Pages

Saturday, September 28, 2013

ත්‍රස්‌ත අරමුණු ඉටුකර ගැනීමට ඉඩදිය යුතු නෑ. ප්‍රභාකරන් තුවක්‌කුවෙන් කළ දේ අද 'එස්‌. එම්. එස්‌' වලින් කරන්න හදනවා - චම්පික

ත්‍රස්‌තවාදී සංවිධානයක දේශපාලන පෙරමුණට සිය ත්‍රස්‌තවාදී අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ දිය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සංවිධානය යනු කොටි ත්‍රස්‌තයන්ගේ දේශපාලන පෙරමුණ බව සඳහන් කළ හෙතෙම ප්‍රභාකරන්ගේ තුවක්‌කුව අද 'එස්‌. එම්. එස්‌', 'කෝල්' බවට පත්ව ඇති බවත් පැවසීය.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන මූලස්‌ථානයේ ඉකුත් 25 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතා - උතුරේ 1970 වසරේ තිබු ජන සංයුතිය නොමැතිව මැතිවරණ නොපැවැත්විය යුතු බව අප මුල සිටම සඳහන් කළා. එහෙත් එම අසමතුළිතතාවය තුළ අදාළ ඡන්දය පැවැත්වූවා. මෙයින් සිදුවුණේ ජනවාර්ගික සංහාරය මැතිවරණ මට්‌ටමින් සහතික කිරීමයි.

දෙමළ ජාතික සන්ධානය මෙසේ හිමිකරගත් දේශපාලන ජය දෙමළ සවයං නිර්ණ අයිතියට ලබාදුන් ජනවරමක්‌ ලෙස විදෙස්‌ මාධ්‍ය හුවා දැක්‌වූවා.

වසර 1977 දී දෙමළ එක්‌සත් පෙරමුණ කළ දේම දෙමළ ජාතික සන්ධානයත් කරමින් සිටිනවා. එදා අමිර්තලිංගම්ට, යෝගේස්‌වරන්ට සිදුවූ දේම අද විග්නේෂ්වරන්ට, සුමන්තිරන්ට සිදුවීම නොවැළැක්‌විය හැකියි.

ප්‍රභාකරන්ගේ නව නාසිවාදය මේ තුළින් ඉදිරියට ගෙන එමින් තිබෙනවා. මෙය මහා යුද ජයග්‍රහණය පාවා දීමක්‌. මෙම මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ දකුණේ ඇතැම් දේශපාලනඥයන් කීවේ උතුරේ ජනතාව තණකොළ නොකන, කාපට්‌ පාරවල්වලට නොරැවටෙන අය කියලයි. නමුත් ඇත්ත තත්ත්වය නම් උතුරේ දෙමළ ජනයා තවමත් සිටින්නේ හැටේ දශකය තුළ බවයි.

නවි පිල්ලෙයි මහත්මියගේ මෙහි සංචාරය සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීමට මහත් බාධාවක්‌ වුණා. අපව යුද අපරාධ කළා යෑයි කියමින් බිය ගන්වන්න උත්සාහ ගෙන දෙමළ ජනයාට ස්‌වයං නිර්ණ අයිතිය ලබා දීමට නවි පිල්ලෙයි මහත්මිය ඉන්දියාව ඇතුළු මානව හිමිකම් සංවිධාන කටයුතු කරනවා.

ප්‍රභාකරන් තුවක්‌කුවෙන් කළ දේ අද තානාපති කාර්යාල ඉටු කරනවා. අද ප්‍රභාකරන්ගේ තුවක්‌කුව ටෙලිෙµdaන් කෝල් එකකට, එස්‌. එම්. එස්‌. එකකට පරිවර්තනය වෙලා. 2010 වසරේදී දෙමළ ජාතික සන්ධානය උතුරේ ඡන්ද ලබා ගත්තේ හැට පන්දහසයි. වන්නියේ හතළිස්‌ පන්දහසයි. ඒත් අද පිළිවෙළින් දෙලක්‍ෂ තිස්‌නව දහසක්‌ හා එක්‌ලක්‍ෂ හතළිස්‌ නව දහසක්‌ වෙලා. මෙලෙස ඡන්ද තුන්ගුණයක්‌ අරන් දුන්නේ කවුද? එය කළේ ප්‍රධාන ලෙස ඉන්දියාව හා විදේශ බලවේගයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමයේ උප සභාපති, බස්‌නාහිර පළාතේ ඇමැති උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - උතු=රේ බලය හිමිකරගෙන ඇත්තේ කොටි සංවිධානයේ දේශපාලන අංශයයි. තමිල් චෙල්වම් යටතේ වැඩ කළ අය අද රාජ්‍ය තාන්ත්‍රිකව ඒ දේ කරන්න හදනවා.

පළාත් සභා බලතල අඩුකරන්න දැන් උත්සාහ කළොත් අපගේ මිතුරු රටවල් අප හා උරණ වෙන බව අප අනාවැකි පළ කර සිටිනවා. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය ඔස්‌සේ පකිස්‌ථානය, ඊශ්‍රායලය, නැගෙනහිර ටිමෝරය බිහිවුණා සේ අප ඊළාම් රාජ්‍යයක්‌ මෙහි බිහිවීමට ඉඩදිය යුතු නැහැ.

සිරිමන්ත රත්නසේකර 
http://www.divaina.com/2013/09/28/news27.html

0 comments: