනයේ ආරම්භක වාක්‍යයෙන් කියවෙන්නේ රජයේ ඉඩම් ජනරජයට අයිති බවත් එම ඉඩම් පැවරීම කළ හැක්‌කේ ජනාධිපතිවරයාට පමණක් බවත්ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 (ඩී) වගන්තියෙන් රජයේ ඉඩම් පැවරීම ජනාධිපතිවරයාට අයිති බලයක් බව තහවුරු කර ඇත. එම නිසා රජයේ ඉඩම් සම්බන්ධ සියලු බලතල අයත් වන්නේ ජනරජයට මිස පළාත් සභාවලට නොවේ.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 18 වන විෂය "ඉඩම්" වුවත් එහි සඳහන් වන පරිදි පළාත් සභාවලට අයිති ඉඩම් බලතල කාරණා කීපයකට පමණක් සීමා වෙයි. එනම් ඉඩම් පිළිබඳ අයිතීන් යන කාරණය, ඉඩම් මත පදිංචි කරවීම, ඉඩම් පැවරීම, ඉඩම් භාවිතය හා සංවර්ධනය යන කාරණාය. නමුත් මේ බලතල ක්‍රියාත්මක කිරීම ද මධ්‍යම ආණ්‌ඩුවට අයත් බලතල ලැයිස්‌තුවට අනුකූලව සිදුවිය යුතු බව පළාත් සභා ලැයිස්‌තුවේ අංක 18 දරන මෙකී ඉඩම් පිළිබඳ වාක්‍යයෙන්ම කියවෙයි. එමෙන්ම පළාත් සභා ලැයිස්‌තුවේ අංක 18 දරන ඉඩම් පිළිබඳව මේ ඡේදයෙන් පෙන්නුම් කරන පරිදි එම ඡේදයේ සඳහන් කාරණා සම්බන්ධයෙන් පමණක් පළාත් සභා වලට බලතල ඇති බවත් ඉන් ඔබ්බට කිසිදු බලයක් ඔවුන්ට හිමිවිය යුතු නැති බවත් පැහැදිලි වේ. එනම් පළාත් සභා වලට ඉඩම් සම්බන්ධයෙන් ඇති බලතල, ඉඩම් අයිතිය යන කාරණාද (මෙයින් අදහස් වන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැන්නක් බව පැහැදිලිය) පදිංචි කරවීම, ඉඩම් පැවරීම, භාවිතය හා සංවර්ධනය යන කාරණා පමණි.
- 13 වන සංශෝධනයේ "රජයේ ඉඩම්" හා "ඉඩම්" යන්න තැන් දෙකක සඳහන් වෙයි. ඒ අතරින් සමස්‌ත රජයේ ඉඩම් ගැන සඳහන් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ පමණි. පළාත් සභා වලට අවශ්‍ය වුවහොත් ඉඩම් ලබාදෙන්නේ මේ මධ්‍යම ආණ්‌ඩුවට අයත් ඉඩම් සංචිතයෙනි. රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා වලට පවරා නොතිබීමෙන් ජන රජයට අයත් ඉඩම් පළාත් සභාවලට නොපැවරීමේ ෙච්තනාව පිළිබිඹු කරයි.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවන උපලේඛනයේ 1.1 ඡේදයට අනුව පළාත් සභා බල ප්‍රදේශයක් තුළ මධ්‍යම ආණ්‌ඩුවට ඔවුන්ට සම්බන්ධ විෂයක් සඳහා රජයේ ඉඩමක් භාවිත කිරීමට අවශ්‍ය වුවහොත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අදාළ පළාත් සභාව "කන්සලට්" කළ යුතු බව කියවෙයි. "කන්සල්ට්" යන වචනයෙන් අදහස් වන්නේ විමසා සිටීමක් යෑයි දළ වශයෙන් කිව හැක. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැහැදිලි කලේ "කන්සල්ට්" යන වචනයෙන් පළාත් සභාවේ "අනුමැතිය" ගතයුතු බවත් අදහස් වන්නේ නැති බවයි. එමෙන්ම මේ ආකාරයට පළාත් සභාව කන්සල්ට් කළ යුතු යෑයි කියා තිබුණත් රජයේ ඉඩම් අයත් වන්නේ ජනරජයට යන කාරණය ඉන් වෙනස් වන්නේ නැත.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවැනි උපලේඛනයේ 1.2 ඡේදයට අනුව යම් කිසි පළාත් සභාවකට එම පළාත් සභාවට අදාළ යම් කිසි කාරණයක් සඳහා රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත් එම ඉඩම ඔවුන්ට ලබාදිය යුත්තේ මධ්‍යම ආණ්‌ඩුව විසිනි. පළාත් සභාවකට රජයේ ඉඩමක් පාලනය කිරීමට හා භාවිත කිරීමට බලයක් ලැබෙන්නේ ඔවුන්ට එම ඉඩම මධ්‍යම ආණ්‌ඩුවෙන් පවරා දුන් පසුව පමණි. රජයේ ඉඩම් පළාත් සභා යටතට වැටෙන්නේ නැති බවට එයින්ද පැහැදිලිය.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ දෙවන උපලේඛනයේ 1.3 ඡේදයට අනුව යම්කිසි පළාත් සභා බල ප්‍රදේශයක් තුළ තිබෙන රජයේ ඉඩමක් රටේ පුරවැසියකුට හෝ ආයතනයකට පවරා දීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එසේ කළ යුත්තේ පළාත් සභාවේ උපදෙස් මත බව යෑයි සඳහන් වුවද පළාත් සභාවක් විසින් දෙන එකී උපදෙස් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින්නේ නැත. (ජනාධිපතිවරයාට යම් පළාත් සභා බල ප්‍රදේශයක් තුළ තිබෙන රජයේ ඉඩමක් තමාට කැමති අයෙකුට පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස් මත "පමණක්" යෑයි කොතැනකවත් සඳහන් වන්නේ නැත. ජනාධිපතිවරයාට මෙසේ ඉඩම් පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස් මත "පමණක්" යෑයි කියා නැති වාතාවරණයක් තුළ ජනාධිපතිවරයාට ඉඩම් පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස් මත පමණක් යෑයි කියා ව්‍යවස්‌ථාවේ ලියා නැති නීතියක් නීතිගත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිවම ප්‍රතික්‍ෂේප කර ඇත.) මේ සම්බන්ධයෙන් පළාත් සභාවක් දෙන උපදෙස් බාර ගැනීමට ජනාධිපතිවරයා බැඳී නොසිටින නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 (ඩී) වගන්තිය අනුව රජයේ ඉඩම් ඕනෑම කෙනෙකුට පැවරීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය කිසිදු සීමා කිරීමකින් තොරව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙයි.
- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ දෙවන උපලේඛනයේ තුන්වන ඡේදයට අනුව ජාතික ඉඩම් කොමිසමක් තිබිය යුතු අතර රජයේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත්තේ මේ ජාතික ඉඩම් කොමිසම විසිනි. පළාත් සභාද මේ ජාතික ඉඩම් කොමිසමෙන් සම්පාදනය වන ප්‍රතිපත්තීන් වලට අනුකූල විය යුතුය. මෙයින්ද පැහැදිලි වන්නේ රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවේ විෂයක් මිස පළාත් සභා වල විෂයක් නොවන බවයි.
- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන්, හිටපු විනිසුරු මාක් ප්‍රනාන්දු දුන් තීන්දුවක් උපුටා දක්‌වමින් පවසා සිටියේ යම්කිසි විෂයක් අයත් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ ලැයිස්‌තුවටද නැතිනම් පළාත් සභාවේ ලැයිස්‌තුවටද යන්න එම ලැයිස්‌තු දෙස බැලීමෙන් පමණක් තීන්දු කළ නොහැක. අදාළ ලැයිස්‌තුවල විෂයයන් විස්‌තර කර ඇති ආකාරය සම්පූර්ණ නොවීමට ඉඩ ඇත. එම නිසා උසාවිය හැමවිටම මධ්‍යම ආණ්‌ඩු ලැයිස්‌තුවේත් පළාත් සභා ලැයිස්‌තුවේත් සමගාමී ලැයිස්‌තුවේත් ඇති විෂයන් එකිනෙකා සමඟ ගැටෙන්නේ නැති ආකාරයට නිර්වචනය කළ යුතු බව පවසා සිටියේය.
- එමෙන්ම ශ්‍රීපවන් විනිසුරුතුමා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවැනි උපලේඛනයේ සඳහන් ආකාරයට ජනාධිපතිවරයා යම්කිසි පළාත් සභා ප්‍රදේශයක් තුළ තිබෙන රජයේ ඉඩමක් තමාට කැමැති අයෙකුට පැවරීමේදී පළාත් සභාවෙන් දෙන උපදෙස් පිළිපැදීමට බැඳී නොසිටියත් ඔහු පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කර ඇති නීතිවලට පමණක් අනුකූලව එම පැවරීම සිදුකළ යුතුය. ශ්‍රීපවන් විනිසුරුතුමා එයින් ගම්‍ය කර ගත්තේ පළාත් සභාව යනු පාර්ලිමේන්තුවට පහළින් පිහිටි සීමිත ව්‍යවස්‌ථාදායක බලයක් පමණක් ඇති ආයතනයක් බවයි.
- විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද සඳහන් කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 18 වන ඡේදයෙන් "ඉඩම්" ගැන සඳහන් වුවද ඒ යටතට "රජයේ ඉඩම්" අයත් නැති බව පැහැදිලි වන බවයි. එතුමියගේ මතය වූයේද රජයේ ඉඩම් ජනරජයට පමණක් අයිති බවත් මේ ඉඩම් පැවරීමට ජනාධිපතිවරයාට ඇති බලතල කිසිදු ආකාරයකින් සීමා කර නැති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ ඉඩම් බලතල පිළිබඳ සිහිනය බොඳ වී ගියේ ඒ ආකාරයටය. මෙහි වඩාත්ම සැලකිය යුතු කාරණය වන්නේ 13 වන සංශෝධනයට අනුවම රජයේ ඉඩම් සහමුලින්ම අයත් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවට බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබීමයි. උතුරු පළාත් සභාව දිවුරුම් දීමට ඔන්න මෙන්න තියා තිබියදී අහඹු සිද්ධියක් ලෙස මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත්වීම සැබවින්ම දෛවෝපගතය. උතුරේ මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත සී. වී. විග්නේශ්වරන් මහතාද මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරයකු වීමද දෛවෝපගත සංසිද්ධියක් බව කිව හැක.
සී. ඒ. චන්ද්‍රප්‍රේම - වම් ඉවුර
http://www.divaina.com/2013/09/30/feature01.html
සබැඳි ලිපි -
[රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]
පැහැරගනු ලැබූ දරුවන් 91 දෙනකු චීන පොලිසිය මගින් දෙනකු සොයාගෙන ඇත.
එරට ප්‍රාන්ත 11 ක කරනු ලැබූ මෙහෙයුමකින් පසු මෙම දරුවන් 91 දෙනා සොයාගෙන ඇති අතර මීට සම්බන්ධ සැකකරුවන් 301 ක්‌ද සොයාගෙන ඇත. දරුවන් පැහැර ගැනීම චීනයේ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේදී පැහැරගනු ලැබූ ළමුන් හා ගැහැනුන් 24,000 ක් පොලිසිය මගින් බේරාගෙන ඇත.
http://www.divaina.com/2013/09/30/forign04.html
මුම්බායි නගරයේ පස්‌මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීම නිසා මියගිය පිරිස 54 දක්‌වා ඉහළ ගොස් ඇත.
මේ අනතුර නිසා තුවාල ලැබූ පිරිස 32 දක්‌වා ඉහළ ගොස් ඇත.
මෙම ගොඩනැඟිල්ලේ අයිතිකරු වන අශෝක් මේතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය අයට ලක්‌ෂ දෙක බැගින් වන්දි ලබාදෙන බව මහරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්‌ඩුව ප්‍රකාශ කර ඇත.
http://www.divaina.com/2013/09/30/forign02.html
මහවැලි ජලයෙන් ගොවිතැන් කෙරෙන කලාපයක් වන දෙහිඅත්තකණ්‌ඩියේ 'වකුගඩු මාවත' නමැති පාරක් තිබේ. මේ හැර දෙපස තිබෙන හැම ගෙදරකම පාහේ අවම වශයෙන් වකුගඩු රෝගී එක් අයෙක්‌වත් වෙයි. වකුගඩු මාවත යන නම තබන ලද්දේ දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාව නොව ප්‍රදේශවාසී ජනයා ය. එය අපහාසයට තබන ලද නමක් නොව කෝපය සහ විරෝධය පෙන්වීම සඳහා තැබූවකි.
ශ්‍රී ලංකාවේ රජරට වකුගඩු රෝග බහුල වීමට හේතුව මෑතක් වනතුරුම මතභේදයට ලක්‌වූවකි. එයට, ආසනික් වගකිව යුතු යෑයි එක් කණ්‌ඩායමක් කියූ අතර එසේ නොවේ යෑයි තව කණ්‌ඩායමක් කීය. අන්තිමේදී ආසනික් කණ්‌ඩායම සහ එසේ නොවන කණ්‌ඩායම ගහ මරා ගන්නා තත්ත්වයක් උද්ගත විය. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන පර්යේෂණයක් කළේය. පර්යේෂණ වාර්තාවට අනුව හෙළි වූයේ මෙරට වකුගඩු රෝගීන්ගෙන් 88% කගේ මුත්‍ර සාම්පල තුළ ආසනික්/ කැඩ්මියම් තිබූ බව ය. එම රෝගීන් එදිනෙදා පරිහරණය කරන ජලයෙන් 99% ක ප්‍රමාණයක් තුළ 'බැර' තත්ත්වයක් විය. එහි තේරුම එම ජලය තුළ ලෝහමය විස පවත්නා බව ය. (න්‍යෂ්ටික බලාගාරවලින් නිකුත් කරන බැර ජලය සහ ආසනික්/ කැඩ්මියම් විස පවත්නා බැර ජලය අතර විශාල වෙනසක් ඇත. මේ දෙක පටලවා නොගත යුතු ය.)
ලංකාවේ වකුගඩු රෝගවලට ආසනික් වගකිවයුතු බව මුලින්ම කියන ලද්දේ ඒ ගැන පර්යේෂණයක් කළ මහාචාර්ය නලින් ද සිල්වාගේ කණ්‌ඩායම ය. එහෙත් ඔහුගේ දත්ත මූලය විඥනවාදී යෑයි කියූ ආසනික් නොවන කණ්‌ඩායම වකුගඩු රෝගයට පිළියම් යෙදීම පසෙක තබා ඔහුට පහරදීමට පටන් ගත්හ. දත්ත මූලය විඥ්ඥනවාදී වේවා භෞතිකවාදී වේවා එයින් කියෑවෙන්නේ ඇත්ත නම් මක් වුණාම මොකද? එහෙත් අපි හේතුව ගැන නොව පලය ගැන පමණක් විමසන ජාතියක් වෙමු. ඒ නිසා නලින් සිල්වාට 'කෙළීමේ' න්‍යාය පත්‍රය උඩ ආවේය. ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන අතර වකුගඩු රෝගය යළි යළිත් පැතිර ගියේය.
වකුගඩු යනු ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියකි. නෆ්රෝන් නමැති ඉතා කුඩා නළ තිස් ලක්‍ෂයක් වකුගඩු දෙක තුළ තිබේ. මේවායින් කෙරෙන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය වෙන් කර මුත්‍ර මාර්ගයට එක් කිරීම ය. එහෙත් වකුගඩු නරක් වූ විට එම ක්‍රියාවලිය සිදුවන්නේ නැත. එවිට ශරීරයෙන් බැහැර විය යුතු විෂ සහිත කොටස් රුධිරය සමඟ එකතු වී ඇඟ පුරාම පැතිර යයි. චර්ම රෝගවල සිට අට අනූවක් රෝග මේ මගින් හට ගනියි. සාමාන්‍යයෙන් කෙනකුට නිරෝගී ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය වන්නේ නෆ්රෝන් දශලක්‍ෂයක් පමණි. වකුගඩු නරක් වීම යනුවෙන් හඳුන්වන්නේ එම දශ ලක්‍ෂය පමණක් නොව අමතර නෆ්රෝන විසි ලක්‍ෂය ද නරක් වීම ය.
කසිප්පුකාරයන්ට, මත්පැන් පානය කරන වෙනත් බේබද්දන්ට ද වකුගඩු රෝග සැදෙයි. එය තමන් කරන එකී පවු උදෙසා ස්‌වභාවධර්මය ඔවුන්ට ලබාදෙන දඬුවමක් ලෙස සලකා හිත හදා ගැනීමට හැකි ය. එහෙත් රජරට අසරණ ජනයාට වකුගඩු රෝග වැළඳීම නම් ඉතාම අසාධාරණ ය. ඔවුන්ගේ සිරුරු තුළට කැඩ්මියම් සහ ආසනික් යන්නේ කුඹුරුවලට ඉසින කෘමි නාශකවලින් බව අපි දැනටමත් දනිමු.
අප ඉහත සඳහන් ඡේද කිහිපය ලියන ලද්දේ වකුගඩු කොමිසමක් පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කළ ඉල්ලීමක් දැකීමෙනි. මේ කොමිසම සාක්‍ෂි විභාග කර, වාර්තා සාදා ඒවා බලධාරීන්ට ඉදිරිපත් කරන විට දැනට සිටින වකුගඩු රෝගීන්ගෙන් 75% ක් ඉවරය. ඒ නිසා කෙරෙන යමක් ගැන කතා කරමු.
දිවයින කතුවැකිය - http://www.divaina.com/2013/09/30/editor.html
සබැඳි ලිපි -
[
වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික් - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.html
අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික් ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක් වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]
තැපැල් විදුලි පණිවුඩ සේවාව හෙට සිට නිල වශයෙන් අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව තැපැල් දෙපාර්තමේන්තුවට අයත් රට පුරා පිහිටි තැපැල් කාර්යාල කිසිවක් හෙට සිට විදුලි පණිවිඩ යෑවීමට ජනතාවගෙන් භාර නොගන්නා බව තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ඊයේ "දිවයින"ට පැවසීය.
1858 දී කොළඹත්-ගාල්ලත් අතර මුලින්ම විදුලි පණිවුඩ සේවාව ආරම්භ වී ඇත්තේ ආණ්‌ඩුකාර සර් හෙන්රි ජෝර්ඡ්ගේ පාලනය කාලයේදීය.
විදුලි පණිවුඩ සේවාව අහෝසි වීමත් සමග 'ටෙලිමේල්' සේවාව ඒ සඳහා විකල්පයක් ලෙස හෙට සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/09/30/news21.html
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට එකඟවීම උතුරත් ජනාධිපතිවරයා යටතේ පවතින බවට පෙන්වීමට හොඳ සාක්‌ෂියක් යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා ඊයේ (29 වැනිදා) පැවසීය. දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගැනීම පිළිබඳව තමා සතුටු වන බවද ඒ මහතා කීවේය.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා හමුවේ දිවුරුම්දීම උතුරේ සංවර්ධන කටයුතු සිදුකිරීමේදී දෙමළ ජාතික සන්ධානයට මධ්‍යම රජයේ සහාය ලබාගැනීමේ හොඳ අවස්‌ථාවක් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට පළාත් අටක මහ ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඉදිරියේදී උතුර පළාත් මහා ඇමැතිවරයාද ජනාධිපතිවරයා සමග සුහදව කටයුතු කරන බවට දිවුරුම් දීමෙන් පසු දැක ගන්නට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.
චමින්ද සිල්වා
http://www.divaina.com/2013/09/30/news02.html
කතෲ සටහන -
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය බිඳ, ජනපති යාපනයට කැඳවා ඔහු ඉදිරියේ දිවුරුම් දෙන බව පැවසීම, අධිමානයකි. අමුතු ආඩම්බර කමකි. මෙය යාපනයේ ඇතැම් දමිළ කුලයන් අතර තිබෙනා මහන්තත්වයකි. පොන්නම්බලම් රාමනාදන්, සිංහල, දමිළ, මුස්ලිම් සියළු ජනයාගේ නායකයා ලෙස පෙනීසිටිමේ සිට, චෙල්වනායගම්ගේ 50-50 (පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් 50%ක් දමිළයන්ට සහ ඉතිරි 50%, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමට) යෝජනාවේ සිටම, පැවත එන්නකි. ජනපති නිලයට නිගරු කිරීමකි. ඔහුට අවැසි නම් ආණ්ඩුකාරවරයා ඉඳිරියේ දිවුරා, ජනපති මන්දිරයට පැමිණ ජනපති හමුවිය හැක. නමුත් මහඇමතිකමේ දිවුරුම් දීම සඳහා ජනපති යාපනයට කැඳවිය නොහැක.
' - දෙනෙත් හරින්න! - අපි '
සබැඳි ලිපි -
[
විග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.http://denethharinna.blogspot.com/2013/09/blog-post_5103.html
]
දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයකු වන චතුර පමුණුව මහතා විසින් රචනා කරන ලද බොදු අභියෝග ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය අද (30 වැනිදා) සවස 3.30 ට කොළඹ පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
චතුර පමුණුව මහතාගේ සිව්වැනි ග්‍රන්ථය වන මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණන් හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා විශේෂ දෙසුම් පවත්වති.
වර්තමාන බෞද්ධයා මුහුණදෙන අභියෝග පිළිබඳව චතුර පමුණුව මහතා විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය මගින්, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බෞද්ධයන්ට මුහුණදීමට ඇති ප්‍රශ්න අභියෝග ගැන මනාව හෙළිකර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/09/30/news06.html
අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට කතරගම කිරිවෙහෙර විහාරස්‌ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත.
27 දා සවස සෝරත හිමියන්ගේ දේහය කිරිවෙහෙර විහාරස්‌ථානයට වැඩමවූ අතර ගෞරව බුහුමන් දැක්‌වීම පිණිස මේවනවිට මහජනයා විශාල පිරිසක් පැමිණ සිටිති.
තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්, සිතුල්පව්ව විහාරාධිපති ශාස්‌ත්‍රපති මැටරඹ හේමරතන හිමියන්, කතරගම අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ඌව පළාත් ප්‍රධාන ඇමැති හා කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනී සුමේධා ජයසේන, පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් පැමිණ සිටියහ.
කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/09/30/news04.html
උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේශ්වරන් මහතා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමේ උත්සවය යාපනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය සඳහා ජනපතිවරයාට එහි පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ද දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.
උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා ඉදිරිපිට දිවුරුම් දීමට තමන් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිව්යෝක් සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණි පසු මේ ගැන සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.
උතුරු පළාතේ නව අමාත්‍ය මණ්‌ඩලය නම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30 දා) පැවැත්වීමට නියමිතය.
කල්මුණේ වාර්තාකරු
http://www.divaina.com/2013/09/30/news01.html
කතෲ සටහන -
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය බිඳ, ජනපති යාපනයට කැඳවා ඔහු ඉදිරියේ දිවුරුම් දෙන බව පැවසීම, අධිමානයකි. අමුතු ආඩම්බර කමකි. මෙය යාපනයේ ඇතැම් දමිළ කුලයන් අතර තිබෙනා මහන්තත්වයකි. පොන්නම්බලම් රාමනාදන්, සිංහල, දමිළ, මුස්ලිම් සියළු ජනයාගේ නායකයා ලෙස පෙනීසිටිමේ සිට, චෙල්වනායගම්ගේ 50-50 (පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් 50%ක් දමිළයන්ට සහ ඉතිරි 50%, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමට) යෝජනාවේ සිටම, පැවත එන්නකි. ජනපති නිලයට නිගරු කිරීමකි. ඔහුට අවැසි නම් ආණ්ඩුකාරවරයා ඉඳිරියේ දිවුරා, ජනපති මන්දිරයට පැමිණ ජනපති හමුවිය හැක. නමුත් මහඇමතිකමේ දිවුරුම් දීම සඳහා ජනපති යාපනයට කැඳවිය නොහැක.
' - දෙනෙත් හරින්න! - අපි '
මන්නාරම මුරුක්කන් පුරාණ විහාරයේ පිළිම හතරක් ඇතුළුව මුරුක්කන් ප‍්‍රදේශයේ පිළිම හයක් පසුගියදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් අසල දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් වල ගසා බිඳ දමා විනාශ කොට පළා ගොස් ඇති බව මන්නාරම මුරුක්කන් පොලීසිය පවසයි.
පසුගිය 25 වන දා රාත‍්‍රී 10.00ත් පසුදා පාන්දර 5.00ත් අතර කාලය තුළ කිසියම් පිරිසක් විහාරස්ථානයේ ස්ථාන 2ක තිබූ පිළිම 4ක් කඩා බිඳ දමා විනාශ කොට පළා ගොස් ඇති බවට මුරුක්කන් පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන් පොලීසිය වෙත පැමිණිලි කොට ඇත.
මුරුක්කන් පුරාණ රජ මහා විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය වටා පිහිටි බුදු පිළිමයක්, විහාරස්ථානයේ පත්තිනි දේව මන්දිරයේ තිබූ බුද්ධ ප‍්‍රතිමා තුනක් මෙසේ විනාශ කොට තිබූ අතර, මීට අමතරව මන්නාරම නරිකාඩු ගම්මානයේ පිහිටි කුඩා බුද්ධ මන්දිරයේ පිළිමය හා මුරුක්කන් රෙට්ටකුලම ප‍්‍රදේශයේ කෝවිලක් ආසන්නයේ තිබූ බුද්ධ ප‍්‍රතිමාවක්ද කඩා බිඳ දමා ඇති පිළිම අතර ඇති බව මුරුක්කන් නරික්කාඩු ගම්වාසීහු පැවසූහ.
මේ පිළිබදව එම විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන්ගෙන් විමසීමේදී උන්වහන්සේ පැවසුවේ, රාතී‍්‍ර කාලයේ විහාර භූමියෙන් කිසියම් කුඩා ශබ්දයක් ඇසුණු නමුත් තමන් ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වා සැතපුණු බවත්, පාන්දර අවදි වී බලන විට විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමා නොතිබූ බවත්ය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම ප‍්‍රතිමා විහාරස්ථානයට ඉදිරියෙන් ඇති අලූතින් ඉදිවන දුම්රිය මාර්ගයේ සිල්පර මත ගසා කඩා බිඳ දමා තිබූ අයුරු දැකගත් බවද උන්වහන්සේ පැවසූහ. වල්පොළ සරණ නාහිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම කවුරුන් විසින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් තමන් හරිහැටි නොදන්නා බවයි.
http://lankacnews.com/sinhala/news/101861/
දුම්කොළ සමාගම් වලට එරෙහිව තමන් ගෙනයන සටනේදී කිසියම් පුද්ගලයෙකු, බලවතෙකු මෙම ගැසට් නිවේදනය ගෙන ඒම කඩාකප්පල් කළහොත් එය ජාතික අරගලයක් දක්වා රැගෙන යාමට තමා ඉදිරිපත් වන බවත්, එම සටනට දිවි පරදුවට තබා නායකත්වය දීමට තමා පසුබට නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
දුම්වැටියට එරෙහිව රූපමය අවවාද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කළ ගැසට් නිවේදනය අද තාවකාලිකව අත්හිටුවා ඇතත්, ජනතාව දැනුවත් කරමින් රට පුරාම විවිධ වැඩසටහන් දියත් කරමින් දුම්වැටියට එරෙහිව සටන දිගටම යන බවද අමාත්‍යවරයා පවසයි.
හෙතෙම මේ අදහස් ප‍්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2013 ලෝක දුම්වැටි විරෝධී දින ජගත් සම්මානය හිමි වීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලය,රජරට විද්‍යාලය හා පළුගස්දමන විද්‍යාලය යන විදුහල් ප‍්‍රමුඛව පොළොන්නරුවේ සියලූම පාසැල් එක්වී සංවිධානය කළ උත්සව සභාව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා,
මුඛ පිළිකා රූප සටහන් යොදා සිගරට් පෙට්ටියේ,සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට ගැසට් පත‍්‍රය සකස් කිරීමට මා ගත් තීරණය සමග එවැන්නක් කරන බවට තොරතුරු අමාත්‍යංශයෙන් පිටතට ගිහින් තිබෙනවා. එතැන් පටන් දුම්කොළ කර්මාන්තකරුවන් පාර්ලිමේන්තුවට, මගේ ගෙදරට, අමාත්‍යංශයට එන්න හැදුවා. ඒත් මට ඔය ජාවාරම්කාරයෝ එක්ක කිසිම පයුරු පාසානයක් නැහැ. මම ඔවුන්ව ප‍්‍රතික්ෂේප කළා.
ලෝකයේ මිනිසුන් සතුටින් ඉන්න රටවල් 194ක් තිබෙන බව ජාත්‍යන්තර සංවිධානයක් මීට සති දෙකකට ප‍්‍රථම ප‍්‍රකාශයට පත්කර තිබුණා. මෙයින් ලංකාව ඉන්නේ 137වැනි ස්ථානයේ.
යම් විදියකින් මම ගැසට් නිවේදනය අත්හිටෙව්වා නම් මගේ දරු මුණුපුරන්ට විතරක් නෙවෙයි මගේ ඉදිරි පරම්පරා 15කට වුණත් ලෝකයේ අංක එක ස්ථානයේ යැයි පැවසෙන සතුටින්ම මිනිසුන් කල් ගෙවන රටක සියලූ සැප පහසුකමේ යස ඉසුරු මැද ජීවත් වෙන්න තිබුණා.නමුත් මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීම මට ඊට වඩා වටිනවා.
මම ගමෙන් ආපු මිනිහෙක්. මේ බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න සමහර විට මට බැරි වේවි.ඒත් මම ආපසු හැරෙන්නේ නැහැ. මම ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දුම් බීම අත්හරින්න. වෙළද පොළවල් වලින් ඉල්ලන්නේ දුම්වැටි අලෙවි කිරීම නවත්වන්න. හැම ගමක්ම දුම්වැටියෙන් තොර කලාප බවට පත් කරන්න කියලා” යැයිද පැවසීය.
September 28, 2013 at 10:26 am | lanka C news
http://lankacnews.com/sinhala/news/101814/
උතුරේ ඡන්ද ප්‍රතිඵලය ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත හා දේශපාලන සදාචාරය පිළිබඳ සාක්‌ෂියක් ලෙස මේ වන විටත් සමහරු ඉදිරිපත් කරති. තවත් සමහරුන්ගේ මතය වී ඇත්තේ මෙම ප්‍රතිඵලය ආණ්‌ඩුවට පමණක් නොව දකුණේ ජනතාවටද පාඩම් එකක් නොව කීපයක්‌ම උගන්වා තිබෙන බවය. ඇත්තටම උතුරේ ජනතාව විසින් දෙන ලද තීන්දුව අප දැඩි අවධානයකින් විමසා බැලිය යුත්තකි. මේ ප්‍රතිඵලය උඩ දමමින් සිහින මවන දෙමළ ඊළාම්වාදීන්ට හෝ ජාත්‍යන්තරයේ හොර ගල් අහුලන මානව හිතවාදී වෙස් මුහුණු කාරයන්ට හෝ මෙම ප්‍රතිඵලය දේශපාලන තුරුම්පුවක් ලෙස භාවිත කිරීමට කිසිම අවස්‌ථාවක් නොදිය යුතු බවද කිව යුතුය.
ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ පාලනයේ සංවර්ධන ක්‍රියාවලියේ අර්ථවත් ප්‍රතිපාදන උතුරට ලැබිණි. උතුරු වසන්තය හුදු දේශපාලන පාඩමක් ලෙස අර්ථ දැක්‌වීමට කිසිවෙකුට නොහැකිය. ප්‍රභාකරන්ගේ කුරිරු යුද්ධය විසින් වනසන ලද භෞතික සම්පත් රැසක්‌ම ආණ්‌ඩුව විසින් යළිත් උතුරේ ජනතාවට ලබා දී ඇත. මංමාවත් ගොඩනැඟිලි සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් දුම්රිය මාර්ග යනාදී සාධනීය අංග රැසක් ඒ උතුරු වසන්ත තෑගි මල්ලේ තිබුණි. එහෙත් ආණ්‌ඩුවට උතුරේ ජනතාව දැක්‌වූ ප්‍රතිචාරය කුමක්‌ද?
අප ඒ ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු ලබා නොගත හොත් යළිත් වන්නේ මහා විපතකි. උතුරේ ඡන්ද ප්‍රතිඵලය තිස් වසරක් තිස්‌සේ පීඩනයට පත්ව, සිය ඉරණම පිළිබඳ කිසිදු විශ්වාසයකින් තොරව ජීවත් වූ ජනතාවගේ හෘදය සාක්‌ෂිය බව අප තේරුම් ගත යුතුය. මේ ආණ්‌ඩුව උතුරට දුන් භෞතික ජීවිතයට වඩා වෙනස් ආධ්‍යාත්මික ජීවිතයක් උතුරේ ජනතාව අපේක්‍ෂා කරන බව ඒ සමස්‌ත ප්‍රතිඵලයේ අරුතය.
සැප්තැම්බර් 21 වැනිදා උතුරේ ජනතාව එක් හඬින් කියා සිටියේ අපේ ජීවිත වෙනස් කිරීමේ යතුර දෙමළ සන්ධානයට ලබා දී තිබෙන බව නොවේද? දකුණේ අපට විග්නේශ්වරන් පෙනුණේ කොළඹින් ආනයනය කළ මධ්‍යම පාන්තික හාන්සිපුටු දේශපාලනඥයෙක් ලෙසය. එහෙත් උතුරේ ජනතාවට විග්නේශ්වරන් යනු නළලේ අළු ගා ගත් වේට්‌ටිය අඳින දෙමළ බුද්ධිමත් නායකයෙකි. දෙමළ නායකයන් අතර සිටින ආනන්ද සංගරීට වඩා විශ්වාසවන්ත නායකයෙකි. කිළිනොච්චියට තරග කළ ආනන්ද සංගරීට ඡන්ද 2896 ක් ලැබෙද්දී යාපනයට තරග කළ විග්නේශ්වරන්ට ඡන්ද 132,225 ක් ලැබිණි. දෙමළ සන්ධානයෙන් තරග කළත් දෙමළ ජනතාව ඔහුට ලබා දුන්නේ හය වැනි ස්‌ථානයයි.
මේ හැම දෙයක්‌ම ඉතා නිහඬව සිදුවී තිබේ. ඒ හැම ක්‍රියාවකම අප තේරුම් ගත යුතු දෙයක්‌ද තිබේ. 1959 ප්‍රකට සිංහල දෙමළ කෝලහලයේදී මෙන්ම 1983 අලඡ්ජී දෙමළ සංහාරය දියත් වූ කළු ජූලියේ තුවාලද දෙමළ ජන සිත් තුළ තවම සුවපත් වී නැති බව අප තේරුම් ගත යුතුය.
ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන් නැඟ සිටියේ ඒ ඓතිහාසික තුවාලවලට එකම ප්‍රතිකාරය ඊළම බව ජනතාවට ඒත්තු ගන්වමින්ය. එහෙත් උතුරේ දෙමළ ජනතාව ප්‍රභාකරන්ට අවනත වූයේ තුවක්‌කුවට බියෙන් බවද, අප මතක තබා ගත යුතුය. ප්‍රභාකරන් සිය හමුදාව ශක්‌තිමත් කළේ ජනතාවගේ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යමින් වුවද කාලයත් සමග ඔවුහු සයනයිඩ් කරලේ විප්ලවයට ආදරය කරන්නට ද වූහ. ඒ කාලය තුළ ප්‍රභාකරන් තමන්ට තර්ජනයක් විය හැකි දෙමළ නායකයන් සියල්ලන්ම ඝාතනය කරවීය.
අද දෙමළ සන්ධානයේ නායකයන් වී සිටින කිසිවෙක් එදා ප්‍රභාකරන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකළහ. ප්‍රභාකරන්ට විරුද්ධ වී නම් ඒ ආනන්ද සංගරී වැනි සුළුපිරිසකි. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් වන්නියට කැඳවා උපදෙස් දෙන ලද්දේත් තමිල් සෙල්වම් විසිනි. තිස් අවුරුදු යුද සමය තුළ මේ නායකයන් වැඩිපුරම සිටියේ කොළඹ හෝ පිටරටවලය. ඔවුන්ගේ දරුවෝද ප්‍රභාකරන්ට අසු නොවූහ.
දෙමළ සන්ධාන නායකයන් යළි උතුරට පා තබන්නේ රාජපක්‍ෂවරුන් විසින් ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමෙන්ද පසුවය. ප්‍රභාකරන් නිහඬ කර උතුරේ ජනතාවට නිදහස ලබා දුන් රාජපක්‍ෂවරුන්ට ඒ ජනතාව දිනා ගැනීමට නොහැකි වූ බව උතුරේ මේ ප්‍රතිඵලයේ සමුදයාර්ථය බව අප තේරුම් ගත යුතුය.
ජනාධිපති මහින්ද උතුරට ගිය අවස්‌ථාවල දෙමළ ජනතාවගේ මුහුණුවල පිපුණේ අව්‍යාජ සිනහවකි. ඔවුන් මැදින් ඇවිද යන ඔවුන්ගේ බසින් අමතන මේ සිංහල රාජ්‍ය නායකයා ගැන ඔවුහු අවංකවම සතුටු වූහ. එහෙත් ඔහුගෙන් අපේක්‍ෂා කළ ජීවිතය පෙරළා තමන්ට නොලැබුණු බව සහතික කළේ යළිත් පැරැණි දෙමළ සන්ධානය පිළිබඳ බලාපොරොත්තුවක් තබමින්ය. දෙමළ නායකයන් කොළඹින් විග්නේශ්වරන් උතුරට ගෙන යන්නේත් ඔන්න අලුත් නායකයෙක් ඇවිල්ලා යන්න තහවුරු කිරීමටය. එසේම ඔහු දේශපාලනයෙන් කුජීත වූ අයෙක්‌ද නොවූහ. උතුරේ ජනතාවගේ අපේක්‍ෂාවන් දැල්වීමට ඔහු ව්‍යවස්‌ථාව තුළ තිබෙන ප්‍රතිපාදන අනුව කටයුතු කරන බවද දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව හෙට දවසේ අපට කතා කළ හැකිය.
දකුණට සාපේක්‍ෂව බලන විට උතුරේ ඡන්දය දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන්ම දියත් වූවක් බවද අපට පිළිගැනීමට සිදු වේ. දකුණේ මෙන් දේශපාලන ඥතියෝද වෙනත් වෙනත් ජාවාරම්කරුවෝද ඒ දේශපාලන ලැයිස්‌තුවලින් මතු නොවූහ. දකුණේ පළාත් සභා වරිග සභා බවට පත්ව තිබෙන බව ජ. වි. පෙ. නිතර කියයි. එසේම උතුරේ ජනතාවට දේශපාලන දන්සැල් හෝ වෙනත් මානසික හෝ භෞතික අල්ලස් නොලැබුණු බවද අප තේරුම් ගත යුතුය.
උතුරේ ජනතාව අපේක්‍ෂා කළ මහින්ද රාජපක්‍ෂගෙන් ඔවුන්ට නොලැබුණ දේ විග්නේශ්වරන්ගෙන් ලබා ගත හැකිද? මගේ අදහස වන්නේ අද තිබෙන අතිශය සියුම් සංවේදීම ප්‍රශ්නය එයයි. විග්නේශ්වරන්ලාත් රාජපක්‍ෂවරුනුත් අතර ඇතිවන සහනසීලී සුහද පිළිවෙතකින් එම අපේක්‍ෂාවන් ඉටුකර ගත යුතුය. උතුර යනු දෙමළ නිජබිමක් නොව මේ රටේ ඒකීය රාජ්‍යයේ පළාතක් බව තවමත් සමහර දෙමළ නායකයෝ නොපිළිගනිති. විග්නේශ්වරන් දැනටමත් කියා තිබෙන පරිදි ව්‍යවස්‌ථානුකූලව ක්‍රියාකරමින් දකුණේ ජනතා මනස තුළට ඇතුළුකර තිබෙන විචිකිච්ඡාවන් දුරලීම මෙහිදී ඉතා වැදගත්ය.
දකුණේ ජනතාව උතුර දෙස සැක මුසුව බලන්නා සේම උතුරේ ජනතාවද දකුණ දෙස සැක මුසුව බලන බව ඇත්තය. ඒ දෙතැන්හිම වරද ජාතිවාදය වපුරූ දේශපාලනඥයන්ගේය. එසේම තමන්ට හිසරදයක් හැදුනත් තවමත් සම්බන්ධන්ලා දුවගෙන යන්නේ ඉන්දියාවට හා බටහිරටය. ඔවුන්ගේ දේශපාලන භාවිතය තුළ ඔවුන්ගේ මනස නිතරම දකුණට හා රටට විරුද්ධව බව පෙනුණු දෙයකි. විග්නේශ්වරන් පටන්ගත යුත්තේම ඒ ඇදය දිග හරිමින්ය. තම දෙමළ ජනතාව තුළ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවන් මිස වෙනම බෙදී වෙන්වී ජීවත්වීමේ සිහිනයක් නොවන බව තේරුම් ගැනීම ද මෙහිදී ඉතා වැදගත් වනු ඇත. දෙමළ ඩයස් පෝරාවේ හා බටහිරයන්ගේ ඊළාම් ලණුවලින් ප්‍රවේශම් වීමටද ඔහු වගබලා ගත යුතුය. ඒ කටයුත්ත හරියටම ඉටු වුවහොත් උතුරේ තරුණයන්ට යළිත් තුවක්‌කු සංස්‌කෘතිය තෝරා ගැනීමට අවශ්‍ය වන්නේද නැත. ප්‍රභාකරන්ගේ ෆැසිස්‌ට්‌වාදයේ පීඩනයෙන් ජීවිතයම වධයක් වූ ඒ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඉල්ලා සිටින බව මේ ඡන්ද ප්‍රතිඵලය තිරසරව කියා සිටියි.
උතුරේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ දැනටමත් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව දක්‌වන උනන්දුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් ප්‍රකාශ වී තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ඡේන් සැකී නමින් සඳහන් එයින් ඉල්ලා ඇත්තේ රජය උතුරේ පාලනයට සහාය දිය යුතු බවය. ඇත්තටම ඇමරිකාවට එබඳු ප්‍රකාශයක් කිරීමේ වුවමනාව කුමක්‌ද? මෙයින් පෙනෙන්නේ ඇමරිකාව වැනි රටවල් තවමත් උතුර ගැන දක්‌වන උනන්දුවත් ඔවුන්ගේ අධිපති මානසිකත්වයත් මිස අන් දෙයක් නොවේ. ඇමරිකාවේ මෙබඳු ප්‍රකාශ මේ ආණ්‌ඩුවේ විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක මෙන්ම දිනේෂ් ගුණවර්ධන වැනි ඇමැතිවරුන් අවුස්‌සන සුළුලුය හැකිය.
http://www.divaina.com/2013/09/29/politics03.html
සබැඳි ලිපි -
[විග්නේෂ්වරන්, උතුර සහ ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_29.htmlඋතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!http://denethharinna.blogspot.com/2013/09/blog-post_7045.html(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක් විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස් - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක් ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]
බලාපොරොත්තු වූ පරිදිම උතුරු පළාත් සභාවේ ජය දෙමළ සන්ධානයට හිමි විය. 1988 න් පසු උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුණේ ඉකුත් 21 වැනිදාය. දෙමළ ජනයා මහත් උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ අතර එම පළාතේ මන්ත්‍රී ආසන 38 න් 30 ක්‌ම දෙමළ සන්ධානය විසින් දිනා ගැනීම සුවිශේෂ තත්ත්වයකි. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 7 ක්‌ද මුස්‌ලිම් කොංග්‍රසයට එක් ආසනයක්‌ද හිමි විය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතාට වැඩිම මනාප හිමි වූ අතර ඔහු මහඇමැති තනතුරට පත්කරන බව දෙමළ සන්ධානය නිවේදනය කර හමාරය.
මැතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව යාපනයේදී සිංහලෙන් අදහස් දැක්‌වූ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර සිටියේ තමන් කොළඹ ආණ්‌ඩුවත් සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බවය. ඇත්තෙන්ම විග්නේෂ්වරන් මහතා තමන් වර්ධරාජා පෙරුමාල් කෙනකු ලෙස කටයුතු කළ හොත් සිදුවන්නේ කුමක්‌ද? නොබෝ කලකින්ම මේ පළාත් සභාව විසුරුවා හැරීමට රජයට සිදුවීමයි. ලංකා ආණ්‌ඩුව බිලියන ගණනින් මුදල් වැය කර උතුර සංවර්ධනය කළද සන්ධානයට ඒ සංවර්ධනයට ප්‍රතිඋපකාර වශයෙන් ඡන්ද ලැබුණේ නැත. දෙමළ මතය අපට බලහත්කාරයෙන් වෙනස් කළ නොහැකිය. එම නිසා විග්නේෂ්වරන් මහතාගේ උතුරු පළාත් සභාවේ ක්‍රියා කලාපය දෙසද මැදහත් සිතින් බැලීමට පුරුදු විය යුතුය. එහෙත් ඔහුට අවශ්‍ය ලෙස උතුරේ ආණ්‌ඩුකාරවරයා වෙනස් කිරීමට හෝ උතුරු හමුදා කඳවුරු වෙනස් කිරීමට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන් මහතා මධ්‍යස්‌ථ මතධාරියකු ලෙස කොළඹ ආණ්‌ඩුව සමග සහයෝගිව කටයුතු කිරීමට තීරණය කිරීම වඩා යහපත් බව 'ද හින්දු' පුවත්පත ඉකුත් 24 වැනිදා සිය කතුවැකිය මගින්ද ප්‍රකාශ කර තිබිණි. මේ මධ්‍යස්‌ථභාවය පිළිබඳව කොටි හිතවාදී බලවේගවල කනස්‌සල්ලක් දැන් සිටම පැන නැගී ඇති බව පෙනෙන්නේ ටැමිල්නෙට් වෙබ් අඩවිය මගින් පත්වීමට නියමිත මහ ඇමැතිවරයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති නිසාය. විශේෂයෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සින් මහතා පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා කොළඹට පැමිණිය යුතු බව විග්නේෂ්වරන් මහතා පැවසීම කොටි හිතවාදී බලවේගවල කෝපයට හේතුවී තිබේ. නමුත් අප මේ ප්‍රකාශය සැබවින්ම අගය කළ යුතුය.
දෙමළ සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය රජය නම් පැහැදිලිව සතුටුවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් කනගාටු වන්නේ හදිසියේ හෝ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය උතුරු පළාත් සභාවේ බලය ලබා ගත්තා නම් පමණි. දෙමළ ජාතික සන්ධානයේ වර්ගවාදී මන්ත්‍රීවරයකුට වඩා දැන උගත් ප්‍රභූ පුද්ගලයකු උතුරේ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස පත්කිරීම ඉන්දීය තානාපති අංශවලද බලාපොරොත්තුව විය. එනිසාම මාවෙයි සේනාධිරාජා වෙනුවට කොළඹ කේම්බ්‍රිඡ් පෙදෙසේ වෙසෙන විග්නේෂ්වරන්ට කැමැත්ත පළ විය. දැන් දිල්ලිය වඩා උනන්දුවෙන් බලා සිටින්නේ විග්නේෂ්වරන් මහතා තම කාර්යභාරය කෙළෙස ඉදිරියට ගෙනයයිද යන්න පිළිබඳවය. ප්‍රභාකරන්ගේ අවතාරයෙන් මිදී බෙදුම්වාදයද අතහැර වඩා පුළුල් මනසකින් යුක්‌තව කොළඹ ආණ්‌ඩුවත් සමග ගනුදෙනු කළ හැකි හොඳම පුද්ගලයා වන්නේ විග්නේෂ්වරන් බව ඉන්දීය හමුදා ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියකු වන කර්නල් ආර්. හරිහරන් ප්‍රකාශ කර තිබිණි. 1988 දී ඉන්දියාවට මෙවැනි ප්‍රභූ උගත් පුද්ගලයකු සිටියේ නැත. එදා සිටියේ කැලයෙන් එළියට බට වර්ධරාජා පෙරුමාල්ය.
මහඇමැති තනතුරේ වැඩ භාරගත් පසු විග්නේෂ්වරන් මහතා සිය මුල්ම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට යැමට නියමිත බවට දැනටම වාර්තා පළවී ඇත. ඔහු තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය ද හමුවීමට නියමිතය. ජයලලිතා සැමවිටම උග්‍ර දෙමළ ජාතිවාදයෙන් පෙළෙමින් ශ්‍රී ලංකා රජයට කෙණෙහිලිකම් කිරීමට කටයුතු කළ බව අපට අමතක නැත. ඇය මෙරට පාසල් පාපන්දු කණ්‌ඩායමකට පවා චෙන්නායි නුවර ක්‍රීඩා කිරීමට ඉඩ දුන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව ජයග්‍රහණය කළ විට මුතුවෙල් කරුණානිධි සුබපැතුම් පණිවුඩයක් එක් කළද ජයලලිතා සුබපැතුමක් නිකුත් කළ බවක් අපට අසන්නට දකින්නට ලැබුණේ නැත. කෙසේ නමුත් ලෝකයේම දෙමළ ප්‍රජාවගේ නායිකාව ලෙසට කිරුළු පැළඳීමට උත්සාහ කරන මේ හිටපු නිළිය හමුවීමට විග්නේෂ්වරන් මහතා යැම පිළිබඳව නම් අපට විරෝධයක් පළ කළ නොහැක.
දිල්ලියේ දේශපාලනය රත් වන්නේ තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදී ක්‍රියා කලාපය නිසාය. උතුරු පළාත් සභාවේ ක්‍රියාකලාපය ගැන ජයලලිතා මෙන්ම කරුණානිධිද වඩා උනන්දුවන බව පැහැදිලිය. එම නිසා විග්නේෂ්වරන් මහතා දෙමළ ''අම්මා'' හමුවීමට යැම අනිවාර්ය තත්ත්වයකි. ටැමිල් නෙට් වෙබ් අඩවිය පවා ප්‍රකාශ කරන්නේ විග්නේෂ්වරන් තමිල්නාඩුවේ මතයට වඩා දිල්ලියේ මතයට හිස නමන බවයි. ජයලලිතාගේ දෙමළ ජාතිවාදී දර්ශනය උතුරු පළාත් සභාවේ ක්‍රියාත්මක කළ නොහැක.
කෙසේ නමුත් විග්නේෂ්වරන් මහතාට මේ මහ ඇමැතිනිය කවර උපදේශයක් ලබාදෙයිද යන්න ගැන අපට අනාවැකි කිව නොහැකිය. උතුරේ ඡන්දදායකයන් 67.5% ක් ඡන්දය භාවිතා කිරීම මගින්ම පෙනී යන්නේ ඔවුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැමැත්තයි. උතුරු පළාත් සභාව පිළිබඳව ඔවුන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින බව අප අමතක කළ යුතු නැත.
උතුරු පළාත් සභාවත් ඉන්දියාවත් වඩා ප්‍රායෝගික ලෙස කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා රජය විචක්‌ෂණව කටයුතු කිරීම වැදගත්ය. කොළඹ ආණ්‌ඩුවට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉන්දියාව යොදා ගන්නා හස්‌තය වන්නේ උතුරු පළාත් සභාවයි. නමුත් උතුරු පළාත් සභාව සමග ගැටුමක් ඇති කර නොගැනීමට රාජපක්‍ෂ ආණ්‌ඩුව සෑම විටම කටයුතු කළ යුතු අතර උතුරේ සංවර්ධන කටයුතුද කිසිම විටක නතර කළ යුතු නැත. ඊනියා දෙමළ ඩයස්‌පෝරාව නම් බලා සිටින්නේ විග්නේෂ්වරන් මහතාද ඊළාම් කොඩිය ඔසවා ගෙන ප්‍රභාකරන්ගේ මන්ත්‍ර යළිත් ජප කිරීම ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳවය. ඒ තත්ත්වය සිදු නොවන බව දැන් සිටම අවබෝධවී ඇති නිසා කොටි හොරණෑවක් වන ටැමිල් නෙට් වෙබ් අඩවිය හරහා දෙමළ මහ ඇමැතිට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. දෙමළ ඩයස්‌පෝරාව විග්නේෂ්වරන් මහතාව විවේචනයට පෙළඹීමේ වාසිය ගත යුත්තේ ශ්‍රී ලංකා රජයයි.
ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව ආණ්‌ඩුව උතුරේ ප්‍රදේශ සංවර්ධනය සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ උතුරු වසන්තය විය. උතුරු වසන්තයෙන් දේශපාලන වාසියක් නම් මහින්ද රාජපක්‍ෂ රජයට ලැබුණේ නැත. දැන් විග්නේෂ්වරන් මහඇමතිවරයා සිය පළාතේ වැසියන්ට උතුරු වසන්තය ඇති කිරීමට ප්‍රමුඛ විය යුතුය. විශේෂයෙන් ඉන්දියාව කෙළින්ම උතුරු පළාත් සභාව හා සම්බන්ධ වී සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත. මෙය මධ්‍යම ආණ්‌ඩුව මඳක් කලබල වන තත්ත්වයක් වුවද එය වැළැක්‌විය නොහැක. එවැනි අවස්‌ථාවලදී රජය වඩා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. නමුත් වඩා සාහසිකව ක්‍රියාකළ යුත්තේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නවලදීය. විග්නේෂ්වරන් මහතාට මනාප ලක්‍ෂයක් ලැබුණද උතුරේ හමුදාව පිළිබඳ තීරණ ගැනීමට ඔහුට බලයක් නැත. හමුදාව පිළිබඳ ඔහු සිය ජයග්‍රහණයෙන් පසු කිසිවක් ප්‍රකාශ කර නැත. උතුරේ හමුදා කඳවුරු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ජනපතිවරයාට මිස උතුරු පළාත් සභාවට නම් නොවේ.
කවරක් වෙතත් උතුරේ ජනමතයට අපි ගරු කළ යුතුය. දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති වලට අප එකඟ නොවුනද ඒ ජනතාවගේ දේශපාලන කැමැත්ත බලෙන් වෙනස් කළ නොහැකිය. ප්‍රභාකරන් විනාශ කර දැමුණේ වෙනම රටක් ඇති කිරීමට උත්සාහ කළ නිසාය. දැන් දෙමළ ජනතාව උණ්‌ඩය ගැන නොව ඡන්දය පිළිබඳව විශ්වාසය තබා ඇත. එනිසා අපි උතුරු පළාත් සභාවේ ක්‍රියාමාර්ග කවරක් වේද යන්න පිළිබඳ වඩා අවබෝධයෙන් යුක්‌තව බලා සිටිය යුතුව ඇත.
චතුර පමුණුව
http://www.divaina.com/2013/09/29/politics02.html
සබැඳි ලිපි -
[උතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!http://denethharinna.blogspot.com/2013/09/blog-post_7045.html(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක් විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස් - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක් ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]
උතුරේ පළාත් සභා ඡන්දය පිළිබඳව මේ වන විටත් විවිධ අර්ථකථන මෙන්ම විග්‍රහයන්ද සිදුකර තිබේ. එහෙත් ඒ සියල්ලම ඉඳුරා සත්‍ය හෝ නිවැරැදි යෑයි කිව නොහැක. මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් උතුරේ ජනතාව ආණ්‌ඩුවට මෙන්ම දකුණේ ජනතාවට හා දෙමළ නායකයන්ටද දී තිබෙන පණිවිඩය නිවැරැදිව වටහා ගැනීම අත්‍යවශ්‍යය. තිස් අවුරුදු විනාශකාරී යුද්ධයෙන් තමන් විසින් අත්කර ගන්නා ලද අප්‍රමාණ වධ හිංසාවලින් සම්පූර්ණයෙන් මිදුණු අලුත් ජීවිතයක් තමන්ට වුවමනා බව ඔවුහු මෙම ප්‍රතිඵලයෙන් තිරසරව කියා සිටිති.
ආණ්‌ඩුව විසින් උතුරු පළාත සංවර්ධනය කිරීමට දියත් කරන ලද උතුරු වසන්තයේ සියලු ප්‍රතිලාභ භුක්‌ති විඳිමින් වුවද ඔවුහු සන්ධානය වෙනුවෙන් සිය මනාපය පළ නොකළහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළ පරිදිම උතුරට විනාශ වූ ජීවිත හැර අන් සිsයල්ලක්‌ම ලබා දීමට රජය සූදානම් බව උතුරු වසන්තයේ ගමන් මග බලන ඔවුන්ටද ඒත්තු යනු ඇත. එහෙත් සැප්තැම්බර් 21 වැනිදා ඔවුහු ඒ සියල්ල අමතක කර තමන්ට හිමිවූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිදහසේ ප්‍රයෝජනයට ගත්හ.
ආණ්‌ඩුව උතුරට ඡන්දය ලබාදීම මෙන්ම ඡන්ද ව්‍යාපාරයට බලපෑම් කළේද යන්න පිළිබඳ කෙබඳු විවේචන එල්ල වුවත් මේ ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ උතුරේ ජනතාවගේ හෘදයසාක්‍ෂිය ඒ කිසිවකින් අඩපණ වී නොමැති බවය. එනිසා අපට ඒවා පිළිබඳ විවේචනද අවශ්‍ය නැත. අපට මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ දැන් ඉතින් කුමක් විය හැකිද යන්න පමණි.
දෙමළ එක්‌සත් පෙරමුණ යනු විවිධ මතභේද සමග වුවද උතුර වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන දේශපාලන සංවිධානයයි. එහි බටහිර ගැති හා දෙමළ ඩයස්‌පෝරාවේ රූකඩද සිටිති. එසේම තවමත් ඊළාම්වාදී මළකඩ සහිත නායකයෝද එහි සිටිති. අපට ඒ කිසිවෙක් වැදගත් නැත. එහෙත් ඔවුහු මෙහිදී කෙබඳු දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරත්ද? යන්න පිළිබඳව අපි විමසිල්ලේ සිටිමු.
දෙමළ සන්ධානය උතුරේ ජනතාවට ඉදිරිපත් කළ ඊනියා මැතිවරණ ප්‍රකාශනය තුළ තිබෙන යටි අරමුණ කුමක් වුවත් දෙමළ ජනතාවට වුවමනා නිදහස් හා සාමකාමී ජීවිතයක් බව අපගේ වැටහීමයි. ඇත්ත වශයෙන්ම මෙම ඡන්ද සටනේදී දෙමළ සන්ධානය විග්නේශ්වරන් මහතා මහ ඇමැති ලෙස උතුරට ඉදිරිපත් කළෙත් ජනතාවගේ ආකර්ෂණය හා විශ්වාසය දිනා ගැනීම සඳහා බව නිසැකය. විග්නේශ්වරන් දේශපාලනයෙන් කුජීත වූ චරිතයක්‌ද නොවේ. ඔහුට දකුණේ සිංහලයන් සමග සමීපතම ඥතිත්වයක්‌ද තිබේ. එහෙත් අපි ඔහු පිළිබඳ සහතිකයක් ලබා දීමට ඉක්‌මන් නොවෙමු. එය තීන්දුවන්නේ මහ ඇමැති ලෙස ඔහුගේ දේශපාලන භාවිතය හා හැසිරීම් තුළින් පමණි.
විග්නේශ්වරන් මහතාගේ දේශපාලන මනස හා හෘදයසාක්‍ෂිය අනාගතයේදී අපට කියවා ගත හැකිය. මේ අතර ඔහු තුළින් දෙමළ සන්ධානයේa කටහඬ ද ඇසෙයි. දැනටම ඔහු උතුරේ ආණ්‌ඩුකාරවරයා ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. එසේම ව්‍යවස්‌ථාවෙන් හිමිවන බලය ලබා ගැනීම ඔහුගේ අදහස බවත්, එය ඉටුකර ගැනීමට බාධා තිබේ නම් ඉන්දියාවට හෝ ජාත්‍යන්තරයට යැමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. මේ අදහස දෙමළ සන්ධානය විසින්ම පළකරන ලද අදහස්‌වල දොaංකාරයක් පමණි.
දෙමළ සන්ධානය 13 වැනි සංශෝධනයේ සියලු බලතලද අපේක්‍ෂා කරයි. පොලිස් බලතල හා ඉඩම් බලතල ගැන ඔවුහු දිගින් දිගටම කියා සිටිති. දැන් ඉඩම් බලතල පිළිබඳව නම් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිත තීන්දුවක්‌ද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට හිමි නොවන බවද ශේ්‍රෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ. දෙමළ සන්ධානය කුමක් කීවත් නීතියට ගරුකරන, නීතිය හා යුක්‌තිය ක්‍රියාත්මක කළ වෘත්තිකයකු ද වූ විග්නේශ්වරන් මහතාට එය ප්‍රතික්‍ෂ්aප කළ නොහැක.
දෙමළ ජනතාව - විශේෂයෙන්ම උතුරේ ජනතාව වසර තිහකට අධිකව පීඩාවට පත් වූයේද දෙමළ නායකයන්ගේ බලකාමය නිසාය. සිංහල ජනතාවද මේ දේශපාලන බලකාමයේ අනිටුපල ඉඳුරා දනිති. ප්‍රභාකරන්ට බියේ රහසිගත ජීවිත ගෙවූ දෙමළ සන්ධානයේ නායකයෝද තම ජනතාවට අලුත් ජීවිතයක් ලබා දීමේ වුවමනාව පසෙකට දැමූ අය වෙති.
පළාත් සභාවලට ඒ ජනතා අවශ්‍යතා අනුව රජයේ ඉඩම් පාවිච්චි කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි. එසේනම් ඉඩම් බලතල ගැන අමුතු නිදහසක්, බලයක් ඉල්ලා සිටීමට පළාත් සභාවලට අවශ්‍යතාවක්‌ද පැන නොනගී. එයටත් පටහැනිව ඉඩම් බලතල ඉල්ලීම ප්‍රභාකරන්ගේ ඊළාම් ඉල්ලීමට වඩා වෙනසක් නැත.
කෙසේ හෝ අපගේ යෝජනාව වන්නේ උතුර මෙහෙයවීමට ජනවරම ලද විග්නේශ්වරන් මහතා නිදහස් මනසකින් මේවා බලා තේරුම් ගෙන සිය වගකීම් ඉටුකළ යුතු බවය. උතුරේ පාලනය සාර්ථක වන්නේ මධ්‍යම ආණ්‌ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් බවද අපගේ අවබෝධයයි. අප දකින ආකාරයට අනුව උතුරේ ජනතාව සිය ජනවරම ලබා දුන්නේද දෙමළ සන්ධානයේ සමහරුන්ගේ හෝ දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නම් නොවේ. උතුරේ ජනතාවගේ අභිලාෂය ශ්‍රී ලාංකිකයන් ලෙස තම මූලික අයිතීන් සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව දිනා ගැනීම පමණි. එනිසා උතුරේ ජයග්‍රහණය කිසිසේත්ම ඊළාම්වාදයේ හෝ බෙදුම්වාදයේ ජයග්‍රහණයක් නොවන බවද දෙමළ සන්ධානය වටහා ගත යුතුය. උතුරේ ජනතාව ඡන්දය දුන්නේ උතුර කඩාගෙන වෙන් වන්නටද නොවේ.
උතුරේ බිහිවන අලුත් පාලන භාරකාරත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ හා ව්‍යවස්‌ථාවේ සීමාවන්ට ගරු කරමින් උතුර දකුණ අතර මනා සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය යුතුය. ඊනියා දෙමළ ඩයස් පෝරාවේ හොටබරියන්ට හෝ බටහිර අධිරාජ්‍යවාදයේ සෙවණ යට වැඩෙන ඊළාම්වාදී නග්න වෘකයන්ට හෝ උතුරට හොට දැමීමට ඉඩ නොදීමද අතිශයින්ම වැදගත්ය. උන්ගේ වසුරු බුදින මේ රටේ එන්.ජී.ඕ. නඩවලින්ද උතුරට එකතු වන්නේ විෂබීජ මිස අන් දෙයක් නොවේ.
තතු මෙසේ හෙයින් ප්‍රභාකරන් උතුරේ ජනතාව ඇද දැමීමට වෑයම් කළ ඊළාම්වාදී නරකාදියට ඒ ජනතාව යළි ඇද නොදමා ඔවුන්ගේ ආධ්‍යාත්මික අභිලාෂයන් මල්ඵල ගැන්වීමට විග්නේශ්වරන් මහතාට හැකි වුවහොත් උතුරේ අයට මෙන්ම දකුණේ අපටද සතුටු විය හැකිය. කැවුම් කිරිබත් මෙන්ම මසල වඩේ හා උලුඳු වඩේද රස බැලිය හැකිය. පෙරහැර කළ හැකිය. අලුත් නෑකම්ද ඇතිකර ගත හැකිය.
දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/09/29/editorial.html
සබැඳි ලිපි -
[(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.html
කොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක් විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස් - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක් ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]
අනාදිමත් කාලයක සිට මුහුදු ගමන්කරුවන්ට හොඳින් දර්ශනය වූ සලකුණක් වන මන්නාරම් බොක්‌ක දෙසට නෙරා ඇති කුදිරමලෙයිතොට පුරාවිද්‍යාත්මක අතින් වැදගත් තැනකි.
පුරාවෘත්තවලට අනුව ක්‍රි. පූ. 543 දී විජය කුමරුන් හා ඔහුගේ සහපිරිස ශ්‍රී ලංකාවට ගොඩ බැස්‌සාවූ මෙම ප්‍රදේශයේ තඹ පැහැ ඇති වැලි දැක එම භූමියට තම්බපණ්‌ණී යනුවෙන් නම් කළේය.
දේශීය යක්‌ෂ ගෝත්‍රික රැජිනකවූ කුවේණිය ඊට යාබද කාලි විල්ලු හෙවත් වර්තමානයේ විල්පත්තුව ලෙස හඳුන්වන ප්‍රදේශයේ වාසය කළ අතර පසු කලකදී විජයගේ ඇඹේනිය වූ බවද ඓතිහාසික තොරතුරුවල සඳහන්වේ.
ග්‍රීක ජාතික ප්ලිනිගේ වාර්තාවලට අනුව ක්‍රි. ව. 41-54 අතර කාලයේදී රෝම අධිරාජ්‍ය ක්‌ලෝඩියස්‌ගේ බදු එකතු කරන්නෙකු මෝසම් සුළං වලට හසුවී හිප්පෝරය හෙවත් වර්තමානයේ කුදිරමලෙයි ප්‍රදේශයට ගොඩගසා ගෙන පැමිණි විටදී ක්‍රි. ව. 44 - 54 කාලයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ චණ්‌ඩ මුඛසීව රජතුමා විසින් ඔහු සතුව තිබු සියලුම බදු මුදල් සහ ද්‍රව්‍ය සහිත නැව යටත් කොටගෙන රාජ සන්තක කළ බවද සඳහන් වේ. පසුව එකී බදු එකතු කරන්නා ආචාරශීලීව පිළිගෙන රෝම අධිරාජ්‍ය සීසර් ගැන ඉතාමත් පැහැදීමකින් යුතුව ඔවුන්ගේ ආර්ථිකමය දියුණුව ගැන පැහැදී වෙළෙඳ සම්මුතියකට එළඹීමටද මහත් ඕනෑකමින් කටයුතු කර තිබේ. මේ සඳහා සිවුදෙනකුගෙන් යුත් දූත පිරිසක්‌ද යෑවු බව දැක්‌වේ.
තවදුරටත් ඓතිහාසික පුරාවෘත්ත ගැන විමසීමේදී කුදිරමලෙයි ප්‍රදේශය පෙරටුකරගත් රාජධානියේ ඉතා රූමත් රැජිනකවූ ඇලිරන් හෙවත් ඇලිසෙබ්‍රාරනි විසින් පාලනය කොට තිබේ. ඇය මුතුවලට ඉතා කැමති බව කියෑවේ. අරාබි ජාතික වෙළෙඳුන්ට අශ්වයින් දී මුතු හුවමාරුකර ඇත්තේද මෙම කුදිරමලෙයිතොට හරහාය. මේ නිසා මෙම කුදිරමලෙයි තොටට අශ්වකන්ද යයි ජනවහරේ කියවේ.
මෙම ප්‍රදේශය සැතපුම් 20 ක් දක්‌වාවූ උතුරු දෙසට වානකලෙයි ප්‍රදේශය දක්‌වා මුහුද අද්දර ඉතාමත් ප්‍රසිද්ධව තිබුණ බවද වාර්තාවේ.
කුදිරමලෙයි ගල්තලාව උතුරු දෙසට විහිදී යන විටදී පෞරාණික හින්දු දේවාලයක නටඹුන් ඇත. ඇතැම් මතවලට අනුව මේ කන්ද අඩි 35 ක් පමණ උසට ඉදිරිපාද දෙක ඔසවාගෙන සිටින අශ්වයකුගේ සහ උගේ වරපටින් අල්ලාගෙන සිටින මිනිසකුගේ පිළිරුවල සුන්බුන් බව කියති.
ඊට ආසන්නයේ මුස්‌ලිම් සාන්තුවරයකුගේ සොහොනක සුන්බුන්ද ඇත.
මේ සියලු විස්‌තර සඳහන් කර ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මගින් ස්‌ථාපිත කරන ලද දැන්වීම් පුවරුක්‌ද මෙම ඓතිහාසික භූමියේදී දැකිය හැකිය. මෙම ඓතිහාසික නැව්තොට ආශ්‍රිත භූමිය රැක ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නාවික භටයන්ට ජාතියේම ගෞරවය හිමිවිය යුතුව ඇත.
1940 අංක 9 දරන ආඥ පනතින් ශ්‍රී ලංකාවේ පුරාවස්‌තු රැක ගැනීම සඳහා පියවරගෙන ඇත. යම් තැනැත්තකුගේ අයිතියෙහිවූ යම් ඉඩමක හෝ ඉඩමක් මත තිබී සොයාගනු ලැබීමේ හේතුවෙන් පමණක්‌ම කිසිම පුරාවස්‌තුවක් ඒ තැනැත්තාගේ දේපළ නොවිය යුතුය නැතහොත් එසේ සලකනු නොලැබිය යුතුය යනුවෙන් එහි අර්ථ දක්‌වා ඇත.
එහෙත් අපේ ඇස් පනාපිටම පුරාවස්‌තුවලට හානි කරන හැටි කිව යුතුය. විල්පත්තුවේ බොරළු කැපීම වරදකි. රාජකීය වරදකි. පුරා විද්‍යාත්මක බිමක කෙරෙන මේ අසම්ඡ්ජාති වැඩවලට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා අනුමැතියදී ඇත්නම් ඔහුද පෝරකයට යෑවීමේ වරදක් නොමැත. කැණීම් සඳහා බලපත්‍රයක් නිකුත් කර තිබේදැයි නොදනිමු. කෙසේ වෙතත් අපගේ ඉතිහාසය ගැන කරුණු කියන මේ භූමි ප්‍රදේශය රැක ගැනීම ජාතික අවශ්‍යතාවකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ පමණක් නොවේ ඉතිහාසයඥයන්ගේ ගෞරවයට පත් මේ කුවේනියගේ නැත්නම් විජයගේ රාජධානිය විනාශවී යැමට ඉඩහැර තිබීමද වරදකි.
ජාතික උරුමයන් සුරැකීමට ඇමැතිවරු සිටින රටක මෙවැනි සිදුවීම් සිදු නොවිය යුතුය.
අක්‌මීමන කේ. මතිලාල්
http://www.divaina.com/2013/09/29/feature11.html
අතීත රජදවස සිංහාසනාරූඪ වූ රජවරු හුදෙක් ක්‍රියා කළේ රටවැසියාගේ සහ රටේ දියුණුව යහපත උදෙසාය.
රට දැය සමය යෙහෙන් සුරැකි අතීත රජ දරුවෝ වරෙක ඔටුනු හිස දරන අභීත ප්‍රෙෘඪ නායකයෝ වූහ. වරෙක කඩු කිණිසි අත දැරු රණශූරයෝ වූහ. සටන්කාමී වූහ. තවත් වරෙක ඔහු ආදරවන්තයෙකි. විනෝද කාමියෙකි. සෞන්දර්යවාදියෙකි.
ඔහුගේ ජීවන රඟමඬලේ කුමන චරිතාංගයක් නිරූපණය කළද ඔවුහු සැබෑ මිනිසුන්ය. ඒ බැව් පසක් වන්නේ ඔවුහු සත්ත්වයන් කෙරෙහි දැක්‌වූ ඇල්ම ළෙංගතුකම සහ සත්ත්වයන් කෙරෙහි කළ කැපවීම් දෙස බලන කලය.
දහතුන්වැනි සියවසෙහි ඇරඹි කුරුණෑගල යුගයේ පටන්, මහනුවර යුගයේ අවසන තෙක් රජකළ රජවරු සත්ත්වයන් කෙරෙහි දක්‌වා ඇත්තේ අප්‍රමිත සෙනෙහසකි, දයාවකි.
දෙවැනි බුවනෙකබාහු රජ ක්‍රි.ව.1300 දී සිය රාජධානිය කුරුණෑගලට ගෙන ගියද, ඔහුගේ පුත් හතරවැනි පරාක්‍රමබාහු ක්‍රිස්‌තු වර්ෂ 1302 සිට ඇරඹි රාජකීය යුගය ප්‍රභාවත් කාලයක් විය. හෙතෙම රජවන කාලයේ එම ප්‍රදේශය "හස්‌තිශෛලපුර" නම් වීය.
ඊට හේතූ පාදක වී තිබුණේ, එම ප්‍රදේශය මධ්‍යයේ පිහිටි කුඩා කඳු ගැටය ඇතකුගේ විලාශය ගෙන තිබීමය.
හතරවැනි පරාක්‍රමබාහු රජ ඇත්පන්ති රැස්‌කොට ඔහු යටතේ තබා ඇති කිරීමටත් සක්‌මන, විනෝද තරග, යුද පිටියට පසු ගමන්කරුවන් ලෙස යැමට පුරුදු පුහුණු කිරීම ආරම්භ කළේය. ඒ සඳහා කංකානමක්‌ද යොදවා ඔහු යටතේ වූ තවත් සේවක පිරිසද යෙදවීය.
ක්‍රම ක්‍රමයෙන් ඇතුන් සංඛ්‍යාත්මකව වැඩි වන විට ඇත්පන්ති තුනක් පුහුණු කොට ඇති බැව් අසන්නට ලැබෙයි. මෙම කාර්යය සඳහා යොදා ගනු ලැබ ඇත්තේ, අද වන විට දක්‌නට නොලැබෙන නමුත්á එම ප්‍රදේශයේ පැවැති වැවකට ඉහළින් පිහිටා තිබූ කුඩාවැව ප්‍රදේශයයි.
රජ මෙයින් කොපමණ උද්දාමයට පත්වූයේද යත්, "ඇතා"ට සමාන අරුත් ගත් "කුරුණෑ" නාමය පට බැඳ "හස්‌ති - ශෛල" නාමය ශෛල නාමයට "ගල" ආදේශ කොට කුරුණෑගල යන නාමය ව්‍යවහාරයේ යොදවා ඇත.
"සත්වයා" යනු මිනිසාගේ ළඟම හිතවතා බවත්, ඔවුන් සමඟ කටයුතු කිරීම විනෝදාස්‌වාදය සේම, ශක්‌තිය බලය පැතිරවීමටද මහෝපකාරී වන්නා වූ බවත් රජවරු පසක්‌කොට ගත් බවට නිදසුන් එමටය.
සෑම රජකුම එකල "මඩු" පවත්වාගෙන ගියහ. "මඩුව" යනු කාර්යාංශයකි. එය වත්මන ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවකට සමානය.
මඩුවක් පවත්වාගෙන ගොස් ඇත්තේ, මාලුගෙයි කංකානම්ගේ නියමය පරිදිය. මාලුගෙයි කංකානම යනු මාළිගයේ කම්කරුවන්ගේ වැඩ පරීක්‍ෂා කරන්නායි. එවැනි සේවා සපයන මාලුගෙයි කංකානම්වරු යටතේ පාලනය වන "මඩු" රැසකි. ඉන් සුවිශේෂී වූ "මඩු" වන්නේ. කුක්‌කන් මඩු, කුරුල්ලන් මඩු සහ අස් පන්ති, දඩ මී ගොන් පන්තිය.
කුක්‌කන් මඩුවක සිටියේ රජුගේ විනෝදාස්‌වාදය පිණිස ඇති කළ සුනඛ රැළය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රවටා ගැනීම පිණිස එකල ඉංග්‍රීසි ජාතිකයන් (සුද්දොa) නා නා මාදිලියේ විදේශීය සුනඛයන් තෑගි වශයෙන් ගෙන දුන් බව සඳහන් වෙයි. ඩොයිලිගේ "උඩරට රාජධානියේ ආණ්‌ඩු ක්‍රමය" කෘතියේ සඳහන් පරිදි, පාතහේවාහැට බෝපිටිය ග්‍රාමයේ කුක්‌කන් මඩුවක් පවත්වාගෙන ගිය බැව්ද සඳහන් වේ.
රජු දඩ කෙළියට යැම සඳහාත්, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහාත්, ආරක්‍ෂාව පිණිසත් සුරතලයටත් සුනඛයන් ඇති කර තිබේ. කුක්‌කන් මඩුවක ඇති කරන ලද රැක බලාගනු ලැබූ සුනඛයන් ගණනින් තිහකට ආසන්නය. ඒ සියලු සුනඛයන් රජුගේ අධීක්‍ෂණය යටතේ හැදෙයි, වැඩෙයි, රැකෙයි, කුක්‌කන් මඩුවේ කටයුතු වල යෙදුණු පිරිස සූවිසි දෙනෙකි.
කුරුල්ලන් මඩුවේ ඇති කර ඇත්තේ සන්නිවේදනය උදෙසා දූත මෙහෙවරෙහි යෙදවීමටය.
අද සැළලිහිණියා අප නිවෙසට පියාඹා එන්නේ විද්යුත් යාන්ත්‍රික පරිපථ ඔස්‌සේය. එහෙත්, එදා සන්නිවේදනය අද තරම් පහසු නැත. පහසු නොවූ බැවින්ම එහි සෞන්දර්ය බවත්, රහස්‍ය බවත්, සේම සන්නිවේදනයේ භාරදූර හා ව්‍යාකූල බවත් රැක ගනිමින් එම සේවය විශිෂ්ටත්වයේ තැබිය හැකි විය. රජුන් එකල අතිවිශේෂ පණිවුඩ යවා ඇත්තේ සැළලිහිණියා හරහාය. පරෙවියා දූත මෙහෙවරේ ප්‍රධාන කාර්යයක් ඉටු කළද රැගෙන ගියේ සාමාන්‍ය පණිවිඩ පමණි. පණිවිඩය රැගෙන යන දුර මත එදිනට එම පක්‍ෂියාට ලබාදෙන ආහාර සහ එහි ප්‍රමාණය තීරණය කරයි. එම කාර්යය මැනැවින් ඉටුකරනුයේ කුරුල්ලන් මඩුවේ ජ්‍යෙෂ්ඨ කම්කරුවකු විසිනි.
දින කිහිපයකට පෙර සිටම රජුන් විසින් පණිවුඩ යෑවීම් පිළිබඳ කුරුල්ලන් මඩුවේ සේවකයන් දැනුවත් කරනුයේ කංකානම හරහාය. මඩුවේ කාර්යභාරය සැලසුම් සහගතව ක්‍රියාත්මක වී ඇත්තේ එලෙසය.
අස් පන්ති අවැසි වූයේ යුධ කටයුතු සඳහාත් සාමාන්‍ය පරිහරණය පිණිසත්ය. කුරුණෑගල අස් පන්තිගම යනු රජවරුන්ගේ බල පරාක්‍රමය මත අසුන් පන්ති වශයෙන් පුහුණු කළ ස්‌ථානයකි.
යුද කටයුතු සඳහා පුහුණු කළද අසුපිට නැඟී ගොස් යුද හරඹ කළ බවත් ඉතිහාසයේ වැඩිදුර සඳහන්ව නැත.
දඩ මී ගොන් පන්තිය කුලප්පු කොට ඉදිරියට යෑවීම රජුන්ගේ කාය ශක්‌තිය, ගාම්භීර බවද ප්‍රෙෘඪත්වයද යුද පිටියේදී විදහා පාන අවස්‌ථාවක් ලෙස පෙන්වා දිය හැක. ඒ උදෙසා සිරුරෙන් විශාල ශක්‌තිමත් කුලුහරක් පෝෂණය කළේ දඩ මී ගොන් පන්තියේය. යන්තම්පලාව ග්‍රාමයේ දඩ මී ගොන් පන්ති ආරක්‍ෂිතව ඇති දැඩි කළ බවත් "දෙවනපෑතිස් රජ කාලයේ මී හරක් දේසෙන් ගෙන්වාහ" පිටරටින් ගෙන් වූ බවත් නිමේෂ් තිවංකර සෙනෙවිපාලගේ කුරුණෑගල විස්‌තරයේ ද සඳහන් වෙයි.
ඉතිහාස කතාවල අපූර්වත්වයත් රජවරුන්ගේ මානුෂීය සේම සැලසුම් සහගත ක්‍රියාකලාපයන්හි විශිෂ්ට බවත් මෙවැනි සාධක ඔස්‌සේ ගලා එන්නේය.
මෑත අතීතයක හෝ ප්‍රධානියෙක් ප්‍රභූවරයෙක් නායකයෙක් ඉතිහාසයෙන් පෝෂණය නොවන්නේ මන්ද යන්න සිතීම පවා උගහටය. දැනුදු වුවද සාමාන්‍ය වැසියන් සත්ත්වයන් සමඟ සබැඳියාවක් පවත්වන්නේ ඉතිහාසයේ පැවැති කාර්යංශ හෙවත් "මඩු" වලට පින් සිද්ධ වන්නට විය හැකිය.
යමක් අර්ථවත්ව කළ විට ලැබෙන ප්‍රතිඵල අනර්ඝය.
වසර 1782 ජනවාරි 2 වැනි දින කීර්ති ශ්‍රී රාජසිංහ රජු මියගියේ අසුපිටින් වැටී ඇතිවූ තුවාල කරණකොටගෙනය. මෙකල එවන් විපතක් නොවන්නේ මෙලක නායකයෝ අසුපිට නැගී නොයන නිසාත් සත්ත්වයන් වෙන්කොට නොහඳුනන නිසාත්ය.
එකල "රජ සමයේ සතුන් පෝෂණය කරමින් සැලසුම් සහගතව සිදුකළ වැඩපිළිsවෙල" ආභාසයට ගනී නම් අද ද මෙලක සැලසුම් සහගතව පාලනය වනු දක්‌නට ලැබෙනු ඇත.
උපේක්‍ෂා වීරසේකර
http://www.divaina.com/2013/09/29/feature08.html
ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉබේ වැවෙන මෙතෙකැයි කිව නොහැකි තරමේ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් පොහොසත් ඇතැම් ශාක ප්‍රභේද, දැන් කාලේ බොහෝ උදවිය වල් පැළෑටි ලෙස සලකා උදලු ගා දමනු දකින්නට පිළිවන්.
"කළුකැම්මේරිය" නොහොත් "තැම්බේරියා" නමින් හඳුන්වන පැළෑටිය ද එකල ගැමියන් රසවත් පළාවක් ලෙසත්, ගැමි ළමුන් මෙම ශාකයේ ඉදුණු ගෙඩි මිහිරි පලතුරක් ලෙසත් ආහාරයට ගත්තා. දැන් කාලේ ළමුන් ගේ ආහාරයට අම්මලා තාත්තලා ඒරොප්පෙන් මිදි, ඇපල්, නාරං එහෙම ඉම්පෝට් කරලා දෙන නිසා, ඇතැම් අම්මලා මේ ගෙඩි වස ගෙඩි කියල ළමුන්ට අල්ලන්නවත් දෙන්නේ නෑ.
ඇතැම් ගැමියන් හා දේශීය ආයුර්වේද වෛද්‍යවරු පමණක් දන්නා මෙම පැළෑටියේ ගුණ කන්දරාව නූතන පර්යේෂණ මගිනුත් දැන් ඔප්පු වෙලා. ඒ නිසා සල්ලි දීලා උජාරුවට වස කන සමාජයක් තුළ, අපේ රටේ ඈයින්ගේ පෝෂණයට මෙන්ම, රෝග වළක්‌වා ගැනීමටත් ඉවහල් වන මෙම කළුකැම්මේරිය පැළෑටිය ගැන අද සොයා බලමු.
අඩි 2 ක් 3 ක් පමණ උසට වැවෙන මෙම ඒක වාර්ෂික ශාකය, සොලනේසි කුලයට අයත් වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Black night shade, Sun berry, Wonder cherry යන නම් වලින් හඳුන්වනවා. කඳ දෙබෑ වී අතු බෙදෙන මේ ශාකයේ පත්‍ර බහුලයි. ඒවා ඒකාන්තරයි. ලන්සාකාර හැඩයක් ගන්නා අතර, පත්‍ර අග තීව්‍ර ස්‌වරූපයක් ගන්නවා.
සැප්තැම්බර් මාසයේ සිට ජනවාරි මාසය දක්‌වා මල් හට ගෙන දම්පාට හෝ කළු පැහැයට හුරු වර්ණයකින් යුතු ගෝලාකාර ගෙඩි පොකුරක් ලෙස හට ගන්නවා. ඒවා පලතුරක් ලෙස ගැමි ළමුන් ආහාරයට ගන්නවා.
ආයුර්වේද ඔසුවක් ලෙස....
සංස්‌කෘත භාෂාවෙන් "කාකමාවී", "බහුඵලා", "මත්ස්‍යාක්‍ෂි" වැනි නම් වලින් හඳුන්වනවා. කළුකැම්මේරිය තිත්තයි. ගුණයෙන් පොහොසත්. ඇසට හිතකරයි. ශුක්‍ර වඩවයි. විවිධ රුජා, අර්ශස්, ඉදිමුම්, කුෂ්ඨ, හෘද රෝග ආදියට හා මී විෂට ප්‍රතිකාර වශයෙන් කළුකැම්මේරිය යොදනු ලබනවා.
පෝෂණ විත්ති
කළුකැම්මේරිය පත්‍ර තුළ. ප්‍රොaටීන් 5.9% ක්, අත්‍යවශ්‍ය මේද අම්ල 1% ක්, කාබෝහයිඩේ්‍රට් 8.9% ක්, කැල්සියම්, පොස්‌පරස්, යකඩ වැනි ඛනිජ ලවණ 2.1% ක් සහ රයිබෝµaලෙවින්, විටමින් සී වැනි විටමින් වර්ගත් අඩංගු වෙනවා. ඒ අනුව මෙම ශාකය, මෙරට ජනයාට නොමිලේ ලබා ගත හැකි හොඳ පෝෂණීය ආහාරයක් බව පැහැදිලියි.
නූතන පර්යේෂණ තතු විත්ති
Solanum nigrum යන නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන මෙම පැළෑටිය පිළිබඳව ඉන්දියාවේ සහ වෙනත් රටවල කර තිබෙන පර්යේෂණ වලින් විශ්වාස කළ නොහැකි තරම් සෞඛ්‍යය රැක දෙන ගුණයන්ගෙන් සමන්විත වන බව සොයාගෙන තිබෙනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ නිසි පැවැත්ම උදෙසා....
මෙම පැළෑටියේ පත්‍ර ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත බොහෝ රෝගාබාධයන් සුව කරන ඖෂධීය යුෂයක් ලෙස භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා. ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවා, පෝෂක කොටස් අවශෝෂණය ට උදව් වෙමින් සහ ශරීරයට අනවශ්‍ය විස ද්‍රව්‍යයන් බැහැර කිරීම සඳහා මෙම පැළෑටියේ පත්‍ර සතු පුදුමාකාර හැකියාව පිළිබඳ පර්යේෂකයන් මවිතය පළ කර තිබෙනවා. තවද මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන්, මළ බුරුල් කරන ගුණයක් ලැබෙන බවත්, ආහාර රුචිය වර්ධනය කරවන බවත් සොයාගෙන තිබෙනවා.
ගැස්‌ට්‍රයිටිස් රෝගයට....
මෙම පැළෑටිය තුළ අන්තර්ගත වන ස්‌ටිරොයිඩ වල බලපෑමෙන්, පෙප්සීන් හා හයිෙඩ්‍රාක්‌ලෝරික් අම්ලය ශ්‍රාවය වීම අඩු කරන බැවින්, ආමාශයේ රෝග, විශේෂයෙන් ආමාශයික වණ සුව කිරීම සඳහා සහ ආමාශයේ දැවිල්ල (Gastritis) සමනය කිරීමේ ප්‍රබල හැකියාවක් පවතින බවත්, අතීසාර රෝගය සහ අජීර්ණ රෝග සඳහා වෙනත් පලතුරු යුෂ සමඟ හෝ කළුකැම්මේරිය පත්‍ර යුෂ පමණක් හෝ පානය කිරීමෙන් සුවය ලැබිය හැකි බවත් පැවසෙනවා.
වේදනා නාශකයක්, උණ රෝගය සමනය කිරීමට....
ශරීරයේ වේදනාව හා දැවිල්ල හා උණ සන්සිඳවීමේ ඖෂධීය ගුණයකුත් මෙහි පත්‍ර සහ ගෙඩි සතුව පවතිනවා. විශේෂයෙන් මෙහි පත්‍ර යුෂ උණ රෝගයේදී ශරීරය සිසිල් කිරීම සඳහා යොදා ගත හැකි බවත් සොයාගෙන තිබෙනවා.
ශ්වසන රෝග සඳහා....
ඇදුම රෝගය සහ ශ්වසනාබාධ, සෙම් හා පීනස රෝග සඳහාත් මෙම ශාකය ගුණදායක වන බව සඳහන් කළ යුතුව තිබෙනවා.
චර්ම රෝග සඳහා....
සම මතුපිට සිදු වන තුවාල, ඉදිමුම්, වන, දද, කුෂ්ඨ, පණු කැවිලි වැනි තත්ත්වයන් සුව කිරීම සඳහා ද මෙහි පත්‍ර සිහින්ව අඹරා යෙදිය හැකි බවත් පැවසෙනවා.
රුව වඩන ආලේපයක් ලෙස.....
ඉදුණු කළුකැම්මේරිය ගෙඩි යුෂ මුහුණේ ගැල්වීමෙන් මුහුණේ ඇති වන කළු ලප, දුර්වර්ණ වීම් (freckles) සුව කිරීම සඳහා අනගි ඔසුවක් ලෙසත් භාවිතයට ගත හැකි බව සොයාගෙන තිබෙනවා.
දියවැඩියා රෝගීන්ට....
මෙහි ඉදුණු ගෙඩි ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන් සඳහාත් සහනයක් ලැබෙන බව පැවැසිය යුතුය.
සිරෝසිස් රෝගයට...
අක්‌මාවේ හට ගන්නා සිරෝසිස් රෝග තත්ත්වය සඳහා ද ඔසුවක් ලෙස කළුකැම්මේරිය පත්‍ර යුෂය භාවිතයට ගත හැකි බවත් පැවසෙනවා.
ආහාරයට ගැනීම...
මෙම පැළෑටියේ පත්‍ර, ගා ගත් පොල් සමඟ පිස, සතියකට වරක්‌වත් ආහාරයට ගැනීමෙන් (ලංකාවේ මැල්ලුම් පිස ගන්නා ක්‍රමයට) ශරීරයේ ලේ පිරිසිදු කර, ආහාර ජීර්ණ ක්‍රියාවලිය යහපත් ව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බවත්, මෙහි පත්‍ර යුෂ දෙහි, දොඩම් හෝ වෙනත් පලතුරු යුෂ සහ පොල් වතුර, පොල් කිරි හෝ එළකිරි සමඟ සතියකට වරක්‌වත් ආහාරයට ගැනීමෙන් රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත්ව හා නිරෝගීව පවත්වාගෙන යැමටත් මුත්‍ර වාහිනී පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂමව සිදු වීමටත් ඉවහල් වන බවත් පර්යේෂකයන් අවධාරණය කරනවා.
ළදරුවන් නිදි කරවීම සඳහා චෙකොස්‌ලෝවැකියාවේ බොහීමියාව නමැති ප්‍රදේශයේ මෙම පැළෑටියේ පත්‍ර තොටිල්ල යටින් තබන බව පැවසෙනවා. මෙම ශාකයේ අඩංගු වන saponins වැනි ස්‌ටිරොයිඩ සහ ඇල්කලොයිඩ වල බලපෑම නිසාවෙන් නිදි මත වර්ධනය කෙරෙන බව, විද්‍යාත්මකව සනාථ කෙරී තිබෙනවා. මෙම ගුණය පිළිබඳ අපේ රටේ ගැමියන් ද දැන සිටිය බව සඳහන් කළ යුතුයි.
අහිතකර ප්‍රතිඵල....
මෙම ශාකයේ විෂ සහිත ග්ලයිකෝ - ඇල්කලොයිඩ වර්ග සුළු වශයෙන් අඩංගු වන බැවින්, ඉදුණු ගෙඩි හෝ පත්‍ර, එකවර විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන්, සුළු විෂ ගතියක් ඇති විය හැකි බැවින්, එසේ නොකළ යුතු බව අවධාරණය කළ යුතු වෙනවා. (මෙම විෂ බහුලව අඩංගු වන්නේ අමු ගෙඩි තුළය)
කළුකැම්මේරිය. අර්තාපල්, මිරිස්, තක්‌කාලි ඇතුළු සියලුම සොලනේසි කුලයේ ශාක වල නිකොටීන් අන්තර්ගත වන බැවින්, හන්දිපත් රුදාව, ඔස්‌ටියෝ-ආතරයිටීස් රෝග තත්ත්වයන් උත්සන්න කළ හැකි බැවින්, එවැනි රෝගීන්ට කළුකැම්මේරිය වැඩිපුර ආහාරයට නොගැනීම යහපත් වනු ඇති.
අවසාන වශයෙන් අපේ රටේ මෙන්ම, ලොව විවිධ රටවල් වලත් සාම්ප්‍රදායික වෛද්‍ය කර්මයෙහිලා මෙන්ම ආහාර සකස් කිරීමේ දී ද කළුකැම්මේරිය ශාකයේ පස් පංගුව භාවිතයට ගැනෙන බව සඳහන් කළ යුතු වෙනවා.
ආහාරයක් මෙන්ම ඖෂධයක් වශයෙන් ද "කළුකැම්මේරිය" සතු ගුණයන් මොතකැයි කියා නිම කළ නොහැකි තරම් බව ඔබට දැන් වැටහෙනවා ඇති.
නොමිලේ ලබා ගත හැකි ස්‌වාභාවික ආහාර සතු මෙවන් ගුණයන් පිළිබඳ වාණිජ සමාජයන් තුළ ඉහළට එසවෙන්නේ නැත. එසේ කිරීමෙන් කිසිවකු ගේ හෝ වාණිජ පරමාර්ථ සාධනය වන්නේද නැත. ඒ වෙනුවට අපේ පැරැන්නන් අවුරුදු දහස් ගණනක් තිස්‌සේ ඔවුන් සතු ව්‍යවහාරික ඥනයේ බල මහිමයෙන් ආහාරයට ගත්, ඔවුන්ගේ දිවි සුරැකි ස්‌වාභාවික ආහාර වර්ග කිසිදු වැදගැම්මකට නැති තුට්‌ටු දෙකේ ආහාර ලෙස සලකා අවඥවේ කෙවිටෙන් තලා බැහැර කෙරෙනු ඇති.
සියයට එකසිය විස්‌සක් ඉහෙන් බහින ලෙඩක් නොමැතිව ජීවත් වුණු, වර්තමාන අපේ පරම්පරාවට තවමත් අංශු මාත්‍රික මතකයන් ශේෂ කර ඇති අපේ ආදරණීය සීයලා ආච්චිලා ගේ ජීවන රටාව, ඔවුන්ගේ ආහාර රටාව තුළ මානව වර්ගයාගේ නිරෝගී බවේ සලකුණු සටහන් ව ඇති බවයි.
ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇල්ල
http://www.divaina.com/2013/09/29/feature06.html