Pages

Friday, September 27, 2013

උතුරු පළාත් සභාවට වවුනියාවෙන් සිංහලයන් දෙදෙනෙක්

උතුරු පළාත් සභාවට වවුනියාවෙන් සිංහලයන් දෙදෙනෙක්පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත් සභාව සදහා වව්නියාව දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී ඇති මන්ත‍්‍රීධූර දෙකටම පත්ව සිටින්නේ සිංහල අපේක්ෂකයන් දෙදෙනෙකි.

වව්නියාව දිස්ත‍්‍රික්කය  සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ඒ. ඞී.  ධර්මපාල සෙනෙවිරත්න මහතා මනාප ජන්ද 5148 ක් ලාබා  ගෙන සන්ධාන මනාප ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටින අතර ඒ. ජයතිලක මහතා මනාප ජන්ද 4806 ක් ලබාගෙන් මනාප ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව සිටී.

වව්නියාව දිස්ත‍්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කර ඇති  සිංහල අපේක්ෂකයින් වන්නේද ඔවුන් දෙදෙනා පමණි.

September 27, 2013 at 8:35 am | lanka C news

0 comments: